ECLIPSE

ECLIPSE












https://telegra.ph/ECLIPSE-08-16



- දාහත්වෙනි කොටස -



කාලා ඉවර වෙලා ඉතුරු වෙච්ච ටික බෑග් එකටම දාලා මන් නැගිට්ටා



" මන් මේක ඩස්බින් දාල එන්නම් "



කාර් එකෙන් බැහැල ගිහින් ඒකත් ඩස්ට්බින් එකට දාලා අයියල එනකන්ම ඉදල එයාල එක්ක මන් කාර් එකට ආවෙ...මොකද මන් පාර පනිද්දි වාහන තිබ්බෙ නැති වුනාට දැන් තියෙනව....කොච්චර පන්ඩිත වුනත් මන් පාර පනින්න බයයි...



පොඩි කාලෙ කහ ඉර උඩ මම ඇක්සිඩන්ට් වුනා..ඒක මේ පොඩි එකක්...ඒ වුනත් එදායින් පස්සෙ බයයි..



මන් තනියම කොහෙ හරි ගියත් වෙන කෙනෙක් පාර පනිනකන් ඉදල එයා එක්කමයි පනින්නෙ...



පාරත් පැනල ආවට පස්සෙ මන් දැක්කෙ චූටියට තියෙන සෙල්ලම් බඩු කඩයක්...අයියටත් කාර් එකට වෙලා ඉන්න කියල මන් ශේප් එකෙ ගියෙ සෙල්ලම් බඩු කඩේ පැත්තට


ආත්තම්මා කෙනෙක් පුටුවක් තියාගෙන අව්වෙ විකුනනව



" ආත්තම්මේ...මට මේ සබන් බෝල පුම්බන එකක් දෙන්නකො...කීයද ගාන "



" වොන් දෙදාහයි දරුවො "



පර්ස් එක ඇරලා බලද්දි වොන් දෙදාහක් තිබ්බත් ඒක දැක්කෙ නාති ගානට


"මන් ගාව වොන් පනස් දාහෙ කොලයක්නෙ තියෙන්නෙ ආත්තම්මෙ..ඔයාගාව මාරු නැනෙ...මේකම තියාගන්න හොදේ



මෙහෙ හැමදේම කාඩ් පේමන්ට්නෙ කරන්නෙ..ඉතින් මන් අතේ මාරු සල්ලි නැතිම තරම් "



වොන් 50 000 ම ආත්තම්මට දීල ඉතුරුත් එයාට තියාගන්න කියල මගෙ සබන් බෝලෙත් අරගෙන මන් හැරිල එන්න බලද්දි හරූ මගෙ ලග...



නිකන්ම නෙමෙයි එයාගෙ අතේ තඩි කුඩයක්...අර පොඩි කඩවල් වැහෙන්න තරම් ප්‍රමානෙ ලොකු කුඩ තියෙන්නෙ අන්න ඒකක්


" මේ කාලෙ අව්වෙ ඉන්න හොද නෑ ආත්තම්මෙ...ඔයාගෙ සෞඛයට හොද නෑ ඒක..."



එහෙම කියන ගමන් අර කුඩේ හයි කරනව...



මන් වට පිට බැලුවෙ කවූරු හරි දකීද බලන්න...වෙලාවට පාර පාලුයි...



තද අව්වෙ හනි හනිකට ආත්තම්මවත් පුටුවෙන් ඉන්දවල එයා එක්ක මොනවදෝ හිනාවෙවී කියවන ගමන් කුඩේ හයි කරන හරූ දිහා මන් කදුලු පුරවන් බලන් හිටියා...



ඔය ගතිගුන වලට තමයි මන් ආසම...ලෝකෙ ප්‍රසිද්දම මනුස්සයා....ඒත් මේ තියෙන නිහතමානීකම....ඒ ඔයා නෙමෙයිනම් වෙන කවුරුත් නෙමෙයි හරූ...



හරූත් මුල් කාලෙ ආත්මාර්තකාමී කෙනෙක්.ඒක එයාම කියල තියෙයි අයියල 4 දෙනා නිසයි එයා වෙනස් වුනේ කියල..



මේක මගේ මේකත් මගේ.. කියන මානසිකත්වෙන් හිටපු කෙනෙක්...



eclipse කියන හැටියට හරූව එයාලට හම්බෙද්දි එයාලා හරූව දැක්කෙ ලොකුම ලොකු ඇස් දෙකක් තියෙන කියන දෙයක් නාහෙට අහන්නැති චූටි කොල්ලෙක් විදිහට...හරූ ගෙදර අතෑරල bee එකට එද්දි වයස 14 යි...



Eclipse ලා තමයි හරූව ලොකු කලේ..හරූ අවුරුදු 3 ක් ට්‍රේනින් වෙනකන් හරූගෙ ඉස්කෝලෙ එක්කන් යන්න..එක්ක එන්න,කෑම බලන්න මේ හැමදේම බෙදාගෙන kai,lee,cyan,jinwoo අතින් වුනේ.



ඒ 4 දෙනා ගාව තියෙන හොද ගතිගුන හරූටත් දීලා පොඩි කාලෙම ගෙදර අයගෙන් වෙන් වෙච්ච ඒ චූටි ලමයව බලාගත්තෙ ඒ 4 දෙනා...



අර කියන්නෙ හොද මිනිස්සු ගාව ඉද්දි අපිත් එහෙම වෙනව කියල...ඉතින් අයියල 4 දෙනාගෙ ආදරේ මැද තමයි නිහතමානී,නිරහංකාර මේ තරම් හොද මනුස්සයෙක් විදිහට හරූ මෙහෙම වෙනස් වෙලා ඉන්නෙ




නැත්තන් හරූ කියන්නෙත් අනිත් සෙලිබ්‍රිටිලා වගේ ඔලුව උදුම්මන් ඉන්න කෙනෙක් වෙන්න තිබ්බා



හරූම දැන් හිනාවෙවී කියනව මුල් කාලෙ එයා හැසිරිච්ච විදිහ ගැන ලැජ්ජයි කියල...දෙතුන් පාරක්ම අයියල 4 දෙනා එක්ක රන්ඩු වෙලත් තියෙනව



මුල් කාලෙත් අනිත් 4 දෙනාට වඩා හරූව තමයි වැඩියෙන් ප්‍රසිද්ධ වුනේ...එතකොට ෆෑන්ස්ලගෙන් තෑගි හම්බෙනවනෙ..එහෙම පලතුරු කූඩයක් හරූට හම්බෙලා දවසක්



ඕක eclipse ලා ඉදගෙන කන්න අරන්...මෙයා බලන් ඉදල දැන් නතර කරයි දැන් නතර කරයි කියල...විනාඩි ගානක් යද්දි පලතුරු ටික වාශ්ප වෙලා...අන්තිම කෙසෙල් ගෙඩිය lee අරගෙන කද්දි හරූ බැනලා ඔය පලතුරු මට හම්බුනේ..ඕව මගේ..ඔයාලා කන්නෙ ඇයි කියල...




Lee ට තරහ ගිහින් කකා හිටපු කෙසෙල් කෑල්ල කටෙන් එලියට අරන් එහෙම්ම හරූගෙ මූනට දමල ගහල බැනලා ගිහිල්ල



අපේ චේසර්ස්ලා නම් හිනාවෙන්නෙ ලී හැමවෙලේම judge කරන කෙනෙක්නෙ එයා වැඩියෙන්ම judge කරන්නෙ හරූව ඔය බනානා සීන් එක එයාට මතකයි කියල



දැන්නම් හරූ එහෙම නෑ...දැන් එයා අර තාපසාරාමෙට වැටුන ගිරවා වගේ අයියල 4 දෙනා එක්ක ඉදල හොද ලමයෙක් වෙලා ඉන්නෙ...



ඒත් තාමත් හරූට හැමවෙලේම අවදානෙ ඕනි eclipse ලගෙන්...අවධානෙ හම්බුනේ නැති වුනොත් තරහ යනව...



ඉතින් මේ අවුරුදු 22 ක් වෙන තඩි කොල්ලව තාමත් eclipse ලා babysitting කරනව....



අනික කිසිම දේකින් පරාද වෙන්න කැමති නෑ...පරාද වෙලත් නෑ...පරාද වෙන්න හේතුවකුත් නෑ...



බ්‍රයිට් කේස් හුම්...



……………………………………………………………………………………………………




" මේ මහත්තයව මට දැකල පුරුදුයි නොවැ...දෙයියෝ සාක්කි...අර ටීවි එකේ සින්දු කියන දරුවා නේද මේ "



හිනාවෙන ගමන්



" ඔව් ආත්තම්මෙ "



" අනේ අපේ පොඩි එකීගෙ වැඩේ මහත්තයගෙ සින්දු අහන එකයි කියෝන එකයි...ඒකිට පවුලක් කියල ඉන්නෙ මන් විතරයි...පොඩි කාලෙ ඉදන් අම්ම තාත්ත නැතුව මන් ඒකිව බලාගත්තෙ...


අපේ දුප්පත්කම නිසාම ඒකිට ඉස්කෝලෙදි ලමයින්ගෙන් කරදර වෙනව...ඒකි හැම වෙලේම කියන්නෙ මේ නාකි මමයි ඔය මහත්තයලගෙ සංගීත කන්ඩායමයි නැත්තන් ඒකි ඒ දේවල් ඉවසන් ඉන්නෙ නෑ කියල...


ඔය මහත්තයලට පුදුම ආදරයක් කෙල්ලගෙ තියෙන්නෙ...ඉස්කොලෙදි මොනා හරි හිත රිදෙන දෙයක් වෙලා අඩාගෙන ගෙදර ඇවිල්ලා ඔය දරුවොන්ගෙ සින්දුවක් අහන ගමන් අඩන එක නතර කරගන්නෙ..."



" එයා ගෙදර ඉන්නවද ආත්තම්මෙ...දැන් ඉස්කෝල නිවාඩුයිනෙ "



" ඉන්නව ඉන්නව මහත්තය...කෙල්ල පාඩම් කරනව ඇති...දොස්තර නෝනෙක් වෙන එක තමයි ඒකිගෙ හීනෙ "



ආයෙත් බනී හිනාවක් දීලා එයාගෙ බොඩිගාඩ්ලා ඉන්න වාහනේ ගාවට ගිහින් මොනාද කියන ගමන් බොඩිගාඩ් කෙනෙක් එක්ක එයා ආවා



" ආත්තම්මෙ...අපිව ගෙදරට එක්කන් යමුද...එයාට දෙන්න දෙයක් තියෙයි මට...මෙයා එතකන් කඩේ බලා ගනී"



කියල බොඩිගාඩ්ව පෙන්නුව...



" අනේ ඔය දරුවව දැක්කොත් කෙල්ල ගොඩක් සතුටු වෙයි පුතේ..."



එක අතකින් මගෙ අතත් පටලගෙන අනිත් අතෙන් අමාරුවෙන් ඇවිදින ආත්තම්මවත් අල්ලගෙන අපි හෙමීට ඒ ගේ ගාවට ආවා



පලවෙනි පාරට කොල්ලෙක් අතින් ඇල්ලුවෙ...මේ ගිනි රස්නෙදි මලමිනියක් ගානට මාව සීතල වෙලා


හරූටත් ඒක තේරිලාද කොහෙද තව තද කරල මාව අල්ලගත්ත


යකූ ඒ අතින් බාගයක් නෑ මගෙ අත...


මේ මොන විලි ලැජ්ජාවක්ද මේ...



වැඩි දුරක් නෑ කඩේ ගාව ඉදල චුට්ට දුරයි...මේ හරියෙ ගෙවල් නෑ..මිනිස්සු අඩුයි...ගම්බද පැත්තක්



" මේ දැරිවි කවුද පුතේ එතකොට...ඔය දරුව කසාද බදින්න ඉන්න දරුවද .. "



හරූව බදින්න...මේ මම..හීනෙන් තමයි.



" අනේ නෑ ආත්... " ඒ අතින් මගෙ අත බුරුල් කරන ගමන් මන් කියල ඉවර වෙන්න කලින්



" ඔව් ආත්තම්මෙ " කියල එයා මගෙ අත තව තද කරල අල්ල ගත්තා



" මන් හිතුවා...හරිම පින් පාටයි මේ දරුව...බෝනික්කියක් වගේ..සබන් බෝල එකට සල්ලි දෙනකොට දෙදාහෙ කොලයක් පර්ස් එකේ තිබිලත් මාරු සල්ලි නෑ කියල පනස් දාහෙ කොලයක් දුන්නා ඉතුරු තියාගන්න කියල...මගෙ නාකි ඇස් දෙකට අහුවෙන්න නැතුව ඇති කියල ද හිතුවෙ...ඔය මහත්තයට හොදටම ගැලපෙනව...හරිම හොද ගතිගුන තියන දැරිවියක්..."



ලස්සන අමුතු හිනාවක් එක්ක ඒ ඇස් මගෙ දිහාවට හැරවිලා...



මට නිකන් පාවෙනව වගේ ෆීලින්ග් එකක් එන්නෙ...මේ අව්වට හරූගෙ ඔලුව කර වෙලාද කොහෙද...නැත්තන් ආත්තම්මගෙ හිත රිද්දන්න බැරි නිසා එහෙම කියන්න ඇත්තෙ...ඔව් ඔව් ඒක හින්ද වෙන්න ඇති...



එහෙම හිත හිතා මගෙ අත පටලන් ඉන්න ඒ අතේ එල්ලිලා මම ඇවිදන් ගියා...



චූටි ගෙයක්...මගෙ රූම් එකම මේ ගෙදරට වඩා ලොකුයි...පව් දෙයියනේ




ආත්තම්මවත් ගේ ඉස්සරහ තියෙන පුටුවෙන් වාඩි කරලා හරූ දොරට තට්ටු කලා



එනවා...කියාගෙන දොර ඇරගෙන ආවෙ ලස්සන චූටි කෙල්ලෙක්....අපේ සෝජුන්ගෙ වයසෙ විතර ඇති..හරි කියුට් අප්පා...



හරූව දැකලා කෙල්ල බය වෙලා...හරූව දැක්ක පලවෙනි වතාවෙ මාත් මෙහෙම බය වෙලා ඉන්න ඇතිනෙ යකෝ...මගෙ facial expressions කොහොමද දන්නැ තිබුනෙ



හරූ එදා මන් දිහා කන්න වගේ බලන් හිටියෙ ...ශිකේයිය...එතකොට මන් ජෝකර් කෙනෙක් වගේ පෙනිලද..



මේ ලමයනම් බය වුනත් ලස්සනයි අනේ



කෙල්ලට පියවි සිහියට එන්න විනාඩියක් විතර ගියා..හරූනම් හිනා වෙවී බලන් ඉන්නව..මටත් හිනා ඉතින්




" සෝහු....හන් සෝහු....මේ ඇත්තටම ඔයාද "




බනී හිනාව දාගෙන ඔලුව වනනව ඒ පාර....හා පුරුදුමයි තියෙන්නෙ



" ඔයා මෙහෙ ඉන්නෙ කොහොමද...මන් මේ හීනයක් දකිනවද "



" අනේ අම්මප කෙල්ලේ උබ හීන දකිනව නෙවෙයි..මේ මහත්තුරු ගමනක් යද්දි අපේ කඩේට ආවා..එවෙලෙ උබ ගැන කිව්වම උබව බලන්න ඕනි කියල ආවෙ මේ "



" මමනම් ආවෙ අත්තම්මා කියපු අපේ චේසර් කවුද බලන්න..."



බොඩිගාඩ් අතේ තිබ්බ මේ ලගදි ආපු eclipse ලගෙ අලුත්ම ඇල්බම් එක වෙච්ච arirang ඇල්බම් එක සයින් එකකුත් ගහලම දෙන ගමන් හරූ කිව්වා



ඔන්න අපේ චූටි චේසර් දැන් අඩන්න හදන්නෙ...



ඇත්තටම ඒක ලස්සන මොහොතක්...හරූ එක්ක හරි හරියට කතා කරන ඒ ලස්සන චූටි කෙල්ල දිහා බලන් ඉද්දි මගේ ඇස් වලට කදුලු පිරුනෙ නොදැනිම



" අපි යන්න ඕනි දැන් එහෙනම්... හොදට ඉගෙනගෙන කවද හරි ඩොක්ටර් කෙනෙක් වෙන්නම ඕනි...මොන ප්‍රශ්නෙ ආවත් අල්ලන් ඉන්න...අපි හැමදාම ඔයත් එක්කම ඉන්නව...ඒ හින්දා ඔයා තනියෙන් කියල හිතන්න එපා ..හරිද...මේ තියෙන්නෙ මගේ මැනේජර්ගෙ කාඩ් එක...අද ඉදන් ඔයාගෙ ඉස්කෝලෙට යන සේරම වියදම් මගේ කම්පැනි එකෙන්....ඒ කියන්නෙ Horizon educational fund එකෙන් බලාගනී...මැනේජර් අද ඔයාව හම්බවෙන්න එයි..."


තව මොනවදෝ කියල එයාගෙ ඔලුවත් අතගාලා හග් එකකුත් දීලා හරූ හැරුනෙ මගෙ පැත්තට


කදුලු පිරිල තියෙන මගෙ ඇස් දිහාම කෙලින්ම බලපු ඒ ඇස් වල තියෙන ඒ අමුතු බැල්ම මගඇරලා මන් ගියෙ ආත්තම්මා ගාවට



" අපි යන්නම් ආත්තම්මා එහෙනම්...ආයෙත් ඔයාව බලන්න එන්නම්කෝ "



හරූත් මන් ගාවින් ඇවිල්ලා බිම ඇන තියාගත්තා



අපි දෙන්නගෙන ඔලුව අතගාලා ඉබින ගමන්



" මයෙ පුතාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි...වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මේ කරපු පිනට...පුතාට හරියනම කෙල්ලව ලැබිලා තියෙන්නෙ....පරිස්සම් කරගන්න වෙයි ගොඩක්..."




හරූ අත්තම්මා එක්ක යද්දි මන් ගියෙ චූටි කෙල්ල ගාවට



" නූනා...ඔයා එයාගෙ.."



" අයියෝ නෑ නෑ පිස්සුද...මම එයාගෙ නේබර්...අත්තම්මට දුක හිතෙයි කියල එයා මොකුත් කියන්න නැතුව ඇත්තෙ "



මගෙ පර්ස් එක ඇරලා වොන් පනස් දාහෙ නෝට්ටු 4 ක් කෙල්ලගෙ අතේ තියන ගමන් මන් එහෙම කිව්වා



" මේක ගෙදර වියදමට තියාගන්න පැටියො...අද රෑට රස කෑමක් අරන් ඇවිල්ල කන්න හොදද..හොදට ඉගෙන ගන්න ඕනි...අත්තම්මට ආඩම්බරයක් වෙන්න "



" ඒත් නූනා..."



" ඒත් මේත් නෙමෙයි...මන් යන්නම් එහෙනම් අරගොල්ලො ගිහිල්ල ඇති "



කෙල්ලටත් බායි කියල මන් දුවන් ආවා...ටික දුරක් යද්දි



" නූනා....."




" ඕ ...."



"ඔයාට නොතේරුනාට එයා ඔයා දිහා බලනකොට ඒ බෝබා ඇස් දිලිසෙනව ... මාස ගානක ඉදන් චේසර්ස්ලා ට සෝහුගෙ වෙනසක් තේරුනා..එයා හරිම සතුටින් ඉන්නෙ වෙනදට වඩා ...මන් හිතන්නෙ ඒකට හේතුව ඔයා.."



ඒ කෙල්ල කියපු වචන ටික ඔලුව ඇතුලෙ දෝංකාර දෙද්දි මන් කාර් එකට ආවා..හරූගෙ වෙනසක් දැක්කා මමත්...ඒත් ඒ මන් නිසා වෙන්න බෑ...මන් කවුද හරූ කවුද..



-------------------------------------------------------------------



එතකොට ඒ ඇස් වලින් අමුතු කතාවක් කියනව වගේ මට දැනුනෙ...



නෑ නෑ ආක්ශි..උබට ට්‍රැක් ද යකෝ....



ඒකත් ඔලුවෙන් අයින් කරන් මන් ආයෙම ආවෙ කාර් එකට



මෙන්න යකෝ සෝජුවා ඉස්සරහට පැනලා...හරූ පිටිපස්සෙ....දැන් ඉතින් වෙව්ල වෙව්ල පලයන්කො

හරූව මන් දැන් කීපවතාවක් මීට් වෙලා තිබ්බත් මන් තාමත් එයාව දැක්කොත් සප්‍රයිස් වෙනව බය වෙනව...



මොකුත් නොකිය මන් කාර් එකට නැග්ගා



අපි ආයෙත් යන්නයි යන්නේ....තව පැය 3 හමාරක් විතර යන්න ඕනි



කාර් එකට නැග්ගා විතරයි මගෙ එන්ජිම ආයෙ වැඩ



ආයෙ උගුර කැඩෙනකන් බෙරිහන් දුන්නා..වෙලාවට මට සින්දු කියන්න පුලුවන්...නටන්න තමා බැරි....ලංකාවෙ හැමෝම දාන අර දගර වලිග ඩාන්ස් පාරනම් දාන්න පුලුවන්


ඉස්කෝලෙ යන කාලෙ සංගීත තරග වලින් සමස්ත ලංකා පවා දිනල තියෙයි මන්....Al වලටත් මියුසික් කරල සංගීත ටීච කෙනෙක් වෙන්න හිතන් හිටියෙ..අන්තිමට කොහෙවත් නොදන්න රටකට ඇවිල්ල ඉන්ග්‍රීසි උගන්නනව දැන්..ඉස්කෝලෙන් මාව little star එහෙමත් දාන්න හැදුව..ඒත් මන් ඔය ප්‍රසිද්ද වෙන වැඩ වලට කැමති නෑ....පාරක තොටක ගියත් හැමෝගෙම අවධානෙ ගන්න මන් ආස නෑ...ඒ හින්ද මන් කෙලින්ම බෑ කිව්ව....ඒ හින්ද ඒ දවස් වල හිටපු ප්‍රින්සිපල් මැඩම් මාත් එක්ක තරහයි



ටිකක් වෙලා යද්දි මට අමතකයි මේ ඉන්නෙ ලෝක පූජිත හන් සෝහු කියල



වතුර බෝතලේ මයික් එක විදිහට අරන් හරූගෙ කර වටේ අතකුත් දාගෙන මන් එයාට එයාගෙ පාට්ස් වලදි මයික් එක අල්ලනව



හරූත් පිස්සා වගේ සීට් එකේම පැන පැන නටන ගමන් සින්දු කියනව



" ඔය සීට් එක කැඩෙයි බන් හෙමීට නටපන් "



අයියගෙ සද්දෙට තමයි අපි දෙන්නගෙ සින්දු battle එක නැවැත්තුවෙ



හම්මා දගලලම මහන්සි මට



" මන් දැනන් හිටියෙ නෑනෙ ලියේනාට ඔච්චර හොදට සින්දු කියන්න පුලුවන් කියල "



" හහ්...ඔය මහත්තය දන්නෙ pop සංගීතෙනෙ...මම දන්නෙ හින්දුස්තානී සංගීතෙ...විශාරද වෙනකන් එක්සෑම් කරල තියෙයි මන්...."



" නෑ......."



" නෑ නෙමෙයි ඔව්....කොරියාවට ආපු නිසා මියුසික් අතාරින්න වුනා...ලංකාවෙ හිටියනම් මම musician කෙනෙක්"



මට මහන්සි අප්පා මන් දොයි...කඩචෝරුවක් ගත්තම මාව ඇහැරවන්න අයියා....හරූ ඔයත් දොයිය බබා වෙන්න පුතේ "



" පුතේ....මරු පුතා...."



" මම ඔයාට වඩා මාස 5 යි දවස් 18 යි පැය 9 යි තත්පර 49 කින් වැඩිමල් මිස්ට හන් සෝහු....ඒ හින්දා ඔයා මට මල්ලි වෙන්නෙ...වැඩිහිටියන්ට ගරු කිරීමක් වශයෙන් ඔයා මන් කියන දේ අහන්න ඕනි "



එහෙම කිව්ව විතරයි හරූ උතුමානන් වික්ශිප්ත උන්ගා බුන්ගා මූඩ් එකකින් බය වෙලා මන් දිහා බලන්



ඔව් මට මේ අවස්තාවේ පෙනී යනවා අලුත් මීම් එක ලෙස භාවිත කල හැකි හරූගෙ මූන....



අයියෝ චේසර්ස්ලා ...උබල වටින අවස්තාවක් මේ මිස් කරගන්නෙ යකෝ.....



හරූගෙන් හදපු අන්තිම මීම් එකට වඩා මේ දැන් මගෙ ඉස්සරහ තියෙන මූන මීම් එකක් විදිහට ගත්තොත් ආතල්



අපෙ අයියත් දන්නැද්ද කොහෙද මම හරූට වඩා වැඩිමල් කියල...පොඩි නසරාණියයි අයියයි කාර් එක දෙවනත් වෙන්න හිනාවෙනව



"අඩෝ අයියා...උබ අක්කට වඩා බාලද යකෝ...ආ ඔව්නෙ අක්කා වැලන්ටයින් දවසෙනෙ..එතකොට උබේ බර්ත්ඩේ එක කවද්ද අයියා..."



ඉදකින් මේ වගේ සහෝදරයො...මූ මෙ මාස ගානකට කලින් හම්බෙච්ච මගෙ බ‍ර්ත්ඩේ එක දන්නව...ඉපදිච්ච දවසෙ ඉදන් ඉන්න අයියගෙ බර්ත්ඩේ එක දන්නෑ


අපි ශරීරයෙන් චූටි වෙන්න පුලුවන්....ඒකත් මේ පොලවට බරක් නැති වෙන්නයි එහෙම ඉන්නෙ..ඒත් අපි වයසින් වැඩිමල්...


මේ ලෝකෙ මම ඇරෙන්න වෙන කවුරුත් මට 22 ක් වෙනව කියල විශ්වාස කරන්නෑ...


හරූටත් කින්ඩි හිනාවක් දාලා මන් පොඩ්ඩක් හරිබරි ගැහිලා ශීට් එකට හේත්තු වුනේ නින්දක් දාන්න



- stay tuned -















Report Page