ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-14-57
- දාසයවෙනි කොටස -
Ssi bal sae kki ya
Ssi bal sae kki ya
Ssi bal sae kki mi chyeo
Sseo jin jja ju geul lae ??
එලාම් එකේ සද්දෙට එකපාරින්ම ඇහැරුනා කවදාවත් නැතුව.මෙන්න යකෝ වෙලාව 6 යි
ලම්සන එලාම් එක නේද..ඔයාල ගොඩක් අයත් යූස් කරනව ඇත්තෙ මේක..ඒත් ඔයාල දන්නෙ සවුන්ඩ් එක විතරනෙ...මන්නම් වචනත් දන්නව
අද මන් නව ලෝක වාර්තාවක් පිහිටෙව්වා එහෙනම්...අවුරුදු 22 යි මාස 8 යි දවස් 18 ක් ජීවත් වෙලා ජීවිතේ ප්රතම වතාවට පලවෙනි එලාම් එකට ඇහැරුනා
ඕයේ ආක්ශියෝ...ඉතාම සාර්ථක ආරම්භයක්
පටාර් ගාලා අයියගෙ කාමරේට ගිහින් එයාවත් ඇහැරලා සොජුවටත් කෝල් එකක් දීලා ඌවත් ඇහැරගෙන මන් ගියෙ වොශ් දාන්න
වෙලාවට අපේ ගෙදර බාතෘම් 2 ක් තියෙයි...
එකක් මට...අනිකත් මට...
උදේම නෑවා හොට් වෝටර් වලින්ම...
සුදු පාට ශෝට් එකකට දම් පාට ක්රොප්ටොප් එකක් ඇදලා දම්පාට සපත්තු දෙකක් දාලා,කොන්ඩෙ තෙත නිසා කඩල දාලා දම්පාට බූලක් අතට දාගෙන දම්පාට කොන්ඩ කට්ටකුත් ඔලුවෙ පැත්තකින් ගහගෙන දම්පාට චූටි සයිඩ් බෑග් එකකුත් එල්ලගෙන දම් රැජින වගේ ආවා මන්
දම්පාට දූපතකට යනකොට දම්පාටින්ම යන්න එපැයි හිහි
මන් එලියට යනකොට අයිය ඉන්නව කන්න වගේ බලන්
" මොකද ඌරො "
අලුතෙන්ම ගත්තු නිසා සපත්තු දෙක කකුලට හොදට සෙට් කරගන්න ගේ වටේ දුවන ගමන් මන් ඇහුවා
" නෑ මේ දෙමලි වගේ කවුද මේ කියල බැලුවෙ "
" දම්පාට තමයි මේ ලෝකෙ ලස්සනම පාට..හුම්...ඉරිසියාකාරයො එක එක කතා කියයි ඉතින් "
" රෙද්ද තමා ...කෝ බඩු ටික ගත්තද...ඔක්කොම ගත්තනෙ...අරක අමතක වුනා මේක අමතක වුනා කියල හරෝගෙන එන්න බෑ "
" හරි හරි ඕයි ගත්තා..."
ගෙදර ලයිට්ස් ටිකත් ඕෆ් කරල දොරත් වහගෙන එලියට එද්දි මට ඉබේම කෑගැස්සුනේ දොර ගාව ඉන්න කෙනා දැකල
" ගුඩ් මෝනිම් ටීච පනේ...මොකද කෑගහන්නෙ...අයියව කලින් දැකල නැද්ද "
" මෝනිම්...මෙ..මෙ...මෙයා මේ කොහෙද යන්නෙ "
ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව මන් දිහා බලන් ඉන්න හරූගෙ මූන මග ඇරලා උඩ පැනලා සෝජුවගෙ කනක් අල්ලන් යන්තන් ඌව පාත් කරගෙන ටිකක් එහාට ගිහිල්ලා මන් ඇහුව
" අපි යන්නෙ දම්පාට ලෝකෙකට "
" කට වහපන් පොඩි නසරානියා...කියනවකෝ..හරූ අපි එක්ක යනවද ..."
" නැතුව..."
" ඒත් මේ....."
" ඇයි මාත් එනවට අකමැතිද...." කන ගාවින්ම ඇහුන ලස්සන වොයිස් එකකින් මන් බය වෙච්ච පාරට කකුලත් පැටලිලා වැටෙන්න ගියා
වැටෙන්න ගියපු මාව ඒ එක අතකින් අල්ලගන්න ගමන්
" ආ....."
" මොකක්ද න්නැහ් නැහ් හරූ...මේ...ඔයා ඇත්තටම eclipse ලගෙ හන් සෝහු ද... මන් ඔයාට එකක් අනින්නද "
කියල මන් පොඩ්ඩක් ඇගිල්ලකින් එයාට ඇනල බැලුව
එබෙනව...ඒ කියන්නෙ හරූ ඇත්තටම ඉන්නව මෙතන...මට හීනයක් පේනව නෙමෙයි...එයා අපි එක්ක ට්රිප් එක යන්න එනව...එතකොට අයියා ට්රේන් එකේ යන්න බෑ කිව්වෙ ඒ නිසා වෙන්න් ඇති..
ඒත් හරූට අපිත් එක්ක එහෙම යන්න පුලුවන්ද...මන් අහන්නෙ එයා සේෆ් ද...එයාව එහෙ ආව කියල නිව්ස් එක එලියට ගියොත් එහෙම පැයක් යද්දි මුලු jeollanam- do පලාතම පර්පල් අයිලන්ඩ් එකේ ඉදියි
ඒ අස්සෙ මම ක්රොප්ටොප් එකකුත් ඇදලා..බඩත් චුට්ටක් පේනව...අයියෝ හරූ ඉද්දි මට ලැජ්ජයි ....
උබටත් පිස්සුනෙ ආක්ශි...රිලවියක් වගේ ඉන්න මගෙ මොකක් බලන්නද එච්චර ලස්සන කොල්ලෙක්..
තව විනාඩි කීපයක් යනකොට අපි හිටියෙ කාර් එකේ...මමයි සෝජුවයි පිටිපස්සෙ..අයියා ඩ්රයිවින් ශීට් එකේ...හරූ පැසෙන්ජර් ශීට් එකේ...
කාර් එකට නැග්ගට පස්සෙ දාගෙන හිටපු ශේඩ්ස් දෙකයි මාස්ක් එකයි එයා ගැලෙව්වා..
" බොඩිගාඩ්ලා ටික එනවනෙ සෝහු "
" ඔව් අයියා...එයාල අපිට කරදරය වෙන්නෑ...කොහොමත් පර්පල් අයිලන්ඩ් එකේ වැඩිය මිනිස්සු නෑනෙ...එයාල අපිට පිටිපස්සෙන් ඉදියි..."
" උබ එපා එපා කිව්වට බොඩිගාඩ්ලා එන එක හොදයි සෝහු...උබ මේ ලෝකෙ ප්රසිද්දම මනුස්සයා...තනියම ගමන් යන එක උබට සේෆ් නෑ..."
" හ්ම්ම් "
" එහෙනන් අපි යන්නායි යන්නේ...සාදුකාරයක් දියල්ලා..."
මම ඉතින් " සාදු සාදු සාදු "
සෝජුවයි හරූයි වික්ශිප්ත උන්ගා බුන්ගා...ශැක්...මුන්ට සිංහල තෙරියමානෙ
" මමත් සිංහල ඉගෙන ගන්න ඕනි ...අක්කා...තමුසෙ සමහර වෙලාවට සිංහලෙන් කුටු කුටු ගාන්නෙ....ඒ මට බනිනව නේද "
" පිස්සුද ශුඩුමාත්තියා..මන් උයාට ඒම බනිනවදේ "
" පලයන් ගෙම්බි..ඒක නෙමෙයි තමුසෙ මොකද මේ දම්පාට වෙලා..."
" පර්පල් අයිලන්ඩ් යනවනම් පර්පල් ඇදන් යන්න ඕනි "
ඒ පාර තුන්දෙනා එක්ක හිනා වෙනව....
අම්මෝ හරි හිනා ඉතින්..හැක හැක...
අපිට සෝල් වල ඉදන් පර්පල් අයිලන්ඩ් එකට කාර් එකේ යනවනම් පැය 6 ක් වගේ යනව...
මන් හිතුවෙ ෆ්ලයිට් එකෙ හරි ට්රේන් එකේ හරි යයි කියල..එතකොට එච්චර වෙලා යන්නැනෙ...හරූ නිසා වෙන්න ඇති කාර් එකෙ යන්නෙ..
අපි මේ කාලෙම යන්නෙ ඇයි දන්නවද
කොරියාවෙ මුහුදෙ නාන්න නිල වශයෙන් බීච් එක ඕපන් කරන්නෙ ජූලි අග ඉදන් අගෝස්තු මැද වෙනකන් විතරයි...ඒ කියන්නෙ ගිම්හාන කාලෙදි
මොකද ශීත කාලෙයි ,වසන්ත කාලෙයි ඒ කියන්නෙ සැප්තැම්බර් ඉදන් මැයි විතර වෙනකන් මුහුද ගොඩක් සීතලයි..ඒ වගේම හුලග වැඩියි..
ඒ හින්ද ඒ කාලවලදි මුහුදෙ නාන්න දෙන්නෑ...
ජූලි ,අගෝස්තු තමයි ගිම්හාන කාලෙ...මේ කාලෙ ගොඩක් රස්නෙයි...සමහර වෙලාවට අපිට දරාගන්න බැරි තරම් රස්නෙයි...
ඒක නිසායි ලමයින්ගෙ මානසික සෞඛ්යය ගැන හිතලයි තමා ගිම්හාන නිවාඩුව දෙන්නෙ..
එහෙම නැතුව ලංකාවෙ වගේ උසස් පෙල විභාගෙ තියන්න ඉස්කෝල ගත්තම ඉඩ නැති වෙන හින්ද නෙමෙයි
ඉතින් මේ කාලෙ තමයි හැමෝම ට්රිප් යන්න,විනෝද වෙන්න යන්නෙ...
ලංකාවෙ වගේ නෙමෙයි..මෙහෙට රස්නෙ කාලෙට මාර අමාරුයි..ලංකාව වගේ රටක ඉදල ආපු අපිටත් අමාරුයි කියන්නෙ මෙහෙ අයට කොහොමත් ඉන්න බෑ..ආයෙ 38 ,40 වෙනකන් උශ්නත්වෙ නගිනව...
කොරියන් අයනම් අව්වට රතු වෙන්නෙ..උන් කලු වෙන්නෑ...ඒකට අපි...සත්ය බොහෝම කටුකයි ඉතින්
අපි 4 දෙනා එක්ක සින්දු කිය කිය නට නට නට ගියා ඉතින්..හරූගෙ ඉතින් වෙනසක් නෑ..හරූ අපිට වඩා පිස්සෙක්...මේ 5 දෙනාගෙ ගෞරවේ ප්රසිද්ද තැන් වලදි ආරක්ශා කරන්නෙ face card එක තමයි...award show වලදි interview වලදි තනිකර පිස්සු කෙලින්නෙ...විශේශයෙන්ම හරූ...
Eclipse ලගෙ සින්දු මේ වගේ වයිබ් එකකට පට්ට මැචින්
mic drop ප්ලේ වෙච්ච වෙලේ අපි 4 දෙනා එක්ක කාර් එක නවත්තල පාර මැද නටන්න පුලුවන්නම් ඒකත් කරනව...ඒ තරම් ආතල් ...කාර් එක දෙදරන්න අපි කෑ ගගහ සින්දු කිය කිය ගියා....පැය 6 ක ගමනක් කියන්නෙ ලේසි නෑනෙ
ඔන්න ඉතින් පැය දෙකක් විතර යද්දි මගේ පනු පැටවුන්ට බඩගිනි වෙලා
" අයියා............................"
" මොකෝ චූටි ...."
" බඩගිනි...."
" තව චුට්ට දුරයි...මේ හරියෙ රෙස්ටුරට් නෑනෙ ඕයි...තව විනාඩි 5 ක් ඉන්නව..."
" හාම්....."
ටික වෙලාවකට පස්සෙ අය්යා රෙස්ටුරන්ට් එකක් ගාව නැවැත්තුව...හරූට බැහැල යන්න බැරි නිසා මමයි හරූයි කාර් එකේ ඉද්දි අයියයි සෝජුවයි කෑම ගේන්න ගියා...මම ඉතින් ෆෝන් එක ඔබන්න ගත්තා
" ලියේනා..."
" ඕ බන් ... " හුටා...හරූ නේත....
"සොරි සොරි ඔව් හරූ..ආහ් නෑ සෝහු "
" හරූ කියන්න...මම ඒ නමට කැමතියි "
හෑ.................................
" මෙ...මෙ....ඒක මේ මන් ඔයාට කියන නික් නේම් එක...සෝහු කිව්වම මට මතක් වෙන්නෙම ටෘ බියුටි එකේ චා ඉයුන් වූ ගෙ කැරැක්ටර් එක ලී සෝහු ව...ඒ හින්දා මම ඔයාගෙ නම වෙනස් කලා "
බනී හිනාවක්...ඔය ඇස් දෙක එලියට පනී දෙයියනේ...
" හරූ..."
" ම්ම්ම්...."
" ඇත්තටම ඔයාට ඔය ඇස් දෙක බර වැඩි නැද්ද..."
ආයෙත් බනි හිනාවක්...යකූ වැරදි දෙයක් යැ ඇහුවෙ...99% ක් ඇස් 1% ක් මූන තියෙන්නෙ හරූගෙ...චේසර්ස්ලා කියන්නෙ කිලෝ 3 ක් බර ඇස් දෙකක් කියල....බනී හිනාව කියන්නෙ හාවෙක් වගේ නිසා...
හරූ කැමති නෑ චේසර්ස්ලා එයාට කියුට් කියනවට...ඒකයි දැන් එයා හොට් ඇන්ඩ් සෙක්සි වෙලා තියෙන්නෙ...
ඒත් මෙයට කියුට් කමෙන් බේරෙන්න බෑ...හා මූනක් තියන් කියුට් නොවී කොහොමද..
" හරූ..."
" ම්ම්..."
"මන් ප්රශ්නයක් අහන්නද ...හැබැයි ඇත්ත කියන්න ඕනි...මන් කාටවත් කියන්නෑ...හාද..."
ආයෙත් බනී හිනාවක්...අර්...මේ මිනිහ මාව පිස්සු වට්ටනව
" ඕකේ "
" මේ...lee ට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද "
ඒ පාර මූන දෙල් වුනා...මේ මොකද මේ....
" මන් කාටවත් කියන්නෑ ඇත්තමයි...ඔයා පල්ලා...මන් බොරු කියන කෙනෙක් නෙමෙයි "
" ඉන්නව..."
" හරූ...ඒ alyssa ද... "
අමුතු හැගීම් විරහිත සීරියස් බැල්මක් මන් දිහාවට දාගෙන
" ඔව් "
"යේ......යේස්.. යෙස්...යෙස්....ඕයේ...ඔජායේ.....අනේ ඇත්තමද....මන් හිතුවා ඒ දෙන්නගෙ මොකක් හරි තියෙයි කියල....lee ගර්ල්ස්ලා එක්ක ඩාන්ස් කරල තිබ්බත් alyssa එක්ක ඩාන්ස් කරද්දි එයා වෙනස්....ඒක ඩාන්ස් කොරියෝ එකට හිතල කරන දෙයක් නෙමෙයි ඉබේම එන දෙයක් වගෙ...මට හිතුන ඒ දෙන්න යාලු ඇති කියල...අනේ මන් alyssaට මාර කැමති අනේ..ඒ දෙන්න මාර විදියට ගැලපෙනව...finallyyyyy.....my dream couple....හනේ.... "
අර නැතිවෙලා තිබ්බ බනී හිනාව ආයෙ ඇවිල්ලා
" ඒ කියන්නෙ ඔයා ඒ දෙන්නට කැමතිද...මන් හිතුවෙ මේ..."
එහෙම කිය කිය ඔලුව කස කස හිනා වෙනව....තනියම කියෝනව...ශටල් එකට ගහනව...අම්මප මේ මිනිහට ට්රැක් ද...
" අම්මෝ මට මාරම හැපි අනේ....alyssa කොච්චර ලස්සනද...lee ට ගැලපෙන්නෙ එයා තමයි "
ඒත් එක්කම අයිය කෑම ගෙනාවා...
" ඔය දෙන්නා කාර් එකෙ ඉදන් කන්න....අපි දෙන්න කාලා එන්නම්...උබ මේක අස්සට ආවොත් ඉවරයි සෝහු...රෙස්ටුරට් එකේ ටීවි එකේ උබේ standing next to you යන්නෙ...කට්ටිය කනවට වඩා සින්දු කියනව...ඒ හින්ද නොඑන එක හොදයි...සෙනග වැඩියි ගොඩක්...උබව දැක්කොත් කන්ට්රෝල් කරගන්න අමාරු වෙයි "
" හරි අයියා..."
ඒත් එක්කම එකපාරටම හරූ කෑම පාර්සල් එක මට දීලා සීට් එක උඩින් පැනලා පිටිපස්සට ආපු නිසා මන් ගැස්සුනා
කෑම එක මැදින් තියන් අපි දෙන්න දැන් දෙපැත්තෙ ඉදන් කනව
ඒ අස්සෙ මට පේනව එයාගෙ බෙල්ලෙ තියෙන ලපේ...ඒක දිහා බලන්න ගිහින් මට කකා හිටපු එක හිරවෙලා කැස්සකුත් ආවා
මගෙ පිටටත් තට්ටු කරන ගමන් ඉක්මනට වතුර බෝතලේ ඇරල දුන්න එයා
වතුර බිව්වම තමයි හරිගියෙ..හොද වැඩේ ආක්ශි උබට එක එකාගෙ ලප බලන්න යනවට
මලා....හරූ බීපු එකෙන්ම නේද මමත් බිව්වෙ... වෙලාවට හරූට ඒක ගානක් නෑ වගේ
එක සැන්විච් එකක් අරගෙන ඒකෙ තියෙන තක්කාලි පෙති දෙක අයින් කරල අනිත් සැන්විච් එක අරන් ඒකට අර තක්කාලි පෙති දෙක දාලා ඒකෙ තිබ්බ චිකන් පැටි එක අනිත් එකට දාලා ඒක මන් හරූට දුන්නා
ඒ පාර කන එකත් නවත්තල මන් දිහා බලන් ඉන්නව
" අ...අ..මෙ..ඔයා සැන්විච් වල තියෙන තක්කාලි කන්නෙ නෑනෙ...මම උදේට මස් මාලු කන්න කැමති නෑ....ඒකයි තක්කාලි මට දාලා චිකන් එක ඔයාට දුන්නෙ ..."
දත් තිස් දෙකම එලියට දාලා විරිත්තන ගමන් මන් කිව්වා
" ඔයා කොහොමද ඔච්චර මන් ගැන දන්නෙ "
" ඔයා ඉතින් මගේ idol නෙහ්...මේ අවුරුදු 5 ම කැමරා වලින් ශූට් කරල සෝශල් මීඩියා දාපු ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මන් බලල තියෙයි එකක් නෑර...ඉතින් ඔයාගෙ පුරුදු තේරුම් ගන්න එක මහ දෙයක් නෙමෙයි...
2022 දි ptd concert එකේ las vegas day 1 එකට කලින් ඔයාල ආපු ලයිව් එකේදියි ගිය අවුරුද්දෙ eclipse anniversary festa එකේදියි ඔයාල කනකොට ඔයා සැන්විච් වල තක්කාලි අයින් කරනව මන් දැක්කා...
ඒත් ඔයා අනිත් වෙලාවලදි තක්කාලි කනවනෙ...සැන්විච් එක්ක විතරයි තක්කාලි කන්න අකමැති කියන එක තේරුම් ගන්න එක මහ දෙයක් නෙමෙයි
අනික ඔයා ගැන විතරක් නෙමෙයි මන් අනිත් 4 දෙනා ගැනත් දන්නව හැමදේම...මුල්ම කාලෙ ඔයාල 5 දෙනාව වෙන් කරල අදුරගන්නවත් බෑ...
ඔයාට කියන්න මට jinwoo වයි lee වයි පැටලෙනව...kai ව විතරයි වෙන් කරල අදුරගන්න පුලුවන් වුනේ...නම් ටික මතක තියාගන්නම හෙන ගේමක් දුන්නෙ...ඒත් දැන් මට ඔයාල 5 දෙනාව හච්චිමකින් වුනත් අදුරගන්න පුලුවන්....
මට විතරක් නෙමෙයි චේසර්ස්ලා ගොඩක් අයට එහෙමයි ..
එදා මුලින්ම අපි හම්බුන දවසෙ ඔයා කලුවට ඇදගෙන මාස්ක් එකක් දාල හිටියට මන් ඔයාව අදුරගත්තනේ ඒ ඔයාගෙ සුවදිනුයි ඇහැ ගාව තිබ්බ බර්ත් මාක් එකෙනුයි ..අනික කිලෝ 3 ක් බර ලොකුම ලොකු ඇම්බර් පාට බෝබා ඇස් මේ ලෝකෙ වෙන කාටවත් නෑ..."
එහෙම කියල මන් එයා දිහා බැලුවා
ආයෙත් ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්නව...
" ඔයාව හම්බවෙච්ච දවසෙ ඉදන් මාව සප්රයිස් වෙන එකේ ඉවරයක් නෑ ලියේනා "
හෑ..ආයෙත් ලියේනලු..මෙයා කොහොමද මගෙ ඒ නම දන්නෙ
" ඔයා කොහොමද මගෙ නම දන්නෙ...අනික ඔයා ඇරෙන්න මේ ලෝකෙ කවුරුත් මට ලියේනා කියල කතා කරල නෑ..ඒක ඇහෙද්දි හරි අමුතුයි "
"මෙ මෙ ...ආ...සෝජුන් කිව්වෙ..."
" ආහ් ඒක මිසක්... "
- stay tuned -
කතාව ගැන ඔයාලගෙ අදහස් කියන් යන්න..මේක මන් ලියන පලවෙනි කතාව...
Shibal sakkiya 😁😒
https://vt.tiktok.com/ZSVFW96rU/