ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-14-56
- පහලොස්වෙනි කොටස -
සෝජුන් ආවට පස්සෙ හරූට බෙහෙතුත් ගෙනල්ල දීලා මන් එහෙම්ම ඇවිල්ල වැටුනෙ ඇදට...අයිය එන වෙලාවක එන්නැතෑ...
හරූට රිදෙනව ඇති අප්පා...මට මේ ඉදි කට්ටක් ඇනුනත් ඇඩෙන එකේ එයා එච්චර ටිකක් වෙලා කොහොම ඉන්නවද මන්දා..ඔන්න මට ඇඩෙනව...
ඇදේ අනිත් පැත්තට පෙරලුනා විතරයි අත පැරුනා..බුදාම්මේ දැන්නෙ මේකෙ වේදනාව දැනෙන්නෙ.
හත්තිලව්වේ මගෙ අතත් තුවාල වුනා නේද...යකෝ මට ඒක දැනුනෙවත් නෑනෙ ඒ වෙලාවෙ
උබනම් සැබෑම දස්සයෙක් ආක්ශියො...මන් එහෙම්ම ඇස් පියාගත්තා
දත් මැද්දෙවත් නෑ ..එක දවසක් මැද්දෙ නෑ කියල මොකුත් වෙන්නෑනෙ..බැක්ටීරියාවෝද ජීවින්ය...ඔවුන්ටත් ජීවත් වීමේ අයිතිය ඇත..මල විකාර
හරූගෙ යුරෝප් වර්ල්ඩ් ටුවර් එකත් ලබන සතියෙ පටන් ගන්නව...එතකොට මාස දෙකකට මට හරූව දකින්න හම්බෙන්නෑ...
අනේ මන්ද හිතට අවුල් වගේ...
ඇගේ මහන්සියටත් වඩා හිතේ මහන්සියටද කොහෙද මට හොදටම නින්ද ගියා
-------------------------------------------------------------------
උදේ ඇහැරිච්ච් ගමන්ම මන් ගියෙ අයිය හොයන්...
මෙන්න මූ හොදට පුපත් උඩදාන් සෝෆා එක උඩ වැටිල ඉන්නව...ඊයෙ හොදට බීල වගේ...
දැන් සුදු අක්කිව කසාද බැදල එක්කරන් ආපු දවසට තමුසෙට වෙන දේ බලනවකො....එලියෙ තමා නිදාගන්න වෙන්නෙ...මොකද එයා අතිශය අමද්‍යප...
" අයියා...නැගිටිනව ඕයි "
" අයියා....
අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ..
පප්ප පපර පා.... "
නැගිටන පාටක් නෑ...ඔතන නිදාගෙන ඉන්නෙ මමනම් දැන් මේ නැගිට්ටවන්න හදන්නෙ අයියනම් ඌ මෙලහට මාව අයිස් කැට දාපු වතුර බාල්දියකින් නාවලා ඉවරයි
ඒත් ඉතින් මන් හොද ලමයෙක් නිසා පාඩුවෙ යනව..අයියට ශීට් එකකුත් පෙරවලා මන් ගියෙ වොශ් එකක් දාගන්න
තුවාලෙ උඩට වතුර වැටෙද්දි හරිම සනීපයි හ්ම්ම්ම්
ඊයෙ දවල් ඉදන් කාලා නෑ යකූ...
ඇදුමකුත් දාගෙන මන් ගියේ කෑම ගේන්න...ගිල්ගොරි ටෝස්ට් 4 ක් , චොක්ලට් වොෆල්ස් 8 ක් එක්ක හැම්,චීස්,චිකන්,එලවලු දාපු සැලඩ් එකක් එක්ක එලකිරි බෝතලේකුත් අරන් ආවා
අයිය තාම නිදි නිසා මන් හරූලගෙ ගෙදරට ගියෙ ඒ දෙන්නට කෑම දෙන්න
දෙපාරක් බෙල් කලාම සෝජුවා ඇවිල්ල දොර ඇරියා...උටත් වොශ් එකක් දාගෙන එන්න කියල මන් කෑම ප්ලේට් 4 ක් හැදුවා
හරූගෙ කොෆි එක හදන්න එතන තිබ්බ කොෆි මැශින් එකෙන් කොෆි හැදෙන්න දාලා ඒ ටික කෝප්පෙට වැටෙනකොට චොක්ලට් පෙත්තකුත් තිබ්බා...එතකොට කොෆි වල රස්නෙට චොක්ලට් දිය වෙලා කෝප්පෙට එනවා..
ඒකට රත් කරපු කිරි එකෙන් ටිකක් දාලා කොෆි එක හදල ගත්තා
මාත් මේකක් ගන්න ඔනි..අපෙ ගෙදර තියෙන්නෙ අර ටෙමු එකෙන් ඕඩර් කරපු හිච්චි කොෆි මික්සර් එකක්..ඒක කල්ප ගානක් ඔබන් ඉන්න ඕනි හරියට කොෆි එකක් හදාගන්න
සෝජුන්නම් උදෙට නිකන් කිරි බොන්නෙ..
වොෆල්ස් උඩින් නියුටෙලා පොඩ්ඩකුත් ගෑවා. විපින් ක්‍රීම් ටිකක් එක්ක ඊට උඩින් ස්ට්‍රෝබෙරි කෑලි ටිකකුත් තිබ්බා..
මන් ගත්තෙ නිකන් වොෆ්ල්ස් නෙමෙයිනෙ චොක්ලට් වොෆල්ස්...නැත්තන් සාමාන්යෙන් වොෆල්ස් වලට මී පැනි තමයි දාන්නෙ
ගිල්ගොරි ටෝස්ට් එකත් පැත්තකින් තියලා
සැලඩ් එකනම් මන් භාජනේමයි තිබ්බෙ..
හැදි දෙකකුයි ගෑරුප්පු 2 කුයිත් හෝදල ප්ලේට් 2 ගාවින් තියල හරූවත් ඇහැරවන් කන්න කියාගෙන අයියගෙයි මගෙයි ප්ලේට් දෙකයි අරන් මන් අපේ ගෙදරට ආවා
ඒ පාර පේන්න නෑ..නැගිටලද කොහෙද...මූන හෝදන් එන්නැතෑ
මටත් මයිලෝ එකක් හදාගෙන,අයියට කහට දාලා කිරි තේ එකකුත් හදල තියල මන් ෆෝන් එක ඔබන්න ගත්තා අයියා එනකන්
වෙලාවකට මට හිතෙනව මන් ඕනිවට වැඩියෙන් හරූගෙ පර්සනල් ලයිෆ් එකට එබෙනවදෝ කියල..
මොනා වුනත් එයා සෙලිබ්‍රිටි කෙනෙක්..මන් සාමාන්‍ය මනුස්සයෙක්...අනික එයා කැමති නැද්ද දන්නෙ නෑනෙ ..
ඒත් ඉතින් මන් බ්රෙක්ෆ්ස්ස්ට් හදල දුන්න විතරනේ අප්පා...
හරි එහෙනම් හරූට විතරක් නෙමෙයිනෙ සෝජුවටත් එක්කනේ...
මන් ඒක කලේ සෝජුවා වෙනුවෙන්...හරූ සෝජුවගෙ අයියා කියන එක එතෙන්ට අදාල නෑ එතකොට..
හුම්..
ඒත් එක්කම ඔන්න එනව නැලවි නැලවි..අද කොහෙවත් යන්නැද්ද දන්නෑ...
" අයියා..."
" මොකෝ "
" අද කොහේ හරි යනෝද "
" යේස්..අපි යනවා ජියොන්හම් වල තියෙන purple island එකට දවස් තුනක ට්‍රිප් එකක් "
කකා හිටපු එකත් හිර වුනා යකෝ....
" නෑ.......... "
" අඩෝ ඇයි තමුසෙ මට කලින් කිව්වෙ නැත්තෙ..කවද්ද යන්නෙ...කීයටද යන්නෙ...කොහේද යන්නෙ..මොකේද යන්නෙ...කාත් එක්කද යන්නෙ....මන් මොකක්ද අදින්නෙ..."
"කවද්ද තමුසෙට ඉස්කෝලෙ නිවාඩු දෙන්නෙ"
" අනිද්දා...ජූලි 20 ඉද්න් අගෝස්තු 18 වෙනකන් ගිම්හාන නිවාඩුව.. "
" එහෙනම් අනිද්දා යන් "
" එතකොට ඔයාට ඔෆිස් යන්න ඕන්නැද්ද "
" ආ නෑහ් ... මේ අවුරුද්දේ මන් ගොඩක් මහන්සි වුනා කියල අගය කිරීමක් වශයෙන් mr.bang ම මට ඇවිල්ල කතා කරල සතියක පඩි එක්ක නිවාඩුවක් දුන්නා..."
" මොකා.....ක්....සිරාවට...අනේ බොරු කියන්න එපා ඕයි...කියනව.... තමුසෙව අස් කලාද "
" පිස්සුද බන්...උබට අගයක් නැති වුනාට උන්ට මගෙ අගයක් තියෙයි..."
මටනම් මූව විශ්වාස නෑ...හරි කමක් නැ බලමුකො
--------------------------------------------------------------------
දවස් දෙකක් ගෙවිල ගියෙ හීයක වේගෙන්..ඉස්කෝලෙත් නිවාඩු හම්බුනා...
මන් උදේ ගියා ශොපින් පාරක් යාලුවො සෙට් එකත් එක්ක...
ශෝට් කීපයක් එක්ක බ්ලවුස් ටිකකුයි...ලස්සන ගවුම් ටිකකුයි...සුදු පාට බෙල් බොටම් එකකුයි...අලුත් සපත්තු ජෝඩුවකුයි...ගත්තා
කොහෙ හරි යද්දි මන් ශෝට් තමා අදින්නෙ..එතකොට පහසුයි...මෙහෙ ඉතින් අමුත්තක් නෑ හැමෝම එහෙමයි අදින්නෙ
ලංකාවෙ එහෙම ඉතින් කොටට ඇදන් ගියොත් දන්නවනෙ හැටි...
මාස ගානකින් සැලොන් එකක් පැත්තෙ බඩගෑවෙ නැති නිසා මන් කොන්ඩෙට කෙරටින් එකක් කරන්න ගියා...ෆේශල් එකකුත් කරන් ඒ එක්කම පෙඩිකිව් එකකුත් කරල මගේ nails ටිකත් හදලා eyebrows ත් හැදුවා
සා වෑව් මේ ඉන්නෙ ලම්සනට
මන් එහෙම මේකප් කරන කෙනෙක් නෙමෙයි...ඒ කිව්වෙ අයිබ්‍රෝ හදනවා..ලිප්ස්ටික් චුට්ටක් ගානව..එච්චරයි...
එතනින් එහාට එහෙම මොකුත් කරන්නෑ...කරන්න මන් දන්නෙත් නෑ..ෆවුන්ඩේශන් කියයි නයිට් ක්‍රීම් කියයි..නම් ටිකවත් හරියට දන්නෑ
ශීට් මාස්ක් නම් දානව ඉදල හිටල,නැත්තන් යෝගට් එකක්,අලිපේර ගෙඩියක් එහෙම මූනෙ උලනව...ඔච්චර තමා ඉතින්
ඊට පස්සෙ මන් ගියෙ හරූගෙ ගෙදර තිය්නව වගේ කොෆි මැශින් එකක් ගන්න
කියන්න සතුටුයි මිත්‍රවරුනි ඊයෙ හම්බුන ඉස්කෝලෙ පඩියෙන් බාගයක්ම ඉවරයි
බඩු ටිකත් අරන් මන් ආවා ගෙදර..
අයියා මේ ටිකේ සැපට ගෙදරට වෙලා ඉන්නව..කනව නිදාගන්නව විතරයි...මේ යකාට කන්න උයලම මට හති..
හරූව මන් එදයින් පස්සෙ දැක්කෙ නෑ..එයාට ඉවෙන්ට් තිබ්බා ගිය දවස් දෙකේ...
Kpop group එකක් තියේ twice කියලා...එයාලගෙ sanaa එක්ක ඉන්ටවිව් එකක් තිබ්බා...මාත් ඉවර වෙනකන්ම ලයිව් බැලුවා...ඒකෙන් පස්සෙ කමෙන්ට් සෙක්ශන් වල sanaa යි හරූයි ගැලපෙනවය.මැචිං කපල් ය.බ්ලා බ්ලා බ්ලා
ඇත්තටම හැබැයි ඒ දෙන්න ගැලපෙනව තමා..sanaa මාර ලස්සනයි...ඒ වගේම අහිංසකයි...හරූ වගේ කෙනෙක්ට ගැලපෙන්නෙ ඒ වගේ අහිංසක තැන්පත් කෙල්ලෙක් තමයි
මම වුනත් හරි ආසාවෙන් ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ...
අද samsung එකට ෆොටෝ ශූට් එකක් තියෙයි eclipse ලගෙ...samsung ලගෙ global ambessodor වෙන්නෙ eclipse ලා....
ඉතින් එයාලා no iphone...only galaxy
ඉතින් මමත් no iphone ... only galaxy
Samsung galaxy s26 ultra එකක් හිමි ජීවියෙක් මම..ගැම්මක් තමා ඉතින්
ලංකාවෙ ලක්ශ 6 හමාරක් විතර වුනාට මෙහෙ ලංකා මුදලින් ගත්තොත් ලක්ශ 4 ක් වගේ යන්නෙ
ඕන්න ඕක තමා පස්නෙ ඉතින්
--------------------------------------------------------------------
හෙට අපේ ට්‍රිප් එක දවස...අයියට බටර් පාර ගාලා සෝජුවවත් එක්කන් යන්න හදාගත්තා මන්
අනේ හරූටත් යන්න තිබ්බනම්...ඇත්තටම purple island කියන්නෙ සෙලිබ්‍රිටි කෙනෙක්ට නිදහසේ ගිහින් එන්ජෝයි කරන්න පුලුවන් තැනක්
මිනිස්සු ගැවසෙනව බොහොම අඩුයි...කැමරා නෑ....
නිදහසේ එන්ජෝයි කරල එන්න පුලුවන්...සාමාන්‍ය මනුස්සයෙක් වගේ....
හිත හිතම මන් උයන්න ගත්තා...
මන් අද හදන්නෙ පැස්ටා...මේ ගොලුබෙලි පැස්ටා එක කද්දි මට ගොලුබෙල්ලො කනව වගේ ෆීලින්ග් එකක් එන්නෙ
අයියත් එක්කම කාලා හෙට යන්න ඇදුම් බෑග් එකත් ලෑස්ති කරලා එලාම් එකත් තියල මන් ගියෙ නිදාගන්න
- stay tuned-