ECLIPSE

ECLIPSE











https://telegra.ph/ECLIPSE-08-13-45






- දාහතරවැනි කොටස -



හරූ pov :



"මොකද අයියා වුනේ...උබ කාගෙන්ද යකෝ ගුටිකෑවෙ..."



මූ හිනාවෙනව...ඇත්ත තමයි ෆස්ට් ටයිම් ගුටි කෑවෙ



" ඒ ඒ අක්කා එනව...නිදාගනින්..."



මන් ආයෙම ඇලවෙලා ඇස් පියාගත්තා



" ආ මෙන්න..අයිය නැගිට්ටම සුප් එක රත් කරල දෙන්න...රත් කරන හැටි දන්නවද...සෙල්සියස් 100 ට විනාඩි 3 ක් අවන් එකට දාල ගත්තම ඇති...


ඔක්කොම ටික කනකන් ඉදල මේක බොන්න දෙන්න..තිත්ත නිසා මන් සීනි ටිකකුත් දාල ඇත්තෙ..ඊට පස්සෙ මේ පෙති දෙකත් බොන්න දෙන්න...


Ac එක 28 ට වගේ දාන්න නැත්තන් සීතල අල්ලයි එයාට "

එහෙම කියල කෙල්ල යන්න ගිහිල්ල ආයෙම හැරිලා


"මල්ලී.. ඔයාටත් මන් කතා කරපු නිසා කන්න බැරි වෙන්න ඇතිනේ..මන් ඔයාටත් කෑම එකක් ගෙනාවා..මේසෙ උඩ ඇති..ඒක කන්න ගිහිල්ල හොදද..


ඔය අද පාටි එක අපේ පන්තියෙ අර අහිංසක ගර්ල්ගෙ නේද.shin hye ගෙ...ඔයා මැදින් දමලා ආපු නිසා හිත රිදෙන්න ඇති එයාලගෙ...

ඒ නිසා සොරි කියල මැසේජ් එකක් දාන්න හෙට ඔයා ගානෙ කට්ටියට ඩිනර් අරන් දෙනව කියන්න...මන් රෙස්ටුරන්ට් එකක් බුක් කරන්නම් ඔයාලට ...


අයියට අමාරු වුනොත්..ඒ හින්දා මේ කාමරේම ඉන්න ඔයා.


තේරුනාද "



" හා..හා..හරි අක්කා "



" මන් යන්නම් එහෙනම් "


මල්ලිගෙ ඔලුවත් අතගාලා මගේ ඔලුවත් අත ගාන්න මගෙ ලගටම අත දික් කරලත් හුස්මක් හෙලලා ආයෙ අත එයාගෙ පැත්තට ඇදල අරන් එයා ගියා



පුදුම කෙල්ලෙක් තමයි...මෙච්චර දේවල් අස්සෙ මල්ලි කාලා නෑ කියන එකයි උගේ යාලුවන්ට අවුල් යන්න ඇති කියන එකයිත් ඒකිගෙ ඔලුවෙ වැඩ කරනව...


උබ කොහොමද බන් මෙච්චර හොද වුනේ..


කවුරු මොනා කිව්වත් මන් උබව නැති කරගන්නෙනම් නෑ ලියේනා....



" මන් ටිකකින් එන්නම් සෝජුන් උබ ගිහින් කාපන්..ආ අනික මට ඔය මේසෙ මාරු කරන්න ඕනි "



මටත් මහ බලු හිනාවක් දාලා මල්ලි යන්න ගියාට පස්සෙ ඇස් දෙකත් පියාගෙන මන් මතක් කලේ මුලු ලෝකෙම කෙල්ලො පිස්සු වට්ටන මාව පිස්සු වට්ටපු ඒ චූටි සුරංගනාවි ගැන



මුලින්ම මට එයාව හම්බුනේ මීට මාස 5 කට විතර කලින්..අපේ කම්පැනි එක ඉස්සරහදි....


Mr.bang එක්ක අගෝස්තු වල එන වර්ල්ඩ් ටුවර් එක ගැන කතා කරගන්න තිබ්බ මීටින් එකක් ඉවර වෙලා කවුරුත් එලියෙ පේන්න හිටියෙ නැති නිසා පට ගාලා කාර් එකට යන්න හැදුවෙ


මොකද කවුරුහරි අදුරගත්තොත් විනාසයි..බොඩිගාඩ්ලවත් එවෙලෙ හිටියෙ නෑ..මගෙ ප්‍රයිවට් බොඩිගාඩ් එදා නිවාඩු හිටියෙ..අනිත් බොඩිගාඩ්ලා ටික අයියල 4 දෙනා එක්ක IU ගෙ කොන්සට් එකක් බලන්න ගියා...


මට ඉතින් IU සම්බන්ධව කතා කිරීම,දෙන්නම ඉන්න වැඩසටහන් වලට යාම තහනම්


Debut වෙච්ච මුල් කාලෙ ඉන්ටවිව් එකකදි ඇහුවා who is your celibrity crush කියල


මන් ඉතින් IU ට ආස නිසා you know IU ...the first album I ever bought was hers කියල කිව්වා...ඕක ඉතින් මහ දෙයක් යෑ...


ජස්ටින් බීබර්ගෙ ඉන්වවිව් එකකදි එයා කිසිම බයක් සැකක් නැතුව ඌ වගේ දෙගුනයක් වයස බියොන්සෙ කියල කිව්වෙ...


මේක ඉතින් කොරියාවනෙ...එදා මන් එහෙම කිව්ව විතරයි සෝශල් මීඩියා වල මාවයි IU වයි පට්ට ගැහුව මාසයක් විතර යනකන්


එදා ඉදන් තමා මන් තේරුම් ගත්තෙ අපි කොතන කොහොම ගියත් හොරෙන් හරි කැමරාවක් අපේ පැත්තට තියෙයි අපි පරිස්සම් වෙලා ඉන්න ඕනි,පරිස්සමෙන් කතා කරන්න ඕනි කියල


අයියල 4 දෙනා මට කින්ඩි දදා IU එක්ක ප්‍රෝග්‍රෑම් වලටයි කොන්සට් බලන්නයි එහෙම යනව...


මට හචිමක් ගියත් ඒක මුලු ලෝකෙම බ්‍රේකින් නිව්ස් එකක් දැන්...වෙලාවකට මේ ජීව්තේ එපා වෙනව...පබ්ලික් ප්ලේස් එකකට යන්න බෑ,රෙස්ටුරන්ට් එකකට ගිහින් කන්න බෑ,පාරක ඇවිදින්න බෑ...කොහෙන් හරි වීඩියො කරනව


මන් චේසර්ස්ලට හැම වෙලේම කියන්නෙ මමත් මනුස්සයෙක් කියල...ඒ කියල කියලමද කොහෙදෝ බහුතරයක් චේසර්ස්ලා තේරුම් අරන් ඉන්නෙ ඒක


ඒත් මේ මීඩියාකාරයොයි,පේජ් කාරයොයි එක්ක වසන්න බෑ


මාවයි eclipse ලවයි ජීවිතේම කොටසක් කරගෙන ජීවත් වෙන චේසර්ස්ලට තියෙන ආදරේ නිසාම ඉවසන් ඉන්නෙ මන්


ඉතින් වටපිට බල බල කාර් එක පැත්තට යද්දි එකපාරට කොන්ද උඩට පුලුන් ගුලියක් වැටුනා වගේ දැනුනා


මොනාදෝ බාශාවකින් කියෝගෙන කියෝගෙන යනව..කියන්නෙ මොනාද කියල තේරෙන්නැති වුනත් බනිනව කියල තේරෙනව


එකපාරටම අපේ කෝච් ඩේමියන් අයියා කෑ ගහපු සද්දෙට කොන්දෙ හිටපු කෙනා බිමට බැස්සා..මන් දිහා බලල මාවත් තල්ලු කරල ඈතට ගිහින් බලන් ඉන්නව බය වෙලා.එතකොටයි මන් එයාව දැක්කෙ...


හීනි දිගැටි ඇස් දෙකක්...ලා දුබූරු පාට හමක්..පිරුනු කම්මුල් දෙකක්...දිගම දිග ඇහි පිහාටු...ලා රෝස පාට තොල්..දනහිස ගාවට දිග කොන්ඩයක්...අමුතු ගවුමක් ඇදලා...


බෝනික්කියක් වගේ..මගෙ ජීව්තේටම දැකපු ලස්සනම කෙල්ල


මාස්ක් එක දාලා මුලු ඇගම වහන් ඇස් දෙක විතර එලියට පේන්න තිබ්බත් එයා මාව අදුරගත්තා කියල ශුවර්..ඒ කියන්නෙ චේසර් කෙනෙක් වෙන්න ඕනි...ඒත් එයා කිව්වෙ සෝහු කියල නෙමෙයි හරූ කියල


කවුද හරූ කියන්නෙ ? මන් එයා දිහා බැලුවම ඒ ඇස් වලින් කදුලු වැටෙන්න ඔන්න මෙන්න වගේ


මේ අවුරුදු 5 ටම මට රැන්ඩම්ලි ෆෑන්ස්ලා හම්බෙලා තියෙයි...ඒ හැමෝම මාව දැකලා කෑ ගහල උඩ පනිනව මිසක් කදුලු පුරවන් මන් දිහා බලන් ඉදල නෑ...


ඒ කෙල්ලව කාර් එකට යවල කෝච් මට සොරි කිව්වෙ එයාගෙ නංගි වැරදිලා මාව එයා කියල හිතල කියල...


එතකොට ඒ කෝච්ගෙ නංගි...එයා චේසර් කෙනෙක්...එහෙම වෙලත් ඇයි කවදාවත් අපිට කියල නැත්තෙ...අපිව හම්බෙන්න ට්‍රයි කරලවත් නෑනෙ..මුලු bee එකේම හැම ස්ටාෆ් කෙනෙක්ගේම පවුලක චේසර් කෙනෙක් ඉන්නවනම් අපි එයාලව හම්බෙලා කතා කරල ඇති..ඒත් මෙයාව දැකල නෑ...පෙනුමින්නම් අපේ සෝජුන්ගෙ වයසෙ වගේ



ගෙදර එනගමනුත් ඒ මූනමයි මතක් වෙන්නෙ...

මාසයක් විතර ගෙවිලා ගියා...ඒ කෙල්ලව අමතක කරගන්න බෑ මට...මොකක්ද අමුතු හැගීමකින් හිත පිරිලා...බැරිම තැන මම මට දැනෙන දේ වචන කරන්න ගත්තේ අලුත් සින්දුවක් හදන්න හිතන්


උබට මොනා වෙලාද සෝහු...මන් එයාට ආදරෙයිද...


පිස්සුද බන්...එකපාරක් දැක්ක කෙනෙක්ට ආදරේ වෙන්නෙ කොහොමද...


මේක නිකන් ලස්සන කෙල්ලෙක් දැකලා ඇති වෙච්ච ආකර්ශනයක් විතරයි



මන් එයා ගැන හොයන්න ඕනි කොහොම හරි..ඒත් කොහොමද...ඩේමියන් අයියගෙන් අහන්නත් බෑ..



ඒ ගැනම හිත හිතා ඉන්නකොට දවසක් මන් අහම්බෙන් දැක්කෙ මල්ලිගෙ ෆෝන් එකට කෝල් එකක් එනව..ඒකෙ dp දාල තිබ්බෙ අර ගර්ල්



මල්ලිට වොන් 10 000 ක පගාවකුත් දීලා නොවදිනා වැදුම් වැදලා හෙනම ගේමක් දීලා උගෙන් කෙල්ල ගැන තොරතුරු අහගත්තෙ


කෙල්ලගෙ නම ආක්ශි ලියේනා ඇන්ඩර්සන්..ශ්‍රී ලංකන් කෙනෙක්..මල්ලිගෙ ඉස්කෝලෙ පන්තිබාර ටීචර්...ටීචර්ටත් වඩා මුන් දෙන්නා යාලුවො වගේ...නම්බර් එකත් සේව් කරල තිබ්බෙ අක්කා කියල...


සෝල් වල අලුතින් ඕපන් කරපු ද හෙවන් එකේ එයාල ඉන්නෙ...





ලියේනාගෙ හරූ...ඉට්ස් ගෙවල් මාරු කරන ටයිම්...





පබ්ලික් එපාට්මන්ට් එකක ජීවත් වෙන්න යනව කියල කම්පැනියෙන් පට්ට බැනුම් අහගත්තෙ,අයියල 4 දෙනත් මන් දිහා හෙන සැක බැල්මක් දාන්නෙ,අවුරුදු ගානක් එකට හිටපු අපි 5 දෙනාට එකෙක් හැරෙද්දිත් තේරෙනව..අනික පබ්ලික් තැනක ජීවත් වෙන එක මට සේෆ් නෑ...


ඒත් පලවෙනියට හිත ගිය කෙල්ල...මන් ගේම අතාරින්නෑ...කවදාවත් පැරදෙන මිනිහෙක් නෙමෙයි මන්


කොහොම හරි හෙන ගේමක් දීලා bee එක කැමති කරවගත්තෙ මන් ගෙවල් මාරු කරන්න යන වැඩේට..


ඔක්කොම හරි ගෙදර ගන්න මගෙ මැනේජර්ව යැව්වම කෙනෙක් ගෙදර ඉල්ලලු තියෙන්නෙ...යකෝ මෙච්චර බාල්දි මටමනෙ...ඉදල හිටල මගේ සෙලිබ්‍රිටි කාඩ් එක පාවිච්චි කරන්නත් එපැයි...මන්ම ගියා ඒකට...මාව දැක්කා විතරයි ගේ ඉල්ලල තිබ්බ ඒව කැලේ...ඩිස්කවුන්ට් එකකුත් එක්කම ගේ හම්බුනා...


හම්මෝ දැන්නම් මට එයාව නිතර බලන්න පුලුවන්...


කියන්නෙනම් ලෝකෙ ප්‍රසිද්දම මිනිහලු...ලෝකෙම ගෑනු අයව පිස්සු වට්ටගෙනලු ඉන්නෙ...ඒත් මගෙ හිතගිය කෙල්ල ලගට බලාගන්න විතරක් මම කාපු කට්ට දන්නෙ මායි මගෙ මැනේජරුයි ව්තරයි..


කොහොම හරි මන් ලියේනාලගෙ ගෙදරට එහා ගෙදරට ඉක්මනටම මාරු වුනා


මල්ලිගෙ ෆෝන් එකේ තිබිලා මල්ලි එක්ක ගහපු කෙල්ලගෙ ෆොටෝ වගේකුත් මන් ෆෝන් එකට දාගත්තා..පෙනුමින් අහිංසකයි වගේ පෙනුනට දග මල්ලක් වගේ...


මල්ලි එක්ක හරි එකතුයි මේකි..පුදුම ආදරයක් තියෙන්නෙ දෙන්නගේ...


මන් ලියේනා ගැන එදා අහපු දවසෙ ...මහ එකා වහේ ඇගිල්ලකුත් දික් කරල මගෙ ශර්ට් එකේ කොලර් එකෙනුත් අල්ලගෙන මූ කියපි


" හරි අයියා මන් උබට සපෝට් කරන්නම්...හැබැයි ඒකි උබට කැමතිනම් විතරයි...ඒකි මේ සාමාන්‍ය කෙල්ලෙක් වගේ නෙමෙයි බන්...උබට පුදුම ආදරයක් තියෙන්නෙ...උබලට ගොඩක් ආදරේ චේසර්ස්ලා මම දැකල තියෙනව...ඒත් ඒකි තරම් ආදරේ චේසර් කෙනෙක් මේ ලෝකෙම නැතුව ඇති..එහෙමයි කියල ඒකි උබ යාලුවෙන්න ඇහුවොත් අනේ හා කියල උඩ පනින එකියක් නෙමෙයි...ඒකි වෙනස්...ඒකිට ඕනි ආදරේ අයියා...මේ ලෝකෙන්ම එයා බලාපොරොත්තු වෙන එකම දේ ආදරේ...උබ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි අයියා...උබ ලෝකයක් අදුරන එකෙක්..සාමාන්‍ය කපල් ලව් කරනවට වඩා උබල ලව් කරන්න ගියොත් ජීවිතේ වෙනස්...ඒක දැනගෙන කරන දෙයක් කරපන් අයියා...ඒකි බලාපොරොත්තුවන ආදරේ මොන ප්‍රශ්නෙ ආවත් උබට දෙන්න පුලුවන්නම් විතරක් ඒකිට ලං වෙයන්...එච්චරයි.."

සෝජුන් එහෙම කියල මාවත් තල්ලු කරගෙන ගියේ මට හිතන්න දේවල් ගොඩක් දීලා


ඒක ඇත්ත...ලියේනා මට කැමති වුනොත් එයාට ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙයි...එයාගෙ ජීවිතේ සමහර දේවල් වෙනස් වෙයි...මම සෙලිබ්‍රිටි කෙනෙක් තමයි..ඒත් ඊට කලින් මම සාමාන්‍ය මිනිහෙක්...මේ ලෝකෙ මිනිස්සුන්ට ඒක නොතේරෙන්නෙ ඇයි කියල හිතාගන්න බෑ...


ඒත් එහෙම තේරුම් ගන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නව මේ ලෝකෙ...ඒ ලියේනා...එදා මම ඇහුවම ඇයි අනිත් අය වගේ ඔයා මට කරදර නොකරන්නේ කියල එයා දුන්න උත්තරේ මොකද ඔයාත් සාමාන්‍ය මිනිහෙක් හරූ කියල...


----------------------------------------------------------------


මන් ගෙවල් මාරු කරපු එකත් එක්ක ඩේමියන් අයියට සැකයක් ආවෙ නෑ කියන එක හිතාගන්න අමාරුයි...ඌ ඒක එලියට පෙන්නුවෙ නැති වුනත් දැනගෙන ඉදල තියෙයි...


අද ලයිව් එක ඉවර කරල මන් කම්පැනි එක පැත්තට ගියේ පොඩි වැඩක් තිබ්බ නිසා


ඒත් එක්කම මට හම්බුනේ bar area එකේ තනියම බිබී ඉන්න ඩේමියන් අයියව


මාව දැක්ක ගමන්


" සෝහු....උබව මන් අවුරුදු ගානක ඉදන් ආශ්‍රය කරන්නෙ...උබ හැරෙද්දි මට තේරෙනව...මට කෙලින්ම කියපන්....ඇයි මේ දේවල්...


" මම එයාට ආදරෙයි..."


මන් එහෙම කියනවත් එක්කම මට වැදුනෙ මූනට ලොකු කම්මුල් පාරක්.නහයෙන් ලේත් එනව..උට ගහන්න මගේ අත මිට මෙලවුනත් අත ඉස්සුනේ නෑ...


" මන් දැනගත්තා...කවදාවත් නැතුව පබ්ලික් අපාට්මන්ට් එකක ජීවත් වෙන්න එද්දි...ඒකිට නොතේරුනත් උබ ඒකි දිහා බලන විදිහෙන් මට තේරුනා.... "


උගේ අත් දෙක මගෙ කොලර් එකේ...ඉවසපන් සෝහු...ලියේනා වෙනුවෙන් ඉවසපන්


" මට කියපන් සෝහු...ඇයි ඒකිම වුනේ...යකෝ උබට පිස්සු වැටිල ඉන්නෙ මේ මුලු ලෝකෙම.ලෝකෙ මොන පැත්තකට ගිහින් කොතනින් ඇහුවත් උබට ඕනි තරම් ගෑනු කැමැත්තෙන් ඉන්නෙ...එච්චර ඉද්දි ඇයි ඒකිම වුනේ..."


" මන් දන්නෑ...මන් ඒකිට ආදරෙයි..මන් දන්නෙ එච්චරයි.."


" සෝහු..මගෙ මල්ලි..මේ අහපන්...ඒකි මගෙ එකම නංගි බන්...මට කියල ඒකි විතරයි ඉතුරු වෙලා ඉන්නෙ...ඒකිට මේ දේවල් පුරුදු නෑ බන්...


ඒකිට ඕනි නිදහසේ පාඩුවේ ඉන්න...උබ වගේ ප්‍රසිද්ධ මනුස්සයෙක් එක්ක හිටියොත් ඒකිට ඒ නිදහස් ජීවිතේ නැති වෙයි බන්...



පාරක බැහැල යද්දි මූනට කැමරා අල්ලන් එන එක...අදින ඇදුමේ ඉදන් හැම ඩීටේල් එකක්ම මිනිස්සු කතා කරන,

හොට් ටොපික් එකක් වෙලා සෝශල් මීඩියා වලයි,පේජ් වලයි දවස ගානෙ එක එක මිනිස්සුන්ගෙ ජජ් කිරීම් වලට මූන දෙන්න ඒකිට පුරුදු නෑ බන්


මට උබ ගැන අවිශ්වාසයක් නෑ සෝහු..උබව මන් හොදට අදුරනව..අනිත් සෙලිබ්‍රිටි ලා වගේ උබ එක එක ගෑනු පස්සෙ යන්නෙ නෑ කියල මන් දන්නව...උබ හොද මිනිහෙක්...ඒත් උබ සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි සෝහු ඒකයි ප්‍රශ්නෙ..උබ සාමාන්‍ය මිනිහෙක් වුනානම් උබට මගේ නංගිව දෙන්න දෙපාරක් හිතන්නෑ මන්... "


" මන් ලෝකෙම ප්‍රසිද්ද වුනාට මමත් සාමාන්‍ය මිනිහෙක් තමයි යකෝ..මමත් සාමන්‍ය මිනිහෙක්..ඇයි මට ආදරේ දැනෙන්නෙ නැද්ද...මට හැගීම් දැනීම් නැද්ද...ඇයි බන් අනිත් මිනිස්සු කරන දේවල් මට කරන්න බැරි...ලෝකෙ මිනිස්සුන්ට ඕනි විදිහටද මම ජීවත් වෙන්න ඕනි...


උබ මොනව කිව්වත් මන් ඒකිව අතාරින්නෑ අයියා... "


මන් එහෙම කියද්දිම ඌ මට ගැහුවා...වෙන කෙනෙක් වුනානම් ඌ මෙලහට මැරිලා මගෙ අතින්..ඒත් ලියේනාට දුකක් දෙන්න බෑ...පලවෙනි වතාවට ගුටිකන්නෙ...අයියට මට ගහන්න බෑ...මෙතන මම වැරදියි...ඒත් මන් ඒකිව අතාරින්නෙත් නෑ...


ලේ පෙරාගෙන ගුටි කන ගමනුත් මන් එක දෙයයි කිව්වෙ


" මන් ඒකිව අතාරින්නෑ හු## "



" ඇයි බන් උබ මාව මෙච්චර අසරන කරන්නේ..මන් උබට හොද කෙල්ලෙක් හොයල දෙන්නම්...නංගිට වඩා ලස්සන ඕනි තරම් කෙල්ලො ඉන්නෙ"


" මට ලස්සන වැඩක් නෑ යකෝ...මේ ලෝකෙ මොන ගෑනි හෙනත් දුන්නත් මට වැඩක් නෑ මට උබේ නංගිව ව්තරයි ඕනි ..උබ ඒකට කැමති වුනත් එකයි නැති වුනත් එකයි"


" හරි..එහෙනම්..හැබැයි...ඒකි උබට කැමතිනම් විතරයි...ඒකි උබට කැමති නැත්තන්..උබ පාඩුවේ ඉන්න ඕනි.."


" පාඩුවේ ඉන්නෙ නෑ..ඒකි මට කවදද කැමති වෙන්නෙ..එදා වෙනකන් මන් බලන් ඉන්නව..එච්චරයි "


" තෝ මහ...හරි අපි බලමු "


අපි දෙන්න එක්කම වාඩි වුනා.. අයියා බෝතලයක් අරන් බිබී මටත් එකක් දෙන ගමන්


" උබට කැමැත්ත දුන්න කියල නෙමෙයි කිව්වෙ..තේරුනානෙ "


" ඔව් මන් දන්නව...අනිත් එක...ලියේනා මන් ගැන මටත් වඩා හොදට දන්නව...මන් එයා ගැන දන්නෙ නෑ මොකුත්..මට ඒකි ගැන දැනගන්න ඕනි..."


ම්හු...මුගෙන් සද්දයක් නෑ..

" සතියක් පඩි එක්ක නිවාඩු අරන් දෙනව..ඩීල් "


" ඕකේ...ඩන් ඩීල් "



ඔන්න ඕක තමයි වුනේ...ඌ බීලත් එක්ක හිටියේ...අඩ අඩා කෙල්ල ගැන කියවනව...ඌ ඒකිට තියෙන්නෙ මාර ආදරයක්...ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පොඩි කාලෙ ඉදන් හීන දැකලා ඉන්ජිනියරින් යන්න පාස් වෙලා කැම්පස් එකත් නතර කරල අම්මයි තාත්තයි නැති වෙච්ච දවසෙ ඉදන් කෙල්ලට තාත්තෙක් වුනේ ඌ...ඉන්ජිනියර් කෙනෙක් වෙන හීනෙ,බලාපොරොත්තු හැම දේම අත් ඇරල නොදන්න රටකට ඇවිල්ලා අන්තිමට කොහෙවත් නැති මියුසික් ඉන්ඩ්ස්ට්‍රි එකේ ජොබ් එක කරන්නෙ...


ඌ කෙල්ලට අයියා නෙමෙයි,අම්මා තාත්තා දෙන්නම...


"මන් උබේ නංගිට වැරැද්දක් කරන්නෙ නෑ අයියා...උබේ නංගිව උබ බලාගත්තා වගේම බලාගන්නම් මම..උබ තරම් බැරිවෙයි..ඒත් මන් ඒක කරනව...ඒකිට ගැලපෙන එකම කොල්ලා මම කියන එක උබට ඔප්පු කරලම පෙන්නන්නම්..."


එහෙම කියල මන් ආවා...


වර්ල්ඩ් ටුවර් එක පටන් ගන්න කලින් මන් ලියේනට මේක කියන්න ඕනි...තව සතියකින් ඒක පටන් ගන්නවා...මාස දෙකක් කොරියාවෙන් පිට ඉන්න ඕනි...


උබට මන් හරි ආදරෙයි බන්..මන් දන්නෑ උබ මාව පිලිගනියිද නැද්ද කියලා...වෙන කෙල්ලෙක් වුනානම් අහන්න දේකුත් නෑ...ඒත් උබ වෙනස්...අන්න ඒ වෙනසට තමයි මම කැමති...උබ මට කැමති වුනත් නැති වුනත් මන් උබට ආදරේ කරන එක නවත්තන්නෑ...එච්චරයි



- stay tuned -







Report Page