ECLIPSE

ECLIPSE










https://telegra.ph/ECLIPSE-08-12-5




- දහතුන්වෙනි කොටස -




හෙලිකොප්ටර් එකක් යන සද්දයක් ඇහිල මන් උඩ ගිහින් ඇහැරුනේ



වෙලාව බලද්දි 9 යි...යකූ මට නින්ද ගිහින්ද...ඉව්වෙත් නෑ...අයියා තාම ගෙදර ඇවිල්ල නැද්ද එතකොට



හිත හිතම එලියට ගියාම ගේම කලුවරයි.ලයිට්ස් දාල නෑ..ඒ කියන්නෙ අයිය තාම ඇවිල්ල නෑ



" හෙලෝ අයියා "



" මන් පරක්කු වෙයි තමුසෙ කාලා නිදාගන්නවාහ් "



එච්චරයි.තිබ්බා...මූට මොන යකෙක් වැහිලද



දැන් උයන්නත් බෑ කම්මැලියි...ඕඩර් එකක් දැම්මොත් එන්න වෙලා යයිනෙ..කඩෙන් මොනාහරි අරන් එනවා...ශෝට පිටින්ම ස්කිනි එකට උඩින් ඕවර් කෝට් එකක් විතරක් දාගෙන එලියට බැස්සා....


දොර ගාවදිම මාව පාස් කරගෙන ගියෙ හරූ...නහය තැලිලා...ගුටිකාලා ද මන්දා...අතෙන් ලේත් එනව...



මාව වෙව්ලනව වගේ...දෙයියනේ මොකක්ද වුනේ මහත්තයෝ...



" හරූ....."



මන් එහෙම කිව්වම එයා නැවතිලා මන් දිහා බලන් හිටියා...ඇයි මට හැමතිස්සෙම ඔය ලොකුම ලොකු බෝබා ඇස් වලින් අමුතු කතාවක් කියනව වගේ පේන්නෙ...



විනාඩියක් විතර මන් දිහා බලන් ඉදපු එයා ආයෙ හැරිලා යන්න ගියා...



අත තුවාල කරගෙන..අතෙන් ලේ එනව හෝ ගාලා..සෝජුත් හවස ගියානෙ යාලුවෙක්ගෙ බර්ත්ඩේ එකක් කියල...කවුද ඔයාට බෙහෙත් දාන්නෙ...ඔයා ලේ වලට බයයිනෙ...ඔයාටත් මට වගේම ලේ ගොඩක් දක්කොත් කලන්තෙ එනව



මමත් ලේ වලට බයයි...




නෑ ආක්ශි...හරූ වෙනුවෙන්...ඉවසපන්...ලේ කියන්නෙ අමුතු දෙයක් නෙමෙයිනෙ..උබ ගෑනු ලමයෙක්නෙ...



හිතට ධෛර්ය අරන් මන් ටක් ගාලා ගේ අස්සට ගිහින් ෆස්ට් ඒඩ් බොක්ස් එක අරන් ආවා



හරූගෙ දොරේ බෙල් එක කීප සැරයක් ගැහුවත් කවුරුත් ආවෙ නෑ



දොරේ පාස්වර්ඩ් එක...


හිතපන් ආක්ශි....උබ හරූනම් දොරේ පාස්වර්ඩ් එකට මොකක්ද දාන්නෙ...හරූ කියන්නෙ ලේසියෙන් පාස්වර්ඩ් අමතක වෙන කෙනෙක්...එයාට හොදටම මතක හිටින එකක් පාස්වර්ඩ් එක වෙන්න ඕනි..ඒ කියන්නෙ රැන්ඩම් අංක ටිකක් වෙන්න බෑ...විශේශ දවසක් වෙන්න ඕනි


හරූගෙ ජීවිතේ විශේශම දවසක් ...මොකක්ද...කමෝන් ආක්ශි...හිතන්න මැනිකේ හිතන්න..



20112022



හරි...දොර ඇරුනා...



2022 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ තීම් සෝන්ග් එක ...


dreamers ... හරූ පෆෝම් කරපු දවස..


ශකීරාගෙ waka waka එකට පස්සෙ වර්ල්ඩ් කප් එකකට ආපු හොදම සින්දුව...ඒ සින්දුව කී පාරක් ඇහුවත් ඒ ඇහෙන ඇහෙන සැරයක් ගානෙ මට goosebumps එනව...21 වෙනි ශතවර්ශෙටම ආපු හොදම සින්දු වලින් එකක්..



දොරත් අරගෙන මන් ඇතුලට ගියා



හරූ .. හරූ...කෝ දෙයියනේ...



සාලෙ පේන්න නෑ...මන් කෙලින්ම ගියෙ රූම් එකට...



ඇද ගාව බිම වැටිලා ඉන්නව...සිහියකින් නෙමෙයිද මන්දා ඉන්නේ..කෙදිරි ගානවා...



ආව්හ්...දුවන්න ගිය පාර ඇදගෙන වැටුනා මාව...නැගිටින්න යද්දි වීදුරු මේසෙ කොනක වැදිල සීරුනා...ලේත් එනව



මන් බඩගාගෙනම ගියෙ හරූ ගාවට...


" හරූ..හරූ... " වෙව්ලන අත් දෙකෙන් මන් ඒ මූන මගෙ දෝතට ගත්තා



එයාව උස්සනව කියන්නෙ මට ලේසි වැඩක් නෙමෙයි...ඒ අස්සෙ මගෙ අතෙනුත් ලේ වැක්කෙරෙනව...නැවතියන් යකෝ...තව ලේ ගියොත් මට කලන්තෙ හැදෙයි...හරූට බෙහෙත් දාන්නෙ කවුද එතකොට....



ඒ ඇග වටේ අතදාලා මන් අමාරුවෙන් එයාව නැගිට්ටෙව්වා..දගලලා දගලලා අමාරුවෙන් එයාව ඇදට තල්ලු කරද්දි මාත් ඒ එක්කම ඒ ඇග උඩට වැටුනේ අපි දෙන්නගේ මූන අතර තියන පරතරේ සෙන්ටිමීටර් දෙක තුනකට සීමා කරල



ඒ ලස්සන බෝබා ඇස් දෙක එකපාරක් ඇරිලා මන් දිහා බලන් හිටියත් තත්පර කීපයක් යද්දි ඒ ඇස් ආයෙ වැහුනා..



පලවෙනි වතාවට පිරිමි උනුහුමක් මෙච්චර ලගින් දැනෙන්නෙ..මගෙ හිත නොසන්සුන්....පපුව වේගෙන් ගැහෙනව...මේක රියැක්ට් කරන්න වෙලාවක් නෙමෙ ආක්ශි ෆෝකස් කරපන්



ඒ අත් වලින් ගැලවිලා හෙමීට නැගිට්ට මම ඒ අතට බෙහෙත් දාන්න ගත්තෙ මගෙ ඔලුවත් කැරකෙද්දි...



මගේ අම්මි ඩොක්ටර් කෙනෙක්..එයා ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන තැනට මන් ගිහින් තියෙයි..එක දවසක් අතක් කපාගෙන එක කොල්ලෙක් ආවා...මගේ ඉස්සරහමයි එයාට බෙහෙත් දැම්මෙ...ඒක බලන් ඉදල මට වමනෙ ගියාත් එක්ක


ඒත් අම්මි එයාට බෙහෙත් දාපු විදිහ මට මතකයි...


ලේ දැකලා මගෙත් ඔලුව කැරකෙනවා වැටෙන්න ඔන්න මෙන්න...


හිත හයිය කරගනින් ආක්ශි...හරූ වෙනුවෙන්


කොහොම හරි මන් එයාට බෙහෙත් දාලා ඉවර කලා


මගේ අතින් ලේ වැක්කෙරෙන නිසා බැන්ඩේජ් කෑල්ලක් අරන් තදට ගැටගහත්තා මන්


හරූ කෙදිරි ගානවා...වෙව්ලන අත් වලින් මන් ඒ නලලට අත තිබ්බෙ


ආහ්...ගින්දර වගේ


" ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් එයා වෙනුවෙන් මට සමාවෙන්න හරූ "


එහෙම කියන ගමන් දාඩියෙන් පෙගිලා තියෙන ඒ ශර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න ගත්තෙ මගේ හදවත එකසිය ගානට ගැහෙද්දි


ශර්ට් එකත් අයින් කරල බාතෘම් එකෙන් වතුර එකකුයි කබඩ් එක ඇරල ටවල් එකකුයි අරන් මන් හෙමීට තෙත මාත්තු කරල Ac එකත් ඔන් කලාට පස්සෙ එයාගෙ කෙදිරි ගෑවිල්ල නැවතුනා


හම්මේ ඇති යන්තන්...


ලාවට සින්දුවක් කියන ගමන් හෙමීට ඒ කෙස් අතරින් මගේ ඇගිලි ගෙනිච්චෙ එයාට නින්ද යනකන්...ඒ අතරෙ මගෙත් ඇස් පියවුනේ මටත් නොදැනිම...



------------------------------------------------------------------



හරූ pov :



තද ඔලුවෙ කැක්කුමක් එක්ක මන් අමාරුවෙන් ඇස් දෙක ඇරියා....


කවුරුහරි මගේ අත අල්ලන් වගේ ඉන්නව දැනෙද්දි මන් දැක්කෙ මගෙ අතකුත් අල්ලගෙන හා පැටියෙක් වගේ නිදන් ඉන්න ලියේනා ව...


ඇදුම් කැලේ මේකිගෙ...ඕවර් කෝට් එක අතෙන් පහලට වැටිලා...ස්කිනි එකත් පහත් වෙලා බාගයක්ම එලියෙ...



අර්‍ර්‍..මේ කෙල්ල මාව පිස්සු වට්ටනවා


මන් හෙමීට ඒ ඕවර් කෝට් එක උරහිසෙන් උඩට කරන්න ගියත් ඒකෙන් වුනේ කෙල්ල ඇහැරුන එක


හෙමීට මන් ඇස් දෙක පියාගත්තා



"හම්මටසිරි මගෙ ඔලුව ...ටවුකන්ඩ "



එයාලගෙ බාශාවෙන් මොකක්ද කිව්වා මට තේරුනේ නෑ



එකපාරට දෙයක් මතක් වෙලා වගේ කෙල්ල නැගිට්ටෙ මගෙ අතත් ගසල දාලා...


මගෙ ඔලුවට අත තියලා oh god උන බැහැලා කියල තනියම හිනා වෙනව


පිස්සෙක් මේකිනම්


ඊට පස්සෙ මගේ මූන දිහා බලන් කියවවනව


මොකක්ද හරූ වෙලා තියෙන්නෙ..හවස හොදට හිටියනෙ ඔයා...අතෙනුත් ලේ පෙරාගෙන බිම වැටිල ඉන්නව දැක්කම මට පිස්සු හැදුනෙ නැතුව ව්තරයි...මාව මරාගන්නද ඕනි...මගුල...ඔයාව අපිට දුරයි තමයි...ඒත් අපි ඔයාලට නොසෑහෙන්න ආදරෙයි..චේසර්ස්ලා බැරිවෙලාහරි දැනගත්තොත් අත තුවාලවෙලා කියල කී දෙනෙක් අඩයිද...


අඩ අඩ මට බනිනවා...

ඊට පස්සෙ නැගිටල මගෙ වටේට කොට්ට තියල මට ශීට් එකකුත් පෙරෙව්වා


තඩි ඇගක් තිබ්බට ඇදක නිදාගන්න බෑ ටිකක් වෙලා ගියාම බිම


ආයෙත් බනිනව...මේ කෙල්ල මන් ගැන නොදන්න දෙයක් නෑනෙ බලන් ගියාම


" හෙලෝ මල්ලී.. " සෝජුන්ටද කොහෙදෝ කතා කරන්නෙ...සෝජුනුයි ලියේනයි අතරෙ තියෙන්නෙ පුදුම බැදීමක්...මට වෙලාවකට ඉරිසියයිත් එක්ක...


" කොහෙ හිටියත් කමක් නෑ පැය බාගයක් යන්න කලින් සුදු ලූනු දාලා නැති චිකන් සුප් එකක් එක්ක ගෙදර ඉන්න ඕනි..තේරුනානෙ "


එහෙම කියල කෝල් එක කට් කලා...මට හරි පුදුමයි...මට උන හැදුනම චිකන් සුප් බොන්නෙ...සුදු ලූනු දාන්නෙ නෑ.මේ වගේ පුන්චි ඩීටේල් එකක් පවා එයා දන්නව...



එදා ලේ දැකල කලන්තෙ දාපු එක්කෙනා අද ලේ පෙරන් හිටපු මට බෙහෙත් දාලා...


එකපරට සද්දයක් නැතිවෙච්ච නිසා හෙමීට එජ ඇහැක් ඇරල බැලුව මන් දැක්කෙ ඇස් දෙකත් පියාගෙන එයා ඔලුව බිත්තියට හේත්තු කරගෙන ඉන්න හැටි



ගුලියක් ගහල තියෙන ඇවිස්සිලා තියෙන ඒ කොන්ඩෙ...හීනි දිග ඇස්..දිග ඇහි පිහාටු...ලා රෝස පාට තොල්....සුරංගනාවියක් වගේ...



එකපාරට කඩාගෙන බිදගෙන ආවෙ මල්ලි...



" අක්කා..."



" මල්ලි..." ඔන්න බදාගෙන අඩනව ඉතින්..



" ඇයි බන් මේ අයියට මොකද..මේ අත මොකක්ද කරන් තියෙන්නෙ "



මල්ලි එහෙම කිව්වම ඇස් ඇරල බැලුවම තමා මම දැක්කෙ ලේ වලින් පෙගිල තියෙන ඒ අත..



" අරකෙ වැදුනෙ..හොදක් වෙන්නෑ ඔය මේසෙට...ත්‍රීසනා...ඒ වුනාට මේසෙ හරූගෙ නිසා මන් සමාව දෙනව "



" කොහොමද බන් මේක තියන් මෙච්චර වෙලා හිටියෙ...පුදුමයි කලන්තෙ දැම්මෙ නැතුව..කෝ වාඩිවෙනව බේත් දාන්න "


" මන් කලන්තෙ දැම්මොත් හරූ කලන්තෙ දැම්මම එයාට බලන්නෙ කවුද..."



" අම්මප තමුසෙට පිස්සු අක්කා...දැන් අයියල ටික උබව දන්නවනේ ....කවදාවත් නොදැනම ඉන්න තිබ්බා....ඒත් බලනවකො උබව දන්නෙවත් නැති උබ කියල එකෙක් ජීවත් වෙනවද කියලවත් දන්නැති කොල්ලො 5 දෙනෙක්ට කොහොමද ඔච්චර ආදරේ වෙන්නෙ "



" මන් විතරක් නෙමෙයි මෝඩයො..චේසර්ස්ලා හැමෝම එහෙමයි...නිකමට හිතනව හරූගෙ අත බැන්ඩේජ් කරල තියෙනව දැක්කොත් එහෙම ඉවරෙට ඉවරයි...ඒ හින්දා පිටට දැනගන්න තියන්න එපා චේසර්ස්ලා පව්..."



" හැච හැච තමයි...ආ බේත් දාල ඉවරයි..නැගිටිනවා "



" කෝ සුප් එක ගෙනාවද..අයිය නැගිට්ටම රත් කරල එයාට දෙන්න...දැන්නම් උන නෑ වගේ...ඒත් මන් පස් පන්ගුව එකකුයි පෙනඩෝල් දෙකකුයි ගෙනල්ල දෙන්නම්...අනිවාරෙන් එයාට කන්න දීලා ඒ දෙක බොන්න දෙන්න "



" පසංගු ...ඒ මොනාද "



" අපේ රටේ දෙයක්..මන් තම්බල ගේන්නම් ඔයා ඔහොම ඉන්න "


" හරි හරි...ඒක නෙමෙයි තමුසෙ කොහොමද හලෝ දොර ඇරගත්තෙ "



" හරූගෙ පාස්වර්ඩ් එක ගෙස් කරන එක මට මහ දෙයක් නෙමෙයි පොඩි එකෝ..."



එහෙම කියල එයා ගියා..



"බොරු නොකර නැගිටිනව අයියා..මන් දැක්කා අක්කා මාව බදන් අඩද්දි තමුසෙ ඇස් පියාගෙන මට රවනව "










--------------------------------------------------------------------








වැඩ ගොඩක් අස්සෙ බිසී වෙලා ඉද්දිත් හම්බෙන පුන්චි වෙලාවල් වලදු ලියලා කතාව දෙන්නෙ ඔයාලා බලන් ඉන්න නිසා...





හාට් එකක් නොදා යන්න තරම් කෘර වෙන්න එපා ඉතින්




අනිත් කතා වලට සාපේක්ශව රියැක්ශන් අඩු නිසා මට හිතෙනව මගේ කතාවට ඔයාලා කැමති නැද්ද මන්දා කියල




මේක මගෙ පලවෙනි කතාව.කලින් කතා ලියල පුරුද්දක් නෑ..අඩුපාඩු ඇති ඉතින්..



Report Page