ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-12-4
- දොලොස්වැනි කොටස-
මන් ඉස්කෝලෙට ගියපු පලවෙනිම දවස...
ප්රින්සිපල් සර්ගෙ ඔෆිස් එක හොයනව හොයනව නෑ යකූ
හැරී පොටර් එකේ දේවල් මතු කරන මන්තරේ කියල බැලුවනම් හරි...
ගත්ත කුඩේ එලියට දික් කලා පඩිපෙල දිහාට...
" accioo ප්රින්සිපල්ස් ඔෆිස් "
ම්හු...නෝ රියැක්ශන්...
අනිත් පැත්ත හැරෙද්දිම මෙන්න ඉන්නව යකෝ මාව කන්න වගේ බලන් ලම්සන කොලු පැටියෙක්...මූ idol කෙනෙක්වත්ද ? නෑනෙ යුනිෆෝම් ඇදන් ඉන්නෙ..ලමයෙක් ලමයෙක්
මගුලයි...මේ ලමය මන් කරපු එක දැක්කද දන්නෑ....අනේ ප්ලීස් දැකල තියෙන්නනම් එපා...උබ ඉවරයි ආක්ශි
මන් වගේ දෙකක් උසට ඉන්න සද්දන්තය ගාවට ගියා...මේකාගෙ මූන හරූගෙ වගේමයි
" ප්රින්සිපල් සර්ගෙ ඔෆිස් එක කොහෙද තියෙන්නෙ......පුතේ "
හිහිහිහිහිහි...
ඇයි යකෝ හිනාවෙන්නෙ
" පුතේ...???? මන් හිතුවෙ ඉස්කොලෙට ආපු ලමයෙක් කියල.."
ආයෙත් හිකිහිකිය
" නෑ පුතේ මන් මේ ඉස්කොඉලෙට ආපු අලුත් ඉන්ග්රීසි ටීච "
මෑන් කන්ෆියුස්...
" මොකක්..ආ සොරි ටීචර්..ඔය පඩිපෙලෙන් නැගල ගිහිල්ල් වමට හැරුනම ලොකුවට ගහල තියෙ බෝඩ් එක ඔෆිස් එකෙ "
" හරි පුතේ තැන්ක්යූ "
මන් එහෙම කියල යන්න හදද්දිම
" ටීචර්..."
"ඕ..."
" දොරවල් අරින මන්තරේ මතකද..
ඇල්හමෝරා......"
හත්දෙයියනේ...මොන විලි ලැජ්ජාවක්ද මේ...ඒ කියන්නෙ මේ ලමය ඒක දැකල...
" අ..මෙ...මෙ..මතකයි...මන් යන්නම් එහෙනම් " කියල දුවගෙන ගියා මන්
එදා ඔෆිස් එකෙ පේපර් වර්ක් ටිකත් කරල ස්ටාෆ් රූම් එකටත් ගිහින් ගුරුවරුන්ව අදුරගෙන කතා බහ කරලදවල් වෙද්දි මන් ගෙදර යන්න ආවා
බුදාම්මේ...තඩි පඩිපෙලක්
මන් පඩිපෙල් බහින්න බයයි...මොකද පඩිපෙල් මට ලව්...මන් පඩිපෙලවල් වලට ලව් නෑ...ඒත් පඩිපෙල් වල මට තියෙන අසීමාන්තික ආදරය හමුවේ මන් අසරනයි
කමක් නෑ ආක්ශි...කවූරුත් පේන්න නෑ...හෙමීට බහිමු..
පඩියෙන් පඩිය හෙමීට අඩිය තිය තියා යන්තන් බාගයක් බැහැගත්තා..
ඒත් එක්කම නහය ලගින් ගියේ සමනලයෙක්
සත්ය බොහොම කටුකයි..සත්ය බොහොම කටුකයි...
නමුත් ඒ කටුක සත්ය අපට භාරගන්නම වෙනවා...
මන් මේ ලෝකෙ බයම දේ
සමනලයා....
ඈඈඈඈඈඈ......පය පැටලුනි..ඇදන් වැටුනි
ආව් මගෙ ඔමෙගා එක..
ඔමෙගා එක කියන්නෙ අරකට අනේ...අර අරකට..දන්නැත්තන් ගු.ගු.ලේ. සර්ච් කරල බලම්න omega symbol කියල...එතකොට සීන්කෝන් එක මීටර් වෙයි
හිකිහිකිහිකි...
කවුද යකෝ හිනාවෙන්නෙ..ඇස් දෙක ඇරල බැලුව විතරයි අර ලස්සන කොලු පැටියා
" අනේ ටීච...නැගිටින්න නැගිටින්න..."
හත්තිලව්වයි...මන් වැටුනා නේද..අනේ වැටුනා අප්පා...ඔන්න මට ඇඩෙනවා...
හිනා මෑන් මන් දිහා කන්න වගේ බලන්
" අනේ ඇයි ටීච අඩන්නෙ "
" මන් වැටුනනේ... " සුරුස් ගාලා හොටු ටික උඩට අදින ගමන් මන් කිව්වා ..තව හයියෙන් ඇඩෙනව
" අයියෝ ටීච කවුරුත් වැටුනෙ නෑ..වැටුනෙ නෑ අනේ...පැන්නා පැන්නා..."
ඒ කියන්නෙ වැටිල නෑ..
" එහෙනම් කමක් නෑ..."
කදුලු ටිකත් පිහදාගෙන බිම තිබ්බ බෑග් එකත් අහුලන් මන් බස් එකට ගියා
පලවෙනි දවසෙම ගම කාගත්ත ගොනී...අනේ ප්ලීස් දෙවියනේ ඒ ලමයවනම් මට ආයෙ හම්බෙන්න එපා මූනට
ඊලග දවසෙ උදේ මන් මගෙ ක්ලාස් රූම් එකට යද්දි පොඩ්ඩක් පරක්කු වෙලා...පන්තිය හොයාගන්න බැරි වුනා සාන්ත
මන් ඇතුලට එද්දිම හැමෝම ඔලුව උස්සල මන් දිහා බැලුව..එච්චරයි...ආයෙ උන් උන්ගෙ වැඩ
යකොව්..මම තොපේ ටීචර්...මට අවදානෙ දීපියව්...
ඊයෙ රෑ කද්දි මගෙ චිකන් කෑල්ලක් අයියට දන් දුන්න පිනෙන් ද කොහෙද එකපාරට ප්රින්සිපල් සර් කඩාපාත් වුනා..
යසට නැගිට්ටේ දරු කැල...
ප්රින්සිපල් සර් මාව ටීච කියල අදුන්නල දෙද්දි ලමයින්ගෙ කටවල් ඇරිලා...තියෙන ලොකුම හීල් එක දාන් ඇවිල්ලත් මේ පන්තියෙ පොඩිම ලමයටත් වඩා අගල් දෙක තුනක් කොටයි මන්...
හිටපන්කො ඊලග දවසෙ රබර් ඔමෙගා එකක් දාගෙන එනවා පද්ද පද්ද...
ආ හිරට කොටට යටට
ඇදල යන්නෙ කොහෙද
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස...
එතකොට හරි පොඩි ලමයෙක් නෙමෙයි වගේ පේයිනෙ
මන් නාමලේඛනේ මාක් කරන්න අතට ගද්දිම පන්තිය ආයෙ නිශ්ශබ්ද වුනා
ෆයිනලී..ෆයිනලී...මට අවදානෙ හම්බුනා...තෑන්ක්ස් දේව්
තුන් සිංහලේම ගැම්ම අරන් බැලුව ලමයි දිහා...මුන් මගෙ දිහා නෙමෙයි බලන් ඉන්නෙ දොර දිහා...එතකොට මට නෙමෙද අවධානෙ හම්බුනෙ...
මාත් ශේප් එකෙ දොර දිහා බැලුවා...
මෙන්න යකූ ඊයෙ හම්බුන ලස්සන කොලු පැටියා...කෙල්ලො ටික පැනි පෙරන් බලන් ඉන්නෙ
නෑ නෑ...ඉවරයි..උබ ඉවරයි ආක්ශි...එතකොට ඒ ලමය මගෙ පන්තියෙද...
ඊයෙ අයියට චිකන් කෑල්ලක් පරිත්යාග කලාට උගෙ පපඩමක් හොරෙන් ඉස්සුවනේ....ඒකට ප්රතිවිපාක තමයි මේ
--------------------------------------------------------------------
ඔන්න ඔහොම තමා මගේ අපාය සහයක මල්ලි බබා වන සෝජුවා හම්බුනේ...
Eclipse ලා මාස දෙකයි දවස් 8 යි පැය 17 කින් ලයිව් ඇවිල්ල තිබ්බෙ නෑ 5 දෙනාම ඉන්න එකක්...ඉතින් මන් යෝජනා කලා ලයිව් එකක් ගන්න කියල...
කැමරා ටීම් එකටත් කෝල් කරල එයාල එන්නම් කිව්වම මන් එයාලට සමුදීල ගෙදර ආවා
ෆෝන් එකෙන් බලන තරම් ආතල් එකක් නෑ අනී...
ආයෙත් පොඩි වොශ් එකක් දාගෙනම ලැප් එකත් අරන් කෝපි එකක් හදන් මන් ආවෙ ඇදට
රැන්ඩම් ලයිව් එකක් වුනත් මිලියන 197 ක් ඉන්නවා
ලයිව් එකේ සිද්දවුන ස්පෙශල් සිදුවීම් ලිස්ට් කලොත් මෙහෙමයි
eclipse ලට එයාලගෙ පලවෙනි ෆෑන්ව..ඒ කියන්නෙ මේ
සද්ද විද්ද පලග පතිර රාජපක්ශ අබ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු රාමනායක වන..
ශිට් මොකක්ද ඒ කිව්වෙ යකූ
සොරි මෙන්න ආයෙම නැවතත්
1.Eclipse ලාට එයාලගෙ පලවෙනි ෆෑන්ව..ඒ කියන්නෙ අපෙ අම්මිගෙයි තාත්තිගෙයි සූටි දුව වෙච්ච මාව හම්බුනා යෑ නිවේදනය කිරීම
ඒක එයාලට පොඩ්ඩක් ඉමෝශනල් moment එකක් වුනා...මට හිතුනෙම දුවල ගිහිල්ලා ආයෙත් සැරයක් එයාලව බදාගන්නමයි
2.ලයිව් එක පටන් අරන් විනාඩි 20 ක් ඇතුලතදී අතුරුදහන් වූ lee කුමරුන් ඊට විනාඩි 3 කට පසු අසල ඇති කබඩ් එකක දොර ඇරන් මතුවීම සහ බැලන්ස් නැතුව භූමි මාතාව සිප ගැනීම
ඉතාමත් සතුටුදායක ලෙස චේසර්ස්ලා වන අපට අලුත් මීම් එකක් ලැබුන බව ඉතාමත් සතුටින් ප්රකාශ කරන්නෙමු
3.god of destruction වුන Kai උතුමානන් සෝහුගේ අලුත්ම නිවසේ ටීවි එක ලග තබා ඇති ඇමරිකානු ඩොලර් 1700 ක් වටිනා ...එනම් ශ්රී ලංකා රුපියල් ලක්ශ 6 ක් පමන වටිනා මල් වාස් එක බිද දැමීම සහ තුන්පාරක් කැමරා ස්ටෑන්ඩ් එක පෙරලීම
4.jinwoo විසින් බෝතලයක මූඩිය කැඩීම සදහා ඔහුගේ අලුත්ම ෆෝන් එක වන iphone 17 pro max එක යොදා ගැනීම සහ බෝතලය apple ipad 13 එක මත බෝතලය තැබීම
5.අයියලා 4 දෙනා එයාලගෙ වර්ල්ඩ් ටුවර් එක ගැන කතා කරනා බොහෝම සීරියස් අවස්තාවක සෝහු ජින්වූට කුචි කැවීම නිසා කුපිත වූ ජින්වූ විසින් සෝහුව සෝෆා එකෙන් බිමට තල්ලු කිරීම සහ එතනින් පසු විනාඩි 12 ක් යනතූරු ගුටිකෙලියක් පවත්වාගෙන යාම
6.මේ සියල්ල සිදුවන පැය 1 යි විනාඩි 17 යි තත්පර 51 තුලදී cyan ගහක් ගලක් මෙන් නොසැලී කැමරාව දෙස බලා සිටීම
අද වෙච්ච හැමදේම හීනයක් වගේ....අනේ මේක හීනයක්නම්...කවදාවත් මාව ඇහැරෙන්න එපා...
Eclipse ලගෙ මගේ ෆේවරිට්ම සින්දුව වෙන life goes on දාගෙන හෙඩ්ෆෝන් දෙකත් ගහගෙන ඇස් දෙක පියාගත්තා මම
https://vt.tiktok.com/ZS4wQBpkk/