ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-11-4
- එකොලොස්වෙනි කොටස-
" න්නැහ්..මම ටීචර් කෙනෙක්...සෝජුන්ට වඩා අවුරුදු 6 ක් වැඩිමල්..මේ අවුරුද්දට 23 ක් වෙනව.."
" මොකාක්....අඩෝ සෝහුවා මේ ලමය උබේ වයසෙලු හහ් "
හරූත් බය වෙලා වගේ බලන් ඉන්නෙ...අඩි පහයි අගල් බින්දුවක් කියන්නෙත් උසක් තමා...හරූට වඩා සෙන්ටිමීටර් 45ක් මිටියි මන්....ඒ කියන්නෙ කොට අඩිරූලකින් 3ක්....හත්දෙයියනේ....කොට නිසානෙ මේ සේරම
" ඔයාලා ඉන්න එහෙනම් මන් යන්නම්..."
එහෙම කියල මන් දුවන්න හැදුවෙ...කොහෙද ආයෙත් සෝජුවා මගෙ බෙල්ලෙන් අල්ලන්....
" ඉන්න ඉන්න ආක්ශි..ඔයාල කර කර හිටපු වැඩේ කරන්න...ඔයාලා උදේට කාලද ඉන්නෙ..අපි මේ කෑම ගෙනාවා පුදුම බඩගින්නකින් ඉන්නෙ..අපි කාලම කතා කරමු "
එහෙම කියල එයාලා කනවා...යකූ පැයකට කලින් කෑම කන්දක් ගිලපු සෝජුවයි හරූයිත් ආයෙ කනවා..බඩවල් ද මෙව්වා....
කකුල් දෙකත් උඩට අරන් මූන කකුල් දෙකේ ඔබන් මන් එයාලා දිහා බලන් හිටියා....කියව කියව කනවා....වෙලාවකට රන්ඩු වෙනවා...වෙලාවකට එක එක්කෙනාට කෑම බෙදනවා....ඒ 5 දෙනාගෙ පුදුම බැදීමක් තියෙන්නෙ...එයාලා මෙච්චර දුර එන්න හේතුව එයාල අතර තියන ඒ බැදීම...
මම මෙතන තනියම නිසා කන ගමන් මගෙ පැත්තටත් ඔලුව දාලා මටත් මොනා හරි කියන්න එයාලා අමතක කරන්නෙ නෑ...මට තනියි කියල දැනෙයි කියල වගේ....
කොහොමද අප්පා ඔයාල ඔච්චර හොද මිනිස්සු වුනේ...
මට මතක් වුනේ එයාලගෙ අතීතෙ....
එයලා eclipse කියල debut වුනේ අවුරුදු 5 කට කලින්...bee entertainment එක යටතේ...bee එක කියන්නෙ බංකොලොත් වෙච්ච සල්ලි නැති කම්පැනියක්...bee එක කිව්වම අපෝ bee එකෙන්ද අහල කොන් කරනව....
මේ 5 දෙනා ගැන කිව්වොත් අපේ ලීඩර් kai..ඒ කාලෙ ඉදන්ම ටිකක් ප්‍රසිද්ද රැපර් කෙනෙක්...eclipse කියල බෑන්ඩ් එකක් පටන් ගන්න හේතුව kai...සෝලෝ ආටිස්ට් කෙනෙක් හැටියට ගමනක් යන්න තරම් එයා ප්‍රසිද්දයි..දවසක් bee එකෙන් අහනව ඔයාට solo ද ඕනි eclipse ද කියල....Eclipse ලගෙ අනාගතේ කිසිම පැහැදිලිකමක් තිබ්බෙ නෑ....අඩුම එයාලා කොරියාව ඇතුලෙවත් ජනප්‍රිය වුනේ නෑ ඒ කාලෙ...ඒත් kai කිසිම පැකිලීමක් නැතුව කියනව eclipse කියල....bee එකේ ප්‍රධානියා ආයෙත් අහනව kai ගෙන් හොදට හිතල තීරනේ කරන්න කියල...ඒත් එයා තෝරගන්නෙ eclipse ..... එදා kai ගෙන් ඒ වචනෙ පනිනවත් එක්කම එච්චර වෙලා බය වෙල බලන් ඉදපු ඉතුරු 4 දෙනා kai ව බදාගෙන උඩ පැන්නා මට මතකයි...
Cyan..producer කෙනෙක් වෙන්න හිතන් ආවත් එයාගෙ දක්ශතාවෙ එක්ක එයාව eclipse ලට තෝරගන්නව
Jinwoo..මේක තමයි හොදම එක...jinwoo කියන්නෙ හීනෙකින්වත් සිංගර් කෙනෙක් වෙන්න හිතපු කෙනෙක් නෙමෙයි...එයාගෙ යාලුවෙක් bee එකේ ඔඩිශන් එද්දි උගෙ බල කිරිල්ලට ඒ යාලුවගෙ තනියට ඇවිල්ල තියෙන්නෙ...මෙයාගෙ පෙනුම දැකල එතන ඉන්න ස්ටාෆ් එකෙ අය බල කරල jinwoo ට ඔඩිශන් එකට ඉදල බලන්න කියල...jinwoo ඔඩිශන් එකෙන් පාස් වෙලා අර යාලුව ෆේල් වෙලා....දෛවය කියන්නෙ මහ අමුතු දෙයක්
Lee ත් ඩාන්සර් කෙනෙක් වෙන්න හිතන් ඔඩිශන් එකට ආවට අන්තිමට නැවතුනේ සිංගර් කෙනෙක් වෙලා
ඊලගට හරූ...මන් කලින් කිව්වා වගේ හරූ ගොඩක් දක්ශ කෙනෙක්...ඒ හින්දා එයාව කම්පැනි 13 කින් තෝරගන්නව..ඒ කාලෙ ප්‍රසිද්ධ bee එකට වඩා දහස් ගුනේකින් සාර්තක කම්පැනි වලින් හරූව ඉල්ලලත් හරූ තෝරගන්නෙ බංකොලොත් වෙච්ච,අනාගතේ ශුවර් නැති bee එක...
ඒකට හේතුව එයාට kai ගෙන් ලැබුන inspiration එක කියලයි කියන්නෙ
ඒත් අපිනම් ගන්නෙ වෙනම ආතල් එකක්...මේක චේසර්ස්ල අතර ප්‍රසිද්ද රහසක්
හරූ මුලින්ම bee එකට ආපු දවසෙ එයා kai ව තමා මුලින්ම දැක්කෙ...එතකොට එයා underwear එක පිටින් ඉදල තියෙන්නෙ..kai ගෙ මසල්ස් පිරුනු thighs දැකලා ඒකට ආස වෙලා තමයි හරූ අච්චර ලොකු කම්පැනි වලින් එයාව ඉල්ලද්දි bee එකට එන්න තීරනේ කලේ කියල
Debut වෙච්ච මුල් කාලෙ ෆෑන්ස්ලා නෑ මෙයාලට...කොටින්ම කිව්වොත් මන් තමයි එයාලගෙ පලවෙනි ෆෑන්...එයාලා ඒක දැනගන්න එකකුත් නෑ මන් කියන්න යන්නෙත් නෑ...
පලවෙනි සින්දුවට වීව්ස් 300 ක් ආපු එකට උඩ පැන පැන සතුටු වෙච්ච..අවෝඩ් ශෝ වලදි ඒ කාලෙ හිටපු ප්‍රසිද්ද kpop idol ලා කොන් කරපු...එයාල එනකොට කැමරාමන් ලා කැමරාව පාත් කරපු...පලවෙනි කොන්සට් එකට පාරක් පාරක් ගානෙ ගිහින් කොල බෙදපු....පලවෙනි ෆෑන් මීටින් එකට ෆෑන්ස්ලා 15 ක් ආපු එකට බදාගෙන අඩපු....ඒ කොල්ලො 5 දෙනා අද ඉන්න තැන...
මුලු ලෝකයක්ම දන්නෙ නැති බාශාවකින් සින්ග් කරවනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙමෙයි....එයාලගෙ ගොඩක් සින්දු දැන් එන්නෙ කොරියන් මික්ස් ඉන්ග්ලිශ් වුනාට පරන සින්දු සේරම තනිකර කොරියන්...
ඒත් ඔයාලා ලංකාවෙ පේදුරුතුඩුවට ගිහිල්ල එතන ඉන්න කෙනෙක්ට ඒ සින්දුවක් කියන්න කිව්ව්ත් මොන්ගෝලියාවට ගිහින් සින්දුවක් කියන්න කිව්වත් බිලියන ගානක් කොරියන් ලිරික්ස් වචනයක් නෑර සින්ග් කරන්න දන්නව...
මයිකල් ජැක්සන්ගෙන් පස්සෙ ලෝකෙ පෙරලියක් කරපු එකම ආටිස්ට් eclipse තමයි
මේක එයාලා ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි...දවසෙන් දෙකෙන් ප්‍රසිද්ද වෙච්ච අයත් නෙමෙයි...එයාල හිටියෙ එක චූටි ගෙදරක...එක කාමරයයි ඒකෙ ඇදවල් 5 යි...ඒ ගෙදරමයි ප්‍රැක්ටිස් කලෙත්...අඩුම කෑම කන්නවත් සල්ලි නෑ...රාමෙන් ව්තරයි කන්නෙ...මියුසික් වීඩියෝ එකට කාර් එකක් රෙන්ට් කරන්නවත් තත්වයක් තිබ්බෙ නෑ එයාලට...කම්පැනි එකේ වැඩ කරන කෙනෙක්ගෙ කාර් එකක් අරන් තමයි පලවෙනි මියුසික් වීඩියො එක කලේ...
ඒ මේ 5 දෙනාම නොවුනනම් කවදාවත් ඔය තැනට එන එකක් නෑ එයාලා...5 boys with a dream....එහෙමයි එයාලට කිව්වෙ...ප්‍රතික්ශේප වීම් අපහාස බැනුම් මැද්දෙන් එයාල ඒ ආපු ගමන...කොටින්ම මුල් කාලෙ eclipse ලගෙ ෆෑන්ස්ල වුනාටත් මරන තර්ජන ආවා මිනිස්සුන්ගෙන්...
ඒත් එයාලගෙ එක සින්දුවකින්...blood sweat and tears.... මුලු kpop industry එකම ඉවර කරන්න එයාලට පුලුවන් වුනා...එච්චර කල් kpop වල ප්‍රසිද්ද වෙලා හිටපු ගෲප්ස් අද වෙද්දි හොයාගන්නවත් නෑ....
අද වෙද්දි ලෝකෙ හැම කෙලවරකම එයාලගෙ සින්දු ඇහෙනවා...
බිලියන ගානක් එයාලට ආදරේ කරනවා...
මොකක්ද ඉතින් මෙයාලගෙ තියෙන විශේශත්වය ? ඔච්චර පිස්සු වැටෙන්න තරම් ? 99 % ක්ම චේසර්ස්ලාගෙ උදාන වාක්‍ය ...I survived because of you...එහෙම කොහොමද වෙන්නෙ ? ඔයාලව ජීව්තේට දැකලවත් නැති අඩුම ඔයා කියල කෙනෙක් ඉන්නවද කියලවත් දන්නැති කොල්ලො 5 දෙනෙක් නිසා ඔයාලා කොහොමද survive වුනා කියන්නෙ ?
මේ හැම ප්‍රශ්නෙකටම දෙන්න තියෙන්නෙ එක උත්තරයයි
" ඔයා chaser කෙනෙක් නොවෙන තාක් ඒක පිටු ගනන් පොත් ලියල පැහැදිලි කරත් තේරෙන්නෙ නැහැ "
අන්තිමේදි උබට එයාලව හම්බුනා ආක්ශි...උබ මාර වාසනාවන්තයි යකෝ..අනේ මට hug එකක් දෙන්න පුලුවන් වුනානම් ඔයාලට...
මගෙ ඇස් දෙකට ආපහු සැරයක් කදුලු ඉනුවෙ ඉබේටමයි
ඒත් එක්කම දෙයක් මතක් වෙලා සෝජුවවත් ඇදගෙන මන් ආවෙ අපේ ගෙදරට
" මොකද අක්කා කන්නවත් දෙන්නැනෙ..මාර බඩගින්නෙ හිටියෙ "
" යකෝ කෑම ලන්දක් ගිලල පැයක් ගියෙ නෑ උබනම් මනුස්සයෙක් වෙන්න බෑ සෝජු "
" යැයි යැයි තමා.දැන් මොකටද ආවෙ "
" මෙන්න මේක උස්සන් යන්න " එහෙම කියල මන් මගෙ කාමරේ දොර ඇරියා
සෝජුවගෙ කට කනේ
" දෙයියනේ අක්කා තමුසෙටනම් තනිකර පිස්සු ඈ "
මේ යකා මේ බය වෙලා තියෙන්නෙ එදා හරූ මට සයින් කරල දුන්න ෆොටෝ එක මන් ලොකු කරල ෆ්‍රේම් කරල බිත්තියෙ එල්ලල තියෙන එකට..
එච්චර ලොකු නෑ අනේ...මට තනියම උස්සන් යන්න බැරි තරම් විතරයි ලොකු
මේ සෝජුවා ඕවර් ඇක්ටින් දගලානා..ඉව්ව්...
" කෙල බිදක් හලන්නෑ හොදේ...විශේශයෙන්ම හරූට..."
" අපෝ වැඩේමනෙ..මන් කියන්නෑ.."
පර්මනන්ට් මාකර් එකකුත් එක්ක ෆ්‍රේම් එක ගලෝලා ෆොටෝ එක උස්සන් ආවා මායි සෝජුවයි එකතු වෙලා..ෆ්‍රේම් එක ගලෝපු නිසා එච්චර බරක් නෑ..
ආ අරගොල්ලො කාලා ඉවරයි කෑම මේසෙ අස් කරල...කෑම මේසෙ උඩටම පතබෑවා ෆොටෝ එක...
" දෙයියනේ "
එකපාර කටහඩවල් 5 ක්...ආව්වා මගෙ කනත් කීං ගෑවා...
හී හී...දත් සෙට් එකම එලියට දාලා මන් අහිංසක හිනාවක් දැම්මා
" මට මේක සයින් කරල දෙන්න පුලුවන්ද "
" අඩෝ මාව වෙව්ලනව වගේනෙ බන් මෙච්චර ලොකු එකකට සයින් කරනවමද කොහෙද "
හරූගෙ සයින් එකනම් තියෙනෙ...අනිත් 4 දෙනත් සයින් කලා
" අම්මෝ...දැන්නම් නිදහසේ මැරිල ගියත් කමක් නෑ "
ඔක්කොම එක්ක රවනව ඒ පාර...මල විකාර..
සෝජුවටත් බටර් පාරක් දාලා ආයෙත් ඒක කාමරෙන් එල්ලලමයි මන් ආවෙ..
ඇවිල්ල හරූගෙ අලුත්ම සෝෆා එකෙන් වාඩි වුනා විතරයි නොටිෆිකේශන් ගොඩක්
" දෙයියනේ leee .....peoples choice awards වලින් the best dancer in the world එකෙන් ඔයා දිනල තියෙන්නේ....වෝට්ස් එක් බිලියන අනූ අට ලක්ශ හැත්තැ නමදාස් හාරසිය පනස් පහකින්
අම්මෝ මන් අවුරුද්දක් තිස්සෙ අක්වුන්ට් 23 කින් වෝට් කලා පැයෙන් පැය...නිදාගන්න පැය ටික ඇරුනම....හරියටම කිව්වොත් මන් මේ පැයකට කලින් වෝට් ඉවර වෙන අන්තිම මිනිත්තුවෙදි දුන්නෙ මගේ එක්ලක්ශ හැත්තැපන්දාස් දෙසීයවෙනි වෝට් එක "
ගැම්මට කියාගෙන ඩාන්ස් පාරක් දාන් අනිත් පැත්ත හැරෙද්දි
සලාං............
ලීගෙ අතේ තිබ්බ වීදුරුව දඩබඩෝං වෙලා....
" මොකක් "
" අකවුන්ට් 23 කින් "
ඒ පාර කටහඩවල් 6 ක් එකපාර...සෝජුවත් බය වෙලා...දෙවෙනි පාරටත් මගෙ කන කීං ගෑවා...
" ඇ..ඇයි මොකද "
ලී මගෙ ගාවට ඇවිල්ල මගෙ ෆෝන් එක අරන්
" එක් බිලියන ..ඈ.......78 % ක් වෝට් මට...යකෝ මම කවද්ද මෙච්චර ෆේමස් වුනේ ...වෙස්ටර්න්කාරයන්ටත් වඩා.."
ලෝකෙ තුන්වෙනියට වැඩිම ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්න මනුස්සයනෙ අප්පා මෙහෙම කියන්නෙ...මන් රැව්වා ඉතින්...
මන් ආයෙම ඉදගත්තා...හරූ මගේ එහා පැත්තෙන් ඇවිල්ල වාඩි වුනා...සෝජුවා අනිත් පැත්තෙන්...බය වෙච්ච පාර මන් ටිකක් එහාට වුනා හරූගෙන්...දැන් මන් ඉන්නෙ සෝජුවගෙ ඇගේ වගේ...
" එහාට පලයන්කො අක්කා...කාලා කාලා බඩ ෆුල් වෙලා ඉන්නෙ...ඇගේ නගින්න එපා ඕයි "
" මට අයින දීලා උබ මැද්දට වරෙන්කො සෝජුවෝ "
" බෑහ්...."
තොට හෙනගහනව තිරිසනා මට මේ දෙන ගින්දරට...මෙසපොතේමියානු උද්දච්ච කුක්කුච්ච වන කැස්බෑවා...
" ඉතින් ආක්ශී...ඔයා කවද ඉදන්ද අපේ ෆෑන් කෙනෙක් වුනේ "
ඉවරයි...දැන් මොකක්ද කියන්නෙ...
" මම මේ..."
ඒත් එක්කම මෙච්චර වෙලා ආපු වෙලාවෙ ඉදන් මෙතන වචනයක් කතා නොකර ඉදපු cyan
" ඒ ඔයා නේද...ඔව් ඔයා තමයි "
මමො..මොකක්ද...
" අපේ debut concert එක දවසෙ...කවුරුත් අපිට අවදානෙ දුන්නෙත් නෑ ගනන් ගත්තෙත් නෑ...ඒත් එකපාරට පොඩි කෙල්ලෙක් නැගිටලා අත්පුඩි ගගහ අපිට චියර් කලා...සුදු පාට කැප් එකයි... කලු සුදු කොටු කොටු ශර්ට් එකයි...ඒ ඔයා නේද "
දෙයියනේ ඔයාට මාව මතකද...ඇස් වලට උනපු කදුලු එක්කම මන් ඔලුව ඉහල පහල කලා....
" ඇයි ලමයෝ මෙච්චර කල් හැංගිලා හිටියෙ...කෝච් ඩේමියන්ගෙ නංගි වෙලත්..."
" එතකොට මේ ඉන්නෙ අපේ පලවෙනිම ෆෑන් ද..."
" එදා අපි ඔයාව කොච්චර හෙව්වද..."
" මම එදා සින්ග් කලේ ඔයා දිහා බලාගෙන"
" ඔයා හිටියෙ නැත්තන් අපි එතන වැඩේ නාගන්නවා..."
" දෙයියනේ ආක්ශි ඔයා දන්නෙ නෑ ඔයාව අපිට කොච්චර වටිනවද කියල "
එයාලා හැමෝම එහෙම කියද්දි මට තව හයියෙන් ඇඩුනා..හරූ ඇරුනම ඉතුරු හතර දෙනාම ඇවිල්ලා මාව බදාගත්තා...
" අනේ ඉතින් අඩන්න එපා.අපේ පලවෙනිම චේසර් වුනාම ගැම්මට ඉන්න ඕනි..ඔහොම හොටු පෙරන් අඩල හරියන්නෙ නෑ..." jinwoo මගෙ කදුලුත් පිහදාලා එහෙම කියද්දි මට හිනා ගියා
" මුල්ම කාලෙ මට ෆෑන් ලෙටර්ස් අඩුවෙන් හම්බ වුනේ...ඒත් හැමදාම නොවරදින ලියුම් 30 ක් විතර තිබ්බා...ඒ හැම එකම එකම අත් අකුරු එක වගේ වුනත් මන් ඒක එච්චර හිතුවෙ නෑ...ඒ හැම එකකම අතාරින්න එපා ..මට පුලුවන්... මම දක්ශයි...ඔයා මට ගොඩක් ආදරෙයි...එහෙම ලියල තිබුනා...හැමදාම මන් දවස පටන් ගන්නෙ ඒ ලෙටර් එකක් කියවල...මම දවසක් ස්ටාෆ් එකෙන් ඇහුවම එයාලා කිව්වෙ කොන්ඩෙ දනහිසට දිග චූටි ලමයෙක් තමයි මට හැම වෙලේම ලෙටර්ස් දෙන්නෙ කියල..ඒ ඔයා නේද ආක්ශි...මට කියන්න ඒ ඔයා නේද...මමනෙ ඔයාගෙ bias...."
මගෙ උරහිසෙන් අල්ලන් මාව හොලව හොලව එහෙම අහන්නෙ lee
ඒ ඇස් වලින් කදුලු බේරෙනවා...මම අමාරුවෙන් ඔලුව හෙලෙව්වා...
" තැන්ක්යූ ආක්ශි...ගොඩක් තැන්ක්යූ...මන් වෙනුවෙන් එක ෆෑන් කෙනෙක් හරි බලන් ඉන්නවනේ කියල හිතලා මහ රෑ ඇහැරගෙන තනියම ප්‍රැක්ටිස් කලේ මම ඒ දවස් වල...මම කොච්චර ඔයාව හොයන්න ඇතිද ආක්ශි...ඇයි අපි ගාවට එන්න මෙච්චර පරක්කු වුනේ "
මාව තවත් තදින් වැලදගන්න ගමන් lee එහෙම කියද්දි මට තවත් හයියෙන් ඇඩුනා
" අද ඉදන් ඔයා තමයි අපේ චූටි නංගි...අපේ පවුලෙ කෙනෙක්..අපි ඉස්සරහ බය වෙන එක සප්‍රයිස් වෙන එක කොහොම හරි නතර කරගන්න හොදේ...තාමත් මේ කෙල්ල ඉන්නෙ හීනයක් දකිනව කියල හිතන්ද කොහෙදෝ "
" ඇත්තටම ඇයි බන් අපි මෙච්චර ජනප්‍රිය...වෙලාවකට මට ඒකත් ප්‍රශ්නයක් "
" ඉදපන්කො ඩේමියන් අයියව අල්ලගන්න...මූ යකෝ මෙච්චර එකට ඉදලත් අපිට කිව්වෙ නෑනෙ අපේ පලවෙනිම ෆෑන් ඌ ගාව ඉන්නෙ කියල..අනික ආක්ශි ඇයි කෝච්ගෙ නංගි වෙලත් ඔයා අඩුම අපිව හම්බෙන්නවත් ආවෙ නැත්තෙ..."
" අනේ ඉතින්...අයියගෙ කනෙක්ශන් වලින් වාසි ගන්න මම කැමති නෑ එහෙම...එතකොට චේසර් කෙනෙක් කියන ෆීලිං එක හරියට එන්නෑ "
" ඇත්තටම ආක්ශි ඇයි ඔයා අපිට ඔච්චර කැමති "
" ම්ම්ම්ම් ඒක මෙහෙමයි...පලවෙනි එක...ඔයාලගෙ මියුසික්...ඒව අහද්දි මට හිතෙනව මම ජීවත් වෙන්න තරම් worthy කියල....මොන ප්‍රශ්නෙක හිටියත් ඔයාලගෙ සින්දුවක් ඇහුවම හිත නිවෙනවා...අනිත් එක I love what's wrong with you ..."
මන් එහෙම් කිව්වම ඒකට cyan ටත් හිනා ගියා...දෙවියනේ එයාගෙ හිනාවක් අවුරුද්දකට 10 පාරක් වත් දකින්න හම්බෙන්නෑ...ආක්ශියෝ උබ cyan ව හිනා ගැස්සුවා...ගැම්මක් තමයි
හවස් වෙනකන්ම අපි ඕපදූප කියව කියව ගේම් ගැහුවා...එයාලා මගේ පවුලෙ අය වගේ හිතල සාමාන්‍ය විදිහට මට ඉන්න කියපු නිසා මන් පුලුවන් තරම් උත්සාහ කලා මගෙ ඉස්සරහ මේ ඉන්නෙ ලෝකෙ ඉන්න ජනප්‍රියම මිනිස්සු ටික කියල අමතක කරන්න
ගේම් එකෙන් ලොස්ට් වෙලා ආයෙත් සෝෆා එකට ගිහින් ඉදගත්තම මන් දැක්කෙ මටත් රව රව eclipse ලටත් රව රව ඉන්න සෝජුන්ව
අම්මෝ..කොල්ලට ජෙලස් හිතිලද මන්දා
" සෝජුවෝ....."
"මොකද....වද නොදී යනව...මහලොකු ඔප්පලා ටික ඉන්නෙ"
" මටනම් ඉතින් මොන ඔප්පටත් වඩා මගේ මල්ලිව තමා ලොකු....ඔයාට තමා වැඩියෙන්ම ආදරේ මන් කවුරු ආවත් "
එහෙම කිව්වෙ මන් හදවතින්මයි...මේ ලෝකෙ කාටවත් මාව තේරුම් ගන්න බැරි අවස්තාවක් ආවොත් මාව තේරුම් ගන්න එක්කෙනෙක් ඉදියි....ඒ තමයි සෝජුන්...මට ඒකෙ සැකයක් නෑ....
කොල්ලගෙ මූනෙ මල් හතයි ඒක ඇහුනම..
අනේ ඉතින් මගේ හිනා මල...
තාම සෝජුවයි මායි හම්බෙලා මාස 6 ක් වත් නෑ..අපි දෙන්න දැනටමත් හැසිරෙන්නෙ පොඩි කාලෙ ඉදන් siblings ල වගේ...
ඒත් එක්කම මට මතක් වුනේ සෝජුන්ව හම්බුන පලවෙනි දවස
- stay tuned-