ECLIPSE

ECLIPSE












https://telegra.ph/ECLIPSE-08-09-12


- දහවෙනි කොටස -






අතින් කටින් මලු ගොඩක් උස්සගෙන කෑ ගගහ ආවෙ වෙන කවුරුත් නෙමෙයි




දෙයියනේ eclipse ලා





මන් මේ හීනයක් දකින්නෙ




" හන් සෝ ජුන් "





"ඈහ්....."




" මට පේන දේ උබටත් පේනවද පුතේ "



" ඔව් ඔව්...ඔය කට වහගනින් අක්කා මැස්සො යයි ...අනේ මන්ද මෙ ඌරො ටිකට මේ ලෝකෙ මිනිස්සු මෙච්චර කැමති ඇයි ? "




ඇඹරුවා පොඩි නසරානියගෙ වැලමිට




එයාල බය වෙලා වගේ බලන් ඉන්නෙ මන් දිහා...මාව රිලවෙක් වගේ පේනවද දන්නැ..




" අයියල ටික උබලත් කට වහගනියව් යකුනේ...කොන්ඩ දැකලා නෑ වගේ බලන් ඉන්නෙ ඇස් වහ වදී..."




ආහ්...මගෙ කොන්ඩෙ දිහානෙ බලනව ඇත්තෙ...




" දෙයියනේ එයාගෙ කොන්ඩෙ "




" ඒක ඇත්ත කොන්ඩයක්ද "




" එයා මෙහෙ කෙනෙක් නෙමෙයි වගේ "




" මන් ජීවිතේ දැකපු ලස්සනම බ්‍රව්න් ගර්ල් "




හරූත් හිටපු තැනින් නැගිටල ආවා..තාම එයාලා මන් දිහා බලන්



Eclipse ලා මන් දිහා බලනවා...හරූ දිහා බලනව....


හරූ මන් දිහා බලනවා...eclipse ලා දිහා බලනව...


සෝජුවා cyan අතේ තිබ්බ ලෙමනේඩ් එක අරගෙන බොනවා...cyan දකීද කියල හොරෙන් බලනවා...


එතකොට මම eclipse ල දිහා විතරයි බලන්නෙ.හරූව මන් හොදට දැක්කනේ...සෝජුවගෙ වදුරු මූනෙ මොනා බලන්නද...



හැමෝම දිහා එකපාර බලන එක නතර කරල එක එක්කෙනා දිහා වෙන වෙනම බැලුව මන්....



මුලින්ම kai...


Kim tak gu ...



eclipse ලගෙ ලීඩර්...මෙයා තමයි උසම කෙනා...ඒ වගේම මන් ලෝකෙ දැකපු ලස්සනම් ඩිම්පල් හිනාව..එයා නැත්තන් අද eclipse ල ඔතන නෑ...අනිත් 4 දෙනා කොච්චර දක්ශ වුනත් kai හිටියෙ නැත්තන් ඔය තැනට එයාලට එන්න බෑ...පිටට එයා පෙන්නන්නෙ ගොඩක් සීරියස් මනුස්සයෙක් හැටියට...ඒ එයාට තියෙන වගකීම් ගොඩ නිසා..ඒ වගෙම හල්ක් වගේ ලොකුම ලොකු ජිම් බොඩි එකක් තියෙයි...ඒත් ඇතුලෙන් එයා තාම පොඩි බබෙක්....සමහර වෙලාවට මෙයාගෙ බබා ගතිගුන මතුවෙනව...148 IQ තියෙන කෙනෙක්ක්...නොදන්න දෙයක් නෑ...බැරි දේවල් දෙකයි තියෙන්නෙ...පලවෙනි එක වාහනේ park කරන එක...දෙවෙනි එක උයන එක...




ඊලගට lee


Lee do yun ...




මගේ bias...bias කියන එකේ තේරුම ෆේවරිට්ම මෙම්බර් කියන එක...ඔයාල අහයි ඇයි හරූ නෙමෙයිද කියල...නෑ අනේ හරූ ගැන මට තියෙන්නෙ විශේශ වෙනස් හැගීමක්...මම chaser කෙනෙක් වෙච්ච දවසෙ ඉදන් අද වෙනකන්ම මගේ බයස් lee තමයි..group එකේ live human charger එක...හැම වෙලේම ඇක්ටිව්...මටවත් හිතාගන්න බෑ මනුස්සයෙක් කොහොමද හැමවෙලේම 100% battery mode එකේ ඉන්නෙ කියල...debut වුන මුල් කාලෙ කොරියන් ෆෑන්ස්ලා අතින් ignore වුනා lee ව...කොරියන් මිනිස්සු ඇත්තම කිව්වොත් ටිකක් අමුතුයි...සෙල්ෆිශ් කිව්වොත් හරි...ඒත් ලෝකෙම ප්‍රසිද්ද වෙන්න ගත්තට පස්සෙ lee ට පුදුම ආදරයක් හම්බුනේ...fashion icon of kpop ,dancing king of kpop සහ ace of kpop කියන නමින් lee ව හදුන්වනව...සෝහුට පස්සෙ හොදම solo era එක තියෙන්නෙ lee ට කිව්වොත් හරි..මන් ආසම lee ගෙ කටහඩට...එයා rapper කෙනෙක් වුනත් එයාගෙ vocals ගොඩක් ඉහලින් තියෙන්නෙ...මෙයාට තාම සමහර වෙලාවට එයාට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරේ විශ්වාස කරගන්න බෑ..එයා මේ ලෝකෙ ඉන්න ප්‍රසිද්දම අයගෙන් කෙනෙක් කියන එක සමහර වෙලාවට එයාට අමතක වෙනව වගේ පේනව...ඒ වගේම ගෘප් එකෙ ලස්සනම හිනාව තියෙන්නෙ lee ට..ඔව් ඔව් මේ ලගදි ආපු colgate toothpaste ඇඩ් එකේ ඉන්නෙ මෙයා තමයි...



ඊට පස්සෙ cyan


Lim hyun woo ....


ලෝකෙ වැඩියෙන්ම ප්‍රපෝස් වෙච්ච මනුස්සයා...ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලේට බෝම්බ ගහන ලයිව් එකක වුනත් cyan marry meeee කියන කමෙන්ට් බලාගන්න පුලුවන්...99 % ක් ඉන්නෙ energy saving mode එකේ...කොල්ලො 4 දෙනෙක් පිස්සු හැදිල වගේ දගලන තැනක ගහක් ගලක් වගේ හෙලවෙන්නෙ නැති කෙනෙක් ඉන්නව දැක්කොත් අන්න cyan තමයි ඒ...අපිනම් කියන්නෙ එයා ඒ ඊලග ආත්මෙදි ගලක් වෙලා ඉපදෙන්න කියල pray කරන ගමන් ඉන්නෙ කියල...ඒත් අර ඉතුරු 1 % ...අන්න ඒ mode එකට ආවම තනිකර පිස්සෙක්...cyan ටියුන් වුනාම අනිත් 4 දෙනාම පරාදයි...හැබැයි ලේසියෙන් ඒ mode එකට එන්නෙ නෑ...cyan ගෙ හිනාව gummy smile එකක්..ඒ හිනාව දකින එක කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනව වගේ අමාරු වැඩක්...cyan ජීවිතේ ගොඩක් ප්‍රශ්න වලට මූන දුන්න කෙනෙක්...ගෙදරින් මියුසික් කරනවට අකමැති වෙලා මියුසික් පොත් පුච්චලා ගිටාර් එක පොලවෙ ගහලා තියෙනව දවසක්..එදා මෙයා මියුසික් වලට තියෙන ආදරේට ගෙදරින් පැනල ඇවිල්ල තියෙයි...bee එකේ ඔඩිශන් එන්න කලින් පාට් ටයිම් ජොබ් 8 ක් දවසකට කරපු කෙනෙක්...එයාලා ජනප්‍රිය වෙන්න ගත්තට පස්සෙ තිබ්බ කොන්සට් එකකට cyan ගෙ දෙමව්පියො පලවෙනියටම ආපු දවසෙ men never cry කියපු කෙනා පලවෙනි වතාවට ඔලුව ස්ටේජ් එකේ බිම තියාගෙන ඇඩුවා...ඒ දවසනම් chasers ලට කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි..eclipse ලගෙ සින්දු වල ගොඩක් producer and lyricist ක්‍රෙඩිට් එක යන්නෙ cyan ට තමයි




ඊට පස්සෙ jinwoo


Park jin woo...


මම දැකල තියෙන ලස්සනම පිරිමියා..හැන්ඩ්සම් කියන වචනෙට වඩා ගැලපෙන්නෙ ලස්සන කියන එක..අර සුරංගනා කතා වල කුමාරයෙක් ඉන්නෙ...අන්න ඒ කුමාරයා jinwoo කිව්වොත් හරි..මෙයා තමයි වැඩිමල්ම කෙනා...ඒ වුනාට jinwoo ව හදුන්වන්නෙ fake maknae කියල..maknae කියන්නෙ බාලයට...අපේ හරූ බාලය වෙලත් හරූට වඩා අවුරුදු 5 ක් වැඩිමල් වෙලා ගෘප් එකේ වැඩිමලා වුනත් jinwoo ගෙ මෙන්ටලිටි එක හරූටත් හපන්..ගෲප් එකේ කොමඩි කින්ග් මෙයා තමයි..ඒන්ජල් කෙනෙක්ගෙ වගේ කටහඩ..ඒ වගේම ගෘප් එකෙ කොටම කෙනා...හරූගෙ වැඩේ මෙයාට කොටා කොටා කියන එක...කොටා ගෑවට jinwoo 5'11 ක් උසයි...හිතන්නකො අනිත් අය එතකොට...




ඊලගට හරූ ...


Han so hu ...



ගෲප් එකේ maknae..ඒ කියන්නෙ බාලම කෙනා..අවූරුදු 5 ක් තිස්සෙ පිට පිටම the most handsome man in the world අවෝඩ් එක හරූට හම්බුනේ...මට කෙලින් එයා දිහා බලන්න බැරි හේතුව හිතාගන්න පුලුවන්නේ ඉතින් ... ඕනිම ගෑනු හිතක් මෙල්ල කරන්න පුලුවන් hot and sexy ෆිගර් එකක් හරූට තියෙන්නෙ...ඒ වගේම ලෝකෙ වැඩියෙන්ම stream වෙච්ච artist...කොටින්ම කිව්වොත් ලෝකෙ ප්‍රසිද්දම මනුස්සයා...හැමදේටම දක්ශයි...බෑ කියල දෙයක් නෑ සින්දු කියන්න,නටන්න,චිත්‍ර අදින්න ,ක්‍රීඩා වලට එකී මෙකී නොකී හැම දේටම දක්ශයි...ගෘප් එකේ main vocalist හරූ තමයි...


කෙලින්ම කියනවනම් මේ 5 දෙනා පිස්සුවක්...බිලියන ගානක් ආදරේ කරන බිලියන ගානක් ඇත්තට දකින්න හීන දකින eclipse ලා...මගෙ ඉස්සරහ හිටන් ඉන්නවා මේ දැන්...



අම්මියි තාත්තියි නැති වුනාට පස්සෙ මන් ජීවත් වෙලා ඉන්න හේතු 3 න් 3 වෙනි හේතුව....Eclipse...


අනේ ඔයාල දන්නවනම් මන් ඔයාලට ආදරේ තරම්....


තාමත් මන් දිහා බය වෙලා බලන් ඉන්න එයාල දිහා බැලුවම මට ඉබේම ඇඩුනා..




" ඇයි එයා අඩන්නෙ..."



" she must be a chaser...."





Kai එහෙම කිව්වට පස්සෙ මන් බැලුවෙ lee දිහා..මාව හෙනට judge කරනව ද කොහෙද...lee තමයි judging king..එයාගෙ වැඩේම කාව හරි judge කරන එක..විශේශයෙන්ම හරූව...මෙන්න මෙයා මාවත් judge කරනවද ඒ කියන්නෙ...


අඩන ගමන් මට ඉබේම හිනාත් ගියා lee ගෙ judging face එක දැකල




" අන්න එයා හිනාවෙනව "




" එයා අනිවාරෙන්ම චේසර් කෙනෙක් වෙන්න ඕනි..අනික එයා උබ දිහා බලල හිනා වෙන්නෙ...එයාගෙ bias උබ වෙන්න ඇති "



148 IQ කියන්නෙ නිකන් නෙමෙයිනෙ..මාව දැක්ක පලවෙනි පාරම එයා අදුරගත්ත මගේ බයස් lee කියල




එතකොටම jinwoo



" පොඩ්ඩක් හිටපන්...කෙල්ලෙක් මොකද මේ ගේ අස්සෙ කරන්නෙ....සෝහුවා...උබ අපිටත් කොලේ වහල කෙල්ලෙක් සෙට් කරගත්තද පොඩි පගයා....එතකොට උබ හදිසියෙ ගෙවල් මාරු කරන්නයි සෝලෝ සින්දුවක් ලියන් ...බොබ් බොබ් ....අතෑරපන් මට හුස්ම ...ම්හ්...හුම්ම්... ගන්න බෑ හු "




" තොට තව අගලක් කොට වෙන්න ඕනිද ජින්වූවා..."



" කවුද පොඩි ගස් බල්ලො ජින්වූවා කියන්නෙ...අයියා කියාපිය අයියා...&$&#&#&$&&$&#*#*# ...




කුනුහරප පෝලිමයි...මේ දෙන්නා කැමරාවටත් මෙහෙමයි.ඇත්ත ජීවිතෙත් එහෙම්මයි...kai කොහොම ඉවසනවද මන්දා..යකූ මන් කෙල්ලෙක් මෙතන ඉන්නව..මෙයාල දන්නැතුව ඇතිනේ මට කොරියන් පුලුවන් කියල...



" නවත්තපියව් තොපි දෙන්නම...මේ කෙල්ල බය වෙලා.."




කදුලුත් පිහ දාන් මන් නැගිට්ටා...




" හ...හලෝ...kai...මම...මේ ...මම...මේ ...මම...ම.. "




වචන පිටවෙන්නෙත් නෑ ...මන් හෙමීට බැලුවා පොඩි නසරානියා දිහා...




" ආ...අයියල ටික මේ ඉන්නෙ මගෙ අක්කා...ආක්ශි ලියේනා ඇන්ඩර්සන්...ඒ වගේම මෙය ශ්‍රී ලංකන් කෙනෙක් ඒත් මෙහෙ ජීවත් වෙන්නෙ...ඒ වගේම හොදට කොරියන් තේරෙනව "



එහෙම කියල සෝජුන් බැලුවෙ jinwoo දිහා...හරි jinwoo ගෙ මූන දෙල්



අනිත් අය සෝජුන් දිහා කන්න වගේ බලන් ඉන්නෙ තොට කොහෙන්ද යකෝ මෙච්චර කල් හිටපු නැති අක්කා කෙනෙක් පහල වුනේ වගේ.....



ගැම්ම ගනින් ආක්ශි...කතා කරපන්..උබ මේ ඉන්නෙ හීනෙක නෙමෙයි



" මම...මේ...මම...සෝහුගෙ නේබර්.ඒ වගේම මම ඔයාලගෙ පරනම ලොකුම ෆෑන් කෙනෙක්..ඒත් මගෙන් සෝහුට කරදරයක් නෑ..ඔ...ඔයාලා...ඔයාලා අකමැතිනම් මන් ගෙවල් මාරු කරන්නම් අයියට කියලා....මගෙ අයිය තමා ඔයාලගෙ කෝච් ඩේමියන්..ඒ වගේම සෝජුවගෙ..සොරි...සෝජුන්ගෙ ඉස්කෝලෙ පන්තිභාර ටීචර් "


බිම බලාගෙනම එහෙම කිව්ව මන්


" කෝච් ඩේමියන්ගෙ නංගි "



" දෙයියනෙ මන් හිතුවෙ සෝජුන්ගෙ ඉස්කෝලෙ ලමයෙක් කියල පොඩියට ඉන්න හින්දා "



- stay tuned -
















Report Page