ECLIPSE

ECLIPSE











https://telegra.ph/ECLIPSE-08-09-11



- නමවෙනි කොටස -



අද සෙනසුරාදා...ලංකාවට පොසොන් පෝය...ඉතින් මගෙ ක්ලාස් එක නිවාඩුයි..සදුදා මෙහෙ රජයෙ නිවාඩු දවසක්..ගිය සතියෙ ඉරිදත් ගෙදරනෙ හිටියෙ..ඒ නිසා මේ සතියෙනම් අපි යනවා ට්‍රිප් එකක් ඉරිදයි සදුදයි දවස් දෙකම



ඇහැරල නින්දෙන්ම ෆෝන් එක අතට ගද්දි මට මතක් වුනෙ ඊයෙ වෙච්ච දේ...අන්තිමට මන් ඒ දේ කලා එහෙනම්...මන් හරූට තැන්ක්‍යූ කිව්වා...




ලොකු බරකින් ඔලුව නිදහස් වුනා වගේ...




අමාරුවෙන් නැගිටගෙන ගිහිල්ල උදේම මම නෑවා..හම්මෝ නෑවම මාර සනීපයක් දැනෙන්නෙ... ශෝට් එකකට තඩි බැගි ටීශර්ට් එකකුත් ඇදගෙන කොන්ඩෙ පීරගන්න හැදුවත් කොන්ඩෙ පීරන්නවත් ඇගේ හයියක් නෑ මට...





"පස්සෙම පීරගන්නව" එහෙම හිතල කිචන් එකට ආවෙ මොනවද කන්න තියෙන්නෙ බලන්න...අයියට අද බ්‍රෙක්ෆස්ටුත් නෑ අප්පා මට නින්ද ගියානෙ..ඔෆිස් එකෙන් හරි මොනා හරි කෑවද දන්නැ....




අයියට මැසේජ් එකක් දාන්න ෆෝන් එක අතට ගද්දිම දොරේ බෙල් එක වදිනව




" සෝජුන්........"




අතෙනුයි කටෙනුයි මලු 10 ක් විතර එල්ලගෙන...පොලේ ගිහින්ද මේකා




" ආ ටීච පනේ......"




" පනේ නෙමෙයි පන යවනව තොගේ ...අද තමුසෙගේ මැත්ස් ටියුශන් එක නේද..ලබන මාසෙ එක්සෑම් කියල අමතක වුනාද බොට.....ආ පොඩි එකෝ...අද උගන්නන ඒව අපරාදෙ නැද්ද....."





" අනේ මගෙ කන...කන...කන අතාරිනවකෝ අක්කා...සර්ට උන හැදිලා ක්ලාස් නිවාඩු දුන්නා අද....ඒ හින්දා මන් උදේම ආවා ඔයාව බලන්න...අනික ඔයාගෙ අයියා බබා තමයි මට කියල ගියෙ ඔයාව බලාගන්න කියල අද දවසෙම...."





ඒත් එක්කම එහා ගෙදර දොර ඇරෙද්දි මන් පොඩි එකාගෙ කන අතෑරියෙ ඉබේටමයි...




" ගුඩ් ...ගුඩ්..මෝනින් සෝහු "




" ගුඩ් මෝනින්...ආ ඔයා ඕඩර් එක ගත්තද..යන් යන් බඩගිනි...ලියේනා ඔයත් එන්න අපි එක්ක කන්න..ඔයාටත් එක්ක කෑම ගෙනාවෙ අද ඔයා නිවාඩු කියල මල්ලි කිව්ව නිසා..."




හෑ....ලියේනා....එක දවසකුත් මෙයා ඕක මට කිව්වා...මෙයා කොහොමද මගෙ නම දන්නෙ..අනික හැමෝම ආක්ශි කියද්දි ලියේනා කියල ඇහෙද්දි මට කිචි කිචි වගේ...ඒකත් හරූගෙන් ඇහෙද්දි මට දෙක දෙක කිචි කිචි වගෙ..




" ඒත් මේ මම... " මොකුත් කියන්න කලින් සෝජුවා මගෙ බෙල්ලෙන් ඇදන් ඇතුලට එක්කන් ගියා කියපන්කො




ඔන්න බලපන් ඉතින් ගුරු ගෞරවේ...ටීචගෙ බෙල්ලෙන් ඇදන් යන එකෙක් ඉන්නවද....




මේ ගෙදර කියල වෙනසක් නෑ..අපේ ගෙදර වගේමයි...වෙනසකට තියෙන්නෙ අපේ ගෙදර පිලිවෙලයි මේ ගෙදර පිලිවෙල නෑ.....



ඔව් ඔව් ඔයාලට ඇහුන හරි....අපේ ගෙදර පිලිවෙලයි ලෝකෙ ඉන්න ප්‍රසිද්දම පෘතුවි ජීවියගෙ ගෙදර අපිලිවෙලයි...හරූගෙ හැටි මම දන්නැතුවයෑ....




දවසක් eclipse ලගෙ ඉන්ටවිව් එකකදි එගොල්ලො අහනව who is the messiest roommate කියල




Cyan,lee,Kai ,jinwoo හතර දෙනාම එකපාර කෑ ගහනව සෝහු කියල



ඊට පස්සෙ අපේ kai පැහැදිලි කරනව එයාලගෙ යුරෝප් ටුවර් එකේදි සෝහුගෙ හොටෙල් රූම් එකට යද්දි ඇදුම් බෑග් එක මාස 2 ක් තිස්සෙ බිම ඇරල දාල තිබ්බ හැටි





එවෙලෙ සෝහුගෙ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගේ...කොච්චර ලොකු රියැක්ශන් එකක්ද කිව්වොත් ඒක වයිරල් වෙලා මීම් එකක් විදිහට ලෝකෙ භාවිත වෙනව තාමත්




ආ ඔයාල දන්නෙ නෑනෙ..අපේ eclipse ලගෙයි chaseres ලගෙයි love langague එක තමයි එකිනෙකාව roast කිරිම





ඔන්න දැන් වෙන ආටිස්ට්ලා ගත්තම එයාලගෙ ෆෑන්ස්ලා මොකකට හරි හිනා වුනොත් එහෙම දුක හිතෙනවා,ලැජ්ජ හිතෙනවා අඩනවනෙ




අපේ නෑ ඕවා..මොකද අපි පව්ලක්...



උදාහරනයක් කිව්වොත්



මේ ලගදි සෝහුයි අපේ cyan යි ගේම් ලයිව් එකකට ආවා chaseres ල එක්ක...



මන් කලින් කිව්ව වගේ සෝහු කියන්නෙ හැම දේටම දක්ශ කෙනෙක්...ගේම් එකකදි එයාව පරාද කරන එක තරම් මානසික සතුටක් නෑ ලොවෙත්



Eclipse ලටත් එහෙමයි...award එකක් දිනනවට වඩා ගේම් එකකදි සෝහුව පරාද කරල අනිත් 4 දෙනා එක්ක තෑග්ගට රයිස් කුකර් එකක් දිනන එකෙන් එයාල සතුටු වෙනවා...





ලෝකෙ ප්‍රසිද්දම මිනිස්සු 5 දෙනාලු ඉතින් හෙහෙ....




ඉතින් එදා ගේම් ලයිව් එකේදි චේසර්ස්ලා 13 දෙනෙක් එක්ක සෝහුයි සයනුයි ගේම් එක ගැහුවෙ....




කට්ටිය නෝමල් එකේ ප්ලේ කර කර ඉදලා එකපාරට චේසර්ස්ලා 13 දෙනයි අපේ සයනුයි එකතු වෙලා සෝහුට නෙලන්න ගත්තා...




කටින් කියන්න ඕන්නෑ ඒයි..ඒව ටෙලිපති...





දැන් ටිකක් වෙලා යද්දි චේසර්ස්ලයි eclipse ලයි එක පැත්තක් ..සෝහු තව පැත්තක්...




අන්තිමට සෝහු තමයි දිනුවෙ...අපේ රෙදි නෑ ඉතින්...එදා ඉදන් සතියක් යනකන් සෝහු චේසර්ස්ලා ව චාටර් කරනව weverse එකෙයි ඉන්ස්ටග්‍රෑම් එකෙයි....




අපි සැලෙනවද නෑ නෑ....මේව just siblings things...




අපි අනිත් පැත්තට ප්‍රති ප්‍රහාර එල්ල කරනව සෝහුගෙ මීම්ස් වලින්....



ආයෙ මීම්ස් තියනව ඇටි හැලෙන්න ඕන තරම්...අම්මප වෙන සෙලිබ්‍රිටිලා වුනානම් එයාලට එයාලගෙ ෆෑන්ස්ලා ඔහොම කලොත් බෙල්ලෙ වැල දාගන්නව



අපි ඉතින් වෙනස්නෙහ්...අන්තිමට අපි චේසර්ස්ලා සෝහුගෙන් ඇති තරම් චාටර් වෙලා පරාජය බාර ගත්තා...



ඔය වගේ තව රසබර සිද්ධි ඕනි තරම් තියෙ...මන් හෙමීට කියන්නම්කෝ...




මන් බැලුවෙ ගේ දිහා





" අර්හ්හ්හ්හ්....මේ අයියයි මල්ලියි දෙන්නම එකයි...බලනව මේ ගෙදර හැටි...කාපු බීපුව තැන් තැන් වල....අම්මප චේසර්ස්ලා දන්නවනම් මේකගෙ හැටි..."





මේක හරියන්නෑ..මට මෙහෙම අපිලිවෙල දැක දැක ඉන්න බෑ...






කෑම ටික මේසෙට ඇරියට පස්සෙ අපි තුන්දෙනා කන්න ගත්තා...ඕනි දෙයක් කරන්න කලින් කාලා ඉන්න එපැයි අනේ...





හරූ ඊයෙ මට කිව්වනේ එයාව මගෙ අසල්වැසියා කියල හිතාගෙන සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ සලකන්න කියල..මන් ඒකට උපරිම උත්සාහ දරනව..ඒ හින්ද ලැජ්ජාව පැත්තක දාලා මාත් කන්න ගත්තා...




" අක්කා...හොදට කනව හොදේ ලැජ්ජ වෙන්න එපා....අයියා මේ දැල්ලෙක් කාල බලනවකෝ ෆ්‍රයිඩ් රයිස් එක්ක ..."



කියල දැල්ලො ප්ලේට් එකයි ෆ්‍රයිඩ් රයිස් එකයි හරූ දිහාවට දික් කලා



අම්මප මුන් වගේ මල්ලිලා පොල් පිත්තෙන් කපාගතහැකි



" සෝහු සීෆුඩ් කන්නෙ නෑ උගුඩුවෝ...එයා ඒවට කැමති නෑ..."



එහෙම කියල මන් සෝහු දිහා බලද්දි අමුතු හිනාවක් දාන ගමන් ෆ්‍රයිඩ් රයිස් හැන්දක් ගන්න හදන්නෙ



ඒ දිහා බලන් හිටපු මට එකපාරටම දෙයක් මතක් වෙලා හැන්ද එයාගෙන් උදුරල ගත්තා....




දෙන්නම එක්ක බය වෙලා බලන් ඉන්නව මන් දිහා...මට ඇඩෙන්න වගේ...




" තමුසෙටත් පිස්සුද හරූ...පේන්නැද්ද මේකෙ සෝයාබීන් ඇට තියෙනව...ඔයාට ඒව ඇලජික් නේද...මතක නැද්ද අවුරුදු 3 කට කලින් ignite the night වර්ල්ඩ් ටුවර් එකේ cochella day 3 එකේ කොන්සට් එකෙන් පස්සෙ dinner table එකේදි v live එක ආපු වෙලාවෙ සෝයාබීන් දාපු කිම්චි ෆ්‍රයිඩ් රයිස් එකක් කාලා ඇලජික් වෙලා ලයිව් එකේදිම දාඩිය දාලා කලන්තෙ දාපු විදිහ...දන්නවද අපි කොච්චර බය වුනාද එදා කියල...දවස් දෙකක් යනකන් මං කෑවෙත් නෑ නිදාගත්තෙත් නෑ ඔයා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කලා කියල නිව්ස් එක එනකන්....





අනික සෝජුන් තමුසෙ දන්නැද්ද තමුසෙගෙ අයියා සීෆුඩ් කන්නෑ එයාට සෝයාබීනුයි, අලයි ,අන්නාසියි ඇලජික් කියල



එතකොට සෝහු ඔයා දන්නවද ඔයාගෙ මල්ලි බනානා මිල්ක් බොන්නෑ කියල..මොන මගුලටද බනානා මිල්ක් ඕඩර් කලේ




යස අයියයි මල්ලියි..බලනව මේ ගෙදර හැටි...ඌරො දෙන්නෙක් වගේ කොහොම වසනවද මන්දා... "




එහෙම කියල ෆ්‍රිජ් එක ඇරලා චොක්ලට් මිල්ක් එකක් අරන් සෝජුවගෙ අතෙන් තියල ඒ දෙන්න දිහා බැලුවම දෙන්න එක්ක බය වෙලා බලන් ඉන්නව මන් දිහා...




" ඇයි මොකද...."




" නෑ නෑ මොකුත් නෑ...." දෙන්නම එකපාර කිව්වෙ





හරූගෙ බත් එකේ තියෙන සෝයාබීන් ඇටටික එක එක අයින් කරල දීල මාත් ආයෙ කන්න ගත්තා...




පීරියඩ්ස් දවස් වලට මට තරහ යනව වැඩියි හොදටම....ආක්ශී.....උබ මේ ටිකකට කලින් කෑ ගැහුවෙ මේ ලෝකෙ ප්‍රසිද්දම මනුස්සයට....අර බිලියන ගානක් ඉන්න ෆැන්ඩම් එකෙන් එක්කෙනෙක් දැනගත්තත් ඇති උබ පරලොව ඉදියි....




ඖලක් නෑ යම අයියටත් ලයින් පාරක් දාගෙන ඉන්නව...එතකොට මම අපායෙ රැජින...යම පල්ලවී...




අරේ වාහ්...




ඒත් පොඩ්ඩක් හිටපන්....පරලොව කිව්වම ඇයි මන් අපාය ගැන හිතුවෙ...යකෝ මන් දිව්‍යලෝකෙනෙ යන්න ඕනි....




අනේ සන්තානම් මෑනියනේ ....මදුරුවෙක් මරල උගෙ බොඩි එක යාලුවන්ට අදුරගන්න බැරි වෙන විදිහට චොප්ප කරල අඹරන එක ඇරෙන්න වෙන එකම එක පව්කාර වැඩක්වත් මම කරල නෑ මේ අවුරුදු 22 ට





ඒකත් මම පෝය දවසට මදුරුවන්ට ලේ දන්සලක් දෙනව...ජේසුනි මට සමාව දෙනු මැනවි...




--------------------------------------------------------------------




මට ඊට වඩා කන්න බෑ...පොඩ්ඩක් කාලා අර දෙන්නට කන්න කියල මන් ගේ අස් කරන්න ගත්තා...




අර දෙන්නා එපා එපා ඔයා ඉන්න ගාගෙන ආවත් එකපාරයි රැව්වෙ දෙන්නා සයිලන්ට්....



හී....හී...



පැය දෙකක් ගියා හරියටම අස් කරන්න...හම්මෝ මහන්සියි...



ඒත් එක්කම සෝජුන් මගෙ අතෙන් ඇදගෙන ගියේ ටීවි එක ඉස්සරහ තියෙන සෝෆා එකට....




මාව බිම වාඩි කරල ටීවි එකත් දාලා දීලා මෑන්ස් සෝෆා එකෙන් ඉදගෙන ලෑස්තිය මගෙ කොන්ඩෙ පීරන්න....




අනේ ඉතින් ඔන්න ආදරේ හිතෙනව...සෝජුන්ව මන් අදුරගෙන තාම මාස 5 ක් වත් නෑ....ඒත් අපි දෙන්නා මේ පොඩි කාලෙටත් හැසිරෙන්නෙ අවුරුදු ගානක ඉදන් siblings ලා වගේ....




ටීවි එක ඔන් කරල චැනල් ටික ඔබල ඔබල මන් දාගත්තේ eclipse tv එක...




ඔව් ඔව් ගයිස්...eclipse tv කියල ටීවි චැනල් එකකුත් තියෙයි...පේනවනෙ impact එක....ලංකාවෙ ගොබ්බ හේටර්ස්ලා එයාලගෙ හේට් එකෙන් නැති වෙයි කියල හිතන් ඉන්නෙ ඒ එකෙක්ටවත් ලගාවෙන්න හීනෙකින් වත් හිතන්න බැරි eclipse ලව...




මේවට මට ඉතින් අරකෙන් හිනා...ඔව් ඔව් ඒකෙන් තමා..





හරූ vouge එකට දුන්න ඉන්ටවිව් එකක් දැන් යන්නේ...මේ ඉන්ටවිව් එකේ අහපු හැම ප්‍රශ්නයක්ම,හරූ දුන්න උත්තරයක්ම මට හොදට මතකයි...ඒත් ඉතින් කොච්චර බැලුවත් එපා වෙන්නෑ...




" අයියෝ අක්කා වෙන එකක් දානවකො ඕයි...මුගෙ මූනත්තහඩුව දැකලයි කටහඩයි අහලම එපා වෙලා...."




මන් රැව්වා රැවිල්ලක්...හරූ හිටියෙ නැත්තම් දෙකක් කියනව මන් පොඩි නසරානියට




" බුදු අම්මෝ ඔච්චර රවන්න එපා අක්කා...මාව පිච්චෙනව වගේ....තමුසෙ බදින එකාටනම් දෙවි පිහිටයි..."






" මන් බදින්නෑ...මන් ප්ලෑන් කරන් ඉන්නෙ සදා තනිකඩව ඉදලා තමුසෙගෙයි අපෙ අයියගෙයි ලමයි බලාගෙන ඉදලා තනිකඩවම මැරිලා යන්න...."







" ඇහුනනේ අයියා ඔයාට ලේසි වෙ.." සෝජුවා ඉතුරු ටික කියන්න කලින් හරූගෙ අතේ තිබ්බ පොත සෝජුන්ගෙ ඔලුවෙ




මොකක්ද යකෝ ඒ වුනේ




සෝජුවා මගෙ ඔලුව මසාජ් කරන අතරේ පොඩි නින්දකුත් ගියා මට...උඩ ගිහිල්ල ඇහැරුනේ කවුදෝ කට්ටියක් කැගහගෙන දොර ගාවින් එන සද්දෙට..





පොඩ්ඩක් හිටපන්...මට මේ කටහඩවල් ටික හොදට හුරුයිනෙ කියල ඇස් දෙක ඇරියා විතරයි දැක්ක දෙයින් මාව උඩ ගියා






ඈඈඈඈඈඈ...................................................




- stay tuned -






















Report Page