ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-07-4
- අටවෙනි කොටස -
හම්මෝ අදනම් මහන්සියි...ඇගම රිදෙනවා. මොනාද ඉතින් පීරියඩ්ස් තමයි..ඒ දවස් වලට ටිකක් අමාරු වෙනව මට...
කොච්චර අමාරු වෙනවද කිව්වොත් මන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නත් ගියා..
ඩොක්ටර් නම් කිව්වෙ බය වෙන්න දෙයක් නෑ මැරි කලාට පස්සෙ හරියයි කියල
Meanwhile me in my mind - දොස්තර මහත්තයට බැරිද දල්ලෑ මාව බදින්න.ලම්සන ඩොකෙක් ඒයි....හනේ ඉතින් කාගෙහරි cudu mahattayek නේ...
ඉස්කොලෙත් ඇරිලා බස් එකට නැගලා මන් වාඩි වුනා...බස් එක අද්දන්න ඔන්න මෙන්න තියෙද්දි කොහේද ඉදල දුවගෙන ආපු සෝජුන් මගෙ අතේ බබ්ල් ටී එකක් තියලා ගියා..
මට තනියම හිනා...හිනාවෙවීම මන් බබල් ටී එක බොන්න ගත්තා....
මේ ජූනි මාසෙ...කොරියාවට රස්නෙ කාලෙ...පුදුම අමාරුයි ඉන්න...ඒ අස්සෙ මේ පිරීයඩ්සුත් එක්ක...
බබ්ල් ටී එකෙ අන්තිම උගුරත් සූරුස් ගාලා ඇදලා දාලා..ලැජ්ජාව පැත්තක තියලා කප් එකෙ ලිඩ් එක ගලවලා ඉතුරු වෙලා තිබ්බ අයිස් කැට ටික කටේ දාගෙන හපන්න ගත්තා ..
හම්මා මාර සහනයක් දැනෙන්නෙ....අනේ සෝජුවෝ මන් ආදරෙයි ඈ...
අයියගෙන් මැසේජ් එකක්
" චූටි...මන් කම්පැනි එකට යනව...රෑට උයන්න එපා මන් කඩෙන් කෑම ගේන්නම් මොනාද ඕනි කියනව "
" hello india රෙස්ටුරන්ට් එකෙන් බිරියානි" කියල රිප්ලයි එකක් දාලා බ්ලූටූත් දෙකත් කනේ ගහගෙන මන් ඇස් දෙක පියාගත්තා....
තව විනාඩි 20 ක් විතර යද්දි මන් හිටියෙ අපේ අපාට්මන්ට් එකේ ලිෆ්ට් එකේ...
ගේ ගාවට යද්දිම කොරිඩෝර් එකෙ හරූගෙ දොර ගාව මාර සෙනගක්...
මන් හිතන්නෙ හරූගෙ ටීම් එකද කොහෙද... හරූගෙ මැනේජර් mr.bang ත් ඉන්නව පේනව...අපේ mr.bang ටත් වෙනම ෆෑන් බේස් එකක් ඉන්නව..ඒ වගේමයි eclipse ලගෙ main bodyguard ටත්....අයියෝ මේ මිනිස්සු හැමදාම මේක අස්සෙ එන්න ගත්තොත් මල වදයක් වෙන්නෙ...
සෙනග අස්සෙන් මන් හෙමීට රිංගල යන්න හැදුවෙ ගෙදරට...ඒ අස්සෙ එක්කෙනෙක්
" එක්ස්කියුස්මී..ඔයා කවුද...මෙතනට ෆෑන්ස් ලට එන්න අවසර නෑ..කොහොමද ඔයා මෙතන හොයාගත්තෙ..යන්න යන්න.."
" පුදුම වදයක් තියෙන්නෙ මේ අයගෙන්...අලුත් ගෙදරත් හොයාගෙනනෙ..මොනාද තව බලන් ඉන්නේ මෙතන..යන්න යන්න.."
" මන් හිතන්නෙ ඔයාලට වැරදීමක්..මම මෙතන..." කියන්නත් කලින්ම කවූරු හරි මාව ඇදල එහාට කලා...
" මේ අහන්න මම මේ ගෙදර..."
"සෝහු මෙතන නෑ වද නොදී යන්න " කියාගෙනඒත් එක්කම එතන හිටපු කෙල්ලෙක් මාව තල්ලු කලා
බැලන්ස් නැතුව මම වැටුනෙ එතන තිබ්බ කැමරාවකත් හැප්පිලා...ඔලුවත් බිම වද්දගෙන....
" ආහ් අයියා....නලලෙන් ලේ එනවා...අනේ අයියා එන්නකෝ " මට ඉබේම ඇඩෙනකොට මන් දැක්කෙ ඒ අයවත් තල්ලු කරගෙන හරූ මගෙ පැත්තට දුවගෙන එන හැටි..
ඒත් ඊට කලින් මගෙ උරහිස් වලින් අල්ලලා කවුරු හරි මාව නැගිට්ටුවා...
" අක්කා....අක්කා කතා කරනවකො..තමුසෙට අමාරුද..."
වචනයක් වත් කියන්න බෑ මට ඇඩෙනවා..
මගෙ බෑග් එකත් අහුලගෙන සෝජුන් හැරුනෙ මන් දිහා බය වෙලා බලන් ඉන්න හරූ දිහාවට
" ආයෙ කවදාවත් මේ හැතිකරේ මෙතෙන්ට එන්න බෑ අයියා.එක්කො උබ උන් ඉන්න තැනකට පලයන්..බැරිනම් ගෙවල් මාරු කරපන්..."
-----------------------------------------------------------------
සෝජුන් එක්ක ගිහින් නලලට බෙහෙතුත් දාගෙන ගෙදර එද්දි අර කට්ටිය පේන්න හිටියෙ නෑ....
ඒත් එක්කෙනෙක් ඉන්නව අපේ ගෙදර දොර ලග බිම වාඩි වෙලා...
හරූ
" අයියා...."
ඒත් එක්කම ඉදගෙන හිටපු තැනින් නැගිටපු එයා මොනවදෝ හොයනව...
සෝජුන්ගෙ පිටිපස්සෙ හිටපු මන් ටිකක් එහාට වෙලා එයාට පේන්න හිටගත්තම මෙච්චර වෙලා එහෙමෙහෙ ගියපු ඒ බෝබා ඇස් එකතැන නැවතුනා..මාවද හෙව්වෙ හරූ...නෑ වෙන්න බෑ...
ඒත් එක්කම මගෙ දිහාවට දුවගෙන ආපු එයා ඒ අත්දෙක මගෙ උරහිසේ තියල මගෙ දිහාට නැමිලා
" ඔයා හොදින්ද " ඒ ඇස් මගෙ මූන පුරාම යනව
" ඔ..ඔව්.." මට ඒ බැල්ම දරා ගන්න බෑ තව හිටියොත් කලන්තෙ දායි...ඒ නිසා මම
" මම යන්නම් එහෙනම් ...සෝජුන්..පරිස්සමෙන් ගෙදර යන්න.." කියල ඉක්මනට ගේ ඇතුලට ගිහින් දොර වහගත්තා
පපුව ගැහෙනවා මහ වේගෙන්...පපුවට අතත් තියාගෙනම වතුර වීදුරුවක් බීගෙන බීගෙන ගිහිල්ලා මන් එහෙම්ම ගියේ වොශ් එකක් දාන්න
------------------------------------------------------------------
අයියත් 7 ට විතර ආවා..ආපු ගමන් ප්‍රශ්න පත්තරයක්...මටත් වඩා බය වෙලා මගෙ අයියා...මේ චූටි තුවාලෙකට අනේ...බාතෘම් එකෙ ලිස්සල වැටුන කියල තඩි බොරුවක් කියල යන්තන් ශේප් කරගත්තා.....
අයියට ඔන්ලයින් මීටින් එකක් කියපු නිසා මන් එයාටත් කියල ෆ්‍රිජ් එකෙන් පෙප්සි කෑන් එකකුත් අරන් ආවෙ රූෆ්ටොප් එකට...
මෙතනට සෝල් වල වීව් එක මාර ලස්සනට පේනව..
ඒත් එක්කම මට දෑනුනෙ හුරුපුරුදු සුවදක්...
මගේ හරූ.........
එයත් මන් ලගින්ම ඇවිල්ල හිටගත්තා...මම ආයෙත් නොසන්සුන්...
ඒ ඇස් තිබ්බෙ ප්ලාස්ටර් ගහල තියන මගෙ නලල දිහාවට
" රිදෙනවද..."
"මොකක්ද්...ආහ් නෑහ් සෝහු ඒක ගානක් නෑ...."
" අද වෙච්ච දේට සොරි...ආයෙ කවදාවත් එහෙම වෙන
එකක් නෑ...."
" ඉට්ස් ඕකේ..." මන් යන්තන් හිනා වුනා
" ඇයි ඔයාට බැරි සෝජුන්ට සලකනව වගේ සාමාන්‍ය විදිහට මාත් එක්කත් ඉන්න...මට බය වෙන්න ඕනි නෑ..මන් යකෙක් නෙමෙයි..."
මටද කිව්වෙ අහන්න වගේ බැල්මක් මන් එයාට දාද්දි එයා හිනාවෙලා ඔලුව හෙලෙව්වා....
" ම්ම් ඒක මේ වගේ.. ඔයා ජස්ටින් බීබර් ගෙ ලොකු ෆෑන් කෙනෙක් නේද....දැන් ඉන්න ඔයා නැතුව මීට අවුරුදු 6,7 කට කලින් ඔයාට ජස්ටින් බීබර්ව හම්බ වෙලා එයා ඔයාගෙ අසල්වැසියා කිව්වම අවුරුදු 6 කට කලින් ඔයාට දැනෙන්නෙ කොහොමද..අන්න ඒ වගේ මටත්..."
" මන් දන්නව ඔයා අපෙ ලොකු ෆෑන් කෙනෙක් කියල...ඒත් දැන් අපි අසල්වැසියොනෙ...ඒ හින්දා අපි නිතර හම්බ වෙනව..ඔයා සෝජුන් එක්ක ඉන්නේ .. ඒ වගේ මමත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ හිතල ඔයාට මාත් එක්ක කතා කරන්න බැරිද..."
විනාඩියක් දෙකක් විතර මම කල්පනා කලා...ඇත්ත තමයි....දැන් අපි කීප වතාවක් හම්බුනානෙ..හරූ දැන් මාව දන්නවා...ඒත් මේ ඉන්නෙ හරූ...ඔයා කියනව වගේ ලේසි නෑ දෙය්යනේ එහෙම ඉන්න..
" මම ට්‍රයි කරන්නම්..." කියල මන් හිනා වුනා විතරයි එයත් එයාගෙ ලස්සන බනී හිනාව මට දුන්නා
" මට ඔයාගෙන් දෙයක් දැනගන්න ඕනි
අපි දැනගෙන හිටියා කෝච් ඩේමියන්ට නංගි කෙනෙක් ඉන්නව කියල..ඒත් එයා අපේ ෆෑන් කෙනෙක් කියන එක එදා ඩේමියන් අයියා මට කියනකන් මන් දන්නෑ...
අපේ අනිත් ස්ටාෆ් එකේ අය ...එයාලගෙ ෆැමිලි මෙම්බර්ස්ලා එහෙම නෙමෙයි...
එයාල හැමවෙලේම අපේ කම්පැනි එකෙන් ගන්න තියෙන වාසි සේරම ගන්නවා..මන් හිතන්නෙ බී එකෙ වැඩ කරන අයගෙනුයි එයාලගෙ පවුල් වල අයගෙනුයි ගත්තම අපි ෆොටෝ එකක් ගහල නැත්තෙ ඔයා එක්ක විතරයි...
එදා බී එක ඉස්සරහදි ඔයා මාව දැකල ගොඩක් පුදුම වුනා ...එදා විතරක් නෙමෙයි අපි හම්බුන හැම වතාවෙම ඔයා බය වෙනව...සප්‍රයිස් වෙනව...ඒක සාමාන්‍යයි....ඒත් ඔයා ඒ කිසිම වතාවක මට කරදර කරන්න,මට කැමරාව දික් කරගෙන රෙකෝඩ් කරල සෝශල් මීඩියා දාන්න,මාත් එක්ක හිතවත් වෙන්න හදන්න...
මේ මොකුත් කරල නෑ...ඔයා මාව දකින හැම සැරේකම කදුලු පුරෝගෙන පැත්තකට වෙලා මන් දිහා බලන් හිටියා...........ඇයි ඒ ????? "
මම හිනා වුනා...
" මොකද ඔයත් මනුස්සයෙක් සෝහු....
ඔයා මේ ලෝකෙ ඉන්න ප්‍රසිද්ධම කෙනා වුනාට ඔයත් මනුස්සයෙක්...මිනිස්සු හිතාගෙන ඉන්නෙ idol ලා කියන්නෙ අසාමාන්‍ය ජීවින් ටිකක් කියල...ඒත් එහෙම නෑ සෝහු...ඔයත් කැමති ඇති සාමාන්‍ය කඩේකට ගිහින් කෑම කන්න,සාමාන්‍ය විදිහට පබ්ලික් ප්ලේසස් වල ඇවිදින්න...කෙලින්ම කියනවනම් ඔයාටත් ඕනි අපි වගේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න...ඒත් අවාසනාවට මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ..
ඒත් මට තේරෙනවා...මමත් කැමතියි ඔයා එක්ක ෆොටෝ එකක් ගන්න,ඔයත් එක්ක කතා කරන්න,අදුනගන්න..ඒත් ඔයාගෙ අකමැත්තෙන් ඔයාගෙ පෞද්ගලික නිදහසට බාදා කරන්නෑ මන් ෆෑන් කෙනෙක් විදිහට කොච්චර ආදරේ කලත්..
කොටින්ම මට මේ දැන් ඔයා මන් ඉස්සරහ හිටන් ඉන්නවා.ඔයා මාත් එක්ක කතා කරනවා..මේව මට දරාගන්න බෑ...මේක හරියට හීනයක් වගේ...මන් ඔයාට නොපෙන්නුවට ඇතුලෙන් මමත් අනිත් ෆෑන්ස්ලා වගේ ගිරිය යටින් කෑ ගහනව..උඩ පනිනව...ඒත් මන් ඒක ඔයාට පෙන්නන්නෑ....ඔයාට අපහසුවක් වෙන විදිහට හැසිරෙන්නෑ මන් "
එහෙම කියල ඉවර වෙලා එයා දිහා බලද්දි ඒ ලස්සන බෝබා ඇස් දිලිසුනේ නෑ කිව්වොත් බොරු....ආයෙත් මන් කතා කරන්න ගත්තා...
" මට ඔයාට දෙයක් කියන්න තියෙයි...මන් කවදාවත් හිතුවෙ නෑ ඔයාව මට ඇත්තටම දකින්නවත් හම්බෙයි කියල..ඒත් හිතපු නැති විදිහට අද ඔයා මන් ඉස්සරහ හිටගෙන මාත් එක්ක කතා කරන්න අවස්තාවක් දෙවියො මට දීල තියෙනව...
ඔයාට මතකද දන්නෑ ඔයාල debut වෙච්ච දවස් වල dream radio fm එකේ වැඩසටහනක් තිබ්බා
ඒකෙදි ඔයාල කෙනෙක්ට කතා කලා..එයා ඔයාලට බැන්නා එයාට මැරෙන්න ඕනි ..වද නොදී ෆෝන් එක තියන්න කියල....
ඔයාලා දන්නැති වුනාට ඒ වෙලාවෙ ඒ කෙනා හිටියෙ suicide කරගන්න හදන ගමන්....
ඒත් අහම්බෙන් ඒ ආපු කෝල් එක නිසා,ඒ කෙනාට ආයෙත් ජීවත් වෙන්න ආස හිතුනා..එයාට ප්‍රශ්නයක් දුකක් දැනුන ගමන් එයා ඔයාලගෙ කටහඩ අහන්න පුරුදු වුනා,මොන තරම් අමාරු සිටුවේශන් එකකදි වුනත් එයාගෙ මූනට හිනාවක් ගේන්න ඔයාලට පුලුවන් වුනා
ඒ වෙන කවුරුත් නෙමෙයි සෝහු...ඒ මම...
මට කියන්න තියෙන්නෙ මෙච්චරයි
I survived because of you ......
ඔයාව හම්බෙන හැම වෙලේකම කදුලු පුරවගෙන ඔයා දිහා බලන් ඉන්න හේතුව ඒකයි සෝහු...
එකම එකපාරකට විතරක්...
Can I hug you ? "
එහෙම කියල මන් ඒ ඇස් දිහා බලද්දි ඒ ලස්සන බෝබා ඇස් කදුලු පටලයකින් වැහිලා තිබ්බා...
මොකුත්ම නොකියා එයා මගෙ දිහාවට අත් දෙක දික් කරා...
Author pov :
ආක්ශිට දැනුනේ මොහොතකට මුළු ලෝකයම නැවතුණා වගේ ...
අවුරුදු ගාණක් තිස්සේ හිතේ කොනක පරිස්සම් කරපු ඒ වචන ටික අවසානයේ ඇය නිදහස් කලා, ඇගේ හිතේ තිබුණු හැම කනස්සල්ලක්ම දියවෙලා ගියා....
කිසිම පැකිලීමක් නැතුව ඇය ඔහු වෙත පියවර තබා, මුළු ආත්මයෙන්ම ඔහුව වැළඳගත්තා....
ඇගේ සිහින් දෑත් ඔහුගේ උරහිස් වටා එතෙද්දී, ඇය ඔහුව තමන්ට පුළුවන් උපරිම හයියෙන් තද කරලා අල්ලගත්තා.
ඒක නිකම්ම නිකම් වැළඳගැනීමක් නෙවෙයි ඒක ඇතුළේ ලොකු බයක්, සහනයක් වගේම කියාගන්න බැරි තරම් කෘතඥතාවක් හැංගිලා තිබුණා....
සෝහුගේ දෑත් ඇගේ බද වටා වෙළෙද්දී, ඇය ඇඟේ තිබුණු මුළු හයියම දාලා ඔහුව තද කරලා අල්ලගත්තා....ආයේ කවදාවත් අතහරින්නේ නැහැ වගේ....ඒ වන විටත් ඇගේ දෙපා තිබුනෙ පොලවට අගල් කීපයක් උඩින්....ඇය ඇගේ සම්පූර්න බරම ඔහුට දීල තියෙද්දි ඔහු තවත් තදින් ඇයව වැලදගත්තා...
ඇගේ මූණ ඔහුගේ පපුවේ හංගාගන්නකොට, ඇයට ඉකිගැහිලා ඇඬුණා.....
ඔහුගේ කමිසය ඇගේ උණුසුම් කඳුළුවලින් තෙත් වෙන්න ගත්තේ අවුරුදු ගානක ඉදන් කියාගන්න බැරිව හිටපු ඒ වචන ටික ඇය අවසානයේ ඔහුට කිව්ව නිසා...
ඔව්...ඒ සතුටු කදුලු...
ඒත්
මේ වෙලාවේ ඒ හිත් දෙකෙන් එක හිතක් තමන් එක්කම ලොකු සංවාදයක්...
" එතකොට..එතකොට මෙච්චර කල් තිබුනෙ නිකන් ආකර්ශනයක් නෙමෙයි ද...? මේ හැගීමද ආදරේ කියන්නෙ....එතකොට මන් ඔයාට ආදරෙයි ද...? ඔව් මන් ආදරෙයි...ඒත්....ඒත් මන් ඒක ඔයාට කොහොම කියන්නද...ඔයා මාව පිලිගනීයි ද....ඔයා මට ආදරේ කරයි ද..."
------------------------------------------------------------------
- stay tuned -
කවුද දැන් ආදරේ ?
කාටද ආදරේ ?
යන්න ගෙස් කර වටිනා දොර දෙකේ පැත්තෙන් කටර් එකකුත් සහිත පැන්සල් පෙට්ටියක් දිනා ගන්න...