ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-07-3
- හත්වන කොටස-
It's උයන timeeeeeeeeeee
අයියා සාලෙ ගේම් ගහන අතරෙ මන් ආවා උයන්න...
මන් උයන්න මාරම ආසයි...මට පොඩිකාලෙ ආසාව තිබ්බෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න...ඒත් ලොකු වුනාට පස්සෙ ඒක ගොඩක් බිසී රස්සාවක් කියන එක දැනගත්තු නිසාම ඒ අදහස මන් අතෑරියා...මන් ආස නිදහසේ ඉන්න...ට්‍රැවල් කරන්න...මගෙ ටීචින් ජොබ් එක ඒකට හොදට ගැලපෙනවා
උයනව කියන එකත් එක්තරා විදිහක කලාවක්....
කහ බත්....චිකන් කරි...පරිප්පු...බටු මෝජු....ගොටුකොල මැල්ලුම්.....ඉස්සො පපඩම්....
මේව තමයි දිව්‍ය භෝජන කියන්නෙ
ඩිසට් එකට මොනාද කන්නේ.....ම්ම්ම්...අයිස්ක්‍රීම් බෑ අප්ප
හැමදාම කනවා....
චොක්ලට් ලාවා කේක්..ඕයේ....
දෙන්නම් මන් අද ඩේමියාට...
කන්නට හදනව කේක් එක...
ලස්සන පාටට තියෙන්නට....
චොක්ලට් දානව භාජනෙට...
සීනි කිලෝ 10ක් දාලා..
නයි බිත්තර 2කුත් දාලා...
හදනව පදමට හැඳිගාලා..
එක්කෝ බිත්තර 3ක් ම දානවා..
රට කජු ටිකකුත් පොතු ගහලා..
පොතු ටික දානව මද කාලා...
හොඳ හැටි පදමට හැඳි ගාලා..
සුවඳ එන්න දානව වැනිලා..
නෑ..ඈ.ඈ.....
අහ් දානව නේන්නම්..
ඇහ්... ඒපාර නම් යන්තම් හරි ගියා!
හැදුවේ කේක් එක මට කන්ටයි...
ඒත් කන්නෙ අපෙ ගෙඹි අයියයි...
මාලිගාවේ වැඩ මඟ නැවතී...
ඩේමියන්ව දැන් කිඹුල්ලු කයි...
සා... රී... ගා... සනිදපමගරිසා ස ස...
ඕහ්!!! යේ!!!!
ලාවා කේක් ටිකත් එයා ෆ්‍රයර් එකේ බේක් වෙන්න දාලා මන් කුස්සිය අස් කලා
" අයියා......කන්න එන්න....."
දෙන්නත් එක්කම කාලා මගෙ ලාවා කේක් එකත් උනු උනුවෙන් රස බලලා අයියට නිදිමතයි කියල එයා නිදාගන්න ගියා....
ගෙදර ලයිට් ටිකත් ඕෆ් කරලා දත් මැදලා කොන්ඩෙත් ගොතාගෙන මාත් ඇදට ආවෙ නිදාගන්න.....
හෙට ඉස්කෝලෙ යන්නත් ඕනි
Eclipse ලගෙ මගේ ෆේවරිට්ම ප්ලේලිස්ට් එකත් දාගෙන හෙඩ් ෆෝන් දෙකත් කනේ ගහන් ඇදට වැටුනා විතරයි මතක.....
13 වෙනි එලාම් එකට යන්තන් ඇහැරුනේ උදේ...මන් සාමාන්‍යෙන් 6 ට නැගිටින්න ඕන්නම් 5.20 වගේ ඉදල විනාඩි 2 න් 2 ට එලාම් 25ක් විතර තියෙනව..මන් ඔකෙන් 20 වෙනි එකට තමයි ගොඩක් දවසට ඇහැරෙන්නෙ...
අද 13 වෙනි එලාම් එකට නැගිටල...ගැම්මක් ආක්ශියෝ.දවස සුබයි ජය නියතයි....
අද අයියා ගෙදරද කොහෙද...මන් ඉතින් තාම ඉස්කෝලෙ යන පොඩි ලමයෙක්නේ....
කර්ටන් ටිකයි ජනෙල් දොරවල් ටිකයිත් ඇරලා..මූන පොඩ්ඩක් හෝදගෙන මන් ලෑස්ති වුනේ කිරිබත් ටිකක් හදන්න...
පොල් කිරි දාන්න තිබ්බනම් හොදයි ඒත් අපිට පිටි කරපු පොල් කිරිනෙ තියෙන්නෙ...ඔරිජිනල් පොල් ගාලා මිරිකල ගන්න තරම් රස නෑ...ඒ නිසා මන් ෆ්‍රෙශ් මිල්ක් දාලා කිරිබත කිරි ටිකක් වැඩියෙන් තියෙන්න උයා ගත්තා...කට්ට සම්බෝලෙකුත් හදලා ඊයෙ ඉතුරු වුන චිකන් ටිකත් රත් කරල ගත්ත...
එහෙම්ම වොශ් එකක් දාගෙන සුදු පාට ට්‍රවුසර් එකට සුදු පාටම එකට ශර්ට් එකක් යට කරල ඇදලා කොන්ඩෙ බන් එකක් ගහගෙන ලිප්ස්ටික් චුට්ටකුත් ගාගෙන මගේ චොක්ලට් පර්ෆියුම් එකත් ගහගෙන බෑග් එකත් අරන් මන් ආවෙ කන්න
කිරිබත් කෑල්ලකුත් කාලා ...ඉතුරු කෑම ටික කූඩෙන් වහල..
" කිරිබත් ටික සේරම කන්න හොදේ...නැගිට්ටම කිරි එක රත් කරන් බොන්න...කාල අනිවාරෙන් පිගානයි කෝප්පෙයි හෝදල තියනව හොදේ නැත්තන් පිගාන තියෙයි තමුසෙගෙ ඔලුවේ....දවල්ට ඕඩර් එකක් දාගෙන මොනා හරි කන්නෝ "
කියල අයියට පොඩි නෝට් එකකුත් අලවලා දොරත් වහගෙන මන් එලියට ආවා....
" අහ් සෝජුන් මාත් එක්ක යන් කිව්වනෙ...."
විනාඩි 5 ක් විතර බලන් හිටිය මිනිහ එන පාටක් නෑ...යකෝ බස් එක මිස් වුනොත් තෝව මන් කනව සෝජුවා...
බැරිම තැන මන් දොරේ බෙල් එක ගැහුවා....
දොර ඇරියෙ වෙන කවුරුත් නෙමෙයි හරූ...උදේම නාලද කොහෙද...
වතුර බින්දු බින්දු වැටෙන ඉත්තෑ කූරු වගේ වෙලා තියෙන කොන්ඩෙ ..ඉහල පහල යන උගුරු දණ්ඩ....පිම්පල් එකක්වත් නැති කිරිපාට ක්ලියර් මූන....සුදු පාට අත්දිග ශර්ට් එකට සුදු පාටම ට්‍රවුසර් එකක් ඇදල සුදු පාට ශූස් දෙකක් දාලා....
දෙයියනේ උදේම හද පායල වගෙ.....කටත් ඇරගෙන මන් එයා දිහා බලන් හිටියා....
" ම්හ්ම්..."
" අ...අ..මෙ...මෙ...මන්...හර්...නෑ...සෝ..සෝහු...මේ ...සෝ ජුන් ඉ...ඉන්නවද....ඉක් ඉක්...."
මොන මගුලක්ද යකෝ කොහෙවත් නැති ඉක්කෙක් ආවෙ....
" ඕ ඉන්නව...එයා තාම ලෑස්ති වෙනව...."
" එයාට..ඉක් ඉක්...ඉක්මනට එන්න...ඉක්...ඉක්...කියනවද සෝහු...මොකද බස් එක...ඉක්...ඉක්...මිස් වුනොත්....ඉක්..වෙලාවට යන්න බැරි වෙයි ...ඉක්..ඉක්...ඉක්..."
ආයෙම බනී හිනාවක්...
" මාත් මේ ස්ටුඩියෝ එකට යනව...ඒ පැත්තෙන් යන්නෙ...මන් ඔය දෙන්නව ඉස්කෝලෙ ගාවින් දාල යන්නම්...මන් එක්ක යමු..."
" මෙ..නෑ..මෙ..එහෙම ඕන්නැ මන් එහෙනම් බස්..ඉක්...එකේ යන්නම්..ඔයා සෝජුන්ව...ඉක්...ඉක්..."
" ඉන්න ඉන්න..දැන් කොහොමත් බස් එක ගිහිල්ල ඇති..අපි එක්ක යන්..."
" ඒත් මේ...ඉක් ...ඉක්...හා එහෙනම්" මට බයටම ඇඩෙන්න එනව...ඒත් ඇයි මන් බය වෙන්නෙ හරූට...ඒකත් එක්ක මේ ඉක්කාවක් ඇවිල්ල මොන කරුමයක්ද යකෝ...
බෑග් එක ඇරල බෝතලේ අරන් වතුර ටිකකුත් බීල ටිකක් එහාට ගිහිල්ල හුස්ම අල්ලගෙන මන් පටන් ගත්තා.....
" ඉක්කයි මමයි ගාලු ගියා..ඉක්කා දාලා මම ආවා.ඉක්..ඉක්.."
"ඉක්කයි මමයි ගාලු ගියා...ඉක්කා දාලා මම ආවා...ඉක්.."
"ඉක්කයි මමයි ගාලු ගියා...ඉක්කා දාලා මම ආවා..."
හරි....ඉක්කාව නැවතුනා...වැඩේ සාර්තකයි...ඕයේ ගැම්මක් තමයි ආක්ශියෝ...කියාගෙන උඩ පැනගෙන හැරෙද්දි මෙන්න එක්කෙනෙක් එයාගෙ බෝබා ඇස් දෙක තවත් ලොකු කරගෙන බය වෙලා වගේ මන් දිහා බලන් ඉන්නව...
දෙයියනේ ඔය ඇස් දෙක එලියට පනී......
එකපාරට බකස් ගාලා එයාට හිනාවක් ගියා...ඒක අර බනී හිනාව නෙමෙයි...පිස්සෙක් වගේ හිනාවෙනව...යකූ මේ මටද හිනා වෙන්නෙ....
වෙන කෙනෙක් වුනානම් දනී මම කරන දේ...ඒත් මේ මනුස්සයට වචනයක් කියන්න හිත දෙන්නෙ නෑ අප්පා...
" අක්කා........ගුඩ් මෝනිම් පනේ...යන් අයියා....."
හරූ දොර වහනකොට මන් කනෙන් ඇදන් ආවා පොඩි නසරාණියව...
" තෝ...තව ටිකක් පරක්කු වුනානම් අද රෑ කෑමට උබව උයන්නෙ මන්....හරි කමක් නෑ..අනේ මට හරූ එක්ක යන්න බෑ සෝජුන්...මොනවහරි කර.."
" යන්..."
හරූ පිටිපස්සෙන් එද්දි සෝජුයි මමයි ඉස්සරහින් ගියා...
ඒ අස්සෙ එකෙක්ගෙ කට නලියනව පේනව...මොනා හරි කුප්ප කතාවක් කියන්න කට හදන් ඉන්නෙ...
ලිෆ්ට් එක පහලටම එද්දි හරූ ශේඩ්ස් දෙකයි මාස්ක් එකකුයි දාගෙන...අපාට්මන්ට් එකෙ මේන් ඩෝර් එකෙන් එලියට ආවෙ වටපිට බල බල...
ඇත්තටම පව් එයා....අපි වගේ සාමාන්‍ය ජීව්තයක් ගත කරන එක එයාට හීනයක් වෙන්න ඇති...සෝජු ත් හරූගෙ මල්ලි කියන එක එලියට ප්‍රසිද්ද නොකරන්නෙ මේ නිසා වෙන්න ඇති...
එයා කලින් තනියම ගෙදරක හිටියෙ...මට හිතාගන්න බෑ ඇයි එකපාර පබ්ලික් එපාට්මන්ට් එකක ජීවත් වෙන්න ආවෙ කියල...මොකද ඒක එයාට සේෆ් නෑ...
එයා කලින් ගෙදර ඉද්දි එයාගෙ ගේ තියෙන්නෙ කොහෙද කියල දැනගෙන සමහර ක්‍රේසි ෆෑන්ස්ලා...එයාල ඇත්තටම ෆෑන්ස්ලා නෙමෙයි..කොරියන් වලින් එයාලට කියන්නෙ..
Sasaeng ලා කියල...ඒ කියන්නෙ කොරියන් සෙලිබ්‍රිටිලගෙ පෞද්ගලික ජීවිතේට බාදා කරන අන්තගාමීන්...
එහෙම sasaeng ලා කීප දෙනෙක් දවසක් හරූගෙ ගෙදරට පනින්න හැදුවා...තව පිස්සු පපරාසි ටිකක් හරූගෙ ගෙදර ඉස්සරහ කැමරාවල් අටවගෙන එයා යන එන වෙලාවට රෙකෝඩ් කරනවා...
තව කීප දෙනෙක් ගේ ඉස්සරහ කදවුරු බැදගෙන...
රෙස්ටුරන්ට් එකකට ගිහින් කෑමක් කන්න බෑ කොහෙන් හරි කවුරු හරි රෙකෝඩ් කරනවා..පබ්ලික් ප්ලේස් එකකට යනව කියන එක හීනෙකින්වත් කරන්න බෑ...
ඕව හිත හිත හරූ කාර් එක ගේනකන් අපි දෙන්න ඩෝර් එක ගාවට වෙලා බලන් හිටියා...
මේන්න යකෝ දිලිසි දිලිසි එනවා හරූ ගිය මාසෙ අලුතින්ම ගත්ත
Rolls royce la rose noire droptail එක
ලෝකෙ තියෙන මිල අදීකම කාර් එක...ලෝකෙටම කාර් 4 යි තියෙන්නෙ...එකක් හරූගෙ
ඒක දැකල මට පිස්සු නොහැදුනා විතරයි...සෝජුන් දිහා බලද්දි මිනිහගෙත් කට ඇරිලා...
කාර් එක ඇවිල්ල අපි ගාව නැවැත්තුව විතරයි පිටිපස්සෙ දොර ඇරගෙන සෝජුන් නැග්ගා සනික...ඒත් මන් තාම හිටගෙන
මන් වගේ සාමාන්‍ය කෙනෙක් කොහොමද මේ වගෙ කාර් එකක යන්නෙ...අනික හරූ එක්ක...එයා කවුද මම කවුද...නෑ නෑ ආක්ශි...තමන්ගෙ තත්වෙ දැනගෙන හිටපන්...
" අක්කා...නගිනව ඕයි..."
"සෝජු..ම..මන්..මන් බස් එකේ...."
ඒත් එක්කම හරූගෙ ශටර් එක පාත් වුනා...
" නගින්න..." ඒ බෝබා ඇස් දිහා කෙලින්ම බලපු මම ඒ ඇස්වලට නිකන්ම අවනත වුනා වගේ...
පිටිපස්සෙන් නගින්න හදද්දිම
" ඉස්සරහින් නගින්න..."
කරන්න දෙයක් නැතිකමට නැග්ගා මන්...ඒත් මාව වෙව්ලනව වගේ...
ඒ අස්සෙ මී හරකෙක් පිටිපස්සෙ ඉදන් උම්බෑ කියනව
" මේ තමුසෙල දෙන්න නිකන් කපල් එක වගේනෙ ඕයි...දෙන්නම එකම ඇදල තියෙන්නෙ..කතාවෙලාද ඇන්දෙ.."
ඇත්ත තමයි ...අපි දෙන්නම සුදු ට්‍රවුසර් එකට සුදු ශර්ට් යට කරල එකම ඇදුම
" ඒ මදිවට...අක්කා...තමුසෙ චොක්ලට් පර්ෆියුම් එකක්ද ගහන්නෙ...අයියගෙ වැනිල එකයි උබේ චොක්ලට් එකයි එකතු වෙලා කාර් එක මිල්ක්ශේක් එකක වගේ සුවදයි...."
හහා...ඒකත් ඇත්ත තමයි....මට ඔක්කොටම වඩා එක්සයිට් මේ කාර් එකේ යන එක...මන් මෙහෙම හිටියට කාර් පිස්සෙක්...
ලයිශන් එකත් අරන් තියෙන්නෙ මන්..ඉක්මනට මාත් කාර් එකක් ගන්න ඕනි...
ලංකාවෙ සල්ලි කාරයො පදින කාර් වුනත් මෙහෙ සාමාන්‍ය කෙනෙක්ට මාස දෙක තුනක පඩියෙන් ගන්න පුලුවන්...
අයියගෙන්නම් කාර් එකක් ගන්නැ මම..මගේ සල්ලි වලින්ම ගන්න ඕනි...මන් ඉතුරු කරපු ලොකු ගානක් තියේ...
විනාඩි 15 කට විතර පස්සෙ අපි දෙන්නව ඉස්කෝලෙ ලගින් හලලා තත්පරයක් යන්න කලින් හරූ වාශ්ප වෙලා ගියා...කවුරු හරි එයාගෙ කාර් එක අදුරගත්තොත් කියල වෙන්න ඇති...
සෝජුවයි මායි ඇවිදගෙන ගියා..හති යකෝ මට මේ කන්ද නැගලා...
" මල්ලී...ආ නෑ මේක ඉස්කෝලෙනෙ...සෝජුන්...හදාගන්නව ය ටයි එක..රස්තියාදුකාරයෙක් වගේ බලනව ශර්ට් එක යට කරලත් නෑ..."
හුරතල් විදිහට බලන් ඉන්නව ඒ පාර...අයියගෙ මායම්මයි තියෙන්නෙ මේකටත්...
" පිලිවෙලට යුනිෆෝම් එක හදන් එනව..නැත්තන් පන්තිය ඇතුලට ගන්නෑ..තේරුනානෙ.." කියල රවල මන් අඩිය ඉක්මන් කරල ස්ටාෆ් රූම් එක පැත්තට ගියා
මම තමයි grade 1 එකේ 5 වෙනි පංතියෙ පංතිභාර..
Grade 1 කියන්නෙ 1 වසර එහෙම නෙමෙයි...මේක හයි ස්කූල් එකක්නෙ...
එතකොට මේකෙ grade 1 කියන්නෙ මේ ලමයිට දැන් වයස 17 යි..
එතකොට මම තමයි මේ ඉස්කෝලෙ grade 1 එකේ 5 වෙනි පංතියෙ පංතිභාර...
අපේ ලංකාවෙ A,B,C කියල තිබ්බට මෙහෙ පංති නම් කරන්නෙ ඉලක්කම් වලින්
කොරියාව වයස 17 කියන්නෙ ලමයිගෙ ජිවිතේ තීරනාත්මකම කාලෙ...අපේ ලංකාවෙ Al වගේ මෙයාලගෙත් විශ්ව විද්‍යාල වලට තෝරගන්න එක්සෑම් එක වෙන suneung විභාගෙට සූදානම් කරන්න මූලික අඩිතාලම වැටෙන්නෙ මේ කාලෙදි...
තේරෙන භාශාවෙන් කිව්වොත් අපේ Al වලට අලුතෙන් 12 වසරට ආපු ලමයි වගේ මෙහෙ grade 1 ලමයි...
ඉතින් මට මගේ පංතිය ගැන ලොකු වගකීමක් තියෙනව මේ හැම ලමයෙක්වම කැම්පස් යන්න පාස් කරවන්න...
හිත හිතාම පංතියට එද්දි පංතියෙ දොර ගාව උඩ ලස්සනට දිලිසි දිලිසි තියෙනව බෝඩ් එකක්
Seongdong High School
Grade 1- class 5
Ms.Akshi Liyena Anderson
පංතියට යනකොටම ලමයි ටික නිශ්ශබ්ද වෙලා නැගිට්ටා
" අන්න්‍යොන් හාසෙයෝ මිස් ඇන්ඩර්සන්....."
" ඕකේ...ගුඩ් මෝනින් ඇන්ඩ් සිට්..." මං ඉතින් ඉන්ග්‍රීසි ටීච නිසා සමහර වෙලාවට මං කතා කරන්නෙ ඉන්ග්‍රීසියෙන්...ලමයිත් මාත් එක්ක ඉන්ග්‍රීසියෙන් කතා කරල කරල ටික ටික එයාලටත් පුරුදුයි ඒක...
මන් බැලුව හැමෝගෙම මූන දිහා...වැඩිය නෑ ලමයි 22 යි...කොල්ලො 12 යි කෙල්ලො 10 යි...මේ රටේ උපත් අනුපාතය ගොඩක් අඩුයි...පාරක තොටක පොඩි ලමයෙක් එහෙම දකින්නවත් නෑ ආසාවට..
කෙල්ලො 10 දෙනාම ඉගෙන ගන්න දක්ශයි...මට කීකරුයි..කොල්ලො 12 න් 5 ක් ඉගෙන ගන්නව කීකරුයි...ඉතුරු 7 තමා ආම්බාම් කරගන්න අමාරු...ඒ හින්ද පොඩ්ඩක් සැරෙන් ඉන්නව මන්
මාව ටීච කෙනෙක් වගේ පෙන්නැ..මේ පංතියෙ ඉන්න කොටම එකා කවුද ඇහුවොත් මම තමයි යකුනේ...තිත්ත වුනත් ඒක ඇත්ත...කෙල්ලො ටිකත් මට වඩා ලොකුයි...
" සෝජුන්...ෆෝන් ටික එකතු කරන්න..." මන් එහෙම කියද්දි කොල්ල නැගිටල ෆෝන් දාන බොක්ස් එකට ෆෝන් ටික එකතු කරන්න ගත්තා...හහ්...මෑන් ටයි එක හදාගෙන යුනිෆෝම් එකත් හොදට හදාගෙන....
මෙහෙ ඉස්කෝලවල සාමාන්‍යෙන් ඉස්කෝලෙ පටන් ගත්තම ෆෝන් එකතු කරගන්නවා ඉවර වෙනකොටයි ආපහු දෙන්නෙ
ඒත් ඉතින් මන් මෙයාලට දෙනව ෆෝන් ඉන්ටවල් එකෙදි....ඉන්ටවල් එක ඉවර වෙලා ආපහු එකතු කරගන්නව...ඒක අපි 23 දෙනා විතරක් දන්න හොර වැඩක්...කාටහරි මාට්ටු වුනොත් මාත් ගස්.....
නාම ලේඛනෙත් මාක් කරල මන් පටන් ගත්තා උගන්නන්න...
- stay tuned-