ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-06-8
- හයවන කොටස-
තවත් විනාඩි කීපෙකින් අපි අපාට්මන්ට් එකට ආවා..
අයියා කාර් එක පාක් කරනකන් අපි දෙන්න බැස්සා...
මට පේනව එයා මන් දිහා බලාගෙන...
කොහෙද බලන් ඉන්නේ....ආ මගෙ කොන්ඩෙ දිහා..
ඒත් මට ඒ මූන බලන්න හයියක් නෑ...
කවද හරි මගේ idol ව හම්බුනොත් මන් රියැක්ට් කරයි කියල හීන මවාගෙන තිබ්බ විදිහ නෙමෙයි ඇත්ත ජිවිතේ හම්බුනාම...
ඔලුව උස්සපන් ආක්ශි...වැරැද්දක් කරපු එකෙක් වගේ බිම බලන් ඉන්නෙ.සිංහල ලේ නේද.යක්ක පුත්තුන්ගෙ ගැම්ම අරන් ඔටෝග්‍රාෆ් එකක් ඉල්ලපන්...ඕකේ...
" හ..රූ...ආහ් නැහ් සෝහු..මට ඔයාගෙ ඔටෝග්‍රාෆ් එකක් ගන්න පු...."
කියල ඔලුව උස්සද්දිම මගෙ මූන ඉස්සරහ හරූගෙ සයින් එක තියන eclipse ලගෙ ෆොටෝ එකක්...
"තැ..තැ..තැන්ක් යූ සෝහු..."
දෙයියනේ....සෝහුගෙ ඔටෝග්‍රාෆ් එකක්...මට හම්බුනා....ඉන්නෙ කොහෙද කියලවත් මතක නැතුව පිස්සෙක් වගේ උඩ පැන්නා මන්....
ඒ අස්සෙ මට ඇඩෙනවා...සතුට වැඩිකමට...
" ඇයි ඔයා මාව දකින සැරයක් ගානෙ අඩන්නෙ...."
කාගෙන්ද අහන්නෙ..වටපිට බැලුවට කවුරුත් පේන්න නෑනෙ..මන් මටම ඇගිල්ල තියලා මගෙන්ද අහන්නෙ කියල වගේ එයාට පෙන්නුවම එයා හිනා වෙලා ඔලුව ඉහල පහල කලා...
එයා මාත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික...හරූ මගෙ එක්ක කතා කලා...වෙන්න බෑ...උත්තර දෙන්නවත් බෑ මම ගොලුයි...
" මම...මන්...මේ..."
" යන් චූටි.."
හම්මේ අයියා දෙයියා කියන්නෙ මේ වෙලාවට තමයි...අයියගෙ අතකුත් අල්ලන් රාජකුමාරි වගේ ලිෆ්ට් එකට නැග්ගා මම ...
ඒ අස්සෙ අයියා රවනවා කියහන්කො දමාගෙන
" යකෝ මේකිගෙ ලස්සන මන් දැන්නෙ දැක්කෙ..මොකද කොල්ලෙක් වත් බලන්න ගියාද අද...අනික ඔය ගවුමෙ කර කැපිල වැඩියි...ආයෙ ඕක ඇන්දොත් තොගෙ කකුල් දෙක කඩල ඔලුවෙ හිටෝනව..."
"තමුසෙට මම.."
නෑ නෑ සංවරව හැසිරෙන්න ඕනි හරූත් මෙතන ඉන්න නිසා
" හා අයියා......"
උබ කවද ඉදන්ද යකෝ මන් කියපු දෙයක් එකපාරින් පිලිගන්න කැමති වුනේ වගේ බැල්මකින් අයියා බලන් ඉන්නව යකෝ....
ඒත් එක්කම අපි ෆ්ලෝ එකට ආවට පස්සෙ අපේ දොර ඉස්සරහම තියෙන 162 ගෙදර දොර ගාවට ගියපු හරූ යන්නම් කියල අපි දෙන්නටත් අත වනාගෙන ඇතුලට ගියා...
" අයියා ...අයියා ...ඕයි ..."
" මොකද බන්.."
" මාව කොනිත්තනවකෝ..." කියන පමාවට ඇබරුවෙ නැතැයි මගේ අත
ආව් යකෝ...ඒ කියන්නෙ ඒක හීනයක් නෙමෙයි...
හරූව මට හම්බුනා...එයා මන් එක්ක කතා කලා...මාත් එක්ක හිනා වුනා...මට ඔටෝග්‍රාෆ් එකක් දුන්නා....
බොරොලෝකෙර් බිටි ලෝ.....ලොම්බා ලොම්බා චු........ල්
හරූ දුන්න ෆොටෝ එක ෆොටෝ ෆ්‍රේම් එකකට දාල මගේ ඇල්බම් තියන රැක් එකේ උඩින්ම තියල ...වොශ් එකකුත් දාන් ...අද ගත්ත ෆොටෝ ටිකත් ඉන්ස්ටා දාලා මන් දොයිය බබා වෙන්න ගියේ eclipse ලගෙ මගෙ ෆේවරිට්ම ප්ලේලිස්ට් එකත් අහන ගමන්ම...
හෙට ඉරිදා......ඒ කියන්නෙ අයියයි මායි ඇවිදින්න යන දවස....ඒත් අයිය ගොඩ කාලෙකින් ගෙදර ආවෙ බිස්නස් ට්‍රිප් එකකින් පස්සෙ...එයාට මහන්සි ඇති...රෙස්ට් කරන්න ඕනි...ඒ හින්ද හෙට අපි ගෙදර.....
පස්සට ඉර එලිය වැටිල රත් වෙන්න ගන්නකොට තමයි මන් ඇහැරුනේ...
හප්පටසිරි..කොහෙන්ද මේ තඩි කකුලක්...මන් අයියගෙ කකුල බදන් යකෝ නිදන් ඉදල තියෙන්නෙ
අයියෝ...ඊයෙ රෑ හීනෙන් බය වුනානෙ...මගේ කෑ ගැහිල්ලට චූටී ගාගෙන අයියා දුවන් ආපු හැටියි මගෙ ඔලුව අතගගා නින්ද යනකන් සිංදුවක් කියපු හැටියි මතක් වෙලා මූනට නිකන්ම හිනාවක් ආවා....
සමහර දවස් වලට මන් හීනෙන් බය වෙනව..අම්මිගෙයි තාත්තිගෙයි ඇක්සිඩන්ට් එක හීනෙන් පෙනිලා....
ඉක්මනට නැගිටලා මූනත් පොඩ්ඩක් හෝදන් මන් ලෑස්ති වුනේ උයන්න...අයිය නැගිටින්න කලින් උයල ඉවර කරන්න ඕනි
10 යි යකෝ වෙලාව..10 වෙනකන් නින්ද ගිහිල්ලද...මට මයිලෝ එකකුත් හදන් අයියට කිරි එකක් හදල තියල මගේ මයිලෝ එක බොන ගමන් මන් උයන්න ගත්තා...
මට කිරි බොන්න බෑ..අප්පිරියයි..ඒ කිව්වෙ නිකන් ෆ්‍රෙශ් මිල්ක් බොන්න පුලුවන්...සීනි දාල බොන්න බෑ...කිරි කන්න බෑ...පිටිකිරි බොන්නත් බෑ...බොන්නබෑ කිව්වට බොන්න පුලුවන්..බිව්වට පස්සෙ මට වමනෙට එනව..මොනා කරන්නද ඒයි ලබා උපන් හැටි...
ඒ හින්දා මන් බොන්නෙ මයිලෝ...
මයිලෝ මට...මන් මයිලෝට..
පැන්ට්‍රි එකෙන් ඉදි ආප්ප පැකට් එකක් අරන් මන් හැදුවා ඉදි ආප්ප...දැන් බලන්න එපා මෙහෙ කොහෙද ඉදිආප්ප කියල...මෙහෙත් ලංකාවෙ බඩු විකුනන කඩවල් තියෙයි...
ඉදි ආප්ප එක්ක අල කිරි හොදියි..සම්බෝලයි...මාලු ඇබුල් තියල් එකකුයි හදාගත්තා...
මාලුනම් හැදුවෙ අයියට මස් මාලු නැතුව කන්න බැරි නිසා...උදේට පිලී ජාති කන්න මන් කැමති නෑ...
ඉදි ආප්ප මට 3 වේලම 365 දවසෙම වුනත් කන්න පුලුවන්...ඒ තරම් idi appa piccec මන්
ඒත් එක්කම අයිය නැගිටලා ආවා...මන් කෑම ටික මේසෙට අරිනකන් එයාට කිරි එක රත් කරල දුන්නා.. දෙන්නම ගෙදර ඉන්නවනම් මේසෙට වෙලා කෑම කන එක අපි දෙන්නගෙ පුරුද්දක්...මන් ඉතින් මොන බයිලෙ ගැහුවත් ඉදි ආප්ප 12ක් 13 ක් ට වැඩිය කාගන්න බෑ අප්පා..අයියනම් 40 ක් විතර කනවා...කොහොම කනවද මන්ද..ආසාව තිබ්බට මට කාගන්න බෑ...
ඉදි ආප්ප 10 කට වගේ සම්බෝලයි කිරි හොදියි දාගෙන මාත් අයිය එක්ක වල්පල් දොඩවන ගමන් කෑවා...
අනේ හරූටත් ඉදි ආප්ප දෙන්න තිබ්බනම්...අද හරූ ගෙදරද දන්නෑ...
කාලා ඉවර වෙලා ෆ්‍රිජ් එකෙන් කොමඩු කෑල්ලක් අරගෙන හැන්දකුත් අරන් මන් වාඩි වුනේ ෆිල්ම් එකක් බලන්න...
ටික වෙලාවකට පස්සෙ අයියත් ආවට පස්සෙ අපි දෙන්නා
කොමඩු කනවා.....ෆිල්ම් බලනවා....
කොමඩු කනවා....ෆිල්ම් බලනවා....
කොමඩු බලනවා....ෆිල්ම් කනවා...
ඒ අස්සෙ මට වීඩියෝ කෝල් එකක්
" sudu akki"
මේන් යකෝ නෑන පොඩ්ඩට මාව මතක් වෙලා..මට ඉන්නවා ලස්සන නෑනෙන්..මොන්ටිසෝරි ටීච කෙනෙක්...ටීච නෙමෙයි ඒකිත් මොන්ටිසෝරියක් තමයි....මුල් කාලෙදි අයියව එයා එක්ක බෙදාගන්න මට ඉතින් ඉරිසියයි...අයියල ඉන්න නංගිලට මේව තේරෙනව ඇතිනෙ...ඒ වුනාට ඉරිසියා කරන්නවත් හිතෙන්නෑ අක්කා ඒ තරම් අහිංසකයි...බෝල ගෙඩියක් වගේ සුදුම සුදු අල බෝලයක්...අයියට තරම්ම මන් එයාට ආදරෙයි
සුදු අක්කා කියල මන් එයාට කියන්නෙ...අයියයි මායි මෙහෙම හොදින් ඉන්න සුදු අක්කගෙයි එයාගෙ පවුලෙ අයගෙනුයි ලොකු සපෝට් එකක් ලැබුනෙ...අයියගෙ ඉස්කෝලෙ කාලෙ ඉදන්ම ලව් එක...
සුදු අක්කගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි චූටි නංගියි ලොකු අයියයි...සුදු අක්කි තමා දෙවෙනියා...ඒ පවුලෙ අය හැමෝම හරීම හොදයි....
අපි මේ ලගදි තඩී බඩු පෙට්ටි ගොඩක් යැව්ව එහෙට...බඩු ටිකේ වගකීම මන් භාර ගත්තෙ..කොහෙද අපෙ අයියට තෑගි තෝරන්න තේරෙනවයෑ...
චොක්ලට්ස්...රාමෙන්..එතකොට එක එක බීමවර්ග..ලොකු අයියට හොද වයින් බෝතල් ටිකක්..සුදු අක්කිටයි චූටි නංගිටයි ශැම්පු,ක්‍රීම් ,ඔයිල් අනම් මනම් ,ඇදුම්,සපත්තු එකී මෙකී නොකී ගොඩක් ජාති මගෙ අත්දෙකෙන්ම තෝරල මන්මයි පැක් කලේ...
ඒ ටික ඇවිල්ලද කොහෙදෝ ඔය කෝල් ගන්නෙ...
එයා එක්කත් කතා කරල නැන්දයි මාමයි අයියයි නංගියි එක්කත් කතා කරල දන්නෙම නැතුව හවස් වෙලා...
උදේට කනකොටත් දවල් වෙලා නිසා ආයෙ රෑටම උයනවා කියල හිතන් අපි පීසා ඕඩර් කලා පොඩි බඩගින්නක් ආපු නිසා...
හවස 4 ට විතර අපි ගියේ රූෆ් ටොප් එකේ තියන පූල් එක දිහාට...
ශෝට් එකකට ටීශර්ට් එකක් ඇදන් මගේ තාරාවත් අරන් ස්විමිං පූල් එක පැත්තට යද්දි මෙන්න යකෝ දන්න එකෙක් ඉන්නවා...
සෝ-ජුන්...
ආක්ශියෝ...මේක ඉස්කෝලෙ නෙමෙයි ..උබ ටීච නෙමෙයි...ගැම්ම ගනින්..3...2..1...ගෝ
දුවගෙන දුවගෙන ගිහිල්ලා සෝජුන්වත් ඇදන් මන් පැන්නා පූල් එකට...
අනේ පව් මෑන්ස්...තෙමිච්ච කුකුලෙක් වගේ...පොඩ්ඩක් හිටපන්...පූල් එකේ ඇක්සස් තියෙන්නෙ හරූටයි අපිටයි විතරනෙ...මූ කොහොමද මෙතන්ට ආවෙ...එහෙම හිතන ගමන් ඉන්නකොට කන් දෙක බීර් කරවන කුංචනාදයක් ඇහෙනව
" ටීච......................................................"
" ආ පුතේ...."
අපෙ අයියා කන්න වගේ රවන් බලන් ඉන්නව ඒ අස්සෙ...මල මගුලයි...අයිය බලනව ඇති කොල්ලෙක්ව තල්ලු කරන් පූල් එකට පැන්නෙ මොන මල යස්සනී වැහිලද කියල...
" අහ් අයියා...මේ ඉන්නෙ මගෙ ක්ලාස් එකේ මොනිටර්..අර මන් ඔයාට කියන්නෙ හැමවෙලේම මගෙ ප්‍රෙශර් නග්ගන සෙට් එකක් ගැන..අන්න ඒකෙ මහමොලකරු තමයි මේ..හන් සෝ ජුන්....එතකොට සෝජුන් ..මේ ඉන්නෙ මගෙ අයියා...සහේන් ඩේමියන් ඇන්ඩර්සන්.."
" හලෝ mr.ඩේමියන්..මන් තමයි අපේ ටීචර්ගෙ කීකරුම ගෝලයා...හන් සෝ ජුන්....nice to meet you"
"Nice to meet you too කිඩ්ඩෝ .....mr කෑලි ඕන්නැ අයියා කියපන්"
" සෝජුන්..කියනවා තමුසෙ මෙහෙ කොහෙද..මෙතෙන්ට එන්න අවසර නෑනෙ..."
" මට එන්න අවසර තියෙයිනම් මගෙ සහෝදරයට එන්න අවසර නැතිවෙන්න බෑනෙ ලියේනා..." එහෙම කියන් එතනට ආවෙ හරූ....
පොඩ්ඩක් ඉන්න...කවුද සහෝදරයා...එතකොට ලියේනා...ඒ මගෙ නමනෙ...එයා කොහොමද ඒක දන්නෙ...
" ටීච...නූනා.....මන් තමයි අපේ සුපර් ස්ටාර්ගෙ වන් ඇන්ඩ් ඔන්ලි සහෝදර පරානෙ..."
හන් සෝ ජුන්
හන් සෝ හු
හරිනෙ යකෝ එකම සර්නේම් එකනෙ...ඒත් කවුද හිතුවෙ සෝජුන් සෝහුගෙ මල්ලි කියල...මන් කිව්වෙ මල්ලි කේක් ඉන්නව කියල දන්නව..ඒත් එයාව සමාජෙට ප්‍රසිද්ද කරල නෑ
බය වෙච්ච පාර මන් සෝජුන්ගෙන් ටිකක් ඈතට වුනා...
ආයෙම මාව ලගට ඇදල ගන්න ගමන්...
" අයියෝ අක්කා පැනික් වෙන්න එපා...මේ යකාගෙ මල්ලි වුනා කියල මගෙ කිසිම වෙනසක් නෑ...මන් කලින් සෝජුන් ම තමයි ....ඒ නිසා ඉස්සර විදිහටම ඉන්න අක්කා...ඔයා නිසයි මන් ආසාවෙන් ඉගෙන ගන්නෙ දැන්...අනේ වෙනස් වෙන්නනම් එපා..."
ඇත්ත තමයි..සෝහු සෙලිබ්‍රිටි වුනාට සෝජුන් සෙලිබ්‍රිටි කෙනෙක් නෙමෙයිනේ...ඌ හැමදාමත් මගේ පොඩි නසරාණියා ම තමයි....
හරි...ආක්ශි...මේ ඉන්නෙ සෝජුන්...වෙනද හිටපු සෝජුන්....බය වෙන්න දෙයක් නෑ...කලින් විදිහටම ඉමු...
විනාඩි දෙක තුනක් යද්දි මන් යතාතත්වෙට පත් වුනා...
" අක්කා ප්ලීස්....අනේ අයියා බලනවකො...මන් කිව්ව ඔහෙට මෙතනට එන්න එපා අක්කා බය වෙයි කියල...අනේ වැදල කියන්නම් මට පරන ටීචවම ආපහු ඕනේ...."
" තමුසෙ ජනාධිපතිගෙ පුතා වුනත් මගෙන් බේරීමක් නෑ පොඩි නසරාණියා....." කියල මගේ තාරාවගෙන් එකක් ගැහුවම කොල්ලගෙ මූනෙ මල් හතයි
මොහොතකට මම අමතක කලා මේ ලෝකෙ ප්‍රසිද්දම මනුස්සය අපි එක්ක දැන් ඉන්නවා කියල...අයියයි හරූයි උඩට වෙලා වාඩි වෙලා හිනා වෙවී බලන් ඉද්දි මමයි සෝජුනුයි පීන පීන සෙල්ලම් කලා...
" අක්කා...දැන් ඇති...ගොඩට යන්...ඔයාට සීතල අල්ලනව..."
" අනේ...තව පැය බාගයක්...අනේ හීතල නෑ ඕයි..." පොඩ්ඩක් වෙව්ලනව තමයි ඒත් එහෙම සැලෙන්නෑ මන්
" අක්කා...ආයෙ කියන්නෑ මන් ගොඩට එනව..මේ දැන්ම..."
හහ් මුගෙ සැර ....
" ඒ පොඩි එකා මන් උබෙ ටීච...ටීචට සැර දාන්න එනවද ආ..ආ..."
" අනේ මරු ටීච...1 වසරෙ ලමයෙක් වගේ .... අම්මප ඉස්කෝලෙ සෙට් එක ඇත්ත ස්වරූපෙ දැක්කොත් වහලෙ උඩින් යන්න හිනාවෙයි...."
" හා ..හා මේ...පොඩ්ඩක් සැරෙන් ඉන්න ඕනි නැත්තන් මෙල්ල කරගන්න බෑ ඔහෙලව..."
" එනව ගොඩට...ආයෙ කියන්නැ.."
" හරි...හරි මේ එනව....පුදුම දුස්ටකමක්නෙ යකෝ මේක..අයියත් එකයි මල්ලිත් එකයි...මගෙ හරූ විතරයි හොද..."
" ඇනේ හැලූ විචරයි හුද...තියාගෙන ඉදගන්නව මහලොකු හරූව...."
" මේ පොඩි එකෝ...මගෙ හරූට මොකුත් කියන්න එන්න එපා හරිය..."
"මොකද මොකද මේ දෙන්න රන්ඩු වෙන්නෙ...."
" කවුද රන්ඩු වෙන්නෙ..? අපි දෙන්නනම් රන්ඩු වුන්නෑ...නැද්ද සෝජු..
මූට සෝජු කිව්වම තරහ යනව..
සෝජු ඔයාල දන්නවනෙ අපේ රටේ අති විශේශ වගේ මෙහෙ සෝජු..
කියල මන් සෝජුන්ගෙ කරටත් අතක් දාගෙන කියද්දි මගෙ කොන්දටත් එකක් ගහල මගෙ තාරාවත් අරන් දිව්වෙ නැතැයි මූ
"ඒඑයීඊඊඊඊඊඊඊ......සෝ....ජූ......න්.......මගෙ තාරාවා දීපිය...පොඩි පගය හෙට ඉස්කෝලෙ වරෙන්කෝ දෙන්නම් තොට...."
" බායි චූටි බෝම්බේ....ආ හෙට මාවත් එක්කන් ඉස්කෝලෙ යන්..මන් එනකන් යන්නෙ එහෙම නෑ හොදේ....."
යකූ...මූ කොහොමද චූටි බෝම්බෙ කියන එක දන්නෙ
" අයියාආආආආආආආආආආආආ..............."
" හූ....හූ.....අල්ලයි මගෙ නැට්ට......"
"ඔහොම ඉන්නවා අයියා......අදනම් තමුසෙ ඉවරයි......"
මන් ගොඩට එන ටිකට මේ යකා දොරත් ඇරන් දුවල ඉවරයි
" අයියා....සෝජුන්.......නැවතියාන්......"
කෑ ගහගෙන මාත් දුවගෙන ආවත් එකපාරම මාව හැප්පුනේ තාප්පෙක
" ah heol.. කවුද යකෝ පාර මැද තාප්ප බදින එකා "
නහයත් අත ගගා උඩ බලද්දි
හරූ........
ශිකේ මොන ලැජ්ජාවක්ද මේ.....එයා හිනා වෙනවා....ඔහොම හිනාවෙන්න එපා දෙයියො මට කලන්තෙ වගේ....
" කොන්ඩෙ පිහදගන්න හොදට නැත්තම් ලෙඩ වෙයි..." එහෙම කියල එයා ගියා
හරි සිහියට වරෙන් ආක්ශි...කියල ඔලුවට එකක් ඇනගෙන මන් ගේ ඇතුලට ගියේ වෙව්ලන්න ගත්ත නිසා....
- stay tuned-