ECLIPSE

ECLIPSE







-පස්වන කොටස-




මේසෙ වටේටම ඇස් යවලා මන් වාඩි වුනේ කිසිම හැලහොල්මනක් නැතුව ආපු වෙලාවෙ ඉදන් මන් දිහා බලන් ඉන්න කෙනාගෙ එහාපැත්තෙන්...


ඇහැ කොනෙන් බැලුවම කියන්න පුලුවන් මිනිහ මගේ ලස්සනට වශී වෙලා කියල.අපරාදෙ කියල හිතෙනව ඇති නෙහ්....යස වැඩේ ඕකට.....


Park Jin yong හෙවත් jex...කොරියන් කෙල්ලන්ගෙ මේ දවස් වල ක්‍රශ් එක...මේ දවස් වල කොරියාවෙ ජනප්‍රියම නලුවා....


මට පින් සිද්ද වෙන්න ....



Jex ගැන කතාව කියනවනම් ....ඔය jex කියන නමින් එයාව කොරියාවෙම ප්‍රසිද්ද වුනත් ඒ නම එයාට දැම්මෙ මන්....


අතීතයට(2021)

------------------



අද කොලේජ් එකේ 1st year එකේ දෙවෙනි සෙම් එකේ අන්තිම දවස...ඩිග්‍රි එක අවුරුදු 2යි තියෙන්නෙ...එතකොට දැන් ඩිග්‍රි එකෙන් හරියටම බාගයක් ඉවරයි....



ලෙක්චර්ස් ඉවර වෙලා මන් ගියෙ කැන්ටිම පැත්තට...යාලුවො සෙට් එකම ශොපින් පාරක් දාන්න ගියා..මන් ගියෙ නෑ මොකද අද මන් බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් ඉන්න හිතන් ආවෙ.ඒ නිසා යාලුවො සෙට් එක හලලා මන් විතරක් ඉක්මනට කැන්ටිම පැත්තට ආවෙ බඩට මොනාහරි දාගෙනම ඉන්ඩෝර් එකට යනව කියල හිතන්...


හොට්ඩෝග් එකක් එක්ක පීච් අයිස් ටී එකක් විතරක් අරන් මන් වාඩි වෙලා තනියම කන්න ගද්දි මන් දැක්කෙ ගියේ පිරිමි ලමයි දෙතුන් දෙනෙකුයි ගෑනු ලමයි දෙතුන් දෙනෙකුයි එක කොල්ලෙක් ගාව වටවෙලා එයාට අනම් මනම් කියනවා...


මට මොකද කියල ආයෙම කන්න ගත්තත් මගෙ ඉවසීමෙ සීමාව පැන්නෙ අර අහිංසක කොල්ල කකා හිටපු කෑම එක අරුන් ටික එයාගෙ ඔලුව හලපු නිසා...


අහ්.....fuck...




" මොකද මෙතන වෙන්නෙ"



" ඇයි ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ "


" තමුසෙලට ලැජ්ජ නැද්ද ඕයි කෑම කනගමන් ඉන්න මනුස්සයෙක්ට කරදර කරන්න...කනකොට සතෙක්ට උනත් කරදර කරන සිරිතක් තියෙනවද ඕයි..හෙන වීරකමක් කලා කියලද හිතන් ඉන්නෙ "




" ඒ මේ බලන්නකො ජීහූ..මෙයාගෙ සද්දෙ..අපේ රටේ කෙනෙකුත් නෙවෙයිද කොහෙද "


" ඇයි තමුසෙට කටක් නැද්ද මගෙ මූන දිහා බලල කතා කරන්න...මුට කියල මට කියවන්නෙ මූ තෝල්කයෙක්ද "


හරි ගෑනිගෙ කට වැහුනා


" ඔහ්...පොඩ්ඩක් ඉන්න..ඔයා නේද මේ අවුරුද්දෙ student annual price giving එකේ student of the year වුනේ...ආක්ශි ලියේනා ඇන්ඩර්සන් "


" ඔව් මන් තමයි...මේ අහන්න...ඇයි ඔයාල මෙයාට කරදර කරන්නෙ...මන් ඔයාලව දන්නව...ජීහු...ඔයා මෙහෙම ලමයි බුලි කරන කෙනෙක් නෙමෙයිනේ"


" මූ අම්ම තාත්ත නැති කුලී වැඩ කර කර එදා වේල හොයාගෙන කන එකෙක් ආක්ශි....ඒවයින් අපිට වැඩක් නෑ අදාලත් නෑ...මූ අද අපේ වූබින්ගෙ පර්ස් එක හොරකම් කරල...අතටම අහු වුනා.."


" ම්ම්ම්...ඒකත් එහෙමද...හරි...දැන් ඒක වෙලා ඉවරනෙ...මන් මෙයා ගැන බලාගන්නම්...ආයෙ මෙයා එහෙම කරන එකක් නෑ...I promise "


" ඒත් ආක්ශි..."


"දැන් ඔයාල යන්න...chae won ...සොරි කෑ ගැහුවට...ජීහු..I'm sorry "


" it's ok ආක්ශි...ඔයා හරිම හොද කෙනෙක්...ඒ නිසා මේ වගේ මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න...මතක තියාගන්න...එකපාරක් වැරදි කරපු මනුස්සයෙක්ව දෙවෙනි පාරට විශ්වාස කරන්න එපා ආක්ශි....සතා සතාමයි..."




මටත් අත වනාගෙන එයාල ගියාට පස්සෙ මන් බැලුවෙ මගෙ බිම බලාගෙන ඉන්න හොරදෙටුවා දිහා..


ඒ අතත් ඇදගෙන මන් ආවෙ පිරිමි ලමයින්ගෙ වොශ් රූම් පැත්තට....මගෙ බෑග් එකේ තිබ්බ ශර්ට් එකක් අරන් එයාගෙ අතට දුන්නට මූ තාම මන් දිහා කන්න වගේ බලන්.."


හෝදන් චේන්ජ් කරන් එන්න..බය වෙන්න එපා ඕක කොල්ලන්ටත් අදින්න පුලුවන් ශර්ට් එකක්...


එහෙම කිව්වම මිනිහ ඔලුව වනල ගියා..


දැන් ඔයාල බලන්න එපා මට ශර්ට් එකක් කොහෙන්ද බෑග් එකේ කියල...මගෙ බෑග් එකේ අනිවාරෙන් අමතර ශර්ට් එකක් තියනවා...මොකද සමහර දවසට මන් බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් ඉන්න නිසා...ඉතින් ප්‍රැක්ටිස් කරන්න ඉන්නවනම් මන් අපෙ අයියගෙන් උස්සපු තඩි ශර්ට් එකක් දාගෙන එනව හැමදාම...


විනාඩි 10 කට විතර පස්සෙ එයා ආවා...ආයෙමත් මම ඒ අතින් ඇදන් කැම්පස් එකෙන් එලියට ඇවිල්ල ගියේ රෙස්ටුරන්‍ට් එකකට...කෑම ගොඩක් ඕඩර් කරල ඒ ටික ගෙනකනුත් අපි අතර වචනයක් හුවමාරු වුන්නෑ...


අඩෝ මගෙ හොට්ඩෝග් එකයි අයිස් ටීඑකයි කැන්ටිමේ ඩෙස්ක් එක උඩ..අනේ මගෙ සොසේජ් කෑල්ල...


කෑම ටික ආවට පස්සෙ හොට් ඩෝග් එක අමාරුවෙන් හිතින් අමතක කරල දාලා මන් කන්න ගත්තා එයාටත් කන්න

කියලා ....


මිනිහ කන පාටක් නෑ වගේ..


"කනව මනුස්සයෝ මගෙ මූන දිහා බලන් ඉන්නෙ "


අහ් ඔය කන්නෙ යස අගේට.දැක්කනෙ පොඩ්ඩක් සැරෙන් කියන්න ඕනි...



මගෙ ඉතින් හිත උනු වෙනව පොඩි දේට වුනත්...ඇත්තටම මම ගොඩක් සෙන්සිටිව් කෙනෙක්...මේ දවස් වල කොරෝනා වලින් මිනිස්සු මැරෙන හැටි ටීවි එකේ පෙන්නද්දි ඒකට හොටු පෙරන් අඩන එකානෙ ඉතින් මම..


මේ යකා කාගෙන කාගෙන යනව..පව් බඩගින්නේද කොහෙද ඉදල තියෙන්නෙ හොදටම...ඒ නිසා මන් තව ඩිශ් දෙක තුනක් ඕඩර් කලා...


කාලා ඉවර වුනාට පස්සෙ මන් පටන් ගත්තා කතාව


"මොකක්ද ඔයාගෙ නම....."


"Park jin yong..."


"ම්ම්ම්..මම ආක්ශි...ආක්ශි ලියේනා ඇන්ඩර්සන්...මම කොරියන් කෙනෙක් නෙමෙයි අනික මම ශ්‍රී ලංකන්"


" මම දන්නවා "


" ඒ කොහොමද "


" ඔයානෙ student of the year "


හම්මටසිරි ලදේ..මල්කාන්ති ලිදේ කිව්වලු...අම්මී..ඔයාගෙ චූටි දෝනි දැන් ප්‍රසිද්දයි...


" ඕකේ මිස්ට පාක්...ඇයි ඔයා හොරකම් කලේ...හොරකම් කරන එක නරක වැඩක් කියල දන්නව ඇතිනේ.. නලුවෙක් වගේ ලස්සන මූනක් තිබ්බට වැඩක් නෑනෙ කරන වැඩ කැතනම් නේද"


"මන් දන්නව..මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ...කුලී වැඩ කලත් මට හම්බෙන ගාන මට හැරෙන්නවත් මදි...මන් ඒ සල්ලි ගන්න හැදුවේ මොනවහරි කන්න....මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා...ඔයාට පින් සිද්ද වෙන්න මන් දවස් දෙකකට පස්සෙ අද තමයි කෑවෙ..."


දැන්නම් ඇඩෙන්න වගේ මට...බඩගින්නෙ ඉන්නව කියන එක මන් විදල නෑ...සල්ලි තිබ්බත් නැතත් මන් හොදට කනව...දවස් දෙකක් කොහොම නොකා හිටියද දන්නෑ...


" අහන්නකො...මන් ඔයාට උදව් කරන්නම්...හැබැයි මට දෙයක් පොරොන්දු වෙන්න ඕනි...ආයෙ හොරකම් කරන්න බෑ...තේරුනාද ..."



" අනික ඔයාගෙ නම දිග වැඩියි...මන් ඔයාට වෙන නමක් කියන්නද...ජින්‍ යොන්ග්...ජූන්...ජින්...ජෙන්...ජෙක්...ජෙක්ස්...ආහ් ජෙක්ස්...අද ඉදන් ඔයා ජෙක්ස් හරිද...."


.........................................



එතනින් පස්සෙ ටික ටික අපි යාලුවො වුනා...හොදම යාලුවො...හැමදාම මන් එයාට කෑම ගේන්න පුරුදු වුනා...අයියට කියල එයාගෙ යාලුවෙක්ගෙ කොෆි ශොප් එකක වේකන්සි එකක් හොයාගත්තා මන් එයාට වැඩ කරන්න....ඒකෙන් එයාට කලින්ට වඩා හොද පඩියක් හම්බුනා....


එයාට කැම්පස් එකට කෝස් ෆීස් ගෙවන්න සල්ලි ටිකක් මදි වුනාම සති 8 ක් තිස්සෙ එක දිගට රෑ 11 වෙනකන් මාත් එයා එක්ක එතන වැඩ කරල මගේ පඩිය එයාට දුන්නා...මාස දෙකක් එකදිගට මහන්සි වුන නිසා මන් ලෙඩ වෙලා හොස්පිටල් ඉන්නත් වුනා...


ඒ වෙද්දි මගෙ හිතේ යාලුකමට එහා හැගීමක් එයා ගැන තිබ්බා...එයාගෙ හිතෙත් මන් ගැන එහෙම තිබ්බා කියල මට විශ්වාසයි....


ඒ අතර මම දවසක් දැක්කා k drama එකක 2nd male lead ට audition එකක් තියෙනවා....


Jex ට ලස්සන පෙනුමක් තිබ්බ නිසයි රගපාන්න හැකියාවක් තිබ්බ නිසයි මන් බල කරල කරල අඩල අඩල එයාව කැමති කරගත්තා audition එකට යන්න...




ඒ දවස් වල සති දෙක තුනකට අයියා බූසාන් වලින් පිට හිටියෙ..ඉතින් ඒ ටිකේම මන් තනියම හිටියෙ...ඉතින් තුන් වේලම කෑවෙ කඩෙන්...අයියා මට වියදමට දීල ගියපු ඒවයින් කෑම වලට වෙන් කරල තිබ්බ සල්ලි වලින් ඒ සති 2ම රෑ කෑම මිස් කරල මන් ඒ සල්ලි ටික ඉතුරු කරගත්තා....


ඒකෙන් අලුත්ම සපත්තු දෙකක් එක්ක ශර්ට් එකයි ට්‍රවුසර් එකයි අරන් ඔඩිශන් යන දවසට අදින්න මන් එයාට තෑගි දුන්නා....


එයා ඔඩිශන් එකට ගියෙ මාත් එක්කමයි...


හිතුවා වගේම ඔඩිශන් එකෙන් jex ව තමයි තේරුනේ....ඊට මාස 2 කට පස්සෙ ශූටින් පටන් ගත්තෙ...


ශූටින් තිබ්බා හරියටම දවස් 137 ක්


ඒ හැම ශූටින් දවසකම ඒ දවස් 137 ම කකුල් කඩිත්තුව හැදෙනකන් මන් ශූටින් ලොකේශන් එකේ පස්සට වෙලා හිටගෙන එයා දිහා බලන් හිටියා....


ශූටින් ඉවර කරලා මන් ගාවට හා පැටියෙක් වගේ දුවන් ඇවිල්ලා මගෙ අතින් අල්ලගෙන....කකුල් රිදෙනවද ආක්ශි...අද මන්ගානෙ hot pot...කියල මාවත් අල්ලන් කෑම කන්න යන්න එයා පුරුදු වෙලා හිටියා...


ශූටින් ඉවර වෙලා මාස 4 කට පස්සෙ එයාගෙ ඩ්‍රාමා එක cast වුනා....


නොහිතපු විදිහට ලෝකෙම ඒක ජනප්‍රිය වෙලා යද්දි වැඩි අවදානෙ හම්බුනේ කතාවෙ ප්‍රදානම දෙන්නට නෙමෙයි 2nd lead එකට.....


ඒත් එක්කම jex කොරියාව පුරාම ජනප්‍රිය වෙන්න ගත්තා...ඒ අවුරුද්දෙ කොරියාවෙ නැගී එන නලුවට හිමි සම්මානෙත් jex ට හම්බුනේ...



එයා අවෝඩ් එක ගන්න ස්පීච් එක දෙද්දි මගේ අහිංසක හිතේ චූටිම චූටි බලාපොරොත්තුවක් තිබ්බා මගෙ නමත් එයා ස්තූති කරද්දි කියයි කියල...හදවත වේගෙන් ගැහෙන අතරෙ ටීවි එක ඉස්සරහට වෙලා මම හුස්මත් අල්ලගෙන බලන් හිටියා...


" මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ ටෙලිනාට්‍යයේ රගපාන්න අවස්තාව දුන්න එකය SM entertainment එකේ Ruban මැතිතුමාට...ඒ වගේම මගේ සහය නිලිය soe min yu ට...ඒ වගෙම kim mim jun,lee dong hae,rachel brown,park soek jin සහ අද මන් මෙතන ඉන්න ප්‍රධානම හේතුව.....


මගේ රසිකයින්.....ඔයාලා හැමදෙනාටමත්...ස්තූතියි..."


Ah shit...මේ මෝඩ කදුලු....අඩන එක නවත්තපන් ආක්ශි...එයාට අමතක වෙන්න ඇති..අනික එයා ජනප්‍රිය වෙන්න ගත්තා විතරනේ....එහෙම කෙල්ලෙක්ගෙ නමක් කියන එක එයාගෙ careee එකට බලපෑවොත් එහෙම....හරි තව ටිකකින් එයා මට කෝල් එකක් ගනියි නෙ....




රෑ එලි වෙනකන් ෆෝන් එක අතේ තියන් එයාගෙන් කෝල් එකක් එනකන් බලන් හිටියත් එහෙම කෝල් එකක් ආවෙ නෑ....


බිසි ඇති නේද....කමක් නෑ පුලුවන් වෙලාවක ගනියි නෙ...


සති 2ක් යනකන් එයාගෙන් කෝල් එකක්වත් තිබ්බෙ නෑ...බැරිමතැන මන් ගියා එයාගෙ ගෙදරට...


අයියෝ ගෙවල් මාරු කරන්න ඇතිනෙ...දැන් ඉස්සර හිටපු කොල්ල නෙමෙයිනෙ....


එයාගෙ මැනේජර්ගෙන් එයාගෙ එඩ්‍රස් එකත් ඉල්ලන් මන් ගියා එහෙට...


ලොකු ගෙයක්...


බෙල් එක ගැහුවත් දොර ඇරියෙ නෑ කවුරුත්...ෆෝන් එකත් වැඩ නෑ...ඒත් ගෙදර කවූරු හරි ඉන්නව මොකද ලයිට් දාල තියෙන්නෙ..


ම්ම්ම් දොරේ පාස්වර්ඩ් එක මොකක් වෙන්න ඇත්ද...


එයාගෙ බර්ත්ඩේ එක...නෑ නෑ...


මගෙ බර්ත්ඩේ එක...පිස්සුද ගොනී...


ම්ම් එයාගෙ අම්මගෙ බර්ත්ඩේ එක



හරියට හරි දොර ඇරුනා...හම්මේ ලස්සන ගෙදරක්...


Jex...jex...කොහෙද ඉන්නේ....


වමට හැරිලා ලිවින්ග් රූම් එකට යද්දි මන් දැක්කේ සෝෆා එක උඩ ඉන්න jex ව...නිකන්ම නෙමෙයි...එයාගෙ drama එකේ 2nd female lead එක වුන actress ව කිස් කරන ගමන්....


ඉබේම කදුලු වලින් ඇස් තෙත් වෙද්දි මන් එහෙම්ම හැරිල යන්න හැදුවත් මගෙ අත වැදුනෙ එතන තිබ්බ මල් වාස් එකේ...


දඩස් ගාල සද්දයක් එක්ක මල් වාස් එක බිම වැටෙද්දි ඒ ඇස් 4 ම යොමු වුනේ මගෙ දිහාට


" ආක්ශි......."


හම්බ වුන දවසෙ ඉදන් දවස ගානෙ මට කෝල් එකකින් හරි ඇහුනු ඒ කටහඩ මට මේ ඇහෙන්නෙ හරියටම දවස් 17 කට පස්සෙ...


"ආහ් jex....මන් මේ...."



" උබට මැනර්ස් කියල දෙයක් නැද්ද ආක්ශි...අනික තමුසෙ කොහොමද ගේ හොයාගත්තෙ...දොර ඇරගත්තෙ කොහොමද...දිගට හරහට කෝල් ගන්නවා...මොන වදයක්ද මේ"


ඔයා ද මේ jex...මට බනින්නෙ...කවදාවත් වචනෙකින් වත් හිත රිද්දල නැති ඔයා...මට බනිනවද මේ....


" ඔයාට දැන් මාව වදයක්ද jex...ඔයාට කවුරුත් නැතුව අසරන වෙලා ඉන්න වෙලාවෙ ඔයා එක්ක හිටපු මාව වදයක්ද jex...."


ඒත් එක්කම එයා වේගෙන් මන් දිහාවට ඇවිදන් ආවා...


" ඔව් යකෝ ඔව්...මන් එක්ක බලද්දි උබ මොකෙක්ද ගෑනියේ...නිකන්ම නිකන් කෙල්ලෙක්...ඒකට මම....කොරියාවෙ සිහින තරුව...මාව හම්බෙන්න ඕන්නම් අපොයින්මන්‍ට් එකක් දාල වරෙන්..."


එහෙම කියල එයා මාව තල්ලු කරපු පාර බිත්තියෙ වැදිලා මන් බිමට වැටුනා...වැටුනෙ මල් වාස් එකේ කටු ගොඩ උඩට...


දකුනු අතයි දකුනු කකුලයි වීදුරු කටු වලට කැපිල යද්දි අතින් ලේ පෙරනව දැක දැකම එයා කින්ඩි හිනාවක් දාලා අර කෙල්ල එක්ක ගේ අස්සට ගියා


බොද වෙලා තියෙන ඇස් දෙක අනිත් අතින් පිහ පිහ මන් එලියට ආවත් ලේ දැක්ක පාර වටේම අදුරු වෙලා ගියා විතරයි මතක


ආයෙ නැගිටිනකොට මම හිටියෙ හොස්පිටල් එකේ...අතයි කකුලයි බැන්ඩේජ් කරල තැන තැන ප්ලාස්ටර් ගහල

අනේ jex මාව හොස්පිටල් ගේන්න ඇති....


එහෙම හිත හිත වට පිට බලද්දි ආවෙ නර්ස් කෙනෙක්


" මාව මෙහෙට ගෙනාවෙ කවුද...නර්ස් "


" ඔයා පාර ගාව වැටිල ඉන්නව දැකල එතන හිටපු ගෑනු කෙනෙක් ඔයාව ගෙනාවෙ මිස්.."


හොස්පිටල් එකෙ බිලත් පේ කරල මන් ගෙදර ආවෙ සිහියක් නැති මනුස්සයෙක් වගේ....


ඒ අතර මගෙ කන් අස්සෙන් දෝංකාර දුන්නෙ එක දෙයයි


" එකපාරක් වැරදි කරපු මනුස්සයෙක්ව දෙවෙනි පාරට විශ්වාස කරන්න එපා ආක්ශි....සතා සතාමයි..."



ගෙදර ඇවිල්ලා එහෙම්ම ඇදට වැටුනු මම....


" අද දවසම අඩල හරි ඌව අමතක කරපන් ආක්ශි...අදින් පස්සෙ ඌ වෙනුවෙන් උබේ එක කදුලක් වත් නාස්තිවෙන්න බෑ "



-----------------------------------------------------------




ඉතින් ඔන්න ඕක තමයි වුනේ....පේනවනෙ...jex හරිම අහිංසක ආදරනීය කෙනෙක්...එහෙම හිටපු කෙනා ජනප්‍රියත්වය සල්ලි ලැබුනට පස්සෙ වෙනස් වුනවිදිහ මට අදහගන්න බෑ


එදා ඉදන් මනුස්සයෙක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතනව මන්...



මම අද එයාත් එයි කියල හිතුන හින්ද තමයි ලස්සනට ඇදගෙන ආවෙ....


එදා කුනු මාලු කෑල්ලක් වගේ මාව විසිකරල දැම්ම මනුස්සය අද මන් දිහා වශී වෙලා බලාගෙන...


මට ඕනි වුනා උට දැනෙන්න දෙන්න ඌ නැති කරගත්තෙ කාවද කියල...


එයාව ඒ තැනට ගෙනිච්චෙ මම...කවුරු මොනා කිව්වත් ඒකයි ඇත්ත...


අනික එයා දැනන් හිටිය මන් එයා ගැන බලාපොරොත්තු තියන් හිටියා කියල...ඌ කිව්වෙ ඌ එක්ක බලද්දි මම නිකමෙක් කියලනේ...මන් නිකමෙක් නෙමෙයි යකෝ...වයස අවුරුදු 22 කට මන් ස්වාධීන කෙල්ලෙක් විදිහට ජීවත් වෙනවා...


හිටපන්කො මන් කවද හරි මගේ හරූව බැදලා මුගෙ මූනට කියනව මන් හරූගෙ වයිෆ්...ලෝකෙ ඉන්න ලොකුම ගායකයගෙ වයිෆ්..උබ කවුද මාත් එක්ක හැරෙන්න...


හහ් හහ් හා...


"මොකද ආක්ශි තනියම හිනා වෙන්නෙ"


එක්කෙනෙක් එහෙම අහද්දි මන් බැලුවෙ jex දිහා..තාමත් ඒ ඇස් මගෙ වතේමයි....


මන් කියනවා මෙහෙයුම සාර්තකයි...නැවතත් කියනවා මෙහෙයුම සාර්තකයි...



කට්ටියත් එක්ක වල් පල් දොඩවල කාලා බීලා කැරොකෙ පාරකුත් දාලා මන් ආවෙ ගෙදර යන්න...


Jex සැරින් සැරේ මාත් එක්ක කතා කරන්න හැදුවත් මන් හිතලම ඒ හැම චාන්ස් එකක්ම වැලැක්වුවා..


උබ මට රිද්දුව වහේ දහස් ගුනයක් උබට රිද්දනව මන් jex..මගේ ඔය අනුකම්පා කෙරිලි නෑ..හොදට හොදයි වගේම නරකට මන් ඊට වඩා නරකයි...මට මොකෙක් හරි කෙල කරන්න ආවොත් ඌට උගෙ ජීව්තේ එපා කරලමයි මන් පස්ස

බලන්නෙ....


මේක ටිකක් සෙනග වැඩි රෙස්ටුරන්‍ට් එකක් වුනත් vip ඒරියා එක නිදහස් ...වැඩිය සෙනගක් නෑ... වොශෘම් එකට ගිහින් එද්දිම දොර ගාව මහා මේරු පර්වතයක් හරස් කරගෙන


Jex...


"Hi ආක්ශි...."


" ඔහ් හායි ජෙක්ස්....මන් හිතන්නෙ අවුරුදු ගානකට පස්සෙ..."


" ඔයා වෙනස් වෙලා ආක්ශි...ලස්සන වෙලා...ඉස්සර හිටපු පොඩි කෙල්ල වෙනුවට දැන් තරුන sexy කෙල්ලෙක් ඉන්නෙ...."


" ඔව්නෙ jex...හැමදාම අපිට එක විදිහට ඉන්න බෑනෙ...අනික අහිංසකකමට හිටියොත් සමහර කලගුන නොදන්න එවුන් එනව අපේ ඔලුවට අත හෝදන්න..."


"ආක්ශි...I..I...I'm sorry ආක්ශි....මන් මහලොකු වැරැද්දක් කලේ....මට සමාවෙන්න...ඔයා මන් ලග නැති වෙද්දියි මට ඔයාගෙ වටිනාකම තේරුනේ....අවුරුදු 2ක ඉදන් මන් ඔයා ගැන හෙව්වා ආක්ශි...ඒත් මට ඔයා ගැන තොරතුරක් හොයාගන්න බැරි වුනා....ආයෙත් මන් ලගට එන්න ආක්ශි...දැන් මට සල්ලි තියෙනවා...ජනප්‍රියත්වය තියෙනවා...මන් ඔයාට ඕනිම දෙයක් දෙන්නම්...ප්ලීස් ආයෙ මන් ලගට එන්න..."


" ඔයා මාව හොදට දන්නවනෙ jex...මන් ගාව 2nd chance කියල දෙයක් නෑ...ඔයාට ඕනි සමාවනම් මන් ඔයාට සමාව දීල ගොඩක් කල් jex...මන් ඔලුවෙ අනවශ්‍ය කුනු පුරෝගෙන ඉන්නෑ ...එක්ස්කියුස් මී..."


" ආක්ශි...ආක්ශි නවතින්න...ආක්ශි.."


එහෙම කෑ ගහගෙන මූ මගෙ පස්සෙන් එනව..මොන මල කරදරයක් ද මේ...vip area එකෙන් කා පාක් එකට යන්න ලිෆ්ට් එක විවෘත වෙන තැන වෙනකන් මන් ආවා දුවගෙන


ඒත් එක්කම jex ඇවිල්ල මගේ අතින් ඇද්දා...


"තමුසෙට පිස්සු හැදිලද jex...අතාරිනව මාව...මට රිදෙනව මිනිහෝ...අතෑරපන්...."


" බෑ බෑ උබ මගෙ එක්ක එන්න ඕනි ආක්ශි...උබව මගේ කරගෙන මිස මන් පස්ස බලන්නෑ..."


" මට යන්න දෙනව jex..කවුරු හරි දැක්කොත් තමුසෙගෙ නමටමයි හරි නැත්තෙ...අනික මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව jex...මට වද නොදී යනව අයිසේ...."


ඒත් එක්කම මන් දැක්කෙ මට පිටුපාලා ලිෆ්ට් එක පැත්ත බලන් ඉන්න කෙනෙක්ව...


" අර ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඇවිල්ල...දැන්වත් යන්න දෙනව මිනිහෝ..."


ඒත් එක්කම jex මගෙ අත අතාරිද්දි මන් කෙලින්ම අර මනුස්සයගෙ අතක් බදාගත්තා....


Baby...අනේ චුට්ටක් පරක්කු වුනා තරහ නෑ නේද..අපි යමු..


" plzzzc cooperate ....plz ...plz..."


මන් බලෙන්ම වගේ ඒ අතත් ඇදන් ආවෙ ලිෆ්ට් එකට....ලිෆ්‍ට් එක ඕපන් වෙලා දොරත් වැහුනම තමයි මන් ඒ අත අතෑරියෙ


" මගෙ හරූගෙ සුවදයි අප්පා ලිෆ්ට් එක...යකෝ මේ වගේ වෙලාවටත් හරූව මතක් වෙනවනෙ මට අම්මපා..."


" අම්මෝ මාරක අපලෙකින්නෙ බේරුනේ...ආයෙ ඕක මට කරදර කරන්න ආවොත් ඕකගෙ ඇට දෙක ගලෝලා එල්ලනව බෙල්ලෙ jot-kka ...gae saek ki..."


ඒ එක්කම මට ඇහුනෙ ලිෆ්ට් එකෙ හිටපු අනිත් කෙනාට බකස් ගාල හිනා යනව...එයා මන් දිහා එකපාරට බැලුවෙ මන් ගොලුවෙද්දි...


" හ..හ...හරූ....."


ඒත් එක්කම එයා මගෙ දිහා බැලුවෙ කවුද බන් හරූ කියන්නෙ ? වගේ...


" හ..හ..ආ නෑ සෝහු..."


ඒත් එක්කම එයා හිනා වෙලා මට ආචාර කලා...මාත් අංශක 90 ක්ම ඔලුව නමල...අනේ මෝඩ ගෑනි තෝ කුනුහරපත් කිව්ව නේද දැන් අනේ මගේ කට...


"ම්ම්....ම්ම්ම්..මිස්ට සෝහු ...මට ඔයාගෙන් ඔටෝග්‍රාෆ් එක ගන්න පුලු..." කියාගෙන මන් ආයෙ ඒ පැත්ත හැරෙද්දි එයා අතූරුදන්...ලිෆ්ට් එක ඕපන් වෙලා එයා බැහැල ගිහිල්ලත් ඉවරයි යකෝ...


මාත් සනික ලිෆ්ට් එකෙන් බැහැල ආවෙ කා පාක් එකට...අයිය මාව ගන්න එනව කිව්වා...දැන් ඇවිල්ල ඇති...


හරූ කොහොමද එච්චර ඉක්මනට අතුරුදහන් වුනේ...වටේ පිටේ හෙව්වත් හරූ පේන්න හිටියෙ නැති හන්දා එයා යන්න ඇති කියල හිතල මන් අයියගෙ කාර් එක හෙව්වා


ඒත් එක්කම මන් දැක්කෙ රතුපාට ferari F80 ක් දිලිසිදිලිසි තියෙනවා..


එහෙම්ම ගිහින් මන් පිටිපස්සෙ දොරෙන් වාහනේට නැග්ගා


" අනේ අයියා තමුසෙ ආයෙ සති ගනන් බිස්නස් ට්‍රිප් ගියොත් මාව දාලා තමුසෙව මන් අයියා කමෙන් අයින් කරල හොයාගන්නව වෙන අයියෙක්...තේරුනානෙ...දැන් මට මොනාද ගෙනාවෙ කියනවකො...නිකන් අතපය වන වන නෙමෙයිනෙ ආවෙ...කන්න දේවල් ගෙනාවෙ නැත්තන් ආපහු හිටිය දිහාටම ගිහෑකි..ඒක නෙමෙයි අයියා මට ලිෆ්ට් එකේදි හරූව හම්බුනානෙ...මන් වගේ දෙකක් උසයි ඕයි එයා...තමුසෙ දන්නෑනෙ අර කොහෙද යන හිකනලෙක් මගෙ පස්සෙන් එන්න ඇවිල්ලා මන් හෙන ගේමක් දීල උගෙන් ගැලවිලා ආවෙ...ඇයි අයියා තමුසෙ සද්ද නැත්තෙ.."


කියල ඉස්සරහ බැලුව විතරයි ඩ්‍රයිවින් සීට් එක හිස් යකෝ...අයියා කාර් එක ඉස්සරහ හිටගෙන කෝල් එකක්....එතකොට පැසෙන්ජර් සීට් එකේ ඉන්නෙ කවුද...


පොඩ්ඩක් ඉස්සරහට නැමිල බැලුව ව්තරයි


දිග වැඩි වුනා ඉතුරු ටික මේකෙන් කියවන්න


https://telegra.ph/EECLIPSE-08-06


Report Page