EECLIPSE

EECLIPSE


පොඩ්ඩක් ඉස්සරහට නැමිල බැලුව ව්තරයි


හරූ.....


බය වෙච්ච පාරට වහලෙ ඔලුවත් වැදුනා....කදුලුත් එනව අප්ප...රිදෙනෝ....


ඒ අතරෙ හරූ මන් දිහා බලන් හිටියෙ මේ මොකියක්දමේ කියන්න වගේ...


ඒක නෙමෙයි පොඩ්ඩක් හිටහන්...හරූ අපේ කාර් එකේ....මේ මුලු ලෝකෙම සිහින කුමාරයා හරූ...මේ දැන් මගෙ ඉස්සරහ වාඩි වෙලා ඉන්නව...


කොනිත්තන් බලපන් ආක්ශි උබ දවල් හීන දකිනවද කොහෙද...


ඒත් එක්කම අයියා කාර් එකට ආවා...


" චූටී....mr.සෝහුගේ වාහනයෙ ටයර් පන්ච් එකක් වෙලා ඒ නිසා මන් අහම්බෙන් දැකල යමු කිව්ව අපිත් එක්කම.මොකද මෙයාගෙ ටීම් එක එනකන් කා පාක් එකක වුනත් තනියම ඉන්න එක මෙයාට අවදානම් නිසා..."


"අහ්...අහ්...හා.."


" සෝහු ඔයාගෙ ලොකේශන් කියන්න "


" මේ ලගදි ඕපන් කරපු the heaven එකේ ඉන්නෙ කෝච්"


" ඒ අපිත් ඒකෙනෙ බන් ඉන්නෙ...අපි ඒකෙ උඩම තට්ටුවෙ ඉන්නෙ 161"


" මන් 162 කෝච්...ඔයාගෙ අල්ලපු ගෙදර...මන් කෝච්ගෙ නංගිව දැක්කා දවසක්...මට හරියට මතක නැතුව තිබ්බෙ.."


" සිරාවට....ඒ කියන්නෙ අපි දැන් අසල්වැසියො..."


"හෑඈඈඈඈඈඈඈඈ......."


මට මහ හයියෙන් කෑ ගැස්සුන පාර අයියා එකපාරට බය වෙලා බ්‍රේක් තද කලාම සීට් බෙල්ට් වත් දාල නොහිටිය මාව දඩං ගාල ගිහින් හරූගෙ සීට් එකේ වැදුනා..


" ආව් මගෙ හොම්බ..." නහය අත ගගා අයියට රවද්දි එහෙන් එක්කෙනෙක් හිනා වෙනව


දෙයියනේ ඒ හිනාවෙ ලස්සන...මට ජබර කලන්තෙ වගේ යකෝ දැන්...මේ මොනවද මේ වෙන්නෙ...හරූ මගෙ ඉස්සරහ ඉන්නව...එයා හිනාවෙනව...තව එයා ඉන්නෙ අපේ එහා ගෙදරලු...එතකොට හරූ මගෙ නේබර්...අනේ මට බෑ දෙයියනේ ...


" මරන්නද හදන්නෙ චූට්...."


" සොරි...සොරි...අයියා..."


" ඒත් සෝහු...තනි ගෙදරක් ගන්නෙ නැතුව පබ්ලික් අපාට්මන්ට් එකක ඉන්න එක සේෆ් ද.."


" ද හෙවන් එක සේෆ් කෝච්...ඒකමයි උඩම තට්ටුවෙන්ම ගෙදර ගත්තෙ...මන් සෙකියුරිටි එකත් දැනුවත් කරල තියෙන්නෙ...ඒ හින්ද ලොකු අවුලක් වෙන එකක් නෑ..."


" ම්ම්ම් එහෙනම් ශේප්..."


ඒ දෙන්නගෙ කතාවට ඇහුන්කන් දීගෙන මන් හිටියෙ සෝහු දිහා බලාගෙන...


වම් ඇහැ ගාව තියෙන බර්ත් මාක් එක

ඇම්බර් පාට ලොකුම ලොකු බෝබා ඇස්

බෙල්ලෙ මැදයි නිකට ගාවයි තියෙන mole දෙක

සීට් එකෙන් එකක් වෙන්න ඉන්න ලොකු උරහිස්දෙකක් එක්ක මසල්ස් පිරිච්ච අත්

දකුනු අත පුරාම කොටල තියෙන ටැටූ ටික

කොච්චර නපුරු ලුක් එකක් තිබ්බත් ඒ කාලෙ තිබ්බ හා මූන තවමත් තියෙයි

ඔරියෝ පාටින් කලර් කරල තියෙන wolf hair cut කපපු ඒ සිල්ක් වගේ කොන්ඩෙ

කාර් එක පුරාම පැතිරිලා තියෙන එයාගෙ tahitian vanilla සුවද


ඒ රූපෙ දිහා ඕනි තරම් වෙලා බලන් ඉන්න පුලුවන්...කතා කරනකොට මූනෙ ඉරියව් වෙනස් වෙන එක දිහා බලන් ඉන්න එකත් භාවනාවක් වගේ...


මනුස්සයෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුලුවන්ද....


අවුරුදු ගානක ඉදන් most handsome man in the world award එක හරූට හම්බෙන එක අහන්නත් දෙයක් නෙමෙයි..


හරූත් එක්ක බලද්දි මම කවුද...ඒ රූපෙ හිතේ හැටියෙ විදගත්තු මට හිතුනෙ ඒක...


මම නිකන්ම නිකන් මනුස්සයෙක්...හරූ කියන්නෙ මුලු ලෝකෙම පිස්සු වැටිලා ඉන්න ලෝකයක් ආදරේ කරන ලෝකෙ ඉන්න ලොකුම සංගීත කන්ඩායමේ මේන් වෝකලිස්ට්...සහ සෝලෝ අතින් ගත්තම ලෝකෙ වැඩියෙන්ම ස්ට්‍රීම් වෙච්ච සෝලො ආටිස්ට්...


මගෙ ඉස්සරහ මේ ඉන්නෙ පෘතුවියේ ජනප්‍රියම මනුස්සයා ....


ඒ වගේ කෙනෙක් මෙහෙම සාමාන්‍ය විදිහට අපේ කාර් එකේ යනව...


ලිෆ්ට් එකෙදි මන් එයාව අදුනගත්තම කිසිම ලොකුකමක් නැතුව මට ඔලුව නමල ආචාර කරපු හැටි...


හරුත් එක්ක මම බැලුවම මම නිකන් සාමාන්‍ය පෘතුවි ජීවියෙක්....එයා ආලෝක වර්ශ මිලියන ගානක් දුරින් ඉන්න දැවැන්ත තාරකාවක් ....


මේ ලස්සන සුරදූතයා දන්නෙ නැතුව ඇති මම අද ජීවත් වෙලා ඉන්න හේතුව එයා කියල....අනේ මට කියන්න පුලුවන් වුනානම් මගේ හිතේ තියෙන හැගීම්.....දන්නෙම නැතුව මගේ ඇස් වලට කදුලු පිරිලා...


" චූටි...මොකද අද කතා පෙට්ටිය වැහිලා..."


" මොකුත් නෑ අයියා මට මහන්සියි..."


" වෙනද කාර් එකට නැග්ග වෙලේ ඉදන් කෝච්චිය වගේ ඉවරයක් නැතුව කියෝනව..අද සයිලන්ට්...සෝහු ඔයා දන්නෑනෙ මෙයා මෙහෙම හිටියට ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් debut වෙච්ච දවසෙ ඉදන්ම..."


" ඇත්තටමද...og chaser කෙනෙක් දකින්නත් සතුටක්..."


එහෙම කියල එයා මන් දිහා බැලුවා...මගේ කදුලු පිරිච්ච ඇස් දෙක දැකල ඒ බෝබා ඇස් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු....ඒත් එයා මාත් එක්ක හිනා වුනා...මගේ හරූ මාත් එක්ක හිනා වුනා...


හරිම අමාරුවෙන් එයාටත් හිනාවක් දුන්න මම ආයෙම මගෙ මූන බිමට බර කරගත්තෙ අයිය මන් අඩනව දැක්කොත් ඉවරයි නිසා...


" ඔව් ඔව් ඔයාට කියන්න මම බී එකේ වැඩ කරලත් මේකි මගෙන් කොන්සට් ටිකට් එකක්වත් ගන්නෙ නෑ..මට ෆ්‍රීම ටිකට් ඇල්බම්ස් එහෙම ගෙනල්ල දෙන්න පුලුවන්නෙ..මෙයා කියන්නෙ එහෙම කලොත් ෆෑන් කෙනෙක් කියන ෆීලින් එක දැනෙන්නෙ නෑලු...මේ අවුරුදු 5 ටම 50 පාරක් විතර රෑ එලිවෙනකන් ඇහැරගෙන දගලල දගලල කොන්සට් 3 කට විතරයි ටිකට් ගන්න පුලුවන් වුනේ...දැන් උබල 5 දෙනා මගේ බොක්කල වෙලත් උබල අඩුම දන්නෙවත් නෑනෙ මට නංගියෙක් ඉන්නව එයා ලොකු ෆෑන් කෙනෙක් කියල...වෙන කෙල්ලෙක් වුනානම් රස්සාවත් එපා වෙන තැනට වැඩ කරනව..උබ දන්නවනෙ සෝහු ස්ටාෆ් එකෙ අයගෙ පවුල් වල අයගෙ හැටි..ඒකටත් එක්ක මේකි අඩුම මන් බී එකේ මොන වගේ ජොබ් එකක්ද කරන්නෙ කියලවත් අහල නෑ මගෙන්...පැය ගනන් පෝලිම් වල රස්තියාදු වෙවී ඉදල ඇල්බම් එහෙම ඇරගෙන එන්නෙ...කොච්චර කිව්වත් වැඩක් නෑ...."


ආයෙත් එයාගෙ බනී හිනාව...


එතකොට අයියා eclipse ලට එච්චර ලගයිද..මන් දන්නෑනෙ...දන්නැති එක පුදුම වෙන්නත් දෙයක් නෙමෙයි...මන් කැමති නෑ අයියා බී එකේ වැඩ කලා කියල ඒකෙන් ප්‍රතිලාභ ලබාගන්න...ඒ හින්දා මන් මගේ සීමාවෙ ඉන්නව...මම eclipse ලට කොච්චර ආදරේ වුනත් ඒක මගේ හැටියක්...






- stay tuned-


කමෙන්ටුවක් හලන් යම්න පීස්😒

Report Page