ECLIPSE

ECLIPSE








https://telegra.ph/ECLIPSE-08-05-4



-සිව්වන කොටස-



එලාම් එකේ සද්දෙට ඇහැරිලා බලද්දි වෙලාව උදේ 9 යි...අද සෙනසුරාදා....ඒ කියන්නෙ මගේ ක්ලාස් දවස....10 ට තමයි ක්ලාස් එක පටන් ගන්නෙ...අපිට 10 වුනාට ලංකාවට වෙලාව 7.30 වගේ වෙන්නෙ...ලංකාවට වඩා පැය දෙකහමාරක් කලින් ඉන්නෙ අපි...


ග්‍රීක් යෝගට් ටිකකට වෝල්නට්ස් ,රටකජු,ස්ට්‍රෝබෙරි,බ්ලූ බෙරි,චියා සීඩ්ස් ටිකක් දාල හදාගත්ත සීරියල් එකයි මිල්ක්මේඩ් එක්ක කොෆී සහ කිරි දාල හදන මෝනින් කොෆී එකයි තමා මගේ බ්‍රෙක්ෆස්ට් එක වුනේ....




දොරේ බෙල් එක වදින සද්දෙ ඇහුනම ගිහින් දොර ඇරියම ඇවිල්ලා තිබ්බේ ශේත් එක්ක යූනා....


ශේත් ලංකාවෙ කෙනෙක් එතකොට යූනා කොරියන්...මේ දෙන්නම මගේ හොදම යාලුවෝ....


ශේත් තමයි කැමරා කරන්නෙ යූනාත් වැඩ වලට උදව් වෙනවා....වෙනදා ශේත්ගෙ උදව්වට එන්නෙ මගෙ බෙස්ටියා...ඒකි මාස 4කට බිස්නස් ට්‍රිප් එකක් ගිහිල්ලා නිසා මේ ටිකේ යූනා ට මන් කතා කලා...


මේ තමයි යාලුකම්...ලංකාවෙ හොද යාලුවො හිටිය මට...ඒත් මන් වැටුනම මාව අල්ලගන්න බල්ලෙක්වත් හිටියෙ නෑ...


මෙහෙත් මට ලංකාවෙ යාලුවො ඉන්නව...ඊට වඩා ඉන්නෙ කොරියන් යාලුවො...





අරුන් දෙන්නටත් ෆ්‍රිජ් එකෙන් මොනාහරි අරන් කන්න කියලා මන් පට ගාලා වොශ් එකකුත් දාන් දිග ස්කර්ට් එකට අත් දිග බ්ලවුස් එකක් යට කරල කොන්ඩෙ බන් එකක් ගහගෙන ලෑස්ති වුනා...


අපි 3 දෙනාම ආවෙ ක්ලාස් කරන තැනට...


අයියා වෙනම රූම් එකක් හදල දීල තියෙයි ක්ලාස් කරන්න..ලොකු ස්මාට් බෝඩ් එකක් එක්කම හොද කැමරාවක් එක්කම...


දැන්නම් ලමයි 2000 ක් විතර ඉන්නවා....


"ආක්ශි...be ready...3..2..1..start"






හම්මෝ පැය 6 ක් තිස්සෙ කතා කරලම මගෙ උගුර නෑ වගෙ යකෝ ...





ඒත් එක්කම දවල් කෑම ඕඩර් එකත් ආපු හින්දා අපි 3දෙනා එක්ක කන්න ගත්තා....




" ආක්ශී...අද රෑට යාලුවො කට්ටිය සෙට් වෙනව කිව්වා...උබත් එනවනෙ.."


" හෑ යකෝ මන් දන්නෑනෙ...උබල මට හොරෙන් පාටි ප්ලෑන් කරල නේද.."


" උබ මැසේජ් බලන එකෙක්‍ යෑ..ඊයෙ ගෲප් චැට් එකේදි කතා වුනේ..."


" හම්මටසිරි..හා යන් යන්..."


කාල ඉවර වෙලා ශේත් ගියෙ 8 වෙද්දි මාවයි යූනාවයි ගන්න එනව කියල පොරොන්දු වෙලා....


ශේත් ගියාට පස්සෙ මායි යූනයි හොද නින්දක් දැම්මා





හවස 7 ට විතර මාව අහැරුනේ ෆෝන් එක රිං වෙන සද්දෙට..




" චූටී...."


"ඕ අයියා...මන් තරහයි ඔයා එක්ක..තමුසෙ එන්නැද්ද ඕයි..හෙට ගෙදර හිටියෙ නැතොත් ඇදුම් බෑග් එක එලියෙ තියෙයි තේරුනානෙ..."




" අම්මෝ හරි හරි චූටි බෝම්බේ..මන් අද එනවා.."



" අයියා මන් අද යාලුවො එක්ක රෑ ඇවිදින්න යනවා...ශේත් එනව කිව්වා බය වෙන්න දෙයක් නෑ...."




" ශේත් ඉන්නවනම් බය වෙන්න දෙයක් නෑ..මන් කොල්ලට කෝල් එකක් දාන්න හිටියේ කොහොමත්...එහෙනම් ශේත් එක්ක යන්න චූටි ...මට ලොකේශන් දාන්න මන් ඔයාව ගන්න එන්නම්"




" හරි අයියා මන් ලෑස්ති වෙන්න ඕනි දැන්.ටටා බායි උගුඩුවෝ....."



" බායි චූටි..."




යූනානම් තාම නිදි..මන් ඒ අතරෙ වොශ් එකක් දාන් ආවා...



" ආ සුදාම්මි...නැගිට්ටද...ගිහින් වොශ් දාපන්..බලපන් කුනු කෙල පෙරාගෙන ඌරු සංගමේ සභාපති වගේ....."




" නිදිමතයි ආ..ආශ්..ආක්ශි...තව විනාඩි 5 යි ප්‍රොමිස්..."




මට හිනාම යන්නෙ ඕකට..මෙ අයට මගෙ නම කියන එක පොඩ්ඩක් අමාරුයි...ඉතින් අමුතු නම් ඇහෙන්නෙ වෙලාවකට...



" අනේ ලස්සන ගවුමක්...කොහෙන්ද ගත්තේ....මේක මට ඔෆිස් අදින්න ඕනි දවසකට හොදේ...."



" හා හා ඕක උබට තමයි මන් ගෙනාවේ...ඊයෙ හවස එද්දි ගත්තේ..."




" අනේ.....තැන්ක්‍යූ මගෙ සීනි කැටේ..."




යූනාවත් වොශෘම් එකට තල්ලු කරල ඒ අතරෙ මාත් ඇන්දා...මන් අදින්නෙත් ගවුමක්...අද ලස්සනට යන්න ඕනි..ඒකට හේතුවක් තියෙනවා....මන් හෙමීට කියන්නම්කෝ...




ලා කහ පාට ඕෆ් ශෝල්ඩර්...ඉන ගාවින් ටයිට් කරල තියෙන දනහිසට වඩා අගල් දෙක තුනක් උඩින් තියෙන ලස්සන ගවුමක්...ඒ පාටම හීල්ස් දෙකක් එක්ක...මගේ ස්කින් කලර් එකට හොදට මැච් වෙනවා...


දනහිසට දිග කොන්ඩෙත් ෆ්‍රෙන්ච් ගොතලා බෝල බෝල වගේ කොන්ඩ කටු තැනින් තැන ගහලා යූනා බල කරල දාපු චූටි මේක් අප් එකත් එකතු වුනාම ඇත්තටම ලස්සනයි...




මගේ චොක්ලට් පර්ෆියුම් එකෙනුත් ටිකක් ගහගත්තා...


සා වෑව්...මේ ඉන්නෙ කිරි කැල්ල වගේ...




" ආක්..ආශ්.ආක්ශ්..ඊ...අදනම් උබව කොල්ලෙක් උස්සන් යයි බන්..."




" අනේ පලයන්...ශේත් තමයි උබව උස්සන් යන්නෙ ..."




හෑ යකෝ මෙන්න මේකි ඒ ටිකට චෙරි ගෙඩිය වගේ රතු වෙලා...හිතන් ඇති මට තේරෙන්නෑ කියල...


යූනා ශේත් දිහා බලන විදිහෙන් මට තේරෙනව මේකි ශේත්ට කැමති කියල...කොහෙද අර පොල් කුරුමිනියට ඕක තේරෙන්වයෑ...


" මෙ..මෙ...මොන ශේත් ද..."


" ආ.ආඅ ඔන්න බබා වෙන්න හදනව...උබල දෙන්න මගේ හොදම යාලුවෝ මාව තම්බන්න බෑ පුතේ..."


" ඒත් ආක්ශී...ශේත් කැමති ඔයාටනේ..."


"පිස්සුද බන්..මන් කෙලින්ම බෑ කිව්වනේ...දැන් ශේත්ගෙ හිතේ මන් ගැන මොකුත් නෑ...ඒකනෙ මන් දැන් කිසිම අවුලක් නැතුව කම්ෆටබල්ව එයාව ආශ්‍රය කරන්නේ...


මන් දන්නවා යූනෝ ශේත් මන් ගැන බලාපොරොත්තු තියන් හිටපු නිසායි ඔයා සද්ද නැතුව හිටියේ කියල...ඒත් මන් එයාට කැමති නෑ බන්...දැන් ශේත්ගෙ හිතෙත් එහෙම එකක් නෑ කියල මට හොදටම විශ්වාසයි...ඔයා මන් ගැන හිතල ඔයාගෙ ආදරේ හංගගෙන හිටියෙ කියල මන් දන්නවා යූනා...උබ වගේ යාලුවො ලබන්න මන් පිං කරල තියෙන්න ඕනි...


උබවයි ශේත්වයි එකතු කරල මිසක් මන් පස්ස බලන්නෙ නෑ...."


" අනේ....මන් ආදරෙයි...ආ...ආ..ආශ්ක්...ආක්ශී..."



ඔන්න ඉතින් හොටු පෙරනව..දැන් යන්....



දොරත් වහගෙන ලිෆ්ට් එක ගාවටම යද්දි...විදුලි වේගෙන් ලිෆ්ට් එකේ හිටපු කෙනා අපිව පාස් කරල ගියා...





වැනිලා සුවද...




ශේත් ආවට පස්සෙ යූනාව ඉස්සරහ සීට් එකට තල්ලු කරල මන් නැග්ගා පස්සට....



" අපි තමයි පරක්කු..අනිත් අය ඇවිල්ලා ඉන්නෙ"



විනාඩි 15 කට විතර පස්සෙ අපි තැනට ආවා..චූ බරක් ආපු නිසා යූනටයි ශේත් ටයි යන්න කියල මන් වොශෘම් එකටත් ගිහින් තමයි ආවෙ..


VIP රූම් එකේ දොර ඇරගෙන යද්දි මාලු කඩේ වගේ තිබ්බ සද්දෙ එකපාරට නැති වෙලා ඔක්කොගෙම අවදානෙ ආවෙ මගෙ පැත්තට...


මේ මොකද මේ...කට කනේ සමහරුන්ගෙ...මගෙ ඇදුමෙ අවුලක්ද..යකෝ..කතා කරපියව්...


" ආක්ශී....උබ අද සුරංගනාවියක් වගේ බන්...."


ආහ්...යකො මන් බැලුව මගෙ මොකක් හරි අවුලක්ද කියල ඔක්කොම කන්න වගේ බලන් ඉන්න නිසා...


මේසෙ වටේටම ඇස් යවලා මන් වාඩි වුනේ කිසිම හැලහොල්මනක් නැතුව ආපු වෙලාවෙ ඉදන් මන් දිහා බලන් ඉන්න කෙනාගෙ එහාපැත්තෙන්...




- stay tuned -





Report Page