ECLIPSE

https://telegra.ph/ECLIPSE-08-04-3
- තුන්වන කොටස -
" චූටීඊඊඊඊඊඊ....නැගිටපාන්.......චූටීඊඊඊඊ..."
අයියගෙ ටකරං වොයිස් එක හීනෙනුත් ඇහෙනව අප්පා...
මොන හු....මූනට වැදිච්ච වතුර පාරකින් උඩ ගිහින් ඇහැරුනේ...
මගුලයි...අයිය ඉස්සරහ තව ඩිංගෙන් ඕන්නැති වචනයක් කියවෙනව
පොඩි කාලෙ දවසක් මන් එයාට " බං " කිව්වා කියල මූ මට දුන්නෙ නැතැයි ගුටිකෙලි සංදර්ශනයක්...
එදා ඉදන් මන් අයිය ඉස්සරහ වචන භාවිතය හරිම පරිස්සමෙන් කරන්නෙ....
" මොකක්ද උබ කිව්වෙ "
ඉනට එක අතක් තියන් අනිත් අතින් බේසමක් අරන් ඉන්න අයියා මට රවාගෙන අහද්දි මගේ ටිකිරි මොලේ...
මූ නිකන් ටිකිරිලියා වගේනෙ...ටික්කි ටිකිරි ටිකිරි ලියා....කලෙත් අරන් ලි...
"චූටීඊඊඊඊඊඊඊඊඊඊ...."
"ආහ් නෑ අයියා මොකුත් නෑ...ඇයි මේ උදේම ජල සන්නිය හැදිල වගේ...."
"7 යි යකෝ නැගිටපන්..ඉස්කෝලෙ යන පලවෙනි දවස නේද අද..."
හුටා ඉස්කෝලෙ....
"ඇයි ඕයි තමුසෙ මාව කලින් ඇහැරුවෙ නැත්තෙ...."
"තමුසෙට මන් 6.30 ඉදන් කතා කරන්නෙ..බැරිම තැන වතුර පාරක් ගැහුවෙ...ගිහින් ලෑස්ති වෙයන්....හරියටම විනාඩි 40 යි දෙන්නේ...7.40 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඕනි....8 වෙද්දි ඉස්කෝලෙ ගාව ඉන්න ඕනි...තේරුනානෙ "
"හාම්....."
ඖලක් නෑ ගායිස් මෙහෙ ඉස්කෝල පටන් ගන්නෙ ගොඩක් වෙලාවට 8.30 ට වගේ...හයි ස්කූල් නම් හවස 4 වගේ වෙනකන් තියෙනවා..
අද මට උගන්නන්න නෑ...අද තියෙන්නෙ වැඩ භාරගන්න යන්න...එතන ඩොකියුමන්ට් පොඩි වැඩ වගයක් තියෙයි...හෙට ඉදන් තමයි මන් උගන්නන්න යන්නෙ....
" බායි අයියා...පරිස්සමෙන්...හරියට කෑම කන්න...හෙට ඉදන් මන් උදේටයි රෑටයි උයන්නම්...අදට කඩෙන් කන්න..."
" පරිස්සමට ගෙදර යනව වැඩ ටික ඉවර කරලා...තමුසෙගෙ කල්ක්‍රියාව හොද වුනොත් වාහනයක් ගන්න එක ගැන සලකල බලනව මන් "
හහ් මෙයාගෙ ගෑස්...
කන්දක් උඩ තියෙන ලස්සන ඉස්කෝලයක් මේක...මට මතක් වෙන්නෙම මැලරි ටවර්ස් කතාවෙ ඉස්කෝලෙ වගේ...ලමයි කඩිරැල වගේ දුවනවා...සමහරු මන් දිහා හැරි හැරි බලනව....ලා දුබුරු පාටට බිම්මලක් වගේ යන්නෙ මොකෙක්ද මේ කියල බලනව ඇති..මීටර් 50 ක් විතර පොඩි පාරක උඩට ගිහින් අන්තිමට මන් නැවතුනා ගේට් එක ගාව...
성동고등학교
Seongdong High School
මේක සාමාන්‍ය ඉස්කෝලයක්....ඒ කියන්නෙ මෙහෙ සමහර ඉස්කෝල තියෙයි සල්ලිකාර ලමයි විතරක් ඉගෙන ගන්න...මට ඔය පොශ් වැඩ හරියන්නෑනෙ...මම තෝරගත්තෙ සාමාන්‍ය රජයේ පාසලක්...
ලංකාවට වඩා ටිකක් වෙනස් ඉතින්
ලමයි උදේ 8 වෙද්දි එන්න ඕනි..8.30 වෙද්දි ඉස්කෝලෙ පටන් ගන්නවා
එක පීරියඩ් එකක් විනාඩි 50 ක් ගානෙ පීරියඩ් 7 ක් තියෙන්නෙ
පලවෙනි පීරියඩ් 4 ඉවර වෙලා ඉන්ටවල් එක..12.10 ට වගේ ඉන්ටවල් හම්බෙන්නෙ...
හොදම සීන් එක කියන්නෙ මෙහෙ ඉන්ටවල් පැයක් තියෙයි..
කොහොමද ලංකාවෙ පැයක් තිබ්බනම් එහෙම...
ජිංග ජිගා ...චික්ක චිකා...
ආයෙ 1.10 ඉදන් 4.10 වෙනකන් 5,6,7 පීරියඩ් ටික
හවස 4 ඉදන් 6 වෙනකන් අතිරේක ක්ලාස්,ක්ලබ්,ක්‍රීඩා වගේ ඒවගෙ ඒව කරන්න පුලුවන්
6 ඉදන් රෑ 10 වෙනකන් රාත්‍රි ස්වයං අධ්‍යන කාලය..
මේව අනිවාර්ය නෑ
ඒත් ගොඩක් ඉස්කෝල වල ගොඩක් ලමයි රෑ 10 වෙනකන් ඉන්නවා...ඒවට ඉන්න අනිවාර්යය නෑ ඒත් ගොඩක් අය ඉන්නවා
ලංකාවෙ වගේම මෙහෙ ලමයින්ටත් නිවාඩු ගොඩක් ලැබෙනවා...
මුලින්ම අගෝස්තුවේ දි සති 5ක විතර නිවාඩුවක් හම්බෙනව
ඊට පස්සෙ ලොකුම නිවාඩුව winter එකට හම්බෙන්නෙ ඒක සාමාන්යෙන් දෙසැම්බර් අග ඉදන් පෙබරවාරි මුල වෙනකන් යනවා...හිම වැටෙන කාලෙට ඉස්කෝල වහන නිසා...
ඊට පස්සෙ පෙබරවාර් අගදි ආයෙ සතියක් වගේ හම්බෙනවා
පෙබරවාරි වලින් තමා අවුරුද්ද ඉවර වෙන්නෙ....
එතකොට මන් මේ ඉන්නෙ පෙබරවාරි නිවාඩුව ඉවර වෙලා අලුත් අවූරුද්දෙ මාර්තු මාසෙ පටන් ගන්න අලුත් අධ්‍යන වර්ශයේ පලවෙනිම දවසෙ..
.........................................................................
ඉස්කෝලෙ වැඩ ටිකත් ඉවර කරලා දවල් 1 වගේ වෙනකොට මට ගෙදර එන්න පුලුවන් වුනා..
ඇත්තටම ඒ මිනිස්සු හරිම හොදයි...මන් විදේශිකයෙක් නිසාම එයාල මට හොදට සලකනවා...කිසිම වෙනස්කමක් නෑ....මට බය ලමයි කොහොම වෙයිද කියල
ආපු ගමන් ගෙනාපු කෑම එකත් කාලා කාමරේ අස් කරන්න ගත්තා...
වෙලාවට අයියා වෙනම කබඩ් එකක් ගෙනල්ලා මගෙ ඇල්බම් ටික තියන්න...
කාමරේ බිත්තියෙන් එක පැත්තක බාගයක්ම මගේ හරූගෙ පෝස්ටර්...තව බාගයක් eclipse ලගෙ පෝස්ටර්....මේව තමයි පෑන්ස් ලයිප්..හහ්..
අල්මාරියත් අස් කරලා රෙදි ටිකත් වොශින් මැශින් දාලා ගේත් පොඩ්ඩක් අස් කරලා මන් ලෑස්ති වුනේ ශොපින් යන්න...
මොකද අද ඉදන් මන් අයියට උයල දෙන්න ඕනි..හැමදාම කඩෙන්ම කාලා එපා වෙලා ඇති එයාට...උදේටයි ඔය ලේසි බ්‍රෙක්ෆස්ට් එකක් හදලා ගත්තම ඇති....දවල්ටනම් අයියා කඩෙන්...මන් නම් ඉස්කෝලෙ කැන්ටිමෙන්..උදේ දවල් මෙහෙ විදිහට කාලා රෑට බත් උයනවා...එක වේලක් හරි ලංකාවෙ විදිහට බත් ටිකක් කන්න එපැයි....
සෙනසුරාදා මගෙ ඔන්ලයින් එකේ ක්ලාස් දවස....ඉරිදා තමයි අයියගෙයි මගෙයි නිවාඩු දවස...හැම ඉරිදාවකම අපි කොහෙ හරි යනවා ඇවිදින්න...
කලු බෙල් බොටම් එකට කලු අත් දිග ටීශර්ට් එකක් ඇදලා ඊට උඩින් කලු හූඩි එකක් දාගෙන කලු ස්ලිපර්ස් දෙකකුත් දාලා මන් ලෑස්ති වුනා ශොපින් පාරක් දාන්න...
මාව හොරෙක් වගේ පේනවද දන්නැ...හිහි...
හරූත් මෙහෙමනෙ...ඒ හින්දා මටත් ඒ විදිහට ඇදල පුරුදු වෙලා..
අපාට්මන්ට් එක ගාවම සුපර්මාකට් එකක් තියෙන හින්දා හොදයි ඉතින්...
ඒකට ගිහින් ඕනි බඩුයි ඕනි නැති බඩුයි ටිකක් අරගෙන....තව කිලෝ මීටරයක් විතර පයින්ම ගිහින් ලංකාවෙ බඩු තියෙන කඩේකටත් ගියා...එලවලු ටිකකුයි....මිරිස් තුනපහ ඒව ටිකකුයි ලංකාවෙන් ගෙනාපු පලතුරු ටිකකුයි අරගෙන මන් ගෙදර ආවා...
ලංකාවෙ ඉද්දි අපි අර වීඩියෝ බලන්නෙ fridge restock කරන...ඒව බල බල හූල්ල හූල්ල හිටපු මම දැන් ඒ වීඩියෝ වල තියෙනව වගේම ෆ්‍රිජ් එක restock කරනවා....
හනේ හනේ ආක්ශියෝ..ගැම්මක් ඈ....
වොශ් එකකුත් දාගෙන ලෑස්ති වුනේ උයන්න...අයිය එන්න කලින් උයල ඉවර කරගන්න ඕනි.....
පැය දෙකක් යනකොට උයල ඉවර කරගන්න පූලුවන් වුනා...
සුදු බත් බෙරිවෙන්න උයලා ඒත් එක්ක පරිප්පු,සැමන් තෙල් දාලා,කතුරුමුරුංගා මැල්ලුම්,අඹ මාලුව ,කට්ලට් එක්ක පපඩම්......
අයියා කන්න ආසම මෙහෙම....
මන් මෙහෙම හිටියට මට හොදට උයන්න පුලුවන්...අම්මි නැතිවෙන්න කලින් මට සේරම පුරුදු කරල ගියෙ...
අම්මි නැති වුනාට පස්සෙ අයියට අවුරුදු 5ක් තිස්සෙ කන්න උයල දුන්නෙ මන් තමා ඉතින්.......
"චූටී....I'm home...."
" වොශ් එකක් දාන් එන්න අයියා මන් කෑම ටික අරිනකම් "
"හම්මෝ සුවද......මොනා නැතත් අම්මිගෙ අත් ගුනේ උබට පිහිටලා තියෙයි චූටි....කාලෙකින් ඕයි බත් ටිකක් කන්නෙ...තමුසෙට මෙහෙට මාරුව හදාගන්න මාසයක් ගියානෙ...මාසයක් තිස්සෙ කඩෙන් කාලා එපා වෙලා තිබ්බෙ ඕයි...."
හනේ ඉතින් ඒ වචන ටිකම ඇති මට...
ඩයට් වලට බම්බු ගහගන්න කියලා බත් පිගන් දෙකක්ම කාලා කාලා මදිවට ඩිසට් එකට මින්ට් අයිස් ක්‍රීමුත් පෙරේතකමට පීනට් බටර් එකෙන් හැන්දක් කටේ ඔබාගෙන හුම්ම ගන්න බැරුව මාත් වැටුනා ඇදට
තාම 8 හමාරයි...නිදාගන්න තව වෙලාව තියේ...
It's ෆෝන් ඔබන ටයිම්.......
ආ මන් උයපුවගෙ ශෝට් වීඩියෝ එකක් ගත්තා ඉන්ස්ටා ස්ටෝරි දාන්න ඕනි...
නැත්තන් මිනිස්සු හිතනව ඇති අපි රට ආව කියල බත් කන්නැ කියල..
දාපු සැනින් ඉන්බොක්ස් එක පිරිලා
" ඇනේ හැලූ කචුරුමුරුංගා නේද ඒ ඔය කන්ට්‍රී එකී කොහිද අනී ඒවා"
ඩෙල්ටා ටොපියක් හිර වෙලාද මේකිගෙ..යකෝ සුද්දොත් ඊට වඩා හොදට සිංහල කතා කරනව...
ඒ අස්සෙ මගේ ලංකාවෙ හොදම යාලුවගෙන් මැසේජ් එකක්
" අඩෝ රස පාටයි බන්..අනේ මටත් බඩගිනීඊඊඊඊඊ....මටත් කන්න දීපියව්ව්ව්ව්ව්ව්ව්ව්ව්...."
එකිටත් රිප්ලයි දාලා මන් ගියේ kakao talk ඇප් එක පැත්තට...
අපේ ලංකාවෙ වට්සැප් යූස් කරනව වගේ මෙහෙ අය යූස් කරන්නෙ kakao talk..
කොලේජ් එකේ හිටපු යාලුවො සෙට් එක ඉන්න ගෘප් එකෙ මැසේජ් 1000 පැනලා...යකූ මුන් මොනව චැට් කරලද මන් නැතුව මෙච්චර...
හරිනෙ.. හරිනෙ...කොරියන් ද ලංකන්ද කියල අදාල නෑ..ජාතිය වෙනස් වුනත් මිනිස් ගති එහෙම්මයි..කොහෙන් ගියත් ඕපයක් ගැනමයි කියවන්නෙ...kdrama නිලියක් ගැන හුටපටයක්....
"යකෝ මේ ගෑනි.....කසාද බැන්දෙ ලගදි නේද...බැදල සතියක් නෑ හොට් ටොපික් එකක්...ඒකි අන්තිමට කරපු ඩ්‍රාමා එකේ නලුවා එක්ක වාහනයක් අස්සේ කිස් කරන ෆොටො ටිකක් ශෙයා වෙනව හිටු කියල..."
ඇත්තටම මේ සෙලිබ්‍රිටි ලයිෆ් නම් පට්ට අවුල්...නිදහසේ කන්න බොන්න නෑ...පබ්ලික් ප්ලේස් එකක ඇවිදින්න බෑ...මට හිතාගන්න බෑ මගේ හරූට මොනව දැනෙනව ඇත්ද කියල...
එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද දන්නෑ....ඇති නේද....kpop වල ඉන්න,kdrama,bolywood,hollywood මේ මුලු ලෝකෙම ඉන්න ප්‍රසිද්ද් සෙලිබ්‍රිටි ලා ඔක්කොම හරූට ඇහැ දාගෙන ඉන්නෙ...එලියට ප්‍රසිද්ද නොකලට එයාටත් කෙනෙක් ඇති...
Dating rumors කීපයක්ම මේ කාලෙට හරූ ගැන ඇවිල්ලා තියෙයි....ඉරිසියයි තමයි ඒත් ඉතින් ඒ ඇත්ත කවද හරි පිලිගන්න වෙනවා...කවද හරි එයා කසාද බදියි...ලමයි හදයි...අනිත් 4 දෙනාත් එහෙමයි....
අනිත් 4 දෙනා ගැන සහෝදරියක් විදිහට ...අපේ චේසර්ස්ලා කියන හැටියට අපි කවද හරි චේසර් නැන්දලා මාමලා වෙච්ච දවසට අපි ගොඩක් සතුටු වෙනවා....එයාලටත් ඇත්ත ආදරේ කවදම හරි හම්බෙනවනම් ඒක තමයි අපේ සතුට...
ලංකාවෙ කොල්ලො හිතන් ඉන්නේ අපි මේ චේසර් කෙල්ලො කියන්නේ eclipse ලව කසාද බදින්න හිතම් එයාලගෙ රූපෙට වහ වැටුනු අය කියලා....ඒක සම්පූර්නෙන් බොරුවක්...එහෙම අයත් ඇති...ඒත් බහුතරයගෙ ඉමෝශනල් සපෝට් එක එයාලා,වැටෙන වෙලාවට නැගිටින්න හයිය දෙන්න,දුක හිතුනොත් මූනට හිනාවක් ගේන්න පුලුවන් එයාලට...
මේ ලෝකෙ කිසිම ආටිස්ට් කෙනෙක් ගාව නැති හරිම නිහතමානී ගතිගුන eclipse ල ගෙ තියෙන්නේ..අපි හැමෝම එක පවුලක් වගේ...ෆැන්ඩම් එකෙන් පිට අයට ඒක තේරෙන්නෑ...අපේ බැදීම කොච්චරද කියල...ලෝක ජනගහගෙන් 1/3 ක්ම එයාලට මේ තරම් ආදරේ කරන්නෑනෙ හේතුවක් නැතුව...
ඒත් හරූ ගැන මගේ තියන හැගීම වෙනස්.. මැරෙන්න යන වෙලාවෙ තමන්ව මරනෙන් බේරගත්ත කෙනාට හිතින් ආදරේ කරන එක පවුකාර වැඩක් නෙමෙයි කියල මම හිතනවා...ආදරේකුත් නෙමෙයි ඒක නිකන් අමුතු පිස්සුවක් වගේ එකක්...
එයා කවද හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ව අපිට ඉදිරිපත් කලත්,කසාද බැදල ලමයි හැදුවත් මගෙ හිතේ එයාට තියෙන ඒ ගෞරවනීය අමුතු හැගීම නැතිවෙන එකක් නෑ....
ඉන්ස්ටා පාරක් දාලා යූටියුබ් එකටයි ටික්ටොක් එකටයිත් හොම්බ දාලා මැසේජ් එකක්වත් නැතුව වේලිලා තියෙන වට්සැප් එකෙ ස්ටේටස් ටිකත් බලල ....දත් සෙට් එකත් මැදලා මන් ආවා නිදාගන්න...
----------------------------------------------------------------
දන්නෙම නැතුව මාසයක් ගෙවිලා ගියා....අලුත් ඉස්කෝලෙට මන් දැන් හුරු වෙලා...ලමයි ටිකත් මට හරි එකතුයි....මොකද මමත් gen z උනුත් gen z....විශේශයෙන්ම කොල්ලො ටික මට හරි ආදරෙයි....මාත් උන්ට ආදරෙයි....
මුලින්ම උගන්නපු දවස් වල කියන එක කනටක ඇහුවෙ නෑ කවුරුත්...කොටින්ම කියනවනම් ලමයි ටික මාව ගනන් ගත්තෙ නෑ...මන් පොඩි නිසාද කොහෙද...සද්දන්තයො වගේ ඉන්නව සේරම...මන් වගේ දෙගුනයක් ව්තර ලොකුයි...ගෑනු ලමයි ටික මෙල්ල කරගන්න පුලුවන් වුනත් කොල්ලො ටිකව ආම්බාම් කරන එක ටිකක් අමාරු වුනා...
දවසක් මුන් සෙට් එකම කුප්ප වැඩක් කරල ප්‍රින්සිපල් සර්ට අතේ මාට්ටු...
මිස් ග්‍රේස් කියල සාහිත්‍ය උගන්නන මිස් කෙනෙක් ඉන්නවා...ගෑනි කොයි වෙලෙත් මගෙ පංතියෙ ක්ලාස් මොනිටර්,ඒ කියන්නෙ අපේ සෝ-ජුන් ට බැල්ම දාන් ඉන්නෙ....පුදුම මිස්ලා තමයි...මටත් ඕක පොඩ්ඩක් නෝට් වුනත් මන් එච්චර හිතන්න ගියෙ නෑ ගෑනිගෙ වයසත් එක්ක මේ පොඩි කොල්ලෙක්ට ලයින් දායි කියල හිතන්න පුලුවනෑ...
සෝජුන් හැන්ඩියා...කෙල්ලන්ගෙ ක්‍රශ් එක...ඔනි කෙනෙක්ට හිත යන එක සාමාන්‍යයි....ඒත් අවූරුදු 55ක් වෙන් ලමයින්ගෙ ලමයිටත් ලමයි ඉන්නෙ ඇන්ටි කෙනෙක්ගෙ හිත අවුරුදු 17 කොල්ලෙක්ට යන එක අසාමාන්‍යයි නේද...
එව්ව්ව්ව්ව්.....
දවසක් මූට බැරිම තැන මිස්ගෙ කාර් එකේ හුලන් යවලා කාර් එකේ මඩ ගාලා ඩස්බින් වල තිබ්බ කුනු වගයක් සීට් එකට හලලා... ගෑනිට ඉස්කෝලෙම එපා වෙලාද කොහෙද ගියේ ආයෙනම් මෙහෙ එන්නැ කියල...ඊට සතියකට පස්සෙ අස්වීමේ ලියුම ගෙනල්ල දීල ගිහින් තිබ්බා..
සීසීටීවී ඒ හරියෙ තිබ්බෙ නැතත් එක කෙල්ලෙක් ඕක දැකලා කේලම් කියලා මුන්ව මාට්ටු....
යකෝ කොරියාවෙත් චීත්ත ඉන්නව එහෙනං ...
ඒක නරක වැඩක් කියල හිතෙන්න පුලුවන් ....ඒත් සෝජුන්ගෙ පැත්තෙන් එයා සාදාරනයි...ඒ හින්දා මන් හිතුව ලමයින්ගෙ පැත්ත ගන්න....
එදා මන් තමයි ගිහින් ලමයින්ගෙ පැත්තට කතා කරල සාක්ශි නෑනෙ මෙයාලා ඒක කලා කියල ඔප්පු කරන්න කියල නොවදිනා වැදුම් වැදලා කොල්ලො සෙට් එකව බේරගෙන ආවේ...මේ අවුරුද්දෙ හොදම රිසල්ට් තියෙන පංතිය මගෙ පංතිය කරනව කියල ප්‍රින්සිපල් සර්ට පොරොන්දු දීලා...
එදා ඉදන් කොල්ලො ටික මට එකතුයි...විශේශයෙන්ම සෝජුනුයි උගෙ යාලුවො ටිකයි...
ඉස්කෝලෙදි ටීච ගෑවට ඉස්කෝලෙන් පිට සෝජුන් මට ආතල් එකට අක්කා කියනව ......දෙන්න හිතයි හොම්බට.....අනේ මන්දා සෝජුන්ව මට දැනෙන්නෙ මගේම මල්ලි වගේ....
ඉස්කෝලෙ ඇරිලා මාව බස් එකට දාන්න එකෙක් දෙන්නෙක් හරි එනවා හැමදාම....
ඇයි කියල ඇහුවම ආරක්ශාවටලු...
මහා උරග දැවැන්තයො වගේ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක හැමදාම බස් එක එනකන් එන නිසා මන් දිහා කොල්ලෙක් වත් හැරිල බලන්නෑ යකුනේ.....
තාම ප්‍රතම ප්‍රේමයවත් විදල නැති අහිංසක ලමයෙක් මන්...
මුන් හින්දා මට කොල්ලෙක් වත් සෙට් කරගන්න නෑ....
මන් ලයිසන් ගන්න දාලා තියෙන්නේ...තව ටික දවසකින් ඒකත් එයි...එතකොට මට මගේ ඩ්‍රීම් වෙහිකල් එක අරන් ඉස්කෝලෙ එන්න පුලුවන්....
හහ්...එතකොට වරෙන්කො උබල මගෙ පස්සෙන්...
අදනම් පොඩ්ඩක් රෑ වුනා ගෙදර එන්න..අද අයියා ගෙදර එන්නෑ කිව්වා...
උයනවද.......ම්ම් එක්කො බෑ වගේ....ඕඩර් එකක් දානවා...
ෆ්‍රයිඩ් චිකන් එක්ක බියර් ...හම්මා මෙව්වනෙ කෑම...
සම හරක් බැනගෙන එන්න පුලුවන් කෙල්ලෙක් වෙලා බොනවද බ්ලා බ්ලා බ්ලා....මොකද කෙල්ලන්ට බොන්න තහනම්ද..නෑනෙ...මගේ සල්ලිනම්...බොන්නෙ මන්නම් කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද....
මේ රටේ අනික ගෑනු පිරිමි භේදයක් නෑ...අවුරුදු 18 පැන්න ගමන් 90% ක්ම බොනවා...මේ සීතල දරාගන්න හොදම විදිහක් තමයි ඒක....
ඒත් එක්කම මට ඇහුනෙ දොරේ බෙල් එක වදිනව..
අනේ මගේ චිකන් පනේ...මන් එනවා....
කෑම එකත් ඇරගෙන දොර වහන්න හදද්දිම මන් දැක්කේ එහා ගෙදර දොර ඇරගෙන කෙනෙක් ගේ අස්සට යනවා...
පිටිපස්සට නිකන් මගේ හරූත් වගේ...උබට පිස්සුනෙ ආක්ශියො...හරූ කොහෙද මෙහේ...වෙන කෙනෙක් වෙන්න ඇති...
ඒත් මට වරදින්නත් බෑ eclipse ලා පිටිපස්සෙන් නෙමෙයි හච්චිමකින් වුනත්...ඇගිල්ලකින් වුනත් මට අදුරගන්න පූලුවන්...
ඒත් ඉතින් හරූ මෙහෙ ඉන්න විදියක් නෑනෙ...
දොරත් වහගෙන කෑම එකත් බැල්කනියට වෙලා k drama එකකුත් දාන් වාඩි වුනේ කන්න
The wonderfools...පට්ට ආතල් ඩ්‍රාමා එකක්...මන් ආසම ඇක්ටර් cha-eun-woo ඉන්නෙ...එක එපියක්වත් බෝරිං නෑ...
සීතල හුලගක් එක්ක තියෙන ලස්සන කාලගුනයක් එක්ක එලියට වෙලා බියර් එකක් බිබී ෆ්‍රයිඩ් චිකන් කන ගමන් k drama එකක් බලනව කියන්නෙ....
මෙව්වට තමයි බං ජීවිතේ විදිනව කියන්නෙ
රෑට තනියම ඉන්න,කලුවරේ ඉන්න මන් බයයි ඉස්සර...කොටින්ම කිව්වොත් මන් අම්මි ගාව නිදාගත්තෙ හැමදාම...
ඒත් ජීවිතේ කියන්නෙ හැමදාම එක වගේ නෑ...
සමහර තැන් වලදි කොච්චර අමාරු වුනත් අපිට වෙනව ඒ වෙනස්වීම් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න...
තාම අවුරුදු 22 ක පොඩි කෙල්ලෙක් වෙලත් නොදන්න රටක මහ රෑ එලියට වෙලා කාත් කවුරුත් නැතුව තනියම කෑම කන්න තරම් ගට් එකක් මට දැන් තියෙනවා...
මන් ගෑනු ලමයෙක්...මට අයියා හිටියත් අයියට කියන්න බැරි දේවල් තියෙනවා...මට ඒ ප්‍රශ්න කියන්න වෙන කෙනෙක් නැ..මන්ම තනියෙන් දරාගන්න ඕනි...
අම්මියි තාත්තියි නැති වුනාට පස්සෙ මන් පොඩි කාලෙ හිටපු බොලද කෙල්ලම වෙලා ඉස්සරහට ජීවත් වෙන්න බෑ කියන එක තේරුම් ගන්න මට මහ කාලයක් ගියෙ නෑ...
ඉතින් මන් අවශ්‍ය විදිහට මගේ පර්සනෑලිටි එක වෙනස් කරගත්තා...
ඒත් තාමත් ඒ පුංචි කාලෙ හිටපු දග කෙල්ල මගෙ ඇතුලෙ ජීවත් වෙනවා...
මට මතක් වෙනවා eclipse ලගෙ life goes on සිංදුවේ වචන ටික...
"Like an echo in the forest.....
a new day will dawn again....
as if nothing ever happened.....
Yeah, life goes on...."
මගේ ෆේවරිට්ම සිංදුවේ ෆේවරිට්ම පාට් එක..
Eclipse ලගෙ මියුසික් නිකන්ම නිකන් වචන නෙමෙයි...ගොඩක් ගැබුරු ලිරික්ස්...හැම වචනයක් ගානෙම ලොකු පනිවිඩයක් හැංගිලා තියෙනව...
ඒ වචන මටම ලියල වගේ....
ලාවට ඇස් පියවෙන්න වගේ දැනෙන නිසා මන් බැල්කනි ඩෝර් එකත් වහල ආව නිදාගන්න.....
- stay tuned -