ECLIPSE

https://telegra.ph/EECLIPSE-08-04
- දෙවන කොටස -
මගේ හරූ......
ඔව් මගේ හරූ...මම අද ජීවත් වෙලා ඉන්න හේතු 3 න් දෙවෙනි හේතුව....
මැරෙනකන්ම කවදාවත් ලගට දකින්න බැරි වෙයි කියල හිතන් හිටපු එයාගෙ අත් වල මම අද හිරවෙලා හිටියා...
මට තාම හිතාගන්න බෑ...මන් මේ හීනයක්ද දකින්නෙ....
හරූ...මගේ හරූ...මගේ ගැලවුම්කාරයා...
අවුරුදු 5 කට පෙර අතීතයට....
කොරියාවට ආපු මුල්ම දවස් වල....අයියා ජොබ් එකක් හොයන්න ගිහින්..මම අපේ පුංචි ගෙදර තනියම හිටියේ....ඩිප්‍රෙශන් වලට ඒ වෙද්දිත් බෙහෙත් බොනව මම...අපිට වැඩිය සල්ලි තිබුනෙත් නෑ ඒ ටිකේ...මොකද අයියට ජොබ් එකක් හොයාගන්න අමාරු වුනා එයාට භාශාව හොදටම පුලුවන් නැති නිසා...අයියා එක්ක ඉද්දි අම්මයි තාත්තයි ගැන මට එවෙලෙට ක්ශනිකව අමතක වෙලා තිබ්බත් මන් තනියෙන් ඉද්දි මට ඒව නිතරම මතක් වුනා...
හවසට මාව ගන්න ක්ලාස් එක ගාවට එන්නම් කියල ගියපු අම්මා ආවෙ පෙට්ටියක...අඩුම මට ඒ මූන බලාගන්නවත් වුනේ නෑ...පෙට්ටිය සීල් කරල තිබ්බෙ...අදුරගන්න බැරි තරමට අම්මා වෙනස් වෙලාලු..දෙය්යනේ මගෙ අම්මට කොච්චර රිදෙන්න ඇතිද...
ඒ වගේම මගෙ තාත්තා... අද අපි රෑට ඩිනර් එකකට එලියට යන්...ඒ හින්දා කලින් ගෙදර එන්නම් මම...කියල උදේ මට කියල ගියපු තාත්තා....දැන් අවුරුදු ගානකින් ආවෙ නෑ...ඇයි මට බොරු කිව්වෙ....
ඇයි ඔය දෙන්න මාව දාල යන්න ගියේ...අම්මි....තාත්ති...ඔයාලා දන්නවද ඔයාලගෙ දූට මිනිස්සු කියන කතා....වැඩිකල් ඉන්නැලු....විනාස වෙයිලු....මන් එහෙම නරක කෙනෙක් නෙමෙයිනෙ තාත්ති.....ඔය දෙන්න මාව හොදට හදපු නිසයි කිසිම කෙනෙක්ගෙන් වචනයක් අහගන්නැතුව හිටියෙ..
අනේ මාවත් එක්කන් යන්න....අනේ ප්ලීස්....මාවත් එක්කන් යන්නකෝ.....
ඒත් එක්කම මගෙ ඔලුව කැරකෙන්න ගත්තේ අම්මිගෙයි තාත්තිගෙයි මිනී ගෙදරට ගෙනාපු වෙලාව මගෙ මූන ඉස්සරහ මැවි මැවි පේද්දි..
බෙහෙත්...බෙහෙත්....බෙහෙත් බෝතලේ අතට ගද්දිම ඒක බිම වැටිලා ගේ පුරාම විසිරිලා ගියෙ මාව තවත් නොසන්සුන් කරල..
මටත් මැරෙන්න ඕනි....මට මැරෙන්න ඕනි යකෝ....අම්මයි තාත්තයි ඉන්න තැනට මටත් යන්න ඕනි....
ඒ එක්කම මන් දැක්කේ පලතුරු කූඩෙ උඩ තිබ්බ චූටි පිහිය...
මටම හිනාවෙච්ච මම හෙමින් හෙමින් එතනට ගිහින් පිහිය ඇදල ගත්තා.....
පිහිය අත ගාවටම ලං කරද්දි මට ඇහුනෙ මහ හඩින් ෆෝන් එක රිංග් වෙන සද්දෙ...
"හෙලෝ ඇයි"
Yoeboseyo...
අහ් ශිට් කොරියන් වලින් කතා කරන්නෙ
"Eor,wae ? "( ඇයි මොකද )
" අපි කතා කරන්නෙ Dream radio fm චැනල් එකෙන්..අද අපේ වැඩසටහ එක්ක එකතු වෙලා ඉන්නෙ ගිය සතියෙ අලුතින්ම debut වුන Eclipse සංගීත කන්ඩායම"
මම තමයි ඒකෙ ලීඩර් kim tak gu ...ඔයා අපේ අලුත්ම සිංදුව ඇහුවද ..."
" නෑ..."
" ආහ්...ඒක හොදයි...ඔයාට පුලුවන් අපේ සිංදුව නරඹලා ඒකට ඔයාගෙ ප්‍රතිචා..."
" නෑ මට ඕන්නෑ..."
" මන් කියන්නේ ඔයා අනිවාරෙන්ම ආස වෙ..."
" නෑ මට ඕන්නෑ යකෝ...මන් එකපාරක් කිව්වනේ...මට ඕන්නැති සිංදුවක් නෑ..මට ඕනි මැරෙන්න....ඇයි උබලා මට කෝල් කලේ...මට නිදහසේ මැරෙන්න දීපන්...අම්මෙක් තාත්තෙක් නැති අනාතයෙක් වගේ ජීවත් වෙලා එපා වෙලා තියෙන්නෙ මට..මට මැරෙන්න දීපන්...."
එහෙම කියල මන් ෆෝන් එක පොලවෙ ගැහුවා...
ආයෙත් පිහිය අතට ගද්දිම මට ඇහුනෙ මන් ජීවිතේටම අහල තියෙන සැනසිලිදායකම කටහඩ..
" හෙලෝ මිස්...මන් දන්නවා ඔයා තාම ලයින් එකේ ඉන්නව කියලා....ඒත් මන් කියන ටික හොදට අහගන්න මිස්....ඊට පස්සෙ ඔයා තීරනේ කරන්න...ජීවිතේ කියන්නේ ආයෙත් කවදාවත් රීස්ටාර්ට් කරන්න බැරි, එකම එක පාරක් ලැබෙන අවස්ථාවක්..... වැටෙන ප්‍රශ්න හැම එකක්ම ඔයාව ශක්තිමත් කරන්න එන ඒවා....ජීවත් වෙලා, දිනලා පෙන්වන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.....හැමදාම මේ කළු වලාකුළු තියෙන්නේ නෑ, හෙට දවස මීට වඩා ගොඩක් ලස්සන වෙයි.....
අනේ මන්දා, මට නම් හිතෙන්නේ ජීවිතේ කියන්නේ හරියට ලස්සන පොතක් වගේ....... දැන් තියෙන දුක්බර පිටු කියෙව්වා කියලා පොත වහලා දාන්න එපා...... ඉස්සරහට කියවන්න තියෙන ලස්සනම පරිච්ඡේද මඟ හැරෙයි........ ජීවත් වුණොත් විතරයි අපිට මේ කතාව ලස්සනටම ඉවර කරන්න පුළුවන්....... ඒ නිසා වැටෙන්න එපා, ඔයාට පුළුවන් නැගිටින්න.....
අහස කළු කරලා කළුවර වුණ තරමටම තමයි තරු ලස්සනට දිලිසෙන්නේ...... ජීවිතෙත් ඒ වගේ, උපරිම කළුවර කාලයක් ආවා කියන්නේ ඔයාගේ ලස්සනම කාලය ළඟදීම උදා වෙන්න යනවා කියන එකයි....... ඔයා ඇතුළේ ඉන්න ශක්තිමත් කෙනාව එළියට ගන්න ලැබුණු අවස්ථාවක් මේක...... හැමදාම කළුවර තියෙන්නේ නැහැ, ලස්සනට දිලිසෙන්න ලෑස්ති වෙන්න....
ඔයා එක්ක මම .....හැමදාම ඉන්නව මිස් "
අතේ තිබ්බ පිහිය අතෑරුනෙත් දොර ඇරගෙන අයියා දුවගෙන ආවෙත් එවෙලෙමයි....
චූටී.......
ඉතින් ඒ වචන ටිකෙන් පස්සෙ මන් තීරනේ කලා ජීවත් වෙන්න...මට බෑ කියපු හැමෝටම මන් කවුද කියන එක මන් ඔප්පු කරනවා කියල මන් හිතාගත්තා....
මගෙ ඉමෝශනල් සපෝට් එක වුනේ එයලා
Eclipse සංගීත කන්ඩායම...
මන් එදා ඉදන් මියුසික් වලට ආදරේ කරන්න පුරුදු වුනා...ඒ හැම සිංදුවකම හැම වචනයක්ම මට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්නා....මට බෑ කියල හිතෙනකොට...මට දුක හිතෙනකොට...මන් එයාලගෙ සිංදු අහන්න පුරුදු වුනා....කොච්චර නරක දවසක අවසානයේ වුනත් මගේ ජීවිතේ එලිය කරන්න ආපු කුමාරයෝ 5 දෙනාගේ විහිලු වැඩ,ලයිව් ඇවිල්ල කරන විකාර ඕව බලලා හිනාවෙන්න පුරුදු වුනා.....මගේ මූඩ් එක එක තප්පරේකින් වෙනස් කරන්න පුලුවන් එයාලට විතරමයි....අඩුම තරමෙ අයියටවත් බෑ...
මට ඕනි දවසක එයාලව හම්බ වෙන්න...එයාලට තෑන්ක් කරන්න...මගෙ ජීව්තේ මට ආපහු දුන්නට ස්තූතියි කියන්න...එයාලව එකපාරක් බදාගන්න....මං එයාලා ගැන කොච්චර ආඩම්බරද...මන් එයාලට කොච්චර ආදරේද කියන්න....ඒත් ඒක හීනයක් විතරයි...ඒත් මන් මැරෙන දවස වෙනකන්ම ඒ හීනෙ දකින එක නවත්තන්නෑ...
පොඩියට පටන් අරන් දවසෙන් දවස එයාලගෙ දක්ශතාවය එක්ක දියුනු වුන ඒ පොඩි කොල්ලො 5 දෙනා දැන් ලොකුයි...මාත් එයාල එක්කම ලොකු වුනා වගේ මට දැනෙන්නෙ....debut වුන මුල් කාලෙ කවුරුත් ගනන් ගත්තෙ නැති,award show වලදි ඒ කාලෙ හිටපු ප්‍රසිද්ද kpop idol ලා කොන් කරපු එයාලා අද වෙද්දි පෘතුවියේ බිහිවෙලා තියෙන හොදම සහ දැනට ලෝකෙ ඉන්න ලොකුම ජනප්‍රියම සංගීත කන්ඩායම...
Kpop කියන එක කොරියාවෙන් එලියට ගෙනාවෙ මෙයාලා...අද වෙනකොට ලෝකෙ ඉන්න ලොකුම ඇක්ටිව්ම ෆෑන්ඩම් එක අපි..ඒ කියන්නෙ chasers ලා.......
මයිකල් ජැක්සන්,ද බීටල්ස් ගෙන් පස්සෙ බිලියන ගානක් ආදරේ කරන එකම artist....දැනට බිලියන 8 ක් ජීවත් වෙන ලෝකෙ eclipse ෆැන්ඩම් එක...ඒ කියන්නේ chasers ලා බිලියන 2-3 ත් අතර ප්‍රමානයක් ඉන්නවා කියල estimate කරනවා...
වයස් භේදයක්...ගෑනු පිරිමි භේදයක් නැතුව මුලු ලෝකයක්ම ආදරේ කරනව මේ කොරියාවෙ ඉදන් ලෝකෙම හොල්ලපු පොඩි කොල්ලො 5 දෙනාට....
ඉතින්...මන් එයාලා එක්ක බලද්දි කවුද....මන් පොලවේ පස් වල දගල දගල ඉන්න පනුවෙක් වගේ...එයාලා අහසේ පුංචි තිතක් තරම් වත් පේන්නැති ගොඩක් දුරින් ඉන්න දිලිසෙන තරු 5ක්....ඒ අතරින් මගේ හරූ...එයා තමයි වැඩියෙන්ම දිලුසෙන තරුව...සෝලෝ අතින් ගත්තම ලෝකෙ වැඩියෙන්ම ස්ට්‍රීම් වෙන සෝලෝ ආටිස්ට් මගෙ හරූ....
හරූට තරගයක් දෙන්න ඉන්නේ හරූගෙම බෑන්ඩ් එක වෙන eclipse විතරයි...
දැන් මෙයාල මෙච්චර ප්‍රසිද්ද වෙලා හිටියට මුල්ම කාලෙ...චේසර්ස්ලා බොහොම පොඩ්ඩයි හිටියේ...බිලියන ගානක් ඉන්න ෆෑන්ඩම් එකේ පලවෙනි දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් මමත්....
ඒ හැගීම මට විස්තර කරන්න බෑ....එදා ඒ කෝල් එකෙන් පස්සෙ එයාලගෙ පලවෙනි කොන්සට් එක තිබ්බා බූසාන් වල...
මට මතකයි එදා එයාල මුලින්ම ස්ටේජ් එකට නැගපු හැටි...මිනිස්සු 50ක් වත් හිටියෙ නෑ කොන්සට් එක බලන්න.ඒක ෆ්‍රී කොන්සට් එකක් වෙලත්......එතකොට මගේ හරූ තමයි මේන් වෝකලිස්ට්....කිසිම හැල හොල්මනක් නැතුව පුටුවල වාඩි වෙලා තමන්ගෙ කතා බහ වල ඉන්න මිනිස්සු දිහා එයා බය වෙලා බලන් හිටියා....එක මොහොතකට එයා හිතන්න ඇති මන් මේ තෝරගත්තෙ වැරදි පාත් එකක්ද කියල.....
ඒත් එක්කම මම පුටුවෙන් නැගිට්ටා...
" Eclipseeeee...ඔයාලට පුලුවන්....අපි පටන් ගමූ..."
මන් හයියෙන් අත්පුඩි ගහනවත් එක්කම එතන හිටපු අයගෙ අවදානෙ ස්ටේජ් එකට යොමු වුනා....
ඒ ලස්සන බෝබා ඇස් වලින් මගෙ දිහා බලලා හරි ලස්සන හිනාවක් මට දීලා එයා පටන් ගත්තා සිංදුව කියන්න.....
එහෙම හිටපු එයාලා අද බිලියන ගානකගෙන් ආදරේ ලබනකොට එයාලගෙ මුල්ම ෆෑන් කෙනෙක් වෙච්ච මට කියාගන්න බැරි තරම් ලස්සන හැගීමක් දැනෙන්නේ.....
Eclipse...
K drama actors ලටත් වඩා කඩවසම් කොල්ලො 5 දෙනෙක්...5 දෙනාම බිලියනපතියෝ
ලීඩර් සහ වෝකලිස්ට් - kim takgu ...ස්ටේජ් නේම් එක KAI..
Main Rapper and dancer - lee do yun....ස්ටේජ්නේම් එක LEE...
rapper සහ producer - Lim hyun woo...ස්ටේජ් නේම් එක CYAN...
Vocalist සහ main dancer - park jin woo ....ස්ටේජ් නේම් එක JINWOO...
Main vocalist සහ visual- Han soo-hu..ස්ටේජ් නේම් එක SOHU...
සහ ගෲප් එකේ maknae ...ඒ කියන්නෙ බාලම කෙනා...හැමෝම එයාව හදුන්වන්නේ All rounder king...කියලා...හැම දේටම දක්ශයි....ගෲප් එකේ ප්‍රසිද්දම කෙනා මෙයා...සහ කඩවසම්ම කෙනා මෙයා....අවුරුදු 5 ක් තිස්සේ most handsome man in the world අවෝඩ් එක සොහුට හම්බුනේ...ඉතින්
හැමෝමට සෝහු වෙච්ච එයා මට විතරක් Haroo....
මගේ හරූ....මගේ survior....මැරෙන්න ගිය මම නැවතුනේ එයා හින්දා....මට විතරයි එයා හරූ වෙන්නෙ....
ඒ වගේම මගේ පලවෙනි ආදරේ..මට කවදාවත් ලබාගන්න බෑ කියල දන්න..අඩුම මට එයාව ඇස් දෙකට ලගට දකින්නවත් බෑ කියල දන්න මගෙ ආදරේ.....
මන් කියල කෙනෙක් ඉන්නවද කියලවත් දන්නැති මනුස්සයෙක්ට...මට මැරෙනකන්ම ලගා වෙන්න හිතන්නවත් බැරි මනුස්සයෙක්ට ආදරේ කරනව කියන එක පිස්සුවක් වගේ පේනව ඇති ඔයාලට.....අනික මම විතරක් නෙමෙයි බිලියන ගානක් කෙල්ලො ඉන්නවා එයාට ආදරේ කරන....
ඒත් මගෙ ආදරේ වෙනස්...ඒක කසාද බදින්න බලන් කරන ආදරයක් නෙමෙයි...ඒක නිකන් ගෞරවයත් එක්ක මිස්ක් වෙලා එන අමුතු හැගීමක්....
ඒත් එයා මට නිකන්ම කෙනෙකුත් නෙමෙයි...මන් අද ජීවත් වෙන්නෙ එයා නිසා...ඉතින් මගේ ෆැන්ටසි එක ඇතුලේ මම සතුටින් නම් වෙන කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනෙ...
Ha-Roo ..... ඒ නමට තේරුම් ගොඩක් තියෙයි...සූර්යයා...එක ලස්සන දවසක්..වසන්ත කාලය...පැහැදිලි අහස.....මගේ sunshine...
ඉතින්
KAI....
LEE....
CYAN...
JINWOO..
SOHU...
මේ ඉන්නෙ මමත් ඇතුලුව Chasers ල බිලියන ගානකගෙ හදවත් සනීප කරන්න පුලුවන් ලස්සන සංගීතයක් නිපදවන ඒ කොල්ලො 5 දෙනා...Eclipse සහ chasers ල අතරෙ තියෙන්නෙ සාමාන්‍ය artist සහ fan ල අතර තියෙන සම්බන්දයක් නෙමෙයි...අපි හැමෝම එකම පවුලක්..5 දෙනාගෙ personality 5 ක් තියෙන්නෙ....
හේටර්ස්ලා නැතුවම නෙමෙයි...ලංකාවෙනම් ඕනි තරම් හේටර්ස්ලා ඉන්නව...විශේශයෙන්ම කොල්ලො...කොරියන් අයට රැවුලක් නැති නිසා ලංකාවෙ රැවුල තියෙන,ගෙදරින් දාල දෙන ඩේටා කාඩ් එකෙන් ඔන්ලයින් ඇවිල්ලා පිං බත් කකා කමෙන්ට් සෙක්ශන් වල වැලලෙන අයියල ඉතින් දන්නෙ ඒක විතරයි...එයාල හිතන් ඉන්නෙ එයාලා hate කරහම eclipse ල නැති වෙයි කියල....අනේ මොනා කියන්නද ඉතින්...මන්නම් ඔය හේටර්ස්ලා එක්ක වාද කරන්න යන්නෑ..මොකද ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි මන් හොදට දන්න නිසා...අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ අපිට කියපු කතා අපිට සලකපු විදි වලින් තමා මන්නම් හොදට තේරුම් ගත්තෙ....අනික පිස්සො එක්ක වාද කලොත් අපිවත් ඒ තත්වෙට වැටෙනවා..
මුලු ලෝකෙම බිලියන ගානක් ආදරේ කරකොට ලංකාවෙ කොල්ලො කීප දෙනෙක් හේට් කලා කියල දූවිල්ලක් තරම්වත් දැනෙන්නෑ නෑ ඒක...
කවුරුහරි සමාජයෙ ඉස්සරහට යනකොට...මඩ ගහන්න බලන් ඉන්නෙ හැමෝම....ඒකට කියන්නෙ ඉරිසියාව....වැරැද්දක් තිබ්බත් නැතත් අල්ලගෙන රැල්ලට බනින එක ලංකාවෙ මිනිස්සුන්ගෙ පුරුද්ද...
Eclipse ලට ලංකාවෙ කොල්ලො කියල නමට ඉන්න අයගෙනුත් ඒ වගේම hate එකක් තියෙන්නෙ..රැල්ලට ඔහේ බනිනවා..බැන්නෙ නැතොත් කොන් කරනවා...අඩුම එයාලට මෙච්චර මේ ලෝකයක් ආදරේ කරන්නෙ ඇයි ?එයාලගෙ මියුසික් මොන වගේද ? ඒ කිසිම දෙයක් දන්නෑ....
සෝශල් මීඩියා වල කමෙන්ට් සෙක්ශන් වල රගන සේරම එතනදි විතරයි හෙන පොර ටෝක් දෙන්නෙ...ඇත්ත ජීවිතේ සමාජෙන් ප්‍රතික්ශේප වෙන,නිවට මිනිස්සු.....
හොදට ඉගෙන ගත්ත,ඉගෙන ගත්තෙ නැතත් වැදගත් විදිහට හොදට ජීවත් වෙන මිනිස්සු ඔය වගේ හැසිරෙන්නෑ..එහෙම හැසිරෙන්න ඒ මිනිස්සුන්ට වෙලාවක් නෑ...තමන් artist කෙනෙක්ට ...සිංදුවකට....කැමති නැත්තන් පැත්තකට වෙලා පාඩුවෙ යනව ඒ අය..
එහෙම නැතුව කෙනෙක් artist කෙනෙක්ව stan කරන එකට එයාලට ජරා කතා කියනව කියන්නෙ මනුස්සයෙක්ගෙ පහත්කම ඒකෙන්ම තේරෙනව....
මන් හිතන්නෙ මේ ලෝකෙ කර්මය කියල දෙයක් තියෙනව..අනුන්ට අවලාද කියන අපහස කරන මිනිස්සුන්ට කවදාවත් හරියන්නෑ...තව කෙනෙක්ට ගරු කරන්න දන්නැති අයට කොතනදිම හරි ජීවිතේ වරදිනව...
මනුස්සකම් දන්න,යහපත් මිනිස්සුත් ලංකාවෙ ඇති...ඒත් බහුතරයක් අර විදිහයි...ඒක නිසා තමයි කවදාවත්ම ලංකාවට දියුනු වෙමින් පවතින රටක් කියන title එකෙන් මිදිලා සංවර්ධනය වූ රටක් කියන තැනට එන්න බැරි....
අපේ අය කෑමක් විකුනුවත් ඒ කෑම හොදට හදල මිනිස්සුන්ට කන්න දෙන එක නෙමෙයි බලන්නෙ...මොන ජරාව හරි දාලා ඒක විකුනගන්න බලන්නෙ..ඒත් මේ රට ඒකෙ සම්පූර්න අනිත් පැත්ත...මෙයාල බලන්නෙ කොහොම හරි පෝශනීය ගුනදායක විදිහට මිනිස්සුන්ට කන්න දෙන්න..ඒකයි මේ වගේ රටවල් මෙච්චර දියුනු වෙලා තියෙන්නෙ....
හරි...බයිලා වැඩක් නෑ...මේ ලෝකෙ මිනිස්සු බිලියන 8 ක් ඉන්නවා බිලියන 8 ක අදහස් තියන...ඒක අපිට වෙනස් කරන්න බෑ...මමනම් දන්නෙ එක දෙයයි...
" අපි හම්බ කරොත් අපි කනවා "
.........................................................................
ඉතින් මගෙ අයියා Bee - entertainment එකේ වැඩ කරන්නෙ...තෙරපිලා ගිහින් පෝලිම් වල ඉදන් ඇල්බම් ගන්න එක...කොන්සට් ටිකට් එකක් ගන්න එක යුද්දයක් වගේ...විනාඩියක් යන්න නෑ ටිකට් විකිනෙලා ඉවර වෙනව.ඒව මට කිසිම අවුලක් නැතුව අයියගෙන් ගන්න පුලුවන්..ඒත් මන් එහෙම කරන්නෑ..මොකද එහෙම කලොත් ෆෑන් කෙනෙක් කියන එකේ තියෙන ඒ හැගීම,ඒ ආතල් එක නැති වෙනව....ඉතින් මන් රැකගෙන ඉදල රෑ ඇහැරන් ඉදල එහෙමත් 40 පාරක් ට්‍රයි කරල මට ටිකට් ගන්න පුලුවන් වුනේ 3 පාරයි....ඒකත් දුරම සීට්...එහෙම තමා ඉතින් ෆෑන් කෙනෙක් වුනාම...හැමෝටම මේව තේරෙන්නෑ ඉතින්...
Eclipse කියන්නෙත් bee entertainment එක යටතේ තියෙන බෑන්ඩ් එකක්....bee වල දියුනුවේ රහස....කොරියාව ආර්ථිකේ දියුනුවේ රහස...වෙන කවුරුත් නෙමෙයි eclipse ලා...
ඉතින් අවුරුදු ගානක් තිස්සෙ ආදරේ කරන..කවද හරි මැරිල යන්න කලින් ඇස් දෙකට දැකගන්න ඕනි කියල හිතපු මගේ හරූගේ අත් වල මම අද හිර වෙලා හිටිය කියන එක..
ඒක මට දරාගන්න බෑ....ඒ ඇස් වලින් මන් දිහා බැලුවා කියන එක.....මන් කියල කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙනව කියල එයා ඒ මොහොතෙ හරි දැනගත්තා කියන එක....ඒක මට දරාගන්න බෑ....මේ හැමදේම හීනයක් වගේ...
කදුලු ටික දිය වෙනකන්ම ශවර් එක යටට වෙලා අඩපු මම ඇගත් පිහදගෙන පිජාමා එකත් ඇදගෙන ඇදට ගියා නිදාගන්න....
අනේ මට නින්ද යන්න එපා....අද වුන දේ හීනයක්නම්...අනේ එහෙම වෙන්න එපා දෙවියනේ.....
----------------------------------------------
- stay tuned -