EECLIPSE

- පලමු කොටස -
මම ලියන පලවෙනි කතාව මේක.අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. මේක ටිකක් වෙනස් කතාවක් වුනත් ඔයාලා මගේ කතාව ආදරයෙන් වැලදගනි කියල මන් බලාපොරොත්තු වෙනවා.ඒ වගේම වෙනත් භාශා වලින් කතා කරන දෙබස් සිංහලෙන් ඉදිරිපත් කරන්නේ ඔයාලගෙ කියවීමෙ පහසුවට
---------------------------------------------------------------
"" Busaan The sea glass cafe ""
"Iced americano large එකයි Animal style cheese burger එකයි sweet potato fries small එකයි "
ඕඩර් එකත් අරගෙන කැෆේ එකේ කොනේම රතු පාට ලයිට් එක යට තියෙන මේසෙ වාඩි වෙලා කන්න ගත්තෙ බඩගින්න වැඩි කමටමයි..
ඒ අතරෙ කැෆේ එකේ ප්ලේ වෙන්න දාලා තියෙන සිංදුව ඇහුනම මූනට නිකන්ම හිනාවක් ආවත් වැඩි වෙලා හිනා වෙන්න වුනේ නෑ ෆෝන් එක ටිං ගාල සද්දයක් එක්ක වයිබ්රේට් වෙච්ච නිසා..
" ගිනි මකරා "
හරිනෙ හරිනෙ..මගේ අතිපන්ඩිත කොල පවිටු උත්කෘශ්ට වු අවශිෂ්ට කට්ට වෙට්ට පිත්තල සහෝදර උත්තමයගෙන් මැසේජ් පෝලිමක්..
" උබ හිතුවද හොස්පිටල් ගිය එක මට ආරංචි වෙන්නැති වෙයි කියල " රතු පාට පිඹින ඉමොජි එක
" ලංකාවෙ වගේම තමයි මෙහෙත් මට යාලුවො ඕනි තරම් ඉන්නව busan හොස්පිටල් එකෙ මේන් physician මගෙ හොදම බොක්කක් "
" ඌ තමයි මට කතා කරල කිව්වෙ උබ හොස්පිටල් ආවා ගෑස්ටික් හොදටම වැඩියි.ඉක්මනට සනීප කරගත්තෙ නැතොත් ගොඩක් අවදානම් කියල " කුනුහරප කියන ගමන් පිඹින රතුපාට ඉමොජි එක
" හරියට වෙලාවට කාල බීල ඉදපන් චූටි.මට ඉන්නෙ උබ විතරනෙ " අඩන ඉමොජි එක
" හෙට ඉදන් උබ ලෑස්ති වෙලා හිටපන්.බත් මුට්ටි පිටින් ගිල්ලන්නෙ.කෑවෙ නැතොත් උබව පරලොව යවනවා ලෝදිය කකා ඉන්න " රවන ඉමොජි එක
" ලෝදිය කන්නෑ ඕයි.බොම්න දෙම්නෙ බොම්න" කියල තනි වාක්යෙන් රිප්ලයි එකක් දාලා ෆෝන් එක ඕෆ් කරල ආයෙම කන්න ගත්තෙ අයිය ඕක දැකල කුලප්පු වෙලා කෝල් කරල මන් බර්ගරුයි ෆ්රයිසුයි කනව කියල දැනුනොත් ඊලග දවසෙ ඉදන් දත් නැතුව බත් කන්න වෙයි කියල බයට..
මන් ඇවිල්ලා අපේ ගෙදර එලිය කරන සිරියාවන්ත ඉතාමත් අහිංසක තැන්පත් ගුනගරුක සදාචාරාත්මක අවංක see more....
ගෙදර කිව්වට ඉතින් මගේ පවුල හරිම පොඩියි.අයියයි මමයි.
අපි දෙන්නට අපි දෙන්න විතරයි ඉන්නෙ.අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති වෙනකොට මට අවූරුදු 15 යි.අයියට 20 යි.
Al ඉවර කරල කැම්පස් පටන් ගන්නකන් ආතල් එකේ කකා බිබී ගෙදරට වෙලා හිටපු අයියට අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ මාව බලාගන්න බාර වුනා.
කැම්පස් යන ගමන් රෑ එලි වෙනකන් පාට් ටයිම් ජොබ් කරන ගමන් මාවත් බලන එක අයියට ගොඩක් අමාරු වුනා.මොකද මම එකපාරට අම්මයි තාත්තයි නැතිවුන එකෙන් ගොඩක් මානසිකව වැටිල හිටියෙ.ඒ හින්දා නිතරම මට පැනික් ඇටෑක් එන්න ගත්තා.මාව තනියම ගෙදර තියන්න අයියා බය වුනා.ඒ නිසා මට ol ඉවර වුන ගමන්ම අයියගෙ කැම්පස් ගමනත් නවත්තල දාලා ගෙදර වාහන දේපල ටිකත් විකුනලා අයියා මාවත් එක්කරන් ආවා වෙන රටකට.
ඔව් ඒ වෙන කොහෙවත් නෙවෙයි...දකුණු කොරියාව....
මන් පොඩි කාලෙ ඉදන් ආසාවට ඉංග්රීසි සහ කොරියන් ඉගෙන ගත්තා...ඉතින් මට මෙහෙ දේවල් අමාරු වුනේ නෑ...අයියට එකපාර අමාරු වුනත් අවුරුද්දක් දෙකක් විතර යද්දි අයියත් වතුර වගේ කොරියන් කතා කරන්න පුරුදු වෙලා දන්නෙම නැතුව...
දැන් අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු 5ක් දැන් මට 22 ක් වෙනවා.මම තමයි ඇවිල්ලා බූසාන් වල තියෙන ප්රසිද්දම ඉස්කෝලයක් වෙන kyungnam High school එකේ ලාබාලතම ටීචර්.
ආ නෑ සොරි සොරි හිටපු ටීචර්....මොකද මන් හෙට ඉදන් වෙන පලාතක වෙන ඉස්කෝලෙකට ට්රාන්සර් යනව....
මන් ඉංග්රීසි තමයි උගන්නන්නේ.මහ ලොකු පඩියක් නෑ මාසෙකට රුපියල් වලින් ගත්තොත් ලක්ශ 7ක් 8ක් විතර හම්බ කරන්න පුලුවන්.
අයියා සෝල් වලට මාරු වුනත් එක්කම මටත් සෝල් වලට යන්න සිද්ද වෙනව ඉතින්...කට කැඩෙනකන් කිව්වා මන් මෙහෙ ඉන්නම් කියල...කොහෙද පොර කැමති නෑනෙ....ඉතින් මමත් බූසාන් වල ඉදන් සෝල් වලට ජම්පින් ගොයින් වෙන්න හදන්නෙ.....
හෙට තමයි මන් අලුත් ඉස්කෝලෙ වැඩට යන පලවෙනිම දවස.මොනව වෙයිද කියල හිතාගන්න බෑ මොකද ඒක mix school එකක්.මට වඩා අවුරුදු 5ක් විතර බාල සෙට් එකකට උගන්නන්න තියෙන්නෙ මට.
කැම්පස් ඉවර වුන ගමන්ම ජොබ් එක හම්බෙනකන් මන් ටියුශන් කරන්න ගත්තා...
ඔන්ලයින් තමා කලේ...අති සාර්ථකව ලමයි 3දෙනෙක්ගෙන් පටන් ගත්තු ක්ලාස් එකේ දැන් ලමයි 1800ක් විතර ඉන්නවා...ඔය 1800න් 1000 විතර ලංකාවෙ ලමයි...ඉතුරු ටික මෙහෙ අය..
එතකොට මගෙ අයියා මෙහෙ ආපු මුල් කාලෙ එක එක කුලී වැඩ කලා...ඊට පස්සෙ තමයි එයාට ස්තිර ජොබ් එකක් හම්බුනේ.
දැන් එයා Bee - entertainment එකේ.....අපේ අයියා ඒකෙ ඉන්න ප්රදානම talent director coach..
ඒ කියන්නෙ අලුතෙන් idol ලා වෙන ,සිංගර්ස්ලා වෙන්න් ,ඇක්ටර්ස්ලා වෙන්න හීන දකින අයගේ ටැලන්ට් එක අදුරගෙන එයාලව ආයතනෙට ට්රේනින් වෙන්න බදවගන්න කෙනා...
ඉතින් දැනට එයා මං වගේ දෙතුන් ගුනයක් පඩි ගන්නවා....
Kpop වල වැජඹෙන තරු කීපයක්ම bee එකෙන් එලියට එන්න ප්රදානම හේතුවක් තමයි අපෙ අයියා...
ගැම්මක් තමා ඉතින්....
ඉතින් මගේ නම ආක්ශි.....
ආක්ශි ලියේනා ඇන්ඩර්සන්....
පෙනුම කියල ඉතින් මහ එකක් නෑ මට...මන් සුදු නෑ කලුත් නෑ...මන් තලෙලුයි..මෙහෙ අය ඉතින් කිරි පාටයිනෙ මුන් එක්ක බලද්දි කලුයි වගෙ තමා....අඩි 5 ක් කොටයි හරියටම...මහතත් නැති කෙට්ටුත් නැති ඇගක් එක්ක මට තියෙනවා ගයිස් අපෙ අයියගෙ ජීව්තේ වටිනම දේ..මගෙ කේශ කල්යානිය....දනිස්ස ගාවටම දිග කොන්ඩෙ...ගොඩක් ගනකමයි...ගෙඩියක් ගැහුවම බෙල්ල රිදෙනවා...ඒ තරම් කොන්ඩෙ ලොකුයි...මටනම් ඒකට ආසාවක් නෑ...කොහෙද අපෙ අයියා මට මරන තර්ජන කරල තියෙන්නෙ කොන්ඩෙට අතක් තියන්නෑ කියල...ඉතින් පින් කරලා නර පනුවෙක් වෙන්න ලබාගත්තු ජීවිතේ කොන්ඩයක් හින්දා නැති කරගන්න ඕනි නෑනේ...කොන්ඩෙ නිසා කොහේ ගියත් හැමෝගෙම ඇස් මගෙ ලග...මොකද කොරියන් අයට මේ වගේ කොන්ඩයක් හීනෙකින් වත් හම්බෙන්නැ...ඒ හින්දා ගොඩක් වෙලාවට මන් ගුලියක් ගහන් යන්නෙ....මගෙ එහෙම අසාමාන්ය ලස්සනක් නෑ කැතකුත් නෑ ඉතින්...අනේ මන්දා...මේ කොරියන් අය මාර ලස්සනයිනෙ...මුන් එක්ක බැලුවම මන් හැලි වැදිරියක් වගේ.....
අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ මම ක්ලාස් එහෙම යද්දි සමහරු මගෙන් අහනව ඇයි ඔයා ඉගෙනගන්නෙ කියල..
යකෝ දෙමාපියො මැරුන කියල අපි කාලකන්නි වෙන්න ඕනිද....ඔව් මන් කාලකන්නියෙක් ලෙඩෙක් වෙන්න තිබ්බා..එහෙම නොවුනෙ හේතු 3ක් නිසා..
පලවෙනි හේතුව මගෙ අයියා...ඉතුරු හේතු 2 මන් පස්සෙ කියන්නම්...අද මන් මෙහෙම නැගිටලා ඉන්නෙ...ශක්තිමත් කෙල්ලෙක් විදිහට සමාජයට මූන දීලා ඉන්නෙ...එයාලා නිසා....මගෙ ජීවිතේ...මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නෙ එයලා...අද මන් ජීවත් වෙන්නෙත් එයාලා නිසා....
අම්මයි තාත්තයි නැති වුනාට පස්සෙ අපි දෙන්නා හොදට ඉගෙන ගත්තා මිනිස්සු කියන්නෙ කවුද කියලා...
මගේම යාලුවො මාව කොන් කලා...සමහරු හිනා වුනා..සමහරු අනුකම්පා කලා...දවසක් මට ඇහුනා මගෙම යාලුවො කියනවා...දැන් අම්මත් නෑනෙ...බලන්න කෙනෙක්කුත් නෑ...ඕකිගෙ අහිංසක කම තව ටික දවසයි...තියෙන ලස්සනත් එක්ක කොල්ලො කොච්චර පස්සෙන් එනවද...ටික කාලයක් යද්දි විනාස වෙලා ඉවර වෙයි...කියලා...
දෙයියනේ අම්මා තාත්තා නැති වුනා කියල කෙල්ලෙක් කොහොමද එහෙම විනාස වෙන්නෙ....ඕවයි මේවයි හැම අතින්ම ප්රශ්න..
මට පේන්නම බැරි දේ මට අනුකම්පා කරන එක...
ඒ ටික කාලෙට අයියයි මමයි මිනිස්සු කවුද කියන එක හොදට අදුර ගත්තා....
ඒ දවස් වල මට එක එක කියපු උන් තාමත් ගෙදරින් කකා බිබී Al කරද්දි මන් දැන් ලක්ශ 25ක් 30ක් මාසෙකට හම්බ කරන ගමන් සැප ජීවිතයක් ගත කරනවා...
ඉන්ස්ටා එකේ fb එකේ මන් ඉදල හිටල ඔක්කොටම වැදෙන්න දානවා මෙහෙ ජීව්තේ ගෙවන හැටි...
කාලා ඉවර වෙලා වොශෘම් ගිහින් ඇවිල්ලා එලියට ආවෙ අද පයින්ම ගෙදර යනව කියල හිතාගෙන...බූසාන් වල ගත කරන අන්තිම මොහොත...බ්ලූටූත් දෙකත් කනේ ගහගෙන මගේ ෆේවරිට්ම සිංදුව මුමුනන ගමන් මන් පයින්ම ආවා ගෙදරට..
ටැක්සි එක එන්න තව පැයක් වගේ තියෙයි...වෙලාවට මන් උදේම ට්රැවලින් බෑග් එක පැක් කරගත්තෙ...
වොශ් එකකුත් දාගෙන දම් පාට මල් මල් ගවුමට ශූස් දෙකක් දාලා කොන්ඩෙ ගුලියක් ගහන් මගේ චොක්ලට් පර්ෆියුම් එකත් ගහගෙන ඉතුරු වෙලා තිබ්බ අඩුමකුඩුම ටිකත් පටවගෙන දොර වහල මන් එලියට ආවා....
අවුරුදු ගානක් ජීවත් වෙච්ච ගෙදර දාලා යන්නත් දුකයි..
ගේට් එක වහන්න හැරෙනකොටම ගෙවල් අයිතිකාරයා මගෙ මූන ඉස්සරහ
" noonaa( අක්කා) මන් යන්න හදන්නෙ එහෙනම් "
මෙන්න බොලේ මේකි අඩනව.මටත් දැන් ඇඩෙන්න වගේ
"මාව බලන්න එනව නේද.."
" මන් ඔයාව අමතක කරන්නෑ නූනා...ඔයයි මින්හෝ අයියයි අපිට ගොඩක් උදව් කරල තියෙයි.අනිවාරෙන්ම මන් ඔයාව බලන්න එනවා "
ඒත් එක්කම ටැක්සි එක ආවා..අන්තිම වතාවට මන් ගේ දිහා බලල " අවුරුදු ගානක් අපිට රැකවරනය දුන්නට thank you ඔයාට " කියල හිතන ගමන් අක්කට අතත් වනාගෙනම ටැක්සි එකට නැග්ගා...
" හෙලෝ අයියා මන් එනගමන්.කම්පැනි එක ගාවින්නෙ බහින්න ඕනි.
ඕකේ.... මන් නින්දක් දාන්න යන්නෙ ආවම ගන්නම් "
........................................................................
පැය 5 ක විතර දීර්ග ගමනකින් පස්සෙ මන් ආවා සෝල් වලට...යකූ මෙහෙ ලස්සන....තනිකර බිල්ඩින් විතරයි...හරියට අපේ කොලබ වගේ...ගමේ ඉදන් කොලබ ආවා වගේ හැගීමක් මට දැනෙන්නෙ...
තවත් පැය බාගෙකට විතර පස්සෙ ටැක්සි එක ඇවිල්ලා නැවැත්තුවෙ තඩි අකුරෙන් " Bee -Entertainment" කියලා ලොකුවට ගහල තියෙන ලොකුම ලොකු කම්පැනි එක ගාව..
දැන්නම් ටිකක් රෑත් වෙලා..7 ට වගේ ඇති...කාර් එකේ නිදාගෙන ඇවිල්ලම මට මහන්සියි...බෑග් එකත් එලියට අරන් ටැක්සි එක ගියාට පස්සෙ මන් කම්පැනි එක ඉස්සරහට වෙලා හිටියා....අද ඉරිදා...ඔෆිස් නිවාඩු දවස...ඉතින් වැඩි සෙනගක් නෑ..පාර හරිම පාලුයි..
ඔයාල බලනව ඇති පැය ගානක් ඩ්රයිවර් කෙනෙක් එක්ක තනියම එන්නයි.රෑ වෙලා පාරෙ තනියම ඉන්නය් බය නැද්ද කියල..
අපෝ නෑ..මේක දකුනු කොරියාව...ලංකාව වගේ නෙමෙයි මෙහෙ...මෙහෙ මිනිස්සු සෙල්ෆිශ් වගේ පෙනුනට කීසි කෙනෙක්ට කරදර නොකර තමන්ගෙ පාඩුවෙ ඉන්න මිනිස්සු...ඉතින් රෑ වෙලා ගමන් බිමන් යන්න කෙල්ලෙක් වුනාට බය වෙන්න ඕන්නෑ..
ඒත් එක්කම මම දැක්කේ මේන් ඩෝර් එක ගාව උඩ ලොකුවට ගහල තියෙන බෝඩ් එක....
ෆෝන් එක ඇදල අරන් ඒකෙ ෆොටෝ එකක් ගහගන්නකොටම මන් දැක්කෙ අයියා මේ පැත්තට නැතුව අනිත් පැත්තට යනවා...
යකො මූ..මන් මෙහෙ වේව්ලනව හීතලේ..ඒ අස්සෙ මේකා මාව ආතල් එකට අරන්....හිටුකො දෙන්නම්...
දුවගෙන දුවගෙන් ගිහින් පැන්නෙ අයියගෙ කොන්ද උඩට....
" තවුසෙ බූරුවා මන් මෙතන පැය බාගයක් තිස්සෙ හිටගෙන.තවුසෙ මෙතන පැද්දි පැද්දි යනවා හොදට මාව දන්නෑ වගේ "
කියල බදාගෙන කොන්ඩෙන් අදින්න නැමෙනකොට මට ආවෙ පුරුදු නැති වුනත් මම හොදටම දන්න සුවදක්...වැනිලා සුවද...
චූටීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ .......
කන් දෙක පුපුරන්න සද්දයක් දොර ගාවින් ඇහෙද්දි මන් ඒ දිහා බැලුවා
හුටා අයියා....එතකොට....එතකොට මේ....
" බැහැපන් ගෙම්බියේ මේ කොල්ලගෙ කොන්ද කඩන්නද යන්නෙ "
ඒ ඇග උඩින් බහිනවත් එක්කම මන් වැටෙන්න යද්දි ඒ හිටපු කෙනා මගෙ පැත්ත හැරිලා...ඒ අත් දෙකෙන්ම මාව අල්ලගන්න ගමන් මාව බිමින් තිබ්බා...
බිම බලාගෙන හිටපු මම ඒත් එක්කම ඇස් උස්සලා එයා දිහා බැලුවා...
මාස්ක් එකක් දාලා ඒ ඇස් දෙක විතරක් එලියට නිරාවරණය වෙලා තිබ්බත් ඒ කව්ද කියල ලාවට පේන එලියෙන් අදුරගන්න මට මහ වෙලාවක් ගියෙ නෑ...
Tahitian vanilla සුවද
ඇම්බර් පාට ලොකුම ලොකු බෝබා ඇස්
වම් ඇහැ ඉවර වෙන තැන තියෙන බර්ත් මාක් එක
අඩි 6 යි අගල් 3ක් උස ඒ දැවැන්ත ශරීරය
මගේ හරූ.....
මගෙ කටින් එහෙම පිටවෙද්දි ඒ ඇස් ගැස්සිලා ගියා..මන් ඒක හොදටම දැක්කා...
ඇඩෙන්න වගේ එද්දි ඒ අත් වල හිර වෙලා හිටපු මම ක්ශනික එයාව තල්ලු කරලා අඩියෙන් අඩිය පස්සට ගියේ කදුලු ඇස් වලින් වැටෙන්න පොරකද්දි...
ඒ ඇස් කෙලින්ම තිබුනෙ බොද වෙලා තිබ්බ මගේ ඇස් දිහාවටමයි....
එලියට පනින්න ඔන්න මෙන්න වගේ මහ වේගෙන් ගැහෙන මගෙ හදවත ගැන මටම තරහයි...
කමෝන් ආක්ශි...මේක රියැක්ට් කරන්න පූලුවන් වෙලාව නෙමෙයි..අඩන්න එපා...ඕයි මගෙ හාට් එක උබ ඔය ගැහෙන එක නවත්තපන් යකෝ මට හුස්ම ගන්නවත් බෑ....
මන් හෙමින් අයියා දිහා බැලුවා...ප්ලීස් අයියෙ...ප්ලීස් මාව තේරුම් ගන්න...
කටින් වචන පිටවෙන්නම ඕනිද අයියට මාව තේරෙන්න...අවුරුදු 22 ක් තිස්සෙ මාව බලාගත්තු මගේ අයියා...එයාට තේරෙනව මාව...
චූටි.... වාහනේට යන්න..මෙන්න කී එක...කියල කී එක මගෙ දිහාවට එයා විසික් කලා....
ඒකත් අල්ලගෙන මගේ හරූ දිහා ආයෙම බලල සීමාවක් නැතුව ගැහෙන මගේ පපුව අල්ලගෙනම මන් කාර් එකට ගියා....
අයියා එයා එක්ක මොනවදෝ කතා කරල එයාට සමු දීලා කාර් එකට නැග්ගා...
නෑ නෑ ආක්ශි...අයියා ඉස්සරහ අඩන්න එපා..මූ මට අවුරුද්දක් වත් යනකන් ඕක ගැන කියල විහිලු කරයි...තව ඇඩුවොත් තව චාටර්...
ඕකේ කාම් ඩවුන්....කාම් ඩවුන්...
බ්රීත් ...ඇන්ඩ්...කවුන්ට්
10.....9.....8...7.....6.....5....4.....3......2......1.....
ඕකේ නව් යූ ආ ෆයින්...ගුඩ් ගර්ල්....
"චූටි ..."
" හුම් "
" යකෝ මන් දන්නව ඌ උබේ මහලොකු සුරදූතයා කියලා..මන් හිතුවෙ නෑ යකෝ උබ අඩයි කියල "
" හුම් "
"හුම් හුම් තමා...හරි අපි හෙට කතා කරමුකො.. එහෙනම්.."
අයියා මාව තේරුම් අරන් වගේ එතනින් එහාට වචනයක්වත් කතා කලේ නෑ....
අපේ අපාට්මන්ට් එකට එනකන්ම අපි දෙන්නා නිශ්ශබ්දයි...
කාර් එකත් පාක් කරල මගෙ බෑග් එක තල්ලු කරන් යන අයියාගෙ පිටිපස්සෙන් මාත් ඇවිදන් ගියා...
" මේ බිල්ඩින් එක තට්ටු 33ක්...එක තට්ටුවක අපාට්මන්ට් 5 ගානෙ තියෙන්නෙ...උඩම තට්ටුවේ තියෙන්නෙ එපාට්මන්ට් 2 ක් විතරයි...දෙකටම හරියන්න එක ස්විමිං පූල් එකක් එක්ක රූෆ් ටොප් වීව් එකත් බලන්න පුලුවන් නිදහසේ...සෝල් වල තියෙන ලස්සනම වීව් වලින් එකක් බලන්න පුලුවන් එතන ඉන්න කෙනෙක්ට...අනිත් තට්ටු 32 ගෙවල් වලට වඩා දෙගුනයක් ලොකුයි උඩම තට්ටුවේ ගෙවල් දෙක..ඒ දෙක අනිත් ඒව වගේ දෙගුනයක් ගනන්...."
"ම්ම්ම්"
එතකොට අපි ඉන්නෙ ඒ උඩම තට්ටුවේ එක ගෙදරක..අනිත් ගෙදර තාම කවුරුත් අරන් නෑ
හෑ................................................
"දන්නවනෙ ඉතින් අයියගෙ වැඩ..."
"ඒත් අයියා සල්ලි...."
"මට සල්ලි තියෙනව චූටි...උබ හිතුවද මේ අවුරුදු 5 මම පොල් ගෑවා කියල...බය වෙන්න එපා ඕයි තවුසෙ නාකි වෙලා ආච්ච්යෙක් වෙලා සෙත්තපෝච්චි වෙලා යනකන් තවුසෙට කන්න අදින්න දෙන්න මේ අයියට පුලුවන්"
"අනේ මේ මමත් හම්බ කරනව හරිය..තෞසෙ හෙන සල්ලිකාරයා කියලද හිතන් ඉන්නෙ...."
"යැයි යැයි තමයි...වියදම් සේරම මම බලාගන්නම් තමුසෙ ඒ ගැන වදවෙන්න ඕනි නෑ....ටකරම වගේ ඉංග්රීසි උගන්නලා හම්බ කරන ඒව එකතු කරගන්නවා වියදම් කරන්න මගෙන් අරගෙන "
මන් ඒකට දෙකක් කියන්න යද්දිම ලිෆ්ට් එක ඕපන් වුනා..
රවාගෙනම අයියා පස්සෙන් මන් ගියා දොර ගාවට වෙනකන්ම....
The heaven - Apt 161
"මේක තමා අපේ ගෙදර...දොරේ ලොක් එක තමයි තමුසෙ කුනු ගොඩක ඉන්නව දැකලා අනුකම්පා හිතිල අම්මයි තාත්තයි තමුසෙව අපේ ගෙදරට ගෙනාපු දවස..."
යකෝ මගෙ බර්ත්ඩේ එක...පොඩි කාලෙ ඔය කුනුගොඩෙන් අහුලන් ආපු කතාව විස්වාස කරල මගේ වටිනා මිල කල නොහැකි කදුලු කැට කොච්චර හලන්න ඇතිද මන්...
ලොකු වෙන්න වෙන්න තමයි තේරුනේ ලංකාවෙ හැම ගෙදරකම බාලයාව කුනු ගොඩකින් අහුලන් ඇවිල්ල තියෙන්නෙ කියල
අඩෝ චූටි කාලෙ මන් හෙන මෝඩයි ඈ..
දොර අරිනවත් එක්කම මගේ කටත් ඇරුනෙ ඉබේටමයි...
දෙයියනේ මේක මාලිගාවක් වගේනෙ...හෙවන් කියල නම දාල තියෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි...බෑග් එකත් දොර ගාවම අතෑරලා දුවල දුවල ගියා මන් ගේ වටේ...
දෙවියනි මා මේ දකින්නේ ස්වප්නයක්ද....?
මා වැනි කොටු කොටු කලිසමයි තඩි බැගි ටීශර්ට් එකයි ඇදන් බාටා දෙකකුත් දාන් කොන්ඩෙ ගෙඩියක් ගහගෙන තැන් තැන් වල කකා බිබී වෙසෙන ජීවියෙක් මෙවැනි මාලිගාවක කෙසේ ජීවත් වන්නද ...?
මේක හැඩි කලොත් අපේ යකා මේ ජනේලෙන් පහලට මාව තල්ලු කරනව සුවර් එකටම...
ඕකේ ආක්ශි...අද ඉදන් හැදෙනවා උබ ඕකේ...
යේ යේ අද ඉදන් මන් හොද ලමයෙක් වෙන්නයි යන්නේ...
" හෙට දවසේ....වීඊඊඊයෝඕඕඔ...පුංචි අපි තමයීඊඊඊඊඊ
"
" හෙට බිහිවන....නායකයොත්.....පුංචි අපි තමයීඊඊඊඊ"
"අපේ රටේ......
"ඕයි චූටි බෝම්බේ කට වහගෙන ගිහින් ඇදුම් ටික අස් කරගනින්"
අයියටත් රවන් මන් කාමරේට ගියා...
ඒ අස්සෙ මට ඇහෙනව සාන්ත අපේ එකා හෙමීට කියනවා
" අපේ රටේ....අනාගතේ.....පුංචි අපි තමයීඊඊඊ..."
දැම්මා ඔලුව කාමරෙන් එලියට
" අපි හැදෙ....මොකද උබ බලන්නෙ"
" අහ් නෑ නෑ ..මොකුත් නැහ්...ආ මේ ...මට දැන් කන්න බෑ අයියා..එනගමන් ඩ්රයිවර් අන්කල් ශෝට් ඊට්ස් වගයක් අරන් දුන්නා ඒව කාලා බඩ පිරිලා...මන් වොශ් දාල නිදාගන්නවා...හෙට මන් අලුතෙන් ඉස්කෝලෙ යන්නත් එපැයි උදේම ඇහැරෙන්න ඕනි good night හිවල් මොටෝ"
"හා එහෙනම්.ගුඩ් නයිට් චූටි "
යන්තන් හිනා වෙලා ටවල් එකත් අරන් වොශෲම් එකට ගියෙ ඇග හෝදන්න...
ඒත් එක්කම මෙච්චර වෙලා හිරකරගෙන ඉදපු මගේ කදුලු වාන් දාන්න ගත්තෙ නොනවත්වා...
මගේ හරූ............
-----------------------------------------------------------
- stay tuned -