Dear Kandell 🤎
Sachy Collins
Episode 12 🍂
🚫 Do not copy or share without author's permission | Previous
"Come with me."
මැඩම් කිව්ව නිසාම මම මැඩම් එක්ක එයාගෙ ඔෆිස් එකට ගියා. වෙනදට වඩා එයාගෙ ටේබල් එක අද හැඩි වෙලා. හාෆ්ශීට් කොලසීයක් විතර එයාගෙ ටේබල් එක උඩ අපිළිවෙලට තිබුණා.
"මේ අවුරුද්දෙ අපේ කස්ටමර්ස්ලාගේ ගොඩාක් ඩීටේල්ස් බාර දීලා තියෙන්නේ ඔයාට. ඔයා එදා ඉඳන්ම හැමදෙයක්ම පිළිවෙළට කරා. ඒකයි ඔයාගෙ සැලරි එක වැඩි උනේ."
"මැඩම් මම ඒක කරේ නෑ."
"මම දන්නවා. දන්න නිසා තමයි මෙහෙම කතා කරන්නේ. වීකෙන්ඩ් එකෙන් පස්සෙ තමයි මේක උනේ. ගොඩක් අයගෙ ඩීටේල්ස් මාරු වෙලා තියෙනවා. හරියටම නිකන් හිතලා මාරු කරලා වගේ. ඔයාගෙ අතින් මිස්ටේකන්ලි එහෙම උනා නම් එච්චර මාරු වෙන්න විදිහක් නෑ නෙවාන්."
"එතකොට මැඩම් කියන්නේ......"
"මම කියන්නෙ මේක කවුරු හරි ඔයාව අහු වෙන්න කරපු වැඩක්."
මට සතුටුයි එයා මාව විශ්වාස කරනවා කිව්වම. ඔව් එහෙම වෙන්න ඕනි. දැන් එයා මාව ඕනෑවටත් වඩා අඳුනනවා. මොකද එයා මගෙ නංගි එක්ක මටත් වඩා හිතවත්, අනික එයා මාව අඳුනන්නේ දැන් අවුරුද්දක ඉඳන්.
"මටත් එහෙම හිතුණා මැඩම්."
"මට නෙවාන්ව විශ්වාසයි. මොකද ඔයා තමයි අද වෙනකම් කිසිම වරදක් නැතුව, වෙලාවට වැඩ කරන, මෙතන හැමෝම එක්ක හිතවත් කෙනා. අනික මම ඔයාව පෞද්ගලිකව දන්නවා. ඔයා කවදාවත් මේ වගේ දෙයක් කරන්න කාගෙන් වත් සල්ලි ගන්නෙ නැති බවත් මම හොඳින්ම දන්නවා. ඒ නිසාම මම හොයා ගන්නවා ඔයාව අහු කරන්න මේක කරේ කව්ද කියලා. මම මේක ඉක්මනින් හරි ගස්සන්නම්. හැබැයි ඒකට මට ටික දවසක් ඕනි."
"කොච්චර දවසක් කියත් කමක් නෑ මැඩම්. මට ඕනි මේක විසඳගන්න."
"හ්ම්ම්.. ඒත් නෙවාන්ට ටික දවසකට ජොබ් එකෙන් අයින් වෙන්න වෙයි අපේ කම්පැනි එකේ රූල්ස් වලට අනුව. මේක කරපු කෙනා හොයා ගන්නකම්."
ඒක කොහොමත් වෙන දෙයක් බව මම දැනගෙන හිටියා. කමක් නෑ ඇත්ත හොයාගන්න නම් එහෙම කරලා හරි පුළුවන් නම් මම ලෑස්තියි ගෙදර නවතින්න, අවුරුද්දකට හරි.
"කමක් නෑ මැඩම්."
"බය වෙන්න එපා මම හොයා ගන්නවා ඒ කව්ද කියලා.. අනිවාර්යයෙන්ම.."
"Thank you මැඩම් 😊."
කැන්ඩෙල් මැඩම් එහෙම කියද්දි මම එයාගෙ රූම් එකෙන් එළියට ආවා. ඒ වෙද්දිත් හැමෝම මගෙ මූණ දිහා බලාගෙන ඉන්නවා මම වැරදිකාරයා වගේ. සමලුයි නිමාෂයායි අනිත් දෙන්නයි කන්ෆියුස් වෙලා බලාගෙන ඉන්නවා.
"තවත් ඔතෙනට වෙලා හිටගෙන ඉන්නේ මොනා කියන්න හිතාගෙනද. උන දේවල් දැන් හොඳටම ඇති. ඔයා නිසා......"
"That's enough කහඳගමගේ."
එකපාරටම කහඳගමයා මට බනින්න පටන් ගද්දි මට පිටිපස්සෙන් ආපු කැන්ඩෙල් මැඩම් ඒ මැද්දෙන් පැනලා කතා කරා. මම දන්නවා එයාටත් කහඳගමයා සැකයි කියලා.
"ඔයා මේ කම්පැනි එකේ CEO නෙවෙයිනේ. ඒ නිසා ඔයා නෙවාන්ට මේ දේවල් කියන්න කරදර වෙන්න ඕනි නෑ. මේ හැමදෙයක්ම හැඬල් කරන්න මම ඉන්නවා."
"ඒකනේ මැඩම්.. මේ කහඳගමගේ සර් කෑ ගහන්නේ කම්පැනි එකට මිලියන ගාණක් පාඩු උනා වගේනේ 🙄."
සමල් එහෙම කියද්දි මම පොරට ඇස් දෙක ලොකු කරලා පෙන්නුවේ කට වහගන්න කියලා. අන්තිමට සමලාටත් මට උන දේ වෙන්න බැරි නෑ එක එක ලොක්කන්ට විරුද්ධව කතා කරන්න ගිහින්.
"දැන් හැමෝම හැමෝගෙම වැඩක් කරගන්න."
මැඩම් එහෙම කියද්දි මම බිල්ඩින් එකෙන් එළියට ගියා. අමාරුවෙන් ජොබ් එකක් සෙට් කරගෙන අවුරුද්දක්ම කරගෙන ගියා. ඒත් එකපාරටම ඒකටත් හෙනහුරෙක් පාත් උනා කලින් ඩිලිවරි ජොබ් එකට වගේම. මට හිතෙනවා මේ සේරම කහඳගමයා නිසා කියලා.
"අඩෝ උඹ යනවද 🥺 ?"
සමලා මම බයික්කෙට යද්දිම මගෙ උරහිසෙන් ඇද්දා.
"යන්න කියනවා නම් යන්න වෙනවනේ බන්."
"මට ශුවර් ඕක කරන්න ඇත්තේ කහඳගමයා."
නිමාෂ එහෙම කිව්වා. මම හිතන්නෙත් එහෙම තමා. මොකද නිමාෂයාගෙ අයියාවත් යැව්වෙ කහඳගමයානේ. ඉතින් ඒ විදිහටම කහඳගමයාට මාවත් යවන්න ඕනි ඇති, මම කැන්ඩෙල් මැඩම්ට කැමති නිසා.
"ඌ නැත්තම් වෙන මොකාද. අපේ එකා කැන්ඩෙල් මැඩම් එක්ක එකතුයි කියලා උට දරාගන්න බැරුව ඇති. කොහොමත් ඔය රැවුලාට කැන්ඩෙල් මැඩම් කැමති වෙන්නෙ නෑ 😑."
"මැඩම් මොනවා හරි කරයිද බන් මේකට ?"
නිමාෂයා එහෙම ඇහුවා. මට සීයට දෙසීයක්ම ශුවර්. මැඩම් මං වෙනුවෙන් මොනා හරිම කරයි. එයා දන්නවනේ මම කොහොම වැඩ කරපු කෙනෙක්ද කියලා, අනික මම කවදාවත් මැඩම්ට පොර ටෝක් දෙන්න ගිහින් හෙන වැඩ්ඩා කියලා පෙන්නුවේ නෑනේ.
"ඔව්.. මැඩම් කිව්වා හැමදෙයක්ම හොයලා බලන්නම් කියලා. මං දන්නවා මැඩම් මට අනිවා උදව් කරනවා කියලා."
අන්තිමට මම උන්ට කියලා ආවේ ඒ ටික. බයික්කෙත් අරගෙන ගෙදර ගියපු මම අම්මටවත් කිසිම දෙයක් නොකියා ඇඳට පැනලා නිදාගත්තා. මේ බයික්කේ උනත් අම්මා අරන් දුන්නේ සල්ලි වගයක් එකතු කරලා. නැත්තම් මට ජොබ් එකකටවත් යන්න එකක් නැති නිසා. හොඳ වෙලාවට ඒක හරි තියෙන්නේ, ජොබ් එකටත් හෙනහුරා පාත් වෙද්දි.
"පුතේ.."
"ඇයි ?"
"සමල් පුතා ඇවිදින් මට විස්තරේ කියලා ගියා."
බත් කද්දි අම්මා එහෙම කිව්වා. සමලත් දුකින් ඇත්තෙ වුණ දේට. ඒත් ඒ වගේම උන් හැමෝම තරහින් ඇත්තේ කහඳගමයා එක්ක. මොකද දැන් අපි හැමෝටම සැක ඔය යකාව. නිමාෂයාගෙ අයියාට කරා වගේ මටත් කරද්දි මම නිශ්ශබ්දව හිටියා නම් අද මට රෙසිග්නේෂන් එක්කමයි යන්න කියන්නේ.
"වෙච්චි දේ දැන් උනානේ. ඕක ඉක්මනින් විසඳෙන්න කියලා මම දේවාලෙට ගිහින් පූජාවක් තියන්නම්. හවසට පන්සලට යමු."
"කැන්ඩෙල් මැඩම් මොනා හරි කරන්නම් කිව්වා. ඒත් හරියයිද දන්නෑ. කලින් නිමාෂයාගෙ අයියාටත් ඔහොම උනාලු. හැබැයි ජොබ් එක ලැබිලා නෑ ආයේ."
"බය වෙන්න එපා. වරදක් නොකර කවදාවත් මිනිස්සුන්ට වරදින්නෙ නෑ පුතේ."
"එහෙම හිතමු."
මම එහෙම කියලා බත් එක කාලා ඉවර වෙලා ඉස්තෝප්පුවට ගියා. මැඩම් මට මැසේජ් එකක් දාලා වට්සැප් එකට. ඒක බලන්න කියලා මම ඔන්ලයින් ගියා.
❝ Are you okay ? ❞
❝ ඇයි මැඩම් එහෙම අහන්නේ ❞
❝ දවසටම ඔන්ලයින් නැති නිසා ඇහුවේ ❞
❝ එහෙම අවුලක් නෑ මැඩම්. මම දන්නවනේ මම මුකුත් කලේ නෑ කියලා ❞
❝ හ්ම්ම්.. මම දැනට හොයාගත්තේ CCTV රෙකෝඩින්ස් විතරයි. හැබැයි ඒවගෙ කිසිම එවිඩන්ස් එකක් නෑ ❞
❝ එහෙමද ❞
❝ හ්ම්ම් ❞
එයාගෙ එක මැසේජ් එකක් ඇති මගෙ හිත නිවෙන්න. හේතුවක් දන්නෙ නෑ මම කැන්ඩෙල් මැඩම්ට මාරම කැමතියි. සමහරවිට මේක ආදරයක් වෙන්නත් පුළුවන්. දැන් අපි හොඳට කතාබහ කරන නිසා මට ආසයි එයාගෙන් කෙලින්ම අහන්නත්. ඒත්.....
චටාස්..
බුදාම්මෝ 🥴️. එයාගෙන් කනට හොඳවයින්ම ශොටක් වැදුනොත් එහෙම මට දෙලොව තරු පෙනෙයි. ඒ ගැන මතක් කරද්දිත් මගෙ කන රිදිලා කීං ගාන්න පටන් ගන්නවා. එපා නෙවාන්. දැන්ම පිස්සු කෙලින්න හදන්න එපා. ඊට පස්සෙ ක්රශ් එකත් නෑ යළුකමත් නෑ.
අලුත් දවසක් 🌞☁️🍃..
ඔෆිස් එකේ සිද්ධිය වෙලා අදට දවස් පහක්. මම මේ ටිකේම ඔහේ හිටියා. හොඳ වෙලාවට අම්මා මගෙ සැලරි එකෙන් සල්ලි ඉතුරු කරන්න කියලා දුන්න නිසා මේ ටිකේම වියදමට හැමදේම ඇති උනා. නංගිත් ප්රශ්නයක් නැතුව අලුත් ඉස්කෝලෙට යනවා. අම්මත්, මට වැඩ නැති නිසාම වතු වැඩ කරන්න යනවා. එයාගෙ උදව්වට මාත් මේ ටිකේම ගියා.
රෑ වෙලා මම ටවුන් එකට ගියා වැඩක් කරගන්න. තවමත් මගෙ පිටට වැටුණු වැරැද්ද නිවැරදි වෙලා නෑ. CCTV වලත් එදා තිබුණ හැම ඩීටේල් එකක්ම ඩිලීට් කරලා දාලාලු. ඒ වගේම මගෙ අතින් මාරු වෙලා තියෙන ඩීටේල්ස් ටික මාරු කරලා තියෙන්නේ පැයක් ඇතුලතලු. ඒකත් අප්ඩේට් වෙලා තියෙන්නෙ මහ රෑක.
බයික් එක පාලම ළඟම සයිවර් කඩේට එහයින් නවත්තලා මම ගැට්ටක ඉඳගත්තා. මට ශුවර් මේක කරන්න ඇත්තේ කහඹිළියාම තමා. නැත්තම් අපේ බ්රාන්ච් එකේ මැනේජර්ටවත් එහෙම මං එක්ක ඇරියස් එකක් තිබුණේ නෑනේ.
මම කල්පනාවේ ඉද්දි එකපාරටම මගෙ ඉස්සරහින් සුදුපාට කාර් එකක් නතර කරා. පෙනුමෙන් නම් කාර් එක හොඳට දැකලා හුරුයි. තව ටික වෙලාවක් යද්දි කාර් එකෙන් ගෑනු ළමයෙක් එළියට බැස්සා දොරත් වහලා.
"ඔයා මෙතන ඇයි ?"
................................................... 🤎 ...
කව්ද මේ ආවේ 😌
ඔයාලට කව්ද සැක,
- කහඹිලියා 🖤
- කැන්ඩෙල්ගේ සීයා 🤎
- ඒ දෙන්නම 🩶
හමුවෙමු Episode 13 න්…
Sachy Collins