Dear Kandell 🤎

Dear Kandell 🤎

Sachy Collins

Episode 11 🍂


🚫 Do not copy or share without author's permission | Previous


වර්ඩ් ෆයිල් එකක් ඕපන් කරගෙන මම ටයිප් කරන්නෙත් නැතුව කල්පනා කරනවා උදේ කැන්ඩෙල් මැඩම් කියපු එක ගැන. මට මැසේජ් එකක් දාලා අහන්නත් හිතයි ඇයි මට එහෙම කිව්වෙ කියලා.


❝ ප්ලීස් මැඩම්.. මං ගැන ඔයා එහෙම හිතන්න එපා. අපේ නංගි හැමෝටම දෙන්නෙ මගෙ නම්බර් එක. එයාට ෆෝන් එකක් නැති නිසා ❞


මම බැරිම තැන හිතලා හිතලාම මැඩම්ට එහෙම මැසේජ් එකක් යැව්වා. ඒ මැසෙජ් එක එයාට ගියා කියලා මට තේරුණේ එයා එයාගෙ රූම් එකේ ඉඳන් ෆෝන් එක බලනවා දැක්කමයි. වීදුරුවෙන් පේන එයාගෙ මූණ දිහා මම බලාගෙන හිටියා.


එකපාරටම නොහිතපු විදිහට මැඩම් මගෙ මූණ දිහා බලලා ෆෝන් එක දිහා බැලුවා. මට පේනවා මගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ එයා ටයිපින් කියලා වැටෙනවා. මොන වගේ උත්තරයක් එයාගෙන් ඒවිද කියලා හිතද්දි මට නිකන් සුළුදිය පහවෙන්න වගේ.


❝ නෙවාන්ට ජෝක් තේරෙන්නෙ නෑ නේද ❞


මම පපුව අල්ලගත්තේ එයාගෙ රිප්ලයි එක පොසිටිව් එකක් උන නිසා. ආයෙමත් පාරක් එයාගෙ රූම් එක පැත්ත, ඔළුව උස්සලා බලද්දි එයා ලැප් එක දිහා බලන් ඉඳලා මගෙ මූණ දිහා බැලුවා. ඒ එක්කම මම ඉක්මනින් ෆෝන් එක දිහා බලාගත්තා.


❝ මැඩම් මං ගැන වැරදියට හිතන්න එපා. මම එහෙම නරක කෙනෙක් නෙවෙයි ❞


❝ මම හිතනවා. එහෙම උනොත් හොඳයි ❞


මම එයා දිහා බලද්දි එයා මං එක්ක ලාවට හිනා වෙලා ෆෝන් එක ඕෆ් කරලා ආයෙමත් එයාගෙ වැඩේ කරන් ගියා. හතර වෙනි මාසෙ සැලරි එකත් ලැබෙන්න ලඟයි මට. ඒ උනාට ඊට වඩා මට සතුටු කැන්ඩෙල් මැඩම් මං එක්ක මේ තරමට හරි හිතවත් උන එක.


"මීදුම් ගලා කන්දේ..

ඉවසන්න බෑ සීතේ..

උණුසුම් දැනේ දෑතේ..


ලං වී මට දැන් කියන්න

ආදරේදෝ..

මට ආආආ ආදරෙදෝ ඕ ඕ ඕ..."


ගෙදර ලඟට යද්දි බයික්කෙ තෙල් නැති වෙලා හිට්ටා. අද කැන්ඩෙල් මැඩම් නිසා ටවුන් එකෙන් තෙල් ගහගෙන එන්නත් බැරි උනා. ඒත් සින්දුවක් කියාගෙන ගෙදරට එද්දි බයික්කෙ තල්ලු කරන් එන මහන්සිය කොහෙන් ගියාද නෑ.


ක්‍රීස්ස්..


එකපාරටම ඉස්සරහින් ආපු කාර් එකක් ගෙදරට ඔන්න මෙන්න තියලා පාර මැද්දෙ බ්‍රේක් කරා. මේ කාර් එක නම් මට හොඳට දැකලා පුරුදුයි. ඒත් කව්ද කියලා හිතාගන්න බෑ.


"මට හිතුනා මෙච්චර වැඩ කිඩ දාන්නෙ මැඩම්ව අල්ලගන්න තියෙන උවමනාවට කියලා."


කාර් එකෙන් බැස්ස කහඳගමයා මට එහෙම කියාගෙන මගෙ ලඟට ආවා. මූ මොනවද කතා කරන්නෙ කියල බලන්න මම බයික්කෙ ස්ටෑන්ඩ් එක ගහලා ඉනට අත් දෙක ගහගත්තා.


"ඔයාට මොකක්ද සර් මං එක්ක තියෙන ප්‍රශ්නේ ?"


"කැන්ඩෙල් මැඩම්ට තමුසෙ කැමතියි නේද ?"


"ඔව් මැඩම් මගෙ ක්‍රශ් එක. මම එයාව සෙට් කරගෙන මිසක් පස්ස බලන්නෙ නෑ. සර් සර්ට කරන්න පුළුවන් දෙයක් කරන්න."


මම එහෙම කියද්දි කහඳගමයා ඇවිත් මගෙ කොලර් එකෙන් අල්ලගත්තා. යකෝ මූ මැඩම් නිසාද මං එක්ක මෙච්චර වෛර. කොහොමත් මූ වගේ රැවුලෙක් එක්ක මැඩම් සෙට් වෙන්නෙ නෑ. මැඩම් ආස මගෙ ටයිප් එකේ අයට කියලා දැන් මට තේරෙනවා.


"තමන්ගෙ තරමට ඉදිමෙනවා නෙවාන්. කැන්ඩෙල් මැඩම්ට බැල්ම නොදා ඉන්නවා."


"ඇයි මැඩම්ව ඔයාගෙ නමටද ලියලා තියෙන්නෙ සර් ?"


"මගෙන් මුකුත් අහගන්න එපා තමුන්. එදා මල් බොකී එකත් ගත්තා තමුසෙ එයාට දෙන්න. ඒක දීලා ෆ්‍රෙන්ඩ්ස්ල වෙන්නනේ තමුන්ට උවමනාව තිබ්බේ. තමුන් හිතන්න එපා මම නිකන් ඉඳී කියලා."


"සර් කරන්න පුළුවන් දෙයක් කරන්න. මම බලන් ඉන්නේ 😉."


"......"


පොර දත් මිටි කරන් මාව අතෑරලා ගිහින් ආයෙ කාර් එකට නැඟලා එතනින් රූං ගාලා ගියා. මම මොකටද මුට බය වෙන්නේ. ඔෆිස් එකේදි මම ගරු සරුව කතා කරන්නෙ මගෙ සර් නිසා. ඒත් මේ පිට තැනක්. ඉතින් එයා එහෙම කතා කරනකොට මම නිශ්ශබ්දව ඉන්නෙ නෑ.


වෙච්චි දේ අමතක කරලා මම ගෙදර ගියා. ගානට ඇවිල්ලා තිබ්බ ඒ හැපි මූඩ් එක මේ කහඹිළියා ඇවිත් කාලා දැම්මා. මොනා කරන්නද. ක්‍රශ් එක නිසානෙ මේ සේරම.


පහුවෙනිදාත්, ඊයෙ මුකුත් උනේ නෑ කියලා අමතක කරලා මම ඔෆිස් එකට ගියා. මම යද්දි සමලත් ඇවිල්ලා බයික්කෙ පාක් කරනවා. උටත් මම සීන් එක කියලා තිබුණේ. එකපාරටම හිතුවෙ නැති විදිහට අපි දෙන්නා යන්න හදද්දි කැන්ඩෙල් මැඩම්ගෙ කාර් එක ආවා.


"ගුඩ් මෝර්නින් මැඩම්."


"ගුඩ් මෝර්නින් දෙන්නටම. මට නෙවාන් එක්ක තනියම කතා කරන්න පුළුවන්ද ?"


"ආ හරි මැඩම්."


සමලා එහෙම කියලා මගෙ අතටත් එකක් ඇනගෙන ඇතුලට ගියා. බෑග් එකේ පටියත් එක අතකින් තද කරගෙන මම මැඩම් දිහා බැලුවා. එයා දබරැඟිල්ලෙන් කණ්නඩිය තද කරගෙන ලෑස්ති වෙද්දි මම දන්නවා එයා කියන්න හදන්නෙ බැරෑරුම් මාතෘකාවක් ගැන.


"ඊයෙ රනුල්‍ය ඔයාට කෑ ගැහුවද ?"


"මැඩම් කොහොමද ඒක දන්නේ ?"


"මට ඔෆිස් එකේ කෙනෙක් දැකලා කිව්වා. මොකක්ද එයාට ඔයා එක්ක තියෙන ප්‍රශ්නෙ නෙවාන් ?"


මැඩම්ට මම කොහොම ඇත්ත කියන්නද. එයා මැඩම්ට කැමති නිසා මේ දේවල් කරනවා කියලා මම කියන්නද. එයා ඒක විශ්වාස කරයි. ඒත් මෙතනින් පස්සෙ තව ප්‍රශ්න වෙයි අනිවා.


"මට ඇත්තම කියන්න නෙවාන්. මම කැමති නෑ මගෙ යටතේ වැඩ කරන අය අතර ප්‍රශ්න ඇති වෙනවට."


"මිස්ටර් කහඳගමගේ මැඩම්ට කැමතියි. එයා කියනවා මම මැඩම්ව අල්ලගන්න මෙච්චර වැඩ කරන්නෙ කියලා. එයා මට හොඳ පාඩමක් උගන්නනවා කියලත් කිව්වා."


"එයා මට කැමති උනාට මම එයාට කැමති නෑනේ. ඒ නිසා ඔයාව එයාට මේකට සම්බන්ධ කරගන්න ඕනි නෑ. අනික ඔයා එක්ක මෙච්චර ඇරියස් වෙන්න ඔයා මොකක් හරි මං ගැන එයාට කිව්වද ?"


"අනේ නෑ මැඩම්. මම එහෙම කිව්වෙ නෑ මුකුත්."


"හ්ම්.. එහෙනම් ආයෙ එයා රණ්ඩුවට ආවොත් මුකුත් කියන්නෙ නැතුව සයිලන්ට් එකේ යන්න. ඉතුරු ටික මම බලාගන්නම්."


"හරි මැඩම්."


එහෙම කියපු කැන්ඩෙල් මැඩම් එතනින් ගියා. ඒ එක්කම මමත් ඔෆිස් එකට ගියා. දෙයියන්ගෙ පිහිටයි අද කහඳගමයා ඔෆිස් ඇවිත් නෑ. නැත්තම් ඊයෙ සීන් එකට පළිගන්න නිසා මට අද දවසම බැනුම් අහන්න වෙනවා කරන වැඩක් ගානේ.


හවස ගෙදර ගියා මම. ගියපු ගමන්ම මට මතක් වෙන්නෙ ඒ කණ්නඩි දෙකට ඇතුලෙන් පේන බෝල ඇස් දෙක. ඇඳේ නිදාගෙන ඉද්දි මට මතක් වෙනවා එයාට මම මල් පොකුර දෙද්දි එයා හිනා වුණ හැටි. පසුවටයි මටත් තේරුණේ එයාගෙ හිනාව කොච්චර ලස්සනද කියලා. ඒ වගේම ඒ හිනාව මාව කොච්චර දුරට වශී කරගෙනද කියලා.


........ 


මෙහෙම මාස ගාණක් ගියා. දැන් මම කම්පැනි එකට ඇවිත් අවුරුද්දකට ලං වෙලා. තව මාසයයි ඒකටත් තියෙන්නේ. නංගිගෙ එක්සෑම් ඉවර වෙලා මාස තුනෙන් රිසාල්ට් ආවා. කෙල්ලට A9 ක් තිබුණා. ඒ වගේම ටවුන් එකේ ගර්ල්ස් කොලේජ් එකෙන් ලියුමකුත් ආවා ඉස්කෝලෙට භාර දෙන්න කියලා. ඉතින් මගෙ සැලරි එකෙන් වියදම් කරලා නංගිව කොහොම හරි ඉස්කෝලෙ යවන්න මම හිතුවා. කෙල්ලට ඉස්කෝලෙ පටන් ගන්න තව දවස් දෙකයි. 


මැඩම් නංගිගෙන් පොත ඉල්ලගෙන කියෙව්වට පස්සෙ මාව බ්ලොක් කරලා වත් තිබුණෙ නෑ. එයා සමහර දවස් වලට මට වට්සැප් එකෙන් වැඩ එව්වා ගෙදරට වෙලා කරන්න. සමහර දවස් වලට එයා මට ගුඩ් මෝර්නින් කියලා මැසේජ් කරනවා. සමහර දවස් වලට මම එයාට ගුඩ් නයිට් කියලා දානවා. දැන් එයා මං එක්ක පිට තැනකදි කතා කරන්න පැකිලෙන්නෙ නෑ. හැබැයි ඔෆිස් එකේ නම් හිනා වෙනවයි, ඔෆීෂියල් වැඩ වලට කතා කරනවයි විතරයි. 


වෙනදා වගේම අදත් සාමාන්‍ය දවසක්. මම ඔෆිස් එකට ගිහින් බයික් එක පාක් කරලා ඇතුලට ගියා. සමල් අද එන්න පරක්කුයි. හැබැයි කැන්ඩෙල් මැඩම්, කහඳගමයා දෙන්නම කලින්ම ඇවිත් එයාලගෙ වාහන තිබුණා. 


"නෙවාන්.." 


එකපාරටම මම මගේ ටේබල් එක ලඟට යද්දි කහඳගමයා මගෙ ඉස්සරහට කඩන් පැන්නා. ඒ පාර මොන මරාලයක් පාත් කරන්න හදනවද මේ යකා. 


"ඇයි සර්.. මොකක්ද අවුල ?" 


"සේරම කරලා දැන් මෙතන මගෙන්ද අහන්නේ මොකක්ද අවුල කියලා ?" 


"මොනාද මම කරේ සර්.. මම දන්න තරමින් මම කිසිම වරදක් කරේ නෑ." 


"ගිය සතියෙ කස්ටමර්ස්ලාගේ ඩීටේල්ස් අප්ඩේට් කරලා තියෙන්නෙ සම්පූර්ණයෙන්ම වරද්දලා. අද ගොඩක් අය ඇවිත් අපිට බැනලා ගියා. නෙවාන් ඔයා නිසා තමයි කිසිම වරදක් නොකරපු අපිටත් බැනුම් අහන්න උනේ." 


මම ජීවිතේට නොකරන දෙයක්. ජොබ් එක කරද්දි මම හැම වෙලේම උත්සහ කරන්නෙ සිහියෙන් වැඩ කරන්න. ඒ නිසා මෙහෙම දෙයක් හෙන ගැහුවත් වෙන්න බෑ. එක්කො කවුරු හරි මාව අහුවෙන්න, මාව මේ කම්පැනි එකෙන් අයින් කරන්න කරපු යටිකූට්ටු වැඩක්. 


"මොකක්.. මම එහෙම කරේ නෑ සර්.. ඒක කවුරු හරි මාව අහු කරන්න කලා වෙන්න ඇති." 


කියන්න තියෙන දේ මම කහඳගමයාට කෙලින්ම කිව්වා. මට නම් දැන් සැකයි මට ඉස්සරහා හිටගෙන ඉන්න කෙනාවත්. මොකද එයාට තමා මං එක්ක නයි වෛරෙ තිබ්බේ. 


"නෙවාන්.." 


එකපාරටම මට කැන්ඩෙල් මැඩම්ගෙ කටහඬ ඇහුණා. මමයි කහඳගමයායි ඉස්සරහින් එයා මතු වෙලා අත් දෙකත් බැඳගෙන රවාගෙන වගේ බලන් ඉන්නවා. මම දන්නවා එයා කැමති නෑ මට කවුරුවත් බනිනවට. මොකද මැඩම්ම දන්නවා මම කව්ද කියලා. 


"Come with me."


................................................... 🤎 ...


මේ මොකක්ද වෙන්නෙ 😩❤️‍🔥


හමුවෙමු Episode 12 න්…


Sachy Collins

Report Page