Dear Kandell 🤎
Sachy Collins
Episode 10 🍂
🚫 Do not copy or share without author's permission | Previous
සෙනසුරාදා නිවාඩු නිසා මම නංගි එක්ක බයික්කෙ ලයිබ්රි එකට ගියා. නංගිට අනිද්දා එක්සෑම්. ඒ හින්දා සයන්ස් ගැන විස්තර හොයාගන්න පොත් ටිකක් අරගන්න එන්න ඕනි කිව්වා.
"මොකක්ද ඔය හොයන පොත ?"
"බුද්ධාගම ගැන."
"ඕක හොයන්න තමුසෙට අදම එන්න ඕනි උනාද. ඇයි කලින් ගන්න බැරි උනේ ?"
"හරි හරි මට වැඩි වෙලාවක් යන්නෙ නෑ හරකො."
නංගි පොත හොයනවා රාක්ක වල. මම ලඟ තිබුණු රාක්කයක් ලඟට හෙත්තුවක් දාලා හිටියා. පොත් දකිද්දි මට මතකයි ඒ කාලෙ මොකක් හරි සීන් එකක් තියෙන පොතක් සෙට් උනොත් යාළුවො අතින් අතට ගිහින් මටත් කියවන්න දෙනවා. අපි පොත් කියෙව්වෙ එහෙමයි 😌. ඒකනේ අද මෙහෙම ඉන්නේ.
"එක්ස්කියුස් මී.. මට මේ පොත අරන් දෙනවද අයියේ."
මට එහාට වෙන්න හිටපු ගෑනු ළමයෙක් වෙන පිරිමි ළමයෙක්ට කතා කරලා එහෙම ඇහුවා. මිටි ගෑනු ළමයින්ට ඉතින් රාක්කෙ උඩම තියෙන පොත් ගන්නවා කියන එක හීනයක් තමයි. ඒක අපේ නංගිටත් එසේමයි. හැබැයි කැන්ඩෙල් මැඩම්ට නම්....
"ඔයා මෙහෙ ?"
එකපාරටම මට එහාපැත්තෙ රාක්කෙ පොතක් ගන්න ගමන් කෙනෙක් කතා කරා. හැරිලා බලද්දි මගෙ ඇඟ කූල් වෙලා ගියා. හේතුව කැන්ඩෙල් මැඩම් මගෙ ඇස් ඉස්සරහා හිටපු නිසා.
තද රෝසපාට බ්ලවුස් එක තද දම්පාට සායකට යට කරලා කොණ්ඩෙත් කඩලා දාලා රෝසපාට හීනි බෑන්ඩ් එකකුත් දාලා එයා නිකන් වයසින් බාල ගෑනු ළමයෙක් වගේ. සල්පිලෙන් පස්සෙ මම එයාව මෙහෙම පිට තැනකදි දකින්නෙ සතියකට පස්සේ. කොහෙද ඉතින් ඔෆිස් එකේ හිටියට එයා මං එක්ක කතා කරන එකක් යෑ. මට මතකයි එයා ඔෆිස් එකේදි ගිය සතියටම කතා කලේ වචන දෙකයි. ඒ එක දවසක් මූණටම හම්බුණාම Good Morning කිව්ව එක විතරයි.
"මැඩම් මොකද මෙහෙ ?"
"මම පොත් ගන්නෙ මෙතනින්."
"එහෙමද."
"නෙවානුත් පොත් බලනවද ?"
"අ.. මේ.. නෑ මැඩම්. නංගිට එකක් හොයාගන්න ඕනි වෙලා ආවේ."
"හ්ම්ම්."
මම බලාගෙන ඉද්දිම එයා රාක්කෙ උසම පේළියෙන් පොතක් අරගත්තා. එයාගෙ අතත් දිගයි, එයත් උසයි, ඇඟිලිත් දිග නිසා මාව උදව්වට ඕනි උනේ නෑ. හැබැයි හිතට පොඩි දුකක් දැනුණා එයාට උදව් කරන්න බැරි උන එකට.
"නෙවාන්ගෙ නංගි මොනවද කරන්නේ ?"
"එයා ඕ ලෙවල් කරනවා මැඩම්. අනිද්දා ලියන්න ඉන්නේ."
"එහෙමද."
"මැඩම් මොන වගේ පොත්ද මෙතනින් ගන්නේ ?"
"කවුරු හරි රෙකමන්ඩ් කරපු එකක්. මගෙ යාළුවො බලලා මට කියනවා. ඉතින් මම මෙතනින් ඒක හොයා ගන්නවා."
"ඒක හොඳයි."
මට කියන්න වෙන දෙයක් නැති නිසා මම එහෙම කිව්වා. පොත් කියවලාම වෙන්න ඇති ඔය ඇස් දෙකත් පේන්න නැතුව යන්න ඇත්තේ. හැබැයි එයාගෙ මනස දැනුම් සම්භාරයකින් පිරිලා ඇති.
"මැඩම් හොයපු පොත කවුරු හරි අරන් ගිහින්ද."
එයා පොත් රාක්කෙ වටේම ගිහින් කැරකි කැරකි හැම එකක්ම ඇදලා බලද්දි මට තේරුණා එයා හොයන පොත මෙතන නෑ කියලා.
"ඒ වගේ."
මැඩම් දිහා බලාගෙන අනිත්පැත්ත හැරෙද්දිම මෙන්න අර වල් ඊරි එනවා. දැන් ඉතින් එදා මම ලේලි කියලා කිව්ව කෙනා කැන්ඩෙල් මැඩම් කියලා හිතයි. ඊට පස්සෙ අම්මටත් කියයි.
කැන්ඩෙල් මැඩම් දිහා බලපු නංගි මගෙන් ඇස් වලින් ඇහුවේ එයා කව්ද කියලා. මම දෙපැත්තට ඔළුව වනලා මුකුත් නොකියා සද්ද නොකර හිටියා. නැත්තම් මෙයා මෙතන ගම කනවා මැඩම් ඉස්සරහා.
"ඔයා මොනවද හොයන්නෙ අක්කේ ?"
හරිනෙ. වල් ඊරිට කට වහන් ඉන්න බැරි කමට කැන්ඩෙල් මැඩම්ට අක්කා කියලා කතා කරා නේද. අනික මොන මගුලටද මේකි කැන්ඩෙල් මැඩම් හොයන එක හොයන්නේ 😑.
"අහ්.. මං මේ බැලුවෙ පොතක්, කුරුළු හදවත කියලා. ඒක මෙතන ශෙල්ෆ් එකේ නෑනේ."
"ඒක මං අරගෙන ගියානේ."
හරි ලස්සනයි. වෙරි ගුඩ්. දැන් ඉතින් මේකි කැන්ඩෙල් මැඩම්ව කතාවට අල්ලගෙන මාව චාටර් කරයිද දන්නෑ. නංගි හරි ආසයි මාව චාටර් කරන්න, ගෑල්ලමයි ඉස්සරහා.
"ඔයා ඒක කියවලා ඉවරද ?"
"නෑ.. මට තව ටිකයි තියෙන්නෙ කියවන්න. එහෙම උනොත් මම ඒක කියවලා අක්කට ගෙනවිත් දෙන්නම්."
"හරි නංගි. ඔයා කොහෙටද ගෙනවිත් දෙන්නේ ?"
"ලයිබ්රි එකට එනවා මම. එතකොට දෙන්නම්."
"හරී.. ඔයාට ඒක කියවලා ඉවර වෙන දවසක් නිශ්චිතවම කියන්න බැරිද ?"
"එහෙම නම් කියන්න බෑ. දැන් මට එක්සෑම් නේ. තව සති දෙකක් වත් යයි."
හොඳ වෙලාවට නංගි පොත ගැන විතරයි කතා කලේ. පොත තව සති දෙකකින් වත් හම්බවෙන්නෙ නෑ කියලා ඇහුවම කැන්ඩෙල්ගෙ මූණ නිකන් ඊයෙ රෑ තිබ්බා වගේම අවුල් ගියා. එයා පොඩි දේටත් අවුල් යන කෙනෙක් වගේ.
"එහෙම උනොත් මම අක්කට මගෙ නම්බර් එක දෙන්නම්. මම කියවලා ඉවර උන දවසට මම කෝල් එකක් දෙන්නම්. එදාට ලයිබ්රි එකේදි හම්බවෙමු."
"හරි එහෙනම් මට ඔයාගෙ නම්බර් එක කියන්නකෝ."
කැන්ඩෙල් මැඩම් එයාගෙ හෑන්ඩ් බෑග් එක ඇදලා පොඩි ඩයරියකුයි පෑනකුයි අතට ගත්තා. මම දැන් කල්පනා කරනවා මේකි මැඩම්ට දෙන්න හදන නම්බර් එක මොකක්ද කියලා. මොකද කෙල්ලගෙ ෆෝන් එක කැඩිලා තියෙන්නෙ මාස ගාණක ඉඳන්.
"077XXXXXXX."
හරියටම හරි. මේකි දුන්නෙ මගෙ නම්බර් එක. මම කෙල්ලට අතෙන් පොඩි කික් එකක් දීලා මොකක්ද ඒ කලේ කියලා ඇහුවා. මේකි තොලත් හපාගෙන හිනා වෙනවා.
"මම එහෙන යන්නම් නෙවාන්."
"හරි මැඩම්."
"එදා දුන්න බොකේ එක මම ඊයෙ තමයි අයින් කලේ. Thank you ඒකට."
එයා එහෙම කියලා ලයිබ්රි එකෙන් එලියට ගියා. දැන් එයා මං එක්ක හිනා වෙනවා, හොඳට කතා කරනවා. ඒ කියන්නෙ මගෙ ක්රශ් එක මට සෙට් කරන්න වැඩිය දඟලන්න ඕනි වෙන එකක් නෑ වගේ 😌.
"එහෙනම් එදා මල් පොකුර දුන්නෙ මේ අක්කටද ?"
නංගි අමුතු විදිහට හිනා වෙලා අහද්දි මම පියවි සිහියට ආවා. මැඩම්ත් ඕන්නැති කතාවක් නේ කිව්වේ මේකි ඉස්සරහා. දැන් ඉතින් මගෙන් පගාව ගනී අම්මට කියනවා කියලා.
"මෙයාද ලේලි කිව්වේ ?"
"තමුසෙ ඇයි මගෙ නම්බරේ දුන්නෙ එයාට."
"තමුසෙට තාම කෙල්ලෙක් නෑනෙ. මම වත් නම්බර් එක බෙදලා දීලා මෙහෙම හරි සෙට් කරන්නම්."
"යකෝ ඒ මගෙ ඔෆිස් එකේ මැඩම්. තමුසෙ හදන්නෙ මට මගෙ ජොබ් එකත් නැති කරලා දාන්න වැඩක් තමා 😒."
"අපෝ නෑ. එයා හරි අහිංසක පාටයි. අල්ලගන්න අමාරු වෙන එකක් නෑ අයියා. ට්රයි කරලා බලන්න. ආස හිතෙයි."
නංගි එහෙම කියලා එළියට යද්දි මට ඒකිගෙ ඔළුවට හොඳවයින් දෙක තුනක් අනින්න හිතුණා. පාඩුවේ ඉන්න මගෙ ඔළුවත් අවුල් කරනවා මේ කෙල්ල නම්.
හවස් වෙද්දි අපි දෙන්නා ගෙදර ගියා. මේකි මග යනකම්ම මගෙන් පගාව ඉල්ලුවා. ඉතින් කියන කියන එක අරන් දෙන්න උනා මට තිබ්බ අසරණකමට 😑. රෑ වෙන්න කලින් නාලා මම කොණ්ඩෙත් පිහදගෙන එළියට ඇවිත් පුටුවෙන් ඉඳගත්තේ ෆෝන් එක බලන්න. ඉස්සර පැයෙන් පැයට ඔන්ලයින් ගියාට ජොබ් එක කරන නිසා මට දැන් එහෙම ඔන්ලයින් යන්න වෙලා නෑ.
❝ මේ ඔයාගෙ නම්බර් එකද ❞
❝ මම හිතුවෙ නෑ ඒ ඔයාගෙ නංගි කියලා. ඇයි මට එතනදි කිව්වෙ නැත්තෙ ❞
කැන්ඩෙල් මැඩම් වට්සැප් එකෙන් මට එහෙම මැසේජ් දෙකක් දාලා. මම ඉක්මනින් ඒ මැසේජ් දෙක ඕපන් කරලා බැලුවා. මගෙ ඩීපී එකේ මම දාලා තියෙන්නෙ මම කෝස් එකට ගියපු කාලෙ ගහපු ෆොටෝ එකක්. ඒකෙන් එයා හොයාගන්න ඇති මේ මගෙ නම්බර් එක කියලා.
❝ Sorry මැඩම්. මට ඒක කියන්න බැරි උනා. නංගිට ෆෝන් එකක් නෑ. එයාගෙ ෆෝන් එක කැඩිලා නිසා මගෙ එක යූස් කරන්නේ ❞
❝ කමක් නෑ ඒකට ❞
ඇඟ පුරාම මල් පිපුණා වගේ හිනාවක් ගියා මට. ඒත් එක්කම අමුතු ලැජ්ජාවකුත් දැනුණා. නම්බර් එක දුන්නට එයාගෙ හිතේ කිසිම තරහක් නෑ. එයා මාව තැනකදි හම්බුණාම කතා කරන විදිහටම මැසේජ් එවලා තියෙනවා දැක්කම මට පට්ටම සතුටුයි.
අලුත් දවසක් 🌞☁️🍃..
මම උදේම ඔෆිස් එකට ගිහින් පාක් එකෙන් බයික්කෙ පාක් කරා. ඒ එක්කම සුදුපාට ප්රියස් එකක් ඇවිත් කාර් පාක් එකෙන් නැවැත්තුවා. මම දන්නවා ඒ කාර් එකේ ආවෙ කව්ද කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැන්ඩෙල් මැඩම්.
මම ජැකට් එක ගලවලා නවද්දි එයා කාර් එකෙන් බැහැලා හෑන්ඩ් බෑග් එකත් අරගෙන මගෙ පැත්තට ඇවිදගෙන ආවා. මම ශේප් වෙන්නත් එක්ක හිනාවක් දැම්මා. ඊයෙ උන දේට මට පොඩ්ඩක් ලැජ්ජයි ලැජ්ජයි වගේ.
"නංගි මාර්ගෙන් මට නම්බර් එක දුන්නා නේද."
"It's okay."
එයා එහෙම කියලා හිනා වෙලා යද්දි මට බයික්කෙ අතෑරෙන්නයි ගියේ. හොඳ වෙලාවට ස්ටෑන්ඩ් එක අකුලලා නොතිබ්බ නිසා හොඳට ගියා. මේ නම් වෙනදා හිටපු කැන්ඩෙල් මැඩම් නෙවෙයි. දැන් මෙයා මට හින්ට් ගහන්නත් පටන් අරන්.
.................................................. 🤎 ...
දැන් නම් වැඩේ කරන්න අමාරු වෙන එකක් නෑ ළමයි 😌
හමුවෙමු Episode 11 න්…
Sachy Collins