Dear Kandell 🤎
Sachy Collins
Episode 09 🍂
🚫 Do not copy or share without author's permission | Previous
බබල් ටී එක බොන ගමන් මම ගෙදර ගියා. යද්දි හය හමාරයි. හත වෙද්දි සල්පිල පටන් ගන්නවා කියලා අම්මා කිව්වා. ඇඟට අමාරුයි තමයි. ඒත් එයාලාගෙ ආසාවනේ. ඉතින් මම එක්කගෙන යන්නම එපැයි මොන දේ උනත්.
"ඇයි පුතේ මෙච්චර පරක්කු."
"අර යකා මට හෙන වැඩ ගොඩක් බාර දීලා ඕවර් ටයිම් වැඩ කරන්න කිව්වනේ. හයට ඉවර උනේ."
"ඇයි ඒ ?"
"ඌ කොහොමත් මං එක්ක ඇරියස් අම්මේ. ඒවා ගණන් ගන්න එපා."
"එහෙනම් මහන්සිත් ඇති. අපි නොයා ඉමු."
"නෑ නෑ ලෑස්ති වෙන්න ඉක්මනින්. හතට පටන් ගන්නවා කිව්වනේ. අපි යමු ඉක්මනින්."
අම්මාට මම එහෙම කියලා බාත්රූම් එකට ගිහින් හොඳට නාගත්තා. කැන්ඩෙල් මැඩම් දුන්න බබල් ටී එක නිසා මගෙ බඩත් පිරිලා හිතත් පිරිලා. ඒ හින්දා ආයෙ කන්න ඕනි වෙන්නෙ නැති වෙයි.
කොහොම හරි මම සුදුපාට ටී ශර්ට් එකකුත් හොයාගෙන ඇඳගෙන, බයික්කෙට නැඟලා අම්මයි නංගියි එනකම් බලාගෙන හිටියා. තව දවස් දෙකයි නංගිගෙ එක්සෑම් එකට. කෙල්ල නම් හොඳට පාස් වෙලා මැත්ස් සයන්ස් දෙකෙන් එකක් කරාවි. එහෙම හරි කෙල්ලට හරි ගියොත් මටත් සතුටුයි.
අපි පන්සලට යද්දි සල්පිල පටන් අරන්. අම්මයි නංගියි දෙන්නා ගියා මල් එක බාර දෙන්න සංවිධායක මණ්ඩලේට. ඒ අතර තුරේදි මම ගිහින් පඩියකින් ඉඳගත්තා.
"ඈවරයි.. දෑවරයි.. එහෙනම් ඔන්න තුන් ඈවරයි."
ටික වෙලාවක් යද්දි නංගිගෙ අයිටම් එකත් ආවා මේසෙ උඩට. ඒ ඇවිත් ටික වෙලාවයි ගියේ මල් එක ගියා රුපියල් එක්දාස් පන්සීයකට. පොසොන් එකට පන්සලේ තොරණ ගහන්න තමයි මේ සල්පිල තියන්න ඇත්තේ.
"දැක්කද අයියේ.. මගෙ මල් එක ගියා එක්දාස් පන්සීයට."
"උබ නම් එච්චරවත් වටින්නෙ නෑ 😑."
"අනේ මේ තමුසෙ......"
නංගි මගෙ ගාවට ඇවිත් තඩිබාන්න ගද්දි මම එතනින් නැගිට්ටා. එතකොටම මම දැක්කේ අර ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියන මාමගෙ අතේ ලස්සන ගෙර්බ්රා මල් පොකුරක් තියෙනවා. රෝස පාට කහපාට රතුපාට වගේ මල් වලින් හදපු ලොකු මල් පොකුරක්.
"ලස්සන මල් පොකුරක් තියෙනවා ඔන්න. හරී සුවඳයි මේක නම්."
ඈවරයි මාමා එහෙම කියද්දි මට මතක් උනේ කැන්ඩෙල් මැඩම්ව. එයා ආසයි ගෙර්බ්රා වලට. ඒකනේ ෆේස්බුක් ප්රොෆයිල් පික්චර් එකට ඒ පොකුරක්ම අතේ තියන් ඉන්න ෆොටෝ එකක් දාලා තියෙන්නේ. සමහරවිට එයා මේ කොහෙ හරි ඇති. එහෙමත් නැත්නම් ගෙදර ඇති. ඒ මොනවා උනත් මට ඕනි මේ මල් පොකුර අරගෙන එයාගෙ අතටම දෙන්න. මොකද අද එයා මට එයාගෙ සල්ලි වලින්ම කැපචිනෝ එකකුත් අරන් දුන්නා.
"පන්සීයයි."
මම ලන්සුවක් තියන්න කලියෙන් එකෙක් පැනලා තිබ්බා කියන්නකො. මම කියපු මනුස්සයාගේ මූණ දිහා බැලුවා. පඩියක ඉඳන් ඉන්න කහඳගමයා දැකලා මම කන්ෆියුස්. පොරට දෙතුන් දෙනෙක් එහාට වෙන්න කැන්ඩෙල් මැඩම්ගෙ නපුරු සීයාත් ඉඳගෙන හිටියා. ඒත් කැන්ඩෙල් මැඩම් පේන්න හිටියේ නෑ.
"හත්සිය පනහයි."
මම එහෙම කියද්දි අම්මයි නංගියි මං දිහා බැලුවේ ඉර අනිත්පැත්තෙන් පෑව්වා වගේ. මම දත් සෙට් එකම පෙන්නලා හිනාවක් දැම්මා දෙන්නව ශේප් කරගන්න. මොකද එයාලා දන්නවා මට ඔය මල් එක ගන්න හේතුවක් නෑ කියලා.
"දාහයි."
කැන්ඩෙල් මැඩම්ගෙ සීයාත් හෙන පොරේ වගේ එහෙම කිව්වේ කහඳගමයායි මගෙයි දිහා රවලා බලන ගමන්. මල් පොකුරකට සමකෝණී ත්රිකෝණයක ඝට්ටනයක් සියැසින් දැක බලාගන්න පුළුවන් සල්පිලට ආපු මිනිස්සුන්ට.
"එක්දාස් පන්සීයයි."
ඒ පාර ගාන කහඳගමයාගෙන්. මගෙ සල්ලි ටික ඉවර වෙන සීන් එකක් තියෙන්නේ. ඒත් කොහොම හරි මේක ගන්නම ඕනි. එයා කරපු උදව්වට මම එයාට මේ දේ දෙන එක වටිනවා. නැතුව මට කැන්ඩෙල් ඉස්සරහා පොරක් වෙන්න ඕනි නෑ.
"එක්දාස් හත්සිය පනහයි."
මගෙන් ඒ ගාන. ටික වෙලාවක් යද්දි මේක තුන්දහටම නැග්ගා. මගෙ අතේ තියෙන්නෙ දැනට හත්දහයි. ඊට කලින් මුන් දෙන්නගෙ සල්ලි ඉවර උනොතින් මේ නෙවාන් ගොඩේ ගොඩ 🥳️.
"හාරදාස් පන්සීයයි."
කහඳගමයා එහෙම කියද්දි මම හාරදාස් හත්සිය පනහ කරා. ඊට පස්සෙ සීයා පන්දහට ලංසුව තිබ්බා. පන්දාස් දෙසිය පනහා කහඳගමයාගෙන්. ඒ එක්කම නපුරු සුදු සීයාගෙ මූණ දෙක වෙලා ගියා. ශුවර් පොර ගෙනවිත් ඇත්තේ උපරිමේටම පන්දහයි.
"පන්දාස් පන්සීයයි."
අම්මා ඇස් ලොකු කරන් බලන් ඉන්නෙ මම ලංසු තියන විදිහ. ඒ දෙන්නා දිහා බලලා මම බෝ ගහ ලඟම පඩිය දිහා බැලුවා. එතන හිටියේ කැන්ඩෙල් මැඩම්. කොණ්ඩෙත් තනි කරලකට ගොතලා සුදු පාට දිග සායකුයි, බ්ලවුස් එකයි ඇඳලා දුකෙන් වගේ එයා මල් පොකුර දිහා බලාගෙන හිටියා.
එයා හිතනවා ඇති එයාගෙ සීයාට ඒක අරන් දෙන්න බැරි වුණා කියලා. ඒත් එයා දන්නෙ නෑ මම මේ මල් පොකුර ගන්නෙත් එයාටමයි කියලා. නැතුව අපේ ගෙදර ඉන්න පොඩි වල් ඊරිට නෙවෙයිනේ.
"හයදාස් පන්සීයයි."
කහඳගමයා අන්තිමට එහෙම කියද්දි ඈවරයි කියන සීයා මගෙ දිහා බලන් හිටියා. තියෙන හත්දහා පැන්නුවොත් මටත් මේක ලොස් වෙන සීන් එකක් තියෙන්නේ. ඒත් එහෙම වෙන්න දෙන්න බෑ. මෙච්චර දුර මම මේක ඇදන් ආවෙ එයාට දෙන්නමයි.
"එහෙනං ඈවරයි.. දෑවරයි.."
"හත්දහයි."
"තුන් ඈවරයි.."
සීයා කියලා ඉවර කරන්න කලින් මම හත්දහට තිබ්බා. දැන් ඉතින් ඒ ලස්සන මල් පොකුර මේ නෙවාන්ගෙ තමා. රටක් රාජ්යයක් දිනලා වගේ මම පඩිය උඩ ඉඳඟද්දි, කහඳගමයාත් පොරගෙ සල්ලි හිඳිලද කොහෙද මූණ බඹර ගෙඩිය වගේ හදාගෙන ඉඳගත්තා.
"අපේ අලුත් මහත්තයාට මල් පොකුර හම්බවෙනවා."
මම ගමට ඇවිත් තවම මාස හතක් අටක් වගේ. ඒ නිසා වැඩිය කට්ටිය මාව අඳුනන්නෙ නෑ. හැබැයි ටවුන් එකේ අය නම් මාව ගමකට දන්නවා. හේතුව ඔෆිස් එකේ සමහර වැඩ වලට මම ටවුන් එකේ ඇවිදිනවනේ.
ට්රේ එකක තියලා මල් පොකුර මට එයාලා ගෙනවිත් දෙද්දි මම පර්ස් එකේ තිබ්බ එකම හත්දහ දීලා හිඟන ශේප් එකේ මල් පොකුර අතට ගත්තා. කහඳගමයා මගෙ දිහා බලාගෙන ඉන්නෙ අහු උනොත් මල් එක පොලවේ ගහන්න වගේ.
"අනේ අම්මේ අයියා මට මල් එක අරන් දුන්නා 😍."
එහෙම කියපු මේ හැලි වැඳිරි මගෙ අතේ තිබ්බ මල් එක ගන්නයි හැදුවේ. මම ඉක්මනින්ම එතනින් නැගිට්ටේ තව දුරටත් ඉඳන් හිටියොත් මෙයා මගෙ මල් එකට විදින නිසා.
"උබට නෙවෙයි ගත්තේ ?"
"එහෙනම් තමුසෙ කාටද ගත්තේ ?"
"තමුසෙගෙ නෑනට."
"ඈ !!"
නංගි කන්ෆියුස් වෙලා බලන් ඉද්දි මම එතනින් නැගිටලා බුදු මැදුර තියෙන තැනට ගියා. එතන ඉඳන් බලද්දි මට පෙනුණා කැන්ඩෙල් මැඩම් ඉඳන් හිටපු තැන දැන් නැහැයි කියලා. ශුවර් එකටම එයා ඇති පාක් එක අයිනේ අත් වැට ළඟ. ඒ නිසාම මම පඩි බැහැලා මල් එකත් අරගෙන පාක් එකට ගියා.
හිතුවා වගේම පාක් එකේ අත් වැට ලඟට වෙලා එයා ඉන්නවා පහල බෑවුමේ ගෙවල් වල පත්තු කරලා තියෙන බල්බ් වල රටා බලාගෙන. ඉතින් මම සද්ද නොකර එයා ලඟට ගිහින් කතා කරා.
"මැඩම්.."
මම කතා කරද්දි එයා අත් වැටත් අල්ලගෙන බය වෙලා වගේ මගෙ පැත්තට හැරුණා. ඒ එක්කම මම එයාට මගෙ අතේ තියෙන මල් එක දික් කලා. කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා එයා මගෙ දිහා බලාගෙන හිටියේ ඇසුත් ලොකු කරගෙන.
ඇත්තටම ඒ වටකුරු ඇස් හරි ලස්සනයි. දිග ඇහි පිහාටු, සැහැල්ලු දිළිසෙන කොණ්ඩෙ, මූණෙ තියෙන නපුරු පාට, හැම වෙලේම තියෙන නිශ්ශබ්දතාවය මම ගෑනු ළමයින්ගෙන් ආසම දේවල් උනා. ඉතින් එයාව මට ගැලපෙනවා. මම ඒක දන්නවා.
"මේක ඔයාට."
"ඇයි මට ?"
"කියන දේ අහලා ගන්නකෝ."
මම එහෙම කියද්දි එයා මල් එක අරගෙන සුවඳ බැලුවා. වෙනදට මම මගෙ ඔළුව ගලවලා දුන්නත් භාර ගන්නෙ නෑ වගේ හිටපු කෙල්ල අද මම දුන්න මල් එකට පෙරේතකමින් ගත්තා. දැන් නම් මට 100% ක් විශ්වාසයි. මේ තමයි එයා ආසම මල් වර්ගය. ඒ වගේම එයාව වැඩිපුරම සතුටු කරන්න පුළුවන් තෑග්ග.
"ඔයා ඔයාගෙ සල්ලි වලින් නේද මේක ගත්තේ. ඉතින් ඇයි ඒක වෙන කෙනෙකුට දෙන්නේ ?"
"වෙන කෙනෙක් මගෙ ළඟ තියෙන දේකින් සතුටු වෙනවා නම්, මම ආසයි මැඩම් මගෙ ඒ දේ ඒ කෙනාට පරිත්යාග කරන්න. එහෙම කරලා ඒ කෙනා සතුටු වෙනවා බලන්නත් මම හරි ආසයි."
"ඔයා කොහොමද දන්නෙ මම මේවට ආසයි කියලා."
"මම හිතන්නෙ මට මැඩම්ගෙ හිත කියවන්න පුළුවන්."
මම එහෙම කියද්දි එයා හිනා උනා. මේ වෙනදා හිනාව නෙවෙයි. එයා මගෙ ඉස්සරහා දත් පේන්න හිනා උනේ අදමයි. ඒ කියන්නෙ මම තමයි කාටත් කලින් එයාගෙ සම්පූර්ණ හිනාව එළියට ගත්තේ. මල් පොකුරට පින් සිද්ද වෙන්න අද රෑට බත් කන්න ඕනෙ නැති වෙන්න මගෙ බඩයි හිතයි දෙකම පිරිලා පුපුරන සයිස් එකට.
"Thank you."
හීලියම් වගේ සදා තනිවෙලා ඉන්නං වාලේ හිටපු මම මැග්නීසියම් ඔක්සිජන් එක්ක බැඳුනා වගේ කැන්ඩෙල් මැඩම් එක්ක බැඳිලා. එයා තැන්කිව් කරාම මට හිතුණේ වැටෙන් එහා පැත්තට පැනලා පා වෙලා වගේ බිමට වැටෙන්න. ඒ තරම් සතුටක් මට එවෙලෙ ආවා.
.................................................. 🤎 ...
මම නම් තාම He තත්වේ.. ඔයාලත් එහෙමද නැත්නම් MgO උනාද 😌
හමුවෙමු Episode 10 න්…
Sachy Collins