Dear Kandell 🤎
Sachy Collins
Episode 08 🍂
🚫 Do not copy or share without author's permission | Previous
"උබ නම් ළඟදිම දවසක කෙලව ගන්නවා බන්."
"ඇයි ?"
"ඇයි කියලා අහන්නේ. දැන් නම් කහඳගමයා උබ එසේ මෙසේ බඩුවක් නෙවෙයි කියලා නෝට් කරන් ඉවරයි. ඊට පස්සෙ නිමාෂයාගෙ අයියට උනා වගේ කෙලියක් වෙන්නේ."
"මට බැයිද බන් ඔය කහඹිළියා අත්ත ඔෆිස් එකෙන් කපලා දාන්න."
"පුළුවන් වෙයි මේං කියලා. බලාගෙන හිටපන් 😑."
නොදැනුවත්වම අපි දෙන්නා මගෙ ගෙදර ඉස්සරහටම ඇවිත්. ඒ එද්දි කතා කර කර ආවේ අර කහඹිළියා අත්ත ගැන. අද නම් පොර ඕනෑවට වැඩියි කියලා මටයි ඔෆිස් හැමෝටමයි තේරුණා. අනික පොර කිව්ව ඒවගෙන් කැන්ඩෙල් මැඩම් අපහසුතාවයට පත් උනත් එක්ක.
"අම්මේ."
වෙනදා වගේම ඉතින් මම අම්මට කුංචනාදයක් කරගෙන කුස්සියට ගියා. අද හැදෙන මාළුව මොකක් උනත් බඩේ පණුවො ඇවිස්සෙන සුවඳක් එනවා මට.
"නාගෙන එන්න උණුවෙන් බත් කන්න."
"හුම්ම්."
අම්මා කිව්ව නිසා අම්මගෙ රත්තරන් පුතා බාත්රූම් එකට වැදිලා හොඳට නාගත්තා. නාගෙන සැහැල්ලු කලිසමකුත් ඇඳගෙන ගිහින් කෑම මේසෙන් ඉඳගෙන උණු උණුවෙම බත් එක කෑවා.
"පුතේ."
"ඇයි ?"
"හෙට පන්සලේ සල්පිලක් තියනවලු. නායක හාමුදුරුවො කිව්වා අපෙනුත් මොනා හරි දුන්නා නම් හොඳයි කියලා."
"ඉතින් මොනාද දෙන්නේ ?"
"නංගි මල් වගයක් හැදුවා. බිත්ති සැරසිල්ලක්. ඒක තිබ්බොත් හොඳ ගාණකට යාවි."
"එහෙනම් එහෙම කරන්න."
"පුතාටත් පුළුවන් නේද අපි එක්ක පන්සලට එන්න."
"මේ මං ?"
ඔන්න තව එකක්. ඔතෙන්ටත් කහඳගමයා ආවොත් එහෙම මම සල්පිලේ බඩු වලින් ගහන්නෙ ඕකාට. ඇයි අප්පා 😑. මතක් වෙද්දිත් මගෙ ඇඟේ මාළු නටනවා.
"ඔව්.. අපේ ගමේම අය යනවලු. අපිත් මිනිස්සු එක්ක සාමදානයෙන් සහයෝගයෙන් ඉන්න එපැයි."
"හ්ම් හ්ම්.. එහෙනම් මම හෙට ඔෆිස් ගිහින් එද්දි ඔයාලා ලෑස්ති වෙලා ඉන්න."
"හරි පුතේ."
සල්පිල නැතත් නංගි දැන් ඉල්ලන එව්වා අරන් දෙන්න ගිහාම මගෙ සැලරි එක මිසින් වෙනවා. මොකඳ ඒකි බලන් ඉන්නෙ මගෙ සැලරි එකට විදලා ඒකිගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න.
රෑ එකොළහට විතර නිදාගන්න කියලා මම ඇඳට ගියා. එකපාරටම කබඩ් එක උඩ තිබ්බ ෆෝන් එකට මැසේජ් එකක් ආපු නිසා මම ආයෙමත් ඇඳෙන් නැගිටලා ගිහින් ෆෝන් එක අරගෙන ඇවිත් ඇඳට පැන්නා. දෙයියනේ දෙයියනේ. කැන්ඩෙල් මැඩම් එෆ්බී හදලා. මට Suggestion එකක් ආවා එයාගෙ ප්රොෆයිල් එකෙන්.
රතුපාට ගෙර්බ්රා මල් පොකුරක් අතේ තියන් සයිඩ් එකට මූණ හරවන් බෑවුමක් ළඟ ගහපු ෆොටෝ එකක් දාලා. පෙනුමෙන් නම් පේන්නේ ඔෆිස් කිට් එක වගේ. ඒ උනත් කෙල්ල නිකන් සුරංගනාවි වගේ හිටියා. රික්වෙස්ට් එකක් දාන්නත් හිතයි. ඒත් ඕනි නෑ දැන්ම. තවම එයා මං එක්ක හරියට කතා කරලාවත් නෑනේ.
අලුත් දවසක් 🌞☁️🍃..
හවස පන්සලට යන්න හිතාගෙන මම උදේම ඔෆිස් ගියා. යද්දි සමල් ඇවිත් ඇතුලටත් ගිහින්. ඉතින් මමත් බයික්කෙ පාක් කරලා ලාවට සින්දුවකුත් කියාගෙන එන්ට්රෙන්ස් එකෙන් ඇතුලට ගියා.
"ලස්සන ගම්මානේ..
පින්බර රන් මැණිකේ..
බාලේ හිත බැන්දා මා කෙරේ..
මතකේ ඈත මගේ..
අද ඊයේ වාගේ..
කුඹුකේ දොළ ලන්දේ ආදරේ.."
ඇයි දන්නෙ නෑ මට මේ සින්දුවම මතක් වෙන්නේ. දැන් නම් මේ සින්දුව නෙවාන් දෙව්සිඳු වීරවර්ධන කොල්ලාගෙ ආත්මීය බැඳීමක් වෙන සීන් එකක් තියෙන්නේ.
ඒ ගැන හිත හිතා මම ටේබල් එකට යනකොට මගෙ ටේබල් එක උඩ හෙන ෆයිල් කන්දක්. මටත් වැඩිය උස ඇති ෆයිල් ටික. කව්ද මට මේ සේරම එක සැරේ කම්ප්ලීට් කරන්න දෙන අමනුස්සයා. ශුවර් අර කහඹිළියා අත්ත වෙන්න ඇති.
"කව්ද බන් මේක තියලා ගියේ ?"
මම සමලාගෙන් එහෙම අහද්දි සමලා මට උත්තර දෙන්නයි හැදුවේ. ඒත් එකපාරටම ඌ පිටිපස්ස බැලුවේ මට පිටිපස්සෙන් කවුරු හරි හිටන් ඉන්නවා වගේ.
"මමයි තියලා ගියේ."
කහඳගමයා මගෙ ඉස්සරහාට ඇවිල්ලා එහෙම කිව්වා. මම හිනාවක් දාලා ආයෙමත් ෆයිල් ටික දිහා බැලුවා. මේක නම් ඉරිසියාවට කරපු වැඩක්.
"ඇයි ඔයාට ප්රශ්නයක්ද නෙවාන් ?"
"නෑ සර්.. එහෙම නෑ."
"එහෙනම් මේ ටික ඉවරයක් කරන්න පටන් ගන්න. සමහරවිට ඕවර්ටයිම් වැඩ කරන්න වෙයි."
"ඒත් ඇයි සර් මටම මෙච්චර ගොඩක් බාර දුන්නේ ?"
"නෙවාන් නේ අපේ බ්රාන්ච් එකට ඉන්න හොඳම එම්ප්ලෝයි. ඉතින් මේක මහ ලොකු ටාස්ක් එකක් නෙවෙයි කියලා මම හිතනවා."
මම හිනාවක් දාලා ඉඳගද්දි කහඳගමයා එයාගෙ රූම් එකට ගියා. හොඳ වචන ටිකක් කිව්ව හැකි මේ ඉරිසියාකාර සුනඛයාට. ඒත් ඉතින් ජොබ් එක නැති කරගන්න බෑ. දැන් හැමෝටම මාව නැතුවම බැරි කෙනෙක් වෙලානේ. නෙවාන් ගාගත්තු ගමන් හැම එම්ප්ලෝයි කෙනෙක්ම.
වෙලාව ඉක්මනින් ගෙවිලා ගියා..
වෙනදට මම ගෙදර යන්නෙ හතරට. ඒත් අද මට හය වෙනකම් වැඩ කරන්න උනා කහඹිළියාගේ ටාස්ක් එක නිසා. අම්මා බය වෙලා කෝල්ස් ගන්නවා ඇයි පරක්කු අහන්න. ඒත් ඒවාත් ආන්ස්වර් නොකර මම වැඩ ටික කරලා ඉවරයක් කලා. අද කැන්ඩෙල් මැඩම් ඔෆිස් ආවෙ නැති නිසාත් මට කිසිම ෆ්රෙශ් එකක් තිබුණෙ නෑ. මොකද දැන් එයා මගෙ ක්රශ් එක 😌. ඉතින් කෙල්ල නොදැක කොහෙන්ද මේ නෙවාන්ගෙ ඇඟට පණක්.
"නෙවාන්.."
පිටිපස්සෙන් ඇහුණ ඒ කටහඬ කැන්ඩෙල් මැඩම්ගේ. මම ඉක්මනින්ම හැරිලා බැලුවා එයාද ඉන්නෙ බලන්න. හිතුවා වගේම එයා මගෙ ඉස්සරහා ඉන්නවා. රතුපාට බ්ලවුස් එකක් ඇඳලා, ඒක යට කරලා කළු සායක් ඇඳලා, අද වෙනස්ම පෙනුමකින්.
"මැඩම් මෙහෙ ?"
"ඔයා ඇයි මේ වෙලාවේ වැඩ කරන්නේ ?"
"කහඳගමගේ සර් මට වැඩ ගොඩක් බාර දුන්නනේ. ඒ ටික කරලා ගෙදර යන ගමන් මේ."
"එයාට බෑ එහෙම කෙනෙක්ව ඕවර්ටයිම් වැඩ කරවන්න."
"කමක් නෑ මැඩම්. ආයෙ මෙච්චර වැඩ එන එකක් නෑ මට."
"ඒත් මේකට මට කතා කරන්නම වෙනවා. හෙට ඔෆිස් ආවම ඔයා මගෙ රූම් එකට එන්න කෙලින්ම."
"නෑ මැඩම් ඕනි නෑ."
"නෑ නෙවෙයි එන්න."
එහෙම කියලා එයා යන්න ගියා එළියට. මාත් ටේබල් එක අස්පස් කරලා එළියට ආවා. එද්දි කැන්ඩෙල් මැඩම් ඉන්නවා එළියේ වැඩ කරන කෙනෙක් එක්ක කතාවක. එයා එක්ක හිනා වෙලාම මම බයික්කෙ එළියට ගත්තා.
"නෙවාන්."
ආයෙමත් පාරක් එයා මට කතා කරද්දි මට බයික්කෙ අතෑරෙන්නයි ගියේ. ඒත් මම ඉක්මනින් ස්ටෑන්ඩ් එක ගහලා පොඩි හිනාවකුත් දාගෙන එයා දිහා බැලුවා. දන්නැද්ද ඉතින් ක්රශ් එක ඉස්සරහා පොඩ්ඩක් පැනික් වෙනවනේ.
"මැඩම් ?"
"මේක ගන්න. ඔයා ටයර්ඩ් වෙලා ඇති."
එහෙම කියලා එයා මට දික් කලේ බබල් ටී එකක්. ඒ වගේම එකක් එයාගෙ අතෙත් තියෙනවා. ඒත් එයා මේක මේ මට දෙන්නමද අරගෙන තියෙන්නේ.
"මැඩම් මේක මටද ගත්තේ ?"
"නැතුව වෙන කව්ද ඉන්නෙ මෙතන ?"
හිනාවක් වත් නැතුව අමුතු විදිහට බලලා එයා එහෙම කියද්දි මට හිතුනෙම මේ ස්වරූපය එයා විසින් පෙන්නන රැවටීමක් කියලා. ඇත්තටම කැන්ඩෙල් මැඩම්ට අහිංසක ස්වරූපයක් තියෙනවා. ඒත් එයා ඒක පෙන්නන්නේ නෑ කා ඉදිරියේ වත්.
"Thank you මැඩම්."
"පරිස්සමට ගෙදර යන්න."
ඈ.. පරිස්සමට ගෙදර යන්න කියලද මට කිව්වේ. මට පේන්නෙ දැන් නම් ලෝකෙ අනිත්පැත්ත ගහන්නද කොහෙද යන්නේ. ඉස්සර මං එක්ක වචනයක් වත් කතා නොකරපු කෙනා අද මට පරිස්සමට යන්න කියනවා.
"මැඩම්ත් පරිස්සමින් යන්න."
එයා එයාගෙ ටී එක බිබී ගේට් එකෙන් එළියට ගියා. මට හිතාගන්න බෑ එයා මට මේක දුන්නද කියලා. කමක් නෑ. දුන්න එකේ ඉක්මනින් බීලා ඉවරයක් කරන්නම ඕනි. නැත්තම් ගෙදර ගිහින් අර නංගි කියන යක්ෂනී මේකට විදියි 😑.
.................................................. 🤎 ...
පරිස්සමින් යන්න - මීට කැන්ඩෙල් ☺️
පරිස්සමින් ඉන්න - මීට කහඳගමගේ 😂
Telegram Channel OR Whatsapp Channel
හමුවෙමු Episode 09 න්…
Sachy Collins