Dear Kandell 🤎
Sachy Collins
Episode 07 🍂
🚫 Do not copy or share without author's permission | Previous
සෙනසුරාදා පෝය නිවාඩුව ලැබුණු නිසා මම අම්මයි නංගිවයි එක්කගෙන පන්සලට ගියා. ඊයෙ ලැබුණු සැලරි එකෙන් දෙන්නට අලුත් ඇඳුම් දෙකක් අරන් දීලා මාත් වැඩට අඳින්න පාට දෙකකින් ශර්ට් දෙකක් ගත්තා.
ලඟම තිබුණු පඩිපෙළ ළඟ මම ඉඳගෙන හිටියේ පහලින් පේන පාක් එකේ තියෙන මගෙ බයික් එක දිහා බලන්. සෙරෙප්පුත් උස්සන එකේ මේක උස්සන්නත් බැරි කමක් නෑ. හේතුව අද පෝයට පන්සලේ සෙනඟ ගොඩායි. මට ගිහින් හැරෙන්නවත් ඉඩක් නැති නිසයි මම මෙතන නැවතුණේ.
"අහ්.."
"කොහෙද උඩ බලාන යන්නේ.. තව ටිකකින් මාව මෙතනින් වැටිලා අතක් පයක් කැඩෙනවා."
පඩිය උඩට වතුසුද්ද මල් පුරෝපු වට්ටියක් වැටිලා මල් හැම තැනම විසිරිලා ගියා. ඒ එක්කම මම ඔළුව උස්සලා බැලුවා. කළු උස මහත මනුස්සයෙක් ගෑනු ළමයෙක්ට බැනලා එතනින් යන්න ගියා.
සුදුපාට දිග ගවුමක් ඇඳන් හිටපු ඒ ගෑනු ළමයා බිමට වැටුණු මල් ටික ආයෙමත් වට්ටියට දාගත්තේ වටේ එහෙ මෙහෙ යන මිනිස්සුන්ගෙ පයට පෑගෙන්න නොදී. එයාව දැක්කම මට මතක් උනේ මගෙ නංගිව. ගෑනු ළමයෙක්ට පන්සලකදි එහෙම බැනලා යන්න තරම් අර මිනිහා මොන ජාතියේ මනුස්සයෙක්ද ?
"කෝ ඉන්න නංගි."
මම වටේට විසිරිලා තිබ්බ මල් ටික අහුලලා එයාගෙ වට්ටියට දැම්මා. බිමට නැවිලා ඉන්න එයාගෙ මූණ කොණ්ඩෙන් වැහිලා තිබුණු නිසා හරියට මට හොයාගන්න බැරි උනා මේ දන්න අඳුනන කෙනෙක්ද කියලා.
"Thanks."
එයා එහෙම කියලා මල් වට්ටිය අරගෙන නැගිට්ටා. ඒ එක්කම මාත් නැගිට්ටේ ඒ මූණ දිහා බලන ගමන්. දබරැඟිල්ලෙන් කණ්නඩිය තද කරගත්තු එයා බිම බලාගෙන හිටියා. පොඩ්ඩක් ඉන්න. කණ්නඩි දාලා ඉන්න මෙයා..
"කැන්ඩෙල් මැඩම් නේද මේ ?"
මම ඇඟිල්ල දික් කරලා එහෙම අහද්දි එයා කොණ්ඩෙත් කන පිටිපස්සට කරලා දෙතොල් ඇදලා හිනා වුණා. කළුවරට ඒ මූණ මට හරියටම පේන්නෙත් නෑ. අනික අද මීදුම වැඩි නිසා වටපිටාව පැහැදිලිත් නෑ.
එකපාරටම එයා හැරිලා යන්න ගියා. විනාඩි ගාණක් ගියත් සෙනඟ ගොඩේ මට හොයාගන්න බැරි උනා ඒ රූපෙ. රෑ නවයත් වෙලා. දැන් නම් හොඳටම සීතලයි. බැරි තැන මම අම්මලා හොයාගෙන උඩ මළුවට ගියා. වෙහෙර ඉස්සරහා එයාලා තාමත් වඳිනවා.
එහෙ බලලා මම බෝධිය ළඟ බැලුවා. එතන පඩිය උඩ කැන්ඩෙල් මැඩම් ඉඳගෙන, වැඳගෙන ඉන්නවා. සල්ලි තියන පවුලක කෙල්ලෙක් උනත් පන්සලට අඳින්න ඕනි විදිහට ඇඳලා, ආගම දහම අදහලා, කාගෙවත් ලොකුකම් බලන්නෙ නැතුව පාඩුවේ ජීවත් වෙනවා. එයා බකමූණියක් උනත් ඇත්තටම ඒ ටයිප් එකේ කෙල්ලොන්ට මගෙ හිත කැමතියි.
"අපි යමු පුතේ.. හෙට උදේම නංගිට පංති නේ."
අම්මා එහෙම කියලා පහලට බැස්සා. එයාලා එක්කම මමත් පහලට බහින්න හැදුවේ. ඒත් මට කැන්ඩෙල් මැඩම්ව මතක් උනා. ඉතින් මම හැරිලා බැලුවා බෝධිය ඉස්සරහා පඩි පෙළ දිහා. එයා මගෙ දිහා බලලා මං එක්ක ලාවට හිනා වෙලා ආයෙමත් ඉස්සරහා බලාගත්තා. මට පේන්නෙ අද රෑට මට බත් කන්න ඕනි නැතිවෙයි 😌. හිතත් එක්කම බඩත් පිරිලා.
........
"මිස්ටර් නෙවාන්.. ඔයා ටැලන්ටඩ් බෝයි කෙනෙක්. ඇත්තටම මට සතුටුයි ඔයා වගේ එම්ප්ලෝයි කෙනෙක් අපේ කම්පැනි එකට ලැබුණු එකට."
බ්රාන්ච් එකේ මැනේජර් මාත් එක්ක හෑන්ඩ් ශේක් කලේ හැමෝම ඉස්සරහා. ගෙවුණු මාස දෙක තුනට මම හැමෝම අතර කැපී පෙනෙන සේවකයෙක් වෙලා. සැලරි එකත් පන්දාහකින් විතර වැඩි වෙන ලකුණු. හැබැයි මට ඔය මොන දේ ලැබුණත් සමල් කවදාවත් ඒකට ඉරිසියා කලේ නෑ. ඌ මගෙ හැම දේකටම ළඟින් හිටියා.
"කහඳගමයා දැන් උබ දිහා හොරෙන් එහෙම බලනවා වැඩියි ඈහ්."
"ඔව්.. පොර හිතාන ඉන්නෙ මම කැන්ඩෙල් මැඩම්ට ලයින් කියලා."
ලන්ච් ටයිම් එකේ ගාඩ්න් එකේ ගහක් යටට වෙලා අපි කයියක් දාන් හිටියේ. කහඳගමගේ නෙවෙයි පොර නම් කහඹිළියා ගහක්ද කොහෙද. දැන් මගෙ දිහා බලන්නේ හොර පූසෙක් බලනවා වගේ. බය ඇති මම කැන්ඩෙල්ව අල්ලගනී කියලා.
"පොර කැන්ඩෙල් මැඩම්ට කැමතියි."
"පේන්නෙ නැද්ද බන් ඒ මූණ. මැඩම් එළියට ආපු ගමන්ම බලලා හිනා වෙන්න බලාගෙන ඉන්නේ හැම වෙලේම."
"ඒත් මැඩම් කැමති නෑනේ."
"මැඩම් දන්නවද කොහෙද පොර එයාට ලයින් කියලා. ඒත් ගණන් ගන්නෙ නෑ තඹ සතේකටවත්."
සමල්ගෙන් පිටිපස්සට ඇස් යවපු මම දැක්කා කැන්ඩෙල් මැඩම් අපේ පැත්තට එනවා. එයා එන නිසාම මම කතාව නවත්තලා සමල්ට ඇස් වලින් පෙන්නුවා. ලේයර්ස් කපපු කොණ්ඩෙට හයි පෝනි ටේල් එක දාලා කොටු කණ්නඩි දෙකත් දැම්මම එයාගෙ බෝල මූණට අමුතු ලස්සනක් එනවා. බැරි වෙලාවත් රතුපාට ලිප්ස්ටික් එකක් වගේ ගෑවා නම් බලාගන්න තිබුණා සෙක්සි ලුක් එකක්.
"සමල්."
"මැඩම්."
එයා අපි ලඟට ආපු ගමන්ම අපි ඉඳගෙන ඉන්න තැන් වලින් නැගිට්ටා.
"සමල්ට පුළුවන්ද ලයිබ්රි එකට යන්න."
"මොකටද මැඩම් ?"
"මට ඩික්ෂනරි එකක් ගෙනවිත් දෙනවද. නොදන්න වචන ටිකක් හොයාගන්න තියෙනවා. ෆෝන් එකෙන් හොයන්න බෑ Battery dead."
"මැඩම් මගෙ ෆෝන් එක ගන්න. බොරුවට ලයිබ්රි එකට යන්න ඕනි නෑ."
එහෙම කියපු මම මැඩම්ට ෆෝන් එක දික් කලා. මගෙ ෆෝන් එක දිහා එයා බැලුවේ ගන්න බෑ වගේ. බොරුවට ලයිබ්රි එකට යන එකේ කාගෙන් හරි ෆෝන් එකක් ඉල්ලගත්තා නම් ඉවරයිනේ.
"කමක් නැද්ද එහෙම."
"කමක් නෑ.. මැඩම් මැඩම්ගෙ වැඩේ කරගෙන ඉවර වෙලා මට ෆෝන් එක ගෙනවිත් දෙන්න. හදිස්සියක් නෑ මට."
"මම කාගෙන්වත් ඉල්ලුවේ නැත්තෙ කරදරයක් වෙන නිසා."
"කරදරයක් නෙවෙයි මැඩම්."
මම එහෙම කියද්දි එයා ඔළුව වනලා ෆෝන් එකත් අරගෙන යන්න ගියා. එදා මාව පන්සලේදි දැක්කම කතා නොකරපු කෙනා අද මෙහෙම හරි කතා කරපු එකට මට සතුටුයි. මට පේන්නේ එයා උවමනාවක් උනොත් විතරක්ම මිනිස්සු එක්ක කතා කරන කෙනෙක්ද කොහෙද. අනිත් වෙලාවට කා එක්කවත් සම්බන්ධකම් කෑ.
"එහෙනම් මම ඉක්මනින් මේක ගෙනවිත් දෙන්නම්."
මැඩම් එහෙම කියලා ඈතට යද්දි මම හිනා වෙලා ඔළුව වැනුවා. කොච්චර වෙලා ඒ ඉටි රූපෙ දිහා බලන් හිටියද කියලා මට මතක නෑ. අන්තිමට සමල් මට ඇන්නා එකක් හොඳවයින්ම පිටට.
"ආයි බ#&@& 😑"
"කොහෙද උබ බලාගෙන හිටියේ ?"
"මැඩම් දිහාද නැත්තම්..."
පොර අමුතුම හිනාවක් දාලා එහෙම කියද්දි මටත් හිනා නොවී ඉන්න බැරි උනා. ටික වෙලාවක් ගියාට පස්සෙ අපි ආයෙමත් අපේ ටේබල් වලට ගියේ වැඩ පටන් ගන්න කියලා. කහඳගමයා උගෙ ඔෆිස් එකේ හෙනට වැඩ.
ටික වෙලාවක් යද්දි කැන්ඩෙල් මැඩම් ෆෝන් එකත් අරගෙන රූම් එකෙන් එළියට ආවා. ඒ එක්කම මම පුටුවෙන් නැගිට්ටා. මෙච්චර වෙලා ෆෝන් එක කොට කොට හිටපු කහඳගමයා ඒ පාර කන්න වගේ මායි මැඩම්යි දිහා බලාගෙන ඉන්නවා.
"Thank you නෙවාන්."
"මැඩම්ගෙ වැඩේ ඉවරද ?"
"ඔව්."
කැන්ඩෙල් මැඩම් මං එක්ක ලාවට වගේ හිනා වෙලා යද්දි අර කහඹිළියා ගහ ඔෆිස් එකෙන් එළියට ඇවිත් වීදුරු දොරේ උළුවස්සට හේත්තු වුනා. ඔන්න දැන් නම් ඇනුම් පදයක් ඇහෙන්න ආසන්නයි. උච්චතමයි.
"මිස්ට ෆෝන් එක ඕනි උනා නම් මගෙන් ඉල්ල ගන්න තිබුණනේ. මොකටද බොරුවට කරදර වෙන්නේ 😊."
"ඉට්ස් ඕකේ මිස්ටර් කහඳගමගේ. මට ඩික්ෂනරි එක විතරයි ඕනි උනේ."
"එහෙමද. කමක් නෑ මිස් අනිත් දවසේ මගෙන් ඉල්ලගන්න. නැත්තම් නෙවාන්ටත් කරදරයිනේ."
කහඳගමගේ අමුතුම විදිහකට මගෙ දිහා බලලා එහෙම කියද්දි කැන්ඩෙල් මැඩම් පවා මගෙ දිහා හැරිලා බැලුවා. මට කරදරයි කියලා කිව්වෙ ෆෝන් එක ගත්තු එකට නෙවෙයි, ආයෙමත් වතාවක් ෆෝන් එක අරගත්තොත් පොරගෙන් කරදර වෙයි කියලා වෙන්න ඇති වහෙන් ඔරා කහඳගමයා කිව්වේ.
"මට කිසිම කරදයක් නෑ සර්. මැඩම්ට ඕනි දවසක ඕනි වෙලාවක මගෙන් ඕනි දෙයක් ඉල්ලන්න. මම දෙන්නම්. මොකද මම මැඩම් යටතෙනෙ වැඩ කරන එම්ප්ලෝයි කෙනෙක්නේ."
මම එහෙම කියද්දි සමල් මගෙ ශර්ට් එකෙන් ඇදලා පුටුවෙන් ඉන්දුවා. මගෙ වචන හින්දද කොහෙද කහඹිළියා අත්ත මැඩම් එක්ක හිනා වෙලා ආයෙ ඔෆිස් එක ඇතුලට ගියා. ඒ එක්කම මැඩම් මාත් එක්කත් හිනා වෙලා එයාගෙ ඔෆිස් එකට ගියා.
.................................................. 🤎 ...
මගෙ පර්සනල් චැනල් එක අහපු අයට,
ඔයාලට ලේසි එකකට ඇඩ් වෙන්න. බොරුවට නම් ඇඩ් වෙලා ආයෙ යන්න එපා හොඳේ 🤕,
Telegram Channel - https://t.me/+q-nlKGM9EAk0ZTc1
Whatsapp Channel - https://whatsapp.com/channel/0029VaCyrnM4NVicOk5FRZ1e
ඇඩ් වෙලා වසන්තය තව දුර ඇති කතාව බලන්න 😌. මගෙ ලියා අවසන් කතා බලන්න මට පර්සනලි මැසේජ් එකක් දාන්න Tele හරි Wtsp හරි.
නෙවාන් බබා නම් ලගදිම ඉල්ලන් කයි නේද 🥲
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යමු ♥️
හමුවෙමු Episode 08 න්…
Sachy Collins