Dear Kandell 🤎
Sachy Collins
Episode 06 🍂
🚫 Do not copy or share without author's permission | Previous
එකපාරටම කැන්ඩෙල් මැඩම් මගෙ පැත්තට අඩිය තියන්න ගත්තා. අනේ මම ලැජ්ජ බයට හැදුණු කොල්ලෙක්. කෙල්ලෙක් එක්ක මෙහෙම එක කාමරේක ඉන්න මම ජීවිතේට හිතලා නෑ. එහෙව් එකේ මෙයා මොකක්ද මේ කරන්න යන්නේ ?
පස්සට ගියපු මම බුක් ශෙල්ෆ් එකක වැදුණා. ඒ එක්කම කැන්ඩෙල් මැඩම් එක තැන නැවතුණා. එයාගෙ ඇස් දැක්කම මට හිතෙන්නෙ එයා මාව මරන්න ආපු කිලර් කෙනෙක් කියලා.
"මට මේවා නෙවාන් එක්ක එළිපිට කතා කරන්න බැරි නිසයි මෙතෙනට ගෙන්න ගත්තේ."
"මොකක්ද මැඩම් ?"
"මේක ගැන."
එහෙම කියපු කැන්ඩෙල් මැඩම් එයාගෙ දකුණු අතින් උස්සලා පෙන්නුවේ කැඩුණු කරාබුවක්. මම හිතුවට එයා සාමාන්ය කෙල්ලෙක් කියලා, මෙයාට සයිකො කියලත් දැන් හිතෙනවා. නැත්තම් මොකටද කැඩිච්ව කරාබුවක් මට පෙන්නන්නේ.
"ඒක කරාබුවක්නෙ මැඩම්."
"අඳුනගත්තු එකට සතුටුයි."
"ඒත් ඇයි මට මේක පෙන්නන්නේ ?"
"මොකද ඔයා තමයි මට මේක ඩිලිවරි කලේ."
එහෙනම් මගෙ ජොබ් එක ගහලා යන්න හේතුව වුණ අර සුදු සීයාගෙ මහ ලොකු කැඩුණු වටින භාණ්ඩේ මේ කරාබුවද. චෙරි ගෙඩියක් වගේ රතුපාටිනුයි ගෝල්ඩ් පාටිනුයි හදලා තියෙන ගොඩාක් ලොකු නැති සිම්පල් ඩිසයින් එකක් ඒක.
"මේක මගෙ අතින්ම කැඩිලා නම් මම ඒකට වටිනාකම දෙන්නම් මැඩම්. මට කියන්නකෝ ඒක කොච්චර වටිනවද කියලා ?"
එහෙම කියපු මම පර්ස් එක ඇද්දේ එයා ඒකෙ වටිනාකම මට කිව්වොත් ඊට සමාන ගාණක් මා ලඟ තියෙනවා නම් ඒක දෙන්නයි. ඒත්,
"මට එහෙම දෙයක් ඕනි නෑ. ඔයාගෙ ජොබ් එක නැති උනේ මගෙ ග්රෑන්ඩ්පා නිසා. මට ඒකට ඔයාට Sorry කියන්න ඕනි."
සමාව ඉල්ලුවාම සමාව දෙන්න පුළුවන් වැරැද්දක් නෙවෙයි ඔයාගෙ ග්රෑන්ඩ්පා කලේ. ඒත් ඔය මූණ දැක්කම නම් මට සමාව නොදී ඉන්න හිතෙන්නෙත් නෑ ඉතින්.
"කමක් නෑ මැඩම්.. මම කොහොමත් ඒ ජොබ් එකෙන් අයින් වෙන්න හිටියේ. අනික මැඩම්ගෙ සීයා හරි නපුරුයි. එයාට කියන්න ඔච්චර නපුරු වෙන්න එපා කියලා."
"එයා කරේ වැරැද්දක්. මම ඒක පිළිගන්නවා. මොකද එයා මම කියන දෙයක් අහන්නෙත් නෑ."
ඒක කියන්න ඕනි නෑ මට. ලොක්කාගෙ මරමූස් මූණ දැක්කම හිතාගන්න පුළුවන් හිත ඇතුළ කොහොමද කියලා. හැබැයි එයාට තරම් නපුරු කමක් කැන්ඩෙල්ට ගෑවිලාවත් නෑ වගේ.
"ඔයාට මේ ජොබ් එක ලැබුණු එකට මට සතුටුයි. එහෙනම් හොඳට වැඩ ටික කරන්න."
"හරි මැඩම්."
"හැබැයි ආයෙ වැඩ කරද්දි මෙහෙම වැඩ කරන්න එපා කොහෙවත්."
"හරි මැඩම්."
"දැන් මෙතනින් යන්න."
ඈ.. මෙයා මාර කෙල්ලෙක්නේ. මාව මෙතෙනට ගෙන්නගෙන දැන් මට යන්නත් කියනවා. ඉස්සෙල්ලා එයාමයි මාව මේක ඇතුලට දාලා දොර වහලා මරන්න වගේ හැදුවේ.
මම මුකුත් නොකියා එළියට ගියා. හිතුවට මල් කෙල්ලෙක් කියලා මෙයා සිංහලෙන්ම කිව්වොත් අහංකාර කෙල්ලෙක්. ඔව් එහෙම වෙන්න ඕනි. මොකද සීයාගෙ ගතිගුණ වලින් අඩුම 5% ක්වත් එන්න එපෑයෑ මිණිබිරීට 😑.
"මොකද බන් උනේ.. ඇයි කැන්ඩෙල් මැඩම් උබට එන්න කිව්වේ ?"
"එයා මට ආදරෙයිලු."
"ඈ !!"
"ඔව්.. අපි බඳිමුද ඇහුවා."
මම එහෙම කියද්දි සමල් මං දිහා කන්න වගේ බලාගෙන හිටියා. පොරට දැනුයි තේරුණේ මම මෙච්චර වෙලා කිව්වෙ බොරුවක් කියලා.
"ආතල් ගන්න එපා. ඇත්ත කියහං."
"එදා පාර්සල් එක ගැන ඇහුවේ. එයාගෙ කරාබුවක් කැඩිලලු. එයාගෙ සීයා ඒකටලු මට කම්ප්ලේන් එක දාලා තියෙන්නේ. දැන් මගෙන් සමාව ඉල්ලුවා."
"සමාව ඉල්ලුවාම හරි යයිද. බැරි වෙලාවත් මේ ජොබ් එක සෙට් නොවුනා නම් අපි දෙන්නටම ගෙදරට කන්න දෙන්න වෙන්නෙ තණකොල තමයි."
"ඒක නම් ඇත්ත තමයි. ඒත් එයා වගේ කෙල්ලෙක් එහෙම සමාව ඉල්ලන කොට මට බනින්න හිතුණෙ නෑ පොඩ්ඩක් වත් 🤧."
"බලාගෙන.. හිත උණු වෙලා ඇඟත් එක්කම දියවෙලා යයි."
සමලා එහෙම කියද්දි මම හිනා වෙලා වැඩේ පටන් ගත්තා. අද උන දේ නිසා කහඳගමයා මං දිහා සැරෙන් සැරෙට බලනවා. පොර කොහොමත් කැන්ඩෙල් මැඩම්ට ලයින් එකේ නේ ඉන්නේ. එවෙලෙ මායි මැඩම්යි ගිහින් මොනවා කරාද, කතා කරාද කියලා සැකයක් ඇති පොරගෙ හිතේ.
........
මෙහෙම මාස දෙකක් විතර ගියා. මම ට්රේනර් කෙනෙක් විදිහට හිටියේ සති දෙකයි. ඊට පස්සෙ සෙට් එකෙන් හොඳටම කරන කෙනා මේ නෙවාන් උනා 😌. දැන් මං එක්ක ඔෆිස් එකේ ගොඩාක් අය එකතුයි. ලස්සන අක්කලා එහෙම මං එක්ක කයියට එනවා. ඒත් මම ටිකක් ඝනකමට ඉන්නවා.
"නෙවාන්."
එකපාරටම මම මෙච්චර වෙලා හිටපු කල්පනාවෙන් මිදුනේ කහඳගමගේ කටහඬට. පොරට මූලග්ගින්න හැදිලා වගේ මගෙ නම කියද්දි මම පුටුවෙන් නැගිට්ටුනේ පාලනයකින් තොරව.
"ඇයි සර් ?"
"කොහෙද බලාගෙන ඉන්නේ ?"
මම හිතන්නෙ කල්පනාව නිසා මම බලාගෙන ඉඳලා තියෙන්නේ කැන්ඩෙල් මැඩම් දිහාද කොහෙද. නැත්තම් මේ යකාට මෙච්චර යකා නගින්නෙ නෑනේ.
"Sorry සර් මම කල්පනාවක හිටියේ."
"මට පේනවා නෙවාන් මේ ටිකේ කල්පනා වලමයි ඉන්නෙ කියලා. ඇවිල්ලා තාම මාස දෙකයි. දැන්ම මෙහෙම විකාර නටනවා නම් ඔයාගෙ වැඩ සමල්ට භාර දෙනවා මම."
මට පුළුවන් නම් මුගෙ මූණ දිහා බලන් 'හා' කියන්න, ඇත්තමයි මම නොකියා ඉන්නෙ නෑ 😒. ඒත් නිමාෂගේ අයියාට උන දේත් මටත් කරගන්න ඕනි නැති නිසා මම ඉවසගෙන හිටියා.
"මිස්ටර් කහඳගමගේ.. ඇයි මේ ?"
එකපාරටම එළියට ආපු කැන්ඩෙල් මැඩම් එහෙම ඇහුවා. ෆයිල් වගයක් අතේ තියාගෙන එයා වෙනදට මං දිහා බලන විදිහටම කහඳගමයා දිහත් බලන් ඉන්නවා.
"නෙවාන් හරියට වැඩේ කරන්නෙ නෑ මිස්. අදත් බලද්දි වෙන ලෝකෙක."
"එයාට ඉම්පෝර්ටන්ට් වැඩක්ද භාර දුන්නේ ?"
"ඔව් මිස් හදිස්සි එකක්."
"ඒ ක්ලයන්ට් කීයටද එන්නේ ?"
"එක වෙද්දි එනවා."
කහඳගමයා එහෙම කියද්දි මැඩම් මගෙ මූණ දිහා බැලුවා. වෙනදට මාව දැක්කත් දැකලා නොදැක්කා වගේ යනවා මෙයා. එදා මාව රූම් එකකට එක්ක ගිහින් සමාවත් ඉල්ලුවා. ඒත් දැන් ඉස්සෙල්ලා වගේම බකමූණියක් වෙලා.
"නෙවාන්ට ෆිනිශ් කරන්න තව කොච්චරක් තියෙනවද ?"
"මට ටෙන් මිනිට්ස් දෙන්න මැඩම්. මම මේ ෆයිල් එක සෙට්ල් කරලා දෙන්නම්."
මම එහෙම කියද්දි කැන්ඩෙල් මැඩම් බිත්තියේ එල්ලලා තිබ්බ ඔරලෝසුව දිහා බැලුවා. එකට විස්සයි දැන් වෙලාව. ඉතුරු වෙලා තියෙන ටික මට එකට දහයක් වෙද්දි ෆිනිශ් කරලා දුන්නැහැකි. ඒකටනෙ මේ කහඳගමයා දඟලන්නෙ.
"මිස්ටර් කහඳගමගේ.. අනිත් දවසේ ඔයා එම්ප්ලෝයි කෙනෙක්ට කතා කරන්න කලින් වොච් එක දිහා බලලා ඉන්න."
කොටු කණ්නඩිය දබරැඟිල්ලෙන් පස්සට කරන ගමන් කැන්ඩෙල් යටැසින් වගේ බලලා එහෙම කියලා එයාගෙ ඔෆිස් එකට ගියා. ආවා මෙතන කහඳගමයා තොවිල් නටන්න. සේරම කටවල් තද කරන් හිටියේ හිනාවෙන්න බැරි කමටද කොහෙද. මමත් මුකුත් නොවුණ ගානට ඉඳගෙන වැඩේ කරා.
.................................................. 🤎 ...
කහඳගමයා නම් එච්චර හොඳ බඩ්ඩක් නෙවෙයි වගේ නේද ළමයි 🥱
නෙවාන්ටත් ටිකට් ඇදෙයිද මංදා
හමුවෙමු Episode 07 න්…
Sachy Collins