Dear Kandell 🤎

Dear Kandell 🤎

Sachy Collins

Episode 05 🍂


🚫 Do not copy or share without author's permission  | Previous


"මේ ඉන්නෙ අපේ සෙක්ශන් එකේ ඩිරෙක්ටර්. මිස් කැන්ඩෙල් ෆර්නැන්ඩෝ." 


මේ තමයි ඒ කණ්නඩි කෙල්ල. එදා මම පාර්සල් එක දෙන්න ගියපු 49/B මාලිගාවේ හිටපු ලස්සන කුමාරිකාව. මට හොඳට මතකයි එයා තමයි මේ. එදා මට ලොකු ලයින් දුන්න වයසක ලොක්කාගෙ දෝණි ඇන්දා 😑. 


පැය ගාණක් ගියා. ලන්ච් ටයිම් එකත් ආවා. ඉතින් අපි සෙට් එකම ගාඩ්න් එකේ ගල් බංකුවක් උඩට වෙලා කට්ටියගෙම බත් ටික දිගෑරගෙන කන ගමන් කයියක් ගැහුවා. 


කැන්ඩෙල් එයාගෙ රූම් එකට ගියා විතරයි ආයෙ එළියටවත් බැස්සෙ නෑ. වීදුරුවෙන් පේනවා එයා හැමවෙලේම ලැප් එකට මූණ දාගෙන මොනවදෝ මංදා ටයිප් කරන විදිහ. ඇත්තටම ඇයි දෛවය මට මෙහෙම දඬුවමක් දුන්නේ 😩. එදා මට ලොකුකම් දාපු සීයාගෙ දුව මම වැඩ කරන සෙක්ශන් එකේ මැඩම් උනේ ඇයි ? 


"කැන්ඩෙල් මැඩම් ලස්සනයි නේද බන්." 


"ඒකනේ. අපේ අම්මලා එයාගෙ සීයාව දන්නවා. ඒ අංකල්ට කලම්බු වල ගෙවල් දෙකක් තියෙනවාලු." 


"අඩෝ ඒ සීයාද ?" 


මම එහෙම ඇහුවා. එදා මම හිතුවේ ඒ කැන්ඩෙල් මැඩම්ගේ තාත්තා කියලා. එතකොට දැන් මම විතරයිනේ ෆර්නැන්ඩෝ පවුල ගැන දන්නෙ නැත්තේ. කැන්ඩෙල් ගැන ගොඩක් අය Interest වගේ මට පේන්නෙ. 


"ඔව් බන් ඒ සීයා." 


"පොර හෙන ලොකු සීන් නේ." 


"ඔව්.. හැබැයි අර කහඳගමයා වගේ නම් නෑ." 


"ඇයි කහඳගමයා මොකෝ ?" 


"අපේ අයියා ඉන්න කාලේ පොර අයියට හෙන සීන් එකක් දාලා කේස් එකක් ගියා. මම මෙහෙ ජොබ් එකකට එනවා කිව්වම අයියා මට කිව්වා පොරගෙන් පරිස්සම් වෙන්න කියලා." 


"පොර අපිටත් නොකරපු වැරදි වලට බනීවිද දන්නෑ." 


"එහෙම උනොත් මම නම් ඉවසන්නෙ නෑ. සයිලන්ට් එකේ පොරගෙ ෆයිල් එකක් හරි ඉරලා දානවා." 


මම එහෙම කියද්දි හැමෝම ඒකට එකඟතාවය දක්වන්න වගේ හිනා වෙලා ඔළුව වැනුවා. ඇත්තටම මම නම් එහෙම කරනවා මටත් පාට් දාගෙන ආවොත් එහෙම. 


"අන්න වැඩේ 😂." 


කාලා ඉවර වෙලා අපි ආයෙමත් වැඩ කරන්න ටේබල් එකට ගියා. කැන්ඩෙල්ට තාම විසි හතරයිලු. ඒත් මෙච්චර පොඩි වයසකින් කොහොම සෙක්ශන් ඩිරෙක්ටර් කෙනෙක් උනාද මංදා. සමහරවිට එයා දක්ෂ ගෑනු ළමයෙක් වෙන්න ඇති. මම එදා ඉඳන් අහලා තියෙනවා කණ්නඩි දාන ගෑල්ලමයි හරි පණ්ඩිතයි වගේම වැඩ්ඩො කියලා. 


"හාහ්.. අම්මේ.. මට බත් බෙදන්ඩෝ." 


හවස හතරට මම පරඬැල වගේ බයික්කෙන් බැහැලා ගාට ගාට එද්දි අම්මා අත් දෙකත් එකතු කරන් බලාගෙන ඉන්නවා ආසාවෙන් වගේ. මම මෙහෙම හොඳ ජොබ් එකකට ගිහින් මෙහෙම එනවා බලන් ඉන්න එයාලා ආස ඇති. ඒත් මට නම් දැන් යකෙක් කන්න බඩිගිනියි වගේම මහන්සියි. 


නාලා ඉවර වෙලා කෑම මේසෙට ඇවිත් කාලා මම ඉස්තෝප්පුවේ පුටුවකින් ඉඳගෙන ෆෝන් එක බැලුවා. ඉස්සර මගෙ ඇඟ ගානට තිබුණා. ඒත් දැන් නම් ටිකක් කෙට්ටු වෙලා වගේ. ඒකත් එහෙම උනේ මම ඩිලිවරි ජොබ් එකේ හිටපු කාලේ. ඉස්කෝලෙ කාලෙ කෙල්ලො දෙතුන් දෙනෙක් විතර මට කැමැත්තෙන් හිටියා කියලා යාළුවො කිව්වා. ඒත් ලව් එකක් කර ගහන් අපේ සෙට් එකේම උන් දුක් විඳින හැටි බැලුවම මට හිතුණෙ නෑ හිතලම බෙල්ලට කඹේ දාගන්න 🥴️. 


ෆෝන් එකේ වෝල්පේපරේ මම කෝස් එක කරලා සෙටිෆිකට් ගත්තු දවසේ ගහපු ෆොටෝ එකක් දාලා තිබුණේ. රැවුල ගානට කැපුවාමත් මම ලස්සනයි. ඒත් ශේව් කෙරුවොත් නිකන් හුරතල් ඌරු පැටියෙක් වගේ. 


"ඇති ඕක දිහා බලන් හිටියා. එළිය සීතලයිනේ ඇතුලට එනවා." 


නංගි ඔළුවට එකක් ඇනලා එහෙම කියලා ගෙට ගියා. කැන්ඩෙල්ව මම එෆ්බී එකේ හෙව්වත් එයා හිටියේ නෑ. සමහරවිට එයා එෆ්බී නැතුව ඇති. ඒත් මම මොකටද ඒ කෙල්ල ගැන හොයන්නේ 🤔. මට අදාල නෑනේ. 


ඒ උනාට ඒ ලස්සන ගෑනු ළමයා දැකපු දවසෙ ඉඳන් මේ නෙවාන්ගෙ හිත නිකන් මොකක්දෝ වෙනවා වගේ දැනෙනවා. දැන් මට තියෙන බය ඉදිරියට මේක ලොකු ලෙඩක් වෙයිද කියන එක. 


........ 


අලුත් දවසක මම ඔෆිස් එකට ගියා. වෙලාවට වැඩ කරන කහඳගමගේ අපිට හෙන වැඩ තොගයක් භාර දීලා එයාගෙ ටේබල් එකෙන් ඉඳගත්තා. කැන්ඩෙල් මැඩම් එයාගෙ රූම් එකේ ඉඳන් අදත් ලැප් එකේ ටයිපින්. 


හිතුවට වඩා ජොබ් එක අමාරුයි. ඒත් අතාරින්න බෑ දැන් මට තියෙන එකම පිළියම මේක නිසා. තාත්තා නැති වුණ දවසෙ ඉඳන් අපි පුළුවන් තරම් දුක් වින්දා එදා වේල කන්න සල්ලි හොයාගන්න. බැරි තැනයි නංගි ඉස්කෝලෙ යන එකත් නැවැත්තුවේ ඕලෙවල් වල 80% ඉවර නිසා. හැබැයි වියදම අඩු නිසා කෙල්ල ඒ ලෙවල් ප්‍රයිවට් කරන්න හිතන් ඉන්නවා. 


ඉතින් ඒ කෙල්ලගෙ වගකීම දැන් තියෙන්නෙ මට. අම්මාට ලෙඩ වෙන්න නොදී, කෙල්ලටත් උගන්නලා ලොකු තැනකට යවන්න නම් මම හොඳ ජොබ් එකක් කරලා ගෙදර තියෙන අඩුපාඩු, හිඟකම් නැති කරලා දාන්න ඕනි. 


"මිස්ටර් කහඳගමගේ." 


එකපාරටම කැන්ඩෙල් මැඩම් එහෙම කියාගෙන එයාගෙ රූම් එකෙන් එළියට ආවා. ඊයෙ වගේම එයා අදත් සුදු අත් දිග ශර්ට් එක කළු ස්කර්ට් එකට යට කරලා ඇඳලා. 


"මට අලුත් අයගෙන් එක්කෙනෙක්ව ඕනි." 


"මිස් කැන්ඩෙල්ට කාවද ඕනි ?" 


කහඳගමගේ කැන්ඩෙල් මැඩම්ගෙන් එහෙම ඇහුවේ මලට බඹරෙකු සේ වගේ. පොර කැන්ඩෙල්ට පැණි හලන සීන් එකක් මට පෙනී යන නිසා මම කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක අස්සෙන් බලාගෙන හිටියා. 


"මට ඕනි මිස්ටර් නෙවාන් වීරවර්ධනව." 


කැන්ඩෙල් මැඩම් එකපාරටම මගෙ නම කියද්දි මෙච්චර වෙලා හොරෙන් බලාගෙන හිටපු මම පුටුවෙන් කෙලින් උනා. ඔළුව උස්සලා බලද්දි කැන්ඩෙල් කණ්නඩි දෙකත් හදන ගමන් මගෙ දිහා බලනවා. 


"මිස්ටර් නෙවාන්.. ෆලෝ මී." 


හනුමන්තා ගිනි තියන්න හදනවා වගේ අමුතු බැල්මකින් බලලා කැන්ඩෙල් මැඩම් එහෙම කියලා කොහෙටදෝ මංදා ගියා. මම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා හතර වටේම බැලුවා. 


"ඇහුනෙ නැද්ද නෙවාන්ට. මැඩම් පස්සෙන් යන්න." 


"අහ් හරි සර්." 


කහඳගමගේ එහෙම කියද්දි ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එකත් අරගෙන මම ඉක්මනින් නැගිටලා කැන්ඩෙල් මැඩම් ගියපු පැත්තට ගියා. ඔෆිස් එකෙන් එහාට තිබුණු කොරිඩෝවක මම යන පැත්ත හොයාගන්න බැරුව තනි වුණා. 


කැන්ඩෙල් මැඩම් ඇයි මේ එකපාරටම මගෙ වාසගම එක්කම නම කියලා එයාගෙ පස්සෙන් එන්න කිව්වේ. අනික එයා මගෙ නම දන්නෙ කොහොමද. හරියට නිකන් මම එදා පාර්සල් එක ගෙනවිත් දුන්න එක හොඳට මතකයි වගේ එයා මගෙ දිහා බැලුවෙ එවෙලේ. 


"මිස්ටර් නෙවාන්.." 


එකපාරටම මගෙ දකුණු පැත්තෙන් එයාගෙ කටහඬ ඇහුණා. මම හැරිලා බලද්දි කැන්ඩෙල් මැඩම් සුදු බිත්තියකින් එබිලා බලගෙන ඉන්නවා. 


එයාගෙ ඇස් වලින් එයා මට පෙන්නුවේ එයා ඉන්න තැනට එන්න කියලා. අර හොලිවුඩ් ෆිල්ම් වල වගේ සීන් එකක් මෙතන උනොත් එහෙම මට හාට් ඇටෑක් එකක් වත් එයි අනිවා 😬. හිමිහිට මම එයා ගියපු රූම් එක ඇතුලට ගියා. ඇතුලේ පිළිවෙළට අහුරපු උස බුක් ශෙල්ෆ් දෙකක් මිසක් කැන්ඩෙල් හිටියේ නෑ. 


ඩක්.. 


එකපාරටම දොර වැහුණු නිසා මම පිටිපස්ස හැරුණා. වීදුරු දොරේ ලොක් එක පන්නපු කැන්ඩෙල් මැඩම් මගෙ ඉස්සරහට ආවා. මගෙ තරමට උසට පේන්නේ හීල්ස් දාලා තියෙන නිසා වෙන්න ඇති. කණ්නඩි දෙක අස්සෙන් පේන ඒ වටකුරු ඇස් දැක්කම මට නිකන් කරන්ට් එක වදිනවා වගේ. 


"මැඩම් ඇයි මට එන්න කිව්වේ ?" 


"මොන වගේ දේකට කියලද නෙවාන් හිතන්නේ ?" 


"මම.. මේ.." 


එකපාරටම කැන්ඩෙල් මැඩම් මගෙ පැත්තට අඩිය තියන්න ගත්තා. අනේ මම ලැජ්ජ බයට හැදුණු කොල්ලෙක්. කෙල්ලෙක් එක්ක මෙහෙම එක කාමරේක ඉන්න මම ජීවිතේට හිතලා නෑ. එහෙව් එකේ මෙයා මොකක්ද මේ කරන්න යන්නේ ? 


.................................................. 🤎 ... 


අම්මෝ අම්මෝ ලැජ්ජාවෙ බෑ - මීට අහිංසක නෙවාන් 🥲 

ආපු පළවෙනි දවසෙම +18 වෙන්න හදනවද මංදා නේද 🫠


හමුවෙමු Episode 06 න්… 


Sachy Collins

Report Page