Dear Kandell 🤎
Sachy Collins
Episode 04 🍂
🚫 Do not copy or share without author's permission | Previous
"නෙවාන්ව අපි සිලෙක්ට් කරගන්නවා. හැබැයි නෙවාන් ට්රේනර් කෙනෙක් විදිහට තමයි ඔෆිස් එකට එන්නේ."
අද නම් මට වාසනාවක් පෑදිලා වගේ. ඉන්ටර්විව් බෝඩ් එකේ සර් එහෙම කියද්දි මම හිනා වෙලාම ෆයිල් එක අතට ගත්තා. ට්රේනර් කෙනෙක් විදිහට හරි මට ඔෆිස් එකට යන්න පුළුවන් නම් වෙන මුකුත් ඕනි නෑ ඇත්තටම.
"නෙවාන්ට අපි මැසේජ් එකක් එවන්නම් ඉදිරි දේවල් ගැන."
"හරි සර්.. තෑන්ක් යූ සෝ මච්."
මම රූම් එකෙන් එළියට ඇවිත් සමලා හොයන් ගියා. පොර එළියෙ පේන්න නෑ. සමහරවිට එහා තියෙන ඉන්ටර්විව් රූම් එකේ පොර තාම ඇත්තේ. මට මෙහෙම හරි ටිකට් එකක් ඇදුන එකේ උටත් හරියන්නම ඕනි.
"මොකද උනේ බන්."
පොර එළියට එනවා දැකලා මම එහෙම ඇහුවේ පොරගෙ මූණත් මල් පිපිලා වගේ තියෙද්දි.
"මාව ට්රේනින් ලයින් එකට දානවාලු බන්."
"මාවත් යකෝ."
හිතුවෙවත් නැති දෙයක් අද උනේ. අලුත් බ්රාන්ච් එකක් නිසා වෙන්න ඇති අපිට මෙහෙම හරි චාන්ස් එකක් ලැබුණේ. හැබැයි මේ ජොබ් එක නම් මොන දේ නැතත් හරියටම කරන්න ඕනි. මොකද මෙතනින් එක්ස්පීරියන්ස් හදාගත්තොත් අපිට තව කල් යද්දි ලොකු පුටු වලට ගිහෑකි.
"අම්මේ.."
මම ගේ ඇතුලට හුලං කුරුල්ලා වගේ යද්දි අම්මා සාලෙට දුවගෙන ආවා. මගෙ සතුට දැක්කම අම්මට වැඩි වෙලාවක් ගියෙ නෑ අඳුනගන්න, මොකක්ද වෙලා තියෙන්නෙ කියලා.
"ඉන්ටර්විව් පාස් උනාද පුතේ ?"
"ඔව් අම්මේ.. මාව ට්රේනර් කෙනෙක් විදිහට වැඩට ගන්නවා කිව්වා 🥳️."
"අනේ එහෙනම් අපිට දෙයියෝ බැලුවානේ. හොඳක්ම වෙන්න ඕනි මින් ඉදිරියටත් මගෙ පුතාට. ඇත්තමයි 🤗."
අම්මා එහෙම කියද්දි මම ෆයිල් ටිකත් මේසෙ උඩින් තියලා බාත්රූම් එකට ගිහින් නාගත්තා. දැන් ඉතින් අලුත් ශර්ට් ටිකකුත් හදාගන්න වෙනවා මාරු කර කර අඳින්න. සමලාටයි මටයි බැරි නෑනෙ දෙන්නගෙ ඒවා මාරු කරන් අඳින්න. ඉස්සරත් අපි කරේ එහෙමනේ.
........
"සීයේ.."
කැන්ඩෙල් ආච්චිගෙන් ලැබුණු කෝල් එකත් කට් කරලා තමන්ගෙ සීයව හොයාගෙන ගාඩ්න් එකට ආවා. ආච්චිගෙන් කෙල්ලට හෙනට කරදරේ සීයා එක්ක කොළඹ එන්න කියලා.
"ආච්චි එක්කනම් බෑ දැන්."
"ඇයි දුව."
"අපිට කළම්බු එන්නලු. මේ ජොබ් එකෙන් අයින් වෙලා එහෙ බ්රාන්ච් එකට එන්න කියලා ආච්චි මට කියන දහවෙනි වතාව මේ."
"ඉතින් දුව මොකද කියන්නේ ?"
"මට දැන්ම යන්න බෑ සීයේ. මම තාම මේ ජොබ් එකෙන් ප්රමෝශන් එකක් ගත්තා විතරයි. ඒ නිසා මට ටික කාලයක් මෙහෙම ඉන්න ඕනි."
කැන්ඩෙල් එහෙම කියලා වරෙන්ඩා එකේ තිබුණු පුටුවකින් ඉඳගෙන අත් දෙකත් එකට බැඳගත්තා. ජොබ් එක කරන්නෙ අවුරුද්දක ඉඳලා නිසා කැන්ඩෙල්ට ඕනි උනා තව ටික කාලයක් මෙහෙ නවතින්න. කෙල්ල ආසයි මේ පරිසරයට, ඒ වගේම වැඩ කරපු ඔෆිස් එක දාලා යන්න හිතෙන්නෙත් නෑ.
"මම ආච්චිට කියලා බලන්නම්කෝ."
"ඒක හොඳයි.. සීයා කිව්වොත් නම් අහයි ටිකක්."
"හ්ම්ම්.. ඒක නෙවෙයි මට දුවට දෙයක් කියන්න තියෙනවා."
"කියන්න සීයේ."
"එදා දුවගෙ පාර්සල් එක කැඩුනා කිව්වා නේද ?"
"ඔව්.. හැබැයි අනිත් දෙක නම් හොඳට තිබුණා."
කැන්ඩෙල් එහෙම කියද්දි සීයා කැන්ඩෙල් දිහා හැරිලා බැලුවා.
"මම ඒ කම්පැනි එකට කතා කරලා කම්ප්ලේන් කරා මේ ගැන."
"What.. ඒත් ඇයි සීයේ.. ඒක නිකන් කරාබු දෙකක් විතරයිනේ. අනික එකයිනේ කැඩිලා තිබුණේ 😐."
"ඒ උනාට ඕවා කම්ප්ලේන් කරේ නැත්තම් වැඩක් නෑ. එයාලා ආයෙමත් දවසක ඔහොම කරයි අනිවාර්යයෙන්ම."
"ඔයා දන්නවද ඒ කම්පැනි එක ගැන ?"
"ඔව්.. මගෙ යාළුවෙක් ඒක කරන්නේ."
"ඒත් සීයේ ඔයාට එහෙම කරන්න කලින් මගෙන් අහන්න තිබුණානේ. මේ පොඩි කරාබුවකට ඇයි කම්ප්ලේන් කරන්නේ. මම ආයෙ එකක් ඕඩර් කලානේ."
"දැන් ඉතින් ඒ ගෙනාපු හාදයාත් අයින් කරලා ඇති."
සීයා එදා ඉඳන්ම අමුතු ලොකුකමකින් ඉන්න, මේ වගේ වැඩ කරන කෙනෙක් කියලා කැන්ඩෙල් හොඳටම දන්නවා. ඒ නිසා කෙල්ල සද්ද නොකර ගේ ඇතුලට ගියා. මේ වගේ පොඩි දේකට ඒ පිරිමි ළමයාගේ රස්සාවත් නැතුව ගියොත් ඒක අපරාධයක් කියලා කෙල්ලට හිතුණා.
........
අද තමයි මං හාපුරා කියලා ඔෆිස් එකක ජොබ් එකකට යන දවස. එදා ඉන්ටර්විව් එකට ගියා වගේම අදත් අම්මා ගේ ඉස්සරහා ඉන්නවා සුදු මල් දාපු වතුර එකක් අරගෙන. නංගිගෙ මූණත් සතුටින් පිරිලා වෙනදා නැතුව.
"හොඳට වැඩ ටික කරගන්න මගෙ පුතේ. මේ ජොබ් එකට නම් නරකක් වෙන දෙයක් කරන්න එපා."
"හරි අම්මේ."
අම්මට වැඳලා මම බයික්කෙ අරන් ටවුන් එකට ගියා. ආයෙත් ඩිලිවරි ජොබ් එක නොකරන තරමට මටත් හොඳයි මගෙ බයික්කෙටත් හොඳයි. අනික සමලා කිව්වා වගේ පනහකට ලං වෙන්න සැලරිත් ලැබෙනවා කියන්නෙ අනාගතේට ගොඩාක් දේවල් කරන්න පුළුවන්නේ.
උදේම ගියපු ගමන් අපිව කන්ෆරන්ස් රූම් එකට ගෙන්නලා පොඩි දේශනයක් දීලා පිළිගත්තා. ගියපු දවසෙම මායි සමලයි එක්ක තව කොල්ලෝ දෙන්නෙක් සෙට් උනා. අපි විතරමයි ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. අනිත් අයට අපිට තරමට වත් ඉන්ග්ලිෂ් ගැන නොලේජ් එකක් තිබිලා නැති නිසා ඉන්ටර්විව් ෆේල් වෙලා.
"ඔයාලට අද දවසට මම දෙන්නෙ පොඩි ටාගට් එකක්. හැබැයි එන්න එන්නම ටාගට් එක ලොකු වෙද්දි ඔයාලගෙ ස්පීඩ් එකත් වැඩි වෙන්න ඕනි. අපේ හැම කස්ටමර් කෙනෙක්ගෙම ඩීටේල්ස් ඔයාලා දවසින් දවස අප්ඩේට් කරන්න ඕනි. ඊට අමතරව තව දේවල් මම ඔයාලාට එක එක්කෙනාට වෙනම බාර දෙන්නම්."
හොඳ, ටිකක් වයස මැඩම් කෙනෙක් අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. ඒ වගේම එයා හරි කරුණාවන්තයි. ගොඩ දවසකින් මම ලැප් එකේ වැඩක් කරේ නෑ. ඉතින් දැන් නිකන් නුහුරු ගතියකුත් තියෙනවා. ඒත් ටික දවසක් යද්දි ඕක හරියාවි.
"ඔයාලාගෙ ඩිරෙක්ටර් ඇවිත් ඉන්නෙ. දැන් ඉඳන් එයාගෙන් තමා ඔයාලා හැම දෙයක්ම ඉගෙන ගන්නෙ. තේරුණාද බෝයිස්ලා ටිකට."
"එතකොට මැඩම් නෙවෙයිද අපේ ඩිරෙක්ටර් ?"
"නෑ.. ඔයාලගෙ ඩිරෙක්ටර් අද එන්න පරක්කු උන නිසයි මම ඔයාලට ට්රේන් කලේ."
එහෙම කියලා ඒ වයස මැඩම් ගියා. ඒ කියන්නේ එයා නෙවෙයි අපි හතරදෙනා බලන්න ඉන්නේ. මම සමලගේ මූණ දිහා බලද්දි සමලාත් මගෙ මූණ දිහා බලලා ඔළුව ඇද කරේ ආපු පළවෙනි දවසෙම වෙන දෙයක් හිතාගන්න බැරුව.
"Good morning.. මම තමයි ඔයාලගේ ඩිරෙක්ටර්. මිස්ටර් රනුල්ය කහඳගමගේ."
අපිට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් ඇති. ඒ උනාට හෙන ලොක්කා වගේ ඇවිත් අපේ ඩිරෙක්ටර් එහෙම කියද්දි අපි හැමෝම හිතාගත්තා පොර එසේ මෙසේ බඩුවක් නෙවෙයි කියලා. මෙයත් හරියට නිකන් අර එදා 49/B ගෙදර හිටපු වයසක ලොක්කා වගේ ඔළුව ඉදිමිලා ඉන්නේ.
"මූ නම් එසේ මෙසේ බඩුවක් නෙවෙයි වගේ."
"ඔව් උද්දච්ච මූණක් තියෙන්නේ 😒."
"අපෙන් ගේම ඉල්ලයිද දන්නෑ ට්රේනර්ස්ලා කියලා."
"අනේ මංදා වෙන දෙයක් බලමුකෝ."
"හැබැයි මට ශුවර් එකක් තියෙනවා මූ අපිට මේ ජොබ් එකත් එපා කරවයි කියලා."
සමල් එහෙම කියද්දි මම කහඳගමගේ දිහා බැලුවා. කහ ගාලා වගේ සුදට ඉන්න Chad වගේ සීන් එකේ ඉන්න පොරක්. හැබැයි Chad නෙවෙයි එලිසබත්ගෙ මල්ලි උනත්, මම නම් දෙකට නැවෙන්නෙ නෑ.
"ආ.. Good Morning මිස් කැන්ඩෙල්. අද ඔයා ලේට් උනා ගොඩක් 😌."
අපේ ඩිරෙක්ටර් කාරයා එහෙම කියද්දි හීල්ස් දාගෙන ඇවිදගෙන එන ගෑනු ළමයෙක්ගෙ සද්දයක් ඇහුණා. කව්ද මේ කොරවක්කි කියලා බලන්න මම අනිත්පැත්තට හැරුණා. ඒ එක්කම සමලුයි අනිත් හැමෝමයිත් හැරුණා.
"Sorry මිස්ටර් කහඳගමගේ.. ග්රෑන්ඩ්පාට ටිකක් අසනීපයි. ඒකයි අද ලේට් උනේ මම 😊."
දණහිස ගාවට තියෙන කළු ටයිට් ස්කර්ට් එක ඇඳලා, අත් දිග ලූස් සුදු ශර්ට් එක යට කරලා උඩින් පෝනි ටේල් එකක් දාගෙන එන කණ්නඩි දාපු කෙල්ලෙක්. පොඩ්ඩක් ඉන්න. මොකක්ද මෙයාගෙ නම කිව්වේ.
"මේ ඉන්නෙ අපේ සෙක්ශන් එකේ ඩිරෙක්ටර්. මිස් කැන්ඩෙල් ෆර්නැන්ඩෝ."
මේ තමයි ඒ කණ්නඩි කෙල්ල. එදා මම පාර්සල් එක දෙන්න ගියපු 49/B මාලිගාවේ හිටපු ලස්සන කුමාරිකාව. මට හොඳට මතකයි එයා තමයි මේ. එදා මට ලොකු ලයින් දුන්න වයසක ලොක්කාගෙ දෝණි ඇන්දා 😑.
.................................................. 🤎 ...
TIP 1 - ඔයාලා බලයි එකපාරට මෙහෙම ඉන්ටර්විව් එකක ආපු ගමන්ම කට්ටියව සිලෙක්ට් කර ගන්නෙ කියලා. ඒ එයාලගෙ කම්පැනි එකට හදිස්සියකට එම්ප්ලෝයිස්ලා තෝරපු නිසා කියලා හිතමු. නැත්නම් ඉන්ටර්විව් එකෙන්ම කියන්නෙ නෑනෙ සිලෙක්ට් උනා කියලා.
TIP 2 - අනික නෙවාන් එතන හිටපු බහුතරයකට වඩා Qualified කියලා හිතමු. ඒ නිසා ඉන්ටර්විව් බෝඩ් එකේ අය එක පයින්ම කැමති උනා කියමු.
හමුවෙමු Episode 05 න්…
Sachy Collins