Dear Kandell 🤎

Dear Kandell 🤎

Sachy Collins

Episode 02 🍂


🚫 Do not copy or share without author's permission | Previous


"සීයේ.."


කැන්ඩෙල් කෑම මේසෙ ලඟට ගිහින් සීයාට තමන්ගෙ අතේ තිබුණු කරාබු දෙක උස්සලා පෙන්නුවා. එක කරාබුවක් දෙකට මැද්දෙන් කැඩිලා තියෙන බව දැකපු සීයා කන එකත් නවත්තලා හිනා වෙන්න ගත්තා.


"මම කිව්වා ඕඩර් කරන්න එපා කියලා."


"ඕඩර් නම් කීයක් මම කරලා තියෙනවද. හැබැයි අද වෙනකම් මට මෙහෙම දෙයක් නම් වෙලා නෑ සීයේ."


"වෙනදා එන ළමයා නෙවෙයිද ආවේ."


"නෑ.. අලුත් කෙනෙක් වගේ. මගෙ නමවත් හරියට කියවගන්න බැරි පොඩි බබෙක් වගේ බෝයි කෙනෙක්."


"එහෙනම් ඒ ළමයා ඕක ගේද්දි පොඩි වෙන්න ඇති. දැන් ඉතින් මොනවා කරන්නද. ආයෙ අලුත් එකක් ඕඩර් කරලා ගෙන්නගන්න ඔය ජාතියෙන්ම."


"අනිද්දාට ඔෆිස් යද්දි හොඳට ඇඳගෙන යන්න ඕනිනෙ සීයේ. ඒකයි මම මේක ගත්තේ. නැත්තම් අවුරුදු නිවාඩුවට මුකුත් අරගෙන නෑ කියලා හිතයි හැමෝම."


"දැන් ඉතින් කරන්න දෙයක් නෑනෙ දුවේ. ඔය තියෙන විදිහට යන්න."


"හ්ම්ම්."


කැඩුණු කරාබුවත් අතට අරගෙන කැන්ඩෙල් ආයෙමත් එයාගෙ රූම් එකට ගියා. කැන්ඩෙල් මහ ලොකුවට ෆැෂන් කරන කෙල්ලෙක් නෙවෙයි. එයා හැමදාම ඔෆිස් යන්න අඳින්නෙත් සුදු ශර්ට් එකයි කළු ටයිට් සායයි. ඒත් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ආයෙ ඔෆිස් යද්දි කරාබුවක හරි පොඩි වෙනසක් තිබුණෙ නැත්තම් කට්ටිය හිනාවෙයි කියලා කෙල්ලට හිතුණා. ඒකයි එයා මේවා ඕඩර් කලේ.


........


"අම්මේ.. මම යනවෝ."


ටී ශර්ට් එකත් බාගෙට යට කරගෙන මම ඉක්මනින් එළියට බැස්සෙ කම්පැනියට යන්න හිතන්. එතනින් පාර්සල් අරගෙන තමයි මම බෙදන්න යන්නේ.


"ඔහොම ඉන්න ළමයෝ."


"ඇයි ඇයි."


අම්මා මොකක්ද කොළයක් උස්සගෙන එනවා දැකලා මම එහෙම ඇහුවා. ශුවර් එකටම ඔය ජොබ් එකක ඇප්ලිකේශන් එකක් වෙන්න ඇති.


"ටවුන් එකේ තියෙන ෆිනෑන්ස් කම්පැනි එකේ ජොබ් එකකට වේකන්සි තියෙනවා කියලා මට මේක ගෙනවිත් දුන්නා සමල් පුතාගෙ අම්මා."


සමලගෙ අම්මටත් ඉන්න බෑනේ එක විදිහකට 😒. සමල් කියන්නෙ මගෙ හොඳම යාළුවා. පොරත් දැනට මං එක්ක ඩිලිවරි ජොබ් එකම තමයි කරන්නෙ. ඒත් අපි දෙන්නම එකම තැන ජොබ් එකක් හෙව්වෙ දෙන්නටම එකට මගෙ බයික්කෙ යන්න එන්න පුළුවන් නිසා.


"ඕකටත් ගිහින් මට අර පදේම අහගෙන එන්න වෙන්නෙ අම්මේ."


"එහෙම හිතන්න එපා ළමයෝ. මේක අලුතෙන් පටන් ගත්තු බ්‍රාන්ච් එකක්ලු. ඒ නිසා ඒ ලෙවල් විතරක් කරපු කට්ටියවත් ගන්නවලු."


"ඉතින් කවද්ද යන්න තියෙන්නේ."


"අනිද්දා."


"හ්ම්.. එදාට බලමුකෝ."


"බලමුකෝ නෙවෙයි සුදු ශර්ට් එකක් අරගන්න වෙනවා ඉන්ටර්විව් එකට අඳින්න."


"හරි හරි මම බලන්නම් 😑."


එහෙම කියපු මම අම්මට වැඳලා හෙල්මට් එක දාගෙන බයික්කෙ නැඟලා ගියා. වෙනදා වගේම හෙන ලොට් එකක් අදත් ඩිලිවරි කරන්න තියෙනවා. එක වෙලාවකට මට එපා වෙනවා මේ ජොබ් එකත්. දැනට මාසයකටත් වැඩියි මම දවසට රුපියල් 1200 යේ මේ ජොබ් එක කරලා.


"අපිට තියෙන්නෙ ඩේටා ඇනලයිස් කරන්න විතරයි මචන්. මාසෙකට හතලිස් අටක් කියන්නෙ කොස් ඇටද. යකෝ මෙච්චර හොඳ චාන්ස් එකක් අතාරින්න උබේ මොලේ තියෙන්නෙ @%ද."


සමලා එහෙම කියද්දි මම උගෙ බත් එකේ තිබ්බ මාළු කෑල්ලක් අනලා කටක් කෑවා. එකට විතර දෙන්නම එකම ටවුමෙ සෙට් උන නිසා එහෙම්ම දවල්‍ට කෑවා. නැත්තම් කන්නත් වෙලාවක් නෑනේ. ඒ අස්සෙ මූ කියනවා මේ ඉන්ටර්විව් එක අපි පාස් වෙයි කියලා. මට නම් සත පහක විශ්වාසයක් නෑ ඒ ගැන.


"මොලේ @% තියෙන හින්දා තමා මෙච්චර කල් ගියපු එකක් වත් හරි ගියෙ නැත්තේ 😒."


"නෙගටිව් විදිහට හිතන්නෙ නැතුව පොසිටිව් විදිහට හිතහන් බන්. මම නම් කියන්නෙ මේ තමා අපි යන ලාස්ට් ඉන්ටර්විව් එක."


"ඔව් මම යන ලාස්ට් ඉන්ටර්විව් එක තමයි මේක. හරි ගියත් නැතත්."


"ආතල් නෙවෙයි. හොයාගනින් සුදු ශර්ට් එකක්. ගැම්මට ලස්සනට ගිහාම ඉන්ටර්විව් බෝඩ් එකේ මැඩම්ලා හිටියොත් ජොබ නිකන්ම සෙට් වෙයි සමහරවිට."


"බලමුකෝ."


සමලා එක්ක කාලා මම පට්ටිපොළ පැත්තට ගියා. සමලා අනිත්පැත්තට ගියා. ඊළඟට දෙන්න තියෙන පාර්සල් එක මට හුරුපුරුදු ඇඩ්ඩ්‍රස් එකක්. ඒ 49/B කියන ඇඩ්ඩ්‍රස් එක.


ටික වෙලාවක් යද්දි මම ඊයෙ වගේම නැවතුණේ අර සුදු පාට මල් වවපු මාලිගාව ඉස්සරහා. අර කණ්නඩි කෙල්ල අදත් මගෙ ඉස්සරහට ආවොත් එහෙම මට අනිවාර්යයෙන්ම ''ලස්සන ගම්මානේ පිං බර රන් මැණිකේ" කියලා කියවෙනවා මයි අනිවාර්යයෙන්. මොකද ඒ කෙල්ල දැක්කම මට මතක් වෙන්නෙම ඒ සින්දුව. මොන හේතුවකටද මංදා 😒.


"අහ්ම්.."


මම බයික්කෙන් බැහැලා බෑග් එකේ අඩියෙම තිබ්බ පාර්සල් දෙක ඇදලා ගද්දි වයසක ලොක්කෙක් ඇවිත් උගුර පාදනවා වගේ ඇහුණා. හැරෙද්දි අර කණ්නඩි කෙල්ල වෙනුවට ඒ මූණට හුරු වයසක ලොක්කෙක් හිටගෙන ඉන්නවා හැරමිටියකුත් අතේ තියන්.


"අංකල්.. මිස් කැන්ඩෙල් ඉන්නවද ?"


"මම කැන්ඩෙල්ගෙ ග්‍රෑන්ඩ්පා."


සීයාගෙ බැල්ම නම් අල්ලන්නෙ නෑ මට. ඒත් ඉතින් පාර්සල් එක මෙයාගෙ අතට හරි දෙන්න එපෑයෑ. එහෙම හිතාන මම සීයාට පොත පෙන්නලා සයින් එකක් දාන්න කියලා කිව්වා. පොරත් සයින් එක දාලා කන්න වගේ බලාගෙන හිටියා.


"මේ සර් පාර්සල් දෙක."


"හ්ම්.."


සීයා මටත් රවාගෙන ගේ ඇතුලට ගියා. කණ්නඩි කෙල්ල අද ගෙදර නැති නිසාද කොහෙද මෙයා එළියට ඇවිත් තියෙන්නේ. ඒ උනාට මේ සීයාගෙ නම් පුදුම ලොකුකමක් තියෙන්නේ. හරියට නිකන් මම බලෙන් පාර්සල් දෙනවා වගේ. අනේ මම මොකටෑ කාගෙවත් ලොකුකම් බලන්නේ. කොන්දක් පණක් තියෙන කොල්ලෙක් හැටියට මමත් වයසක පොරවල්ගේ ලොකු සීන් බලන්නෙ නෑ 😆.


පාර්සල් ටික අද හවස 4 වෙද්දි ඉවර උනා. කඩේකට ගිහින් ශර්ට් එකක් අරගෙන ගෙදර ගියපු මම කාත් එක්කවත් කතා නොකර ගිහින් නාගත්තා. අම්මයි නංගියි මං දිහා කන්න වගේ බලාගෙන හිටියා මම බාත්රූම් එකෙන් එළියට එද්දි.


"ඇප්ලිකේෂන් පුරවලා දුන්නද පුතේ ?"


"ඔව් එන ගමන් මම දීලා ආවෙ අම්මේ."


"එහෙනම් අනිද්දාට එයි නේද ඉන්ටර්විව්."


"ඔව් සමලා කිව්වා ඇප්ලිකේශන් දාපු හැම එක්කෙනාටම අනිවා ඉන්ටර්විව් එනවා කියලා."


"හ්ම්.. මොකෝ අවුලෙන් වගේ."


නංගි තඩි බත් පිඟානක් බෙදාගෙන කනවා. සීයා දාපු ලොකු පාට් එක ගැන මෙතන කිව්වොත් ඕකිට කන එක ඉස්පොල්ලෙ ගිහින් මැරෙනවා අනිවා 😑. ඇයි ඉතින් මම චා වෙනවට ඕකි හරි ආසයිනේ.


"49/B කියලා මාලිගාවක් තියෙනවා. ඒ ගෙදර ඉන්න මැඩම්ගේ ග්‍රෑන්ඩ්පා ලොක්කා මට ලොකු ලයින ඇල්ලුවා."


"මොකක් හරි වැරැද්දක් උනාද පුතේ ?"


"දන්නෑ අම්මේ."


"එහෙනම් ඇයි ඒ ?"


"දන්නවනේ අම්මේ ලොකු මිනිස්සුන්ගේ හැටි. සල්ලි වැඩි උනාම ඔළුව ඉදිමෙනවනේ. ඒ හින්දා වෙන්න ඇති."


"හ්ම්.. ඒත් පුතේ පරිස්සමින්. ඉන්ටර්විව් එක පාස් වෙනකම් මේ ජොබ් එක නැති කරගන්න තත්වෙට නම් වැඩ කරන්න එපා."


"අපෝ නෑ අම්මේ. මම මට පුළුවන් විදිහට කරනවා. ඒ උනාට පාර්සල් බෙදන ගානට වඩා සැලරි එකනේ අඩු."


"ඒ ගැන එච්චර හිතන්න එපා පුතේ. වාසනාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාට අර ඔෆිස් එකේ ජොබ් එක හරියාවි."


"එහෙම උනොත් හොඳා."


අලුත් දවසක මම උදේම කම්පැනියට යන්න ලෑස්ති වුණා. වෙනදා වගේම මම බයික්කෙට නගිද්දි අම්මා බුදුන් වැඳලා ඉල්ලන්නේ මට හරියන්න කියලා. එයාගෙ ඒ ප්‍රාර්ථනාවට නම් දෙවියෝ අහක බලන එකක් නෑ.


"නෙවාන්.."


"සර්.."


"නෙවාන්ට කම්ප්ලේන් එකක් තියෙනවා."


මම අද දවසට තියෙන පාර්සල් ටික ගන්න යද්දි සර් එහෙම කිව්වේ මාව ඔෆිස් එකට ගෙන්නලා. මේ මොකක්ද දෙයියනේ මේ වෙන්නේ. මම දන්න හැටියෙන් නම් මම වැරැද්දක් කලේ නෑනේ 🙄.


.................................................. 🤎 ...


මම මේ කතාව ලිව්වේ ට්‍රේන් එකේ යන එන ගමන්. අඩුපාඩු / නොදැනෙන තැන් ඇති. ඒත් ඔයාලා බලාගෙන ඉන්න නිසා මෙච්චර බිසී වෙලාවක හරි දෙන්නේ.


හමුවෙමු Episode 03 න්…


Sachy Collins 

Report Page