Dear Kandell 🤎

Dear Kandell 🤎

Sachy Collins

Episode 01 🍂


🚫 Do not copy or share without author's permission | Registration Code - 001785


"මොකක්ද නම ?"


"නෙවාන් දෙව්සිඳු වීරවර්ධන."


මේ මම යන තුන් වෙනි ඉන්ටර්විව් එක. හැමදාම ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න උන් ටික සෙටිෆිකට් අරගෙන නම අහලා ගෙදර තත්වෙ ගැන අහනවා. හැබැයි එච්චරමයි. ඊට පස්සෙ මට ඇහෙන එකම වාක්‍යෙ,


"අපි නෙවාන්ට ඊමේල් එකක් එවන්නම්, ඉන්ටර්විව් පාස් නම්."


මේ වාක්‍යයත් මම තුන් පාරක් අහලා ඇති. හැබැයි අන්තිම ඉන්ටර්විව් එකට ගිහින් මාසයක් වෙනවා තාම මට ඊමේල් එකක් තියා ඩයලොග් එකෙන් හිතවත් පාරිභෝගිකය කියලා මැසේජ් එකක්වත් ආවෙ නෑ 😤.


"ප්ලේන්ටියට පනහයි මාත්තියා."


කළුපාට හකු බැහැපු වයසක දෙමළ නැන්දෙක්ගෙ කඩේකින් නවත්තලා මම ප්ලේන්ටියක් බිව්වා. දැන් අපේ අලුත් ගෙදර තියෙන්නෙ රම්බොඩ. ඉස්සර අම්මයි මායි නංගියි හිටියේ නිට්ටඹුවේ. ගෙයක් කුලියට අරන්.


ප්ලේන්ටියට සල්ලි දීලා මම බයිසිකලේට නැග්ගා. ඔෆිස් එකක ජොබ් එකක් සෙට්ල් වෙනකම් මම පාර්සල් ඩිලිවරි කරන ජොබ් එකක් කරනවා. ඇත්තටම කිව්වොත් Fz බයික්කෙ පිටිපස්සෙ බෑග් එකක් බැඳගෙන පිටෙත් බෑග් එකක් එල්ලගෙන කැප් එකකුත් දාගෙන කම්පැනියෙම ටී ශර්ට් එක ඇඳලා මම මෙහෙ ළඟ පාර්සල් ගෙවල් වලට ඩිලිවරි කරනවා.


ගොඩාක් ඩිලිවරි කරන්නෙ කෙල්ලොන්ට. මොකද Cash On Delivery මෙතඩ් එකට ලස්සන කෙල්ලො ක්‍රීම් ඕඩර් කරපුවා තියෙනවා. සල්ලි මාරු කරද්දි එයාලා මට ලයින් එක අල්ලනවා, මාත් එයාලට එතකොට පොඩ්ඩක් ලයින් එකේ ඉන්නවා 😁. මෙච්චර කාලෙකට කෙල්ලෙක් සෙට් වෙලා නැති මට එහෙම එකක් හරි සෙට් උනොත් ඒක ප්‍රාතිහාර්යක්.


අද හවස් වෙන්න කලින් මේ සේරම ඉවර කරලා දාන්න ඕනි මම. ඒ හින්දා ටිකක් වේගෙන් ගියා. ඊලඟට මට දෙන්න තියෙන්නෙ 49/B ඇඩ්ඩ්‍රස් එකේ ගෙදරට පොඩි පාර්සල් එකක්. ඒක දුන්නම තව පාර්සල් 56 ක් තියෙනවා. හත්දෙයියනේ මේ ටික ඉවර කරන්න ගියොත් අදත් රෑ අටවත් වෙනවා ගෙදර යන්න.


Peek


මල් වවපු තට්ටු දෙකේ සුදු පාට ගෙයක් ඉස්සරහින් නවත්තපු මම හෝන් එකක් ගැහුවා. ගෙයක් නම් නෙවෙයි මේක සුරවිමනක්. කන්දක් උඩ එකේක පාටින් මල් වවලා තියෙන මාලිගාවක් වගේ ගෙදර ඕවලාකාර දොරවල් දෙකම ඔහේ ඇරලා තිබ්බා සුදුපාට කර්ටන් හුලඟට එහෙ මෙහෙ යන්නම.


ගෙදර වගේම සුරදූතියක් ආවොත් හොඳයි. ඒත් එක හෝන් එකක් ගහලා විනාඩියක් බලාගෙන හිටියත් තාම බල්ලෙක් වත් එළියට ආවෙ නෑ. බැරි තැන මම හෝන් දෙක තුනක් එක දිගට ගැහුවේ මට පරක්කු වෙන නිසා. ඔන්න ඒ පාර නම් ටයිට් දිග සායක් ඇඳගෙන ස්වේටර් එකක් දාගත්තු කණ්නඩි පොළඟියක් දුවගෙන ආවා.


"කව්ද මේ ?"


එයා සුදුපාට පොඩි ලී ගේට්ටුව ඇරගෙන එළියට එද්දි මම බයික්කෙන් බැහැලා බෑග් එකෙන් එයාගෙ පාර්සල් එක ගත්තා. අල්ල සයිස් වගේ ඇබිත්තන් පාර්සල් එකක්. ඇතුළෙ අහුවෙන්නෙ නම් කරාබු දෙකක් වගේ.


"මිස්ට පාර්සල් එකක් තියෙනවා."


එහෙම කියපු මම පොතත් අරගෙන එයාගෙ පාර්සල් එකේ නම්බර් එක බැලුවා. නම්බර් එක හරියටම හරි. දැන් තියෙන්නෙ එයාගෙ නම ඉස්සරහින් එයාට සයින් එකක් දාන්න විතරයි.


"මේ මිස්ගෙ නම......"


කෙල්ල දිහා බලපු පාර මට හිතුණා ඇයි මම මෙයාට කණ්නඩි පොළඟියක් කියලා කිව්වෙ කියලා. කොටු කණ්නඩි දෙක අස්සෙන් ඒ ඇහි පිහාටු පිරුණු රවුම් ඇස් මං දිහා ලාවට හිනා වෙලා වගේ බලන් ඉද්දි මම ඒ මූණ දිහා තවත් බලාගෙන හිටපු එකයි කලේ.


රෝස පාට පිරුණු තොල්, බෝල මූණ, ඇදයක් වත් නැති උල් නහය, උසයි ගානට තියෙන ඇඟයි එයාට ගෙනාවෙ වැඩිමල් පෙනුමක්. සමහරවිට එයා මට වඩා වැඩිමල් වෙන්නත් පුළුවන්.


"Hello."


ඇහිබැමක් උස්සලා එයා මගෙ ඇස් ඉස්සරහින් සැලුට් එකක් දැම්මේ මගෙ අවධානය ගිලිහිලා තිබුණ නිසාද කොහෙද. ඉක්මනින් පෑන ගත්තු මම පෑන් තුඩ එයාගෙ නම ලඟින්ම තියලා ඒ නම කියවන්න හැදුවා. ජීවිතේට අහලා නැති අමුතුම නමක් ඒක නම්.


"කැන්.. කැ.."


"It's කැන්ඩෙල්."


මම නම කියාගන්න බැරුව ලතැවෙද්දි කෙල්ල නම මට කිව්වා. ලැජ්ජාවට හිනාවක් දාපු මම එයාට සයින් කරන තැන පෙන්නුවා. සයින් කරලා එයා ආයෙමත් මට පෑන දෙද්දි මම එයාට පාර්සල් එක දුන්නා.


"තෑන්ක් යූ."


"මිස්ගෙ තව පාර්සල් එන්න තියෙනවද ?"


"අහ් ඔව්.. මේකට අමතරව තව දෙකක් තියෙනවා. ඒ දෙක එන්න තව කල් යයිද ?"


"අපෝ නෑ මිස්. මම හෙට ගිහින් චෙක් කරලා, තිබුණොත් හෙට එද්දි අරගෙන එන්නම්."


"හරි."


එහෙම කියපු එයා ගේට්ටුවත් වහගෙන ගේ ඇතුලට ගියා. තාමත් පොත අතේ තියන් මම ඒ මූණ මතක් කරනවා. ජොබ් එක කරපු මෙච්චර කාලෙකට මේ තරම් ලස්සන ඩීසන්ට් කෙල්ලෙක් මම දැකලා තිබුණෙ නෑ. ඇඳන් හිටපු සුදුපාට ස්වේටර් එකට වඩා ටිකක් පාට අඩු එයාගෙ කොණ්ඩෙ ඉන මට්ටමට තට්ටු තට්ටු කපලා තිබ්බා.


"ලස්සන ගම්මානේ..

පින්බර රන් මැණිකේ..

බාලේ හිත බැන්දා මා කෙරේ..


මතකේ ඈත මගේ..

අද ඊයේ වාගේ..

කුඹුකේ දොළ ලන්දේ ආදරේ.."


කෙල්ල දැක්ක වෙලේ ඉඳන් මගෙ හිතට ආපු සින්දුව මම ගෙදර යනකම්ම කිය කියා ගියා. ඒ වගේ සින්දුවක් මට මතක් උනේ ඇයි කියන්න මමවත් දන්නෙ නෑ.


"අම්මේ.. අම්මගෙ රත්තරන් පුතා ආවා."


රෑ හත වෙද්දි ගෙදරට ගියපු මම එළවළු මල්ල අම්මගෙ ඔළුව උඩින් තියලා එහෙම කිව්වා. මල්ල අතට ගත්තු අම්මා මගෙ දිහා අත් දෙකත් ඉනට අරගෙන බලාගෙන හිටියා. ශුවර් අදත් පරක්කු උන නිසා වෙන්න ඇති.


"දැන්ද ගෙදර එන්නේ."


"පාර්සල් ගොඩක් තිබ්බා ඉතින්.."


නංගි කෑම මේසෙට වෙලා පාඩම් කරනවා. කෙල්ලට දැන් ඕලෙවල් එක්සෑම් ලඟයිනෙ හෙනට. හැබැයි මේකිටත් පාඩම් කරන්න මතක් වෙන්නෙ එක්සෑම් කට උඩට ආවම තමා.


"බඩිගිනියි බත් බෙදන්නකෝ අම්මේ."


"බෙදන්න බත් විතරයි තියෙන්නේ. එලෝලුවක් හදන්න වෙනවා. දැන් නේ එලෝලු ගෙනාවේ."


"අයියෝ 😩."


ඔන්න ඕකයි තියෙන ප්‍රශ්නෙ මම පරක්කු උනොත්. දැන් ඉතින් අම්මා උයනකම් ඇඟවත් හෝදගන්න ඕනි. එහෙම හිතාගත්තු මම තුවායත් අරගෙන බාත්රූම් එකට ගියා. ගියපු ගමන්ම මතක් උනේ අර ලස්සන කණ්නඩි කෙල්ලව. මොකක්ද එයාගෙ නම කිව්වේ..


"කැන්ඩෙල්.."


ලස්සන යුනික් නමක් ඒක. ශවර් එකෙන් වැටෙන වතුර වලට ඇස් වහගෙන මම මතක් කරා ඒ අමුතුම කෙල්ලව. නිහඬ චරිතයක් වගේ පෙනුණු එයා ගෙදරට ඇඳගෙන හිටපු ඇඳුම පවා හෙනම ඩීසන්ට්.


........


"සීයේ.. බත් එක බෙදලා තියෙන්නේ. නිවෙන්න කලින් කන්න ඇවිත්."


කිචන් එකේ දොර ලඟින්ම එබිලා කැන්ඩෙල් එහෙම කිව්වා. කෙල්ල ජීවත් වෙන්න තමන්ගෙ ආච්චියි සීයයි එක්ක. පොඩි කාලෙදිම කැන්ඩෙල්ගෙ දෙමව්පියො එයාව තනි කරලා දාලා ඈතට ගියා. ඒ අයගේ වැරැද්දෙන් තනිවුණ කැන්ඩෙල් නිහඬ චරිතයක් වුණා.


"මං එන්නම් දුව."


කැන්ඩෙල්ගෙ ආච්චි ඉන්නෙ කොළඹ. එයා එහෙ හොඳ ජොබ් එකක් කරනවා. වයසින් කොච්චර වැඩි වුණත් කැන්ඩෙල්ගෙ ආච්චි නම් නිකන් ඉන්න කැමති කෙනෙක් නෙවෙයි.


සීයා කෑම මේසෙට එනකම් ඉඳලා කැන්ඩෙල් එයාගෙ රූම් එකට ගියා. දවල් ආපු පාර්සල් එක කඩන්න වෙලාවක් ලැබුණෙම නෑ කැන්ඩෙල්ට. ඉතින් කෙල්ල ඇඳෙන් ඉඳගෙන සුදුපාට පොඩි බෑග් එක කතුරකින් කපලා ඇතුළෙ තිබුණු කරාබු දෙක එළියට ගත්තා.


කැන්ඩෙල් ෆයිනෑන්ෂල් කම්පැනි එකක වැඩ කරනවා දැන් අවුරුද්දක ඉඳන්. එයා එතන සෙක්ෂන් එකක ඩිරෙක්ටර් කෙනෙක් දැන්. හැමෝම එක්ක සමගියෙන් වැඩ කරන්න එයා ආසයි. හැබැයි එයා තමන්ගෙ සේවකයින්ට නම් තමාගෙ කරේ නගින්න දෙන්නෙ නෑ.


"සීයේ.."


කැන්ඩෙල් කෑම මේසෙ ලඟට ගිහින් සීයාට තමන්ගෙ අතේ තිබුණු කරාබු දෙක උස්සලා පෙන්නුවා. එක කරාබුවක් දෙකට මැද්දෙන් කැඩිලා තියෙන බව දැකපු සීයා කන එකත් නවත්තලා හිනා වෙන්න ගත්තා.


"මම කිව්වා ඕඩර් කරන්න එපා කියලා."


"ඕඩර් නම් කීයක් මම කරලා තියෙනවද. හැබැයි අද වෙනකම් මට මෙහෙම දෙයක් නම් වෙලා නෑ සීයේ."


.................................................. 🤎 ...


වැඩේ දෙල් වෙන්නයි යන්නෙ මිත්‍රවරුනි

අහිංසකයා ගෙනාපු එක කඩලා කියන්නේ 😅


හමුවෙමු Episode 02 න්…


Sachy Collins 

Report Page