Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood g her name....


To 35th blood...

https://telegra.ph/Dangerously-yours-06-11



36th blood...( අවසාන කොටස)

" නව නියෝජ්‍ය පොලිස්පති ලෙස තේමිය තිසේරා මහතා අද දින වැඩ භාරගන්නා ලදී..."


මේ දේ වුනේ එදා සිද්ධියෙන් සති දෙකකට පස්සෙ.


එදා ප්‍රාතිව සිහිය නැතිවුනාම සුගත්ලා ඉක්මනට ප්‍රාතිව හොස්පිටල් ඇඩ්මිට් කරා. දවස් දෙකක් තිස්සෙ නොකා නොබී හිටපු නිසායි ස්ට්‍රෙස් නිසායි තමා ප්‍රාතිට සිහිය නැතිවුනේ.

දවස් දෙකකට පස්සෙ ප්‍රාතිට සිහිය ආවේ.

ඇස්වලට ලොකු බර ගතියක් දැනුනත් ප්‍රාති අමාරුවෙන් හරි ඇස් ඇරියේ ආදිව ක්ෂණික මතකයට ආපු නිසා.

" අයියා..." කියලා මුමුණන ගමන් ප්‍රාති ඇස් ඇරියා.

" දුවේ... අනේ ඇති යන්තම් සිහිය ආවා...මහත්තයා ඩොක්ටර්ට එන්න කියන්න..."

ප්‍රාතිට ඇස් අරිද්දිම ඇහුනේ නිරාෂාගේ කටහඬ.

" අයියා..."

ප්‍රාති නැගිටින්න හදද්දි නිරාෂා වැළක්කුවා.

" දුව ඔහොම ඉන්න... ඔයාට සේලයින් එකක් දීලා තියෙන්නේ..."

" අම්මේ අයියා.. එයා කිව්වා... අනේ එයාට මොකද..."

" දුව.. ආදි හොඳින්... ඔහොම්මම බලන්නකෝ අර පැත්ත..." කියලා නිරාෂා ප්‍රාතිට පෙන්නුවේ එයා හිටිය රූම් එකේම තිබ්බ අනික් ඇඳ. ඒකේ හිටියේ ආදි.

ආදිට ලේ එකක් වගේම සේලයින් එකකුත් දෙන ගමන් තිබ්බෙ. ඒ මදිවට බට ගොඩක් ආදිගේ ඇඟට හයි කරලා තිබ්බා.

ප්‍රාතිට ආදිව දැක්කම ඇඬුනේ ප්‍රාති ආයෙමත් නැගිටින්න හදද්දි.

" දුව ඔහොම ඉන්න..."

" අම්මෙ මට අයියා ළඟට යන්න ඕනේ..."

ඒ එක්කම ඩොක්ටර් ආවා. ප්‍රාතිව චෙක් කරලා බලලා කිසිම ප්‍රශ්නයක් දැන් නෑ හොඳට කන්න බොන්න දෙන්න කියලා ඩොක්ටර් යන්න ගියා.

සේලයින් එක ඉවර වෙනකන් නිරාෂා නම් ප්‍රාතිට ඇඳෙන් බහින්න දුන්නෙ නෑ. සේලයින් එක ඉවර වුන ගමන් ප්‍රාති කරේ ආදි ළඟට ගිය එක.

ආදිගේ මුලු මූණම සිපගත්ත ප්‍රාති ආදිගේ කැනියුලා එකක් ගහලා තිබ්බ අතකින් හිමින් අල්ලගෙන අඬන්න ගත්තා.

" අයියේ... නැඟිටින්නකෝ... ප්ලීස්... ඔයා කිව්වා නේද අනිවාර්‍යෙන්ම පරිස්සමින් එනවා කියලා... නැගිටින්නකෝ අයියේ..." ප්‍රාති ආදි ළඟින්වත් හෙල වුනේ නෑ.

හවස් වෙද්දි ආදිටත් සිහිය ආවා. ඒත් ආදිට තව දවස් කිහිපයක්ම ඇඳට වෙලා ඉන්න වුනේ අර කිණිස්සෙන් ඇනපු පාර නිසා එයාගේ අභ්‍යන්තර අවයවවලට හානිවෙලා තිබ්බ හින්දා.

සතියක් විතර යද්දි ආදි ගොඩක් දුරට රිකවර් වෙලා ගෙදර යන්න පුලුවන් වුනා. ඊටපස්සේ ආදි මුලින්ම කළේ එයාගේ රෙසිග්නේෂන් එක භාර දුන්න එක. ඒක ආදි කාලෙකට කලින් ඉඳලම අරන් තීරණයක්. ආදි බලන් හිටියේ මිෂන් එක ඉවර වෙනකන්. මොකද ආදිට ඕනේ වුනේ නෑ තව දුරටත් එයාගේ වටේ ඉන්න අයගේ ජීවිත අවදානමක දාන්න..

ආදිගේ ලොක්කා නම් ඒකට කැමති වුනේ නෑ.

" සර් මට අනිවාර්යයෙන්ම මේ හැමදේකින්ම අයින් වෙන්න ඕනේ.. මට මගේ ෆැමිලි එකත එක්ක කාලෙ ගෙවන්න ඕනේ.. කලින් වුන දෙයින් මම නොමැරී බේරුනා ඒත් ආයේ එහෙම වෙයිද කියලා ශුවර් නෑනේ සර්.. "

ඊටපස්සේ තමා තේමියට ආදිගේ පෝස්ට් එක හම්බුනේ.

මේ වෙද්දි ජනකව රහස් පොලිසියට භාර දීලා තිබ්බෙ ලංකාවට වඩා ජනකව ඕනේ එයාලට නිසා.

එදා ඒ ආදිලා කරපු දෙයින් ආදිට ජනාධිපති සම්මානෙකුත් හම්බුනා. ආදි එයාගේ අන්ඩර්වල්ඩ් ටීම් එකත් විසුරුවා හැරියේ ජොබ් දීලාමයි.

නෙහාන්ට black & white එක කරන් යන්න අමාරුයි කිව්ව හින්දා ආදි නෙහාන්ට එයාගේ පරණ පෝස්ට් එකම දීලා ප්‍රාතිව black & white එකේ CEO කරා. ආදි skyline එකේ වැඩ බලාගත්තේ සුගත් නිරාෂා එක්ක එයාලගේ සෑදෑ සමය විදිද්දි.

මේ අතරේ ආදි අමතක කරේ ප්‍රාති එක්ක රට වටේම වගේම ලෝකේ වටේම ට්‍රැවල් කරන්නත්.

මේ විදිහට අවුරුදු දෙකක්ම ගෙවිලා ගියා.

එක දවසක් ආදි සෝෆා එකට වෙලා ඔෆිස් එකේ වැඩ වගයක් කර කර ඉද්දි ප්‍රාති ඇවිල්ලා ආදිගේ උකුලෙන් වාඩි වුනේ කකුල් දෙකත් දෙපැත්තට දාලා ආදිට තුරුල් වෙලා.

" බබා.. මොකෝ... මහන්සිද..."

" ඔව් අයියේ.. ඇඟට හරි අමාරුයි... උණ ගන්න වගේ... ඒත් මිල්ක්ෂේක් එකක් අරන් දුන්නොත් නම් හරියයි..."

" කපටිච්චි..." කියමින් ප්‍රාතිගේ දෙතොල් සිපගත්ත ආදි ඒ වෙලාවෙම ඕඩර් එකක් දැම්මා.

ඒත් ඉතින් ඕඩර් එක එද්දි ආදිගේ තුරුලෙම ප්‍රාතිට හොඳට නින්ද ගිහින් තිබ්බා.



පහුවදා ආදිගෙ බර්ත්ඩේ එක. කට්ටිය ඇවිල්ලා පොඩියට පාර්ටියක් දැම්මේ ආදිට හැමෝගෙන්ම තෑගි හම්බෙද්දි. ඒත් ඉතින් ප්‍රාතිගෙන් නම් තෑග්ගක් තිබ්බෙ නෑ.

" බබා කෝ මගේ ගිෆ්ට් එක..."

" මම තමා ගිෆ්ට් එක..." ප්‍රාති ආදිට තුරුල් වෙමින් කිව්වා.

රෑ වෙලා කට්ටිය ගියාට පස්සෙ ආදි වොෂ් එකක් දාගෙන රූම් එකට එද්දි තමා දැක්කේ ඇඳ උඩ තියන ගිෆ්ට් බොක්ස් එක.

ඒක උඩ තිබ්බ කාර්ඩ් එක.

" Happy birthday my lovely husband..."

ආදි ඒ ගිෆ්ට් බොක්ස් එකේ තිබ්බ රතු පාට රිබන් එක ඇද්දෙ බොක්ස් එක ඕපන් වෙලා නිල්පාටයි රෝස පාටයි බැලූන් දෙකක් එළියට එද්දි.

ඒකේ තිබ්බ දේ දැකලා ආදිගේ ඇස්වලට කඳුලු ආවා.

රතුපාට ඉරි දෙකක් වැටුන pregnancy kit එකයි. ultra sound report එකයි. චූටි බබෙක්ට ගැලපෙන ඇඳුමයි මේස් දෙකයි තොප්පියයි...

ආදි ultrasound එක සිපගත්තේ මේ දේ වෙනුවෙන් අවුරුදු දෙකකටත් වඩා බලන් හිටිය නිසා.

" අයියේ ඔයා කැමතිද මගේ birthday gift එකට..." ආදිගේ පිටිපස්සෙ ඉඳලා ප්‍රාති ඇහුවා.

" බබා මේ තමා මගෙ මුළු ජීවිත කාලෙටම හම්බුන හොඳම birthday gift එක..." කිව්ව ආදි ප්‍රාතිව වඩාගෙන වටේ කැරකුනා.

ඊටපස්සේ ප්‍රාතිව පරිස්සමින් ඇඳෙන් තියලා ආදි ප්‍රාතිගේ රෑ ඇඳුම උඩට කරලා කුස නිරාවරණය කරලා ම්ළු කුසම සිපගත්තා.

" බබා.. මේ නිසා නේද ඔයා මට පහුගිය ටිකේම ළං වෙන්න දුන්නෙ නැත්තේ... එතකොට ඒ නිසාද ඔයා මෙච්චර මහන්සියෙන් හිටියෙත්... බබා... ඔයා ඔෆිස් යන්න ඕනේ නෑ ඔයා මහන්සි වෙන්න එපා.. ගෙදරට වෙලා ඉන්න... මම අම්මිට එන්න කියන්නම් නැත්තන් රීටාම්මාව ගෙන්න ගමුද..."

ආදි කියෝගෙන කියෝගෙන ගියා.

" අයියේ... අයියේ.. ඔහොම ඉන්න... මට එච්චර අමාරුවක් නෑ.. කොහොමත මුල් කාලේ ටිකක් අමාරුයි තමා... ඒකට මම හුරු වෙයි... මම ඔෆිස් යනවා.. නැත්තන් ඔයා ඔෆිස් ගිහින් මහන්සිවෙලා ආයේ ලෙඩ වෙයි... මම උයන්න ආසයි ඒ නිසා අපි ක්ලීනින්වලට විතරක් සතියට දෙතුන් දවසක් කට්ටියක්ව ගෙන්නමු.. එහෙම හොඳයිනේ..."

" ඔයා සතුටින් නම් ඕනේ දෙයක් බබා... ඒක නෙවෙයි බබා... අම්මලාට කිව්වද..."

" නෑ අයියේ ඉස්සෙල්ලම කිවෙ ඔයාට...අම්මලාට හෙට එහෙ ගිහිල්ලම කියමු නේද..."

එදා ආදි ප්‍රාතිගේ කුසට මූණ තියාගෙනම නිදාගත්තේ කියලා නිම කරන්න බැරි සතුටකින්.

ඊළඟ මාස කිහිපය ගෙවුනේ ආදි එයාට පුලුවන් හැමවෙලේම ප්‍රාති එක්ක ඉද්දි.


ප්‍රාතිගේ කුසට මාස හයක් වෙද්දි ආදි ප්‍රාතිව හොස්පිටල් එක්කන් ගියේ monthly checkup එකට.

" මිස්ටර් ජයකොඩි... මිසිස් ජයකොඩි... බබාගේ gender එක දැනගන්න ඕනේද...." කියලා ඩොක්ටර් ඇහුවා.

ආදි ප්‍රාතිගේ මූණ දිහා බැලුවා. ප්‍රාතිත් ඒ වෙලේම ආදිගේ මූණ දිහා බැලුවා.

දෙන්නම එකවර,

" එහෙනම් ඔන්න ඔය දෙන්නට ඉන්නේ පුංචි චණ්ඩියෙක්...."

ඇත්තටම ප්‍රාතිට නම් ඕනේ වුනේ පුතෙක්ව තමා. ආදිත් බලාපොරොත්තු වුනේ පුතෙක්. මොකද ඒ දෙන්නගේ ප්ලෑන් එකේ හැටියට නංගිලාව බලාගන්න අයියා කෙනෙක් ඕනෙමයි.

දෙන්නත් එක්ක ඩොක්ටර්ගේ රූම් එකෙන් එළියට ඇවිල්ලා ආදි ගියේ පේමන්ට් එක කරලා බෙහෙත් අරන් එන්න.

පැත්තකට වෙලා ඉඳන් හිටිය ප්‍රාති දැක්කේ හොස්පිටල් එකේ හිටිය ඩයනායි එඩ්වඩුයි.

ප්‍රාති ඒ දෙන්නට කතා කරන්න හැදුවත් ඒ දෙන්නා වේගෙන් ගිය හින්දා ප්‍රාතිත් ඒ පස්සෙන් ගියා.

අන්තිමට ඒ දෙන්නා රූම් එකකට යනවා දැකලා ප්‍රාතිත් රූම් එක ළඟට ගියා.

" පුතා මෙන්න මං ඔයා කැමතිම කෑම ගෙනාවා..."ඩයනා කියන දේ ඇහුනම ප්‍රාතිට තේරුනා ඇතුළේ ඉන්න ලෙඩා වෙනකවුරුත් නෙවෙයි කෛලාශ් කියලා.

එදා අන්තිමට කෛලාශ්ව පොලිසියෙන් හම්බුනාට පස්සෙ ප්‍රාති කෛලාශ් මොනාද වුනේ කියලාවත් දැනන් හිටියේ නෑ.

ප්‍රාති ඇතුළට යන්දෝ නොයන්දෝ කියලා ඉන්නකොට නර්ස් කෙනෙක් ඇවිත් කතා කරා.

" මිස් ඔයා මොකද මෙතන කරන්නේ... ඔයා පේෂන්ගේ කවුරු හරිද.." කියන ගමන් ඒ නර්ස් දොර ඇරියා.

එතකොට ඩයනා එඩ්වඩ් වගේම කෛලාශුත් ප්‍රාතිව දැක්කා.

ප්‍රාතිව දැක්කම කෛලාශ්ගෙ මූණට එළියක් ආව බව දැක්ක එඩ්වඩ් ප්‍රාතිට ඇතුළට කතා කරා.

" දුව එන්න ඇතුළට..."

ප්‍රාති ඇඳ ළඟට එද්දි තමා කෛලාශ් ප්‍රාතිගේ කුස දැක්කේ.

ඒ වෙලේ කෛලාශ්ගෙ මූණ වෙනස් වුනෙ ඊර්ෂ්‍යාවෙන් ද වේදනාවෙන් ද දුකින්ද කියන එක ප්‍රාතිට හිතාගන්න බැරිවුනා.

" දුව ඔයා මෙහෙ..."

" monthly checkup එකට ආවා අංකල්..."

" තනියම...."

" නෑ හස්බන්ඩ් ආවා.. එයා බෙහෙත් ටික ගන්න ගියා මම ඔය දෙන්නව දැකලා ආවේ..."

" දුව ඔයා එහනම් කෛලාශ් එක්ක කතා කරන්නකෝ..." කියලා එඩ්වඩ් ඩයනාව එළියට එක්කන් ගියේ බලෙන්ම වගේ.

ප්‍රාති කෛලාශ් ළඟින් ඇඳෙන් ඉඳගත්තා. කෛලාශ්ගේ ඇස් තිබ්බේ ප්‍රාතිගේ කුස දිහාට එල්ල වෙලා.

" ඉතින් කෛලාශ් කොහොමද..."

" හොඳයි.... දැන් මාස කීයද..."

"මේ හයවෙනි මාසේ..."ප්‍රාති කුස අතගාමින් කිව්වා.

" දුවෙක්ද පුතෙක්ද..."

" පුතෙක්..."

" congratulations.."

" Thank you කෛලාශ්... ඇයි ඔයා හොස්පිටල්...."

" මම දැන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ හොස්පිටල් එකෙව් තමා ප්‍රාති..."

" මොකක්... ඒ ඇයියේ.."

" එක දෙයක් නෙවෙයි ගොඩක් දේවල්... දැන් නම් හොඳයි... "

ප්‍රාති එ වෙලේ තමා දැක්කේ කෛලාශ්ගේ පපුවේ තිබ්බ තුවාල කැලැල්. ඒක දැක්කම ප්‍රාතිට තේරුනා ඒ තුවාල කැලලින් හැදිලා තියෙන්නේ එයාග් නම කියලා.

ප්‍රාති ඒ තුවාල කැලැල් අතගෑවේ ඒවා ඇත්තම කැලැල් කියලා තේරෙද්දි.

" කෛලාශ් ඇයි මේ..." ප්‍රාතිගේ ඇස්වලට කඳුලුත ආවා.

" ආදරේ නිසා ප්‍රාති..."

ප්‍රාති ගැස්සිලා කෛලාශ් දිහා බැලුවේ ඒ කියපු දේ හින්දා.

" මාව අමතක කරන්න කෛලාශ්..."

" නෑ ප්‍රාති... මම ඔයාව කවදාවත් අමතක කරන්නෙ නෑ ආයේ... මම වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙත් නෑ.. මගේ මේ මුලු ජීවිත කාලෙටම මම ආදරේ කරන්නේ ඔයා විතරයි..."

ප්‍රාතිට ඇඬුනේ කෛලාශ්ගෙ ඒ වචන ටිකට.

ඒ එක්කම එළියෙන් ඇහුනෙ ආදිගේ කටහඬ. ආදි ප්‍රාතිව හොයනවා.

ප්‍රාති ඉක්මනට කෛලාශ් ළඟින් නැගිට්ටේ ආදි ළඟට යන්න.

ඒත් කෛලාශ් ප්‍රාතිගේ අතින් අල්ලගත්තා.

" Prathi... may be in another life..."

දොර දිහා බැලුව ප්‍රාති,

" No... I'm sorry kailash..." කිව්ව ප්‍රාති එළියට ගියා.

මේ වෙනකොට ප්‍රාති එයාගේ ආත්මයෙන්ම ආදිට ආදරේ කරේ ආදිත් ප්‍රාතිට ඒ විදිහටම ආදරේ කරද්දි.


වසර පහකට පසු...


" අයියේ ඔය මොකද කරන්නේ.. දෝණිව බිමින් තියන්න... වැටෙයි දෙයියනේ..." කියලා ප්‍රාති කෑගහගෙන දුවන් ආවා.

" හොව් හෝව්.. දුවන්න එපා බබා... ඔයා ඔය දුවන විදිහට මට බයේ බෑ වැටෙයි කියලා.."

" අයියේ ඔය තුන්දෙනා උදේ එළි වෙච්ච වෙලේ ඉඳන් කරන්නේ මගේ ඇඟේ ලේ වතුර කරන එක.. පුතා නතර කරන්න ඔය වීඩියෝ කරන එක.. අනේ අම්මපා මේ තාත්තයි පුතයි දුවයි තුන්දෙනාම එකයි..."

ප්‍රාති හිතුවා වගේම එයා එයාගේ ගෝල් එක සම්පූර්ණ කරන් යන ගමන් හිටියේ.

පුතා හම්බෙලා අවුරුදු තුනහමාරකින් දුවව හම්බුනා. ප්‍රාති මේ වෙනකොට ආයෙමත් සිව්මස් ගැබිණියක්. මේ පාර නම් නිවුන්නු.


ප්‍රාති මේ තාත්තලා දුවලා පුතාලාට කෑගැහුවේ ආදි තනි අතින් දුවව හිට්ටවන් ඉන්නවා කොල්ලා ඒක වීඩියෝ කරනවා කෙල්ලත් සතුටින් අත්පුඩි ගහනවා. ප්‍රාතිට යකා නැග්ගේ දුවව වැටෙයි කියලා. ඇත්තටම කිව්වොත් මේ ගෙදර මේ වගේ වැඩ හරිම සුලබයි. මොකද මේ තුන්දෙනා එකතු වුනාම ගේ අනික් පැත්ත හරවනවා. ප්‍රාති ඉතින් මේ කොහොම බැන්නත් එයා හරිම ආසයි මෙයාලා මේ වගේ වැ කර කර සතුටින් ඉන්නවට.

එදා රෑ ප්‍රාති වොෂ් දාලා එද්දි ආදි ලෑස්තිවෙලා හිටියේ එයාගේ රාත්‍රී වැඩමුරය පටන් ගන්න..


( ඔව් දැන් මට පේනවා දැන් කැත හිත් ටිකක්..."


ආදි ප්‍රාතිගේ කොණ්ඩේ වේලලා ප්‍රාතිව ඇඳෙන් තියලා රෑ ඇඳුම මෑත් කරලා ප්‍රාතිගේ කුසේ pregnancy oil ගාන්න පටන් ගත්තා. ආදි මේ විදිහටම තමා අනික් දෙන්නව හම්බෙන්න ඉද්දීත් කරේ..

" බබා.. ඔයාට අමාරුයි නේද මේ පාඅ දෙන්නෙක් හින්දා.. බලන්න මේ කකුල්... රතුම රතු වෙලා... "

" අයියේ... ඒත් මේ මොන අමාරුකම් තිබ්බත් මට සතුටුයි... "

" ඒත් බබා.. මේ ඇති... බලන්න ඔයා ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා රෑට නින්දක් නෑ කන්න බොන්නත් බෑ... ඔයා කෙට්ටු වෙලා මැණික..." ආදි ප්‍රාතිගේ මූණ අතගාමින් කිව්වා.

" අයියේ... ඔයා ඉන්නවනේ.. ඔයා මාව බලාගන්නවනේ.. ඒ හින්දා මට මේ එක දෙයක්වත් අමාරුකම් වගේ දැනෙන්නේ නෑ..."

" බබා.... I love you...."

" I love you too..."

" babe... You are only mine... right...."

" yeah.... I'm dangerously yours... my lovely husband...."


The End.......................


________________________________________

එහෙනම් ආදි-ප්‍රාති ආදර කතාව ඉවරයි... නෑ කතාව ඉවරයි ඒ දෙන්නගේ ආදර කතාව ඉවර නෑ...

මෙච්ච කාලයක් මාත් එක්ක හිටිය ඔයාලට ගෝඩක් ස්තූතියි. පසුවදනක් නෑ කියන්න තියන දේවල් මම මෙතනම කියනවා.

characters ගැන ටිකක් කියන්නම්

ප්‍රාති කියන්නේ ආදරේ හෙව්ව කෙනෙක්. ඒ වගේම ආදරේට බය වුන කෙනෙක් ඒකයි එයා කෛලාශ්ට මුලින්ම කැමතිවුනේ. ඒත් ආදිව හම්බුනාම තමා ප්‍රාතිට ඇත්තටම ආදරේ මොන වගේද කියලා තේරුනේ. ආදි කියන්නේ අම්මාගෙ ආදරේ වගේ ආදරයක් තමන්ගේ සහකාරියගෙන් තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වුන කෙනෙක් ඒ නිසායි ආදි ත්‍රීශාට ආදරේ කරත් ත්‍රීශාගේ ආදරේට වඩා ප්‍රාතිගේ ආදරේ දැනුනේ.

කෛලාශ් කියාන්නේ ආත්මාර්ථකාමී ආදරවන්තයෙක්. එයාට ඕනේ වුනේ එයාගේ විතරක් වෙන කෙනෙක්ව. අඩුම ළමයෙක් එක්කවත් ඒ ආදරේ බෙදාගන්න කැමති නෑ.

අනික් අය ගැන මම මුකුත් කියන්නෙ නෑ.. මම මෙ අවසානේ මෙහෙම නෙවෙයි දෙන්න හිටියේ ඇත්ත්ටම කිව්වොත් මම මුලින්ම හිතන් හිටියේ sad ending එකක් දෙන්න. ඒත් ඉතින් කොහොමහරි මට නිකන් හිතුනා මේකත් හොඳ විදිහටම ඉවර කරා නම් හරි කියලා.

අලුතින් කතාවක් එනවා ළමයිනේ.. සතියක් විතර ඉන්න මම ඒකට ඕනේ ඒවා ලෑස්ති කරන කන්... මම තාම නමක්වත් තීරණය කරලා නෑ.

මම නම තීරණය කරපු ගමන් මගේ channel එකේ අයව දැනුවත කරනවා. කැමති අය story from pari කියලා search කරලා join වෙන්න.

එහෙනම් හැමදාමත වගේ

ආදරෙයි හැමෝටම 🖤

Report Page