Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 34th blood....

https://telegra.ph/Dangerously-yours-06-09



35th blood... ( අවසානයට පෙර කොටස...)

රෑ වෙලා ප්‍රාතිවත් උකුලේ තියන් බැල්කනියේ ස්වින්ග් එකේ පැද්දි පැද්දි හිටිය ආදිට කෝල් එකක් ආවෙව් කමල්ගෙන්.

" චූටි සර් හදිස්සියක් පුලුවන් ඉක්මනට එන්න..." කමල් කලබලෙන් කතා කරද්දි ආදිගේ හිතට ලොකු බයක් දැනුනා.

" අංකල් මොකක්ද වුනේ..." ආදි බයෙන් ඇහුවේ ප්‍රාතිත් කෝල් එකට ඇහුන්කන් දෙද්දි.

" චූටි සර්... ගෙදර ගිනි ගන්නවා..."


ආදියි ප්‍රාතියි එවෙලේම පිටත් වුනේ ගෙදර යන්න. ඒ දෙන්නා යනකොටත් ගිනි නිවන බටයෝ ගින්න නිවන ගමන් හිටියේ.

" අංකල් කෝ අම්මලා..." කියමින් දෙන්නම දුවන් ගියේ කමල් ළඟට.

" මැඩම්ලා ඇතුළේ සර්..."

" මොකක්ද මිනිහෝ එහෙනම් කරන්නේ එයාලාව බේරගන්නේ නැතුව..." කියලා ආදි ගේ ඇතුළට දුවන්න හැදුවේ. ඒත් කමල් ආදිව අල්ලගත්තා.

" චූටි සර්... ලොකු සර්ව විශ්වාස කරන්න..."

" එහෙම කියලා මට අම්මයි නංගියි තාත්තයි අලු වෙනකන් බලන් ඉන්න කියලද කියන්නේ..." කියලා ආදි දැගලුවේ ගේ ඇතුළට දුවන්න.

ප්‍රාතිත් මේ වෙලේ කරකියාගන්න දෙයක් නැතුව ඇඩුවේ මොනා වුනත් සුගත් නිරාෂා දෙන්නා ප්‍රාතිට එයාලාගේම දුවෙක්ට වගේ සලකපු හින්දා.

ඒත් එක්කම ආදිට කෝල් එකක් ආවා. ආදි කවුද කියලා බලන්නෙවත නැතුව ෆෝන් එක කනේ තියාගත්තා.

" ඉතින් මිස්ටර් ආදිත්‍ය කොහොමද... ආ නෑනේ DIG ආදිත්‍ය..."

කටහඬ ඇහෙද්දිම කවුද කියලා අඳුනගන්න ආදිට අමාරු වුනේ නෑ.

" මේනක..."

" ආ අඳුරගත්තා නේ.... කොහොමද මගේ සප්‍රායිස් එක... සුපිරිනේ..."

" උබද එතකොට අපේ ගෙදරට ගිණි තිබ්බේ..."

" මම නැත්තන් වෙන කවුද ඉතින්... උබ මගේ අම්මට ගිණි තිබ්බේ මං ඒ වගේ උබේ අම්මට ගිනි තිබ්බා... වැඩේ කියන්නේ උබට බෝනස් විදිහට අම්මා එක්ක තාත්තයි නංගියිත් ඉන්නවා මොකද හොඳයිනේ වැඩේ..."

" මං උබව මරනවා මේනක..."

" මාව මරන්න... මාව මරන්න උබ... හහ්... හීනෙන් තමා.. ඊට කලින් දැන් ඔය මල ගෙවල් ටික ඉවර කරන් හිටපන්කෝ... ඊටපස්සෙ පුලුවන් මාව මරන්න.. ආදිත්‍ය උබ මාව මරන්න කලින් මම උබව මරනවා උබ මගේ හැමදේම නැතිකරා... මම ඒ වගේ උබේ එකින් එක නැති කරනවා... මේ පටන් ගත්තා විතරයි... ලෑස්ති වෙයන් ඊළඟට උබේ ගෑනිව මම උස්සන්නේ.. ඒකිව නම් නිකන්ම මරන්නෙ නෑ මමත් රහ බලලා තමා මරලා දාන්නේ..."

ඒත් එක්කම ආදිට ප්‍රාති පෙන්නුවේ ගේ පිටිපස්සෙ ඉඳලා එන්න කට්ටියක්.

ඒ එක්කම හිනා වුන ආදි,

" උබට මගේ කිසි දෙයක් නැති කරන්න හම්බෙන්නෙ නෑ මේනක.. උබට අඩුම මගේ අම්මටවත් අත තියන්න බැරිවුනා... මගේ අම්මයි නංගියි තාත්තයි අපූරුවට සීරීමක්වත නැතුව ඉන්නෙපා... උබ අමතක කරන්න්නෙපා මගේ තාත්තා සුගත් කියලා... අනික තමා උබ ප්‍රාතිහාරිට අතක් හරි තියලා තිබ්බොත් මම උබට මිහිපිට අපාය පෙන්නවා... දැන් උබ ලෑස්ති වෙයන්... මම උබව මරනවා..." කිව්ව ආදි කෝල් එක කට් කරලා සුගත්ල ළඟට දිව්වා.

" අම්මේ ඔයාලා හොඳින් නේද..."

" ඔව් පුතා.. බය වෙන්න දෙයක් නෑ... "

" ලොකු සර්... මෙතන සේෆ් මදි... අපි යන් නේද farm house එකට..." කමල් සුගත්ගෙන් ඇහුවා

" ඔව් එහාට යන්... කමල් හොයපන් මොකාද මේක කරේ කියලා..."

" හොයන්න දෙයක් නෑ තාත්තේ මේන්කගේ වැඩක්..ඌ දැන් තමා වැඩ පටන් අරන් තියෙන්නේ.. තාත්තලා එහෙනම් ෆාම් හවුස් එකට යන්න... බබා... ඔයත් යන්න තාත්තලා එක්ක හෙට ඔෆිස් යන්න ඕන නෑ... මම මේනකව මේ පාර ඉතුරු කරන්නෙ නෑ... "

"අයියේ...." කියමින් ප්‍රාති ආදි ළඟට ආවා.

" බබා... තාත්තලා එක්ක යන්න හරිද... "

" අයියේ මාත් එන්නම්..."

" නෑ බබා... මම යන්නෙ භයානක වැඩකට... සමහර මම ආයේ නො එන්නත්..." ප්‍රාති ආදිගේ තොල් සිපගත්තේ ආදිට කතා කරන්න බැරිවෙන්න.

ප්‍රාතිට ඇඩුනේ ඒ එක්කමයි ඒත් ප්‍රාති ආදිව නම් අතහැරියේ නෑ. වටේපිටේ කට්ටිය ඉන්නවා කියන එකවත් ප්‍රාතිට ගාණක් තිබ්බෙ නෑ.

බැරිම තැන ආදිම ප්‍රාතිගේ දෙතොල්වලින් ගැලවුනා. ප්‍රති අඬ අඬම ආදිගේ පපුවට තුරුල් වුනා.

" බබා.. කෝ අඬන්නෙපා..."

" අයියේ... යන්නෙපා.. ප්ලීස්..."

" බබා... please understand me... okay... now let me go..."

" අයියේ... එහෙනම් මට ප්‍රොමිස් වෙන්න පරිස්සමින් ගිහින් එනවා කියලා..."

" ප්‍රොමිස්..."

" හැබැයි අයියේ ඔයාට මොනාහරි වුනොත් මමත් ඔයාව හොයාගෙන එනවා..."

" බබා... මට මොනාහරි වුනොත් ඔයා මම වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ... තේරුනාද... "

" බෑ අයියේ.. ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕනේ... මම ඔයා එනකන් බලන් ඉන්නවා..."

" හරි... බබා... මම අනිවාර්යයෙන්ම එනවා..." කිව්ව ආදි ප්‍රාතිගෙන් ඈත්වෙන්න හැදුවත් ප්‍රාති ආදිව තව තවත් තදින් බදාගත්තා.

බලන් ඉන්න බැරිම තැන නිරාෂා ඇවිත් ප්‍රාතිව ආදිගෙන් පැත්තකට කරගත්තා.

ප්‍රාතිගේ නළල සිපගෙන ආදි එයාගේ කාර් එකට ගියේ පිටිපස්සවත් හැරිලා බලන්නෙ නැතුව.

ආදි කාර් එක අරන් එතනින් යනකොට ප්‍රාති අඬාගෙන කාර් එක පිටිපස්සෙන් ගියේ සයිඩ් මිරර් එකකින් ඒක බලාගෙන ආදි ඇස්වලට ආව කඳුලක් පිස දමමින්.

ඇත්තටම ආදි දන්නෙ නෑ එයා මේ යන ගමනින් ආයේ එයාට එන්න පුලුවන් වෙයිද කියලාවත්.

මොකද ආදි අද මේ හැමදේකම මොලකාරයා කවුද කියලා දැනගත්තා. ආදි ඇක්ෂන් එකක් ගන්නෙ නැතුව හිටියේ ප්‍රාතිව දාලා යන්න බැරිකමට. ඒත් මේනක මේ තරන් ඉක්මනින් මෙහෙම දෙයක් කරයි කියලා ආදි හිතුවේ නෑ.


අද ත්‍රීශා යන්න කලින් ආදිට තව දෙයක් කියලා ගියා. ඒක තමා මෙච්චර කාලයක් හොය හොය හිටිය දේත් වුනේ.

" ආදි මේනක කියන්නේ ඔයාගේ සහෝදරයා නෙවෙයි... මේනක කියන්නේ මගේ සහෝදරයෙක්... මේනක මගේ තාත්තාගේ පුතා..."

ඒ වෙලේ ඒක ඇහුවම ආදි ශොක් වුනා.

ආදි කීයටවත් ඒ ගැන හිතලා තිබ්බෙ නෑ.


ආදි කෙලින්ම ගියේ පොලිසියට. ඒ වෙනකොට තේමියත් ඇවිල්ලා හිටියේ.

" ආදි අංකල්ලා හොඳින්ද...."

" ඔව්... තේමිය අපි අදම වැඩ පටන් ගන්නවා මේ දැන්මම... මේනකව වගේම ජනක දිසානායකවත් ඇරෙස්ට් කරන්න කරන්න ඕනේ..."

" ජනක දිසානායක කියන්නේ ත්‍රීශාගේ තාත්තා නේද..."

" ඔව් ඌ තමා මේ හැමදෙයක්ම පිටිපස්සෙ ඉන්න මහමොලකාරයා..."

" ඒත් අපිට සාක්ෂි නෑනේ..."

" මෙන්න..." කියලා ආදි දුන්නේ පෙන් එකක්. ඒකත් ත්‍රීශාම තමා දුන්නේ. ඒකේ ජනකගේ illegal business ඔක්කොම වගේ ගැන විස්තර තිබ්බා.

" මේක කොහෙන්ද උබට...."

" ත්‍රීශා දුන්නේ..."

" ත්‍රීශා... ඒත් බන් ත්‍රීශා ඇයි එයාගේ තාත්තාට විරුද්ධව සාක්ෂි දෙන්නේ..."

" ඒකට හේතුවත් ඕකෙම තියනවා.."


ඊටපස්සෙ ආදීලා ප්ලෑන් කරේ කොහොමද වැඩේ කරන්නෙ කියලා. මේ වෙනකොට මේනකගේ බිස්නස් වැඩ යන තැන ඔක්කොම වගේ විනාශ කරලා තිබ්බ හින්දා ඒ තැන්වලට ගිහින් වැඩක් නෑ එහෙම කියලා ජනකගේ ගෙදර ගියට වැඩක් නෑ මේ වෙනකොටත් උන් වෙන තැනක හැංඟිලා ඉඳලා තමා මේ හැමදේම කරන්නේ.

ආදිලාට ඉස්සෙල්ලම මේ අය ඉන්න තැන හොයාගන්න ඕනේ වුනා.

ඒ හින්දා ආදි මොකද කරේ ආයෙමත් මේනකට කෝල් එකක් ගත්තා. කලින් පාර ප්‍රාතිව බේරගන්න ගිහින් කෝල්වලින් ට්‍රැක් කරගන්න අමාරු වුන හින්දා මේ වෙද්දි ආදි කෝල් එක තත්පර පහක් ගිය ගමන් ලොකේෂන් එක හොයාගන්න පුලුවන් විදිහට සිස්ටම් එක update කරලා තිබ්බේ.

මේනක කෝල් එක ආන්ස්වර් කරන්නෙ නැතිවෙයි කියලා හිතුවත් කෝල් එක ආන්ස්වර් කරා.

" මොකද උබ ඉල්ලන් කන්නද මට කෝල් ගන්නේ..."

" ඉල්ලන් කන්න... හහ්... උබට මං කෝල් කරේ අවසාන දවස ගෙවෙන හින්දා කැමති දෙයක් කාලා බීලා අද දවස ඉඳලන් කියන්න.."

" උබ... උබ මාව මරන්න... මාව මරන්න ඉස්සරවෙලා උබේ පවුලේ උන්ව බේරන් ඉඳපන්.... උන්ව හැංඟුවා කියලා මට හොයාගන්න බෑ කියලද උබ හිතන්නේ... "

" පුලුවන් නම් අතක් තියලා පෙන්නපන්..." කියලා ආදි කෝල් එක කට් කරා.

ඒ වෙනකොඅ ලොකේෂන් එක ට්‍රැක් කරලා තිබ්බේ.

" සර් ලොකේෂන් එක පෙන්නන්නේ කල්පිටියේ දූපතක්..."

" හරි එහෙනම් දැන්ම යන්... live location ඕනේ මට... තේමිය එහෙ නේවි කෑම්ප් එකට දැන්ම් දීපන්... අපිට එයාලාගේ උදව් ඕනේ වෙනවා...." එහෙම කියලා ආදි ගිහින් එයාගේ නිල ඇඳුම ඇඳගෙන ගන් එකත් රදවගෙන එතන තිබ්බ මිරර් එකෙන් තමන්ගේ ස්වරූපේ දිහා බලන් හිටියා ටිකක් වෙලා.

" ආදිත්‍ය ඔයා අවුරුදු ගණක් මහන්සි වුනේ මේකට අද මේක සම්පූර්ණයෙන්ම ඉවරයක් කරන්න ඕනේ..." තමන්ටම කියාගත්ත ආදි එළියට ගියේ වාහනේට නඟින්න.

ඒත් ආදිට හිතුනා ප්‍රාතිට කෝල් එකක් ගත්තා නම් හොඳයි කියලා.

ප්‍රාති සුගත්ල එක්ක ෆාම් හවුස් එකට ගියත් ඒ ගිහින් කාමරේට වෙලාමයි හිටියේ ආදිගෙන් කොල් වෙලේද මැසේජ් එකක් හරි එන්නේ කියලා හිත හිත.

ආදිගේ කෝල් එක එනවත් එක්කම ප්‍රාති ආන්ස්වර් කරා.

" අයියේ..." ප්‍රාතිගේ බිඳුනු කටහඬ ඇහෙනකොට ආදිගේ පපුවට ලොකු වේදනාවක් දැනුනේ මේ ඒ කටහඬ අහන අවසාන අවස්ථාව වෙයිද කියලා.

" බබා... ෆාම් හවුස් එකට ගියාද...."

" ඔව් අයියේ..."

" හරි මැණික... පරිස්සමින් ඉන්න එහෙනම්... වෙලාවට කන්න හරිද.. ඇහුනද..."

" හ්ම්ම්...."

" බබා..මොනාහරි කියන්නකෝ..ම් මට ඔයාගේ කටහඬ අහන්න ඕනේ..."

" අයියේ... පරිස්සමින් ගිහින් එන්න... ඔයා මට පොරොන්දු වුනා බබාලා පහක් හදනවා කියලා..."

ප්‍රාති එහෙම කිව්වම ආදිට හිනාවක් ගියා.

"අපේ බබාලා පස් දෙනා වෙනුවෙන් අනිවාර්යයෙන්ම එනවා බබා.."

" අයියේ... I love you...."

" I love you too ප්‍රාතිහාරි..." කිව්ව ආදි කෝල් එක කට් කරේ තවත් ප්‍රාති එක්ක කතා කළොත් ඔක්කොම දමලා ගහලා ප්‍රාති ළඟට යන්න ඕන වෙන හින්දා.


ආදි කෝල් එක කට් කරාම ප්‍රාති ෆෝන් එකත් පපුවට තද කරගෙන අඬන්න ගත්තා.

ප්‍රාතිට එළිවෙනකන් නින්ද නම් ගියේ නෑ. ආදිගෙන් ආයෙමත් කෝල් එකක් එයිද කියලා තමා බල බල හිටියේ.

උදේ නිරාෂා කන්න කතා කරත් ප්‍රාති ගියේ නෑ. නිරාෂා කෑම එක ළඟටම ගෙනත් දුන්නා ඒත් ප්‍රාති කෑම එකට අතවත් තිබ්බෙ නෑ. ප්‍රාති කරේ ෆෝන් එකත් අතේ තියාගෙන ඈත කැලේ දිහා බලන් හිටිය එක.

මේ විදිහට දවස් දෙකක් ගත වුනා.

ආදිලා ගැන කිසිම ආරංචියක් තිබ්බෙ නෑ. ප්‍රාති මේ දවස් දෙකටම කාමරෙන් එළියට ආවෙත් නෑ මුකුත් කෑවෙත් නෑ. නිරාෂා බලෙන් පොවපු වතුර වීදුරුවකින් තමා ප්‍රාති මේ දවස් දෙකම ගෙව්වෙ.

අන්තිමට ප්‍රාති බලන් හිටිය දේ වුනා. ආදිගෙන් කෝල් එකක් ආවා දවස් දෙකකට පස්සෙ.


එදා ආදිලා කල්පිටි යද්දි පාන්දර හතරට විතර.

ඒ ගිහින් නේවි කෑම්ප් එකේ අය එක්ක කතා වෙලා බෝට් එකකින් ආදියි තේමියයි නේවි එකේ දෙන්නෙකුයි ගියේ මේ දූපත මොන වගේ එකක්ද කියලා බලන්න.

ඈත ඉඳන්ම දුරේක්ෂවලින් බැලුවම ආදිට තේරුනා එයාලා හිතුවට වැඩියේ පිරිසක් ඉන්නවා කියලා. ඒ හින්දා එකපාර ඇටෑක් කරන්නෙ නැතුව ආදියි තේමියයි තව ටික දෙනෙකුයි වෙස් වලාගෙන ඒ දූපතට ඇතුළු වුනා.

ඒත් එයාලට ලේසි වුනේ නෑ පස් හය දෙනෙක්ව මරලා දාලා තමා ඇතුළට ගියේ. බැලූ බැල්මට බලකොටුවක් වගේ තැනක් මේ දූපත.

ආදිලා මේ බලකොටුව ඇතුළට ගියේ බෙදිලා.

ආදියි තේමියයි එකපැත්තකට ගියේ අනික් අයව තව පැත්තකට යවලා. එහෙම යද්දි තමා ආදිලාට හිර ගෙයක් වගේ තැනක් හම්බුනේ. එතන හිටිය දෙන්නවත් මරලා දාපු ආදිලා ඒක ඇතුළට ගියා.

ඒ ගිහාම ආදිලාට පිස්සු හැදුනේ නැති ටික විතරයි.

ඒක ඇතුළේ බඩ දරු අම්මලා විස්සක් විසිපහක් විතර හිටියා. අවුරුදු දෙකෙ තුනේ පුංචි ළමයි තිහක් විතර හිටියා. ඒ කට්ටියවම දම්වැල්වලින් බිත්තිවලට බැදලා දාලා තිබ්බේ.

බඩදරු අම්මලාගේ විතරක් නෙවෙයි පුංචි ළමයින්ගේ පවා ඇඟවල කසපාරවල්.

" මුන් තිරිසන්නුනේ බන්..." තෙමිය කිව්වෙ ඒ අය දිහා බලාගෙන.

ආදිලා එතනිනුත් ඉස්සරහට හිහාම දැක්කේ තව අවුරුදු 15යි විස්සයි අතර වගේ සෙට් එකකුත් ඉන්නවා කියලා. ගැහැනු පිරිමි කලවමේ හිටිය ඒ අය ආදිලාව දැක්කම කෑගහන්න ගත්තේ බේරගන්න කියලා.

ඒක ඇහිලා එකපාර කට්ටියක් ඇවිල්ලා ආදිලාව වට කරගත්තා.

ආදියි තේමියයි දෙන්නා ඒ අයත් එක්ක ගයිට් කරා. ඒත් ඒ අතරේ ලැබ් කෝට් එකක් දාගෙන හිටිය කෙනෙක් ආදිගේ බෙල්ලට ඉන්ජෙක්ෂන් එකකින් ඇන්නේ ආදිට සිහිය නැතිවෙලා යද්දි.

තේමිය කෑගහගෙන ආදි ළඟට ආවත් තව කෙනෙක් තේමියගේ පිටිපස්සෙ ඉඳලා තේමියටත් ඇන්නා.

ආදිට සිහිය එද්දි එයා හිටියේ අත් කකුල් බැදලා දාලා ඊට එහා පැත්තේ තේමියත හිටියා.

ආදි හිමීට එයා මේස් එක අස්සෙ හංඟන් හිටිය කිණිස්ස ගන්න යද්දි තමා දැක්කේ එව්ක නෑ කියලා.

" මොකක්ද හොයන්නේ DIG සර්... මේකද..." කියලා එතනා මේනක ආවේ ඒ කිනිස්සත් එක්ක.

" මොකද ආදිත්‍ය... තමුසේ මට හෙණ රෙෂ්පට් එකක් දැම්මා නේ.... දැන් තමුසෙම ඇවිල්ලා මට අහුවෙලා ඉන්නේ..." කියලා මේනක හයියෙන් හිනාවුනා.

" මම උබව මරනවා..."කියලා අදි කෑගැහුවා.

" උබ මාව මරන්න..." කියපු මේනක ආදිගේ කිණිස්සෙන් ආදිගෙ බඩට ඇන්නා.

" සර්... ලොකු සර් කතා කරනවා..." එතනට කෙනෙක් ඇවිල්ලා කියපු එකෙන් මේනක ආදිට ආයෙපාරක් අනින්න ගිය එකෙන් බේරුනා.

" මම උබව ඇවිල්ලා බලාගන්නම්..." කිව්ව මේනක එතනින් යන්න ගියා.

ආදිගේ බඩට කිනිස්සෙන් ඇනුන එක ගොඩක් ගැඹුරට ඇනුන හින්දා මේ වෙනකොට ආදිගෙන් සෑහෙන්න ලේ යන්න පටන් අරන් තිබ්බා.

" තේමිය... තේමිය නැගිටපන්..." ආදි අමාරුවෙන් උනත් තේමියව නැගිට්ටවන්න හැදුවා.

අන්තිමට තේමියට පයිනුත් ගහලා තේමියව නැගිට්ටවගත්තා.

"අඩෙහ් ආදි... මොකක්ද උනේ උබට මොකක්ද වුනේ..."

" ඒකෙන් වැඩක් නෑ... මේව ලිහාගන්න ඕනේ... උදව් කරපන්.." කියලා ආදි කිව්වා


මේනක එයාගේ අත් දෙකෙන් කොහොමහරි ආදිගේ අත්වල ගැට බුරුල් කරන්න සමත වුනා. ඒකෙන් පස්සෙ දෙන්නම ලණුවලින් මිදුනා. ආදි එයා ඇදන් හිටිය ෂර්ට් එක ගලවලා බඩට තද කරලා බැදගත්තේ ලේ එන එක නවත්තන්න.

" ආදි අපි යන් දැන්... උබව හොස්පිටල් එක්කන් යන්න ඕනේ බලපන් ගිහින් තියන ලේ ගොඩ..."

" නෑ.. මුන්ව ඉවරයක් කරලා දාලා මිසක් අපි යන්නෙ නෑ.. "කිව්ව ආදි අමාරුව පැත්තක දාලා නැගිටලා හිටිය තැනින් එළියට ආවා.

එතනත ගාඩ්ඩ් එකට හිටිය උන්ව මරලා උන්ගෙ ගන් අරගෙන දෙන්නත් එක්ක ඉස්සරහට ගියා.

දෙන්නා දන්නෙ නැතිවුනාට මේ වෙනකොට දෙවෙනි දවසෙත වරුවක් ගිහින් ඉවරයි.

ආදිට කොයිතරන් අමාරු ද කියනවා නම් මේ ව්නකො කොල්ලව සුදුමැලි වෙලා හිටියේ.

තේමිය ආයෙමත් සැරයක් ආපහු යන් කිව්වා ආදි බෑ කිව්වා.

දෙන්න එක්ක ඉස්සරහට ගිහින් අන්තිමට එක තැනක නතර වුනේ මේනක ජනක එක්ක කතා කරන එක ඇහිලා.

" තාත්තේ අරුන් දෙන්නට මොකද කරන්නේ... උන්ගේ පාර්ට්ස් ටිකත් විකුණමුද..."

" ඔව් එහෙම කරනවා... උගේ පවුලේ උන් ඉන්න තැන හොයාගත්තද...."

" ඔව් තාත්තේ උන් ෆාම් හවුස් එකක ඉන්නවා.. මං මුන් දෙන්නට වැඩෙව් දුන්න ගමන් උන්ට වැඩෙ දෙන්න යනවා...."

" මට මහ එකාවයි ගෑනිවයි පණ පිටින් ඕනේ.. සුගත්ව මම මරන්නේ මගේ අතින්.. නිරාෂව නිකන් මරන්නෙ නෑ... ඒකි ඒ කාලේ මට දාපු ගෑස්... ඒකිව මාසයක් දෙකක් තියාගෙන වද ද්දිලා මරන්න ඕනේ..."

ආදිගේ අත් තරහින් මිට මෙලවුනා.

" බය වෙන්නෙපා තාත්තේ මට අර ප්‍රාතිහාරිව ඕනේ ඒ හින්දා මම උන් ඔක්කොම පණ පිටින්ම ගේන්නම්... මම කොහොමත් ප්‍රාතිහාරිව මරන්නෙ නෑ... ඒකිව මම තියාගන්නවා.. ඒකිගේ ඇඟ දැක්කම මරන්න හිතෙනවද තාත්තේ..."

ආදිට ඉවසන් ඉන්න බැරිවුන තැන හැංඟිලා හිටිය තැනින් එළියට ආවේ තේමිය එපා කියද්දිමයි.

" මේනක උබව මම මරනවා..."කිව්ව ආදි කෙලින්ම මේනකගේ ඔලුවටම වෙඩි තිබ්බේ මේනක මැරිලා වැටෙද්දි.

ඒ එක්කම ජනකලාගේ ආරක්ෂාවට හිටිය උන් ආදිලාට වෙඩි තියන්න ගත්තා. කොහෙන්දෝ ඉඳන් ආදිගේ කට්ටියත් ආවේ අතින් පයින් ලේ පෙරාගෙන.

දෙගොල්ලො අතරේ වෙඩි හුවමාරුවක් සිද්ධ වුනේ දෙපැත්තෙම අය වෙඩි කද්දි.

තේමියටත් කකුලට වගේම උරහිසටත් වෙඩි වැදුනා. ඒත් තේමිය කොහොමහරි තවත දෙතුන් දෙනෙක්ව බිම දැම්මා.

ආදිත් කට්ටියට වෙඩි තියමින් ගියේ ජනක ළඟට. ජනකගේ බෙල්ලෙන්ම අල්ලගත්ත ආදි ජනකගේ බෙල්ලට ගන් එක තිබ්බා.

නිරායුදව හිටිය ජනක කොහොමහරි ආදිගෙන් බේරෙන්න හැදුවත් මේ වෙනකොට ආදිගේ හිතේ පුපුර පුපුර තිබ්බ වෛරය ආදිව ශක්තිමත් කරා. ඒ හින්දා ජනකට ආදිගෙන් බේරෙන්න බැරිවුනා.

" උබලාගේ ලොක්කා ඕන නම් ආයුධ බිම දාපල්ලා..."

ආදි කෑගහුවම කට්ටිය වෙඩි තියන එක නතර කරත් ආයුධ නම් බිම දැම්මේ නෑ.

ඒ හින්දා ආදි කරේ ජනකගේ කකුලට වෙඩි තිබ්බ එක. ඒ පාර ජනකම කෑගහුවේ කට්ටියට ආයුධ බිම දාන්න කියලා.

ඒ අය ආයුධ බිම දැම්මම ආදි දුන්න සිග්නල් එකෙන් ආදිගේ කට්ටිය එතන හිටිය උන්ට වෙඩි තිබ්බේ කට්ටියම මැරිලා වැටෙන්න.

ආදි ජනකගේ බෙල්ලට ගැහුවේ ජනකත් සිහිය නැතුව වැටෙද්දි.

ආදි චණ්ඩියා වගේ මේ හැමදේම කරාට ආදිටත් උරහිසට වෙඩි වැදිලා තිබ්බා.

කලින් තුවාලෙන් වගේම මේ තුවාලෙනුත් ලේ ගැලුවේ ආදිව තව තවත් අඩපණ කරමින්.

ආදිට තේරුනා මේ යන්නෙ එයාගේ අවසාන කාලේ වගේ කියලා.

ආදි අමාරුවෙන්ම ගියේ මේනකගේ මිනිය ළඟට. මෙනකගේ කලිසමේ සාක්කුවෙන් ආදි ගත්තේ එයාගෙ ෆෝන් එක. ආදි ප්‍රාතිට කෝල් එකක් ගත්තේ අන්තිම වතාවට ප්‍රාතිගේ කටහඬ අහන්න.

" අයියේ... ඔයා හොඳින් නේද...." ප්‍රාති අඬමින් ඇහුවා.

" ඔව්... ඔව්... බබා... මම... හොඳින්..." ආදි අමාරුවෙන් වචන ගැටගහමින් කතා කරා.

" අයියේ... නෑ ඔයා බොරු කියන්නේ..."

" බබා... මම මැරුනත්... ආහ්.. ඔයා ළඟින්... ඉන්නවා... I love you ප්‍රාතිහාරි..." කිව්ව ආදිගේ අතින් ෆෝන් එක වැටුනේ ආදිවත් බිම වැටෙද්දි

ප්‍රාති හායියෙන් අයියේ කියලා කෑගැහුවේ සුගත්ලත් බයෙන් රූම් එකට දුවගෙන එද්දි.

සුගත් රූම් එකට එනවත් එක්කම ප්‍රාතිගේ අතිනුත් ෆෝන් එක ගිලිහුනේ ප්‍රාතිවත් බිම වැටෙද්දි.



" නව නියෝජ්‍ය පොලිස්පති ලෙස තේමිය තිසේරා මහතා අද දින වැඩ භාරගන්නා ලදී..."


_______________________________________


හැපි එන්ඩින් දීලාම එපා වෙලා තියෙන්නේ අප්පා...


reaction දාන්න... comment කරන්න...

අවසාන කොටසින් හම්බෙමු...

ආදරෙයි හැමෝටම 🖤

Report Page