Dangerously yours...
Pari🖤
To 33rd Blood...
https://telegra.ph/Dangerously-yours-06-08
34th blood...
" අනේ අයියේ... මේ ඔයා නම්..."
" දැන් දෙන්න බැරිද...."
ප්රාති හිමීට ආදිට ළං වුනා.
ඒත් එක්කම එකපාර දොර ඇරගෙන ඇතුළට ආවේ තේමිය.
" ඕහ් ෂිට්... හැමදාම මම එන්නේ වැරදි වෙලාවටද මන්දා.."
ආදි තරහෙන් තේමියට රවලා බැලුවා.
" අද නම් උබ රැව්ව කියලා මම යන්නෙ නෑ... ආදි මෙව්නකට වෙච්ච දෙයක් නැ... අපෙව් මේ කලබල අස්සෙ ඌ පැනගෙන...."
" මොකක්...."
" ඊයේ රෑ පැනගෙන තියෙන්නේ... හොස්පිටල් එකට කට්ටියක් ඇවිල්ලා එක්කන් ගිහින් තියෙන්නේ... අපේ කොල්ලො දෙන්නට ගහලා උන් දෙන්නවත මම දැන් බලලා ආවේ ටිකක් විතර සීරියස්..."
" උන් දෙන්නට බලලා කරපන්... කොල්ලො දෙන්නගේ පවුලේ අයටත් වියදම යවපන් මතක් කරලා... දැන් ඌ කොහාටද පැනගත්තේ කියලා හොයාගන්න නැද්ද..."
" නෑ බන්... මම සීසීටීවී බැලුවා... උන් මූණු වහගෙන ඇවිල්ලා තිබ්බේ ආපු වාහනෙත නම්බර් ප්ලේට් ෆේක් ඒවා..."
" ශුවර් එකට උගේ තාත්තා කියන එකා තමා පන්නගන්න ඇත්තේ... හරි බලමුකෝ හැමදාම හැංඟිලා ඉන්නත් බෑනේ... මට ඩිස්චාර්ජ් වෙන්න ඕනේ ඩොක්ටර් එක්ක කතා කරපන්..."
" මේ අයියේ පිස්සු නටන්න එපා... ඩිස්චාර්ජ් වෙන්නෙ නෑ අද... තව දවස් දෙකක්වත් හොස්පිටල් ඉන්න ඕනේ.. තේමි අයියේ ඔයත් මෙයාට උදව් කරොත් මගෙන් ගුටි කන්න තමා..."
" බබා වැඩ තියනවනේ..."
" කමක් නෑ අයියේ.. ඔයා මට රෙස්ට් කරන්න කිව්වනේද ඒ වගෙ දැන් ඔයත් රෙස්ට් කරන්න..."
" බබා..."
ප්රාති ආදිගේ තොල් මත ඇඟිල්ල තිබ්බේ කතාව නවත්තන්න.
" ආදි තව ටිකක් ඔහොම ඉඳපන් මං මෙ වැඩ බලාගන්නම්... උබ සනීප වෙයන්කෝ... මං යනවා... " කියලා තේමිය ගියා.
ප්රාති කිව්ව විදිහට ආදිට දවස් දෙකක් තව ඉන්න උනා. ඒත් ඉතින් ආදි නම් නිකන් හිටියේ නෑ ඔෆිස් එකේ වැඩයි ඒ අස්සේ මේනක හොයන්න දේවලියි කරා.
ප්රාති හොස්පිටල් එකෙන් ඔෆිස් එකටයි ගෙදරින් හොස්පිටල් එකටයි මාරු වෙවී හිටියේ ඔෆිස් එකේ වැඩත බලන්න ඕනේ ආදු ගැන බලන්නත් ඕනේ නිසා.
සති කිහිපයක් ගෙවිලා ගියේ මේනක ගැන කිසිම ආරංචියක් නොලැබෙද්දි. හරිම සාමකාමි විදිහට ඒ සති කිහිපය ගතවුනා.
ඒත් ඉතින් ආදියි ප්රාතියි මාර විදිහට බිසී වුනා. ආදි වැඩිහරියක් හිටියේ පොලිසියේ ඒ හින්දා ප්රාතිට කම්පැනි දෙකම බලන්න වුනා. එ වුනාට ආදී දවසට එකපාරක් හරි ඔෆිස් එක පැත්තේ ගිහින් එන්න අමතක කරේ නෑ.
කොහොමහරි එදා සෙනසුරාදා දවසක්.
ප්රාති skyline එකේ හිටියේ. මේ වෙනකොට ආදිට දීලා තිබ්බ කාලේ ඉවර වෙන්න සතියක් විතර තිබ්බෙ. ඒ වුනාට කිසිම බයක් වෙන්න දෙයක් තිබ්බෙ නෑ. මොකද එයාලගේ අලුත් ප්රොජෙක්ට් ඔක්කොම වගේ සාර්ථක වුනේ ලොකු ප්රොෆිට් එකක් කම්පැනියට ලැබෙද්දි.
මේ වෙද්දි කම්පැනිය යටින් අරන් ගිය වැඩත නතර වෙලා තිබ්බ හින්දා කිසිම legal ප්රශ්නයක් තිබ්බේත් නෑ.
ප්රාති එදා ඔෆිස් එකට වෙලා අලුතින් ප්රොජෙක්ට් එකක් හද හද හිටියේ එයාලට අලුතෙන් ෆල්යිට් දෙකක් ගන්න එක ගැන.
ආදි ඒ අතරේ තමා ඔෆිස් එකට ආවේ.
" මිසිස් ජයකොඩි..."
ආදිගේ කටහඬ ඇහෙද්දිම ප්රාති ඔලුව උස්සලා බැලුවා.
හරිම මහන්සියෙන් හිටිය ප්රාතිගේ මූණට හිනාවක් ආවේ ඒ වෙලාවේ.
" අයියේ..." ප්රාති ඉක්මනට ගිහින් ආදිව බදාගත්තා.
ප්රාතිගේ කැබින් එක වීදුරුවලින් විතරක් කවර් කරලා තිබ්බ හින්දා එළියේ කට්ටිය බලාගෙන කතාවුනේ දෙන්නා හරිම ආදරණීය කපල් එකක් කියල.
" මහන්සිද බබා..."
ප්රාති උත්තරයක් දෙන්නෙ නැතුව ආදිට තුරුල් වෙලාම හිටියා.
" අයියේ... ගෙදර යන්..."
" ඒක තමා බබා මම ආවේ.... ඔන්න හෙට මමත් ගෙදර..."
ඒක ඇහුවාම නම් ප්රාතිගේ ඉහේ මල් පිපුනා වගේ.
" ඇත්තටමද.. ඒත් ඔයා ගිය සතියේ වගේ හදිසි වැඩක් කියල යයි..."
පහුගිය සති කීපයේම ආදිට ප්රාති එක්ක ගත කරන්න හම්බුනේ පොඩි වෙලාවක් විතරයි.
" නෑ බබා හෙට නම් මම ඔයා එක්කමයි... ප්රොමිස්..."
" I believe you..."
" shall we go now.."
ප්රාති ඔලුව වැනුවම ආදි එහෙම්මම ප්රාතිව වඩා ගත්තා.
" මාව බිමින් තියන්න... අයියේ අර කට්ටියත් බලන් ඉන්නවා..."
ප්රාති කිව්වෙ ආදි එයාව ඔෆිස් එක මැද්දෙන් වඩාගෙන යනකොට.
" ඉතින්... බලපුදෙන්.. මම මගේ වයිෆ්වනේ වඩන් යන්නේ..."
ප්රාති ලැජ්ජාවෙන් ආදිගේ පපුවේ මූණ හංඟගත්තා.
ආදි ගිහින් ප්රාතිව වාහනෙන් ඉන්ඳවලා සීට් බෙල්ට් එකත් දාලා තොල් මතින් කෙටි සිපුමක් තිබ්බා.
" අයියේ අපි වෙන කොහෙහරි යන්...."
" කොහෙද යන්න ඕනා..."
" ම්ම්... බීච් යන්.... තව ටිකකින් සන්සෙට් එක නේද...."
" හ්ම්ම්... තව පැය බාගයක් විතර තියනවා.... යමු...."
දෙන්නත් එක්ක බීච් එකට ආවම ප්රාති දාන් හිටිය හීල්ස් දෙකත් ගලවලා දාලා බීච් එකට දිව්වා.
ආදි ඒ පිටිපස්සෙන් හිනාවෙවී ගියේ පොඩි එකෙක් වගේ ප්රාති දුවන දිහා බලාගෙන.
මේ වෙනකොට අහස තැඹිලි පාට වෙලා මාර ලස්සනක් තිබ්බේ. ආදි ප්රාතිගේ ෆොටෝ කිහිපයක් ගත්තේ ප්රාතිටත් නොදැනීමයි.
" අයියේ එන්නකෝ..." ප්රාති අන්තිමට ඇවිල්ලා ආදිව ඇදගෙන ගියේ රැල්ල පාගන්න.
අන්තිමට හති දාගෙන දෙන්නත් එක්ක වැල්ලේ ඉඳගත්තෙ සන්සෙට් එක බලන්න.
ටික වෙලාවක් අහස දිහා බලන් හිටිය ආදි ප්රාති දිහා බැලුවේ සද්දයක් බද්දයක් නැති හින්දා.
ප්රති බලන් හිටියේ ඒ ළඟම හිටිය කපල් එකක් දිහා. ඒ කපල් එකේ කෙල්ල ප්රෙග්නන්ට්.. කොල්ලා අතේ අවුරුදු දෙකක විතර පුංචි ගෑණු ළමයෙක් හිටියා.
ආදි දැක්කා ප්රාතිගේ ඇස්වල ලාවට කඳුලු පටලයක් තියනවා.
" බබා..."
ආදි කතා කරාම ප්රාති ඉක්මනට කඳුලු හංඟගන්න ආයෙමත් අහස දිහා බැලුවා.
" බබා... මං දිහා බලන්න..." කියලා ආදි ප්රාතිගේ මූණ හරෝගත්තා.
ඒ වෙලේ ප්රාතිගේ ඇස්වල නලියමින් තිබ්බ කඳුලු කැටයක් කම්මුල දිගෙ බිම වැටුනා.
ප්රාතිගේ කම්මුල පිස දැම්ම ආදි,
" බබා... මොකද මේ..."
" අයියේ.... ඇයි අපිට තාම බබෙක් නැත්තේ..."
" බබා... එයා කැමති වෙලාවක එයි.. හදිස්සි වෙන්න එපා මැණික... ඔයා තාම චූටිනේ.. "
" බෑ අයියේ.. මට බබෙක් ඕනේ.. මට ආසයි... මමත් ආසයි..." කියමින් ප්රාති අඬන්න ගත්තා.
ආදි ඉක්මනට ප්රාතිව පපුවට තුරුල් කරගත්තා.
" බබා... අපි දෙන්නා තාම මැරි කරලත් මාස තුනක්වත් නැනේ... තව කල් තියනවා මැණික... බය වෙන්නෙපා එයා ඉක්මනට අපි ළඟට එයි...කෝ දැන් අඬන්නෙපා.. කෝ මට මූණ පෙන්නන්න... අඬන්නෙපා...චී චී ඔය හොටුත් ඇවිල්ලා..."
"බොරු කියන්නෙපා.."
" බොරු නෙවෙයි ඔය... හොට්ටී.."
" අනේ යන්න... ඔයා තමා හොට්ටා.."
" හොට්ටී..."
" හොට්ටා.."
අන්තිමට ආදිට ප්රාතිගෙ මූණට හිනාවක් ගන්න පුලුවන් වුනා. දෙන්නත් එක්ක තව පැයක් විතර බීච් එකේ හිටියේ ස්ට්රීට් ෆුඩ්ස් කකා..
" බබා හැබැයි ගෙදර ගිහින් බත් කන්න ඕනේ.."
" හරි ඩැඩී...."
" Daddy... sounds good.... but don't use it here... okay..." ආදි සරාගි කටහඬකින් ප්රාතිගේ කනට කරලා මිමිණුවේ ප්රාතිව ලැජ්ජාවට රතු වෙද්දි.
" බබා.. I want to kiss you..." ප්රාති මෙහෙම ලැජ්ජාවෙන් රතු වෙද්දි ආදිගේ ලිමිට් පනිනවා.
" පිස්සුද අයියේ.. මේ වටෙ මිනිස්සුත් ඉන්නවා..." කියමින් ප්රාති ආදිව තල්ලු කරා.
ඒ ක්ෂණික ප්රාතිව වඩාගත්ත ආදි ප්රාතිව කාර් එකට එක්ක ගිහින් පිටිපස්සෙ ශිඋට් එකෙන් තියලා දොර වහලා එයත් ඇතුළට ආවා
" දැන් කාටවත් පේන්නෙ නැ..." කිව්ව ආදි ප්රාතිගේ තොල්වලට බර වුනා.
ආදිට දුර ගමනක් යන්න ඕන වුනත් ප්රාති ආදිව නතර කරා.
" අයියේ... ගෙදර යන්..."
" බබා..."
" ප්ලීස්..."
" හරි එහෙනම්... හැබැයි ගෙදර ගියාට පස්සෙ නම් මගෙන් බේරෙන්න හිතන්නෙපා..."
" හිතන්නෙවත් නෑ..." කියලා ආදිට ඇහැක් ගහලා කිව්ව ප්රාති එහෙම්මම ඉස්සරහා ශීට් එකට පැන්නා.
ප්රාති එහෙම කිව්වට ගෙදර එද්දි නිදි.
ආදි හිමීට ප්රාතිව වඩාගද්දි ප්රාතිව ඇහැරුනා.
" අපි ගෙදරත් ආවද අයියේ..."
" ඔව් බබා... ඔයා ඔහොම්මම ඉන්න..." කියලා ආදි ප්රාතිව වඩාගෙන ගේ ඇතුළට ආවා.
ඒත් සෝෆා එකේ ඉඳන් හිටිය කෙනා දැක්කම තව ටිකෙන් ආදිට ප්රාතිව අතහැරෙනවා.
" අම්මා...."
ආදි කිව්ව දේත් එක්ක ඔලුව උස්සලා බැලුවම තමා ප්රාති දැක්කේ සෝෆා එකෙ ඉදන් හිටිය සුගත්, කමල්, ආදු වගේම ආදිගේ අම්මා නිරාෂා.
ප්රාති ඉක්මනට ආදිගේ අත් දෙකෙන් බිමට බැස්සා. කෙල්ලට තිබ්බ නිදිමත කොහෙන් ගියාද කියලා නෑ.
ප්රාතිගේ මූණ දිහාත් බලපු ආදි දිව්වෙ නිරාෂා ළඟට. නිරාෂ ළඟට දුවපු ආදි නිරාෂාව බදාගෙන අඬන්න ගත්තා.
නිරාෂාටත් ඇඬිලා හිටියේ. සුගත්ගෙයි කමල්ගෙයි ප්රාතිගෙයි ඇස් දෙකටත මේ අම්මයි පුතයි හින්දා ඇඬුනා.
විනාඩි පහක් විතර අඬලා අඬලා ආදිව ටිකක් ඈත් කරපු නිරාෂා ආදිගෙ උඩ ඉඳන් පහළටම බැලුවා.
" මගේ කොල්ලා ලොකු වෙලා තියන තරන්... අපේ මහත්තයා මගේ කොල්ලා ගොඩාක් ලොකුයිනේ.. මට විශ්වාස කරන්නත් බෑ... අම්මේ අම්මේ කිය කිය මගෙව් අස්සෙ දැවටි දැවටි හිටිය පුංචි කොල්ලද මේ කියලා.. උස බලන්නකෝ..." ආදිගේ මූණ අතගාමින් අඬමින් නිරාෂා කිව්වා.
නිරාෂාගේ ආදිගේ හොඳම කාලේ වගේම ආදුගේ සම්පූර්ණ ළමා කාලයම මඟ ඇරිලා තිබ්බේ.
පැය කාලකටත් වඩා ආදිව බල බල ඉඳලා තමා නිරාෂාට එතන ප්රාති ඉන්න බව මතක් වුනේ.
ප්රාති මේ හැමදේම ළඟට එන්නෙ නැතුව දුරට වෙලා හිටන් බලන් හිටියේ.
" දුව එන්නකෝ... මොකෝ බය වෙලාද ඉන්නේ..." නිරාෂා එහෙම කිව්වම ආදි ප්රාති ළඟට ගිහින් ප්රාතිගෙ අතින් අල්ලන් නිරාෂා ළඟට එක්කන් ආවා.
" අම්මා... මේ මගේ වයිෆ්... මගේ පණ.. මගේ ආදරේ.. ප්රාතිහාරි..." ආදි ප්රාතිගෙ මූණ දිහා ආදරෙන් බලාගෙන කිව්වෙ ප්රාතිගේ ඇස්වලට ආයෙමත් කඳුලක් උනද්දි..
ආදි ඒ කිව්ව විදිහෙන් නිරාෂට තේරුනා ආදි ප්රාතිට කොච්චර නම් ආදරේද කියලා.
ප්රාතිගේ අතින් අල්ලගත්ත නිරාෂා සුගත් දිහා බලලා,
" අපේ මහත්තයා ලේලිව නම් හරියටම තෝරාලා තියනවා..." කියල කිව්වා.
නිරාෂා ප්රාති දිහාත් විනාඩියක් දෙකක් බලන් ඉඳලා ප්රාතිව බදාගත්තා.
" Thank you දුවේ... ඔයා ඇත්තටම ප්රාතිහාරයක් තමා... මේ පවුල ගොඩගත්තට thank you දුවේ..."
" මම මුකුත් කළේ නෑනේ..."
" දුව මම කෝමා වෙලා හිටියට ඔයාලා කරන කියන දේවල් ඔක්කොම මට ඇහුනා... ඔයා එකදවසක් මාත් එක්ක කතා කළා නේද ඇවිල්ලා... අනික අපේ මහත්තයා ඒ දවස් ටිකේම මාත් එක්ක ඇවිල්ලා කියෙව්වේව් ඔයා ගැන... ආදිව ඔයා වෙනස් කරපු හැටි... "
" ඒත් මම මුකුත් කළේ නෑනෙව්.."
" ඔයා ආදරේ කරා දුවේ... ආදරේ තමා හැමෝම වෙනස් කරන්නේ... දුව මම ඔයා ගැන හැමදෙයක්ම දන්නවා... අද ඉඳන් ඔයාගේ අම්මා මම කියලා හිතන්න... සුගත් ඔයාගේ තාත්තා.. කවදමහරි ආදි ඔයාට මොකක් හරි වෙනස්කමක් කරොත් එදාට් ආදි තමා එළියට යන්නේ..."
" ඈ.. දැන් මම බෑනා වුනාද..."
" ඔව් අයියේ... දැන් ඔයා මගේ මස්සිනා... අක්කේ අපි දෙන්නා හෙටත් යන් ඇවිද්න්න..." කියමින් ආදු ආදිවත් තල්ලු කරලා ඇවිල්ලා ප්රාතිගේ ළඟින් ඉඳගත්තා.
" අනේ මේ පොඩි එකී... මගේ වයිෆ් නේ... අහට්ට වෙනා.. බොහොම අමාරුවෙන් හෙට නිවාඩුවක් ගත්තේ වයිපරේ එක්ක ඉන්න ඒකත් මේකි මඟෙන් හොරකන් කරන්න හදනවා..."
" අයියේ.. මොකක්ද ඔය නංගිට කතා කරන විදිහ... ආදු හෙට අපි යන් පුරුදු විදිහටම ළමා නිවාසෙට... අම්මේ ඔයත් එනවද..."
" යන් දුවේ... මාත් ආසයි... ඉස්සර මාත් ඔය වැඩවලට යනවා..."
" මාත් එනවා... " ආදි.
" මාත් එනවා.." කමල්.
අවුරුදු 13කට පස්සෙ එකතු වුන පවුල රෑ වෙනකන් කතා කර කර ඉඳලා අන්තිමට ආදු නිදි කිරා වැටෙන්න ගත්තම තමා රූම්වලට ගියේ.
රූම් එකට ගිය ආදි බැල්කනියට ගියේ ප්රාති බාතෲම් එකට යද්දි.
ප්රාති බාතෲම් ගිහින් එද්දිත ආදි තාම බැල්කනියේ.
ප්රාති ගිහින් ආදිව පිටිපස්සෙන් වැළඳගෙන පිටට මූණ තියාගත්තා.
" අයියේ... ඔයා සතුටින්ද.."
" ඔව් මැණික... මම ගොඩාක් සතුටින්... මම ගොඩාක් සතුටින්... අන්තිමට අපේ පවුල සම්පූර්ණ වුනා... " කියලා ආදි ප්රාතිව ඉස්සරහට ගත්තේ ප්රාති ආදියි බැල්කනි වැටටයි හිර වෙද්දි.
" අයියේ... I love you..."
ආදිගේ ඇස් දෙක දිහා බලාගෙන ප්රාති කිව්වෙ ආදි ඒ ප්රාතිගේ ඇස් දෙක දිහාම බලාගෙන,
" I love you too මැණික..."
ආදි ප්රාතිගේ දෙතොල්වලට බර වුනේ අනුරාගි රැයක් ගත කරන්න.
සඳුදා ආපහු බෝඩ් මීටින් එකක් තිබ්බේ සුගත් වගේම නිරාෂාත් ඒකට සහභාගී වෙද්දි. එදා තමා නිරාෂාගේ නැවත පැමිණීම කට්ටියට දැනුන් දුන්නේ.
මේ වෙනකොට ආදි කම්පැනි එක භාර ගන්න එකට කාගෙවත් විරුද්ධත්වයක් තිබ්බෙ නෑ.
එදාම සුගත් retire වුනේ කම්පැනි එකෙ අයිතිය සම්පූර්ණයෙන්ම ආදිට භාර දීලා.
මේ නිසා ආදිට තවත් වගකීම් එකතු වුනා.
මේ වෙද්දි ත්රීශාගේ වෙඩින් එකත් තිබ්බා.
ත්රීශා කොහොමහරි දෙව්නකව තේරුන් ගත්ත නිසා අන්තිමට ත්රීශාත් දෙව්නකට ආදරේ කරන්න පටන් ගත්තා.
ආදි කිව්ව විදිහටම දෙන්නට ටිකට් බුක් ක්ළා රට යන්න.
ත්රීශාගේ ඉල්ලිමක් විදිහට ප්රාතියි ආදියි දෙන්නා එයාලාව ඇරලවන්න එයාපෝර්ට් එකට ආවා.
ආදිටයි ප්රාතිටයි special access තියන හින්දා එයාලා ෆ්ලයිට් එකට නඟිනකන්ම ළඟ තමා හිටියේ.
ෆ්ලයිට් එකට යන්න වීනාඩි දහයකට විතර කලින් ත්රීශා ආදිව පැත්තකට එක්කන් ගියේ කතා කරන්න.
" ආදි මට සමාවෙන්න මම කලින් කරපු කියපුවට... ප්රාතිව හොඳට බලාගන්න..." කියලා ත්රීශා කිව්වෙ ත්රීශා හදාගන්න ගත්ත බබා වගේම දෙව්නකගේ බබාව හුරතල් කරන ප්රාති දිහා බලාගෙන
" ප්රාති අහිංසකයි... එයාව රිද්දවන්න නම් එපා ආදි... ඔයාට පව් සිද්ධ දෙයි.. මම ප්රාර්ථනා කරනවා ඔය දෙන්නට සතුටු නීරෝගි අනාගතයක් ලැබෙන්න කියලා... ඒ වගේම ඉක්මනින්ම කිරි සිහින සැබෑ වෙන්න කියලා..." ත්රීශා කිව්වෙ හදවතින්මයි.
ආදිටත් ඒ බව තේරුනා.
" ඔයත් හොඳින් ජීවත් වෙන්න ත්රීශා...."
" ආදි... අන්තිම පාරට... පුලුවන් නම්...." කියලා ත්රීශා කිව්වා.
ආදි අත් දෙක දික් කරේ ත්රීශා ආදිව වැළඳගද්දී.
අන්තිමට ත්රීශා ලංකාවෙන් යන්න ගියේ ආයේ ලංකාවට නො එන්නම හිතාගෙන.
ආදිට තුරුල්වෙලා ත්රීශාලා යන ෆ්ලයිට් එක යන දිහා බලන් හිටිය ප්රාති දිග සුසුමක් හෙලුවා.
එදා දෙන්නා ගියේ ආදිගේ ගෙදර.
පුරුදු විදිහටම ප්රාති උයන්න ගත්තේ ආදි නැට්ට වගේ පස්සෙන් ඉද්දි.
කාලා බීලා ඉවර වෙලා දෙන්නා එක්ක ගාඩ්න් එකේ ඉඳන් හිටියේ ගස්වල හෙවණේ.
ආදි ප්රාතිගේ උකුලෙන් ඔලුව තියාගෙන හිටියේ ප්රාති ආදිගේ ඔලුව අතගාමින් ඉද්දි.
" බබා... අපි දෙන්නා කොහෙද යන්නේ ඊළඟට..."
එදා කෛලාශ් ප්රාතිව කිඩ්නෑප් කරපු සීන් එකෙන් පස්සෙ දෙන්නා දුර ගමන් ගියේම නෑ.
" මට අයිඩියා එකක් නෑ අයියේ... කොහෙද යන්නේ..."
" ම්ම්... ගාල්ලෙ යන්ද... "
" හ්ම්ම්... අයියේ... ඔයාට නිවාඩුවක් නෑ නේද ඒ වුනාට..."
" බබා... නිවාඩුවක් කියන එක කවදා හම්බෙයිද දන්නෙ නෑ.. ඒත් මට ඔයා එක්ක ඉන්න හැම මොහොතම වටිනවා... දවස් දෙකක් නිවාඩු දාලා අපි ඇවිදලා එමු..."
" ඔයා මහන්සි වෙනවා වැඩි අයියේ... මට බයයි.. ඔයාගේ ලෙඩේ ආයේ වැඩි වෙයි..."
" බබා.. මට ඉස්සර වගේ දැන් ලොකු ස්ට්රෙස් එකක් නෑ... ඔයාව දැක්කම මට තියන හැම ප්රශ්නයක්ම අමතක වෙනවා... ඒ හින්දා මම ගැන බය වෙන්නෙපා... හරිද.. මම ගැන බය වෙන්න ගිහින් ඔයා ලෙඩ වෙන්නෙපා... "
" අයියේ... මේනකව තාම හම්බුනේ නැද්ද..."
" නෑ බබා... ඌගේ වැඩ නම් නතර වෙලා... ඒත් මට ශුවර් නැත්තෙ ඌ ඒම ලේසියෙන් අතහරින එකෙක් නෙවෙයි හින්දා...."
ඒ කතාව හරි... මේනක කියන්නෙ ලේසියෙන් අතහරින කෙනෙක් නෙවෙයි...
මේනක බලන් හිටියේ හරිම වෙලාව එනකන් ආදිගෙන් පළිගන්න.
" තාත්තේ.... තාත්තා කිව්ව හින්දා මම නංගි යනකන්ම හිටියා... අද මම නිකන් ඉන්නෙ නෑ ඌ මගේ අම්මව මැරුවා මම ඒකට පලි ගන්නවා..."
රෑ වෙලා ප්රාතිවත් උකුලේ තියන් බැල්කනියේ ස්වින්ග් එකේ පැද්දි පැද්දි හිටිය ආදිට කෝල් එකක් ආවෙව් කමල්ගෙන්.
" චූටි සර් හදිස්සියක් පුලුවන් ඉක්මනට එන්න..." කමල් කලබලෙන් කතා කරද්දි ආදිගේ හිතට ලොකු බයක් දැනුනා.
" අංකල් මොකක්ද වුනේ..." ආදි බයෙන් ඇහුවේ ප්රාතිත් කෝල් එකට ඇහුන්කන් දෙද්දි.
" චූටි සර්... ගෙදර ගිනි ගන්නවා..."
__________________________________________
අන්තිමට එපි දෙක තුන මේ හොදේ...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤