Dangerously yours...
Pari🖤
To 32nd blood....
https://telegra.ph/Dangerously-yours-06-06
33rd blood...
ඊටපස්සේ ආදි කරේ අර ප්රාති එක්ක කතා කරපු කෝල් එකයි තව විස්තර වගේකුයි එකතු කරලා ෆයිල් එකක් හදපු එක.
ඒක හදලා කෙනෙක්ට මේල් කරා.
" එහෙනම් කෛලාශ් උඹේ අවසානේ පටන් ගත්තා..." කිව්ව ආදි හයියෙන් හිනාවූනා.
ආදි මේ දේවල් කරලා පැය කාලක් යන්න හම්බුනේ නෑ කෙවින්ට කෝල් එකක් ආවා.
" කෙවින් තමුසෙලා මොනාද කරන්නේ... කෝ කෛලාශ්... කෝල් එකක් ආන්ස්වර් කරන්නෙත් නැ..."
" සර් මේ... මේ..."
" කෙවින් තමුසෙලාට මිෂන් එකක් භර දුන්නම ඒ දේ කරන්නෙ නැතුව මොන මඟුලක්ද කරන්නෙ... කෝ අර කෛලාශ්... ඌව එකපාරකුත් අයින් කරලා දාලා තමුසේ කිව්ව හින්දා ආයෙමත් ගත්තේ... දැන් ඌ මොන පිස්සුවක්ද නටන්නේ... ඌ මොකටද ලංකාවේ DIGගේ වයිෆ් කිඩ්නැප් කරේ..."
" DIGගේ වයිෆ්..." කෙවින් පුදුමෙන් ඇහුවා
" දන්නෑ වගේ කතා කරන්නෙපා කෙවින්... තමුසෙලා පොලිසියේ කියන්නත් ලැජ්ජයි...."
" සර්... ඒත් කෛලාශ් DIGගේ වයිෆ්ව දන්නෙත නැතුව..."
" දන්නෑ... දන්නැත්තන් ඇයි කිඩ්නැප් කරේ... මට ලංකාවෙන් තමුසෙලාට විරුද්ධව කම්ප්ලේන් එක ආවා... ඒකත මට නෙවෙයි ලොකු සර්ට... තමුසෙලා හින්දා මම බැනුම් ඇහුවා... කෙවින් කෛලාශ් ඇලිස් තමුන් තුන්දෙනගෙම වැඩ තහනම් කරනවා දැන්මම ලන්ඩන් එනවලා.. ඒ වගේම අර බල්ලට DIGගේ වයිෆ් අතහරින්න කියනවා... "
" සර්.... DIGගේ වයිෆ් කවුද...."
" දැන් තමුසේ කියන්නේ DIG ආදිත්ය ජයකොඩිගේ වයිෆ් දන්නෙ නෑ කියලද...." කියලා කෙවින්ලාගේ ලොක්කා කෝල් එක කට් කරා.
ආදිත්ය කියන්නේ DIG කියලා දැනගත්තම කෙවින්ට උන් හිටි තැනුත් අමතක වුනා.
" කෙවින් මොකක්ද වුනේ..."
" ආදිත්ය කියන්නේ DIG... "
ඒක ඇහුවම ඇලිසුත් බය වුනා.
" කෙවින් කෛලාශ්...."
කෙවින් ඉක්මනට කෛලාශ්ට කෝල් එකක් ගත්තා.
ඒත් කෛලාශ් නම් කෝල් ආන්ස්වර් කරේ නෑ. මොකද ප්රාති ආදි කෝල් ගත්තට පස්සෙ කෛලාශ් ෆෝන් එක ඕෆ් කරානේ.
" දැන් මොකක්ද කරන්නෙ කෙවින්... දැන් අපිව suspend කරලද තියෙන්නේ.."
" ඔව් ඇලිස්.. මේ යකා කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ.. මූ ප්රාතිහාරිව අතහැරියේ නැත්තන් අපිට ජොබ් එකත් නැතිවෙනවා...."
" සර් මොන මඟුලෙද ගියේ කෙවින්...."
" දන්නෑ..."
මේ අතරේ බංකරේ හිටිය කෙවින්ලට එළියෙන් වෙඩි සද්දයක් ඇහුනා.
" කෙවින්.. ඒ...."ඇලිස් බයෙන් කිව්වා.
කෙවින් ඉක්මනට ගන් එක අරගෙන දොර පැත්තට යන්න ගියා.
කෙවින් දොර ළඟට යනවත් එක්කම දොර පුපුරලා ගියා.
දොර ළඟ හිටියේ පොලිස් නිල ඇඳුමින් සැරසුනු ආදි.
ආදි අර එළියට ගත්ත සූට්කේස් එකේ තිබ්බේ එයාගේ යුනිෆෝම් එක.
ආදි කියන්නේ පොලිසියේ ලොක්කෙක්. මෙච්චර කාලයක් එයා කරේ මිෂන් එකක් හින්දා ආදිත්ය කියන මැරයා සෙල්ලක්කාරයා විදිහට හිටිය එක.
කෙවින්වයි ඇලිස්වයි අත්අඩංගුවට ගත්ත ආදි කෙලින්ම එයාලව අරන් පොලිසියට්ට ගියා.
දෙන්නවම ප්රශ්න කරන්න ගත්ත ආදි,
" කෝ කෛලාශ්...."
" අපි දන්නෙ නෑ..."
" කෙවින්... මම හොඳින් අහන්නේ..."
" ඇත්තටම අපි දන්නෙ නෑ... මම කෛලාශ්ට කෝල් ගත්තා ෆෝන් එකත් ඕෆ්... මම දන්නෙ නෑ කොහෙද කියලා..."
" හොඳට හිතනවා කෛලාශ් කොහෙද යන්න ඇත්තේ..."
" ඇත්තටම මට ඒ ගැන කිසිම අදහසක් නෑ.. කෛලාශ් පහිගිය ටිකේම ප්රාතිහාරිගේ පස්සෙන් හිටියේ ඒ හින්දා අපි කිසිම දෙයක් දන්නෙ නෑ.."
ආදිට මේ වෙලේ කෙවින්ලගෙනුත් වැදගත් කියන කිසිම විස්තරයක් ගන්න බැරිවුනා.
මේ වෙනකොට පාන්දර වෙලා තිබ්බේ. ප්රාති අඬමින් කල්පනා කරේ පැනලා යන විදිහක්.
අඩුම ආදිට තමන් ඉන්න තැන පණිවිඩයක් හරි කියන්න විදිහක්.
ප්රාතිට මේ වෙලේ ලොකු බඩගින්නකුත් දැනුනා.
පැනලා යන්නත් ඇඟට පණක් තියෙන්න එපැයි කියලා හිතලා ප්රාති ගියේ කලින් කෛලාශ් රූම් එකට ඇවිල්ලා තියලා ගිය පාර්රසලේ ළඟ.
ඒ පාර්සලේ තිබ්බ ඒවා දැක්කම ප්රාතිට අදහසක් ආවා. එයා එයාගේ ජීවිතේම අවදානෙක දාන්න ලෑස්ති වුනා.
ප්රාතිට ස්ට්රෝබෙරි ඇලජික්. කෛලාශ් මේ ගැන දැනන් හිටියේ නෑ. ඉතින් කෛලාශ් ප්රාතිට ගෙනැත් තිබ්බ කෑම පාර්සල් එකේ ස්ට්රෝබෙරි මිල්ක්ෂේක් එකක් තිබ්බා.
ප්රාති ඒ මිල්ක්ෂේක් එක එක හුස්මට බීගෙන ගියා.
විනාඩි දෙකක් යන්න ඇති ප්රාතිගේ ඇඟ පුරාම පලු දාන්න පටන් ගත්තා.
ප්රාති මේ වෙලේ හයියෙන් කෑගැහුවේ කෛලාශ්ගේ අවදානේ ගන්න.
හිතුවා වගේම කෛලාහ් දුවගෙන ආවා. කෛලාශ් ආවම දැක්කේ ප්රාතිගේ ඇඟ පුරාම රතු ලප දාලා තියන විදිහ වගේම ප්රාති අමාරුවෙන් හුස්ම ගන්න හදන විදිහ.
" ප්රාති... ප්රාති... මොකද වුනේ.. කතා කරන්නකෝ... ප්රාති...." කෛලාශ් ප්රාතිගෙ මූණට තට්ටු කරමින් ක්තා කරත් ප්රාතිට සිහිය නැතිවෙලා ගියා.
කෛලාශ් ෆෝන් එක ඔන් කරලා ඉක්මනට කෝල් එකක් ගත්තේ ඇලිස්ට. මොකද මේ වෙලෙව් මොනා කරන්නද කියලා කෛලාශ්ට හිතාගන්න බැරිවුනා. මේ වෙලේ කෛලාශ්ට එකම පිහිට වුනේ ඇලිස්.
ඒත් ඇලිස් මෙ වෙලේ ආදිගේ භාරේ හිටිය නිසා ඇලිස්ගෙයි කෙවින්ගෙයි ෆෝන් තිබ්බෙ පොලිස් ඔෆිසර් කෙනෙක් ළඟට.
කෙවින්ලව වෙන වෙනම ප්රශ්න කර කර ඉද්දි තමා මේ කෝල් එක ආවෙ.
ඉතින් මේ ඔෆිසර් ඉක්මනට ෆෝන් එක ආදිට ගෙනත් දුන්නා. ආදි කෙනෙක්ට කෝල් එක ට්රැක් කරන්න කියලා කිව්වා.
ඊටපස්සේ ආදි කෝල් එක ස්පිකර් දාලා ඇලිස් ළඟින් තිබ්බේ කතා කරන්න කියලා.
" හැබැයි තමුසේ ඉන්න තැන අරකයි මේකයි කියවන් ගියොත් මෙතනින් එහාට යන්න හිතන්නෙපා... මොකද මම පොලිසියේ වගේම තමා මම මැරයෙක්.. මට අණක් ගුණක් ඇත්තේ නෑ...." ආදි ඇලිස්ව බය කරලා තමා කතා කරන්න දුන්නේ.
" හෙලෝ..." ඇලිස් බයෙන් කතා කරා.
" ඇලිස්... ඇයි එකපාර එක්කෙනෙක්ගේ ඇඟේ රතු පාට පලු දාලා හුස්ම ගන්න අමාරුවෙලා සිහිය නැතිවෙන්නේ... " ඒක ඇහුවම ආදිට එයාව පාලනය කරගන්න බැරුව තව ටිකෙන් කෑගහනවා. ඒත් ඒ ෆෝන් එක ගෙනත් දුන්න ඔෆිසර් ඉක්මනට ආදිට තට්ටුවක් දාලා හිමීට කිව්වේ කලබල කරන්නෙපා කියලා.
මොකද එහෙම වුනොත් කෛලාශ් කෝල් ක කට් කරන නිසා ලොකේෂන් එක ට්රැක් කරගන්න බැරිවෙනවා.
" ඒක ඇලජික් රියැක්ෂන් එකක්..."
ආදිව ගැහෙන්න ගත්තා. මොකද ප්රාතිට සිහියත් නැතිවුනා කියන්නේ ආදි දන්නවා ප්රාතිට හොඳටම අමාරුයි කියලා.
"දැන් මොකද කරන්නේ ඇලිස්... බෙහෙත් මොනාහරි කියන්න..."
" සර්... පෙෂන්ව ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරන්න.. සිහියත් නැත්තන් රිස්ක් එක වැඩී..."
" හොස්පිටල් යන්නෙ නැතුව කරන්න දෙයක් නැද්ද...."
" නෑ සර්... පුලුවන් ඉක්මනට හොස්පිටල් එක්කන් යන්න... නැත්තන් එයාව බේරගන්නත අමාරුවෙයි..."
ආදිගේ ඇස් දෙක රතුවුනේ තරහටයි දුකටයි වේදනාවටයි.
" ඇලිස් තමුසේ ඩොක්ටර් කෙනෙක් නේද වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද..."
" නෑ සර්... වෙන කරන්න දෙයක් නෑ.. හොස්පිටල් ඇඩ්මිට් කරන්න.. ඩොක්ටර් කෙනෙක්ට විතරයි මොනාහරි කරන්න පුලුවන්... සර් දැන් කොච්චර වෙලාවක්ද ඔය දේ වෙලා..."
" සිහිය නැතිවෙලා විනාඩි පහක් විතර.."
" එහෙනම් ඉක්මනටම හොස්පිටල් ඇඩ්මිට් කරන්න... නැත්තන් ඒ කෙනාගේ ජීවිතේට අනතුරක් වෙයි සර්..."
කෛලාශ් කෝල් එක කට් කරා.
ආදි තරහෙන් එයා ළඟ තිබ්බ පුටුව උස්සලා පොළොවේ ගැහුවේ පුටුව කෑලි කෑලිවලට කුඩුවෙද්දි.
" සර් ලොකේෂන් එක ගත්තා.." ඒ එක්කම තව ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා කිව්වම තමා ආදිගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.
ආදි ලොකේෂන් එක අරන් මේ වෙනකොටත් ප්රාතිව හොයන නුවර ඉන්න අයට යැව්වෙ ආදි කොළඹ ඉඳන් යනවට වඩා ඉක්මනට ඒ අය එතනට යන්න පුලුවන් හින්දා.
කෛලාශ් ඉක්මනට ප්රාතිව අරන් ගියේ ළඟම තිබ්බ හොස්පිටල් එකට.
ඒ වෙනකොටත් ප්රාතිට සෑහෙන අමරුයි. නාඩි වැටෙන එක පවා අඩුවෙලා තිබ්බේ.
පැයක් යද්දි ආදිගේ කට්ටිය මේ හොස්පිටල් එක වට කරගත්තේ කෛලාශ්ට එළියට පැනගන්න බැරිවෙන්න.
ප්රාති තාමත් එයාගේ ජීවිතේ එක්ක සටන් කරනවා.
ඩොක්ටර්ල බට දාලා ප්රාතිගේ බඩේ තිබ්බ මිල්ක්ෂේක් ටිකක් අයින් කරත් මේ වෙනකොට ප්රාතීගේ ඇඟට ගොඩාක් එකේන් උරාගෙන ඉවරයි.
තවත් පැය භාගයක් යද්දි ආදි හොස්පිටල් එකට ආවා.
ඇත්තටම කිව්වොත් ආදිට එයා ආවේ කොහොමද කියන එකවත මතක නෑ. වාහන දෙක තුනකටම හැප්ප්පෙන්න ගිය ආදි බේරුනෙත් අනූ නවයෙන්.
ආදි එද්දි කෛලාශ් OPD එක ඉස්සරහා ඉඳන් ඉන්නවා. කෛලාශ්ව දැක්කම මරන්න තරන් තරහක් ආව ආදි කෛලාශ්ව එතනම පෙරලගෙන ගහන්න පටන් ගත්තා.
මේ වෙලේ ආදිව කීයටවත් බලාපොරොත්තු නොවුන කෛලාශ්ට ප්රතිප්රහාර දෙන්න බැරිවුනේ ගොඩක්ම ප්රාතිගේ සිහියෙන් හිටිය හින්දා.
කෛලාශ්ගෙ වෙලාවට එතනට ආව ආදිගේ කට්ටිය ආදිව පැත්තකට කරගත්තා.
ඒ වෙලේ තමා කෛලාශ් ආදිව දැක්කේ. පොලිස් ඇඳුමෙන් හිටිය ආදිව දැක්කම කෛලාශ් පුදුම වුනා.
ඒත් එක්කම තව ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා කෛලාශ්ට මාංචු දැම්මා.
" මූව කොළඹ ගෙනියනවලා.. අරුන් දෙන්නා අතහරිනවා උන් දෙන්නව උන්වේ ලොක්කා බලාගනී.. ඒත් මූව මම බලාග්න්නේ..."
කෛලාශ් හිටියේ වෙන කෙරෙන දෙයක් හිතාගන්න බැරුව.
පැය ගාණක් තිස්සෙ ඩොක්ටර්ලා සෑහෙන මහන්සියක් දරලා ප්රාතිව බේරගත්තා.
ප්රාතිව නෝමල් වෝඩ් එකට දැම්මට පස්සෙ ආදි ප්රාති ළඟින් හෙල්ලුනේවත නෑ.
දවල් වෙද්දි ප්රාතිට සිහිය ආවා.
ආදි මේ වෙලේ කෛලාශ්ගේ ලොක්කා එක්ක කෝල් එකක හිටියේ.
යුනිෆෝම් එකෙන් හිටිය ආදිව එකපාර අඳුනගන්න බැරිවුනේ පිටිපස්ස හැරිලා හිටිය හින්දා.
" අයියේ...." ප්රාති මිමිණුවා. ඇත්තටම කිව්වොත් මේ වෙලේ ප්රාතිට ඇඟට කිසිම පණක් තිබ්බෙ නෑ..
ප්රාතිගෙ කටහඬ ඇහෙනවත් එක්කම හැරිලා බලපු ආදි කෝල් එක කට් කරලා ප්රාති ළඟට ඇවිත් ප්රාතිව බදාගත්තා.
" බබා.... ඔයා මාව බය කරා..ඔයා මාව හොඳටම බය කරා.." ආදිට මේ වෙලේ ඇඬුනා.
" අයියේ..."
" කතා කරන්නෙපා... ඔයා රෙස්ට් කරන්න ඕනේ... ඉන්න මම කන්න මොනාහරි ගෙන්නම්..." කියලා ආදි යන්න හැදුවා.
ඒත් ප්රාති ආදිගේ අතින් අල්ලගෙන,
" අයියේ.. යන්නෙපා ප්ලිස්... මට බයයි... මට බෑ ආයෙමත්..."
ආදි ආයෙමත් ප්රාතුව වැළ්ඳගත්තා.
" මම ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ බබා.. මුකුත් වෙන්න දෙන්නෙ නෑ..."කියලා ප්රාතිගේ හිස සිපගත්තා.
ආදි කමල්ට කියලා ප්රාතිට සුප් එකක් ගෙන්නගෙන පෙව්වා.
" බබා... ඊයේ මොකක්ද වුනේ..."
" ඊයේ මම ආපහු හොටෙල් එක ඇතුළට යද්දි කෛලාශ් මට මොකක්ද ස්ප්රේ කරා අයියේ.. ඒකට මගේ සිහිය නැතිවුනා ඊටපස්සේ මම ඇහැරෙනකොට හිටියේ වලව්වක... මම එතනින් පැනලා යන්න හැදුවත් බැරිවුනා... ඔයාට කෝල් එකක් ගත්තට වැඩිදෙයක් කිය්ද්න්න හම්බුනෙත් නෑ... මම දන්නවනේ ඔයා මාව හොයනවා කියලා ඒකයි මම මිල්ක්ෂේක් එක දැනදැනම බිව්වෙ..."
" බබා.. ඇයි ඔයා ඔයාගෙම ජීවිතේ අනතුරේ දාගත්තේ... බැරිවෙලා හරි මොනාහරි වුන නම්..."
" එහෙම වුනා නම් මම හොල්මනක් වෙලා හරි ඔයා ළඟ ඉන්නවා..." ප්රාති හිනාවෙමින් කිව්වා.
ආදි ප්රාතිගේ නළල සිප ගත්තේ ඇත්තටම ප්රාතිට මොනාහරි වුනා නම් එයා මොනාකරන්නද කියලා.
" බබා.. කෛලාශ් දන්නෙ නැද්ද ඔයාට ස්ට්රෝබෙරි ඇලජික් කියලා..."
" මම එක දවසක් කියලා තියනවා අයියේ.. ඒත් මතක නැතුව ඇති සමහරවිට..."
" බබා.. ආයේ එ වගේ වැඩ කරන්නෙපා... ආයේ මම ඔයාට එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙත් නෑ..."
" අයියෙ.. මේ...."
" ම්ම්..."
" ඔයා යුනිෆෝම් එකට මාර හැන්ඩ්සම් ඈ..."
"ඇත්තට.. බබා... මම හිතුවේ මේකෙන් අයින් වෙන්න..."
" මොකක්..." ආදිට තුරුල් වෙලා හිටිය ප්රාති එකපාර පුදුමෙන් අයින් වෙමින් කිව්වා.
" මම බිස්නස්වලට විතරක් ෆෝකස් කරන්න හිතුවේ බබා.. මේක රිස්ක් එකක්... අපිට දරුවෝ ලැබුනම මීටත් වඩා රිස්ක් එකක්... මම කැමති නෑ ඔයාලාගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න..."
" ඒත් අයියේ මේක ඔයා කැමැත්තෙන් පටන් ගත්ත දෙයක්..."
" නෑ බබා... මම මේ දේ පටන් ගත්තේ මට අම්මා නැති අඩුව දැනෙන්නෙ නැතිවෙන්න.. තාත්තාගෙන් පලිගන්න... ඒත් මට දැන් ඒ දේවල් ඕනේ නෑ මට ඔයා ඉන්නවා..."
" ඔයා කැමැත්තක් අයියේ.. ඔයා ගන්න ඕනම තීරනේකට මම එකඟයි..."
" බබා.. ඔයාව ලැබිච්ච එකට මම දෙවියන්ට පින් දෙන්න ඕනේ ඇත්තටම... "
" අයියේ... කෝ කෛලාශ්..."
" කෛලාශ්ව කොළඹ ඇරියා... කෛලාශ්වයි කෙවින්වයි ඇලිස්වයි තුන්දෙනාවම අනිද්දට ආපහු එයාලාගේ රටට යවනවා... කෛලාශ්ව නම් ජොබ් එකෙන් අයින් කරලම දැම්මා එයාට එහේ prison එකෙත් ඉන්න වෙයි ටික කාලයක්... අනික් දෙන්නාගේ නම් වැඩ තහනම් කරා...."
" අයියේ.. මට කෛලාශ් යන්න කලින් එයා එක්ක ටිකක් කතා කරන්න ඕනා.."
" හරි බබා... මම හෙට ඒකට ඔයාට ඉඩ හදලා දෙන්නම්..."
හවස් වෙනකොට ප්රාතිට ගොඩක් හොඳ වෙල තිබ්බේ ඒ හින්දා ප්රාතිගේ ටිකට් කැපුවා.
ප්රාතිට එන්න ඕන කිව්ව හින්දාම ආදි එදා රෑම ප්රාතිව එක්කන් ගෙදර ආවා.
" අක්කි... ඔයට හොඳයිද දැන්..."
ප්රාති ගෙට වෙනවත එක්කම රීටම්මයි ආදුයි දෙන්නම දුවගෙන ආවා.
" ඔව් මැණික.. මට දැන් හොඳයි...."
" අක්කි මම ගොඩක් බයවුනා... අනේ අක්කි ආයේ නම් ඔයා කොහෙවත් යන්නෙපා.."
" ආදු.. අක්කා රෙස්ට් කරන්න ඕනා... ඔයා ගිහින් නිදාගන්න හෙට ස්කූල් යන්න ඕනා නේද..." කියලා ආදි ප්රාතිව එක්කන් රූම් එකට ආවා.
" බබා.. යන් වොෂ් දාගෙන එමු... බෙහෙත් බොන්නත් ඕනනේ... රීටම්මා කෑම ගෙනත දෙයි රූම් එකට..."
ආදි ප්රාතිගේ ඇඟත් හෝදලා ඇවිත් තිබ්බ රතු ලපවලට ගාන්න කියලා ඩොක්ටර් දුන්න ක්රීම් එකත් ඇඟපුරාම ගාලා කැමත් කැව්වා.
" අයියේ..."
" ම්ම්..."
" ඔයා මට ආදරෙයිද..."
ප්රාති එහෙම ඇහුවම ආදි ප්රාති ළඟට ඇවිත් එ ඇස් දෙක දිහා බලාගෙන,
" ප්රාතිහාරි... ඔයා හිතනවටත් වඩා මම ඔයාට ආදරෙයි... එදා ඔයා නැතිවුනාම මට පිස්සු හැදුනේ නැති ටික විතරයි... ඒ හින්දම තමා මම මගේ ඇත්තත් එළියට දැම්මේ.."
" අයියේ... මට සමාවෙන්න මම හින්දා තම මේ හැම ප්රශ්නයක්ම..."
" බබා... එහෙම කියන්නෙපා... ඔයාගේ මෙතන කිසිම ප්රශ්නයක් නෑ..."
" ඒත් අයියේ... කෛලාශ්.. එයා එහෙම වෙලා ඉන්නේ මම හින්දා..."
"බබා.. දැන් ඔය හැමදේම අමතක කරන්න... දැන් නිදාගන්න... ඔයා තාම රෙස්ට් කරන්න ඕනේ..."
ආදිට මේ වෙලේ කෛලාශ් ගැන කතා කරන්න ඕන වුනේ නෑ..
පහුවදා ආදි ප්රාතිට පොරොන්දූ වුන විදිහටම කෛලාශ්ව බලන්න එක්කන් ගියා.
ඒ දෙන්නට කතා කරන්න ඉඩ දිලා ආදි පැත්තකට වුනා.
" කෛලාශ්... ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ..."
" කොහොමද මැණික... මම හැමදාම මෙහෙම තමානේ..."
" නෑ කෛලාශ්... නෑ.... ඔයා පරණ කෙනා නෙවෙයි... ඔයා පිස්සෙක් වගේ හැසිරෙන්නේ..."
" ඔව්... මම පිස්සෙක් වගේ තමා හැසිරෙන්නේ... මට පිස්සු... මට පිස්සු ප්රාති.. මට පිස්සු... ඔයාගේ ආදරේ මාව පිස්සෙක් කරේ ප්රාති..."
කෛලාශ් එහෙම කිව්වම ප්රාති අඬන්න ගත්ත මොකද ඒ කතාව ඇත්ත හින්දා.
" කෛලාශ්... ප්ලීස්... මෙහෙම කරන්නෙපා... දැන්වත් ආයෙම ගියාම හොඳ විදිහට ඉන්න..."
" මම කොහොමද ඔයාව මතක කරන්නේ මැණික... අපි දෙන්නම යන්... මම හොඳ කෙනෙක් වෙන්නම්..."
" කෛලාශ්.. ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තේ..."
" මම මොනාද තේරුන් ගන්නෙ නැත්තෙ මැණික... ඔයා මගේනේ...."
"නෑ කෛලාශ්... ප්ලීස්... දැන්වත් ඇත්ත පිළිගන්න... මම දැන් ඔයාගේ නෙවෙයි..."
" නෑ තමුසේ මගේ විතරයි... මගේ වීතරයි ප්රාතිහාරි..." කියමින් හිටපු තැනින් නැගිටපු කෛලාශ් ප්රාති ළඟට ඇවිත එයාගේ බෙල්ලෙන් අල්ලගත්තා.
ආදි කොහොමත් අවදානෙන් හිටිය හින්දා ඉක්මනට ප්රාතිව පැත්තකට කරගත්තේ තව දෙන්නෙක් කෛලශ්ව අල්ලගනිද්දී.
" තමුසේ මගෙ වෙන්නෙ නැත්තන් වෙන කෙනෙක්ගේ වෙන්න දෙන්නෙත් නෑ ප්රාති...." කිව්ව කෛලාශ් එකපර ළඟ හිටිය කෙනෙක්ගේ ගන් එකක් ඇදලා අරන් ප්රාතිට වෙඩි තිබ්බා.
ඒත් කෛලාශ් වෙඩි තියන එක දැකලා ඉක්මන් වුන ආදි ප්රාතිව එයාගෙන් කවර් කරගත්ත හින්දා ඒක වැදුනේ ආදිට.
" අයියේ..."
" බබා ඔයා හොඳින් නේද..." ආදි ප්රාතිගෙන් ඇහුවා.
ඒ එක්කම කෛලාශ් ආයෙමත් වෙඩි තිබ්බා. ඒකත් ආදිටම වැදෙද්දි කලින් වැදුන වෙඩිපාර කාගෙන හිටියට ආදිට බුලට්ස් දෙකක් දරා ගන්න බැරුව ප්රාතිගේ ඇඟටම කඩාගෙන වැටුනා.
පොලිස් ඔෆිසර්ස්ලා කෛලාශ්ට කරන්ට් එක වද්දලා සිහි නැති කරේ කෛලාශ් තව මොනාහරි කරන්න ඉස්සරවෙලා.
ආදිව ඉක්මනට හොස්පිටල් එක්කන් ගිය ප්රාති emergency room එක ඉස්සරහට වෙලා අඬමින් ප්රාර්ථනා කරේ ආදිට කිසිම දෙයක් වෙන්නෙපා කියලා.
ඒත් වාසනාව කියන දේ මේ දෙන්නාට තිබ්බ හින්දා ආදි බේරුන.
" අයියේ.. ඇයි ඔයා එහෙම කරේ.." ආදිට සිහිය ආවට පස්සෙ ප්රාති ඉස්සෙල්ලම ඇහුවේ ඒක.
" බබා... I love you...."
" ඔයාට මොනාහරි වුනා නම් අයියේ..."
" මාත් හොල්මනක් වෙලා ඔයා ළඟින්ම ඉන්නවා..."
ඒකට තරහා ගිය ප්රාති ආදිට එකක් ගැහුවා.
" ආව්...." කියමින් ආදි එකපර කෑගැහුවේ තරහෙන් හිටිය ප්රාතිව බය කරමින්.
" අයියේ... මොකද වුනේ... මම ඔයාගේ තුවාල පෑරුවද... අනෙ.."
" ඔව් නේ ඔයා මගේ ලොකුම තුවාලේ පෑරුනේ.. හැබැයි කිස් එකක් දුන්නොත් හරියයි..."
" අනේ අයියේ... මේ ඔයා නම්..."
" දැන් දෙන්න බැරිද...."
ප්රාති හිමීට ආදිට ළං වුනා.
ඒත් එක්කම එකපාර දොර ඇරගෙන ඇතුළට ආවේ තේමිය.
" ඕහ් ෂිට්... හැමදාම මම එන්නේ වැරදි වෙලාවටද මන්දා.."
ආදි තරහෙන් තේමියට රවලා බැලුවා.
" අද නම් උබ රැව්ව කියලා මම යන්නෙ නෑ... ආදි මෙව්නකට වෙච්ච දෙයක් නැ... අපෙව් මේ කලබල අස්සෙ ඌ පැනගෙන...."
" මොකක්...."
________________________________________
මුකුත් කියන්නෙ නෑ... ( ආදිව මරලා දාන්නත් මොහොතකට මා හට සිතුනා...)
reaction දාන්න... comment කරන්න....
ආදරෙයි හැමෝටම 🖤