Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name....


To 31st blood...

https://telegra.ph/Dangerously-yours-06-05


32nd blood...

විනාඩි පහක් විතර ප්‍රාති එනකන් බලන් හිටියත් ප්‍රාති ආවෙ නැති තැන ආදි ප්‍රාතිට කෝල් ගත්තා. ඒත් ප්‍රාතිගේ ෆෝන් එක වැඩ කරෙත් නෑ.

එවෙලේ ආදිට බය හිතුනේ මොකද ප්‍රාතිගේ ෆෝන් එක නැතිවුනත වැඩ නොකර ඉන්න විදිහක් නැති නිසා.

ආදි හොටෙල් එක ඇතුළට ගියේ ප්‍රාතිව හොයාගෙන.

රිසෙප්ෂන් එකට ගිය ආදි ප්‍රාති ගැන ඇහුවා.

" නෑ සර්... මිස් නම් ආවේ නෑ..."

ආදි එතන හිටිය කිහිප දෙනෙක්ගෙන් ඇහුවත් ඒ අය ප්‍රාතිව දැකලා තිබ්බෙත් නෑ.


ආදිට තේරුනා ප්‍රාතිට මොකක්මහරි වෙලා තියනවා කියලා.

ආදි ආයෙම reception එකට ගිහින් එතන හිටිය කෙල්ලට,

" මට cctv check කරන්න ඕන..."

" sorry sir... අපිට එහෙම cctv බලන්න දෙන්න බෑ..."

" මගේ වයිෆ් අතුරුදහන් වෙලා මට ඒ හින්දා cctv බලන්න ඕනේ..."

" සර් එහෙනම් පොලිසියේ පැමිණිල්ලක් දාලා පොලිසියේ කෙනෙක් එක්ක එන්න... එතකොට පුලුවන් cctv check කරන්න..."

" යකෝ එතකන් මට ඉන්න බෑ.. මගේ ගෑනි නැතිවුනේ.. තමුසෙට් දැන් cctv චෙක් කරන්න දෙන්නම බැරිද..."

" සොරි සර්... ඒක අපේ rulesවලට අනුව කරන්න බෑ..."

ආදි එකපාර ගන් එක ඇදලා අරන් receptionistගෙ නළලින් තිබ්බේ වටේ අයත් බය වෙද්දි.

" දැන් පුලුවන්ද..."

" සර්.. ටිකක් ඉන්න... අපි පෙන්නන්නන්..." කියලා ඒ කෙල්ල ආදිව security room එකට එක්කන් ගියා.

ආදි cctv footage check කරද්දි තේරුනා ඒ ප්‍රාති ආව වෙලාවේ footageවල අවුලක් තියනවා කියලා. මොකද ඒ එකකවත් ප්‍රාති නෑ. ඒත් හොටෙල් එකේ door එක ළඟින් තියන එකේ ප්‍රාති ඇතුළට ආවා කියන එක පේනවා.

ප්‍රාති securityවත් පැත්තකට ඇදලා දාලා ආපහු ආපහ්හු බලන්න ගත්තා.

" සර්... ඔයාට ඔහොම කරන්න බෑ..." අර කෙල්ල කෑගැහුවා.

" තමුසේ කටවහනවද... මම තමුසෙගේ කට වහන්නද..." කියලා ආදි ගන් එක පෙන්නලා ඇහුවා.

ආදි ඊටපස්සේ කෝඩ් වගයක් ටයිප් කරගෙන ගියේ හරි footage ටික ගන්න. ඒත් ජීවිතේ පළවෙනි වතාවට ආදිටත් ගේමක් දෙන එකෙක් ඇවිල්ලා තිබ්බා.

" තමුසේ පැරදුනා ආදිත්‍ය.... ප්‍රාති මගේ... මගේ විතරයි..." කියලා monitor එකේ වැටුනා.

" කෛලාශ්... මේක තමුසෙගේ වැඩක් එහෙනම්..." කිව්ව ආදි තරහින් හොටෙල් එකෙන් එළියට ගියා.

ආදි හොටෙල් එකෙන් එළියට කාර් එක දාන ගමන් කමල්ට කෝල් කරලා ගාඩ්ලා ඔක්කොටම ප්‍රාතිව හොයන්න කිව්වා නුවර පුරාම. ඊටපස්සේ එයාගෙ කට්ටියටත් කෝල් කරලා පණිවිඩේ දුන්නා.

ඊටපස්සේ ආදි බැලුවේ ප්‍රාතිගෙ ෆෝන් එක ඔන් වෙනවද කියලා ලොකේෂන් එක ගන්න. ඒත් ෆෝන් එක ගැන කිසිම දෙයක් නෑ. අන්තිමට සිග්නල් පෙන්නනෙත් හොටෙල් එකෙන්.


ආදිට ප්‍රාතිව කොහෙන් හොයන්නද කියලා හිතාගන්න බැරිවුනා.

කාර් එක පැත්තක නතර කරපු ආදි කල්පනා කරේ මොකද කරන්නේ කියලා. එතකොට ආදිට කෝල් එකක් ආවේ සුගත්ගෙන්.


" පුතා කෝ දුව... ෆෝන් එක වැඩ කරන්නෙ නෑනේ.. වෙනදට නම් කෝල් අරන් අහනවා අම්මට මොකද තාත්තා හොඳින්ද කියලා අද සද්දයක්වත නෑ..."

" තත්තේ... මේ..."

" ආදිත්‍ය මොකක්ද වුනේ... දුව හොඳින් නේද..."

" තාත්තේ ප්‍රාතිව කිඩ්නැප් කරලා..."

"මොකක්... ඒ කොහොමද... ආදිත්‍ය තමුසේ මොනාද කරන්නේ මම ලංකාවෙ ඉන්නකන් කෙල්ලට මුකුත් වෙන්න දෙන්නෙ නැතුව බලාගත්තා... මොකාද ඒ..."

" කෛලාශ්..."

" මොකක්... ඌ ආයේ ඇවිල්ලද.... ආදිත්‍ය මොන මඟුලක් කරලා හරි කමක් නෑ ප්‍රාතිව හොයනවා.... නැත්තන් මම තමුසෙව හම ගහනවා.." කිව්ව සුගත් කෝල් එක කට් කරා.

ආදි තරහෙන් ස්ටියරින් වීල් එකට ගැහුවේ ප්‍රාතිව කොහෙන් හොයන්නද කියලා හිතාගන්න බැරුව.


මේ අතරේ ප්‍රාති ඇහැරුනේ අමුතුම තැනකින්. එයා හිටියේ ඇඳක. ඒත් ඒ තැන ටිකක් වෙනස්. බැලූ බැල්මට වලව්වක් වගේ. වටේ පිටේ තිබ්බ බඩු මුට්ටුත් පරණතාලේ ඒවා.

ප්‍රාති ඇඳෙන් බහින්න යද්දි දකුණු කකුලෙන් බර ගතියක් එක්ක පොඩි වේදනාවක් දැනුන හින්දා බලනකොට දැක්කේ එයාගේ කකුලට දම්වැලක් දාලා බැදලා තියෙන්නේ කියලා.

ප්‍රාති ඇඳෙන් බැහැලා රූම් එකේ දොර ළඟට ගිහින් ඒක අරින්න බැලුවත් දොර ලොක් කරලා තිබ්බේ.

කකුලට දාලා තිබ්බ දම්වැල ටිකක් දිග එකක් නිසා ප්‍රාති ඒ රූම් එකේ බැල්කනියට ගියා. ඒ වෙලේ එයා දැක්කේ මේක වලව්වක් තමා කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වලව්ව තිබ්බෙ කැලයක් මැද්දෙ. ලාවට වැටිලා තිබ්බ හඳ එළියෙන් තමා ප්‍රාති මේ දේවල් දැක්කේ.

ප්‍රාතිට මතක් වුනේ එයාට ආසාව තිබ්බේ මේ වගේ වලව්ව්කට නේද කියලා. එයා ඒක එක දවසක් කෛලාශ්ට කියලා තිබ්බා.

මීට පැය කිසිපයකට කලින් වුනේ ප්‍රාති හොටෙල් එකට ඇවිල්ලා reception එකට යන්න යද්දි කවුරුහරි එයාට කතා කරා.

" ප්‍රාති..."

ප්‍රාති හැරිලා බැලුවම දැක්කේ එයාට පිටිප්පස්සෙ හිටිය කෛලාශ්ව.

" කෛලාශ්..."

ඒ එක්කම කෛලාශ් ප්‍රාතිගේ මූණට මොනාද ස්ප්‍රේ කරා. ඒකෙන් ප්‍රාතිගේ සිහිය නැතිවුනා.

ප්‍රාතිට මේ වෙලේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරිවුනා. මෙතනින් පැනලා යන්නත් දම්වැල අයින් කරන් ඉන්න ඕනා. ඒත් දම්වැල අයින් කරන්න ඒකට ගහන්න තරන් දෙයක් මෙ රූම් එක ඇතුළේ තිබ්බෙ නෑ.

ප්‍රාති මොකක්මහරි දෙයක් මෙතනින් පැනගන්න දෙයක් හම්බෙයිද කියලා හැමතැනම හොයන අතරේ දොරේ ලොක් එක ඇරෙන සද්දෙට දොර දිහා බැලුව.

ප්‍රාති දොර දිහා බලන් ඉද්දි දොරත් ඇරගෙන ආවේ කෛලාශ්..

" ප්‍රාති මොනාද හොයන්නේ... "

" කෛලාශ්... මොනාද් මේ කරන්නේ.. මාව ඇයි පැහැරගත්තේ.."

" මොකද ඔයා මගේ නිසා..." කියන ගමන් කෛලාශ් හිමීට හිමීට ප්‍රාති ළස්ගට ආවේ ප්‍රාති පස්සෙන් පස්සට යද්දි.

" කෛලාශ් ඔයාට පිස්සුද... මම ආදි අයියගෙ වයිෆ්... වෙන කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්ව මෙහෙම පැහැරගෙන එන එක ඔයාගේ තත්වෙටවත් ගැලපෙනවද... ආ..."

" මැණික... ඔයා එයාගේ වයිෆ් වෙන්න කලින් මගේ වුනේ... මතක නැද්ද අපේ ෆස්ට් නයිට් එක.." කියමින් කෛලාශ් ප්‍රාතිගේ ළඟට ආවා.

අන්තිමට ප්‍රාති කෛලාශුයි බිත්තියයි අතරට හිර වුනා.

" කෛලාශ් ඔයාට මතකේ ඇවිල්ලා..."

" ඔව් මැණික... මට මතකෙ ආවා... ඒත් ඔයා කොහොමද මාව අමතක කරලා වෙන කෙනෙක්ගේ වුනේ.. ආ... කියනවා... කොහොමද ඔයා එහෙම කරේ ප්‍රති..." කෛලාශ් ප්‍රාතිගේ මූණෙන් අල්ලගෙන ඇහුවා.

" මාව අතහරිනවා කෛලාශ්... මම දැන් වෙන කෙනෙක්ගේ.. අතහරිනවා මාව... ඔයාට වෙන කෙනෙක් හම්බෙයි ප්ලීස් මට ආදි අයියා ළඟට යන්න දෙන්න..." කියමින් ප්‍රාති දඟලින් කෛලාශ්ගෙන් ගැලවෙන්න හැදුවා.

" එහෙම කොහොමද මැනික... ඔයා මගේ විතරයි.. ඔයා මේ කෛලාශ්ගෙ විතරයි..." කියමින් කෛලාශ් ප්‍රාතිව කිස් කරන්න හැදුවා.

ප්‍රාති කෛලාශ්ගේ කම්මුලට ගැහුවා.

" ප්‍රාතිහාරි තමුසේ මට ගැහුවා.. තමුසේ දැන් අරූ හින්දා මට අත උස්සන තැනටම ආවද..."

" කෛලාශ් ඔයාට තේරෙන්නේ නැද්ද මම කියන දේ.. මම ආදරේ ආදි අයියට... මට යන්න දෙන්න..."

" එතකොට මට ආදරේ නැද්ද ප්‍රාති... ඔයා මට ආදරේ නැද්ද.... " කියමින් කෛලාශ් ප්‍රාතිගේ අත් දෙක එයාගෙන් මූණෙන් තියාගෙන ඇහුවා.

ප්‍රාති අත්දෙක ගන්න හැදුවත් කෛලාශ් අත්දෙක තදින් අල්ලගෙන හිටියා.

" මාව අතහරින්න කෛලාශ්... ප්ලීස් මාව අතහරින්න... මට යන්න දෙන්න... මට ආදි අයියා ළඟට යන්න දෙන්න...."

" මට ආදරේ නැද්ද ප්‍රාති... ඔයා මට ආදරේ නැද්ද...."

" මට යන්න දෙන්න කෛලාශ්..."

" මට ආදරෙයි කියන්න මැණික.... මාට ආදරෙයි කියන්න..."

" මම ඔයාට ආදරේ කරා කෛලාශ්... ඒත් මම දැන් ආදරේ කරන්නේ ආදි අයියාට... ඉස්සරහටත් එහෙම්මමයි.. ඔයට වෙන කෙනෙක් හම්බෙයි මාව අතහරින්න..."

" නෑ ඔයා මගේ විතරයි..." කියමින් කෛලාශ් ප්‍රාතිව එකපර උස්සලා ඇඳට දැම්මා.

ප්‍රාතිට තේරුනා වෙන්න යන්නෙ නම් හොඳ දෙයක් නෙවෙයි කියලා.

" එපා කෛලාශ්... ඔය දේ නම් කරන්න එපා..."

කෛලාශ් එයගේ ෂර්ට් එක ගලවන්න ගද්දි ප්‍රාති කෑගැහුවා.

" ඔයා මගේ... ඔයා මගෙ ප්‍රාති මගේ විතරයි..." කියමින් කෛලාශ් ප්‍රාති ළඟට එන්න ගත්තා.

ප්‍රාතිට මේ වෙලේ මොනා කරන්නද කියලාවත් හිතාගන්න බැරිවුනා. ප්‍රාති දැක්කා ඇඳ ළඟ තියන ටේබල් එක උඩ මල් වාස් එකක් තියනවා. දෙපාරක් හිතන්නෙ නැතුව ප්‍රාති ඒකෙන් කෛලාශ්ගේ ඔලුවට ගැහුවා.

ඒ පාරට කෛලාස්ගේ ඔලුවෙන් ලේ එන්න ගත්තත් කෛලාශ්ව නවත්තන්න බැරිවුනා.

කෛලාශ්ගේ ප්‍රාතිගේ ඇඳුමට අත තියද්දි ප්‍රාතිට මතක් වුනේ ආදි එයාට උගන්නප්‍උ දේවල්.

පිරිමියෙක්ගේ තියන දුර්වලම තැනට පහර දුන්නම ඒ කෙනා සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා කියන එක මතක් වුන ප්‍රාති ඇඟේ මුළු හයියම දාලා කෛලාශ්ට ගැහුවේ කෛලාශ් ඇඳෙන් බිමට වැටෙද්දි.

" ප්‍රාති තමුසේ මොකක්ද ඒ කරේ..."

" කෛලාශ් එන්නෙපා මම ළඟට..." කිව්ව ප්‍රාති ඇඳේ කෙලවරට වුනා.

කෛලාශ් අමාරුවෙන් නැගිටලා රූම් එකෙන් එළියට ගියා.

ප්‍රාති ඉක්මනට රූම් එකේ දොර ළඟට ගිහින් දොර වහලා තිබ්බ බඩු මුට්ටු දොරට තල්ලු කරේ කිසිම කෙනෙක්ට දොර අරින්න බැරිවෙන්න.

" අයියේ.. මාව බේරගන්න... " කියමින් ප්‍රාති අඬමින් රූම් එකේ බිම වාඩිවුනා.

මේ වෙලේ ආදි කරේ කෙවින්ගේ නම්බර් එක හොයපු එක.

ආදිට සෑහෙන වෙලාවකට පස්සෙ කෙවින්ගෙයි ඇලිස්ගෙයි දෙන්නග්ගෙම නම්බර් හොයාගන්න පුලුවන් වුනා.

ආදි ඒ දෙන්නව ට්‍රැක් කරලා බැලුවත් එයාලාගේ ලොකේෂන් පෙන්නුවෙ කොළඹ හින්ද එයාලාගේ මෙව්කට සම්බන්ධයක් නෑ කියලා තේරුනා.

ඒත් ආදි කෙවින්ගේ නම්බර් එක හැක් කරේ කෛලාශ්ගෙන් කොයිවෙලෙ හරි කෝල් එකක් එන්න පුලුවන් හින්දා.

ආදි ඒ අතරේ ආයෙමත් කලින් හිටිය හොටෙල් එකට ගිහින් ප්‍රාති ඇන මොකක්මහරි දෙයක් හොයාගන්න පුලුවන්ද කියලා බැලුවා.


මේ අතරේ ප්‍රාතිගේ පහරෙන් දැනුන වේදනාව අඩුවුනාම කෛලාශ් ආයෙම ආවේ ප්‍රාතිව හොයන්. ඒත් ප්‍රාති දොරට තියලා තිබ්බ ඒවා හින්ද දොර ඇරගන්න බැරිවුනාම කෛලාශ් බැල්කනියෙන් ඇතුළට ආවා.

" මැනික... ඇයි අඬන්නේ..." එකපාර කෛලාස්ගෙ කටහඬ කණ ළඟින් ඇහුනම ප්‍රාති බය වුනා.

" කෛලාශ් තමුසේ..."

" මැණික... මෙන්න කාලා ඉන්න... " කියල ප්‍රාතිට කෛලාශ් කෑම පාර්සලයක් දුන්නා.

" කන්න... කන්න නෙවෙයි මාව මරලා දානවා කෛලාශ්....." කියමින් ප්‍රාති ආයෙම අඬන්න ගත්ත.

" මැනික... ඔයා මොනා කරත් වැඩක් නෑ... ආයෙමත් ආදිත්‍ය ළඟට යන්න වෙන්නෙ නෑ.. අපි අනිද්දට රට යනවා.. එතකොට ආදිත්‍යට අපිව හොයාගන්න බෑනේ.. අපිට සතුටින් ඉන්න පුලුවන්..."

ප්‍රාති සද්ද නොකර හිටියා.

කෛලාශ් ගිහින් ප්‍රාති දොරට තියලා තිබ්බ බඩු මුට්ටු පැත්තකට කරලා දොර ඇරගෙන එළියට ගියා.

කෛලාශ් යන එක බලන් හිටිය ප්‍රාති ඉක්මනට ගත්තේ ෆෝන් එකක්.

ඇත්තකට කිව්වොත් ඒක කෛලාස්ගේ ෆෝන් එක. ප්‍රාති ඒක හිමීට කෛලාශ්ගෙන් ගත්තේ කෛලාශ්ට නොදැනෙන්න.

ප්‍රාති ඉක්මනට ආදිට කෝල් එකක් ගත්තා.

" අයියේ.. "

" බබා...." ප්‍රාතිව හොයාගන්න විදිහක් නැතුව බැරිම තැන පාර අයිනේ ඉඳන් හිටිය ආදිට ප්‍රාතිගේ කටහඬ ඇහෙද්දි දැනුනේ මුළු ලෝකෙම ලැබුනා වගේ.

" අයියේ මාව බේරගන්න...ඒ කෛලාශ් " ප්‍රාති අඬමින් කිව්වා.

" බබා.. මම ඔයාව බේරගන්නවා.. මට කියන්න ඔයා කොහෙද ඉන්නේ කියලා..."

" දන්නෑ අයියේ.... මේක වලව්වක්... වටේම කැලේ තියෙන්නේ..."

ප්‍රතිට එච්චරයි කියන්න හම්බුනේ ෆෝන් එක නෑ කියලා තේරුන කෛලාශ් ආයෙම ආවා.

" ප්‍රාතිහාරි... තමුසේ මොකද කරන්නේ ඔය...* කියලා ප්‍රාතිගේ කම්මුලට ගහලා ෆෝන් එක ගත්ත කෛලාශ් කෝල් එක කට් කරා.

කෝල් එක කතා කරපු වෙලාව අඩු හින්දා ලොකේෂන් එක ට්‍රැක් කරගන්න ආදිට බැරිවුනා.

ආදි ආයෙමත් ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

කෛලාශ් ඉක්මනට ෆෝන් එක ඕෆ් කරා.

" මට යන්න දෙනවා කෛලාශ්..."

" ඒක හීනෙන් තමා..." කිව්ව කෛලාශ් රූම් එකෙන් එළියට ගියා

ප්‍රාති ඒ පස්සෙන් දිව්වත් දොර ළඟට යද්දිම දම්වැල හින්දා ප්‍රාතිව වැටුනේ දම්වැලට කකුලත් තුවාල වෙලා.

ඒත් කෛලාශ් නෙව්ව්‍යි හැරිලා බැලුවේ.

ප්‍රාතිගෙන් ඒ ආව කෝල් එක රෙකෝඩින් එක ආයේ අයේම අහමින් ආදි කල්පනා කරේ මොකද කරන්නේ කියලා.

ඒ එක්කම හිතට එකපාර ආව සිතුවිල්ලක් හින්දා ආදි කොළඹ යන්න පිටත් වුනා.


මේ අතරේ කෙවිනුයි ඇලිසුයි හිටියේ රත්වෙලා. මොකද එයාලා චීෆ්ට කියලා කියලා කෛලාශ්ව ආයෙව්ම මිෂන් එකට ගත්තේ. ඒත් කෛලාශ් එදා ප්‍රාතිගේ ගෙදර ළඟට ගිහින් ආව දවසේ ඉඳන් කෛලාශ් හැසිරුනේ පිස්සෙක් වගේ.

කෛලාශ්ට ඕන වුනේ ප්‍රාතිව විතරයි.

කෛලාශ් ආයෙමත් මිෂන් එක පැත්තකට දාලා ප්‍රාති පස්සෙ දුවන්න ගත්තා. මේ දේවල් චීෆ් දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන හින්දා කෙවින් කෛලාශ්ව ආයෙම රට යවන්න හැදුවත ඒකෙන් වැඩක් වුනේ නෑ.


කමල්ලා ආදිගේ සෙට් එක මුළු නුවරම පීරුවත් ප්‍රාතිව හොයාගන්න බැරිවුනා. මොකද කෛලාශ් ප්‍රාතිව බදුල්ලට අරන් ගිහින් තිබ්බේ. ඉතින් න්වර බැලුවට වැඩක් නෑනේ.

මේ අයට අමතක වුන දේ තමා කෛලාශ් කියන්නේ පොලිස්කාරයෙන් කියන එක.

ඒකත් කෛලාශ්ගේ ප්ලෑන් එක්ක හැප්පෙන් කෛලාශ්ට වඩා මොලකාරයෙන් ඉන්න ඕනේ.

හැබැයි කෛලාශ් තමන් ගැනම අදි තක්සේරුවෙන් හිටිය හින්දා ආදි කියන්නෙ කවුද කියන එක අමතක කරා.

ඇත්තටම කිව්වොත් කෛලාශ් නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා.

කොළඹ ආව ආදි ගියේ එයාගේ ගෙදර. ගෙදර ගිහින් ආදි ගියේ ගෙදර බේස්මන්ට් එකේ තිබ්බ රූම් එකකට.

ඒ රූම් එක වෙනමම ලෝකයක්.

එක එක විදිහේ තුවක්කු, බෝම්බ, කඩු කිණිසවලින් බිත්ති පිරිලා තිබ්බා.

නවීන අවි ආයුධවලින් ඒ රූම් එක පිරිලා තිබ්බා.

ඒ රූම් එකේ තිබ්බ කබඩ් එකක් ළඟට ගිය ආදි කබඩ් එකෙන් එළියට ගත්තේ සූට්කේස් එකක්.

සූට්කේස් එක මේසයක් උඩින් තියලා ඇරපු ආදි කට කොණින් හිනාවුනා.

" කෛලාශ් ලෑස්ති වෙනවා... මේ උඹේ අවසානේ...".

ආදි කෝල් එකක් ගත්තේ තේමියට...

" මිස්ටර් තේමිය තිසේරා.. නැවතත් සේවයට වාර්තා කරන්න..."

" යස් සර්...."


ඊටපස්සේ ආදි කරේ අර ප්‍රාති එක්ක කතා කරපු කෝල් එකයි තව විස්තර වගේකුයි එකතු කරලා ෆයිල් එකක් හදපු එක.

ඒක හදලා කෙනෙක්ට මේල් කරා.

" එහෙනම් කෛලාශ් උඹේ අවසානේ පටන් ගත්තා..." කිව්ව ආදි හයියෙන් හිනාවූනා.


______________________________________


ආදි කෛලාශ්ට මොනා කරයිද...

ළමයි මේ යන්නේ අවසාන කොටස් ටික හොඳේ....

reaction දාන්න..... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page