Dangerously yours...
Pari🖤
To 30th Blood....
https://telegra.ph/Dangerously-yours-06-04
31st blood...
මේ අතරේ කෛලාශ් එකපාර නිදන් හිටිය තැනින් නැගිට්ටේ දාඩියත් දාගෙන.
ඒ හීනයක් හින්දා....
" මොන මඟුලක්ද මං ඒ දැක්කේ...." කියමින් කෛලාශ් ඔලුව අල්ලගත්තේ ඔලුවෙන් වේදනාවකුත් දැනුන නිසා.
" කෛලාශ් මොනා වුනත් ප්‍රාතිහාරි කියන්නේ වෙන කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්..." කෛලාශ් තමන්ටම කියාගත්තා.
මොකද කෛලාශ් හීනෙන් දැක්කේ ප්‍රාති එක්ක රැයක් ග්ත කරපු විදිහ.
කෛලාශ් හිතුවත් ඒක එයාගේ හිතට ඇතිවුන හැඟීමක් කියලා ඒත් ඒක ඇත්තටම කෛලාශ්ගෙන් ප්රාතිගෙයි පළවෙනි රාත්‍රිය ගත වුන විදිහයි කෛලාශ්ට මතක් වුනේ..
එතනින් පස්සෙ කෛලාශ්ට නින්ද ගියේ නෑ. කෛලාශ් එයා බීච් ගිහිල්ලත් ගත්ත ප්‍රාතිගේ ෆොටෝ දිහා බලන් හිටියා.
ආදිගේ තුරුලේ නිදාගෙන හිටිය ප්‍රාති උදේ ඇහැරුනේ තේමියගේ සද්දෙට.
" අයියෝ... මං මුකුත් දැක්කෙ නෑ හොඳේ...."
ආදි නිදාගෙන හිටිය ප්‍රාතිගේ හිස සිපගන්නවා දැකලා තේමිය ඇස් දෙකත් අතින් වහගෙන අනික් පැත්ත හැරුනා.
ඒ සද්දෙට ඇහැරුන ප්‍රාති හිමීට නැගිටලා බලද්දි තමා දැක්කේ ආදි එයා දිහා බලන් ඉන්න විදිහ.
" මෙන්න මෙහෙ වරෙන්... උබෙත් මල කෝලං බන්..." ආදි.
තේමිය ඊටපස්සේ හැරිලා,
" එහෙම කියන්නෙපා යකෝ... මේවා තාම චූටි සිත්... බලපන් මට කෙල්ලෙක්වත් ඉන්නවද කියලා... නර්ස් නෝනෙක්වවත් සෙට් කරගන්න ඕනේ..."
" උබට කෙල්ලෙක් නෙවෙයි... එක කෙල්ලෙක් ඉන්නවද කියලා අහපන් ඉස්සෙල්ලා... දැ උබ මොකටද ආවේ..."
" මොකටද ආවේ කියලා අහන්නේ යකෝ... උබව බලන්න ආවේ... " කියමින් තේමිය අරගෙන ආව මල්ල මේස උඩින් තියලා ආදි ළඟින් ඉඳගත්තා.
" මේ අහපන්කෝ... අන්න අරූට සිහිය ඇවිල්ලා..."
" මොකාටද..."
" මේනකයාට.... ඌට ඒ වුනාට හරියට කතා කරගන්නවත් බැහැල්ලු... සුසීලා ගැන දැනගෙන ඌට ෆිට් එකත් හැදුනලු..."
" ඌව බලන්න එන උන් ගැන ඇලට් එකෙන් ඉඳපන්... මට හිතෙනවා උගේ තාත්තා සම්බන්ධ එකෙක් එයි කියලා..."
" මං දැනටමත් දෙන්නෙක් දාලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ..."
" මේ බබා.. බඩගිනියි..."ආදි ප්‍රාතිට කිව්වා.
" ඉන්න අයියේ... මං කැන්ටින් එක පැත්තේ ගිහින් මොනාහරි බලලා ගේන්නම්කෝ... තේමි අයියේ කාලාද ආවේ..."
" ආ ඔව් නංගී.."
"හරි එහෙනම් මං ගිහින් එන්නම්..." කියලා ප්‍රාති එළියට ගියා.
ඇත්තටම ආදිට මේ වෙලේ ඕන වුනේ ප්‍රාතිව එළියට යවාගන්න...
ප්රාතිටත් ඒ බව තේරුනා. ඒකයි ප්‍රාති ගියේ.
" ප්‍රාතිහාරිගේ ගාඩ් එකටත් කට්ටිය දාපන්...මට හිතෙනවා කෛලාශ් මොකක්ම හරි කරයි කියලා..." ආදි තේමියට කිව්වා.
" උබ දැනන් හිටියද කලින්ම කෛලාශ් ආවා කියලා..."
" ඌ ලංකාවට එන්නත් කලින් ඉඳන් මම ඌ එනබව දන්නේ... ඌ ආවේ අපේ එකකමයි... "
" ප්‍රාතිහාරි බැරිවෙලාවත් කෛලාශ් එක්ක ගියොත්..."
" උබ ඇයි බං ඕක හැමතිස්සෙම මගෙන් අහන්නෙ..."
" මොකද මං කැමති නෑ උබ දුක් විඳිනවට ඒ හින්දා.. හැබැයි උබ ඒකි හින්දා දුක් වින්ඳොත් මම ඒකිව මරලා දාන්න දෙපාරක් හිතන්නෙත් නෑ..."
" උබට කවදාවත් ඒ දේ කරන්න වෙන්නෙ නෑ... ප්‍රාතිහාරි මාව් දාලා යන්නේ නෑ කවදාවත්ම... කවදාවත්ම යන්නෙ නෑ.. මට ඒක ශුවර්... "
" ඒත් ගියොත්..."
" යන්නෙ නෑ බන්..."
" මං අහන්නෙ බැරිවෙලාවත් ගියොත්...යන්නෙ නෑ කියන එක නෙවෙයි මට හරි උත්තරයක් දීපන්..."
" මම ඒකට ලෑස්ති නෑ බන්... සමහරවිට උබලට මාව හොයාගන්නවත් බැරි තරන් දුරකට මම ගිහින් ඉඳියි..."
" උබ ප්‍රාතිහාරිට ඒ තරන් ආදරේද බන්..."
" ඔව් බන්... මං දන්නෑ මම බොළඳ ද කියලා... ඒත් මට පාතිහාරි නැතුව ඉන්න බෑ.... ඒක විතරයි මම දන්නේ... මම ඒ තරන් එයාට ආදරේ කරනවා..."
" හරි බන්... උබගේ ආදරේ ආරක්ෂා කරගන්න මං පුලුවන් තරන් සපෝට් කරනවා... අපි කෛලාශ්ට ගේමක් දුන්නොත් මොකද..."
" ඌ මුකුත් කරේ නෑනේ ඒ හින්දා සද්ද නොකර හිටපන්.. අනික ඌ රහස් පොලිසියේ... අපි නිකන් ඉන්න උන්ට අත තියනවා වගේ නෙවෙයි ඒ වගේ එකෙක්ක්ට අත තිබ්බොත් ඉහළින් එන ප්‍රශ්න වැඩි... ඒ හින්දා ඌ මොකද කරන්නෙ කියලා බලලා ඊටපස්සේ අපි වැඩේ දෙමු...."
" උබ කියන එකක් තමා... මේ මට ආයේ ඉන්දියා යන්න වෙනවා... මදර් යකා නටනවා කෙල්ලක් නෑ කියලා තාම..."
" ගිහින් වරෙන්... "
" ඒත් බන් උබ මෙච්චර ප්‍රශ්න ගොඩක ඉද්දි කොහොමද මං යන්නෙ..."
" ඒක අවුලක් කරගන්න එපා යමන් ගිහින් වරෙන්..."
" හරි හැබැයි මොනාහරි වුවමනාවක් උනොත් කතා කරපන්... මං ඉක්මනට එන්න බලන්නම්කෝ..."
" හරි හරි බන්.. උබට ටිකට් එකක් බුක් කරන්නද..."
" ඔව් බුක් කරපන්... හෙට දිහාට එකක් ඉක්මනට ගිහින් එන්න.. මං යන්නම් එහෙනම්... නංගිට කියපන් මං ගියා කියලා..."
ටිකකින් ප්‍රාති ආවේ ආදිට සුප් එකකුයි මිල්ක් ටී තුනකුයි අරන්.
" කෝ තේමි අයියා.."
" ආ ඌ ගියා... මේ බබා... තේමිට චෙන්නායිවලට ටිකට් එකක් බුක් කරන්න හෙට තියන එකක්..."
" ඒ ඇයියේ... තේමි අයියේ ඉන්දියා යනවද.."
" ඔව්.. උගේ අම්මා එන්න කියලා..."
" තේමි අයියගේ අම්මා ඉන්දියන්ද..."
" හ්ම්ම්... උගේ අම්මා ඉන්දියන් තාත්තා ලංකාවේ... අංකල් නැතිවුනාට පස්සෙ ආන්ටි ඉන්දියා ගියා..."
" ආ.. මරුනේ... අපිත් දවසක යන් අයියේ... "
" ඉන්දියා මොකටද හැමතැනම ලෝකෙ වටේම යන්.."
"ලෝකේ වටේ යන්න කලින් ලංකාව වටේ යන්න වෙනවා..." ප්‍රාති කිව්වෙ සුප් එක අරන් ආදිට පොවන්න ලෑස්ති කරමින්.
" ඇයි බබා එහෙම කිව්වේ.."
" මම මේ කොළඹින් එළියට ගිහින් තියෙන්නෙ හරිම අඩුවෙන් අයියේ... ස්කූල් ට්‍රිප් එකකින් අනුරාධපුරේ ගිහින් තියනාවා...එච්චර තමා... කැම්පස් ගියෙත් කොළඹනේ...."
ආදිට මේ වෙලේ ප්‍රාති ගැන දැනුනේ ලොකු දුකක්.
" ගොඩක් වෙලාවට අම්මලා තාත්තලානේ අයියේ ළමයිව ට්‍රිප් එක්කන් යන්නේ.. මට ඉතින් ඒ දෙන්නම හිටියේ නෑනේ..."
ප්‍රාතිගේ ඇස්වලින් කඳුලක් වැටුන.
ආදි ඉක්මනින් ප්‍රාතිගේ ඒ වැටෙන කඳුලු පිස දැම්මේ හරිම වේදනාවෙන්.
" බබා... ඔයාට මං ඉන්නවනේ.. අපි දෙන්නා ලංකාව වටේම ඇවිදිමු... මේ වීකෙන්ඩ් එකේ යන් කොහෙහරි... කොහෙද යන්නේ ඔයාම කියන්නකෝ..."
" එහෙනම් අපි නුවර යන්..."
" හරි එහෙනම් සෙනසුරාදා පාන්දරින්ම යන්... මාලිගාවට ගිහින් තේවාව බලන්න..."
" ශෝක් අප්පා.... " කියලා ප්‍රාති ආදිව සිපගත්තා.
ඒ එක්කම ඩොක්ටර් ආවේ ආදිව චෙක් කරන්න. ප්‍රාති ඉක්මනට ආදි ළඟින් අයින් වුනා.
" දැන්නම් කොල්ලට හොඳයි වගෙ නේ..." කියලා හිනාවෙලා ඩොක්ටර් ආදිව චෙක් කරලා දවල්ට ගෙදර යන්න පුලුවන් කියලා ගියා.
ඒ එක්කම ප්‍රාතිට කෝල් එකක් ආවේ ඔෆිස් එකෙන්.
අද ආදිට මීටින් වගයක් තිබ්බ හින්දා ඒ ටික පෝස්ට්පෝන් කරන්න කියලා ඉස්සරවෙලා කැන්ටින් එකට යන අතරමග ප්‍රාති ඔෆිස් එකට කෝල් කරලා කිව්වා. ඒ ගැන මොනාටහරි ගන්නෙ කියලා හිතලා ප්‍රාති ආන්ස්වර් කරා.
" මැඩම්... කම්පැනි එකයි එයාපෝට් එකේ අපේ සයිට් එකයි වටලලා... illegal business එකක් වෙනවා කියලා කිව්වේ... ඔක්කොම චෙක් කරනවා දැන්..."
" මොකක්.." ඒක ඇහුවම ප්‍රාතිට දැනුනේ ඉහමොල රත්වුනා වගේ. දාඩියත් දැම්මා.
" මං එන්නම්...." කිව්ව ප්‍රාති කෝල් එක කට් කරා.
" බබා මොකක්ද ප්‍රශ්නේ... ඇයි මේ බය වෙලා..."
" අයියේ... කම්පැනි එකයි අපේ සයිට් එකයි වටලලා.."
ආදි මේ වගේ දෙයක් ළඟදිම වෙයි කියලා බලාපොරොත්තු වුනා.
" එහෙනම් කෛලාශ් වැඩ පටන් ගත්තා..."
"අයියේ.... මේකට කෛලාශ්ගේ සම්බන්ධය මොකක්ද..."
" බබා... ඔයාට මේක දැන්ම තේරෙන්නේ නෑ... ඔයා ඔෆිස් එකට යන්න... බය වෙන්නෙපා කිසිම දේකට... අපේ කිසිම වැරැද්දක්නෑ.. අනික අර දේවල් ඔක්කොම මම clear කරලා තියෙන්නේ.. අඩුම එහෙම දෙයක් වුනාද කියලාවත හොයන්න බෑ..."
" ඒත් අයියේ එදා කෙවින් කියන කෙනා..."
" ඒ ගැන බය වෙන්නෙපා.. එයාලට අද එවිඩන්ස් ඕනේ... දැන් කිසිම දෙයක් නෑ ඒ හින්දා ඔයා බය නැතුව යන්න.. එක්කො ඉන්නකෝ අපි දෙන්නම යන්..."
" නෑ අයියේ මට පුලුවන්..."
" හරි මැණික... කිසිම දේකට බය වෙන්නෙපා.. එයාලා අහන හැමදේටම බය නැතුව ඇත්තම කියන්න... තේරුනාද.. එක්කො නෙහාන්ට එන්න කියන්නද..."
" ඕන්නෑ අයියේ..."
" හරි බබා... එහෙනම් පරිස්සමින්.. ඔයාට පුලුවන්..." කියලා ආදි ප්‍රාතිව සිප ගෙන සමුදුන්නා.
ගෙදර ගිහින් ඉක්මනට ලෑස්තිවෙලා ප්‍රාති කම්පැනියට ආවා. තාමත් හැමදේම ඒ ඇවිත් හිටිය අය චෙක් කරනවා.
ආදි පහුගිය සතියේ කම්පැනි එකේ තිබ්බ හැම්දෙයක්ම clear කරා..
මේනකගේ යටින් ගිය වැඩ අහු වුනත් ඒවත් සද්ද නොකර වහලා දැම්මා. ඒ වගේම මේනකට සපෝට් එකට හිටපු උන් අයින් කරා.
ඒ හින්දා මේ ආපු අයට කිසිම දෙයක් හොයාගන්න ලැබුනේ නෑ.
" සොරි මිසිස් ජයකොඩි... ඔයාලාගේ වැඩ පාඩු කරාට... අපිට wrong information එකක් ලැබිලා තියෙන්නේ..." කියලා ඒ අය ප්‍රාතිගෙන් සමුගෙන යන්න ගියා .
ඒ කට්ටිය ගියාම තමා ප්‍රාතිගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.
මේ ගැන කෛලාශ්ලට ආරංචි වුනා.
" ඒක කොහොමද වුනේ... කෙවින් උබ එව්ව ඩීටේල්ස්වල පැහැදිලිවම තිබ්බනේ එහෙම බිස්නස් එකක් ඒක ඇතුළෙවෙනවා කියලා..." කෛලාශ් තරහින් කෑගැහුවා.
" මටත් ඒක තමා හිතාගන්න බැරි මම ඇස් දෙකෙන් දැක්කත් එක්කනේ.. මට හිතෙන්නේ ආදිත්‍යකාරයා මොනාහරි කරන්න ඇත්තේ... නැත්තන් ඔහොම වෙන්නෙ නෑ..."
ඒ එක්කම කෛලාශ්ට කෝල් එකක් ආවා.
" හෙලෝ මිස්ටර් කෛලාශ්... ඉතින් කොහොමද..."
" කවුද තමුසේ... "
" මාව ඒ ටිකට අමතක කරාද.. සමහරවිට දැනුත් මට බයින්න ඇති තමුසෙගේ ප්ලෑන් එක කුඩු කරාට...."
" ආදිත්‍ය..."
" ඔය මතක් වුනේ... මං බැලුවේ තමුසෙට මේ කරන දේ මේ අමතක වෙන එකකුත් තියනවද කියලා... මං කතා කරේ උබ අල්ලන් ඉන්නේ වැරදි මිනිහව කියන්න... රහස් පොලිසියේ නේද... ටිකක් මොළේ පාවිච්ච් කරපන්.."
" උබ... උබ කොහොමද දන්නේ..."
" ඇයි ඔය තමුසෙගෙ යාලුව කිව්වෙ නැද්ද.. අර කෙවින්ද මොකාද කියන එකා... කෛලාශ්... මේක මතක තියාගනින් උබ හැප්පෙන්නේ වැරදි මිනිහා එක්ක කියන එක.. මම කියන්නේ උබ උබෙ මිෂන්න් එකට අල්ලන් ඉන්නෙත් වැරදි මිනිහව.. පර්සනල් ලයිෆ් එකට පටලන් ඉන්නෙත් වැරදි මිනිහව.... මේක මගේ warning එකක්.. ප්‍රාතිහාරිගෙන් ඈත්වෙලා හිටපන්... දැන් ප්‍රාතිහාරි මගේ.. මගේ විතරයි..."
කෛලාශ් මේ කතාව අහන් හිටියේ ගල් වෙලා වගේ..
" අයියේ ගෙදර යන් නේද..." ආදිගේ පැත්තෙන් කෛලශ්ට ප්‍රාතිගේ කටහඬ ඇහුනා.
" යන් බබා.."
" එහෙනම් අපි ගියා කොල්ලො.." කිව්ව ආදි කෝල් එක කට් කළා.
කෛලාශ් තව ටිකක් වෙලා ෆෝන් එකත් කනේ තියාගෙන ගල් ගැහිලා හිටියේ ඒ ආදි කිව්ව දේවල්වලට.
එයාගේ ඔලුව ඇතුළේ ආදි ඒ කිව්ව දේවල් රැව් පිළිරැව් දුන්නා.
" ප්‍රාතිහාරිගෙන් ඈත්වෙලා හිටපන්... දැන් ප්‍රාතිහාරි මගේ විතරයි..."
ඒ කතාව ආදි මේ කන ළඟ ඉඳන් කියනවා වගේ කෛලාශ්ට දැනුනේ...
හැබැයි ඒකෙන් එක දෙයක් නෝට් වුනා. ආදි කිව්ව " දැන්..." කියන දේ...
ඒ වගේම එදා ඇලිස්, කෙවින් බය වුන එක...
බීච් එකේදි ප්‍රාති එයාව අඳුනගත්ත එක...
පාන්දර දැකපු හීනේ....
ඒකෙන් කෛලාශ්ට හොඳටම තේරුනා ප්‍රාතිහාරි කියන්නේ එයාගේ ජීවිතේට වැදගත්ම හැබැයි එයාට අමතක වුන කෙනෙක් කියන එක. ඒ වගේම එයා ගියපාර ලංකාවට ආපු වෙලේ තමා මොනා හරි වෙලා තියෙන්න ඕනේ.. මොකද කෛලාශ් මතක නැත්තේ ඒ කාලේ විතරයි....
" කෙවින්... ප්රාතිහාරිටයි මටයි තියෙන සම්බන්ධය මොකක්ද..." කෛලාශ් කෙවින්ගෙන් ඇහුවා
" මොකක්... නෑ... එහෙම... එහෙම කිසි දෙයක් නෑ...ඇයි එහෙම ඇහුවේ.."
එතකොටම ඇලිස් එතනට ආවේ එයාලට බොන්න කෝෆි අරගෙන.
" ඇලිස්... ප්රාතිහාරිටයි මටයි තිබ්බ සම්බන්ධය මොකක්ද..."
ඇලිස් බය උන පාර අතින් කෝෆි එකත වැටෙන්න ගියේ. ඇලිස් උත්තරයක් දෙන්නෙ නැතුව බැලුවේ කෙවින් දිහා.
" උබලා මගෙන් මොනාද හංඟන්නේ... ආ... කියපන්.... මං ගියපාර ලංකාවට ආව වෙලේ මොකක්ද වුනේ... "
" කෛලාශ්... මම උබේ යාලුවෙක් හින්දා කියන්නේ... උබට දේවල් අමතක වුනේ අමතක වෙන්න ඕන හින්දා... ඒ හින්දා කිසිම දෙයක් අපෙන් අහන්න එපා..." කිව්ව කෙවින් ඇලිස්වත් ඇදගෙන එතනින් යන්න ගියා.
කෛලාශ් තරහෙන් එතන තිබ්බ බඩු පොළොවේ ගැහුවා.
ඊළඟ දවස් ටිකේම කෛලාශ් කරේ වෙස්වලාගෙන ප්‍රාතිව ෆලෝ කරපු එක.
කොහොමහරි ප්‍රාති සිකුරාදා black & white එකට ගියේ මීටින් එකකට...
එතනටත් ප්‍රාතිව ෆලෝ කරගෙන ආව කෛලාශ්ට එකපාර ආයෙ ඔලුව කැක්කුම ඇවිත් මතක් වුනේ ප්‍රාති එක්ක black & white එකට ආව ගිය ඒවා.
" ප්‍රාතිහාරි... ඔයා මගේ කවුද... මං මෙච්චර ඔයාට සමීප වෙන්න තරන්..."
කෛලාශ්ට එකවර ඒ ආපු මතකේ හින්දා කෛලාශ් ගියේ ප්‍රාතිගේ ගේ ළඟට.
අන්තිමට ඒ ආව ඔලුව කැක්කුම දරා ගන්න බැරුව කෛලාශ්ට සිහිය නැතිවුනේ ප්‍රාතිගේ ගේ ඉස්සරහමයි.
කොහොමහරි පහුවදා ආදි එක්ක ප්‍රාති උදෙන්ම පිටත් වුනෙ නුවර යන්න. ප්‍රාති හිටියේ සෑහෙන උද්යෝගයෙන්. මොකද මේ වගේ ගමනක් යන පළවෙනි පාරනේ.
" බබා.. මේ අපේ හනිමූන් ට්‍රිප් එකද එතකොට..."
ආදි ඩ්‍රයිව් කරන ගමන් ප්‍රාතිගේ කලව උඩින් අත තියමින් ඇහුවා.
" අයියේ.. අපි මලිගාවට යන්නේ.."
" ඉතින්..."
" දැන්වත් ඔය dirty mind එක ටිකකට නැහි කරගන්න..."
" කමක් නැද්ද... එහෙනම් මාලිගාවෙන් එළියට ආව ගමන් dirty mind කමක් නැද්ද..."
" අයියේ ඔයා නම්.."
දෙන්නත් එක්ක මාලිගාවට ගිහින් වැදලා කරලා වැව රවුමෙත් ඇවිද්දා. ප්‍රාති ආදිගේ අතේ එල්ලිලා මේ හැමතැනම ගියේ මාරම සතුටින්.
ඊටපස්සේ දෙන්නත් එක්ක මල්වත්තෙත් ඇවිද්දා.
හවස හොටෙල් එකට යනකොට දෙන්නට් හොඳටම මහන්සියි.
" අම්මෝ... බබා... "
" අයියේ... අපි හෙට කොහෙද යන්නේ..." ප්‍රාතිට නම් මහන්සි වුනත් දැනගන්න ඕන වුනේ ඒක.
" කොහෙද යන්න ඕනේ... "
" හෙට... ම්ම්... හෙට අපි යන් අම්බුලුවාවේ... "
" හා... මරුනේ....මං වොෂ් එකක් දාන් එන්නම්.."
" මාත් එනවා..." ආදිට ඒ වෙලේ නම් කිසිම මහන්සියක් තිබ්බෙ නෑ.
පහුවදා දෙන්නත් එක්ක අම්බුලුවාවෙ ගිහින් ආයෙමත් හොටෙල් එකට ආවා.
"අම්මෝ... අයියේ ආයෙ නම් කොහෙවත් යන්නබෑ.. මගේ කකුල් දෙක රිදෙනවා..."
ප්‍රාති ඇඳේ ඉඳගෙන කිව්වා.
ආදි ප්‍රාති ළඟට ඇවිත් බිමින් ඉඳගෙන ප්‍රාතිගේ සපත්තු ගලවලා කකුල් දෙක මසාජ් කරා.
" අයියේ මොකද ඔය කරන්නෙ... එපා අනේ.."
" ෂටප්... ටිකක් නිදාගන්න එතකොට අඩුවෙයි... ගොඩාක් රිදෙනවද.. බෙහෙත් ගන්න වෙයිද..."
" අයියෝ පිස්සුද අයියේ.. ඕක හෙට වෙද්දි හරියයි..."
ටිකකින් ප්‍රාතිට එහෙම්මම නින්ද ගියා.
ආදිත් ප්‍රාති ළඟින්ම ඇලවුනේ හවසට ගෙදර යන්නත් තියන හින්දා.
දෙන්නත් එක්ක හවස් වෙලා හොටෙල් එකෙන් එළියට ආවා.
" අයියේ මගේ ෆෝන් එක නෑනේ...." ප්‍රාති කිව්වෙ එයාගේ හෑන්ඩ් බැග් එක අවුස්සන ගමන්.
" රිසෙප්ෂන් එකේවත් අමතක වෙලා ආවද දන්නෙ නෑ.. ඉන්න මං බලලා එන්නම්..."
" නෑ අයියේ ඔයා ඔහොම ඉන්න.. මං ඉක්මනට ගිහින් බලලා එන්නම්.." කියලා ප්‍රාති ආයෙමත් හොටෙල් එකට දිව්වා.
විනාඩි පහක් විතර ප්‍රාති එනකන් බලන් හිටියත් ප්‍රාති ආවෙ නැති තැන ආදි ප්‍රාතිට කෝල් ගත්තා. ඒත් ප්‍රාතිගේ ෆෝන් එක වැඩ කරෙත් නෑ.
එවෙලේ ආදිට බය හිතුනේ මොකද ප්‍රාතිගේ ෆෝන් එක නැතිවුනත වැඩ නොකර ඉන්න විදිහක් නැති නිසා.
ආදි හොටෙල් එක ඇතුළට ගියේ ප්‍රාතිව හොයාගෙන.
රිසෙප්ෂන් එකට ගිය ආදි ප්‍රාති ගැන ඇහුවා.
" නෑ සර්... මිස් නම් ආවේ නෑ..."
ආදි එතන හිටිය කිහිප දෙනෙක්ගෙන් ඇහුවත් ඒ අය ප්‍රාතිව දැකලා තිබ්බෙත් නෑ.
________________________________________
අපෙ ගෙදර බාල්දි වැඩියි... 😁
බාල්දි දාන්නෙපා කිව්වට මම නොදා ඉන්නවද... අනේ නෑ.... මම බාල්දි දැම්මෙ නැත්තන් ඔයාලා මෙහෙම ආසාවෙන් කියවයිද... හා කියන්න.. කියවනවද... නෑනේ..
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤