Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 29th blood....

https://telegra.ph/Dangerously-yours-06-03-2



30th blood...

" අඩෙහ් මං එයාපෝට් එකෙන් එනකොට කෙල්ලෙක් දැක්කා... ඒකි දැක්කම මට හිතුනේ අනේ මන්දා බන්... මං දන්නවද කියලත් හිතුනා... මේ බලපන්කෝ ඒකිගේ ලස්සන සුරංගනාවියක් බන්...." කියලා කෛලාශ් ඒ ෆොටෝ එක කෙවින්ට පෙන්නුවා.


ඒක දැක්කම කෙවින්ට හිතුනේ කෛලාශ්ව ලංකාවට ගෙන්න ගන්නෙ නැතුව ඉන්න තිබ්බේ කියලා.


ඒ ෆොටෝ එකේ හිටියේ වෙන කවුරුත් නෙවෙයි ප්‍රාති....


ඒ වෙලාවේ එතනට ඇලිස් ආවා.

" ආ.. සර් ආවද... මේ... මේ... ප්‍රාතිහාරිගේ.... ප්‍රාතිහාරිගේ ෆොටෝ එකක් ඇයි....." ඇලිස් ඇහුවේ කලින් උන වැරැද්දම ආයේ රිපීට් වෙන්නද යන්නේ කිය්ද්න සිතුවිල්ලත් එක්ක.

" ආ... ඒ කියන්නේ ඔයාලා මෙයාව දන්නවද... ප්‍රාතිහාරි... ලස්සන නමක්... ඒක නෙවෙයි ඇලිස් මෙයා කොහෙද ඉන්නෙ කියලා දන්නවද..."

" සර්... මේ.. මේ...."

" සර්... ප්‍රාතිහාරි කියන්නේ ආදිත්‍යගේ වයිෆ්... ඒ කට්ටියම එකට වැඩ කරන්නේ..."

ප්‍රාතිව ආයේම කෛලාශ්ට මතක් වුනොත් කලින් වුන දේවල්වලට වඩා ලොකු දේවල් ටිකක් වෙනවා කියලා දන්න කෙවින් කිව්වා.


" ඕහ්... ගෝඩ්... වයි.. මට කෙල්ලෙක්ට හිත ගියාමයි බන්... ඒකත් බලනකොට enemy කෙනේක්..."



මේ අතරේ එයාපෝට් එකේ වැඩ ඉවර කරපු ප්‍රාති ආපහු ඔෆිස් එකට ගියා. ආදිව හොයාගෙන ඔෆිස් එකට යද්දි ප්‍රාතිට ඇහුනේ ආදි කාටද බනිනවා.

" ඔව් මම මැරුවා තමා... ඇයි දුකද.. මං ඔක්කොම දන්නවා.. මාවත් මාසෙකින් ඉවර කරන්නනේ හිටියේ.. "

" ආදිත්‍ය මොනාද මේ කියන්නෙ... මම ඇහුවේ ඔයාගෙන් සුසීලාව මැරුවද කියලා විතරයි..." සුගත් එක්ක කෝල් එකක ආදි ඉඳලා තියෙන්නේ.

" මං මොනාද කියන්නේ... ඔයා හැමදේම ප්ලෑන් කරලා අපිව ගානට ඇන්දුවා නේද... මේනකට skyline එකත් දෙන්නනෙ ඉන්නේ..."

" ආදිත්‍ය මොන මඟුලක්ද කියන්නේ.. මං මොකටද ඌට දෙන්නේ... මම දැනටමත ඔයාට skyline එක භාර දීලානේ තියෙන්නෙව්.."

" ඊයේ සුසීලා එක්ක කෝල් එකේ හිටියේ මං අහන් හිටියේ..."

" ආදිත්‍ය මං ළඟ සුසීලාගේ නම්බර් එකක්වත් නෑ අඩුමතරමේ... එහෙම තියෙද්දි මං කොහොමද කෝල් ගන්නේ..."

" එහෙනම් ඊයේ කිව්වේ මේනක ඔයාගෙ දරුවෙක්නේ.. වෙන එකෙක්ගේ නෙව්ව්‍යිනේ..."

" ඔව් ආදිත්‍ය... මේනක මගේ ළමයෙක් නෙවෙයි මට ඉන්නේ ඔයයි ආදුයි විතරයි...."

" මොකක්..."

" ඔව් ආදිත්‍ය... මමත් මේ ළඟදි දැනගත්තේ... එදා සුසීලායි මායි අතරේ මුකුත් වෙලා නෑ මේනක මගේ නෙවෙයි මම ඒක හෙළි නොකර හිටියේ මේවා පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හොයාගන්න..."

" එතකොට ඊයේ කෝල් එකේ හිටියේ මේ හැම එකටම මුල එක්කෙනා... "

" මොකක්ද කෝල් එක..."

" මං පස්සෙ කතා කරන්නම්...." කියලා කෝල් එක කට් කරපු ආදි එහෙම්මම සෝෆා එකට බර වෙලා ඇස් දෙක පියාගත්තෙ ඔලුවෙන් දැනුන තද කැක්කුම නිසා.

ප්‍රාති ඇවිත් ඉන්න එක ආදි දැක්කේ නෑ..

ප්‍රාති හිම්න් හිමින් ආදි ළඟට ගිහින් ආදිගේ මූණට එබුනේ ආදිගේ පිටිපස්සෙන් උඩින්. ( හරියට cover picture එකේ වගේ)

" බබා...."

ඇස් ඇරිය ආදි ප්‍රාතිගේ මූණ අතගෑවා.

ප්‍රාති ඇවිත් ආදිගේ එහා පැත්තෙන් ඉඳගත්තා.

" මහන්සිද අයියේ..." කියලා ආදිගේ අත අල්ලගත්තා.

" මගේ හිතට අමුතු බයක් දැනෙනවා බබා... මට තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා.. මට අනේ මන්දා.. මට මේ හැමදේම හිතලා ඔලුවත් රිදෙනවා..."

" අයියේ.. එන්නකෝ...." කියලා ප්‍රාති ආදිගේ ඔලුව ප්‍රාතිගේ උකුලට ගත්තා.

ප්‍රාති හිමීට ආදිගේ හිසකෙස් අතරින් ඇඟිලි අරන් ගියා. ආදිට සනීපෙටම නින්ද ගියෙ ඔලුව කැක්කුමත අඩු වුන හින්දා...

" මේ ආදි..." කියමින් එකපාර දොර ඇරගෙන ආවේ තේමිය.

ප්‍රාති ඉක්මනට හැරිලා තේමියට සද්ද කරන්නෙපා කියලා සන් කළා.

තේමිය ළඟට ඇවිල්ලා බැලුව තමා දැක්කේ කොල්ලා සනීපෙට නිදන් ඉන්න විදිහ. තේමිය එතන තිබ්බ තනි සෝෆා එකේ ඉඳගෙන,

" මොකෝ අවුල නංගි..." කියලා රහසින් ඇහුවා.

" ඔලුව රිදෙනවලු අයියේ.. මේ දවස් ටිකේ හරිහමන් නින්දකුත් නෑ.. අනික වැඩමනේ...ඒ හින්දා වෙන්න ඇති... "

" ඔව් ඔව්.. පව් බන් ආදි... ඒක නෙවෙයි නංගි ඔයා දැනගන්න ඕන දෙයක් තියනවා... මං දන්නෑ ආදි මේක කොව්වද නැද්ද කියලා... හැබැයි ඔයා මේක දැනගන්නම ඕනා..."

" මොකක්ද අයියේ..."

" නංගි... එදා ඉරිදා අපිට කෙවින්ව අතාම අහුවුනා... කෙවින් කියන්නේ රහස් පොලිසියේ කෙනෙක්... එයාලත් අපි හොයන දේමයි හොයන්නේ... ජාත්‍යන්තර වශයෙන්..."

" මොකක්... ඒත්..."

" මං කියන දේ අහලා ඉන්න නංගි.. ඊටපස්සේ මං මේ ගැන තව ටිකක් හෙව්වා.. එතකොට තමා හොයාගන්න පුලුවන් වුනේ කෛලාශ් කියන්නෙත් ඒ අයගේ කෙනෙක් තමා... කොටින්ම කිව්වොත් කෛලාශ් එයාලාගේ ටීම් ලීඩර්..."

මේ දැනගත්ත දෙයින් ප්‍රාතිව ශොක් වෙලා ගියා.

" තව දෙයක්... කෛලාශ් අද ආපහු ලංකාවට ඇවිල්ලා..."

" මොකක්..."

" ඔව් නංගි... කෛලාශ් is back...."

ප්‍රාතිට ඉබේටම බැලුනේ ආදි දිහා.

" අයියේ... අයියා මේ දේවල් ගැන දන්නවද.."

" කෛලාශ් ආවා කියන එක ඇර අනික් දේවල් ඔක්කොම දන්නවා..."

" අයියේ කෛලාශ් ආවා කියන එක අයියාට දැනගන්න තියන්නෙපා..."

" ඒත්... ඒත් ඇයි නංගි..."

" අයියේ මට බයයි... මට බයයි මට පරණ වුන දේවල් ආයෙම වෙන්න ඕන නෑ.. මට අයියාවවත් නැතිකරගන්න බෑ... මට අයියාව ඕනේ..."

" නංගී.. බය වෙන්නෙපා.. මූ කොහොමත් දැන් ඔයාව කීයටවත් අතහරින්නේ නෑ... "

" ඒත් අයියේ කෛලාශ් භයානකයි.... එයා.... එයා එක්කෙනෙක් මගේ අතින් ඇල්ලුවා කියලා ඒ මනුස්සයාගේ අත තුවාල කරා..."

" නංගි ඔයා ආදි ගැනත් සිම්පල් විදිහට හිතන්නෙපා... ආදි මෙහෙම හිටියට ඇත්තට කොව්වොත් හිතාගන්න බැරි තරන් දරුණු කෙනෙක්... "

" ඒත් අයියේ... මම දන්නෑ මට් ඒක කියන්න තේරෙන්නේ නෑ.. "

" හරි මම ඒක කියන්නෙ නෑ බය් වෙන්න එපා... මේ මූ දැන්ම නැගිටින්නේ නැතිවෙයිද..."

" ඇයි හදිසි වැඩක්ද අයියේ...."

" හදිසි නම් නෑ.. මේ නංගි මූ නැගිට්ටම මට කෝල් එකක් ගන්න කියන්නකෝම්...." කියලා තේමිය යන්න ගියා.

තේමිය ගියේ ප්‍රාතිගේ හිතට ලොකු බරක් එකතු කරලා.

" අයියේ බය වෙන්න එපා මං ඔයාව අතහරින්නේ නෑ... මං ඔයාගේ විතරයි දැන්..." කියලා ප්‍රාති ආදිගේ නළල සිප ගත්තා.


කෛලාශ් එයාගෙ රූම් එකට ගිහිල්ලත් බලන් හිටියේ ප්‍රාතිගේ ෆොටෝ එක දිහා.

" ඇයි ඔයා ආදිත්‍යගෙ වයිෆ් වුනේ ප්‍රාතිහාරි... මම කොහොමද ඔයාට වෛර කරන්නෙ දැන්... මට ඒක කරන්න බෑ.. අනික මට ඔයාව හුඟක් හුරුපුරුදුයි වගේ දැනෙනවා... මට ඔයාව ඕනේ ප්‍රාතිහාරි..." කියමින් කෛලාශ් ප්‍රාතිගේ ෆොටෝ එක සිපගත්තා.


හවස ප්‍රාති ඔෆිස් ටයිම් එකත් ඉවර වෙලා අනික් අය ඕෆ් වෙලා ගියත් ආදි තාම වැඩ හින්දා බලන් ඉන්න බැරිම තැන ගිහින් ආදිගේ ලැප් එක වැහුවා..

" බබා... මොකක්ද කරේ..."

" අයියේ... ගෙදර යන්නේ නැද්ද..."

" ඔයා යනන බබා.. මං ඩ්‍රයිවර්ට එන්න කියන්නම්.. මම මේ ටික ඉවර කරලම එන්නම් මම එනකන් බලන් ඉන්නෙපා.. "

" මට බෑ..."

" ප්‍රාතිහාරි මේ වැඩ ඉවර කරන්න ඕනා..."

" මිස්ටර් ආදිත්‍ය ජයකොඩි... මට මගේ හස්බන්ඩ්ව ඕනේ... මට බීච් ගිහින් ඉස්සො වඩේ කන්න ඕනේ..." කියමින් ප්‍රාති ඇවිත් ආදිගේ කකුල් දෙක උඩින් ඉඳගෙන ආදිගේ බෙල්ල වටේ අත් යැව්වා.

" මිසිස් ජයකොඩි.. ඔයාගේ හස්බන්ඩ් මේ වෙලේ බිසී... ඒ නිසා.."

" no excuse... i want my husband... now..." ප්‍රාති ආදිගේ ටයි එකෙන් ඇදලා ගන්න ගමන් කිව්වා.

" බබා... කියන දේ අහන්නකෝ..."

" බෑ... " කිව්ව ප්‍රාති ආදිගෙ බෙල්ල හැපුවා.

" ආව්... බබා.. තමුසේ ගිය ආත්මේ වැම්පයර් කෙනෙක්ද බන්... මගේ බෙල්ලම්නේ හපන්නේ...."

" අනේ අයියේ යන්කෝ..."

" බබා... ටිකක්..."

ආදි කියන දේ අහන්නෙම නෑ කියලා තේරුන ප්‍රාති ආදිගේ දෙතොල් සිප ගත්තා.

ප්‍රාති එතනින් නවතින්නේ නැතුව ආදිගේ ෂර් එකේ බොත්තම් ගලවමින් බෙල්ල පපුව සිපගත්තා.

ආදිටත් එයාගේ කන්ට්‍රෝල් එක නැතුව ගියා.

ආදිත් ප්‍රාතිව පෙරලා සිප ගන්න පටන් ගත්තා.

" අයියේ අපි යන්..." කියලා ප්‍රාති කෙඳිරුවා.

" බබා... ඔයා නම් කොහොමහරි ඔයාට ඕන දේ කරගන්නවා. .. හරි යන් එහෙනම්.... මෙහෙම්මම යනවද..."

" අයියේ අපි ආදුවත් එක්කන් යන් නේද... පවුනේ නැත්තන්..."


දෙන්නත් එක්ක ගෙදර ගිහින් සැහැල්ලු ඇඳුම්වල්ලට මාරුවෙලා ආදු එක්කන් බීච් එකට ආවා.

ආදු ආපු ගමන් දිව්වෙ රැල්ල පාගන්න. ආදි වඩ අරන් එන්නම් කියලා ගිය හින්දා ප්‍රාති වැල්ලේ වාඩිවෙලා ආදු දිහා බලාගෙන හිටියා.

ප්‍රාති එහා පැත්තෙන් ඇවිත් කෙනෙක් වාඩිවුනා. ප්‍රාති හිතුවේ ආදි ආවා කියලා..

" අයියේ... ආදු හරිම සතුටින් නේද..." කියලා ප්‍රාති කියලා ආදිගේ උරහිසින් ඔලුව තියාගත්තා.

" ප්‍රාතිහාරි..." කියලා ආදි කිව්වත් කටහඬ වෙනස් නිසා ප්‍රාති බයවෙලා කවුද කියලා බැලුවා.

ඒත් ඒ ඉන්න කෙනා දැක්කම ප්‍රාතිගේ පපුවට එකපාර වේදනාවක් දැනුනා.

" කෛලාශ්..."

ඒ කෛලාශ් තමා... හිතට ආපු ඉක්මන් සිතුවිල්ලක් හින්දා කෛලාශ් එයා නතර වුන තැනින් එළියට බැස්සෙ බීච් යන්න. අවසානාවන්ත දිදිහට ඒ වෙලේම ප්‍රාතිලත් බීච් ආවා.

ප්‍රාති තනියම ඉඳන් ඉන්නවා දැක්ක කෛලාශ් ප්‍රාති ළඟින් ඇවිත් වාඩිවුනේ නිකමට කතා කරලා බලන්න.

ඒත් ප්‍රාති එයාගේ උරහිසින් ඔලුව තියාගත්තම කෛලාශ්ට දැනුනේ අර කලින් වගේම හුරුපුරුදු හැඟීමක්..

ඒත් ඊළඟ ක්ෂණික කෛලාශ්ව ප්‍රාති අදුනගත්ත එකෙන් කෛලාශ් පුදුම වුනේ එයාව ප්‍රාතිහාරි කොහොමද අඳුනන්නෙ කියලා...

කෛලාශ් ඒ ගැන අහන්න හදද්දිම ප්‍රාති ඉක්මනට නැගිට්ටා.

ප්‍රාති නැගිටලා වටපිට බැලුවේ ආදි කෝ කියලා.

ප්‍රාතිගේ අවාසනාවකට වගේ ආදි මේ හැමදේම දැකලා තිබ්බා.

ප්‍රාති ඉස්සරහම ආදි එකපාර සිහිය නැතුව වැටුනේ ප්‍රාති අයියේ කියාගෙන දුවන් ආදි ළඟට යද්දි.

" අයියේ... අයියේ... කතා කරන්නකෝ..." ආදිගේ කම්මුල්වලට තට්ටු කරමින් ප්‍රාති කතා කළත් ආදිගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ.

කෛලාශ් මේ දෙන්නා ළඟට දුවගෙන ආවා.

" ප්‍රාතිහාරි..."

" කෛලාශ් please leave us alone..." කියලා ආදිට කෑගැහුව ප්‍රාතිව ආදුවත් එක්කන් ආදිව ඉක්මනට හොස්පිටල් ඇඩ්මිට් කරා.

හොස්පිටල් රූම් එක ඉස්සරහා කලබලෙන් එහාට මෙහාට ඇවිදිමින් ප්‍රාති කල්පනා කරේ මේ වුන දේ ගැන.

තේමිය කෛලාශ් ආවා කියලා කිව්වත් ප්‍රාති හිතුවේ නෑ කෛලාශ්ව මේ තරන් ඉක්මනට හම්බෙයි කියලා. ප්‍රාතිට තිබ්බ අනික් ප්‍රශ්නේ තමා කෛලාශ්ට එයාව මතක් වෙලාද කියන එක.

" නෑ ප්‍රාති ඒක වෙන්න විදිහක් නෑ... කෛලාශ්ට ඔයාව මතක නෑ... මතක් වෙන්න ඕනෙත් නෑ... "


ඒ එක්කම ඩොක්ටර් එළියට ආවා.

" ඩොක්ටර් මගේ මහත්තයාට කොහොමද දැන්..."

" Don't worry... he is safe now... එයාට එකපාර emotionally දැනුන දෙයක් නිසා තමා මේ attack එක ඇවිල්ලා තියෙන්නෙ... මීට වඩා නම් පරිස්සම් වෙන්න ඕනා මිසීස් ජයකොඩි.."

" හරි ඩොක්ටර්...ආයේ එහෙම වෙන්නෙ නෑ... මට මගේ මහත්තයාව බලන්න පුලුවන්ද..."

" ඔව් පුලුවන්... හැබැයි එයා අපි ස්ලීපින් පිල්ස් දීලා තියෙන්නෙව්..."

" හරි ඩොක්ටර්..." කිව්ව ප්‍රාති ඉක්මනට ගියේ ආදි ළඟට.

" අයියේ.. අයියේ මට සමාවෙන්න.. මම හිතුවේ ඒ ඔයා කියලා... ප්ලීස් නැඟිටින්න අයියේ.. නැගිටින්න... මාත් එක්ක තරහා වෙන්න එපා... මට ඕනේ ඔයා විතරයි... මම ආදරේ ඔයාට විතරයි..." ප්‍රාති මේ විදිහට පැයක් විතරම කියෙව්වා. අන්තිමට ආදිගේ අතත් අල්ලගෙනම ප්‍රාතිව නින්දට වැටුනා.


ආපහු නවා තැනට ගිය කෛලාශ්ගේ ඔලුවේ වැඩ කළේ ප්‍රාතිහාරිගේ වචන, ඒ මූණේ තිබුණු බැල්ම.

කෛලාශ්ට සීයට සීයක් ශුවර් ප්‍රාතිහාරි එයාව හොඳට දන්නවා කියලා. ඒත් කෛලාශ්ට එයා ප්‍රාතිව අදුනනවා කියන එක මතක නෑ. ඒ වගෙම ඇලිස් ප්‍රාතිගේ ෆොටෝ එක දැකලා කිව්ව දේත් ඒ වගේම ෆොටෝ එක දැක්කම ඇලිස් වගේම කෙවින් කලබල වුන හැටිත් මතක් වුන කෛලාශ්ට තේරුනා ඒ හැමෝම ප්‍රාතිව හොඳට අඳුන්නවා කියන එක.

කෛලාශ් ඇඳට වැටිලා කල්පනා කරේ ඇත්තටම එයා කොහොමද ප්‍රාතිව අඳුන්නනනේ කියලා.

කෛලාශ් දන්නවා නම් එයාට මේ ලෝකේ සුන්දර මතක තිබ්බේ ප්‍රාති එක්ක කියලා...


පාන්දර දෙකට විතර ආදිව ඇහැරුනේ ඒ වෙනකොට බෙහෙත්වල පවර් එක ඉවර හින්දා.

ආදි නැගිට්ටම දැක්කේ එයාගේ අත අල්ලන් නිදන් ඉන්න ප්‍රාතිව. ඒ කම්මුල්වල වේලුණු කඳුළු පාරවල් දැක්කම ආදිගේ පපුවට වේදනාවක් දැනුනා.

ආදි හිමීට අත ගන්න හදද්දිම ප්‍රාති නැගිට්ටා.

"අයියේ... ඔයා නැගිට්ටද... ඔයාට කොහෙවත් රිදෙනවද... ඔලුව රිදෙනවද..." ප්‍රාති එකදිග්ට අහගෙන ගියා.

" බබා මම හොඳින්...." කිව්ව ආදි ප්‍රාතිගේ මූණෙන් අල්ලගත්තා.

" බබා.... ඔයා තාම කෛලාශ්ට..." ආදි කියන්න යන දේ ප්‍රාති නැවැත්තුවේ ආදිගේ දෙතොල් මතට ඇඟිල්ලක් තියලා.

" අයියේ... මම දන්නවා ඔයා අහන්න යන දේ... මම තවදුරටත් කෛලාශ්ට ආදරේ කරන්නෙ නෑ... මම ඔයාටයි ආදරේ... අද උනේ සම්පූර්ණයෙන්ම වැරදීමක්... මම හිතුවේ ඔයා ඇවිත මගේ ළඟින් ඉඳගත්තා කියලා... believe me... මම කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ..."

ප්‍රාති ආදිගේ නළල සිපගත්තා.

ආදිගේ ඇස්වල කඳුලු පිරුනේ ඇයි කියලා ආදිටවත් තේරුනේ නැ.

ආදි ප්‍රාතිව තදින් වැළඳගත්තේ හරියට කවුරුහරි පැහැරගෙන යයි කීයලා...

" බබා.. ඔයාත් එන්න ඇඳට..."

ටිකකින් ආදිගේ තුරුලේ ප්‍රාතිට නින්ද ගියා.


මේ අතරේ කෛලාශ් එකපාර නිදන් හිටිය තැනින් නැගිට්ටේ දාඩියත් දාගෙන.

ඒ හීනයක් හින්දා....



_________________________________________


නිදිමතයි ගායිස්... තවත් ටයිප් කරන්න බෑ..

reaction දාන්න... comment කරන්න..

ආදරෙයි හැමෝටම 🖤

Report Page