Dangerously yours...
Pari🖤
To 28th blood...
https://telegra.ph/Dangerously-yours-06-03
29th blood....
සුසීලාගේ කතාව අහන් හිටිය ආදිගේ ඇඟේ ලේ නටන්න ගත්තා.
සුසීලා කෝල් එක ඉවර වෙලා පිටිපස්ස හැරෙද්දි දැක්කේ තරහෙන් බලන් ඉන්න ආදිව.
සුසීලා කලබල වුනපාර පිටිපස්සා ගිහින් පුටුවක හැප්පිලා බිම වැටුනා.
" තමුසේ... තමුසේ මොකද මෙහේ කරන්නේ..."
" මොකද වෙව්ලන්නෙ සුසීලා... දැන් තමුසේ මට බය නෑ කිව්වා නේද.. ආ... "
" ඔව්... මම බය නෑ තමා... පුලුවන් නම් මට අතක් තියලා බලපන්කෝ..."
" හහ්.... අතක් තියලා... තමුසෙට මං අත නෙවෙයි තියන්නේ..." කිව්ව ආදි සුසීලට වෙඩි තිබ්බා.
ඊටපස්සෙ ආදියි තේමියයි දෙන්නා ඒ රූම් එකම දෙකක් කරලා ලැප් එක හොයාගෙන එළියට ආවා.
දෙන්නා එළියට එනවත් එක්කම මුළු ගෙදරම ගිනිජාලාවකින් වැහිලා ගියා.
හවස් වෙනකන්ම ඔෆිස් එකේ වැඩ කරාට ප්රාතිගේ හිත තිබ්බේ ආදි ළඟ.
ආදිට කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙ නැති තැන මැසේජ් එකක් දාලා තිබ්බේ දැක්කම කෝල් එකක් ගන්න කියලා.
ඒත් ඉතින් හවස් වෙනකන්ම කිසිම පණිවිඩයක් නෑ. ප්රාති ඊටපස්සේ ගෙදර ගියා.
ප්රාති ගෙට ගොඩ වෙනවත් එක්කම දුවගෙන ආවෙ ආදු.
" අක්කී.. ඇති යන්තන් ඔයා ආවා... මම ඊයෙත් බලන් හිටියා ඔයා එනකන්..."
" අනේ සොරි පැටියෝ... ඊයේ අයියා එක්ක ගමනක් ගියානේ..."
" ඒකට කමක් නෑ අක්කී... අක්කි මට ගණන් වගයක් තියනවා කියලා දෙනවද..."
" හරි මං කියලා දෙන්නම්... මම ඉස්සෙල්ලම වොෂ් එකක් දාගෙන එන්නම්කෝ හරිද..."
" හරි අක්කි...."
ප්රාති වොෂ් එකක් දගෙන ඇවිත් ආදුට ගණන් කියලා දුන්නත් දොර දිහාම බලන් හිටියේ ආදි එයිද කියලා. කෝල් ගත්තත් ෆෝන් එක වැඩත් නෑනේ.
රීටාම්මාට ඒක තේරිලා ප්රාති ළඟට ආවා.
" මොකද චූටි නෝනේ... චූටි මහත්තයා එනකන්ද බලන් ඉන්නෙ..."
" අනේ ඔව් රීටම්මේ.. තාම නෑනේ අයියා..."
" බයවෙන්නෙපා චූටි නෝනේ... චූටි මහත්තයා නෝනාට ආදරෙයි... නෝනාට වැරැද්දක් කරන්නෙ නෑ කවදාවත්ම.."
" ඇයි එහෙම කියන්නේ රීටම්මේ...."
" නෑ චූටි නෝනා.. මං නිකන් කිව්වෙ...."
" රීටම්මේ... මං දන්නවා ඔයා කිසිම දෙයක් හේතුවක් නැතුව කියන්නෙ නෑ කියලා..."
" චූටි නෝනේ... ඊයේ අර ත්රීශා ගෑනි මෙහේ ආවා..."
" ත්රීශා අක්කා මෙහාටත ආවද..."
" ඇයි නෝනේ වෙන කොහෙද ආවේ..."
" අපේ ගෙදරත් ආවා ඊයේ හවස..."
" ආ එහෙනම් මෙහෙන් ආවට පස්සෙ වෙන්න ඇති... මම හොඳට අමතලා ඇරියේ..."
" එහෙම කරන්නෙපා රීටම්මේ... ත්රීශා අක්කගේ අතේ කිසිම වැරැද්දක් නෑනේ..."
" අනේ චූටි නෝනා දන්න තරම තමා... ඔය ත්රීශා ගෑනිගේ තාත්තා කියන එකා ඉන්නේ... ඒක අපේ ලොකු මහත්තයට දන්න කාලේ ඉඳන් වින කටිනවා.. එකපාරක් ලොකු මහත්තයාව ඇක්සිඩන්ට් කරත් එක්ක... අපේ චූටි මහත්තයා දන්නෙ නෑ... චූටි මහත්තයාට ගහන්න ඒකා කීපාරක් නම් කට්ටිය දම්මලා තිබ්බද... අපේ ලොකු මහත්තයා චූටි මහත්තයාට කට කැඩෙන කන් කිව්වා ඔය සම්බන්ධය නවත්තන්න කියලා.. එහෙම කියලා බැරිම තැන තමා ලොකු මහත්තය ඔහොම තීරණයක් ගත්තේ...අනික ඔය ත්රීශා කියන එකිත් හොඳ එකියක් නෙවෙයි චූටි නෝනේ...."
" එච්චර දෙයක් වෙලා තියනවද රීටම්මේ... ඒත් ත්රීශා අක්කා නරකකෙනෙක් නෙවෙයි නේ..."
" අනේ චූටි නෝනේ පිටින් මනුස්සයෝ මනින්න එපා.. ඔය ත්රිශා අපේ චූටි මහත්තයා එක්ක යාලු වුනේ ඒකිගෙ තාත්තා කියපු හින්දා... අපේ ලොකු මහත්තයා සාක්කි එක්ක පෙන්නුවත් චූටි මහත්තයා නෙවෙයි පිළිගත්තේ... අනේ මන්දා අපේ චූටි මහත්තයාට ඒ ගෑනි වශියක්වත කවලාද කියලා.."
ඇත්තටම මේ රීටාම්මා කිව්ව දේවල් ප්රාතිට අලුත්. ප්රාතිට හිතාගන්න බැරිවුනා ත්රීශා එහෙම කෙනෙක් කිව්වම.
ඒ එක්කම එළියෙන් ඇහුනේ කාර් එකක් නවත්තන සද්දෙ ප්රාති දොර ළඟට දිව්වෙ ආදිද කියලා බලන්න.
හිතුවා වගේම ආදි තමා. ආදි ආපු ගමන් ප්රාතිව බදාගත්තා.
" මහන්සියි බබා..."
" අයියේ.. ඔයා හොඳින් නේද... කිසිම දෙයක් වුනේ නෑනේද..."
" අයියෝ මට සීරීමක්වත් නෑ බබා..."
ප්රාතිගේ ඇගට ලේ ටිකක් ඉනුවේ දැන් තමා.
" අයියේ... ගිහින් වොෂ් දාගන්නකෝ මං කන්න අරන් එන්නම් ඔයාට... "
ප්රාති ආදිට කන්න අරන් රූම් එකට යද්දි ආදි තාම නානවා.
ආදි එනකන් ඇඳේ ඉඳගෙන ප්රාති කල්පනා කරේ රීටම්මා කියපු දේවල්. ප්රාතිට තාමත් විශ්වාස නෑ ත්රීශා එහෙම කෙනෙක් කියලා. මොකද ප්රාතිට ත්රීශා එයාගෙම අක්කා කෙනෙක් වගේ. අඩුම ඊයේ ත්රීශා ඇවිත් ගිය එකෙන්වත් ප්රාතිගෙ හිතේ ත්රීශාට තිබ්බ තැන අඩු වුනේ නෑ.
ආදි නාලා එළියා එද්දි දැක්කේ ඇඳට වෙලා අහස දිහා බලන් ඉන්න ප්රාතිව.
ආදි හිමින් සැරේ ප්රාති ළඟට ගිහින් ප්රාතිගේ උකුලෙන් ඔලුව තියාගත්තේ ප්රාතිව ගැස්සිලා යද්දි.
" අයියේ... මොකද මේ කොණ්ඩේ තෙතම තෙතයි... කො නැගිටින්න කොණ්ඩේ වේලන්න..." කිව්ව ප්රාති ආදිව බලෙන්ම නැගිට්ටවලා කොණ්ඩේ පිහින්න ගත්තා.
ආදිගේ කොණ්ඩේ පිහින ගමනුත් ප්රාති අර කල්පනාවෙමයි. ආදි ටික වෙලාවක් බලන් හිටියත් ප්රාති එහෙම්මමයි.
" බබා... මොනාද ඔච්චර කල්පනා කරන්නේ..."
ප්රාතිගේ හිතට ඇත්තටම වද දිදී තිබ්බේ ත්රීශා ඇත්තටම ආදිට ආදරේ කරේ නැද්ද කියන දේ.
" අයියේ.... ත්රීශා අක්කා ඔයා එක්ක affair එකක් පටන් ගත්තේ එයාගේ තාත්තා කිව්ව හින්දාද..."
" ඔයා කොහොමද දන්නෙ බබා... "
" කියන්නකෝ අයියේ...."
" ඔව් බබා..."
ආදිගේ උත්තරෙන් ප්රාති පුදුම වෙලා කොණ්ඩේ පිහින එකත් නතර කරලා ආදි දිහා බැලුව.
" ත්රීශාගේ තාත්තයි අපේ තාත්තයි හතුරෝ බබා.. ඒ දෙන්නා ස්කුල් ගිහින් තිබ්බේ එකට එතනදි හතුරෝ උන එක බිස්නස් වර්ල්ඩ් එකෙත් එහෙමයි. අපේ තාත්තා එයාගෙ මහන්සියෙන් තමා මේ හැමදේම පටන් ගත්තේ.. මොකද අපේ තාත්තා දුප්පත් ගමේ කොල්ලෙක්. හැබැයි අම්මි එහෙම නෑ එයා තමා ඒ දවස්වල ස්කෝලේ හිටිය ලස්සනම වගේම පොහොසත්ම කෙනා... හැබැයි අම්මා තාත්තා එක්ක ඇවිත් තියෙන්නෙ ඒ හැමදේම අතහැරලා.. අම්මිව මැරි කරන්න කතා කරලා තිබිලා තියෙන්නේ ත්රීශාගේ තාත්තාට... ඒත් අම්මි තාත්තා එක්ක පැනලා ගිහින් ඊට කලින්... ඒ තරහත් තියනවා එයාට ඒ හින්දා තමා ත්රීශාව එව්වෙ මට යාලු කරන්න..."
" එතකොට අයියේ ඇයි ඔයා දැන දැනම යාලු වුනෙ.."
" මම මුලින්ම දැනන් හිටියේ නෑ බබා... ඒත් එක දවසක් ත්රීශාගෙ තාත්තා එයාට බැනලා මැසේජ් දාලා තිබ්බා කියන විදිහට වැඩ කරන්නෙ නෑඅ කියලා ඊටපස්සේ මම ත්රීශාගෙන් ඇහුවා එතකොට තමා එයා කිව්වෙ මුලින්ම තාත්තා කිව්ව විදිහට වැඩ කරත පහුවෙනකොට එයා මට ආදරේ කරන්නගත්ත නිසා තාත්තාව මඟ ඇරියා කියලා... බබා... දැන් මං ඒ හැම්දේම අමතක කරනවා... මට ඒ දේවල්වලින් වැඩක් නෑ... මට ඕනේ ඔයා විතරයි... කවදාහරි අපි ඔයාගේ මේ චූටි බණ්ඩියට චූටි පැටියෙක් ගෙනැල්ලා අපේ පවුලත් සම්පූර්ණ කරමු..." කියලා ආදි ප්රාතිගේ කුස සිප ගත්තා.
ආදිගේ කොණ්ඩේ පිහලා කෑමත් කවලා ඉවර වුනාම තමා ප්රාතිට මතක් වුනේ ආදි අද ගිය ගමන...
" අහන්නත් බැරිවුනානේ අයියේ මොකක්ද වුනේ අද... "
ආදි ඊටපස්සෙ වුන දේවල් හැමදෙයක්ම මුල ඉඳන් අඟට කිව්වා.
" ඒ කියන්නේ මේ හැමදේම පිටිපස්සෙ ඉන්නේ තාත්තාද..."
" දන්නෑ බබා.. මගේ මොලේට සමනල් ගැටේ වැටිලා තියෙන්නේ.. මට තිබ්බ තරහට ඒකිගේ ෆෝන් එක ගන්න අමතක වුනානේ දැන් ඒ ඔක්ලොම අලු වෙලා ඇති..."
" අයියේ.. ඒ ගින්න හින්දා ඔයාලට ප්රශ්නයක් වෙන්නෙ නැතිවෙයිද..."
" පිස්සුද බබා... ඔයාට් අමතකද මම කවුද කියලා... ලංකාවේ මට උඩින් යන්න කවුද ඉන්නේ.. "
" ඒත් මට බයයි අයියේ... මට ඉන්නේ ඔයා විතරනේ..."
" ඩෝන්ට් වොරි බබා... මට කිසිම දෙයක් වෙන්නෙ නෑ... ආ ඒක නෙවෙයි උන් අරන් තියෙන්නේ කෝටි පනහා විතරක් නෙවෙයි... දැන් අවුරුදු තුනක ඉඳන් විඩින් විඩේ සල්ලි අරන් තියනවා... මම ඒ ඔක්කොම ආපහු අපිට ගත්තා.. දැන් අපිට ඕනේ තරන් සල්ලි තියනවා.. මං බැලුවේ අලුතින් flight දෙක තුනක් ගන්නවද කියලා..."
" ඇත්තටමද කිව්වේ..."
" ආයෙත් අහලා...අර ඩොකියුමන්ට් ටික චෙක් කරන්නත් ඕනේ..."
" අනේ හෙට බලමු අයියේ දැන් නිදාගමු... ඔයාට මහන්සියි කිව්වානේද..."
" ඔයා එක්ක ඉන්නකොට මට කිසිම මහන්සියක් නෑ... හැබැයි මට දැන් ඒවා බලන්න ඕනෙත නෑ මට දැන් ඕනේ ඔයාව..."
පහුවදා ප්රාති නැගිටිද්දි ආදි ඇඳට වෙලා අර ඩොකියුමන්ට් ටික බලනවා.
" ගුඩ් මෝනින් බබා..."
" ගුඩ් මෝනින් අයියේ... ඔයා කීයටද නැගිට්ටේ..."
" දැන් පැය බාගයක් විතර බබා... ඔයා තව ටිකක් නිදාගන්න තව ඔෆිස් යන්න ගොඩක් වෙලා තියනවනේ.."
ආදි එහෙම කිව්වට ප්රාතිත ඇවිත් ඒ ඩොකියුමන්ට්වලට එබුනා.
" මොනාද අයියේ මේ... මේකේ තියෙන්නේ... ටිකක් ඉන්න... අයියේ මේ ලෝගෝ එක එදා අර බොක්ස්වල ගහලා තිබ්බානේ..."
" ඔව් බබා... අපි මෙච්චර කල් හොය හොය හියපු දේ හම්බුනා.. මායි තේමියයි පහුගිය ටිකේම කරේ ඕක හොයපු එක තමා... එතන වෙන්නේ අවයව ජාවාරමක්... ඒ විතරක් නෙවෙයි උන් චූටි ළමයිව... ඒ කියන්නේ මේ අලුත ඉපදූනු බබාලවත් බිස්නස් කරනවා... මායි තේමියයි මේ ගැන අවුරුදු ගාණක් තිස්සෙ හෙව්වා.. ඒත් අපි දෙන්නට කොහොමද මේවා රටින් පිට යන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ..."
" ඒ කියන්නේ මේවා මේනකලාගේ වැඩද අයියේ..."
" ඔව් බබා.. මේනක තමා මේ ඔක්කොම කරන්නේ.. මේනක නැති හින්දා පහුගිය සතියේ හිමීට හිමීට ඒ දේවල් අඩුවුනා... ඒක නැත්තටම නැතිකරලා දාන්න ඕනේ... අනික skyline එක මගේ අතට ගන්න ඕනේ... මට මෙච්චර කල් ඕන වුනේ නෑ එහෙම කරන්න ඒත් තාත්තා මටත් කොලේ වහලා තිබිලා තියේන්නේ... මේවා මේනක තනියම කරන්නෙත් නෑ අනිවාර්යයෙන්ම තාත්තා උදව් කරන්න ඇති... තාත්තා කරේ අපි ඉස්සරහා හොඳ මිනිහා වුන එක..."
" අනේ මන්දා අයියේ මට නම් තේරෙන්නෙ නෑ... අපි දැන් මොකද කරන්නේ..."
" අපි ඉස්සෙල්ලම මේනකගේ උන් මෙතනින් අයින් කරන්න ඕනේ... ඒ හින්දා පුලුවන් ඉක්මනට අලුත් අයව ගමු.."
" ඒක නම් හොඳ අයිඩියා එකක් අයියේ..."
" බබා... ඔයා හෙට එයාපෝර්ට් යන්න.. ගිහින් ඔයාම උන්ව අයින් කරලා දාන්න... මම ලිස්ට් එක දෙන්නම්.. අද උන් ඔක්කොටම රෙසිග්නේෂන් එක දෙන්න... මම කම්පැනිය ඇතුළේ ඉන්න සෙට් එකට වැඩේ දෙන්නම්.. ඔයා දන්නවනේ කරන්න ඕනදෙ..."
" අයියෝ අයියේ සිම්පල්නේ... මම දෙන්නම් වැඩේ..."
පහුවදා ආදි කම්පැනිය සුද්ද කරද්දි ප්රාති එයාපෝර්ට් ගිහින් එතනට සුද්දයක් දැම්මා.
සමහර උන් ප්රාති එක්ක කට ගහහෙන ඇවිත් ප්රාතිගෙන් ගුටිත් කාලා තමා යන්න ගියේ.
කොහොමහරි සෙට් එකම එළියට දැම්මට පස්සෙ ප්රාති හිටියේ මාර සතුටකින්.
හැබැයි ඉතින් මේ අතරේ බලාපොරොත්තු නොවුන කෙනෙක් ආයෙමත් ආවා.
ඔව්.... ඒ කෛලාශ්....
එදා කෙවින්ගේ ලැබුන ඇමතුමත් එක්ක යකා ඇවිස්සුන කෛලාශ් ලංකාවට ආවේ ආදිත්යව සුන්නද්ධූලි කරන්න....
කෛලාශ් ලංකාවට ඇවිත් කෙලින්ම ගියේ එයාලා නවතින තැනට.
කෙවින් වෙලුම්පටි ඔතාගෙන ඉන්න විදිහ දැක්කම කෛලාශ්ගේ කේන්තිය තවත් වැඩිවුනා.
" මම ආදිත්යකාරයාව ඉවරයක්ම කරලා දානවා..."
කෛලාශ්ගේ මේ කේන්තිය දිහා කෙවින් නම් බලන් හිටියේ හරිම සතුටින්.
ඒත් ඇලිස්ට නම් තේරිලා තිබ්බෙ මෙතන මොකක් හරි වැරැද්දක් තියනවා කියලා.
කොහොමහරි ඒ අතරේ කෛලාශ් කෑම කන වෙලේ ෆෝන් එක දිහා බලන් හිටියේ අමුතුම බැල්මකින්.
ඒක දැක්ක කෙවින්ට මතක් වුනේ කෛලාශ් ප්රාති ගැන කිව්ව දවසෙත් මේ වගේම බැල්මක් තිබ්බෙ කියලා.
" මොනාද බන් උබ ඔච්චර බලන්නේ ෆෝන් එකේ..." කෙවින්.
" අඩෙහ් මං එයාපෝට් එකෙන් එනකොට කෙල්ලෙක් දැක්කා... ඒකි දැක්කම මට හිතුනේ අනේ මන්දා බන්... මං දන්නවද කියලත් හිතුනා... මේ බලපන්කෝ ඒකිගේ ලස්සන සුරංගනාවියක් බන්...." කියලා කෛලාශ් ඒ ෆොටෝ එක කෙවින්ට පෙන්නුවා.
ඒක දැක්කම කෙවින්ට හිතුනේ කෛලාශ්ව ලංකාවට ගෙන්න ගන්නෙ නැතුව ඉන්න තිබ්බේ කියලා.
ඒ ෆොටෝ එකේ හිටියේ වෙන කවුරුත් නෙවෙයි ප්රාති....
________________________________________
Khailash is back baby....
reaction දාන්න... comment කරන්න....
ආදරෙයි හැමෝටම 🖤