Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 27th blood....

https://telegra.ph/Dangerously-yours-05-28



28th Blood...


මේ අතරේ ප්‍රාති ආදුවත් එක්කන් ළමා නිවාසෙට ගියා. ළමා නිවාසේ හිටිය කෙනා දැකලා ප්‍රාති පුදුම වුනේ ඒ කෙනාව මෙතන බලාපොරොත්තු නොවුන නිසා.

" ත්‍රීශා අක්කා..."

ප්‍රාතිගේ කටහඬ ඇහිලා ත්‍රීශා හැරිලා බැලුවා.

ත්‍රීශා ඇවිත් හිටියේ දෙව්නකයි එයාගේ බබායි එක්ක.

" නංගී..."

ප්‍රාතිට තාමත් ත්‍රීශාට මූණ දෙන්න පොඩිම පොඩි චකිතයක් තියනවා. ඒත් එදා පාර්ටි එකේ ත්‍රීශා එක්ක හිටිය කෙනා අදත් ඉන්නවා දැකලා ළඟට ගියා.

" දෝණි... ඔයා මේ නෝනව අඳුරනවද..."

" ඔව් නැන්දේ.... මං අඳුරනවා..."

" මෙයාලා තමා අපේ පුංචි කෙල්ලව හදාගන්න ගන්න යන්නේ..."

ප්‍රාති පුදුමෙන් ත්‍රීශා දිහා බැලුවා.

" නංගා දන්නවානේ මට බබාලා හදන්න බෑ කියලා... ඒ හින්දා මම මෙයාව හදාගන්න ගන්නවා... "

" අක්කේ මේ..." ප්‍රාති දෙව්නකව පෙන්වමින් ඇහුවා.

" ආ මේ මගේ ෆියොන්සෙ... අපි ලබන මාසේ මැරි කරනවා..." ප්‍රාතිගේ පුදුමය තවත් වැඩිවුනා.


" අක්කේ... ඒ කියන්නේ ඔයා මැරි කරනවා..."

" ඔව් නංගා.... මේ කවුද.. ටිකක් ආදිගේ පෙනුමත් තියනවා..."

" ආ මේ අයියාගෙ කසින් කෙනෙක්..." ආදියි ප්‍රාතියි දෙන්නා සුගත් ආයේ එනකන් ආදු ගැන එහෙම කියන්න තමා ප්ලෑන් කරන් හිටියේ.

ඒ දෙන්නාගේ කතාව එතනින් නතර වුනේ ළමයි ටික දුවන් ඇවිත් ප්‍රාතිව වට කරගත්ත හින්දා.

කොහොමහරි ගෙනාව බඩු ඒවා මේවත් බෙදලා ළමයි එක්ක ඉන්නකොට ප්‍රාති දැක්කෙ ඈතින් ආදිගේ කාර් එක එනවා.

ආදිලා මේ දවස් ටිකේම එහාට මෙහාට වැඩවලට ගිය හින්දා ප්‍රාති හිතුවේ නෑ ආදි එයි කියලා. ආදි තේමිය එක්ක කාර් එකෙන් බැහැලා ප්‍රාති ළඟට ආවා.

" බබා... බඩගිනියි..." කියාගෙන ආදි ප්‍රාති ළඟට ආවේ. ප්‍රාතිට හිනාත් ගියා.

ත්‍රීශාත් ඒ එක්කම ආදි ළඟට ආවා.දෙව්නකත් ආවේ ත්‍රීශා දිහා බලාගෙනම.

" ආ... මිස්ටර් දෙව්නක...එදා වුන දේට සොරි... I was out of control... so I think you will forgive me..."

ප්‍රාතිහාරි තේමිය දිහාත් බැලුවේ ආදි මේ මොනා ගැන්ද කියන්නෙ කියලා. අනික ආදි කොහොමද් දෙව්නකව දන්නෙ කියලා.

" ආ ඒක අමතක කරන්න මිස්ටර් ආදිත්‍ය... දැන් මොනා වුනත් වුන දේ වුනානේ... "

" අයියේ ඔයා මිස්ටර් දෙව්න... අයියේ ඔයාගෙ අතට මොකක්ද වුනේ..."

ආදි කෙවින්ට ගැහුව හින්දා ආදිගේ අතත් තුවාල වෙලා තිබ්බෙ. ත්‍රීශා පුදුමෙන් ප්‍රාති දිහා බැලුවේ ඇත්ත්ටම එහෙම තුවාලයක් තියනවා කියලා ත්‍රීශා දැක්කෙ නැති නිසා. ත්‍රීශාට ප්‍රාති ගැන ඊර්ෂ්‍යාවක් මිශ්‍ර හැඟීමක් දැනුනේ මොනා වුනත් ආදි දැන් අයිති ප්‍රාතිට හින්දා.

" මූ එකෙක්ට..." තේමිය කතාව දිගහරින්න හදද්දි ආදි රවලා බැලුව හින්දා තේමිය කටවහගත්තා.

" ආ... මේක පොඩි දෙයක් බබා...ඒක රිදෙන්නෙත් නෑ..."

" ආදි... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද...." ත්‍රීශා ආදිගෙන් ඇහුවේ දෙව්නක සැකයෙන් ත්‍රීශා දිහා බලද්දි.

ආදි ප්‍රාති දිහා බැලුවේ කමක් නැද්ද කියලා අහන්න වගේ. ප්‍රාති ඔලුව වැනුවම ත්‍රීශා එක්ක ආදි පැත්තකට ගියා.

ඇත්තටම කිව්වොත් ප්‍රාති ආදිව විශ්වාස කරන නිසා එයාට ආදි ත්‍රීශා එක්ක කතා කරන එක ප්‍රශ්නයක් වුනේ නෑ. ඒත් දෙව්නකගේ ඇස් නම් තිබ්බේ ඒ දෙන්නා ළඟමයි.

" ඉතින් ආදි ඔයා සතුටින්ද..." ත්‍රීශා.

" ම්ම්.... ඔව්.... මම සතුටින්... ඇත්තටම කිව්වොත් මම සතුටින්.. මගේ ජීවිතේ වෙනස් වුනා... මම ඒකට හැඩගැහුනා.. අලුත් අය ආව... මා ආදරේ කරන අය වැඩිවුනා... ඉතින් මම සතුටින්..." ආදි ඒ ටික කිව්වෙ ආදුට බබෙක් වඩාගන්න උගන්වන ප්‍රාති දිහා බලාගෙන.

" ආදි ඔයා මාව අමතක කරාද..." ත්‍රීශා අහපු ඒ ප්‍රශ්නෙන් පුදුම වුන ආදි කෙලින්ම ත්‍රීශා ඇස් දෙක දිහා බැලුවා.

" ත්‍රීශා මොකක්ද ඒ කතාවේ තේරුම.."

" නෑ... ඉතින්... ඔයා දැන් ප්‍රාතිහාරි එක්ක ඉන්න විදිහ එක්ක..."

" ත්‍රීශා ඒ මගේ වයිෆ්... මම එයා එක්ක ඉන්න ඕන විදිහට තමා මම ඉන්නේ... අනික මට දැන් ඔයා මගේ අතීතේ විතරයි... ඒ අතීතේ ලස්සන වුනත් මම වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා... ඔයා වෙනුවෙන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම බලන් ඉන්නවා..."

" ආදි මම ලබන මාසේ මැරි කරනවා.. ඊටපස්සේ අපි රට යනවා.. බොහොදුරට ආයෙ එන්නෙ නැතිවෙයි..."

" congratulations.... රට යන්න මගේ ගාණේ flights book කරන්නම්.... මට ඩීටෙල්ස් එවන්න අමතක නොකර... දැන් යන්න මිස්ටර් දෙව්නක කන්න වගේ බලන් ඉන්නේ..."කියලා ආදි ප්‍රාති ළඟට ගියා.

" බබා... බඩගිනියි අනේ...." ආදි ප්‍රාතිව බදාගෙන කිව්වා.

" අයියේ... මේ අයින් වෙන්නකෝ මෙතන තව කට්ටිය ඉන්නවා..."

" ඉතින් ඔයා මගේ වයිෆ්නේ..."

" අනේ මන්දා ඔයත් නම්... යන්කෝ එහෙනම් ගෙදර.. " ප්‍රාති.

ඒක ඇහුන සැනින් ආදි,

" තේමිය... ආදුව ගෙදරින් ඇරලවපන්..."

" ඇයි අපි..." ප්‍රාති.

" අපි යන්... අපේ ගෙදර..."

" අපේ ගෙදර..."

ආදි ප්‍රාතිගේ අතින් අල්ලගෙන ගිහින් කාර් එකට නැග්ගුවා.

ත්‍රීශා මේ හැමදේම දිහා බලන් හිටියේ ඊර්ෂ්‍යාවෙන්. මොකද එයා ආදිව ආදිගේ හොඳටම අතහැරලා දැම්මත් පහුවෙනකොට එයාට ආදිගේ අඩුව ගොඩක් තේරුනේ දෙව්නකගේ සමහර හැසිරීම් හින්දා. ඒත් අද ආදි කියපු දේත් එක්ක එයා දැන් හොඳටම පරක්කුයි කියන එක තේරුනා.

කාර් එකට ආවට පස්සෙ ප්‍රාති මුලින්ම කරේ කාර් එකෙ තිබ්බ ෆස්ට් ඒඩ්ස් බොක්ස් එකෙන් ආදිට බෙහෙත් දාපු එක.

" බබා.. ඔයා මගෙන් අහන්නෙ නැද්ද ත්‍රීශා එක්ක මොනාද කතා කරේ කියලා.."

" ඒක ඔයා කැමති නම් විතරක් කියන්න අයියේ... මම බල කරන්නෙ නෑ.. අනික මම ඔයාව විශ්වාස කරනවා..." ප්‍රාති ආදිගේ කම්මුලක් අල්ලලා කිව්වා.

ආදි ප්‍රාතිගේ දෙතොල්වලට කිස් එකක් දුන්නේ මෙ වගේ බිරිඳක් ඉන්න එක ගැන සතුටු වෙලා.

ඊටපස්සේ ඉතින් ප්‍රාතිට ඒ විස්තරෙව් සම්පූර්ණයෙන්ම කිව්වා.

" අයියේ ඔයාඅ ඇත්තටම දුකක් නැද්ද...."

" බබා... ඔයාට දැන් මාව විශ්වාසයි කිව්වා නේද... මම ඔයාගේ ඒ විශ්වාසේ කවදාවත කඩන්නෙ නෑ.."

ඊටපස්සෙ දෙන්නා එක්ක ගියෙ ආදිගේ ගෙදර. එදා ප්‍රති ආදිව හම්බෙන්න මේහට ආවත් එදා ඉතින් හිටියේ හොඳ සිහියකින් නෙවෙයි නිසා ප්‍රාති ගෙදර වටපිට බැලුවේ නෑනෙ. අද ඉතින් හොඳට හැමතැනම බැලුවා. දෙන්නා එන්න කලින් සුපර් මාර්කට් එකෙන් උයන්න බඩුත් අරගෙන ආවේ ආදිට කොච්චර බඩගිනි වුනත ප්‍රාති උයපුවා කන්න ඕනේ කිව්ව හින්ද.

" අයියේ ඔයා වොෂ් එකක් දාගෙන එන්නකෝ මම උයන්නම්..." කියලා ප්‍රාති කිචන් එකට ගිය.

ප්‍රාති එළවළු කප කප ඉද්දි ප්‍රාතිගේ ඉණ් වගේ ආදිගේ අත් දෙක එතුනා.


" බබා.. " ආදි ප්‍රාතිගේ කනට කරලා කෙඳිරුවේ ප්‍රාතිගේ ඇඟ සීතල වෙලා යද්දි.


" ම්ම්..."


" බඩගිනියි..."


" ආ... මම කිරි එකක් හැදුවා... ඉන්නකෝ දෙන්න..."


" මට ඒවා එපා.. මට ඔයාව ඕනේ..."


" අයියේ..."


ආදි ප්‍රාතිව එයාගේ පැත්තට හරෝගෙන ප්‍රාතිගේ මූණට වැටිලා තිබ්බ කෙස් රොඳක් කන පිටිපස්සට කරා.


ඊටපස්සෙ ප්‍රාති ඇඳන් හිටිය ටී ෂර්ට් එක යටින් අත යවලා ප්‍රාතිගේ යට ඇඳුම බුරුල් කරා.


ආදි එන්නේ මොකටද කියලා තේරුන ප්‍රාතිව රතුවුනේ ජම්බු ගෙඩියක් වගේ.


" අයියෙ.. මම උයන්න ඕනා..."


" බබා... මට ඔයාව ඕනේ..." කිව්ව ආදි ප්‍රතිගේ ටී ෂර්ට් එක ගලවලා දැම්මා.


බුරුල් කරලා තිබ්බ යට ඇඳුමත් ඉවත් කරලා ප්‍රාතිගේ නිරුවත් උඩු කය සිපගෙන ගියේ තද පිපාසයකින් හිටිය කෙනෙක් වගේ.


" අයියේ...." ප්‍රාතිගේ කෙඳිරි හඩවල් මැද්දේ ආදි තවත් ප්‍රාතිව සිපගත්තා.


සූස්.... සූස්....


එකපාර ප්‍රෙෂර් කුකර් එකෙන් ආව සවුන්ඩ් එක හින්දා තමා දෙන්නා දෙපැත්ත්ට වුනේ. ප්‍රාති ටීෂර්ට් එක ආයෙම ඇඳගෙන ආදිට කිරි වීදුරුව ගෙනත දුන්නා.


" ආ.. දැන් මේක බොන්න මම උයනකන්..."


" අනෙ අප්පා...."


" නොප්... ආයෙ නම් බෑ.. හොඳ ළමයා වගේ පැත්තකට වෙලා ඉන්න මම උයන කන්..."


ඒත් ඉතින් ආදිද පැත්තකට වෙන්නෙ ප්‍රාති උයලා ඉවර වෙනකන්ම ආදි කරේ ප්‍රාතිගේ වටේ කැරකුන එක.




මේ අතරේ කෙවින් අමාරුවෙන් එයාලගෙ බංකර් එකට ආවා. මේ වෙද්දි ඇලිස් ආයෙමත් ඇවිල්ලා හිටියේ.

" කෙවින් ඔයාට මොකක්ද වුනේ.."

" අර ආදිත්‍යකාරයා.... ඌ මට ගැහුවා.."

"මොකක්... ඒත් ඒ මොකටද... ඔයාට කොහෙන්ද ඌව මාට්ටු වුනේ..."

" උගෙනේ ඔය හොර වැඩේ වෙන එයාර්ලයින් එක... එතන්දී ඌට මාට්ටු වුනේ.. ඌ එක්ක අර තේමියකාරයත හිටියා... හරිනේ.. මේ ඔක්කොම කරන්නේ ආදිත්‍ය එහෙනම්... "

" ඒත් ඌ එයාර්ලයින් එක බාර ගත්තේ මේ ළඟදී නේද..."

" ඒ එයාර්ලයින් එක උගේ අප්පාගේ... ඉතින් ඌට ඒක අස්සෙ ඕන මඟුලක් කරන්න පුලුවන්... ඉඳපන්කෝ.. මම ඌට හොඳ වැඩක් කරනවා... ඌ නයාට ගහලා පොල්ල වරද්දගත්තා.. " කියපු කෙවින් ෆෝන් එක අතට ගත්තා.

" මොකක්ද දැන් කරන්න යන්නේ.."

කෙවින් ඒ වෙලාවේ පෙන්නුවේ ෆෝන් එක. ඒකෙ තිබ්බේ කෛලාශ්ට යන කෝල් එකක්.

" හෙලෝ කෙවින්..."

" කෛලාශ්.. උබට මොකද දැන්..."කෙවින් හෙන අමාරුවෙන් වගේ කතා කරා.

" ඇයි මොකද වුනෙ.... උබට මොකද වුනේ..."

" ආ.. නෑ බන් මුකුත් නෑ..."

" මුකුත් නැත්තේ නෑ කියපන්..."

" මං මේවගේ මහමොලකාරයා හොයාගත්තා බන්... අද ඌ එක්ක වලියක් ගියා ඒකයි වුනේ..."

" මොකක්... ඌ කොහොමද උබට අත තියන්නෙ..."

" ඌ තමයි උබේ ඇක්සිඩන්ට් එක කරවල තියෙන්නෙත් බන්.. ඌ තමා අපේ ජේව මැරුවෙත්...."

" දවස් තුනක් දීපන්... මම ලංංකාවට එනවා... මට දැන් ගොඩාක් දුරට සනීපයි... ඒත් මට පුලුවන්.. මම එනවා.. "

කෙවින්ට ඕන වුනේ අන්න ඒ දේ කරගන්න..

මේ මුකුත් නොදන්න ආදියි ප්‍රාතියි හිටියෙ ස්විමින් පූල් එකේ.


ආදි ප්‍රාතිට ස්විමින් කරන හැටි උගන්නවා. ඒත් ඉතින් ප්‍රාති නම් වතුර ටිකක් ගැඹුරු තැනට යනකොට කෑගහගෙන ආදිගේ ඇඟෙ එල්ලෙනවා.


" බබා.. ඔයා මගේ ඇඟේ ඔහොම එල්ලෙන්න ගියොත් ඉතින් මට ඔයාට ස්විමින් කරන හැටි නෙවෙයි උගන්නන්න වෙන්නේ..."


" අනේ අයියේ.. ඔයා හරිම නරක් වේගෙන එන්නේ.."


" ඔයා ළඟ විතරනේ.." කියලා ආදි ප්‍රාතිව සිපගත්තා.


එතනින් එහාට ඉතින් ස්විමින් නම් පුරුදු වුනේ නෑ.


කළුවර වැටෙන්න ළං වෙලා තියෙද්දි දෙන්නාත් එක්ක සෝෆා එකට වෙලා ෆිල්ම් එකක් බැලුවේ ඕඩර් කරපු කෑම එනකන්.

බෙල් එක රින්ග් වෙන සද්දෙ ඇහුන නිසා ප්‍රාති යන්න හැදුවත් ආදි යන්න නොදී තියාගත්තේ ප්‍රාති ආදිගේ ෂර්ට් එකක් විතරක් ඇඳන් හිටිය හින්දා.

හැබැයි ඉතින් ආදි ගිහින් දොර ඇරියාම නම් හිටියේ ඩිලිවරි බෝයි කෙනෙක් නෙවෙයි.

ත්‍රීශා...

" ත්‍රීශා.. ඔයා මොකද මෙහෙ කරන්නේ..."

" ආදි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනා...."

" මොනාද කතා කරන්න තියෙන්නේ ත්‍රීශා... මම පැහැදිලිව කලින් කිව්වනේ..."

" ඒත් ආදි..."

" ත්‍රීශා මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ..."

ත්‍රීශා එකපාර අඬන්න ගත්තා.

ආදි තාම කෑම ටික අරන් ආවෙ නැති නිසා මොකක් හරි අවුලක්ද කියලා බලන්න ප්‍රාති ආවා. එතකොට තමා ප්‍රාති දැක්කේ ත්‍රීශා අඬන විදිහ.

" අක්කේ... ඔයා මෙහේ... ඇයි අඬන්නේ... අයියේ මොකක්ද වුනේ..."

ආදි මුකුත්ම නොකියා ගේ ඇතුළට ගියා.

ප්‍රාති ත්‍රීශාගේ අතින් අල්ලගෙන ගේ ඇතුළට එක්කන් ඇවිල්ලා වාඩි කරලා වතුර වීදුරුවක් දුන්නා බොන්න.

වතුර ටිකක් බීව ත්‍රීශා ප්‍රාතිගෙ ඔලුවේ ඉඳන් කකුල් දෙකටම බැලුවා.

" අක්කේ... ඇයි ඔයා අඬන්නේ... මොකක්ද ප්‍රශ්නේ..." ප්‍රාති ත්‍රීශා ළඟින්ම ඉඳගෙන ඇහුවා

" නංගී... මට ආදි එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද..."

ප්‍රාති මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ආදි දිහා බැලුවත් ආදි හිටියේ ෆිල්ම් එක දිහා බලාගෙන.

" හරි අක්කේ... ඔයා අයියා එක්ක කතා කරන්න මං බොන්න මොනා හරි අරන් එන්නම්..." කියලා ප්‍රාති කිචන් එකට ගියා.

ප්‍රාති ගියපු ගමන් ත්‍රීශා ඇවිල්ලා ආදි ළඟින් ඉඳගත්තා.

ආදි තරහින් ගිහින් වෙන තැනකින් ඉඳගත්තා.

" ත්‍රීශා තමුසෙට මොකක්ද වෙන්න ඕනා.... කෙලින්ම කියනවා..."

" ආදි ඔයා ඇත්තටම මට ආදරේ කරන එක නතර කරාද..."

" ඔයාට කෙලින් උත්තරයක්නේ ඕනේ... හරි මං කියන්නම්.. ඔව් ත්‍රීශා මම තවදුරටත් තමුන්ට ආදරේ කරන්නෙ නෑ... මම ආදරේ කරන්නේ ප්‍රාතිහාරිට.. ප්‍රාතිහාරිට විතරයි..."

"ආදි.. ඔයා කොහොමද මට එහෙම කරන්නේ... " කියමින් ත්‍රීශා ආයෙමත් අඬන්න ගත්තා.

" ත්‍රීශා.. ඔයා මොනාද මේ කියන්නේ.. ඔයාට මැරි කරන්න කෙනෙක් ඉන්නවා.. මම මැරි කරලා ඉන්නේ... "

" ඒත් ආදි ඔයා කොහොමද මෙච්චර ඉක්මනට වෙනස් වුනේ..."

" ප්‍රාතිහාරි හින්දා ත්‍රීශා... ප්‍රාතිහාරිගෙන් මට ලැබුන ආදරේ හින්දා.. "

" එතකොට මම ඔයාට අඩුවක් කරාද ආදි..."

" නෑ ත්‍රීශා... ඔයා මට අඩුවක් කරේ නැ.. ඒත් ඔයාගෙන් ලැබුන ආදරෙයි ප්‍රාතිහාරිගෙන් මට ලැබෙන ආදරෙයි වෙනස්.... මම ප්‍රාතිහාරිගෙන් ලැබෙන ඒ ආදරේට ලෝබයි..." ආදි.

" ඒත් කවදාහරි කෛලාශ් ඇවිල්ලා එයා ඔයාව දාලා ගියොත්..."

" ත්‍රීශා ඔයා එහෙම බලාපොරොත්තු වෙනවද... ඒත් මට සීයට දාහක් ශුවර්... ප්‍රාතිහාරි මාව දාලා යන්නෙ නෑ..."

" ඒක හරි අයියේ... මම කවදාවත් ඔයාව දාලා යන්නෙ නෑ..." කියමින් ප්‍රාති ආවේ ත්‍රීශාට තේ එකක් අරගෙන.

" අක්කේ... මම දන්නෙ නෑ ඔයා ඇයි අද ආවේ කියලා... ඒත් ප්ලීස්... මම දන්නවා අපි දෙන්නා අතින් ඔයාට වැරැද්දක් වුනේ කියලා... ඒත්... ඒක අපි දෙන්නා හිතලා කරපු දේකුත් නෙවෙයිනේ... අනික ඔයා වෙනුවෙනුත් දැන් කට්ටිය බලන් ඉන්නවා... මිස්ටර් දෙව්නක ඔයාව හොඳින් බලාගනී... ප්ලීස් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න..."

ප්‍රාති ඒ දේ කිව්වාම ත්‍රීශා එතනින් නැගිටලා යන්න ගියා. ඒත් ත්‍රීශා ඒ ගියේ දුකකින්ද තරහින්ද කියන එක දෙන්නටම හිතාගන්න බැරිවුනා.

" බබා... ඔයා ඇත්තද කිව්වේ මාව දාලා කවදාවත්ම යන්නෙ නෑ නේද..." ආදි ප්‍රාතිව කකුල් දෙක උඩ ඉන්ඳවගනිමින් කිව්වා.

" මම මගේ හබීව දාලා කොහෙ යන්නද... මැරුනත් හොල්මනක් වෙලා ඔයා පස්සෙන් එනවා..." කිව්ව ප්‍රාති ආදිගේ තොල් සිපගත්තා.

ත්‍රීශා මේ වෙලෙ කෙලින්ම ගියේ රෙස්ටුරන්ට් එකට. ඒ යනකොට දුරතියාම දැක්කේ දෙව්නක ඇවිල්ලා ඉන්නවා.

දෙව්නකගේ පුංචි පුතා ත්‍රීශාව දැක්ක ගමන් දුවගෙන ආවේ අම්මී කියාගෙන...

පුතාව වඩාගත්ත ත්‍රීශා දෙව්නක දිහා බලලා හිතුවේ එයා දෙව්නකගෙන් ආදිව හොයන්න ගිය එක තමා එයාගේ වැරැද්ද කියලා.


පහුවදා ඔෆිස් ගිය ප්‍රාතිට අලුතින් ප්‍රශ්නයක් ආවා.

මෙ අවුරුද්දේ flights maintenanceවලට වෙන් කරලා තිබ්බ සල්ලිවලින් කෝටි පනහක් අතුරුදහන් වෙලා තිබ්බා. ප්‍රාති මේ ගැන ඊට අදාල තැන්වලින් ප්‍රශ්න කරත් කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා.

ඔක්කොමටත් වඩා අවුල වෙන්නෙ මේ දේ වෙලා තියෙන්නෙ ආදි කම්පැනි එක භාරගත්තට පස්සෙ හින්ද.

ප්‍රාති කලබලෙන් ආදිව හොයාගෙන ගියා. මේ වෙද්දි තේමිය ඇවිල්ලා තිබ්බෙ පහුගිය සතියෙම මේ දෙන්නා හොයාගත්ත දේවල් ගැන කතා කරන්න.

" අයියෙ.. ලොකු ප්‍රශ්නයක්...."

" ඇයි බබා.. මොකක්ද වෙලා තියෙන්නේ.. මොකක්ද ප්‍රශ්නේ.."

" අයියේ.. කම්පැනි එකවුන්ට් එකෙන් කෝටි පනහක් නැතිවෙලා... ඒවට වෙච්ච කෙරිච්ච දෙයක් නෑ..."

" මොකක්... ඒ කොහොමද..."

" දන්නෑ අයියේ.. මම දැන් එයාලාගේ ප්‍රශ්න කරත් ඒ කිසිම කෙනෙක් ඒ ගැන දන්නෙ නෑ..."

" අඩෙහ් කෝටි පනහක් කියන්නේ කජු ඇටද කොස් ඇටද..." තේමිය.

" උබ ඉඳගෙන ඇට මඟුලක් කියනවා... ප්‍රාතිහාරි ඕක වුන දවස හොයන්න බෑද..."

" අයියෙ ගිය අඟහරුවාදාත් තිබිලා තියනවා.. හැබැයි බදාදා උදේ වෙද්දි බැලන්ස් එක අඩු වෙලා..."

" එතකොට ඇයි මේ ගැන එදාම දැනුන් දුන්නෙ නැත්තේ..."

" ඒ cash flow එක වෙලා තියෙන්නෙ flights maintenanceවලට තියන් ඉන්න එකෙන් අයියේ... ඒකේ account බලන්නෙ මාසෙකට සැරයක් ඒ නිසා ඒක අහුවෙලා නෑ..."

" එතකොට cash transition එකක් වුන දිහාවක්වත නැද්ද..."

" නෑ අයියේ ඔක්කොම සිස්ටම් එකෙන් ඩිලිට් කරලා..."

" ඔහ්... ෂිට්... ඒ ගමන මොන මඟුලක්ද වුනෙ... මේනකයා වෙන්න විදිහක් නෑනේ ඌට තාම හරියට සිහියක් ඇත්තෙත නෑනේ..."

"එහෙනම් මොකාද බන්..."තෙමිය.

" ඒ කියන්නේ ඒ ඩීටේල්ස් ඩිලිට් කරලද තියෙන්නේ..."

"ඔව් අයියේ..."

" එහෙනම් ඉතින් බන් උබට ඒක ආයේ ගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ..."

ආදි සුපුරුදු විදිහටම එයාගේ හැකින් වැඩේ පටන් ගත්තා.

ප්‍රාති නොඉවසිල්ලෙන් ඔෆිස් රූම් එක පුරා ඇවිද්දා.

" මේ නංගී.. මෙහෙන් මෙහෙන් ඉඳගනින්කෝ මට කැරකිල්ල වගේ උබ දිහා බලන් ඉඳලා.." තේමිය.

" එහෙනම් අහක බලාගන්න..." කිව්ව ප්‍රාති දිගටම ඇවිද්දා.

"හරි.... මේ තියෙන්නේ... ස්විස් එකවුන්ට් එකකට ගිහිල්ලා තියෙන්නේ.." ආදි.

" කවුද කරලා තියෙන්නෙ..." තේමිය.

" ඒක පෙන්නන්නේ නෑ බන්... "

" සර්වර් එකවත්...."

" ටිකක් ඉඳපන්..." කියලා ආදි වේගෙන ටයිප් කරගෙන කරගෙන ගියා ආයෙමත්.

" ලොකේෂන් එක හොයාඅත්තා... මේ තියෙන්නේ... ෂිට්.. මුන්ද මේ.. " කියමින් ආදි තරහින් කිව්වා.

" ඇයි කවුද..."

" මේනකයාගේ ගෙදරට ලොකේෂන් එක වැටෙන්නේ..."

" ඒත් බන් ඌ තාම හොස්පිටල් එකේනේ...."

" ඒත් එහාට තමා වැටෙන්නේ... යමන් අද මං උන්ට හොඳ වැඩක් කරලා එන්නේ..." කියමින් ආදි නැගිට්ටේ ලාච්චුවෙන් ගන් එකක් අරගන්න ගමන්.

" අයියේ ඔයා මොකද කරන්න යන්නේ.."

" බයවෙන්නෙපා බබා.. මම මුන්ට හොඳ පාඩමක් උගන්වලා එන්නම්... ඔයා බය නැතුව වැඩ ටික බලන්නකෝ..."

" මොනා කරත් පරිස්සමින් අයියේ...."


ආදි තේමිය එක්ක යනගමන් එයාගේ කොල්ලො පස් දෙනෙක්ට කතා කරේ පෙට්‍රල් අරන් එන්න කියලා.

ආදි තේමිය එක්ක මේනකගේ ගෙදර යද්දි ආදිගේ සෙට් එක ඇවිල්ලා හිටියා. කට්ටියම හිමීට ගෙදර වට කරලා ගාඩ් එකට හිටපු හැම එකාවම මරලා දැම්මා.

ඔව්... මරලම දැම්මා.. මොකද අද ආදි ආවේ තීරණයක් අරන්.

ආදියි තේමියයි දෙන්නා ගේ ඇතුළට ගියේ අනික් අය හැමතැනකට පෙට්‍රල් ඉහින්න පටන් ගනිද්දි.

ආදිලා ගියේ ගෙදර තියන ලැප් එකක් හොයාගෙන. මොකද ඒකෙන් තමා එයාලට නැතිවුන සල්ලි ටික ආයෙම ගන්න පුලුවන්.

ආදියි තේමියයි දෙන්නා මේනකගේ රූම් එකේ එහෙම එකක් හෙව්වත් කිසිම දෙයක් තිබ්බෙ නෑ. හැබැයි වැදගත් වෙයි කියලා හිතුන ඩොකියුමන්ට් වගයක් තිබ්බා. තව ෆෝන් එකකුත් තිබ්බා. ආදි ඒ ඔක්කොම ගත්තේ ගෙදර ගිහින් නිවාඩු පාඩුව බලන්න.

මේනකගේ රූම් එකෙන් එළියට යනකොට ඇහුවේ එහා රූම් එකෙන් සුසීලාගේ කටහඬ.

ශේප් එකේ දෙන්නත් එක්ක කන් දෙද්දි තමා තේරුනේ කෝල් එකක් කියලා.

" අර ප්‍රාතිහාරි කියන එකී හොයාගෙන අපි සල්ලි ගත්ත එක. අරූ හොයාගනීද දන්නෙ නෑ..."

" ---------"

" මම නම් ඌට බය නෑ.. මට ඕන ඌට හොඳ පාඩමක් උගන්නන්න... "

"--------"

" ඔයා ඉවසන්න කිව්වා මට ඉවසන්න බෑ... ඌ අත තිබ්බේ මගේ කොල්ලට... මගේ කොල්ලා තාම බට ගොඩක් ගහලා ඇඳක් උඩ සිහියක් පතක් නැතුව... ඒ ඔයාගේ එකම ළමයා නෙවෙයි උනාට මගේ එකම ළමයා.. "

" --------"

" තව මාසයක්... ඔයා කියන හින්දා සද්ද නොකර ඉන්නම්... මට skyline එකත් ඕනා එච්චරයි.. "

" ----"

" හා හරි එහෙනම්.. අද එනවනේ රෑට..."

"-----"

" මම බලන් ඉන්නවා..."


සුසීලාගේ කතාව අහන් හිටිය ආදිගේ ඇඟේ ලේ නටන්න ගත්තා.

සුසීලා කෝල් එක ඉවර වෙලා පිටිපස්ස හැරෙද්දි දැක්කේ තරහෙන් බලන් ඉන්න ආදිව.

සුසීලා කලබල වුනපාර පිටිපස්සා ගිහින් පුටුවක හැප්පිලා බිම වැටුනා.

" තමුසේ... තමුසේ මොකද මෙහේ කරන්නේ..."

" මොකද වෙව්ලන්නෙ සුසීලා... දැන් තමුසේ මට බය නෑ කිව්වා නේද.. ආ... "

" ඔව්... මම බය නෑ තමා... පුලුවන් නම් මට අතක් තියලා බලපන්කෝ..."

" හහ්.... අතක් තියලා... තමුසෙට මං අත නෙවෙයි තියන්නේ..." කිව්ව ආදි සුසීලට වෙඩි තිබ්බා.


________________________________________

බෝරින් නම් සොරි හොඳේ...

reaction දාන්න... comment කරන්න..

ආදරෙයි හැමෝටම 🖤

Report Page