Dangerously yours...
Pari🖤
26th Blood...
https://telegra.ph/Dangerously-yours-05-25
27th blood...
ප්‍රාති එහෙම බලන් ඉන්න අතරේ තමා දැක්කේ පොඩි අයිස් පෙට්ටි වගේ ඒ කියන්නේ අර මාලු දාන අයිස් පෙට්ටි නෙවෙයි මෙඩිකල් බොක්ස් වගයක්...
ප්‍රාති හිමීට ඒවා ළඟට ගිහින් එකක් අරින්න යනකොට එළියෙන් අඩි සද්දයක් ඇහුනා. ප්‍රාතිට එකපාර හැංංගෙන්න තැනක් හිතාගන්න බැරිවුනා.
දොරෙ අඟුල කරකවන සද්දෙ ඇහෙද්දිම කවුද කෙනෙක් ප්‍රාතිව කොණකට ඇදලා අරන් ප්‍රාතිගේ කට අතින් වැහුවා...
ප්‍රාති දඟලන්න ගත්තම ඒ කෙනා එකපාර කනට කරලා,
" දඟලන්නෙපා.... දෙන්නම අහුවෙයි..."කියලා කිව්වා.
කවදාවත් අහලා නැති කටහඬක් එක්ක මේ කවුද කියන සැකේ ප්‍රාතිට ආවා. ඒත් ප්‍රාතිට ඒ ගැන හොය හොය ඉන්න ටයිම් එකක් තිබ්බෙ නෑ.
මොකද ට්‍රොලියක් තල්ලු කරගෙන එක්කෙනෙක් ඇතුළට ඇවිල්ලා තව බොක්ස් දෙකක් තියලා ගියා. බැලූ බැල්මට මොකක්ද කියලා හිතාගන්න බැරිවුන ඒ බොක්ස් තියලා යන විදිහ ප්‍රාති වීඩියෝ කරගත්තා.
ඒ කෙනා යනවත් එක්කම ප්‍රාතිව අල්ලන් හිටිය කෙනා එයාව අතහැරියා.
ඒත් මේ වෙනකොට flight එකට baggage දාන වෙලාව හරි නිසා ප්‍රාති අර කෙනාගෙ අතින් ඇදගෙනම එළියට ගියා.
ඒ කෙනා එළියට ආවම තමා ප්‍රාතිව දැක්කේ. ප්‍රාති මාස්ක් එකක් දාගෙන හිටියත් ඒ කෙනා අඳුනගත්තා. මොකද ඉතින් රහස් පොලිසියෙ කෙනෙක්ට කෙනෙක්ව අඳුනගන්න එක අමාරු වැඩක් නෙවෙයිනේ.
" ප්‍රාතිහාරි...."
" ඔයා මාව අඳුනනවද..." ප්‍රාතිහාරි මාස්ක් එක ඉවත් කරමින් ඇහුවෙ මොකද ඒ කෙනා දැනටමත් එයාව අඳුන ගත්ත නිසා.
" ම්හ්... අඳුනනවද... ඇයි නැත්තේ..."
" ඒත් කවුද ඔයා... ඔයා කොහොමද මාව දන්නේ..."
එතකොට ඒ කෙනා මාස්ක් එක අයින් කළා. ඒ කෙවින්. කෙවින් ප්‍රාතිව දැනන් හිටියට ප්‍රාති කෙවින්ව දන්නෙ නෑනේ.
" මම කෙවින්... කෛලාශ්ගේ යාලුවෙක්... "
කෛලාශ්ගේ නම ඇහෙනකොට ප්‍රාතිගේ හදවත මොහොතකට නතර වුනා.
ඒත් ප්‍රාති ඒක ගණන් ගන්නෙ නැතුව,
" අහ්.. දැන් ඔයා මොකද මෙතන කරන්නේ..."
ප්‍රාතිගෙන් මීට වඩා reaction එකක් බලාපොරොත්තු වුන කෙවින්ට තරහ ගියා. කොහොමත් කෙවින්ට ප්‍රාති එක්ක තරහක් තියනවා. මොකද එදා මෙයාලාගේ මිෂන් එක ෆේල් වුනේ ප්‍රාති හින්දා. ප්‍රාති හින්දා කෛලාශ් මේ අයව අතහැරියා.
" ඒක වැඩක් නෑනේ තමුන්ට... දැන් තමුසේ මොකද මෙතන කරන්නේ..."
" ආ.... තමුසේ... මේ මිස්ටර් කෙවින්... මේ මගේ හස්බන්ඩ්ගේ එයාර්ලයින් එකට අයිති ප්ලේස් එකක්.. මම මෙතන ඉන්න එක තමුන්ට අදාළම නෑ..."
" ආහ්... thank you... මට ඒක මතක් කරලා දුන්නට... මේක තමුසේගේ හස්බන්ඩ්ගේනේ නේද... තමුසෙගේ මහ චීප් ගෑනියක්... හහ්... හස්බන්ඩ්... කෛලාශ්ට තමුසෙව අමතක වුන එකමයි හොඳ... ඌව ඇඳට කරලා තමුසේ හොඳට ජොලි කරලා අරූ එක්ක... තමුසේ වගේ... චික් විතරක්... මතක තියාගන්නවා තමුසේ කෛලාශ්ට කරපු දේවල්වලට තමුසෙට විඳවන්න වෙයි.... ඌ මාස ගාණක් දැන් ඇඳට වෙලා ඉන්න එපැයි.. ඌට තමුසෙව අමතක වුනාට තමුසෙට ඌව අමතක වෙන්න හොඳ නෑ... තමුසේ ඌව මතක් කර කර විඳවන්න ඕනේ.. තමුසේ හින්දා අපිට අපේ කොල්ලෙකුත් නැතිවුනා... මතක තියාගන්නවා මම අද කිව්වා කියලා තමුසෙ මහ මහා අසික්කිත ගෑනියක්...." කෙවින් මෙහෙම ප්‍රාතිට හේතුවක් නැතුව බැනගෙන යද්දි සංවේදි කෙනෙක් වුන ප්‍රාතිගේ ඇස්වලින් කඳුලු වැටෙන්න ගත්තේ නිරායාසයෙන්මයි.
කෙවින් එතනින් යන්න ගියේ ප්‍රාතිගේ හිත හොඳටම රිද්දලා.
black & white එකට ගිහින් දවල් වෙන්න කලින් එන්නම් කියලා ගිය ප්‍රාති එක පහුවෙනකලුත ආවෙ නැති හින්දා ආදි කෝල් එකක් ගත්තා.
ඇත්තටම කිව්වොත් ප්‍රාති නැතුව ආදිට පාලු හින්දයි ආදි කෝල් ගත්තේ. මොකද ප්‍රාති හිටියා නම් පැයකට සැරයක්වත් රූම් ර්කට ඔලුව දාලා යනවා.
" හෙලෝ බබා.. මොකද කරන්නේ.. ඔයා එන්නෙ නැද්ද..."
"අයියේ..." ප්‍රාතිගේ බිඳුනු කටහඬ ඇහුන ආදි තැතිගත්තේ ප්රතිට මොකක් හරි කරදරයක්ද කියලා හිතලා.
" ප්‍රාතිහාරි මොකද වුනේ.. ඇයි අඬන්නේ..."
" අයියේ.... "
" ප්‍රාතිහාරි මාව බය කරන්නෙ නැතුව කියනවා..."
" ම්හ්හ්..."
" බබා..." ආදි එයාගේ කටහඬ ටිකක් පහත් කරලා කතා කරා.
" බබා... මට කියන්න ඔයා කොහෙද ඉන්නෙ කියලා.."
" ගෙදර..."
" හරි මම දැන්ම එන්නම්..."
" මම මගේ ගෙදර ඉන්නෙ අයියේ..."
ආදිට ප්‍රාති එකපාර ඇයි එහෙ ගියේ කියලා හිතාගන්න බැරිවුනත,
" හරි බබා.. මම එන්නම්.."
එහෙම කියලා ආදි ඉක්මනටම ගියෙ ප්රතිගේ ගෙදර.
ඒ යද්දි ගේට් එක විතරක් නෙව්යි ගෙදර ගෙදර දොරත් හායි ගාලා ඇරලා.
ආදි ගේ ඇතුළට ගිහින් ප්‍රාතිට කතා කළත් ප්‍රාතිගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මීට කලින් ගේ ඇතුළට ඇවිත් නැති හින්දා ආදි ප්‍රාතිගේ රූම් එක දැනන් හිටියෙත් නෑ.
ඉතින් ආදි ආයෙමත් ප්‍රාතිට කෝල් එකක් ගත්තා. එතකොට ප්‍රාතිගේ ෆෝන් එකේ සද්දෙ ඇහුන පැත්තට ආදි ගිහින් බලද්දි කළුවරම කළුවර කාමරයක් ඇතුළින් තමා සද්දෙ ආවේ.
ආදි ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන ඇතුළා යද්දි තමා දැක්කෙ ඒ කාමරේ ඇඳ ළඟ ප්‍රාති ඉන්නවා දණිස් දෙකේ ඔලුව තියාගෙන.
" බබා..." ආදි ප්‍රාති ළඟට ගිහින් ප්‍රාතිගේ ඔල්වෙන් අත තිබ්බා.
ඒත් ප්‍රාති ඔලුව උස්සලාවත් බැලුවේ නෑ.
" බබා... මොකද වුනේ... කෝ බලන්න මම දිහා... කියන්න මොකද වුනේ කියලා.."
ප්‍රාති හිමීට ඔලුව ඉස්සුවා. ප්‍රාතිගේ ඇස් දෙක ඉදිමිලා අඬලම.
" බබා... මොකද මේ... ප්ලීස් මාව බය කරන්නෙ නැතුව කියන්න මොකක්ද වුනේ කියලා..."
" අයියේ මම නරක ගෑනියක්ද..." ප්‍රාති අඬමින්ම ආදිගෙන් ඇහුවා.
" පිස්සුද බබා... මොන මල විකාරයක්ද ඒ... ඔයා සුරංගනාවියක්... ඇත්තටම කියන්නෙ ප්‍රාතිහාරි මම ඔයා වගේ හොඳ කෙනෙක් දැකලා නෑ වෙන කොහෙන්වත්..."
" අයියේ... මම කෛලාශ්ට වැරැද්දක්ද කළේ.. මම හින්දාද එයාට එහෙම වුනේ..."
" බබා... ඇයි මේ කෛලාශ්ව මෙතනට ඇදලා ගන්නේ... කෛලාශ්ට ඒ දේ වුනේ.. අනේ මන්දා මම මොනා කියන්නද කියලා.. ඒත්... බබා... මෙතන ඔයාගේ කිසිම වැරැද්දක් නෑ.. තේරුනාද..."
" ඒත් අයියේ.. මම හින්දා..."
" බබා..මම දන්නෙ නෑ ඔයා ඇයි මෙහෙම කියන්නෙ කියලා ඒත් මතක තියාගන්න... ඔයාගේ අතේ කිසිම වැරැද්දක් නෑ.. ඔයා හැදුවේ කෛලාශ්ව ආරක්ෂා කරන්න විතරයි.. ඔයා එයා වෙනුවෙන්ම ඔයාවම අතහැරියා..."
ප්‍රාති ආදිව බදාගෙන අඬන්න ගත්තා. ආදිත් ප්රාතුට අඬන්න දීලා ඔලුව අතගෑවේ ප්‍රාතිගේ දුක නැති කරන්න ඕන නිසා.
" බබා... අපි ආදුව හෙට එක්කන් එමු නේද.."
" ඒ ඇයි.. " ප්‍රාති එකපාර ඇහුවේ කඳුලු පිහගනිමින්.
" එයා කැමති වෙන්නෙ නැතිවෙයි එයාගේ අක්කා මෙහෙම අඬලා ඉන්නවා දකින්න.. " කියලා ආදි ප්‍රාතිගේ නහයට තට්ටුවක් දැම්මා.
" බෑ නංගිව අද එක්කන් එන්න ඕනේ.. පව් එයා... මම අඬන්නෙ නෑ... ඉන්නකෝ මම වොෂ් එකක් දාගෙන එන්නම්.. එතකොට මම අඬලා කියලා හොයලා බෑ..." කිව්ව ප්‍රාති බාතෲම් එකට දිව්වා.
ප්‍රාති ගියාට පස්සෙ ආදි රූම් එකේ කර්ටන් එක ඈත් කරේ රූම් එකට ඉර එළිය වැටෙන විදිහට.
ඊටපස්සෙ තමා ආදි රූම් එක වටේ බැලුවේ. පැත්තක තිබ්බ ප්‍රාතිගේ ෆොටෝ එකක් ගත්ත ආදි ඒක අරන් යන්න හිතාගත්තා.
ඊටපස්සේ වටපිට බලද්දි තමා ආදි දැක්කෙ ෆොටෝ ඇල්බම් එකක් තියනවා.
ආදි ඒක අරන් බලද්දි දැක්කෙ ප්‍රාතිගේ පොඩිකාලේ ෆොටෝස් තියනවා.
එක එක විදිහට ගහලා තියන ඒ ෆොටෝ දැක්කම ආදිට හිතුනේ මේ වගෙ පුංචි දුවක් දෙන්නට හිටියා නම් කොහොම තියෙයිද කියලා.
ත්‍රීශාට ළමයි හදන්න බැරි එක දැනගත්තම ආදි ළමයින්ට වෛර කරා. ඇත්තටම එයා ඒ වෙලේ කරලා තියෙන්නේ හිත රවට්ට ගත්ත දෙයක් කියලා ආදිට දැනුනේ ප්‍රාති එක්ක ළමා නිවාසෙට ගිහින් ඉද්දි ප්‍රාති ළමයි හුරතල් කරනවා දකිද්දි.
ඒ හින්දා ආදිටත් ඕනේ වුනා පුංචි බබෙක්ව. ඒත් ප්‍රාතිට තාම ඒ හැටි වයසක් නැති හින්දා ආදි හිතුවේ තව අවුරුදු දෙක තුනක් ඉමු කියලා.
ආදි ඇල්බම් එක බල බල ඉද්දි ප්‍රාති බාතෲම් එකෙන් එළියට ආවා. කබඩ් එකෙන් beige color ගවුමක් අරන් ඇදගත්ත ප්‍රාති පොඩි මේකප් එකක් දාගත්තේ ඇස්වල ඉදිමුම වහගන්න.
ඒ අතරේ ප්‍රාති දැක්කා ආදි ඇල්බම් එක බල බල හිනාවෙන විදිහ.
එතකොට ප්‍රාතිට මතක් වුනේ කෛලාශ් මේ ඇල්බම් එක බලපු විදිහ.
"ප්‍රාති ඔයා පොඩි කාලේ ඉඳන්ම මාර ලස්සනයිනේ... "
" එහෙම තමා අපි..."
"ප්‍රාති අපි දෙන්නත් පුංචි දුවෙක් හදමු... ඔයා වගේ.. අර්. එක්කො එපා... එතකොට ඔයාව මට එයා එක්ක බෙදාගන්න වෙනවා... අපිට බබාලා ඕනේ නෑ එක්කෝ..."
කෛලාශ් එක්ක එදා ප්‍රාති එකඟ වුනත් ඒ හිතකින් නම් නෙවෙයි.. මොකද ප්‍රාති මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන අය අතරේ පුංචි ළමයිනුත් ඉන්නව.
" මොකද අයියේ ඔච්චර හිනාවෙන්නේ..." ප්‍රාති ආදි ළඟින් ඉඳගෙන ඇහුවා.
" ඔයා මාරම කියුට් බබා... බලන්නකෝ මේ කම්මුල්... අනේ ශෝක්.. "
" ඔයා බබාලට ආසද අයියේ..." ප්‍රාති දෙගිඩියාවෙන් වගේ ආදිගෙන් ඇහුවේ.
" ආසද...මට මේක දැක්කම හිතුනේ දැන්මම බබෙක් හදන්න... බලන්නකෝ මේ ඇල්බම් එක දැක්කම කාටද බබෙක් හදන්න නොහිතෙන්නේ...."
" ඉතින් හදමුකෝ..." ප්‍රාති කිව්වම ආදි පුදුමෙන් ප්‍රාති දිහා බැලුව.
ඊටපස්සේ ප්‍රාතිගේ අතින් අල්ලගත්ත ආදි,
" බබා... මම දන්නවා ඔයාත් බබාලට ආසයි කියලා.. ඒත් ඔයා තාම පොඩියිනේ... අනික ඔයාට යන්න තව ලොකු ගමනක් තියනව.. මම කැමති නෑ ඔයා ගෙදරට කොටු වෙනවාට..."
" අයියෝ අයියේ කවුද කිව්වෙ ළමයි හැදුවා කියලා ගෙදරට කොටුවෙනවා කියලා...අනික මම පොඩි නෑ තව මාස ගාණකින් මට 22ක්... තවත් වයසට යනකන් හිටියොත් එක බබයි හදන්න වෙන්නෙ අපි දෙන්නා වයසට ගිහින්නේ..."
" ඒ කියන්නේ බබලා ගොඩාක් හදන අයිඩියා එකක් තියනවද මැනිකේ..." කියමින් ආදි ප්‍රාතිව ඇඳට පෙරලගත්තා.
" ඔව්... අඩුම පහක්වත්... මොකද කියන්නේ..."
" පහක්... අඩුම... අයිඩියා එක හොඳයි... ඒත් ඔයාට දරාගන්න පුලුවන් ද මැනික... මේ පුංචි ඇඟට ළමයි පහක් හදන්න..."
" මගේ හස්බන්ඩ් ඉන්නවනේ මාව බලාගන්න.. ඉතින් මොකටද මම බයවෙන්නෙ... ඔයා මාව බලාගන්නවනේ.."
" ඇස් දෙකේ තියන් බලාගන්නේ මැණික.. ප්‍රාතිහාරි I love you... Thank you මගේ ජීවිතේට ආවට..." කිව්ව ආදි ප්‍රාතිගේ නළල සිපගත්තා.
ඒ එක්කම ප්‍රාතිගේ බඩ කෑගැහුවා.
" මොකෝ බඩගිනිද..." ආදි ප්‍රාතිගේ බඩට තට්ටුවක් දාලා ඇහුවා.
" ඔව්... මට බිරියානි බඩගිනියි...."
"ඔහ්..බිරියානි..."
" හ්ම්ම්..."
" යන්කො එහෙනම්... මම දන්නවා හොඳ පොට් එකක්..." කියලා ආදි ප්‍රාතිගේ අතින් අල්ලන් එළියට යන්න හැදුවා.
ඒත් ප්‍රාති ආදිගේ අත අතහැරලා කබඩ් එක ළඟට ගිහින් බෙඩ්ශීට් වගේකුයි ෂර්ට් එකකුයි ගත්තා.
ඊටපස්සේ ටේබල් එක උඩ තිබ්බ ලයිටරේත් අරන් එළියට ගියා. ආදිත් ඒ පස්සෙනම් ගියේ ප්‍රාති මේ මොකද කරන්නෙ කියලා බලන්න.
ගෙදර පිටිපස්සට ගිය ප්‍රාති කුණු පුච්චන තැනට ඒ ගෙනාපු ටික දාලා ලයිටරේ පත්තු කරලා එහෙම්මම ගිනි ගොඩට දැම්මා.
" බබා.. ඇයි මේ බෙඩ්ශීට් පිච්චුවේ... අනික අර බෙඩ්ෂීට් එකේ ලේ.."
" අයියේ... ඒ තමා මගේ තිබ්බ වටිනම දේ.. කෙල්ලක් එයාගේ හස්බන්ඩ් දෙන්න බලන් ඉන්න ඒත් මට අයියට දෙන්න බැරිවුන දේ... "
ආදිට එහෙම කිව්වම මේ මොනා ගැනද කියන්නෙ කියලා තේරුනා. ආදි ප්‍රාතිව වැළඳගත්තා.
" බබා.. අතීතෙට යන්න දෙන්න දැන්වත්..."
ආදි ප්‍රාතිව එක්කන් ගිහින් බිරියානි අරන් දුන්න. ප්‍රාති ආසාවෙන් කන දිහා බලන් හිටිය ආදිට දැනුනේ එයාගේ බඩ නිකන්ම පිරුනා වගෙ.
දෙන්නා එක්ක ආයේ ඔෆිස් එකට යන්නෙ නැතුව ඔහොම්මම ගියේ ආදුව එක්කන් එන්න. ඒ යන අතරමඟ හොස්පිටල් එකක් දැක්කම තමා ප්‍රාතිට මතක් වුනේ අර දැක්ක දේවල්.
" අයියේ... අර extra weight විදිහට යන්නෙ මෙඩිකල් බොක්ස් වගයක්ක්..."
" මොකක්..."
" ඔව් අයියේ.... ඉන්නකෝ පෙන්නන්න..."කියලා ප්‍රාති එයා වීඩීයෝ කරගත්ත ඒවා ආදිට පෙන්නුවා
" බබා.. ඔයාට කොහෙන්ද මේ වීඩියෝ..."
" අයියේ... සොරි... කිව්වෙ නැතිවුනාට..."
" බබා මට කියන්නෙපා මේවා වීඩියෝ කළේ ඔයා කියලා.."
" මම තමා..." ප්‍රාති හිමීට කිව්වා. ඒක ඇහුන ගමන් ආදි කාර් එක නතර කරේ පාර මැද්දෙමයි. හොඳ වෙලාවට මේ පාරේ වැඩියේ වාහන යන්නෙ නෑ.
" ප්‍රාතිහාරි තමුසෙට පිස්සුද.. කොච්චර රිස්ක් එකක් තියන වැඩක්ක්ද තමුසේ මේ කරලා තියෙන්නෙ කියලා දන්නවද... තමුසෙට මොනාහරි වුනානම්..."
" අයියේ... ඉතින් මම මේ හොඳින් ඉන්නේ..."
"හොඳින්... ප්‍රාති මගේ යකා අවුස්සගන්න එපා... තමුසේ... අනේ මන්දා... තම්සේට මොනාහරි වුනා නම් මම මොකද කරන්නෙ ආ... මං ගැන පොඩ්ඩක් හිතුවද.."
" අයියේ සොරි... මම ඊළඟ පාර අයියට කියලා යන්නම්..."
" කියලා යන්නම්.... ඊළඟ පාර... ප්‍රාතිහාරි තමුසේ මට කියලා කකුල් දෙක කඩාගන්න තමයි ඉතින් ඔය ඈ... "
" අනේ අයියේ... හරි ඊළඟ සැරේ අපි දෙන්නම යන්කෝ එතකොට හරිනේ..."
" ප්‍රාතිහාරි දෙයක් කිව්වම තේරුන් ගන්න... මේක ඔය හිතනවට වඩා බරපතල දෙයක්..."
" මම දන්නවා අයියේ... මම දන්නවා... ඒ හින්දාම තමා මේ ගැන හෙව්වෙ..."
" හරි.. මීට පස්සෙ දෙයක් කරන්න කලින් මට කියන්න ඕනේ..."
" හරි... ආ අයියේ තව දෙයක්... එතන කෙවින් කියලා එක්කෙනෙක් හිටියා.. කිව්වෙ නම් කෛලාශ්ගේ යාලුවෙක් කියලා එයත් ඔත්තු බලන්නද කොහෙද ඇවිල්ලා හිටියේඑ..."
" කෙවින්....ඒ මොකාද... ඌ මොකද එතන කරන්නේ.."
"අනේ මන්දා අයියේ... මම ඒ ගැන අහන්න... ඒක අතහරින්න එක්කෝ.."
" හරි මට ඔය වීඩීයෝ ටික එවන්න... මේකට ඉක්මනට මොනාහරි කරන්න වෙනවා.. මේක පිටට ගියොත් airline එකම ඉවරයි.."
දෙන්නත් එක්ක ආදුව ගන්න යනකොට ආදු ලෑස්තිවෙලා බැගේජ් දෙකකුත් තියාගෙන ගේ ඉස්සරහට වෙලා බලන් ඉන්නවා.
ප්‍රාතිව දැක්ක ගමන් ආදු දුවගෙන ඇවිල්ලා ප්‍රාතිව බදාගත්තා.
" මම බයේ හිටියේ ඔයාලා එන්නෙ නැතිවෙයි කියලා..."
" අපි එහෙම කරනවද මැණික.. හරිද ඔක්කොම දැන් යන්නද තියෙන්නේ..."
" ඔව්.... මම ඔක්කොම ගත්තා.. දැන් යන්නයි තියෙන්නේ..."
" හරි හරි යන්කෝ..."
ආදි ගිහින් බෑග් දෙක ඩිකියට දාලා එද්දි දෙන්නත් එක්ක පිටිපස්සෙ ශීට් එකේ ඉදගෙන.
" ඒක බලකෝ දෙන්නා එක්ක එකතුවෙලා මාව ඩ්‍රයිවර් කරානේ අන්තිමට.." ආදි.
ආදුව ගෙදර එක්කන් ඇවිල්ලා කොහොමහරි එදා දවසම ප්‍රාති ආදු එක්ක. ආදි දෙතුන්පාරක්ම ප්‍රාතිව එක්ක යන්න හැදුවත වැඩේ හරි ගියේ නෑ.
මේ අතරේ ආදි එන්න කිව්ව හින්දා ආදිව හම්බෙන්න තේමියත් ආවා ගෙදර.
තේමියට අර වීඩීයෝ ටික පෙන්නුවම තේමියටත් තිබ්බෙ ආදිට ඉස්සෙල්ලම තිබ්බ ප්‍රශ්නේ තමා.
" කොහෙන්ද බන් මේ වීඩියෝ .."
" ප්‍රාතිහාරිගේ වැඩ... එයා වීඩියෝ කරලා තියෙන්නේ.."
" උබට පිස්සුද යකෝ... කෙල්ලව ඒ වගේ තැන්වලට යවන්නේ..."
" මම යැව්වෙ නැ බන් ඒකි ගිහින් තියෙන්නේ.. මගෙන් බැනුනුත් ඇහුවා.. ආ මේ තව එකක් කෙවින් කියලා ඇවිල්ලා තියනවා ඔත්තු බලන්න... ඌ කෛලාශ්ගේ යාලුවෙක්ලු..."
" මොකක්... ඔය නම මට ටිකක් හුරුත් එක්ක.. ඉදපන්කෝ මේ උගේ ෆොටෝ එකක් නැද්ද...."
" නෑ බන්..."
" උබ සීසීටීවී බැලුවේ නැද්ද.."
" බැලුවා බන්... උන් ඒවා ඩිලිට් කරලා... "
" ඩිලිට් කරපුවා ගන්න එක උබට ලොකු ගේමක් නෙවෙයිනේ ඉතින්..."
" ඒත් ඒවා ගන්නම බැරිවෙන්න ඩිලිට් කරලා තියෙන්නෙ බන්.. මම සෑහෙන්න ට්‍රයි කරා.. ඒත් බැරිවුනා...."
ඒත් එක්කම ප්‍රාති එතනට ආවේ දෙන්නට තේ අරන්.
" ආ.. තේමිය... උබට අඳුන්වලා දෙන්න බැරිවුනානේ... මේ තමා මගේ ප්‍රාතිහාරි..."
ආදි ඒක කිව්ව විදිහ ප්‍රාතිගේ හිතට සෑහෙන්න දැනුනා.
මගේ ප්‍රාතිහාරි.....
තේමිය ප්‍රාති දිහා බලන් හිටියේ කටත් ඇරගෙන. මොකද තේමියත ප්රතිට වශීවෙලා හිටියේ.
" බබා... මේ තමා මගේ හොඳම යාලුවා... තේමිය... මූ තමා ඉතින් මගේ වැඩ ඔක්කොටම උදව් කරන එකා... මූත් මං වගේම තමා.."
" හායි අයියේ..."
තේමිය එතකොට තමා පියවි සිහියට ආවේ.
" අහ්.. හායි නංගි... මෙච්චර දවස් ඔය ෆොටෝවලින් දැක්කට නංගිව අදනේ හරියට දැක්කේ... "
ප්‍රාති හිනාවුනා.
" අයියෙ ආදු තනියමනේ... මම යන්නම්..." කියලා ප්‍රාති ගියා.
ප්‍රාති යනදිහා බලන් හිටිය තේමිය,
" ආදි... උබට නම් බන් මාර ලක් එකක් තියෙන්නේ... මම හිතුවේ නෑ ප්‍රාතිහාරි මෙච්චර ලස්සන ඇති කියලා... යකෝ කෙල්ල සුරංගනාවියක්නේ බන්.. ඇත්තමයි උබට කලින් මට කෙල්ලව මීට් වෙලා තියෙන්න මම මැරි කරනවා බන්.."
" මේ උබ මීට පස්සෙ මෙහෙ එන්නෙ නැ... යකෝ ඒ මගේ වයිෆ් බන්..."
"නෑ බන්... මම මෙහෙම කිව්ව කියලා උබ අප්සෙට් ගන්න එපා... උබ කිව්ව දේවලුත ඒක මට හිතුනේ උබට ගැලපෙනම කෙනා ප්‍රාතිහාරි කියලා... උබට ත්රීශාටත් වඩා සීයට දාහක් ගැලපෙනවා.. මම දන්නෙ නෑ අන්කල් මොකක් හින්දා උබව ප්‍රාතිහාරිට බන්ඳලා දුන්නද කියලා... ඒත් ඒක තමා මෙච්චර කාලෙකට අන්කල් ගත්ත හොඳම තීරණේ.. උබ කවුද කියලා දැනගත්තම ඒකි මොකක්ද කරේ ෆයිට් කරන්නයි ගන් යූස් කරන්නයි ඉගෙන ගත්තා... එතකොට කම්පැනිය ඇතුළේ මෙහෙම දෙයක් වෙනවා කියන එකත හොයාගත්තේ කෙල්ලනේ... උබට හොඳ අනාගතයක් තියනවා බන් ප්‍රාතිහාරි එක්ක... ඒ හින්දා ඒකිව රැකගනින්... ඒකි මැනික් කැටයක් නෙවෙයි දියමන්තියක් බන්...."
ආදි හිස වැනුවේ ඒක ඇත්ත කියලා ආදිට මේ වෙනකොට හොඳටම තේරිලා තිබ්බ හින්දා.
ආදි තේමිය එක්ක ඊටපස්සේ ප්ලෑන් කරේ airline එක ඇතුළේ මේ වෙන වැඩේ ඉක්මනටම අල්ලගන්න විදිහක්.
ඒකත කතා කරගෙන තේමියව පිටත් කරලා ආදි ආවේ ආදුගේ රූම් එකට.
" අක්කි අද මාත් එක්ක නිදියන්න එන්නකෝ..."
" හරි මැණික.. මම අද ඔයා එක්ක නිදියන්නම්..."
"ඒයි ආදු.... මේ මගේ ගැනි බන්... මේක මාර වැඩක් වුනානේ... මට මගේ ගෑනිව ඕනා..." ආදි.
" අනේ අයියේ ඔයා හැම්දාම අක්කි එක්ක නිදියනවනේ අද අක්කි මාත් එක්ක හිටපුදෙන්කෝ.."
" අනේ මේ පොඩි එකී..."
" අයියෝ අයියේ... මොක්ද මේ... මං අදට ආදු එක්ක නිදාගන්නම්... අයියත් ගිහින් නිදාගන්න.. බලන්න දැන් එකොළහටත් කිට්ටුයි..."
ආදි තරහින් ගිහින් කාමරේ දොර වහගෙන ඇඳට පැන්නා. ඒත් ඉතින් පැයක් විතර ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි ආදි හිටියෙ නින්ද යන්නෙ නැති හින්දා.
බැරිමතැන ආදි ආදුගේ රූම් එකට ගියේ හොරෙක් වගේ.
ප්‍රාති ආදු එක්ක හොඳට නිදි. ප්‍රාතිගේ මූණට හඳ එළිය වැටිලා මාරම ලස්සනයි. ආදි ටිකක් වෙලා ප්‍රාතිගේ මූණ බලන් හිටියේ වශී වෙලා වගේ.
ප්‍රාතිව හිමීට වඩාගත්ත ආදි ප්‍රාතිව රූම් එකට අරන් ගියා. ඇඳ උඩින් තියද්දි ප්‍රාති නැගිට්ටා.
" අයියේ..."
ආදි ගිහින් රූම් එකේ කර්ට්න් ඈත් කරේ හඳ එළිය කෙලින්ම ඇවිත් ඇඳට වැටෙද්දි.
" අයියේ... ඇයි මාව අරන් ආවේ ආදු බයවෙයි..." කියලා ප්‍රාති නැඟිටින්න හැදුවා.
ඒත් ආදි ප්‍රාතිව ඇඳට තද කරගෙන ඇගේ කොණ්ඩේ පසෙකට කරා.
හඳ එළියට ඇගේ ඇස් දිලිසෙද්දී, ආදිට ටික වෙලාවක් කතා කරන්නවත් අමතක වුණා.
“ඔහොම බලන්න එපා…” ප්‍රාති හෙමින් කිව්වා.
“ඇයි?” ඔහු කන ළඟට ළං වුණා.
“මට control නැති වෙයිද?”
ප්‍රාතිගේ කම්මුල් රතු වුණා.
“අයියේ…”
ආදි හෙමින් හිනා වෙලා ඇගේ තොල් වලට ළං වුණා.
“ බබා... අපිට පහක් හදන්න තියනවා... ඒක අමතක කරන්නෙපා... That's your choice.. බබා... " ආදිගේ හුස්ම ප්‍රාතිගේ බෙල්ලට වැදුනේ ප්‍රාතිගේ හැඟීම් ඇවුස්සමින්.
" ම්හ්හ්..." ප්‍රාති.
“මට ඔයාව kiss නොකර ඉන්න අමාරුයි.”
ඒක කියලා ආදි හිමිහිට ප්‍රාතිගේ තොල් ස්පර්ශ කළා.
ප්‍රාතිගේ ඇඟම හිරිවැටෙද්දී, ප්‍රාති ආදිගේ shirt එක අල්ලගත්තේ හුස්මත් හිර කරගෙන වගේ.
හඳ එළිය ඇඳ පුරා වැටෙද්දී, කාමරේ ඇහුණේ ඔවුන් දෙන්නගේ හුස්ම විතරයි.
“දන්නවද…” ආදි ප්‍රාතිගේ නළලට තමන්ගේ නළල තියාගෙන හෙමින් කිව්වා,
“මං කවදාවත් family life එකක් ගැන seriously හිතලා තිබුණෙ නෑ.”
ප්‍රාති නිහඬව ආදි දිහා බැලුවා.
“හැබැයි ඔයා…” ආදි ප්‍රාතිගේ කම්මුල හිමිහිට අතගෑවා.
“ඔයා එක්ක ඉන්නකොට මට හැම future එකක්ම real වගේ දැනෙනවා.”
ප්‍රාතිගේ ඇස් මෘදු වුණා.
“ඉතින්… ඒ future එකට බය නැද්ද?”
ආදි එකපාරටම හිනා වුණා.
“Baby, ඔයාට ඕනේ පහක් කියලා දැනගෙනත් මං තාම මෙතන ඉන්නෙ.”
“පිස්සු…” ඇය හිනා වෙලා ඔහුගේ පපුවට මූණ හංගගත්තා.
ආදි ප්‍රාතිගේ ඇඟ තව ටිකක් එයාගේ ඇඟට තද කරගෙන කන ළඟට ළං වුණා.
“හැබැයි එකක් කියන්නද?”
“ම්ම්?”
“ඔයා ඔහොම මගේ ඇඟට තුරුල් වෙලා ඉන්නකොට…” ආදිගේ හඬ තවත් පහත් වුණා.
“මට future එක ඉක්මන් කරන්න හිතෙනවා.”
ප්‍රාතිගේ හුස්ම ගැස්සුණා.
“අයියේ…”
ආදි හෙමින් හිනා වෙලා ප්‍රාතිගේ නිකට උස්සලා බැලුවා.
“දැන් ඔහොම ලැජ්ජා වෙලා බලන්න එපා… නැත්තම් මං ඇත්තටම control නැති කරගන්නවා.”
ඒකත් එක්ක ඔහු ඇගේ තොල් සිපගත්තේ හිමිහිට.
ප්‍රාති ඔහුගේ බෙල්ල වටේ අත් යවලා තව ළං වුණා.
හඳ එළියට ඇගේ කම්මුල් රතු වෙලා දිලිසෙද්දී, ආදිගේ අත ප්‍රාතිගේ රෑ ඇඳුම ඇතුළින් සෙමින් ගියා.
“අයියේ…” ප්‍රාතිගේ හඬ හුස්මක් වගේ පිට වුණා.
“ම්ම්?”
“අපි මෙහෙම ඉන්නකොට…” ප්‍රාති ආයේමත් නළලට නළල තියාගත්තා.
“මට ඇත්තටම හිතෙනවා… අපේ future එක ලස්සන වෙයි කියලා.”
ආදි ටික වෙලාවක් ඇය දිහාම බලාගෙන හිටියා.
ඊට පස්සේ ආදි ප්‍රාතිගේ ළඟට ළං වෙලා හෙමින් කිව්වා,
“එහෙනම්… ඒ future එකට අද ඉඳන් practice කරමුද?”
ප්‍රාතිට හුස්මත් අමතක වුණා වගේ.
“පිස්සු…”
ඔහු හිනා වෙලා ඇයව ආයෙත් ඇඳට තද කරගත්තා.
“ඔයා තමයි මාව මෙහෙම කළේ.”
ඊට පස්සේ කතා ටිකෙන් ටික නැති වෙලා ගියේ ඔහුගේ සිපුම් අතරට.
හඳ එළිය යට, ඔවුන් දෙන්නාගේ හිනා, ලැජ්ජාව, ආදරේ හැමදේම එකට මිශ්‍ර වෙලා ඒ රෑ තවත් උණුසුම් වුනා.
( පොඩ්ඩක් ලැජ්ජයි වගේ...😁)
ඊළඟ දවස් ටික ගෙවුනේ ආදු ගෙද්‍රට හිමින් හුමින් හුරු වෙද්දි.
සතියක්ම හිමින් ගෙවිලා ගියේ සාමකමි විදිහට. ඒත් පිටින් සාමකාමි බවක් තිබ්බට ඇතුළින් නම් එහෙම නෑ.
එදා කෙවින් කරන්න ආපු වැඩේ හරියටම කරගත්තේ නැති නිසා ආයෙම පාරක් ඇතුළට පැනගත්තේ විස්තර හොයන්න. ඒත් ඉතින් මේ පාර කෙවින් මාට්ටු වුනේ ආදිලාට.
මොකද ආදියි තේමියයි දෙන්නත් මේ ගැන හොයන්න වෙස් වලාගෙන airport එකේමයි මේ දවස් ටිකේ හිටියේ.
ඒ එක දවසක තමා දෙන්නට කෙවින්ව මාට්ටු වුනේ.
ආදි කෙවින් හැසිරෙන විදිහ ගැන සැක හිතිලා කෙවින්ගේ පස්සෙන් ගිහින් කෙවින් කියලා කතා කළා.
කෙවින් එකපාර පස්ස බලද්දි තේමිය පැනලා කෙවින්ව අල්ලගත්තා.
" කවුද තමුසේ... මොකටද මෙහෙ ඔත්තු බලන්නේ..." ආදි කෙවින්ව බිමට තද කරගෙන ඇහුවා.
" අතහැරපන් මාව..."
" අතහරින්න ඕන්නන් කියපන්..."තේමිය.
කෙවින් කොච්චර බේරෙන්න හැදුවත් ආදියි තේමියයි කියන්නෙත් එසේ මෙසේ දෙන්නෙක් නෙවෙයි හින්දා කෙවින්ට බේරෙන්න බැරිවුනා
" කවුද තමුසේ.. තමුසෙට කෛලාශ් එක්ක තියන ගනුදෙනුව මොකක්ද..."
කෛලාශ් ගැන කිව්වම කෙවින් පුදුමෙන් බැලුවා
"ඔයාලා කොහොමද කෛලාශ්ව දන්නේ..."
ආදි එයාගෙ මාස්ක් එක අයින් කරලා මූණ පෙන්නුවා.
" ආ තමුසෙද..."කෙවින් අපහාසාත්මක විදිහට ආදි දිහා බලලා කිව්වා.
" කවුද තමුසේ... තමුසේ මොකද මෙහෙ කරන්නේ... කියපන්..."
" හරි මං කියන්නම්.... මාව අතහරින්න ඉස්සරවෙලා..."
ආදියි තේමියයි කෙවින්ව අතහැරියා
කෙවින් ඊටපස්සේ අරන් පෙන්නුවේ එයාගේ අයිඩී එක.
ඒක බැලුවම තේමිය,
" එතකොට තමුසෙද මේ ටිකේ මෙහේ කැරකෙන රහස් පොලිසියේ කෙනා.."
" තමුසේලා කොහොමද දන්නේ අපි ආඅවා කියලා..."
ආදි කට කොණින් හිනාවුනා.
" තමුසේ හිතන්නේ අපි නිකම්මු කියලද..."
" හහ්... නිකම්මු... තමුසේගේ මහඑකා කෛලාශ්ට කරපු දේ අමතක නෑ.... උබ අර චීප් ගෑනිවත් බැන්ඳන්නේ..."
ඒක ඇහුනම ආදිගේ යකා හොඳටම ඇවිස්සුනා. ආදි කෙවින්ගේ ෂර්ට් එකෙන් ඇදලා අරන් කෙවින්ගේ කටින් ලේ එනකන්ම ගැහුවා.
" උබ ප්‍රාතිහාරිට වචනයක්වත් කියන්නෙපා.... එදා එතකොට උබ හින්දා තමා කෙල්ල ඇඬුවේ.. උබව මම අද..." කියලා ආදි ආයෙමත් කෙවින්ට ගහන්න ප්ටන් ග්ත්තා. තෙමිය බොහොම අමාරුවෙන් ආදිව පැත්තකට ඇදලා ගත්තේ.
" පලයන් මෙතනින්... උබ රහස් පොලිසියේ හින්දයි අතහැරියේ... හැබැයි මෙතනින් එහාට මේ ගැන හොයන එක නතර කරපන්.. මේ ගැන කිසිම දෙයක් එළියට ගිහින් තිබ්බොත් උබව හොයන් ඇවිල්ලා මරනවා..." තේමිය කෙවින්ට තර්ජනය කරලා එලෙව්වා.
" දැන් මොකද කරන්නෙ බන්... airline එක ඇතුළෙ මේ වගේ illegal business එකක් යනවා කියලා දැන්ගත්තොත් suspend කරයි බන්..." තේමිය.
" ඔව් බන්... මේකට එළියට යන්න නොදී ඉවර කරන්න ඕනේ... මම තාත්තා එක්ක කතා කරලා බලලා මොකද කරන්නෙ කියලා බලන්නම්කෝ..." ආදි.
" උබ දැන් අංකල් එක්ක එච්චර ක්ලෝස්ද බන්..."
" මං ගොඩක් දේවල් වැරදියට තේරුම් අරන් හිටියේ බන්..."
මේ අතරේ ප්‍රාති ආදුවත් එක්කන් ළමා නිවාසෙට ගියා. ළමා නිවාසේ හිටිය කෙනා දැකලා ප්‍රාති පුදුම වුනේ ඒ කෙනාව මෙතන බලාපොරොත්තු නොවුන නිසා.
_________________________________________
පරණ එක්කෙනෙක් ආයේ එනවා හොඳේ...
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤