Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...



To 25th blood...


https://telegra.ph/Dangerously-yours-05-23



26th blood...


පහුවදා ආදිටත් කලින් නැගිට්ට ප්‍රාති කෙලින්ම ගියේ සුගත්ව හොයාගෙන.

සුගත් කමල් එක්ක මොනාහරි දෙයක් ගැන කතා කරමින් ඔෆිස් රූම් එකේ හිටියේ.

ප්‍රාති දොරට ත්ට්ටු කරන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියේ සුගත් කමල් දෙන්නා පුදුමෙන් බලන් ඉද්දි.

සුගත් ඉස්සරහට ගිය ප්‍රාති සුගත් ඉස්සරහා දණ ගැහුවේ මොකක්ද වෙන්නෙ කියලා සුගත්ට හිතාගන්න බැරිවෙද්දි.

" දුව මොකද මේ..."

" තාත්තේ..."

සුගත් පුදුමෙන් ප්‍රාති දිහා බැලුවේ තාත්ත කියලා කතා කරන්න කියලවත් කතා නොකළපු කෙල්ල නිසා මේ..

" දුව මොක්ද මේ... නැඟිටින්න..."

" බෑ තාත්තේ... තාත්තේ... ප්ලීස්... ප්ලීස් අයියට ඇත්ත කියන්න..."

" දුව මොනා ගැනද මේ කියන්නේ...."

" තාත්තේ.. අම්මා ගැන අයියට කියන්න ප්ලීස්... අයියා... අයියා අම්මව හොයනවා.. එයා ඊයෙත් ගෙදර ආවේ තුවාල කරගෙන.. මට බෑ අයියා දුක් විඳිනවා දකින්න.. ප්ලීස් තාත්තේ... ප්ලීස්..."

" දුව මං එදා ඔයට පැහැදිලිවම කිව්වනේ..."

" අනේ තාත්තේ.. ඒත් මට බෑ අයියා දුක් විඳිනවා බලන් ඉන්න.. මම තාත්තා කියන ඕනේ දෙයක් කරන්නම්.. ප්ලීස්.."

" ඕනේ දෙයක් ඔයා මං කියන ඕන දෙයක් ආදිත්‍ය වෙනුවෙන් කරනවද දුවේ..."

" ඔව්.... ඔව් මං කරනවා.. මට ඉන්නෙ අයියා විතරයි.. මම අයියා වෙනුවෙන් ඕනේ දෙයක් කරනවා..."

" හරි එහෙනම්... ඔයාට පුලුවන් ආදිත්‍යට අම්මා ගැන කියන්න.. හැබැයි... අම්මාගේ ආරක්ෂාව ගැන වගකීම ඔයා භාර ගන්න ඕනේ.. නිරාෂට හරි ආදුට හරි සීරීමක් හරි වුනොත් ඒකට ඔයාට විඳවන්න වෙයි තේරුනාද..."

" ඔව් තාත්තේ..."

" හා දැන් නැගිටින්න.. ඔයා ආදිත්‍යව එක්කන් යන්න... හැබැයි මේ ගැන ආදිත්‍ය ඇර කිසිම කෙනෙක් දැනගන්න බෑ.. "

" තාත්තේ.. මං අයියට අම්මව පෙන්නන්නන් එක්ක ගිහින්... ඊටපස්සෙ දුව අපි ගෙදර එක්කන් එමු.. එතකොට තාත්තා පුලුවන් නම් මම අයියට අම්මව පෙන්නපු දාම හරි ඊට පස්සෙ දාම හරි අම්මව ට්‍රීට්මන්ට්වලට අරන් යන්න.. මම ආදු ගැන බලාගන්නම්.. තාත්තා අම්මව සනීප කරන් එන්න..."

" ප්‍රාතිහාරි ඔයා හිතනවා වගේ මේක ලේසිපාසු දෙයක් නෙවෙයි..."

" මං දන්නවා තාත්තේ... මම ඒ දේ දැනගෙන තමයි ගේමට බහින්න යන්නේ..."

" හොඳයි... ඔයා දිනයක් ගැන හිතලා මොකක්ද කරන්නෙ කියන එක මට්ට රෑ වෙද්දි කියන්න.. දැන් ආදිත්‍යට මොකද.. ගොඩාක් තුවාලද.."

" අත තුවාල වෙලා තියෙන්නේ.. අත දිගට බැන්ඩේජ් කරලා තියනවා.. කැපුනා කියලා තමා කිව්වේ..."

" හ්ම්ම්... හරි.. පරිස්සමින් වැඩ කරන්න.. තව දෙයක්.. දුව... ඔය එක තැනකදී වැරදී.. ඔයාට ඉන්නේ ආදිත්‍ය විතරක් නෙවෙයි.. අපිත් ඉන්නවා ඒක මතක තියාගන්න...."

" හරි තාත්තේ..." කිව්ව ප්‍රාතිහාරි එතනින් ගියා.


" සර්... එදා වුනේ මිස්ටේක් වුනත් ඒක හොඳකට වුන දෙයක් වගේ.. සර්ට මේ තරන් හොඳ ලේලියක් හොයාගන්න ලැබෙන්නෙ නෑ නැත්තන්...." කමල්...

" ඒක නම් ප්‍රාතිහාරයක්ම තමා කමල්.... මට මාර සැනසීමක් තියෙන්නේ... බලහන් මගේ කොල්ලා දැන් ට්‍රැක් එකට වැටිලා ඉන්නේ.. ඌ මම නැතත් වැඩ ටික කරන් යයි... මට දැන්න් තියෙන්නේ මගේ නිරාෂාව නැගිට්ටවගන්න එක තමා.."

" සර් ඇයි මේනක ගැන චූටි මැඩම්ටවත් කියලා තියෙන්නෙ නැත්තේ...මට හිතෙන්නේ චූටි මැඩම් හැමදේම තේරුන් අරන් හැමදේම හරිගස්සයි..."

" බලමු... මට තාම ඒක ගැන මොනා කරන්නද කියලා අයිඩියා එකක් නෑ..."


ප්‍රාති රූම් එකට එනගමනුත් කල්පනා කළේ දැන් මොකද කරන්නෙ කියලා. මොකද් එයා කරන්න යන්නේ සෑහෙන රිස්ක් එකක් තියන වැඩක් කියලා ප්‍රාති හොඳටම දන්නවා.

" ආ නෑනේ.. ගුඩ් මෝනින්..."

මේනක එකපාර ප්‍රාතිගේ ඉස්සරහට පැන්නේ ප්‍රාති බයවුන පාර පපුව අල්ලගනිද්දි.

" මොකෝ නෑනේ බයවුනාද..."

මේනක එක්ක කතා කරන්න කිසිම උවමනාවක් නොතිබ්බ ප්‍රාති එතනින් එන්න හැදුවත් මේනක පාර හරස් කරා.

" මේනක පාර හරස් කරන එක තමුසෙගේ පුරුද්දක්ද... ඔව් වෙන්නැත් ඇති තමුසෙගේ අම්මා කියන ගෑනිත් අනික් මිනිස්සුන්ගේ ජීවිතවලට හරස් වෙන ගෑනියක්නේ..."

" ප්‍රාතිහාරි තමුසෙගේ කට වැඩී..."

" ඔව් මගේ කට වැඩී තමා... මොකද මම අවජාතකයෙක් නෙවෙයිනේ... අයින් වෙනවා පොල් බූරුවා.." කියලා ප්‍රාති මේනකගෙ කකුල් දෙක අතරට පයින් පාරක් ගැහුවේ ප්‍රාතිගෙන් ඒ වගේ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවුන මේනක ඒකෙන් හොඳටම විඳවද්දි.

මේනකට කට කොණින් හිනාවුන ප්‍රාති උඩට ගියා.

ප්‍රාති රූම් එකට ඇතුළු වෙද්දිම ආදි කතාකළා.

" බබා.. ඔයා කොහෙද ගියේ..."

" ආ... ඔයා නැගිට්ටද අයියේ.. තාම රිදෙනවද තුවාලේ..." කියන ගමන් ප්‍රාති ආදි ළඟින් ඇවිල්ලා ඉඳගත්තා.

ප්‍රාතිව ඇඳට පෙරගත්ත ආදි ප්‍රාතිගේ පපුව උඩින් ඔලුව තියාගෙන,

" දැන් නම් රිදෙන්නෙ නෑ... බබා... I'm sorry..."

" මට තේරෙනවා අයියේ.. අයියේ... මට ඔයාට දෙන්න සප්‍රායිස් එකක් තියනව... සෙනසුරාදාට කිසිම වැඩක් දාගන්න එපා... හවසට අපි දෙන්නා ගමනක් යන්... හරිද..."

" මොකක්ද කරන්න යන්නේ.."

" අයියේ ඒක සප්‍රායිස් එකක්.... අයියේ මට පොරොන්දු වෙන්න ඒ දවස වෙනකන් මේ වගේ කිසිම වැඩක් කරන්න යන්නෙ නෑ කියලා..."

" හරි හරි.. බය වෙන්නෙපා... මම ඒ වැඩවලට යන්නේ නෑ දැන් හරිනේ... "

" මගේ හොඳ හබියා.."

" මොකක්ද කිව්වෙ..." ආදි ප්‍රාතිගෙ මූණට එබෙමින් ඇහුවා.

" මගේ හොඳ හබියා කියලා...." ප්‍රාති ආදිගේ මූණෙන් අල්ලගෙන කිව්වා.

ආදි ප්‍රතිගේ දෙතොල් සිපගත්තේ ටිකින් ටික ප්‍රාතිගේ බෙල්ල සිප ගනිමින් ටී ෂර්ට් එක ගලවද්දි. ඒත් ආදි එකපාර දෙයක් මතක් වුනා වගේ ප්‍රාතිගේ කුස හිමින් අතගෑවා.

" අයියා... do you want me..."

" බබා... මම තිරිසනෙක් නෙවෙයි... ඔයා මොනා වුනත් ඉන්නේ වේදනාවෙන් කියන එක මම දන්නවා.. අනික ඉස්සෙල්ලා මට කතා කළේ අයියා කියලා නෙවෙයි ඔයා..."

" හබී... do you like it...."

" of course I like it..."

" එහෙනම් මම අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට එහෙම කතා කරන්නම්..."

" ඇයි අපි දෙන්නා විතරක් ඉන්න වෙලාවට..."

" අනේ කට්ටිය ඉන්න තැන මට එහෙම කතා කරන්න ලැජ්ජයි..."

" අනේ කෝ බලන්න ලැජ්ජාව..." කියමින් ආදි ප්‍රාතිගේ කම්මුල් මිරිකුවා.

" අයියෝ ඇති අනේ... වොෂ් දාන් නැද්ද අද ඔෆිස් යන්නෙ එහෙම නැද්ද.."

" ඔෆිස් යන්නත ඕනේ නේද... මේ ඒක නෙවෙයි... අපි දෙන්නා හනිමූන් යන්නෙ නැද්ද.. ඔයා කොහෙද යන්න කැමති..."

" ම්ම්ම්... පැරිස්... නෑ... ම්ම්... අනේ එක තැනක් හිතාගන්න බෑ... එත් මම ආසම පැරිස්..."

" හරි එහෙනම්... ඉන්නකෝ මේ මාස තුන ඉවර වුන දෙන්කෝ අපි යන් පැරිස්..."

" ඇත්තටමද කිව්වේ..."

" ඔව්..."

ප්‍රාති ආදිට කිස් එකක් දුන්නේ සතුට වැඩිකමට...

" අයියේ.... "

" අයියේ.."

" ඔහ්... නෝ... හබී.... මට ඕනේ ෆයිට් කරන්න ඉගෙන ගන්න..."

ආදි එකපාර පුදුමෙන් ප්‍රාතිගේ මූණ දිහා බැලුවා.

" මොකද ඒ එකපාර..."

" මට හැමදාම ඔයා හරි තාත්තා හරි මාව ආරක්ෂා කරනකන් ඉන්න බෑනේ.. අනික මට මගේ ආරක්ෂාව ගැන බලාගන්න පුලුවන් නම් ඒක ඔයාලටත් පහසුවක්නේ..."

" බබා... මට ඔයාගේ ආරක්ෂාව බලාගන්න පුලුවන්.. ගියපාර වුනා වගේ කිසිම දෙයක් මම ඔයාට වෙන්න දෙන්නෙ නෑ බය වෙන්න එපා...මට ඔයාව බලාගන්න පුලුවන්.."

" අයියේ... ප්ලීස්.. මට ෆයිට් කරන්න ඉගෙන ගන්න ඕනේ..."

" ඒත්...."

" ප්ලීස්... ප්ලීස්.. ප්ලීස්..."

" හරි හැබැයි මමයි teach කරන්නේ...."

" okay..."

" බබා... මට ඔයාට කියන්න දෙයක් තියනවා..."



මේනකට නම් යකා හොඳටම යකා නැගලා හිටියේ මොකද ඊයේ වැඩේ හරි ගියෙත් නෑ අද ප්‍රාතිගෙන් කාපු කෑම.. අනික මෙහෙම වැඩ එකදිගට වැරදීගෙන ගියොත් මේනකට විදින්න වෙන පාඩුවත් එසේ මෙසේ එකක් නෙවෙයි.


සුපුරුදු විදිහටම ප්‍රාතියි ආදියි දෙන්නා ඔෆිස් ගියා. මේනකත් ඔෆිස් ආවා. මේ වෙනකොට uniform ගැන කට්ටියට දැනුවත් කරන්න පටන් අරන් තිබ්බේ..

හවස් වෙනකොට හිතුවට වැඩියේ කට්ටිය අලුත් uniform ගැන positive comments දාලා තිබ්බ.

ඒ අතරේ අතරින් පතර මේ තීරණේට බැනපු අයත් හිටියා. ඒ හින්දා ප්‍රාති කරේ එයාට ලැබුන වෙලාවට පොඩ්ඩක් ස්ටාෆ් එකත් එක්ක කතා කරපු එක. ප්‍රාති කරේ නිකන් චන්ද ප්‍රචාරණ වැඩක් වගේ.

ප්‍රාති ඒ අතරේ අර කේස් එක ගැනත් හෙව්වා. ඒත් ප්‍රාතිට ලොකු දෙයක් නම් හොයාගන්න ලැබුනේ නෑ. ආදිට ඒ ගැන හොයන්න වෙලාවක් තිබ්බෙ නැත්තේ එයා දැන් profit එක වැඩි කරගන්න ඕනේ project වායක් plan කර කර හිටිය හින්දා. හැබැයි ආදි ඒ ගැන අමතක කරලා හිටියෙත් නැ. ආදි මේ ගැන තේමියට කියලා තිබ්බේ.

මේනක මේ අතරේ ප්ලෑන් එකක් අරන් ගියෙ voting වෙලාවට කොහොමහරි positive voting ටික අයින් කරන්න. හැබැයි මේ ගැන ආදි කලින්ම හිතලා තිබ්බ හින්දා ආදි ඊළඟ දවසේ voting වෙලාවේ system එක hack කරලා මේනකගේ වැඩේ කාලා දැම්මා.

" ෂිට්.. තොපිට මේ වගේ පොඩි වැඩක්වත් කරගන්න බැරිද තොපි මොකට ඉන්නවද මන්දා..." මේනක එයාගේ ඔෆිස් රූම් එක දෙවනත් කරා.

ඒක කනට වැටුනු ප්‍රාති ඒ ක්ෂනික ගිහින් ආදිට මේ ගැන කිව්වා.

" හබී.. දන්නවද වැඩක් අන්න මේනක එයාගේ ඔෆිස් එක අනිත් පැත්ත හරෝනවලු.... හොඳ වැඩේ ඒකාට.."

ආදි ප්‍රාතිව ඇදලා අරන් කකුල් දෙක උඩින් වාඩි කරගෙන බලන් හිටියේ ප්‍රාති මේ කියවන දිහා.

ප්‍රාති මේනක කරන දේවල් රස කර කර කිව්වේ කට උල් කර කර.

තව්ත් බලන් ඉන්න් අමාරු වුන ආදි ප්‍රාතිගේ දෙතොල් සිපගත්තා.

ප්‍රාති ඉක්මනට ආදිව අයින් කරා..

" අයියේ අපි ඔෆිස් එකේ ඉන්නේ..."

" මේ මගේ ඔෆිස් එකනේ...." කිව්ව ආදි ආයෙමත් ප්‍රාතිගේ දෙතොල් අල්ලගත්තා.

විනාඩි ගාණක් තිස්සෙ ප්‍රාතිව සිප ගෙන ආදි අන්තිමට ප්‍රාතිගේ මූන දිහ බලන් හිටියා. ඇත්තටම ප්‍රාති කියන්නේ වශියක් නේද කියලා ආදිට හිතුනා.

" හබී... මොනාද කල්පනා කරන්නේ මගේ මූණ දිහා බලාගෙන..."

"ම්ම්... මම කල්පනා කරේ ඔයා මට ඉනාවක්වත් දුන්නද කියලා.. "

" මම..."

" ඔව්.. ඔයා මාව වශී කරගෙනනේ ඉන්නේ... ඇත්තටම බබා මම ඔයාට addict වෙලා දැන් නම්..."

" ඇත්තද... ඇයි මම ඩ්‍රග් එකක්ද..."

" ඔව්... ඔයා තමා මගේ ඩ්‍රග් එක..."

ඒත් එක්කම ඔෆිස් එකේ දොරට කවුද තට්ටු කරා. ප්‍රාති ඉක්මනට නැගිටලා ඇඳුම හදාගත්තා.

" සර්... voting ඉවර නිසා අපි ඇඳුම් ටික ලෑස්ති කරන්න බැලුවේ. "

" ඔව් ඒ වැඩේ පටන් ගන්න... කල් අරින්න බෑ.. මට සතියක් ඇතුළත ඔක්කොම රෙඩි කරලා ඕනේ... "

" okay sir...ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා.. marketing එකේ යන ස්ට්‍රයික් එකක් පටන් ගන්න කතාවක් යනවා..."

මේනකගේ බැකප් ප්ලෑන් එකක් කියලා තේරුන ආදි,

" හරි ඒ ගැන මම බලාගන්නම්... " කියලා කිව්වා.

කොහොමහරි ඇතුළට ආව කෙනා ගියාට පස්සෙ ආපහු ආදි ළඟට ආව ප්‍රාති,

"අයියේ මේනක ඉන්නකන් අපිට අපේ වැඩ ටික හරියට කරගන්න බැරිවෙයි වගේ..."

" හ්ම්ම්... ඒක හරි... මූ නටනවා වැඩී... මාස තුනකට ඌව මේ වැඩවලින් ඈත් කරා නම් හරි වගේ..." ආදි කිව්වෙ කුරිරු හිනාවක් එක්ක.

" අයියේ ඔයා මොනාද කරන්න යන්නේ..."

" wait and see..."


කොහොමහරි මේ voting එක තිබ්බෙ සෙනසුරාදා හවස් වෙන්න හවස් වෙන්න ප්‍රාතිගේ හිතට පොඩි බයකුත් දැනුනා. මොකද එයා මේ කරන්න යන්නේ සුගත් අවුරුදු ගාණක් තිස්සේ හැමෝගෙන්ම හංඟන් හිටිය රහසක් එළියට දාන එක.

ප්‍රාතිට සුගත්ගෙන් කෝල් එකක් ආව හින්දා ප්‍රාති හිමීට ආදිගේ ඔෆිස් එකෙන් එළියට ගියා.

"හෙලෝ තාත්තේ..."

" දුව... ඔයා තාමත් ඒ තීරණේද ඉන්නේ..."

" ඔව් තාත්තේ... අපි කතාවුන විදිහටම වැඩේ කරමු.... මම අයියව තව පැයකින් විතර එක්කන් යනවා... ඊටපස්සේ තාත්තට පුලුවන් අද රෑම පිටත් වෙන්න... මම ආදුව සඳුදට ගන්නවා..."

" හොඳයි එහෙම කරමු..."


ප්‍රාති එළියට යන එක බලන් හිටිය ආදි කෝල් එක ගත්තේ තේමියට.

" කියපන්..."

" මේනකයා නටනවා වැඩී බන්... අද රෑට ඌට වැඩේ දෙමු.. අද සෙනසුරාදානේ ඌ ක්ලබ් එකට යනවානේ ඒ වෙලාවට අල්ලගමු.. අපි දෙන්නා විතරක් ඇති..."

" මරු.. කාලෙකින් අපි දෙන්නා විතරක් වැඩකට බහින්නේ... ඌව මරනවද..."

" උබට අපි කවුද කියන එක අමතකද බන්...."

" අහ්...I hate this..." තේමිය.

" ඒක නෙවෙයි මොකද මම අර හොයන්න කිව්ව එක..."

" ඒක බන් හොයන්න බෑනේ.. උබ කියන්නේ මම සීසීටීවීවලින් බලන්න බැලුවා ඒ වෙලාවට මුකුත් වැඩ නෑ... "

" මේක පිටිපස්සේ මොකෙක් හරි ලොකු එකෙක් ඉන්නවා බන්... මට හිතෙන්නේ මේකත් මේනකයාගෙම වැඩක් කියලා..."

" කියන්නත් බෑ.. උබ හිටපන්කො මම හොයන්නම්... අපි හොයන් දේටයි මේකටයි මොකක් හරි connection එකක් තියනවා කියලා මට හිතෙනවා බන්..."

" බලමුකෝ මොකද වෙන්නෙ කියලා... උබ 10 වෙද්දි ලෑස්තිවෙලා හිටපන්කෝ...."

" හරි.. උබ අද නංගිව එක්කන් යන්නෙ නැද්ද ප්‍රැක්ටිස්වලට..."

"නෑ බන්... අද මොකක්ද සප්‍රායිස් එකක් දෙනවා කිව්ව.. ඒ හින්දා යන්නෙ නෑ...."

" ආව්... ආව්... මොකක්ද දන්නෙ නෑ සප්‍රායිස් එක... romantic... wild.. night... එකක්ද දම්නෙ නෑ.. "

" කටවහගෙන ෆෝන් එක තියපන්..." කියලා ආදි කිව්වේ මොනාවුනත් තේමිය කිව්ව දේට අමුතු හිනාවක් මූණට එද්දි.

ආදි එදා ප්‍රාති එයාගෙන් ෆයිට් කරන්න ඉගෙනගන්න ඕනේ කිව්ව දවසේ ඉඳන්ම හවසට එයාගේ ගෙදර එක්කන් ගිහින් ප්‍රාතිට ඉගෙන්නුවා.

ෆයිට් කරන්න නම් පොඩි පොඩි දේවල් ටිකක් විතරයි තාම ඉගෙන්නුවේ. මොකද ආදිගේ තුවාලේ තාම හොද වෙනගමන් හින්දා.

හැබයි ගන් එක නම් හොඳට ප්‍රැක්ටිස් කරා. ප්‍රාති ඉක්මනින් දේවල් ඉගෙනගන්න කෙනෙක් නිසා ආදිට උගන්වන එකේ අමාරුවක් තිබ්බෙ නෑ. හැබැයි ප්‍රාති ටිකක් physically weak නිසා ෆයිට් කරද්දි ප්‍රාතිට ටිකක් අමාරු වුනා.

හවස ආදියි ප්‍රාතියි දෙන්නා ඔෆිස් එකෙන් එළියට ආවේ ප්‍රාතිගේ සප්‍රායිස් එක බලන්න යන්න.

" බබා... ඇත්තටම අපි කොහෙද මේ යන්නේ..."

" අයියේ.. මම දන්නෙ නෑ ඔයා මේක කොහොම පිළිගනීද කියලා... හැබැයි... නෑ එක්කෝ ඕනේ නෑ... තව පැය බාගයක් විතර යද්දි අපි එතනට යනවා ඔයාම තීරණේ කරන්නකෝ..." කියලා ප්‍රාති කිව්වා.

" බබා... ඔයා ඔය කියන විදිහට මට බයත් හිතෙනවා..."

ප්‍රාති ඊළඟ පැය බාගෙම හිටියේ නිශ්ශබ්දව. ආදිත් මුකුත් නොකියා හිටියේ ප්‍රාති ඉන්නෙ ලොකු කල්පනාවක කියලා තේරිලා.

අන්තිමට දෙන්නා එදා ප්‍රාතිව සුගත් එක්කන් ආව ගෙදර ආවා.

ප්‍රාති කාර් එකෙන් බහිද්දිම ආදු දුවගෙන ඇවිල්ලා ප්‍රාතිව බදාගත්තා.

" අක්කී... මම ඔයා එනකන් උදේ ඉඳන් බලන් හිටියේ.. තාත්තී කිව්වා ඔයා එනවා කියලා..."

" එහෙමද... එහෙනම්.. මම එනකන් උදේ ඉඳන් බලන් හිටිය හින්දා තෑග්ගක් දෙන්න වෙයිනේද..."

" ඔයා මට තෑග්ගක් ගෙනාවද..."

" හ්ම්ම්... ඕනද..."

" ඕනෙ.. මට මේ වෙනකන් තාත්තී විතරයි තෑගි දීලා තියෙන්නේ..."

ප්‍රාති කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා ගත්තේ ටෙඩිබෙයා කෙනෙකුයි ලස්සන මල් පොකුරක් එක්ක ටොෆි චොක්ලට් පුරවපු කූඩයක්.

ආදි ඒක දැකලා තිබ්බත් ආදි හිතුවේ ඒක ප්‍රාති ළමා නිවාසෙට ගත්ත එකක් කියලා. ආදිත් කාර් එකෙන් බැහැලා මේ දෙන්නා ළගට ආවේ ආදු දිහා පුදුමෙන් බලමින්.

මොකද ආදිට ඒ ඇස් දෙක හරිම හුරුපුරුදුයි.

ආදු දිහා ආදි බලාගෙනම හිටියෙ එ නිසා.

" අයියා.. ඔයාත් ආවද මාව බලන්න..."

"ඔයා මාව දන්නවද.."

ආදු ප්‍රාතිගේ මූණ දිහා බලලා ප්‍රාතිගෙ පිටිපස්සෙ හැංඟුනා.

" අයියේ.. මම ඔයාට කිව්වානේ ඔයාට සප්‍රායිස් එකක් තියනවා කියලා.. මේ තමා ඔයාගේ සප්‍රායිස් එක... තව දෙයක් තියනවා ඒකත මම ඔයාට පෙන්නන්නන්..." කියලා ප්‍රාති ආදුව එයා ළඟින් ඉස්සරහ අරන් ආදිට ලෙන්වමින් කිව්වා.

" අයියේ... මේ ඉන්නේ.. ආදුලි..."

" ආදුලි..." ආදි මිමිණුවේ ඒ නම කවදාවත් අමතක නොවන දෙයක් නිසා. මොකද ඒ නම ආදි එයාගේ නංගිට දාමු කියලා අම්මට කිව්වට නම...

ආදි පුදුමෙන් ප්‍රාති දිහා බැලුවේ ඇත්තටම මේ දේ ඇත්තක්ද කියන එක අදහගන්න බැරුව.

ආදිට ඒ හුරුපුරුදු ඇස් දෙක වෙන කාගෙවත් නෙවෙයි එයාගේ අම්මගේ කියන එක මතක් වුනේ මේ ඉන්නේ එතකොට එයාගෙ නංගිද කියන සැකේ හිතට එනකොට.

" ප්‍රාතිහාරි... මේ ආදුලි... ආදුලි මගේ..."

" ඔයාගේ නංගි අයියේ... ඔයාගෙම නංගී... ඔයාගේ එකකුස උපන් නංගි..."

ආදිට කිසිම දෙයක් හිතාගන්න බැරුව ඉද්දි ආදු ගිහින් ආදිගෙ අතින් ඇල්ලුවා.

"අයියේ.. ඔයා මට කැමති නැද්ද...."

" නෑ මැනික... ඔයා මගේ නංගි.... ඔයා ජීවත් වෙනවා... ඔයා ජීවත් වෙනවා..." කියමින් ආදි ආදුව බදගෙන අඬන්න ගත්තා.

ටික වෙලාවක් ආදුව බදාගෙන අඬපු ආදිට පියවි සිහිය ආවේ ප්‍රාති තව දෙයක් පෙන්නන්න තියනවා කිව්ව එක මතක් වෙලා.

" ප්‍රාතිහාරි... ඔයාට පෙන්නන්න තියන අනික් දෙ... ඒ මගේ අම්මද...."

ඔලුව වනපු ප්‍රාති ගේ ඇතුළට ගියේ ඒ පස්සෙන් ආදිත් එද්දි.

ප්‍රාති නිරාෂා ඉන්න රූම් එක පෙන්නුවම ආදි එක ඇතුළට ගියා. ප්‍රාති ආදුවත් එක්කන් පැත්තකට වුනේ ආදිට එයාගේ අම්මා එක්ක තනි වෙන්න දීලා.

" අම්මා... අම්මා.. ඔයා ඉන්නවා..." අවුරුදු දහතුනකට පස්සේ අම්මව දැක්ක ආදිට දැනුන සතුට කියාගන්න බැරිතරන්.

" අම්මා.. ඇයි ඔයා කත කරන්නෙ නැත්තේ..."

" ඒ එයා කෝමා එකේ ඉන්න නිසා..." කියමින් සුගත් කාමරේට ආවා.

" තාත්තා..."

" සමාවෙන්න මගේ පුතේ මෙච්චර කල් ඔයගෙන් මෙවා හැංඟුවට... ඒක කරේ අම්මගේ ආරක්ෂාවටයි... එදා එයාව බේරගත්තත් කෝමා එකක හිටියේ... දැන් අවුරුදු දහතුනක් තිස්සෙ එයා එතනමයි..."

" අම්මා.. ඔයා නැගිටින්නෙ නැද්ද.. ඔයාගෙ ආදිව එපාද ඔයාට.. අම්මේ මම ඔයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට කරා... අම්මී... ප්ලිස් නැඟිට්න්නකෝ...."

සුගත් පැත්තකට වෙලා මේ දෙන්නා දිහා බලන් හිටියේ ප්‍රාති ඇත්තටම හොඳ දෙයක් නේද කියලා හිතලා.

ආදි පැයක් විතර නිරාෂා ළස්ගට වෙලා කතා කර කර හිටියා. අන්තිමට ආදි ආයේ දවසක නිරාෂාව හම්බවෙන්න එන බව කියලා නැගිට්ටේ ප්‍රාතිත් ආදි ළඟට ඇවිල්ලා කතා කාපු හින්දා.

ආදි කාමරෙන් එළියට යද්දි නිරාෂාගේ ඇස්වලින් කඳුලු වැටුනා.

" එතකොට මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ කවුද... සුසීලාද..."ආදි සුගත් වුන දේවල් කියන කන් ඉඳලා ඇහුවා.

" මං දන්නෙ නෑ... මං අවුරුදු දහතුනක් තිස්සෙ හෙව්වා ඒත් මට හම්බුනේ නෑ... "

" ආදු... සදුදට ලෑස්ති වෙලා ඉන්න අක්කි ඔයාව ගෙදර එක්කන් යන්න එනවා...." ප්‍රාති ආදුට කිව්වා.

" තාත්තේ මේනකට මොකද කරන්නේ... ඔයා මේනකව ගෙදරින් අයින් කරන්නෙ නැද්ද..." ප්‍රාති.

" මම හෙට දවස ඇතුළත කොහොමහරි අයින් කරවන්නම්... මොකද සඳුදා ආදුව එක්කනෙන්න එපැයි ඔයාලා..."

" මේනක ගැන බයවෙන්න එපා.. ඌ හෙට ගෙදර නැතිවෙයි.. ආදුව එක්කන් ගියාම අම්මා.."

" අයියේ.. තාත්තා අම්මව එක්කන් ඉන්දියා යනවා ට්‍රීට්මන්ට්වලට..."

" මොකක්... කවද්ද..."

" අද රෑ..."

" ප්‍රාතිහාරි ඔයාලා ඔක්කොම ප්ලෑන් කරලද එතකොට මට කියන්නෙ ආ.." ආදි තරහෙන් ප්‍රාති දිහා බැලුවේ අම්මව හම්බෙලා පැය ගාණයි ගියෙ ආයෙමත් වෙන් වෙන්න වෙන නිසා.

" අයියේ... අපිට මේ වෙලේ කරන්න තියන හොඳම දේ මේක..."

" ඒත් මගෙන් අහන්න තිබ්බා නිකමට හරි... ප්‍රාතිහාරි මම කවුද ඔයාගෙ.. අනික ඔයා එතකොට දැනන් හිටියද මගේ අම්මයි නංගියි ගැනත..."

" අයියේ..." කියලා ප්‍රාති ආදිගේ අතින් අල්ලගත්තා.

ආදි ප්‍රාතිගේ අත ගසලා දාලා ගෙදරින් එළියට ගියේ ටිකකින් කාර් එක අරන් ආදි වේගෙන් යන සද්දෙ ඇහෙද්දි. ප්‍රාති ආදිගේ පස්සෙන් දුවගෙන ගියත් ආදි නෙවෙයි පස්සවත් හැරිලා බැලුවෙ.

" දුව දැන් මොකද කරන්නේ... ආදිත්‍ය තාහ වුනා නේද..." සුගත් .

" මම ඒ දේ බලාපොරොත්තු වුනා තාත්තේ... මම වුනත අයියාගේ තැන හිටියා නම් ඒ දේ තමා කරන්නේ.. මම ඒ ගැන බලගන්නම්... තාත්තා යන වැඩෙ ගැන බලාගන්න... "

" හරි දුව.. ආදිත්‍යව යාලු කරගන්න බලන්නකෝ..."

ප්‍රාති තව පැයක් විතර ආදු එක්ක කාලෙ ගත කරලා කමල් එක්ක ගෙදර ගියා.

ඒ වෙනකොට රෑ නවයට විතර වුනත් ආදි ගෙදර් ඇවිල්ලා හිටියේ නෑ. ප්‍රාති ආදිට කෝල් ගත්තත් ආදි ඒ හැම කෝල් එකම කට් කරා.

" ඔය ෆෝන් එක ආන්ස්වර් කරපන් යකෝ.. ඒ කෙල්ල බයවෙයි..." ආදි හිටියේ තේමිය එක්ක බිබී.

"බය වුන දෙන්... යකෝ ඒකිත් මට හැංගුවා යකෝ මගේ අම්මා ගැන..."

" අනේ මන්දා බන් මට තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා... උබ දැන් ඔහොම බොන්නෙ අරූට වැඩේව්දෙන්න යන්නෙ නැද්ද..."

" යනවා.. අද ඌව මම නොමරා මරනවා.."

ටිකකින් ආදි ගිහින් එයාලාගේ බ්ලැක් සූට් එක ඇඳන් ආවෙ මාස්ක් එකක් දාලා එහෙම. දෙන්නව වෙන කෙනෙක්ට අදුනගන්න බැරි විදිහට තමා ලෑස්තිවෙලා හිටියේ.

ක්ලබ් එකෙ කෙල්ලෙක්ට ගාණක් දීලා මේනක වෙනදා බොන ප්‍රාමාණෙටත් වඩා බලෙන්ම පොවලා ඒ කෙල්ල එක්කම රූම් එකකට මේනකව ගෙන්න ගත්තා.

ඊටපස්සේ තමා දෙන්නා වැඩෙ පටන් ගත්තේ. දෙන්නම එකතුවෙලා මේනකව නොමරා මැරුවේ මේනක වේදනාවෙන් මර හඬ දෙද්දි.

ආදි මේනකගේ කකුලක් තුන් පොලකින් කඩලා දැම්මා අනික් කකුලේ ලොකු කැපුමක් දැම්මා. අතකුත් කඩලා උරහිස ළඟටත් ගැහුවෙ එතනත් ඇට කුඩු වෙලා යද්දි. ඇඟපුරාම කැපුම් දැම්මේ ආදිව ලේවලින් නෑවෙද්දි.

අන්තිමට තේමිය ආදිව නැවැත්තුවේ තව ටිකක් මේනකට වද දුන්නොත් මැරිලා යන හින්දා.

ඊටපස්සේ ඒ දෙන්නම මේනකව හොස්පිටල් එකක් ඉස්සරහින් විසිකරලා යන්න ගියා.

ආදි එයාගේ ගෙදර යන්න යන එක දැකලා තේමිය,

" උබ ගෙදර යන්නෙ නැද්ද..."

"ගෙදර තමා යන්නේ.. උබට පයිත්තියන්ද..."

" මට නෙවෙයි තොට... යමන් මහගෙදර.. අර කෙල්ල එහෙ තනියම නේද... "

" තනියම හිටපුදෙන්..."

" ආදි... උබ නංගි ඇයි එහෙම කරේ කියලා ඇහුවද කොයි වෙලේවත... ආ... ඒ කෙල්ල එහෙම කරන්න හේතුවක් ඇති.. යමන් ගෙදර... බලපන් උබේ ෆොන් එක අරන් ඒ කෙල්ල කෝල් කීයක් නම් අරන්ද.. මැසේජ් කීයක් නම් දාලද කියලා.... "

ආදි තේමිය කිව්ව හින්දා ෆෝන් එක අරන් බැලුවා. ප්‍රාති ආදිට කෝල් 524ක් අරගෙන... මැසේජ් 3215ක්...

ආදි කාර් එක හරවගෙන ආයේ ගෙදර යන්න ගියා. ඒ අතරේ ආයෙමත් කෝල් ආවා ප්‍රාතිගෙන්. ඒත් ආදි ඒවා ආන්ස්වර් කරේ නෑ.

ආදි ගිහින් කාර් එක නතර කරපු ගමන් ප්‍රාති දුවගෙන ඇවිල්ලා ආදිව බදාගත්තා.

ප්‍රාති ආදී එනකන් සීතලේ පැය ගාණක් ගාඩ්න් එකට වෙලා බලන් හිටියා.

" ප්‍රාතිහාරි... තමුසේ මේ සීතලේ ගාඩ්න් එකේද හිටියේ... මොළේ නැද්ද..."

ප්‍රාති ආදිගේ ෂර්ට් එකෙන් ඇදලා අරන් ආදිගේ තොල් සිපගත්තේ ආදිගේ ඇඟට නඟිමින්. ආදිගේ ඉණ වටේ කකුල් යවලා ආදිව තදින් බදාගෙන ආදිව සිපගත්තා.

ප්‍රාති එක්ක මොන තරහෙන් හිටියත ආදිට ප්‍රාතිව දැක්ක ගමන් ඒ තරහා අඩුවනා. ආදි ප්‍රාතිව එහෙම්ම බිත්තියට හේත්තු කාගෙන තදින් සිපගත්තේ ප්‍රාතිගේ දෙතොල්ව ලේ රස ආදි දැනෙද්දි.

එතනින් නොනැවති ආදි ප්‍රාතිව උස්සන් ගිහින් ඇඳෙන් දාලා ප්‍රාතිගේ බෙල්ල සිපගත්තේ බෙල්ලෙයි පපුවෙන් රතු සලකුණු ගොඩාක් ඉතිරි කරමින්.

ඊටපස්සේ ආදි ප්‍රාතිගෙන් ඈත් වෙන්න හැදුවත ආදිව නවත්තපු ප්‍රාතිගේ ෂර්ට් එකේ බට්න් එකින් එක ගැලෙව්වෙ ඊළඟ පියවරට යන්න එයාම මූලිකත්වේ අරන්.

අනුරාගී හෝරාවන් දෙකක්ට පස්සේ ආදි ප්‍රාතිගේ මූණ දිහා බලන් හිටියේ හැමදාම වගේ වශීවෙලා.

" අයියේ.. මට සමාවෙන්න... මම ඔයාගෙන් මේ දෙවල් හැංඟුවට... ඒත් අයියේ ඒ වෙලාවේ කරන්න තිබ්බ හොඳම දේ හින්දා මමත් නොකියා හිටියේ... ඒත් ඔයා තුවාල වෙලා එනකොට මට තවත් ඉවසන්න බැරිවුනා.. ඒකයි මම බලෙන්ම තාත්තාට කියලා ඔයාව අද එක්කන්ගියේ... ප්ලීස් මට සමාව දෙන්න..."

" සමාව... සමාව දෙන්න නම්.. ටිකක්.. අමරුයි..." ආදි තොලක් හපාගෙන සරාගි හඬකින් ප්‍රාතිට කිව්වා.

" එහෙනම්... මෙහෙම.. " කියලා ප්‍රාති ආදිව සිප ගත්තේ ආයෙමත් අනුරාගී මොහොතකට මුල පුරමින්.


දෙන්නා පහුවදා නැගිටිනකොට සෑහෙන්න දවල් වෙලා.

දෙන්නා දවල්ට කන්න කියලා පහළට ගිහාම තමා රීටම්මා ප්‍රාතිට මේනක කාගෙන්ද මන්දා හොඳටම ගුටිකාලා හොස්පිටල් එකේ කියලා කිව්වේ.

" කමල් නම් ඇවිල්ලා කිව්වෙ තව මාස තුනහතරකට නැගිටගන්න බැරිවෙයි කියලා.."රීටම්මා.

ප්‍රාති ආදිගේ මූණ දිහ බැලුවේ ඒක ආදිගේ වැඩක් කියලා දන්න නිසා.

එදා දවසේ දෙන්නා කරේ ආදුට කාමරයක් ලෑස්ති කරපු එක. ඊටපස්සේ හවස දෙන්නත් එක්ක ළමා නිවාසෙටත් ගිහින් ආවා.


පහුවදා ප්‍රාති ආදිව ඔෆිස් එකට යවලා එයා bllack & white එකට යනවා කියලා ආදිට කියලා ගියේ airport එකට.

මොකද ප්‍රාතිට අර සිද්ධිය හරියටම දැනගන්න ඕනේ වුනා.

ප්‍රාතිට airport එකෙ එයාලාගේ staff එක වැඩ කරන හැම තැනටම යන්න access තිබ්බා. ඉතින් ප්‍රාති එයාව කෙනෙක්ට අමාරුවෙන්න කැප් එකකුයි මාස්ක් එකකුයි දාගෙන ගියේ බැගේජ් ෆල්යිට් එකට යවන තැනට.

ඒ ගිහින් වෙන දේවල් හොරෙන් රෙකෝඩ් කරගත්තා.

ඊටපස්සේ බැගේජ් ටික රූම් එකකට අරන් ගියාම ප්‍රාති හිමීට ඒ රූම් එකට රිංගගත්තේ අර extra weight එකේ මොනාද තියෙන්නෙ බලන්න.

ප්‍රාති එහෙම බලන් ඉන්න අතරේ තමා දැක්කේ පොඩි අයිස් පෙට්ටි වගේ ඒ කියන්නේ අර මාලු දාන අයිස් පෙට්ටි නෙව්‍යි මෙඩිකල් බොක්ස්...

ප්‍රාති හිමීට ඒවා ළඟට ගිහින් එකක් අරින්න යනකොට එළියෙන් අඩි සද්දයක් ඇහුනා. ප්‍රාතිට එකපාර හැංංගෙන්න තැනක් හිතාගන්න බැරිවුනා.

දොරෙ අඟුල කරකවන සද්දෙ ඇහෙද්දිම කවුද කෙනෙක් ප්‍රාතිව කොණකට ඇදලා අරන් ප්‍රාතිගේ කට අතින් වැහුවා...


_______________________________________

කවුරු වෙන්න ඇද්ද...

මම හිතන්නේ කාටවත් ගෙස් කරන්න බැරිවෙයි😉 හැබැයි ඉතින් ගෙස් කරොත් වැඩ්ඩෙක් තමා

reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page