Dangerously yours...
Pari🖤
24th Blood...
https://telegra.ph/Dangerously-yours-05-21
25th blood....
" බබා.. මොකද මේ...." කියලා ආදි ප්රාතිගේ පිට අතගෑවා.
තවත් ටික වෙලාවක් වමනේ කරපු ප්රාති ආදිගේ ඇඟට වාරුවුනේ පණ නැතුව
" බබා... ඔයා ප්රෙග්නන්ට් ද..."
" අයියෝ නෑ අයියේ... I'm on my period.."
" ඒත් මෙච්චර අමාරු... බලන්න ඔයාට හිටන් ඉන්නවත් පණක් නෑ.. ඔය ඇඳන් ඉන්න එක හොඳයි යන් හොස්පිටල්..."
" අයියේ... මේක මට සාමාන්ය දෙයක්... තව ටිකකින් අඩුවෙලා යයි..."
" ඒත්..."
"අයියේ.. බය වෙන්නෙපා... මම හොඳින්... මට vomit වුනාම මේ තියන අමාරු අඩුවෙනවා.. දැන් අඩුවෙලා යයි.."
" ශුවර්ද.."
" 100%..."
ආදි ප්රාතිව උස්සන් ඇවිල්ලා ඇඳ උඩින් තියලා බෙඩ්ශීට් එකත් පෙරෙව්වා.
" බබා ඔයාව හොඳටම සීතල වෙලා..." කියන ගමන් ආදි ඒසී එකත් ඕෆ් කරලා දැම්මා.
ඊටපස්සේ ආදි පහළට යන්න ගියේ ප්රාතිට මොනාද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා රීටාම්මාගෙන් අහන්න. මොකද ආදි ත්රීශා එක්ක යාලු වෙලා හිටියට ත්රීශා periods වෙලාවට මෙච්චර වේදනාවෙන් ඉන්නවා ආදි දැකලා නෑ.
ප්රාතිගේ මූණත් එක්කම ස්දුමැලි වෙලා තිබ්බේ.
" අයියේ කොහෙද යන්නේ..."
"මං රීටාම්මා ළඟට ගිහින් එන්නම්..."
" රීටාම්මා නිදි අයියේ... යන්නෙපා එන්නකෝ..." කියලා ප්රාති ආදිගේ අතින් අල්ලගත්තා.
"ඒත බබා ඔයාගෙ pain එක ටිකක් හරි අඩු කරන්න මොනාහරි කරන්නෙපැයි..."
" එන්නකෝ එහෙනම්.." කියලා ප්රාති ආදිව ළඟට ගත්තා.
ප්රාති එයාට පොරවලා තිබ්බ බෙඩ්ශීට් එක පාත් කරලා එයා ඇඳන් හිටිය ඇඳුම එහා මෙහා කරලා ආදිගේ අත අරන් කුස උඩින් තියාගත්තා.
ආදිට මේ දේ පුරුදු දෙයක් නෙවෙයි වුනත් ආදි දැක්කා ආදිගේ අත කුස උඩින් තියාගන්නකොට ප්රාතිගේ මූණට ආව සැනසීම.
ආදි හිමින් හිමින් ප්රාතිගේ කුස පිරිමැද්දා. ටික වෙලාවකින් ප්රාතිට නින්ද ගිය හින්දා ආදි ප්රාතිගේ කුසින් අත තියාගෙන ප්රාතිව තුරුලු කරන් නිදාගත්තා.
පහුවදා උදේ ආදි නැගිටිද්දි ප්රාති නිදී. ආදි හිමින් ප්රාතිගේ මූණ අතගෑවා.
" ම්ම්හ්... අයියේ..."
" නැගිට්ටද.. මැණික...."
" හ්ම්ම්... ගුඩ් මෝනින්..."
" ගුඩ් මෝනින්... ඔන්න ඉන්න මම කිරි එකක් හදන් එන්නම් ඔයාට..."
" පිස්සුද අයියේ... මම හදන් එන්නම්...."
" බලන්න ඔයාට ඇඟට පණක්වත් නෑනේ බබා..."
" අයියේ මට දැන් හොඳයි... හොඳට හොඳයි ඔන්න බලන්නකෝ..." කියලා ප්රාති නැගිටින්න හැදුවා.
ඒත් ඉතින් ආදි ආයෙමත් ප්රාතිව ඇදලා අරන් ප්රාතිගේ පපුව අස්ස් මූණ ඔබා ගත්තා. ප්රාති හිමින් ආදිගේ ඔලුව අතගෑවා.
" බබා.. ඔයාට හැම මාසේම මෙහෙම අමාරුවෙනවද..."
" ඔව් අයියේ.. සමහර මාසවල ගොඩාක් අමාරුයි.. ඊයේ වගේ.. සමහර මාසවල මම කලින්ම painkillers බොනවා... "
" ඩොක්ටර් කෙනෙක් channel කරේ නැද්ද.."
" ඔව් මම බෙහෙතුත් ගත්තා ඒත් වැඩක් වුනේ නෑ.. ඩොක්ටර් කිව්වෙ කාලයක් යද්දි හරියයි කියලා මැරි කරාම හරියයි කිව්වා..."
" ඒත් ඉතින් දැන් අපි මැරි කරලානේ ඉන්නේ..."
"අයියෝ අයියේ තාම මාසයක්වත් නෑනේ ඉතින්.. තව ටික කාලයක් යද්දි හරියයි..."
" හැබැයි අඩුවුනේ නැත්තන් ආයෙමත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු හරිද... අද ඔෆිස් යන්න ඕන්නෑ ඔහොම ඉන්න..."
" අනේ අයියේ.. මට දැන් හොඳයි අනේ.. මම ඊයේ ඔෆිස් එකේ හිටියෙත් නෑනේ..."
" හරි හැබැයි මට පේන මානෙම ඉන්න ඕනේ..."
" ඕකේ... ඔයා වොෂ් දාන් එන්නකෝ මම කිරි හදන් එන්නම්..." කියලා ප්රාති ආදිව ඈත් කරලා නැගිටලා ගියා.
දෙන්නම ඔෆිස් ගියාට පස්සෙ වැඩවලට හිරවුනේ හිතාගන්න බැරිවිදිහට. මේ අතරේ තමා ප්රාතිට පොඩි දෙයක් අහුවුනේ. ඒක දැක්ක ගමන් ප්රාති ආදිව හොයාගෙන ගියා.
" අයියේ... මේ බලන්නකෝ... මෙතන ඇයි මේ තරන් අඩුවෙන් තියෙන්නේ.. පහුගිය මාස ගාණේම ඒ විදිහටමනෙ වෙලා තියෙන්නේ..."
ආදි ප්රාති ඒ පෙන්නපු ෆයිල් මුල ඉඳලා බලන්න ගත්තේ කර කර හිටිය වැඩේ නතර කරලා.
ඒක බලපු ආදි තරහින් ෆයිල් එක මේසේ උඩට විසි කාරා.
" මේක යටින් මොකක් හරි ගේමක් යනවා... නැත්තන් කාගෝ එකට මෙච්චර අඩු weight එකක් යවන්නේ මොකටද.. අපිට මෙතන තව 5000ක් විතර වැඩිපුර දාන්නත් පුලුවන්.."
" අයියේ... මේක මේ පහුගිය කාලෙම වෙලා තියනවා... හැබැයි ඒක වෙලා තියෙන්නේ middle east country පැත්තේ වැඩිහරියක්... බලන්නකෝ ඩුබායි ඕමාන් ගියපු flightවල තමා මේ error එක තියෙන්නෙ.."
" ඔව් ඒක ඇත්ත.... ප්රාතිහාරි දැන්ම යන් airport එකට... හැබැයි තව දෙයක්... මේක අපි දෙන්නා විතරක් දැනගත්තම ඇති... මොකද මට මේ ඔෆිස් එකේ ඉන්න උන්ව ශුවර් නෑ..."
" ඒක ඇත්ත අයියේ... දැන් ලන්ච් ටයිම් එකනේ.. අපි දෙන්නා ලන්ච් එකට යනවා වගේ යන්..."
ටිකකින් දෙන්නා එක්කම ආවෙව් airport එකට. ඒ ඇවිල්ලා දෙන්නා එක්කම පැත්තකට වෙලා බලන් හිටියේ කට්ටිය check-in වෙන විදිහ.
ටික වෙලාවකින් ඩුබායිවලට යන්න තිබ්බ ඒ flight එකේ boarding gate close කරා.
" බබා.. ලැප් එක ගෙනාවද..."
" ඔව් අයියේ..."
" දෙන්නකෝ..."
ආදි ප්රාතිගෙන් ලැප් එක ඉල්ලගෙන මොනාද මන්දා කෝඩ් වගයක් ටයිප් කරන් ගියේ විදුලි වේගෙන්. විනාඩි පහක් යද්දි ආදි එයාලාගේ කම්පැනි එකේ සිස්ටම් එක හැක් කළා.
" අයියේ ඔයාට හැකින් පුලුවන්ද..." ප්රාති පුදුමෙන් ඇහුවා.
" හ්ම්ම්... "
" ඒත් ඇයි ඔයා අපේ සිස්ටම් එක හැක් කලේ... අපිටම ලොග් වෙන්න පුලුවන්නේ.."
" බබා... ඔයා හිතනවද මේක ඇතුළේ මේක කරන වුන් අපිට පෙන්න කරයි කියලා.. ඉන්නකෝ බොරු නම් මම පෙන්නන්න... " කියලා ආදි එයාලාගේ වෙබ්සයිට් එකට ලොග් වුනා.
ආදි කිව්ව වගේම තමා වෙලා තිබ්බේ.
" අයියේ... මේක ඇතුළේ මොකක්ද මේ වෙන්නේ... බලන් ගිහාම කාගොවල විතරක් නෙවෙයිනේ මේ දේ වෙන්නේ... "
" ඒක තමා මටත් හිතාගන්න බැරි... ප්රාතිහාරි මේ දේ සෑහෙන කාලෙක ඉඳන් වෙන දෙයක්.. අපි දෙන්නට මේක පැයෙන් දෙකෙන් හොයන්න බෑ ඒ හින්දා දැන් අපි යන්... මොකද මුන් මේක නතා කරන්නෙ නෑනේ.. අපි දෙන්නා හිමීට ඇලට් එකේ ඉඳලා වැඩේ දෙමු... "
" ඔව් එහෙම කරමු අයියේ... ඒත් අපි දෙන්නට විතරක් මේ දේ කරන්න පුලුවන් වෙයිද..."
" නෑ අපිට තනියම කරන්න බෑ.. ඒත් උදව් ගන්ඩ අය ඉන්නවා.. දැන් යමු.."
ආදි ඊටපස්සෙ ප්රාතිව එක්කන් restaurant එකකට ආවේ lunch එක ගන්න.
lunch එක ගන්න අතරේ ආදි හිටියේ වෙන කල්පනාවක.
" අයියේ.. අයියේ..." ප්රාති කතා කළත් ආදිට නෙවෙයි ඇහුනේ.
ප්රාති ආදිගේ ඉස්සාහින් අත යැව්වම තමා ආදි පියවි සිහියට ආවෙ.
" අහ්..."
" අයියෙ මොනාද ඔච්චර කල්පනා කරන්නේ..."
" මම මේ කල්පනා කරේ තත්තා ඇයි මටම කම්පැනිය භාර දුන්නෙ කියලා..."
" ඒ කිව්වෙ..."
" මම මගේ කම්පැනිය පටන් අරන් පැත්තකට වෙලානේ හිටියේ... අනික මේනක කම්පැනියේ වැඩ දැන් අවුරුදු පහක විතර ඉඳන්... මේනකට භාර දෙන්න පුලුවන්කම හොඳටම තිබ්බා ඌට experience තියන හින්දා... ඒත් ඇයි මට භාර දුන්නේ... මම කැමති නෑ කියලා දැන දැනත්... "
" අයියේ.. අංකල්ට මොකක් හරි විශේෂ හේතුවක් ඇති... සමහරවිට මේනකගේ හැටි දන්නවද දන්නෙ නෑනේ.."
" හහ්... තාත්තා.. මෙනකගේ හැටි.. තාත්තා මේනකගේ වැඩ ඉස්සරහා හැසිරෙන්නේ අන්දයෙක් වගේ... ඒත් මගේ අතින් මොකක් හරි වුනාම... ඒවා කියලා වැඩක් නෑ... "
" අයියේ... ඒත් හිතන්නකෝ අංකල් කම්පැනිය ඔයාට භාර දීලා පැත්තකටම වුනා... ඒ කියන්නේ මේ වැඩවලට සමහරවිට අංකල්ගේ සම්බන්ධයක් නැතිවෙන්න පුලුවන් නේද.." ප්රාති ආදිගේ අවදානේ ආයෙමත් එයාලාගේ මූලික දේට යොමු කරමින් කිව්වා.
" ඔව් එතනත් පොඩි දෙයක් තියනවා.. මොකද ඕක මට අහුවෙයි හරි මම වැඩ භාර ගත්තම කරන් යන්න බැරිවෙයි කියන දේ හරි තියෙන්න ඕනනේ.."
" ඒකනේ අයියේ... ඒත් අපි අංකල්ව සැක නොකර ඉන්නත් හොඳ නෑ... අනික් දේ තමා මොනාද මේ එහාට මෙහාට යන්නෙ කියන දේ හොයාගන්න ඕනේ.. මොකද අයියේ බැරිවෙලාවත් illegal වැඩක් වෙනවා නම් කම්පැනි එකට ප්රශ්නයක් වෙන්න පුලුවන්..."
"illegal දෙයක් වෙනවා නම් නෙවෙයි... වෙන්නේ illegal දෙයක් වෙන්න ඕනේ... ඒක මොකක්ද කියලා..." ආදිගේ කතාවට බාධා කරමින් කෝල් එකක් ආවෙ තේමියගෙන්.
" කියපන්..."
" අද රෑට උබ එනවනේ..."
" ඔව් ඔව්... ඒක ශුවර් උබ වෙලාව සෙට් කරලා කියපන්කෝ මම ඒ ටයිම් එකට එන්නම්.."
" හය වෙද්දිවත වරෙන් ප්ලෑන් එක කතා කරගන්නත් එපැයි... ආහ් මේ තව දෙයක්... මේක අස්සට පොලිස්කාරයෙක් රිංගලා තියනවා.."
" ඒ කිව්වේ... "
" අපේ පස්සෙන් පහුගිය ටිකේ පොලිසියෙන් පන්නලා තියනවා හැබැයි ලංකාවේ නෙවෙයි..."
" එහෙනම්..."
" world..."
" ඒ මොන මඟුලකටද..."
" ඒක මම දන්න්නෙත නෑ බන්.. උබ පොඩ්ඩක් වේලාසනින් වරෙන්කෝ.. ආ තව දෙයක් අරුන් තාම අපෙන් නැව ගන්න වැඩෙ අතහැරලා නෑ ඒ හින්දා නංගිව පරිස්සම් කරගනින්... උන්ට ගියපාර මිස් වුනාට ඊළඟ සැරේ එහෙම වෙන්න දෙන්නෙ නැතිවෙයි...."
" මම එයාට සීරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ බන්..." කියලා ආදි කිව්වෙ ප්රාති දිහා බලන්.
ප්රාති ආදිගේ කෝල් එකට අවදානේ නුදුන්නත් ආදි කිව්ව මේ දේ ප්රාතිගේ අවදානේ ගත්තා.
" හරි මං හවසට එන්නන්කෝ..."
කාලා බීලා ඉවර කරලා දෙන්නත් එක්ක ආයේ ඔෆිස් එකට ගියා.
ආදි මීටින් එකක් කැඳවලා කට්ටියගේ uniform මාරු කරලා විදිහ ගැන කතා කරා. ඒත් ඉතින් මේනක ඒකට විරුද්ධ වුනේ මේනකගේ පාරෙ ඉන්න අනික් අයත් ඒකට විරුද්ධ වෙද්දි.
මේ නිසා ආදිව පක්ෂව හිටිය අය ප්රමාණේ අඩුවෙලා ඒ තීරණේ ඉවත් කරගන්න තැනටම ආවා.
ඒත් මේ වෙලාවේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ප්රාති කතා කරා.
" ටිකක් මේ දේත් අහන්න.. ඇත්තටම කිව්වොත් මේ දේ අපි විතරක් තීරණය කරන්න ඕනේ දෙයක් නෙවෙයි මොකද අපේ crew එක තමා uniform අඳින්නේ... අපි එයාලාගෙන් voting එකක් ගමු... මොකද එයාලාගේ පහසුව තමා වැදගත්ම වෙන්නේ.. අනික් දේ මිස්ටර් මේනක ඇයි මේකට විරුද්ධ වෙන්නේ design එකේවත් අවුලක් තියනවද..."
" නෑ design එකේ කිසිම අවුලක් නෑ.. හැබැයි අපිට මේ වෙලේ marketingවලට ගාණක් ඕනේ වෙලා තියෙද්දි මේ වගේ වැඩකට නැති දේකට මොකටද සල්ලි යට කරන්නේ..."
" මිස්ටර් මේනක අපි uniform change කරලා කරන්නෙත් marketing වැඩක් තමා.. අනික ඔයා ඔච්චර කියන්නෙ marketingවලට ගාණක් යට කරන්න ඕනේ කියලා ඔයා ඇයි website එක update කරන්නෙ නැත්තේ... දැන් අවුරුදු ගාණක ඉඳන් එකම විදිහනේ.. එතනට එහෙම ලොකු ගාණක් ඕනේ නෑනේ..."
මේනකට කට උත්තර නැතුව ගියා ප්රාති කිව්ව දේත් එක්ක.
" එහෙනම් අපි මිස් ප්රාතිහාරි කිව්ව් විදිහට කරමු.. ඊළඟ දවස් තුනේ voting තියමු.. එහෙනම් මීටින් එක ඉවරයි..." කිව්ව ආදි නැගිටලා ගියා.
හවස ප්රාතිව ගෙදරින් ඇරලවපු ආදි,
" බබා මම ගමනක් යනවා... ගිහින් ඇවිත් මම ඔයාට විස්තර කියන්නම්... මම එන්න ටිකක් රෑවෙයි ඔයා කාලා බීලා නිදාගන්න...."
"හරි අයියේ පරිස්සමින්..."
ආදි එහෙම කියලා ගියත් ප්රාතිට ආදි නැතුව කන්න හිතක් තිබ්බෙ නෑ. ඒ හින්දා ප්රාති දවස් සිද්ධිය ගැන තව ටිකක් හොයලා බැලුවේ තව මොනාහරි අලුත් දේවල් තියනවද කියලා හොයාගන්න.
මේ අතරේ ආදිලා ගිහින් අර හොස්පිටල් එක ඇතුළට පැනගත්ත්
ආදියි තේමියයි දෙන්නා ඩොක්ටර්ලා විදිහට ඇඳගෙන මාස්ක් දෙකකුත් දාගෙන ගියේ අම්මව හොයන්න. ඒ අතරේ ආදිගේ අනික් පිරිසත කොටසක් වටේ මුර කරා ඉතුරු අයත් ඇටෙන්ඩන්ට්ලා වගේ ඇඳන් අම්මව හෙව්වා.
ඒ අතරේ තමා ආදිට ටිකක් සැකසහිත විදිහට හැසිරෙන මිනෙහ්ක්ව හම්බුනේ. ඒ මිනිහත් මොනාහරි දෙයක් හොයනවා කියලා ආදිට තේරුනා.
ආදි හිමින් සැරේ ඒ මිනිහා පස්සෙන් හිටියේ තේමියව අම්මා හොයන වැඩේට යවලා.
ඒ එක්කම ඒ කෙනාට කෝල් එකක් ආවේ ආදි හැංඟිලා ඒ දේට සවන් දෙද්දි.
" බොස්... මම හැමතැනම හෙව්වා... අපේ කොල්ලොත් හෙව්වා.. ඒත් තාම ගෑනිව හම්බුනේ නෑනේ...
"-----------"
" ඒත් බොසා අපි හැමතැනම බැලුවා නිරාෂා කියලා එකියක් නැ මේකේ.."
ඒක ඇහුනම ආදිට තේරුනා මුන් එයාගෙ අම්මාව හොයාගෙන ආවේ කියලා.
ආදිට තියන තව ලෙඩක් තමා තරහා පාලනේ කරගන්න බැරිකම. ඉතින් ආදි දෙපාරක් හිතන්නෙ නැතුව අරකාව් බිම පෙරගෙන ගහන්න ගත්තා.
" උබ මොකටද මගේ අම්මව හොයන්නේ... කියපන්..."
" අතහැරපන් මාව... අතහැරපන්...."
" උබව අතහරින්න ඕන්නන් කියපන්... මොකටද උබ මගේ අම්මව හොයන්නේ.." ආදි උගේ බෙල්ලෙන් අල්ලන් ඇහුවා.
ඒත් ඉතින් මේ ආදි ඉස්සරහා හිටිය එකත එසේ මෙසේ එකෙක් නෙවෙයි ඌ ඒ ළඟ තිබ්බ ට්රොලියකින් surgical blade එකක් අරන් ආදිව අත කැපුවේ ආදි වේදනාව හින්ද ඌව අතහරිද්දි.
" ආදිත්ය උබ්ට අපි වැඩිකල් නටන්න දෙන්නෙ නෑ... උබ ආවෙත් උබේ අම්මව හොයාගෙනද ඒ ගැනි මෙහෙ නෑ..." කිව්ව ඒ මිනිහා පැනලා දිව්වා.
ආදි ඒ මිනාහව හොයාගෙන පස්සෙන් ගියත් ගිය තැනක් හොයාගන්න බැරිවුනා.
" තෙමියා... නවත්තපන්... අම්මා මෙහෙ නෑ..."
" ඒකනේ බන්.. අපේ උන් බලන්න තියන තැන් හැමතැනම හෙව්වා..."
" හරි කාර් එක ළඟට වරෙන්.."
ආදි කාර් එක ළඟට ගියේ අතින් ලේ පෙරි පෙරි. අරූ ආදිගේ අත ගැඹුරටම කපලා තිබ්බා. අත හිරිවැටිලා හින්දා ආදිට වේදනාවක් දැනුනේත් නෑ.
" අඩෙහ්... උබේ අතට මොකද වුනේ.."
" අම්මව හොයන් ආව එකම වුන් අපි විතාක් නෙව්ව්යි බන්..."
" එහ්නම්..."
" ඒ ආව එකෙක් තමා මේක කරෙ... ෂික් ඌ පැනගත්තනෙ..."
තේමිය ආදිගේ අතට බෙහෙත් දාලම ගෙදර ගෙනැත් ඇරලුවා.
" මේ උබ ඔය අත එහෙම තෙමා ගන්නවා නෙවෙයි ඈ.."
" හරි හරි පලයන් දැන්..."
මේ වෙනකොට රෑ දොළහත් පහුවෙලා හින්දා ආදි හිතුවේ ප්රාති නිදි ඇති කියලා. ඒ හින්දා හිමීට ඇවිත් රූම් එකේ දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා.
ප්රාති තාමත් අර විස්තා හොයන ගමන් හිටියේ. එකපාර රූම් එකේ අඟුල කැරකෙනකොට ප්රාති බය වුනේ මේනකවත් ඇවිල්ලද කියලා කෙල්ලට කරදර කරන්න.
ප්රාති පලතුරු කපන්න තියලා තිබ්බ පිහියත අරන් දොර ළඟට ගියේ සැකෙන් සැකෙන්.
දොර ළඟ හිටිය ආදි දොර යටින් කවුරුහරි යනවා දැක්ක හින්දා ප්රාති තාම නිදි නාඅ කියලා කතා කළා.
" බබා... මේ දොර අරින්න..."
" අයියේ ඔයා ආවද..." කියන ගමන් ප්රාති දොර ඇරියා.
" ඒයි මොකද මේ පිහියක් තියාගෙන..."
" ආ.. මේ ආත්මාරක්ෂාවට...." කියපු ප්රාති පිහිය පැත්තකින් තිබ්බා.
" අම්මෝ...මහන්සියි... ඔයා කෑවද..."
" නෑ අයියේ... ඔයා වොෂ් දන් එන්න මම කන්න අරන් එන්නම්.."
"අයියෝ පිස්සියේ.. මොකද කෑවේ නැත්තේ මම කියලානේ ගියේ..."
"ඒත් මට අයියා නැතුව කන්න හිතුනේ නෑ..." කිව්ව ප්රාති පහළට ගියා.
ප්රාති ගිය සැනින් ආදි ඉක්මනට වොෂ් දාගෙන ලේ තැවරිලා තිබ්බ ඇඳුම ඩස්බින් දැම්මේ ප්රාතිගේ ඇස් නොගැටෙන විදිහට.
ප්රාති එන්න කලින් අත් දිග ෂර්ට් එකකුත් ඇදගත්තා.
" අයියේ.. මං කවන්නද..."
" හා.. මරුනේ..."
ප්රාති ආදිටත් කවලා එහෙම ඉවර වෙලා දෙන්නා එක්ක නිදාගන්න ලෑස්තිවුනා.
" අයියේ.. අද මොකද ඔයා ඔය දිගට ඇදගෙන... සීතලද..." ප්රාති එහෙම ඇහුවේ මොකද ආදි ගොඩාක් වෙලාවට රෑට ෂර්ට් අදින්නෙ නැති හින්දා.
" ආ... අද ටිකක් සීතලයිනේ.. ඒකයි..."
ප්රාතිට සැකයක් හිතුනේ නෑ ඉතින්. ප්රාති ආදිගේ තුරුලට ගිහින් ආදිගේ අර තුවාල වුන අත අරන් එයාගේ පපුවට තුරුල් කරගත්තා.
ඒ වෙලාවේ නම් ආදිට තවත් ඒක හංඟන්න බැරිවුනා. මොකද මේ වෙනකොට ආදිගේ අතේ හිරියත් ඇරෙන ගමන් තිබ්බේ.
" ආව්..."
" අයියේ ඇයි මොකද වුනෙ.." කියලා අහන ගමන් ප්රාති ලයිට් එක දැම්මා.
ආදි වේදනාවෙන් අත අල්ලගත්තා. ප්රාති ආදිගේ ෂර්ට් එකේ අත උස්සලා බලද්දි තමා දැක්කෙ වෙලුම්පටි.
" අයියේ... මොකද වුනේ... ඔයාට කොහොමද තුවාල වුනේ..."
" අහ්.. බය වෙන්නෙපා පොඩි තුවාලයක් බබා..."
" පොඩි... අයියේ පොඩි තුවාලෙකට මෙච්චර වෙලනවද... ප්ලීස් අයියේ මොකද වුනේ කියන්න..." ප්රාතිට ඇඬුනා.
" ඒයි අඬන්නෙපා..."
" එහෙනම් කියන්න මොකද වුනේ කියලා.."
" මම අම්මව හොයන් ගියා බබා... ඒ වෙලේ පොඩි වලියක් ගියා ඒකෙන් තුවාල වුනේ.. බය වෙන්න එපා.. මේක පොඩි දෙයක්..." ආදි ඒ කිව්ව දෙයින් ප්රාතිගේ හිතට දැනුනේ ලොකු වේදනාවක්.
මොකද ප්රාති නිරාෂා ඉන්න තැන දැනන් හිටියත් ආදිට කියන්න පුලුවන් කමක් තිබ්බෙ නැති හින්දා.
" අයියේ... ඔයාට ගොඩාක් රිදෙනවා.. painkillers මොනාහරි දෙන්නද..."
" නෑ බබා.. එපා... මම painkillers අරන් ඉන්නේ... දැන් නිදාගන්න..."
ප්රාති හිමීට ආදිගේ ඒ අත කොහෙවත් වදින්නෙ නැතිවෙන්න කොට්ටයක් උඩින් තියලා ආදි ළඟට යන්නෙ නැතුව පැත්තකට වෙලා නිදාගත්තා.
" බබා.. මොකද මේ.. එන්නක්කෝ මෙහාට..." කියමින් ආදි කතා කරත ප්රාති ඇහුන්නෑ වගේ හිටියා.
" බබා... ඔයා මාත් එක්ක තරහා වුනාද..."
ඒත් ඉතින් ප්රාති සද්ද බද්ද නෑ.
" ආව්...ආහ්...." ආදි එකපාර කෑගහන්න ගත්තේ තුවාල පෑරුන විදිහට.
ඒ පාර නම් ප්රාති ඉක්මනට හැරිලා බැලුවා.
"අයියේ මොකද වුනේ..."
ආදි ප්රාතිව අනිත් අතින් ඇදලා අරන් තුරුල් කරගත්තා.
" මුකුත් වුනේ නෑ.. ඔයා තමා ඈත වුනේ..." කියලා ආදි ප්රාතිව තුරුල් කරග්ත්තා.
ටිකකින් ආදිට දැනුනේ එයාගේ පපුව තෙත්වෙනවා වගේ.
"බබා.. ප්රාතිහාරි.. කෝ බලන්න මං දිහා.... ප්රාතිහාරි..."
ආදි බලෙන්ම වගේ ප්රාතිගේ මූණ බලද්දි දැක්කෙ ප්රාති අඬනවා.
"ඒයි මොකෝ මේ..."
ප්රාති මුකුත් නොකොයා තවත ඇඩුවා.
" බබා ඇයි මේ... ඇයි ඔයා අඬන්නේ... අඬන්නෙපා මැණික.."
" අයියේ... ප්ලීස්.. ආයෙ නම් මේ වගෙ දේවල්වලට යන්නෙපා.. මට ඉන්නෙ ඔයා විතරයි ප්ලීස්.. මට ඔයාවත් නැති කරගන්න බෑ..."
"ඉතින් බබා මට මුකුත් වුනේ නෑනේ..."
" ඒත් අයියේ... මේ වෙලා තියෙන්නෙ මොකක්ද එතකොට... ප්ලීස් අයියේ..."
" හරි බබා.. හරි දැන් නිදාඅන්නකෝ... මම ආයේ යන්නෙ නෑ... " කියලා කිව්ව ආදි ප්රාතිගේ නළල සිපගෙන තුරුල් කරගෙන නිදාගත්තා.
පහුවදා ආදිටත් කලින් නැගිට්ට ප්රාති කෙලින්ම ගියේ සුගත්ව හොයාගෙන.
සුගත් කමල් එක්ක මොනාහරි දෙයක් ගැන කතා කරමින් ඔෆිස් රූම් එකේ හිටියේ.
ප්රාති දොරට ත්ට්ටු කරන්නෙ නැතුව කෙලින්ම ඇතුළට ගියේ සුගත් කමල් දෙන්නා පුදුමෙන් බලන් ඉද්දි.
සුගත් ඉස්සරහට ගිය ප්රාති සුගත් ඉස්සරහා දණ ගැහුවේ මොකක්ද වෙන්නෙ කියලා සුගත්ට හිතාගන්න බැරිවෙද්දි.
______________________________________
ප්රාති මොකක්ද මේ කරන්න යන්නෙ ළමයි... එයා අඅදිට නිරාෂා ගැන කියයිද..
reaction දාන්න.. comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤