Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 23rd Blood...

https://telegra.ph/Dangerously-yours-05-19



24th Blood...

ආදිත් එක්ක ඔෆිස් ගිය ප්‍රාතිට දවල් වෙද්දි සුගත්ගෙන් මැසේජ් එකක් ආවා පහළට එන්න කියලා

" අයියේ... මට ටිකක් ඔලුව රිදෙනවා... ඇඟත් රිදෙනවා.. මම ගෙදර යන්නම්... ප්ලීස්..."

ආදිත් ප්‍රාති අමාරුවෙන් ඉන්න බවක් දැක්ක හින්දා ප්‍රාතිට යන්න කිව්වා.

" මම ඇරලවන්නද ඔයාව..."

" ඕන්නෑ අයියේ මම ටැක්සි එකක යන්නම්... ඔයා පරිස්සමින් ගෙදර එන්න..." කියලා ප්‍රති ඉක්මනට ඔෆිස් එකෙන් එළියට ආවා.

ඒ එද්දි කමල් ප්‍රාතිට කාර් එකේ දොර ඇරියේ ඉක්මනට නඟින්න කියලා.

" හරි යමු එහෙනම්..."



ප්‍රාති ගිහින් විනාඩි දහයකට විතර පස්සෙ ආදිගේ ඔෆිස් එකට තේමිය ආවා.

" උබ මොකද මෙහෙ කරන්නේ..."

" ඇයි අපිට එන්න හොඳ නැද්ද..." කියන ගමන් තේමිය ආදිගේ ඉස්සරහා ඉඳගත්තා.

" උබට ඉතින් එන්න හේතුවක් නෑනේ..."

" මං ආවේ නෑනාව බලන්න... උබ තාම මට පෙන්නුවේ නෑනේ..."

" ප්‍රාතිහාරි නෑ බන්... ගෙදර ගියා ටිකක් අසනීපයි..."

" පොඩ්ඩක් හිටපන්..." කියලා තේමිය ආදි ළඟට ආවා.

" අඩොහ්.. උබේ බෙල්ල කෑවේ කවුද.." කියලා තේමිය ආදිගේ ෂර්ට් කොලර් එක පාත් කරමින් ඇහුවා.

ආදිට හොඳ මනමාල හිනාවක් ගියේ තේමියට වුන දේ හ්තාගන්න පුලුවන් වෙද්දි..

" ආ... ඒක තමා එහෙනම් නෑනටත් සනීප නැත්තේ ..."

" අනේ පල..." ආදි එහෙම කිව්වත් ඇත්තටම ඊයෙ රෑ හින්ද්දද ප්‍රාතිට අසනීප වුනේ කියන එක ඔලුවේ දිව්වා.

" හරි හරි උබ මොකටද ආවේ කියපන්කෝ දැන්වත්..."

" උබේ අම්මව හොයාගත්තා..."

" මොකක්..." කියමින් ආදි එකපාර නැගිට්ටේ පුටුව ගිහින් පිටිපස්සෙ තිබ්බා කබඩ් එකේ වදිද්දී.

" හොස්පිටල් එක හොයාගත්තා... මොකද කියන්නේ අද රෑම ආන්ටිව එතනින් උස්සනවද..."

" ඔව්... අම්මට තවත් දුක් විඳින්න දෙන්න බෑ... අද රෑම අම්මව මගේ අතට ගන්න ඕනේ... ඊටපස්සේ අම්මවයි ප්‍රාතිවයි safety place එකකට යවලා මට මුන් ඔක්කොම ඉවරයක් කරන්න පුලුවන්...."

" උබ ඇත්තටම ප්‍රාතිහාරිට ලව්ද බන්..."

" ඔව්... මම ප්‍රාතිහාරිට ආදරෙයි... ඒක ආයේ හිතන්න දෙයක් නෑ..."

" එතකොට උබ ත්‍රීශාව අතහැරලම දැම්මද..."

" ත්‍රීශා කියන්නේ මගේ අතීතේ... ඒත් ප්‍රාතිහාරි මගෙ වර්තමානෙයි අනාගතෙයි... දැන් ඕක ගැන අමතක කරලා දාපන්.. අද රෑට වැඩේ ලෑස්ති කරපන්... මාත් එනවා.."

" හරි බන්..."

තේමිය ගියාට පස්සෙ ආදි ප්‍රාතිට කෝල් එකක් ගත්තා.

තාමත් සුගත් එක්ක කාර් එකේ යනගමන් හිටිය ප්‍රාති සුගත්ගේ මූණ දිහාත් බලලා කෝල් එක ආන්ස්වර් කරා.

" හෙලෝ අයියේ..."

" තාම ගෙදර ගියේ නැද්ද ප්‍රාතිහාරි..."

" ටිකක් ට්‍රැෆික් අයියේ... "

" එහෙමද... ඔයාට ගොඩාක් අමාරුද ප්‍රාතිහාරි.."

"නෑ අයියේ එච්චර අමාරුවක් නෑ..."

" ඒ වුනාට මගේ හිතට හරි නෑ... මම තව පැය දෙකකින් විතර එන්නම් හොස්පිටල් යන්..."

" අයියෝ පිස්සුද අයියේ... පහුගිය ටිකේ එකදිගට වැඩ කරානේ ඒ හින්දා මේ පැනඩෝල් දෙකක් බීලා නිදාගත්තාම හරියයි... බයවෙන්න එපා... ඔයා ඔෆිස් එකේ වැඩ ටික කරගන්න... අමතක කරන්නෙපා අපිට චැලෙන්ජ් එකක් තියනවා..."

" ඒත් ඔයා අසනීප වෙලා ඉද්දි මම කොහොමද.."

" අයියේ... I'm fine... okay... now relax... පුරුදු වෙලාවටම ගෙදර එන්න මම බලන් ඉන්නවා... ඔයාට ඔච්චරටම මම ගැන දුක නම් එද්දි චොක්ලට් මිල්ක්ෂේක් එකක් අරන් එන්නකෝ..."

" අම්මේ... කපටි ආච්චි..."

" මම ආච්ච් නම් ඔයා සීයා හරිද... දැන් වැඩ කරන්න..."

" හරි හරි පරිස්සමින් යන්න..."


ප්‍රාතිගෙයි ආදිගෙයි සංවාදේ අහන් හිටිය සුගත්ට දැනුනේ මාර සැනසීමක්.

" ඒක නෙවෙයි දෙන්නා දැන් කවද්දා මාව සීයා කෙනෙක් කරන්නේ..." සුගත් ප්‍රාතිගෙන් ඇහුවා.

" අංකල්..."

" නෑ නෑ මම නිකන් ඇහුවේ... ඔයාලා හදිස්සි වෙන්න ඕනේ නෑ දුවේ... ඔයාටත් තව වයස තියනවා.. දෙන්නා ඉස්සරවෙලාම ජීවිතේ විඳලා ඉන්නකෝ..."

" අංකල්... දැන්වත් මට කියනවද මාව කොහෙද මේ එක්කන් යන්නේ කියලා..."

"විශේෂ තැනකට දුව... ගිහාම ඔයා බලාගන්නකෝ..."


විනාඩි දහයකට විතර පස්සෙ ප්‍රාතිලා ආවේ පොඩි වනාන්තරයක් මැද්දෙ තියන ලස්සන ගෙදරකට. කැලයක් මැද්දෙ තිබ්බට ඒක modern house එකක්.


" එන්න චූටි මැඩම්..." කියලා කමල් ප්‍රාතිඅ දොර ඇරියා.

ප්‍රාති සුගත් පස්සෙන්ම ගියේ මේ වගේ තැනකට මොන මඟුලකට එක්කන් ආවද කියලා හිතාගන්න බැරුව.

" තාත්තී...." කියාගෙන එකපාර අවුරුදු 12ක 13ක විතර ගෑනු ළමයෙක් සුගත්ගෙ ඇඟේ එල්ලුනා.

" චූටි දූ.... කෑවද මගෙ දෝනි..." කියලා සුගත් ඒ ළමයාගේ ඔලුව අතගාමින් ඇහුවා.

ප්‍රාතිහාරිට එකපාර මේ වුන දෙ හිතාගන්න බැරිවුනා. ප්‍රාතිට සුගත් ගැන පිලිකුලක් දැනුනේ තවත් ගෑනු කෙනෙක් තියාගෙන තවත ළමයෙක් හදලා කියන සිතුවිල්ල ආපු හින්දා

අර ගෑනු ළමයා ප්‍රාතිගේ අත්දෙකෙන් ඇවිත් අල්ලගත්තේ ප්‍රාති අර කල්පනාවෙන් ඉන්නකොට.

" අක්කී... ඔයා ෆොටෝවලටත් වඩා ලස්සනයිනේ අනේ.. ඔයා සුරංගනාවියක් වගේ..."

" ඔයා මාව දන්න්නවද..."

" ඔව්... ඔයානේ මගේ අයියාව මැරිකරේ..."

ප්‍රාති ප්‍රශ්නාර්ථ බැල්මක් සුගත් දිහාට හෙලුවා.

" දුව මෙ ඉන්නේ ආදිත්‍යගේ නංගී... මගෙයි නිරාෂාගෙයි දුව ආදුලි..."


නිරාෂා කියන්නේ ආදිගේ අම්මා.. එදා ඉරිදා කොහොමහරි ආදි ප්‍රාතිට එයාගේ අම්මගේ ෆොටෝ එකක් පෙන්නලා මේ ඉන්නේ එයාගේඑ අම්මා නිරාෂා කියලා කිව්වා. ඒ වගේම එයාව ආදි අවුරුදු ගාණක් තිස්සෙ හොයන කතාවත් කිව්වා.


" ඒත් අයියාගේ අම්මා නෑනේ..."

" ඉන්නවා දුව... මම අද ඔයාව එක්කන් ආවේ එයාව පෙන්නන්න තමා... එන්නකෝ..." කියලා සුගත් ගියේ සාලේ කෙලවර තිබ්බ කාමරේකට

ඒ කාමරේ හොඳට හිරු එළිය වැටෙන විදිහට කැලේ ලස්සනට පේන විදිහට හදලා තිබ්බේ.

ඒ වගේම ඒ කාමරේ තිබ්බ ඇද උඩ හිටියෙ එදා ආදි පෙන්නපු ෆොටෝ එකෙ හිටිය කෙනා.

අත්වලට කටු ගහලා මැෂින් හයිකරලා හිටිය ඒ කෙනා නිරාෂා.

" අංකල්... ආන්ටි..."

" මීට අවුරුදු 13කට කලින් ඒ කියන්නේ නිරාෂාට ආදුලි හම්බෙන්න ඉද්දි සුසීලා කියන ගෑනි මේනකව එක්කන් අපේ ගෙදර ඇවිල්ලා තිබ්බා. ඒ වෙලේ මම ගෙදර හිටියේ නෑ. ආදිත් ක්ලාස් ගිහින් ඉදලා තිබ්බේ. එදා සුසීලායි නිරාෂායි අතරෙ බහින්බස් වීමක් ගිහින් සුසීලා නිරාෂාව තල්ලු කරලා තියනවා. ඒකෙන් නිරාෂාට අමාරු වුනත් සුසීලා ගණන්වත් ගන්නෙ නැතුව ගිහින් තිබ්බා.. දුව ඒ දවස්වල ගෙදර ඔය වගෙ ගාඩ්ලා හිටියෙත් නෑ රීටාම්මා හිටියෙත් නෑ.. ඉතින් මගේ අසරණි ලේ විලක් මැද්දෙ වැටිලා ඉඳලා තිබ්බේ ආදිත්‍ය එනකන්... ආදිත්‍යට එතකොට අවුරුදු 14ක් විතර කොල්ලා ක්ලාස් ඉවර වෙලා ගෙදර එද්දි නිරාෂා ඉන්න විදිහ දැකලා මට කෝල් කරලා ඇඬුවා. ඒ වෙලාවෙම ආදිත්‍ය ඩ්‍රයිවර් එක්ක එකතුවෙලා නිරාෂාව හොස්පිටල් එක්කන් යන්න ගිහින් ඒත් ඒ අතරමඟදි කාර් එක ඇක්සිඩන්ට් වෙලා තිබ්බේ නිරාෂාට තවත් අමාරු වෙද්දි... ආදිත්‍ය නැගිට්ටේ ඇක්සිඩන්ට් එකෙන් දවස් දෙකකට පස්සෙ... බබාව සීසර් කරලා ගත්තත් එයාවත් වීදුරු පෙට්ටියේ දාලා මාස දෙකක්ම තිබ්බෙ ඇක්සිඩන්ට් එකෙන් හානි වෙච්ච හින්දා... එදා කෝමා එකට වැටුනු නිරාෂා අද වෙනකන් ඇහැරුනේ නෑ.. කට්ටිය අතරේ මම ප්‍රචාරය ඇරියේ නිරාෂා මැරුනා කියලා ඒත් ආදිත්‍ය එක දවසක් කොහොමහරි දැනගත්තා නිරාෂා ජීවත්වෙනවා කියලා...මට නිරාෂාව වගේම ආදිත්‍යවත් ආරක්ෂා කරගන්න ඕන හින්දා තමා මම මේ දේවල් ඕකොම කරෙ... මම අදටත් ආදිත්‍යට නිරාෂාව හම්බෙන්නෙ දෙන්නෙ නැත්තෙ ඒ නිසා... මම නිරාෂාව මෙච්චර ආරක්ෂා කරගන්න සෑඑන කට්ටක් කනවා..."


" අංකල්.. ඒත් ඉතින් අයියාට underworld powers තියන එකේ ආන්ටිව පරිස්සම් කරන්න පුලුවනේ..."

" දුව ඔයා මේ ෆීල්ඩ් එක ගැන දන්නේ චූටිම චූටි දේවල් ටිකක් විතරයි.... ඔයාගේ ජීවිතේ වුනත් කොයි තරන් අනතුරකද තියෙන්නෙ කියලා ඔයා දන්නවද... ආදිත්‍යට එයාගේ වැඩ කරගන්න දීලා මම කරන්නේ ඔයාලව ආරක්ෂා කරන එක... මොකද ආදිත්‍ය ඒ වැඩ දෙකම කරන්න ගියොත් එයාට එයාගේ ඉලක්කෙට යන්න බැරිවෙනවා... "

" ඒත් අංකල් ඔයා කොච්චර කාලෙකට අයියාගෙන් මේ දේවල් හංඟන් ඉන්නවද..."

" දුව මම ඒකට තමා ඔයාට කතා කරේ... ආදු කියන්නේ තව දුරටත් පොඩි කෙනෙක් නෙවෙයි.. පිරිමියෙක් වෙච්ච මං එක්ක එයාට හැමදේම කියන්න බෑ... දුවට තේරෙනවනේ මම කියන දේ..."

" ඔව් අංකල්... ඉතින් මම මොකද කරන්න ඕනේ දැන්..."

" දුව පුලුවන්නම් ආදු එක්ක පොඩ්ඩක් කාලේ ගත කරන්න..."

" අංකල් ඒත් මම ඔෆිස් එකට හිර වුනාම එහාට මෙහාට යන්න තියන කාලේ අඩුවෙනවනේ.. අනික අයියාට බොරු කියලා හැම්දාම මට යන්න එන්න බෑනේ.... ඔන්න නංගි ගෙදරවත් හිටියා නම් අවුලක් නෑ..."

" ඒක තමයි දුව.... මම තවදුරටත් ආදිත්‍යට ආදු ගැන හංඟන්න කැමති නෑ... ඒත් මට ආදිත්‍යට මේ ගැන කියන්න තරන් හයියක් නෑ... මොකද කොල්ලා මට තවත් වෛර කරයි මේ ගැන හංඟන් හිටියට... ඒ හින්දා දුව පුලුවන් නම් මට උදව් කරන්න..."

" හරි අංකල් මම අයියා එක්ක ඒ ගැන කතා කරන්නම්... ඒත් මේනක ගෙදර ඉන්න හින්දා නංගිට කරදරයක් වෙයිද.."

" මම මේනකව ගෙදරින් යවන්නම්... මම කොහොමත් මේනකව යවන්න හිටියේ..."

" හරි අංකල්... මම ආදුව ගෙදර එක්කන් එන වැඩේ බලාගන්නම්..." කියලා ප්‍රාති එයා ළඟට වෙලා හිටිය ආදුගේ ඔලුව අතගෑවා.

" ඒ කියන්නේ මට අයියයි අක්කියි එක්ක ඉන්න පුලුවන්..."

" ඔව් ආදු...."

" අනේ ශෝක්නේ... එතකොට අම්මා...."

" දූ අපි අම්මව හොඳ කරගන්න ඕනනේ එ හින්දා අපි අම්මව හොඳ කරන්න හොඳ තනකට එක්ක යනවා..." සුගත්

"ඒ කිව්වෙ අංකල්..."

" දුව දැනටමත් අවුරුදු 13ක් නිරාෂා කෝමා එකේ.. මම එයාව ඉන්දියාවට අරන් යන්න හිතන් ඉන්නේඑ... ආදුව ඔයාලාට භාර දුන්නම මට සැනසීමෙන් ඒ වැඩ ටික කරගන්න පුලුවන්..."


ඒ ගෙදරට වෙලා ආදු එක්ක පැයක් විතා කතා කර කර හිටිය ප්‍රාති ගෙදර එන්න පිටත් වුනේ බැරිවෙලාවත් ආදි කලින් ගෙදර ආවොත කියලා.

පිටත් වෙන්න කලින් ප්‍රාති නිරාෂා ළඟට ගියා.


" අම්මා... මම දන්නෙ නෑ ඔයාට මාව ඇහෙනවද කියලා... මම ප්‍රාතිහාරි... ආදි අයියාගෙ වයිෆ්.... අම්මා දන්නවද.. අයියා හරිම හොඳ කෙනෙක්.. අයියාට මම ආදරෙයි අම්මේ.. අම්මා බයවෙන්න එපා මම අයියාව හොඳට බලාගන්නම්... ආදුවත්... අම්මා ඉක්මනට සනීප වෙන්න... මොකද ඊළඟට මුණුබුරෝ මිනිබිරියෝ බලාගන්නත් තියනවනේ... අම්මේ... ඔයා නැඟිටලා එනකන් මම බලාගෙන ඉන්නවා... ඔයාගෙ පුතා වෙනුවෙන් නැගිටින්න ප්ලීස්.... ආදි අයියා පව් අම්මේ... මම ගිහින් එන්නම්...." කියලා ප්‍රාති නිරාෂාගේ අතකින් අල්ලගෙන කියලා නිරාෂාගෙ බෙඩ්ශීට් එකත හදලා එතනින් යන්න ගියා.

මේ වෙලේ කවුරුත් නිරාෂා ළඟ හිටියේ නැතිහින්දා නිරාෂාගේ අතේ ඇඟිල්ලක් හෙමින් එසවෙන විදිහ දැක්කෙ නෑ.


" අංකල්... මම අංකල්ගෙව් රහස රකිනවා... හැබැයි මට දෙයක් වෙන්න ඕනා..." ප්‍රාති ආයෙමත් ගෙදර එන අතරේ සුගත්ට කිව්වා.

" ඔයා මට තර්ජනය කරනවද ප්‍රාතිහාරි බය නැද්ද..."

" අංකල්... මම තර්ජනය කරනවා නෙවෙයි... අනික මට දැන් බය වෙන්න දෙයක් නෑ... ඔයාට මට කෛලාශ් ගැන කියලා තර්ජනය කරන්න බෑ.. කෛලාශ් දැන් එයාගේ තැනට ගිහින් ඉවරයි.. අනික මට මේ ලෝකේ දැන් බැඳීමක් කියලා දෙයක් තියෙන්නේ ආදි අයියා එක්ක විතරයි... මම ඉල්ලන්නෙත් එයා වෙනුවෙන්මයි...."

" හොඳයි... මොකක්ද වෙන්න ඕනේ...."

" අංකල්... අයියාට ආයේ ගහන්න එපා..."

" එච්චරද...."

" ඔව්..."

" දුව ඒ තරන් ආදිත්‍යට කැමතිද..."

" මම අයියාට කොහොමත් එදා ඉඳන්ම කැමතියි... හැබැයි මේ වෙද්දි මම අයියාට ආදරේ කරනවා... මම කැමති නෑ එයාට සීරුමක්වත් වෙනවට..."

" ප්‍රාතිහාරි දුව... මට සමාවෙන්න... ඔයාලට මම කරපු දේවල්වලට... ඒත් මම එක දෙයක් දන්නවා.. එදා අතපසුවීමකින් හරි ඔයා ඒ රූම් එකට ගියේ අපි හැමෝගෙම හොඳට... මේක ගන්න..." කියලා සුගත් ප්‍රාතිට දුන්නේ බෑන්ක් කාඩ් එකක්.

" මේක.. මට ඇයියේ..."

" නිකන් දුව.. තියාගන්න... ලිමිට් නෑ... ඔයාට ඕන තරන් වියදම් කරන්න..."

"thank you අංකල්.."


ගෙදර ආව ප්‍රාති වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඇඳට වැටුනේ ආදිව රවට්ටන්න ඇඟට අමාරුයි කියලා කිව්වත් මේ වෙද්දි ඇත්තාම ඇඟට අමාරු හින්දා.

ඇඳට වැටුනු පමා ප්‍රාතිට නින්ද ගියා.

හවස ප්‍රාතිට චොක්ලට් මිල්ක්ෂේක් එකකුත් අරන් තව අයිස්ක්‍රීම් මල්ලකුත් අරන් ආදි ගෙදර ආවා.

ආදි රූම් එකට ඇවිල්ලා බලද්දි ප්‍රාති බෙඩ්ශීට් එකේ ගුලිවෙලා හා පැටියෙක් වගේ නිදි.

ප්‍රාතිගේ නළලට අත තියලා ආදි උණද කියලත බැලුවේ කොල්ලට මොනාවුනත් ප්‍රාති අසනීපෙන් ඉන්න එක හිතට වද දුන්න හින්දා.

" බබා... ප්‍රාතිහාරි...." කියලා ප්‍රාතිගේ මූණ හිමින් අතගාන ගමන් ආදි කත කරා.

" ම්ම්හ්හ්...."

" නැගිටින්නේ නැද්ද..."

" ම්හ්හ්..."

" නැගිටින්නෙ නැද්ද බබා.. කෝ බලන්නකෝ මම ගෙනාපුව එපාද..."

ප්‍රාති හිමීට ඇස් ඇරලා බැලුවා.

" තවත් අමාරුද.. අපි හොස්පිටල් යන්ද..."

" නෑ අයියා... දැන් අඩුයි... මොනාද ගෙනාවේ..."

" ආ මේන්න..." කියලා ආදි ප්‍රාතිට ගෙනාපුවා දුන්නා.

" අම්මේ මෙච්චර අයිස්ක්‍රීම් ගොඩක්..."

" ඔව්... ඇයි ඊයේ රෑ එක්කෙන්ක් මට අයිස්ක්‍රීම් අරන් දුන්නෙ නෑ කියලා කුණුලෝබයා කියලත් කිව්වා.. ඇයි මාව ඩිවෝස් කරනවා කියලත් කිව්වනේ.. ඒ හින්දා මම අරන් ආවේ..."

" මේ මම..."

" නෑ මම කිව්වේ... ඔය අයිස්ක්‍රීම් ඔක්කොම කන්නෑ.. අසනිඔපෙන්නේ ඉන්නෙත් දැනට එකක් කන්න... "

" අනේ..."

" ප්‍රාතිහාරි.. ඔයා අසනීප වෙනවට මම කැමති නෑ... වොෂ් දාලාද ඉන්නේ.."

" ඔව්ව්...."

" හ්ම්ම්.... මම වොෂ් දාලා එන්නම්... " කියලා ආදි බාතෲම් එකට ගියා.

ආදි එක අයිස්ක්‍රීම් එකක් කන්න කිව්වට ප්‍රාති නම් මිල්ක්ෂේක් එකටත් වැඩේ දීලා අයිස්ක්‍රීම් දෙකක්ම කෑවා.

ඉතුරු අයිස්ක්‍රීම් ටික ෆ්‍රිජ් එකට දාලා ආදි එනකොට පූස් පැටියා වගේ හිටියා.

ටවල් එක විතරක් ඇදගෙන ආදි බාතෲම් එකෙන් එළියට ආවා.

ප්‍රාති ෆෝන් එකේ ඒ වෙලාවේ බරපතල වැඩක්.

ආදි ශේප් එකේ ඇවිල්ලා එබිලා බැලුවා. බලනකොට කෙල්ල instagram එකේ කාගෙද මන්දා කොල්ලෙක්ගේ පෝස්ට් එකක්ට හාට් දාඑන දාගෙන යනවා. දන්න පුලුව්න් එකා හාට් එක වුනත් කෙල්ලට ඒක ගාණක් නෑ.

" ඕයි..." ආදි කන ගවින් කෑගැහුව විදිහට ප්‍රාතිව ගැස්සිලා ගියේ ෆෝන් එක ඇඳ උඩට වැටෙද්දි.

" අම්මෝ... අයියේ බය කරන්නේ..."

" කාටද ඔච්චර ඔය ලයික් දාන්නේ...."

" ආ... ඒ මගේ... bais..."

" what..."

" ඒ මගේ bais...kim taehyung..."

" මොකා කිව්වා..."

" අනේ අයියේ.. ඔයාලට කිව්වට තේරෙන්නෙ නෑ... එයා මගේ දැන් අවුරුදු ගානක ඉඳන් crush එක... බලන්න... එයා ජිම් ගිහින් ඇඟ හදාගෙන.. ලස්සන බලන්නකෝ...."

" මටත් වැඩියේ...." කියලා ආදි ප්‍රාතිගේ අත අරන් තිබ්බේ එයාගේ abs උඩින්.

ප්‍රාතිට එකපාර මොකද වුනත් ආදි ප්‍රාතිගේ අත බලෙන්ම ආදිගෙ ඇඟ පුරාම අරන් ගියා.

" අනේ.. අයියේ..."

"මොකෝ..." කියලා ආදි සරාගි හඬකින් ප්‍රාතිගේ කනට කරලා ඇහුවා.

ආදිගේ ඇස් දෙක දිහා බලපු ප්‍රාතිට ඉබේම කෙළ ගිලුනා.. ඒ ඇස් දෙකේ තිබ්බ සරාගි බැල්ම ප්‍රාතිගේ ඇඟ පුරා කරන්ට් එකක් යවන්න සමත් වුනා.

මේ අතරේ ආදිගේ අවදානේ තිබ්බේ ප්‍රාතිගේ පිරුණු දෙතොල් දිහා.

ආදි ප්‍රාතිගේ දෙතොල්වලට බරවුනේ ප්‍රාති ආදිගේ බෙල්ල වටේ අත් යවද්දි.

ප්‍රාති ඇඳන් හිටිය ටීෂර්ට් එක ගලවලා දැම්ම ආදි ප්‍රාතිගේ පපුව සිපගත්තේ හරිම සියුම් විදිහට.

" අයියේ..." ප්‍රාති කෙඳිරුවා.

" call my name baby..."

" ආදිත්‍ය... " ප්‍රාති ආදිගේ නම දිගින් දිගටම කෙඳිරුවේ ආදි ප්‍රාතිව තව තවත් සිප ගනිද්දි.

ඒත් ආදි ටික වෙලාවකින් ප්‍රාතිගේ නළල සිප ගෙන ප්‍රාති එක්කම ඇඳේ ඇලවුනේ වැඩිදුර යන්නෙ නැතුව.

"අයියේ... ඇයි.."

" ඔයා අසනීපෙන් ඉන්නෙ මැණික... එහෙම වෙද්දි මට ඔයාට රිද්දන්න බෑ... " කිව්ව ආදි ප්‍රාතිගේ හිස සිපගෙන පපුවට තුරුල් කරගත්තා.

ආදිත් ඔෆිස් එකේ මහන්සි වෙලා ආව හින්දා ප්‍රාතිව තුරුල් කරගෙනම නින්දට වැටුනා.

දෙන්නාව ඇහැරුනේ රීටම්මා රෑට කන්න එන්න කියලා දොරට තට්ටු කරපු සද්දෙට.

ප්‍රාතිට ටී ෂර්ට් එක අන්දලා ආදිත් ඇඳුමක් දාගත්තා.

ප්‍රාති ඇඳෙන් නැගිටලා එන්න හැදුවත් එකපාර කලාන්තයක් අල්ලපු හින්දා ආයෙමත් ඇඳේ ඉඳගත්තා.

" ඇයි මැණික..."

" නෑ අයියේ.. පොඩි ක්ලාන්තයක් ඇල්ලුවා..."

" ප්‍රාතිහාරි යන් හොස්පිටල්.. තවත් බලන් ඉන්න බැ..."

" නෑ අයියේ මේක හරියයි... මම ඇඳට වෙලා ඉන්නම්.. අයියා කාලා එන්න... මට කන්න පිරියක් ඇත්තෙත නෑ..."

" එහෙම හරියන්නෙ නෑනේ... යන් හොස්පිටල්..." කියලා ආදි ප්‍රාතිව උස්සගන්න හැදුවා.

"නෑ එපා අයියෙ... හරි හෙට උදේ වෙනකන් බලමුකෝ... මට අඩුවුනේ නැත්තන් උදේට යන්..."

" ඒත් දැන් යන්න ඕන එක..."

" ප්ලීස් අයියේ..."

" හ්ම්ම් හරි එහෙනම්.. ඒත් දැන් මොනාහරි කන්න ඕනා අනිවාර්යයෙන්ම... ඉන්න මම බත් එකක් අරන් එන්නම්ම්..." කියලා ආදි පහළට්ගියා.

ආදි ආයේ ආවෙ හෙණ බත් එකක් බෙදාගෙන.

" අම්මෝ මට ඔච්චර කන්න බෑ අයියේ..."

" බෑ කියලා දෙයක් නෑ කෝ එන්න... " කියලා ආදි බලෙන්ම ප්‍රාතිට බත් කටවල් පහ හයක් කවාගත්තා.

ඊටපස්සේ ඉතුරුවුන බත් ටික ආදි කාලා ප්‍රාතිව නිදි කළා.

ආදි ඔෆිස් එකේ වැඩ වගයක් කරන්න ගත්තේ හවස ටිකක් කලින් ආව හින්දා වගේම කම්පැනි එකේ පොඩි අවුල් වගේකුත ආදිට අහුවුන නිසා.

පැයකට දෙකකට විතර පස්සෙ ප්‍රාති නැඟිට්ටේ යටි බඩින් තද වේදනාවක් දැනුන නිසා. ප්‍රාති අමාරුවෙන් බඩත් අල්ලන් බාතෲම් එකට ගියා.

ඒ අතරේ තමා ආදී වැඩ ටික ඉවර කරලා නිදාගන්න ආවේ. ඒත් ප්‍රාති පේන්න හිටියේ නැති හින්දා ආදි බාතෲම් එකට තට්ටුවක් දැම්මා


"බබා..."

" ඇයි අයියේ..." ප්‍රාති අමාරුවෙන් ඇහුවා

" බබා ඔයාට අමාරුද..."

"නෑ අයියේ... බය වෙන්නෙපා..."

ඒත් එක්කම බාතෲම් එකෙන් වමනේ දාන සාද්දයක් ඇහුන හින්ද ආදි ඉක්මනට දොර ඇරන් බාතෲම් එක ඇතුළට ආවා.

ප්‍රාති හොඳටම වමනේ දානවා...


" බබා.. මොකද මේ...." කියලා ආදි ප්‍රාතිගේ පිට අතගෑවා.

තවත් ටික වෙලාවක් වමනේ කරපු ප්‍රාති ආදිගේ ඇඟට වාරුවුනේ පණ නැතුව

" බබා... ඔයා ප්‍රෙග්නන්ට් ද..."




_________________________________________

ප්‍රාති ප්‍රෙග්නන්ට් වෙලාද ළමයිනේ... ( ඒත් ළමයා ආදිගේ වෙන්න ඇද්ද.. කෛලාශ්ගෙද දන්නෙත නෑනේ නේද..."

rreaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page