Dangerously yours...
Pari🖤
To 22nd blood...
https://telegra.ph/Dangerously-yours-05-17
23rd Blood....
පාර්ටිය තිබ්බ තැනට යද්දි මේ දෙන්නට නිකන්ම අවදානේ ලැබුනේ ඒ තරන් මැචින් කපල් එකක් හින්දා.
ඒත් කොයි තරන් ඒ දෙන්නට අවදානේ ලැබුනත් ප්‍රාතිගේ අවදානේ නම් තිබ්බෙ වෙන තැනක.
ප්‍රාති එයා දැක්ක දෙයින් පුදුම වෙලා බලන් හිටියේ ආදිත් ප්‍රාති මෙ තරන් පුදුමෙන් බලන් ඉන්නෙ කොහෙද කියලා බලද්දි.
ඒත් ප්‍රාති ආදිව ඉක්මනට එතනින් ඇදගෙන ගියේ එයාලාගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් ළඟට.
ඇත්තටම කිව්වොත් ප්‍රාති ඒ වෙලේ දැක්කෙ ත්‍රීශාව.
ආදි ත්රීශායි දෙව්නකයි ගැන ප්‍රාතිට කියලා තිබ්බෙ නෑ . ඒ නිසා ප්‍රාති ඒ වෙලේ ආදිව ඉක්මනට එතනින් එක්කන් ගියේ ත්‍රීශා දෙව්නක එක්ක ඉන්න එක ආදිට පෙන්නන්න වුමනාවක් නැති හින්දා.
ඒත් ඉතින් ආදි දැක්කා මේ දෙන්නව.
" එහෙනම් මිස්ටර් ආදිත්‍ය... ඔයාගේ ඉදිරි ගමනට අපෙන් සුබ පැතුම්..."කියලා කට්ටිය ආදි එක්ක වයින් බොන්න ගියත් ප්‍රාති නම් ආදිට වයින් බොන්න දුන්නෙ නෑ.
" මිස්ටර් ආදිත්‍යට ටිකක් අසනීපයි... ඒ වෙනුවට මම වයින් බොන්නම්...." කියලා ප්‍රාති වයින් බිව්වා.
කොහොමහරි අන්තිම වෙද්දි ප්‍රාතිට ටික ටික වෙරි.
" ප්‍රාතිහාරි ගෙදර යන්ද..."
" යමු අයියේ... " කියපු ප්‍රාති එළියට දිව්වා.
" ප්‍රාතිහාරි ඔහොම ඉන්න... "කියාගෙන ආදිත් දිව්වෙ ප්‍රාතිට හොඳටම වැඩිවෙලා කියලා තේරිලා
ආදි දුවලා ගිහින් ප්‍රාතිව අල්ලගත්තා.
ඒ එක්කම තමා ආදි හුරුපුරුදු කටහඬක් ඇහුන හින්දා පිටිපස්ස හැරිලා බැලුවේ.
ත්‍රීශා දෙව්නකගේ අතේ එල්ලිගෙන එලියට එන එක දැක්ක ආදිගේ පපුවට එකපාර වේදනාවක් දැනුනා.
" අයියේ... මේ බලන්නකෝ..." කියලා ප්‍රාති එකපාර කෑගැහුවේ ත්රීශාත් හැරිලා බලද්දි.
ත්‍රීශා ආදියි ප්‍රාතියි දෙන්නා පාර්ටි එකේ ඉන්නවා දැක්කත් එයාත් පුලුවන් තරන් ඒ දෙන්නාගෙන් ඈත්වෙලා හිටියා.
ත්රීශාගෙයි ආදිගෙයි ඇස් එකපාර ගැටුනේ ප්‍රාතිගේ කෑගැහිල්ලට ත්‍රීශා හැරිලා බැලුව නිසා.
ආදි ත්‍රීශා එක්ක හිනාවෙලා හැරිලා බැලුවෙ ප්‍රාති දිහා
ප්‍රාති ඒ වෙලේ කොහෙන්දෝ මන්දා රතුරෝස මලක් හොයාගෙන ඒක ආදිට දික් කරගෙන හිනාවෙනවා.
ඒ හිනාව දැක්කම ආදිට දැනුනේ අමුතුම හැඟීමක්.
ආදි ආපහු සැරයක් හැරිලා බැලුවේ දෙව්නකගේ අතේ එල්ලිලා යන ත්‍රීශා දිහා.
" ඔයා මගෙ අතීතය වුනාදෙන් ත්‍රීශා... දැන් ඉතින් මගේ වර්තමානෙයි අනාගතෙයි ප්‍රාතිහාරි විතරයි..." කියලා ප්‍රාතිගේ අතින් තදින් අල්ලග්ත්තා.
" අයියේ.. අයිස්ක්‍රීම් කමුකෝ..." ආදි එක්ක කාර් එකේ එනගමන් ඉද්දි ප්‍රාති හරිම හුරතල් මූණක් හදාගෙන ආදිට කිව්වා.
ඒ මූණ බලාගෙන ආදිට බෑ කියන්නත් බෑ. ඒත් මේ වෙද්දි ප්‍රාතිට වයින් හින්දා වෙලා තිබ්බ දේත් එක්ක අයිස්ක්‍රීම් දුන්නොත් අසනීප වෙන හින්දා හා කියන්නත් බෑ.
" දැන් බෑ හෙට අරන් දෙන්නම්..."
" බෑ.. බෑ.. මට දැන් ඕනා..."
" ප්‍රාතිහාරි.. දැන් අයිස්ක්‍රීම් කන වෙලාවක් නෙවෙයි මම හෙට අරන් දෙන්නම්..."
" ම්ම්හ්හ්... කුණු ලෝබයා.. මම ඔයාව ඩිවෝස් කරනවා... ම්හ්හ්... අයිස්ක්‍රීම් එකක්වත් අරන් දෙන්නෑ.. කුණුම කුණු ලෝබයා... මං අංකල්ට කියලා ඩිවෝස් වෙනවා..." කියලා ප්‍රාති කෑගහන්න පටන් ගත්තා.
" දැන් මේ අයිස්ක්‍රීම් එකක් හින්දාද මාව ඩිවෝස් කරන්නේ ප්‍රාතිහාරි..."
" අනෙ මේ.. කුණු ලෝබයා කතා කරන්නෙපා.. මම තරහයි..." කියලා ප්‍රාති හරිම කියුට් විදිහට මූණ හදාගත්තා.
ආදිට මේවා දකිද්දි හිනාත් එක්ක.
කුටු කුටු ගගා ආදිට බැන බැන තමා ප්‍රාති හිටියේ.
ටිකකින් සද්දයක් බද්දයක් නැති හින්දා ආදි බලද්දි ප්‍රාති හොඳට නිදි.
ගෙදර ආවට පස්සෙ ආදි ප්‍රාතිව ඇහැරවන්නෙ නැතුව හිමින් සැරෙ අත් දෙකට අරන් ගේ ඇතුළට ආවා.
ඒත් ඉතින් ප්‍රාති ර්කපාර කෑගහන්න ගත්තෙ නැතැයි ආයේ.
" මාව අතහරිනවා කුණු ලෝබයා.. මම ඔයාව ඩිවෝස් කරනවා.. මට අයිස්ක්‍රීම් අරන් දුන්නෙ නෑ... කුණුම කුණු ලෝබයා..."
කමල් එක්ක වැඩ වගයක් ගැන කතා කර කර හිටිය සුගත් ප්‍රාති කෑගහන සද්දෙට දුවගෙන ආවේ ඩිවෝස් කියන වචනේ ඇහුන හින්දා. කුස්සියේ වැඩ වගයක් කර කර හිටිය රීටම්මාත් ආවා.
" ආදිත්‍ය මොකද වුනෙ...."
" වයින් බීලා වැඩිවෙලා.. මේ මහ රෑ අයිස්ක්‍රීම් ඉල්ලනවා..."
" මට අයිස්ක්‍රීම් ඕනේ... කුණු ලෝබයා... මට අයිස්ක්‍රීම් අරන් දුන්නෙ නෑ.. මම අංකල්ට කියනවා.. "
" ආන් ඉන්නවා අංකල් කියන්න ඉතින්..."
" කෝ කෝ... ආ අංකල්... මට ඔයාගේ පුතා එපා... එයා මහම මහා කුණු ලෝබයෙක්... අයිස්ක්‍රීම් එකක්වත් අරන් දෙන්නෙ නෑ.. මම මෙයාව ඩිවෝස් කරනවා...මට වෙන කෙනෙක් හොයලා දෙන්න... හැබැයි සික්ස් පැක් තියන කෙනෙක් හරිද... මෙයාගේ වගේ... නෑනේ මෙයාගේ සික්ස් පැක් නෙවෙයි ඊටත් වඩා තියනවා ද කොහෙද... ඉන්න බලන්න ගණන් කරන්න... " කියලා ප්‍රාති එකපාර ආදිගේ ෂර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා. ප්‍රාති මෙච්චර වෙලා මේ වැඩකිඩ දැම්මේ ආදිගේ අත් දෙක උඩට වෙලානේ.
" මේ ප්‍රාතිහාරි ඕක නවත්තනවා... මම මෙයාව අරන් යනවා..." කියලා ආදි ඉක්මනට ප්‍රාතිව උස්සන් කාමරේට ආවා.
ඒත් ඉතින් ප්‍රාති නම් තාම ආදිගෙ ෂර්ට් එකේ බොත්තම් ගලවනවා. කෙල්ලට වෙරිමත හින්දා බොත්තමක් ගලවන්න වරුවක් යනවා.
ආදි ප්‍රාතිව ඇඳ උඩින් තියලා අයින් වෙන්න හැදුවත් ප්‍රාති නෙවෙයි අතහැරියේ.
" ප්‍රාතිහාරි මොකද් ඔය කරන්නේ..."
" අනේ අප්පා.. මේක ගැලවෙන්නේ නෑනේ.. ගලවන්නකෝ..."
" මොකටද..."
" සික්ස් පැක් බලන්න..."
" ඒ ඇද්ද... "
" අනේ අප්පා... මේ ඔයාගේ මෙතන..." කියලා ප්‍රාති ආදිගේ බෙල්ල දිගේ ඇඟිල්ල යවන්න ගත්තේ ආදිට කෙළ ගිලේද්දි.
ආදිට හිතන්නවත වෙලාවක් නොතියා ප්‍රාති එකපාර ආදිගෙ බෙල්ල හැපුවේ පාර හිටින්නමයි
" ආව්... මොකද බන් කරන්නේ.. වැම්පයර් කෙනෙක්ද..."
" වැම්පයර්... අනේ ශෝයි... මටත් වැම්පයර් කෙනෙක් වෙන්න ඕනේ..."
එහෙම කියලා ප්‍රාති ආයෙමත් ආදිගේ පපුව දිගේ අත් දෙක යවන්න ගත්තා.
ප්‍රාතිගේ ස්පර්ශයත් එක්ක හැඟීම් ටිකෙන් ටිකෙන් ඇවිස්සෙන්න ගත්ත ආදි ප්‍රාතිගේ දෙතොල් දිහා බලන් හිටියේ දඩයමක් දිහා බලන් ඉන්න සිංහයෙක් වගේ.
ප්‍රාතිගේ නොනවතින ඒ ගමන් නිසා ආදිට ඉවසන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ආදි දෙපාරක් නොහිතා ප්‍රාතිගේ දෙතොල්වලා බර වුනා.
දෙතොල්වලින් නොනැවතුනු ආදි ප්‍රාතිගේ බෙල්ල පුරාම සිප ගත්තේ රතු සලකුණු කිහිපයක් ප්‍රාති බෙල්ලෙ රටා මවද්දි.
ප්රාතිගෙත් හැඟීම් ආදිගේ මේ සිපගැනීම් නිසා ඇවිස්සුනේ කෙඳිරි හඬවල් කාමරය පුරා දෝංකාර දෙද්දි.
එකපාර සිහියට ආව ආදි ප්‍රාතිගෙන් ඈත් වෙන්න හැදුවේ මොනා වුනත් ප්‍රාති ඉන්නෙ හොඳ සිහියෙන් නෙවෙයි නිසා.
ඒත් ප්‍රාති ආදිට ඈත් වෙන්න දුන්නෙ නෑ.
" ප්‍රාතිහාරි බලන්න මං දිහා... මම කවුද කියලා බලන්න... "
" ඔයා මගේ හස්බන්ඩ්... මම ඔයාගේ වයිෆ්..."
" කවුද ඔයාගේ හස්බන්ඩ් ප්‍රාතිහාරි... "
" ආදිත්‍ය..."
ඒත් එක්කම ආදි ආයෙමත් ප්‍රාතිගේ දෙතොල්වලට් බරවුනේ දිග ගමනක් යන්න..
දෙන්නාගෙම ගතේ තිබ්බ සලුපිළි බිම වැටුනේ.....
( හරි හරි ඇති ඔය ළමයි කට ඇරන් බලන් හිටියා යන්න යන්න එයාලාට පාඩුවේ ඉන්න දීලා... මාත් යනවා...)
පහුවදා උදේ ප්‍රාති නැගිටලා බලද්දි දැක්කේ දැක්කේ එයා ආදිගේ තුරුලේ ඉන්නෙ කියලා.
ඊටත් වඩා ප්‍රාතිට පුදුම හිතුනේ ඇඟේ එකම එක ඇඳුමක්වත් නෑ කියලා දැක්කම.
ආදීගේ පපුවේ තිබ්බ සලකුණු දැක්කම ප්‍රාතිව රතුවුනා.
හිමීට ආදීගේ පපුවේ තිබ්බ ඒ සලකුණුවල ඇඟිලි අරන් ගිය ප්‍රාති ආදිගේ පපුව සිපගත්තා.
" ගුඩ් මෝනින්... මැඩම්..." ප්‍රාතිගේ වැඩ දිහා හොරෙන් බලන් හිටිය ආදි කිව්වා.
ප්‍රාති ආදිගේ පපුව අස්සෙ මූණ හංඟගත්තේ ප්‍රාතිගේ රතුවුන කන්පෙත්තක් ආදි ආදරයෙන් සිප ගද්දි.
" මොකෝ මැඩම් ඊයේ රෑ මදි වුනාද.. "
" අනේ අයියේ..."
" මොකො.. මොකෝ... ඔය... කිරි හොයනවද... මගේ නම් නෑ... ඔයාගේ තමා බලන්න වෙන්නේ..."
" අනේ අයියේ ඔයා නම් හරි හොඳ නෑ... "
" කෝ ප්‍රාතිහාරි... මූණ පෙන්නනවකොක් හලෝ..."
ආදි බලෙන්ම ප්‍රාතිගෙ මූණ එයා දිහාට හරෝගත්තා.
" මම කළේ වැරැද්දක්ද ප්‍රාතිහාරි..."
" වැරැද්දක්... මොකක් ගැන්ද කියන්නේ..."
" ඊයේ රෑ අපි දෙන්නා අතර සිද්ධ වුන දේ ගැන..."
" අයියේ අපි දෙන්නා husband & wife...ඉතින් මේ දේවල් සාමාන්‍යයි..."
" husband & wife විතරද..."
" ආ.. ඒ කිව්වේ..."
" ඔයා මට ආදරේද ප්‍රාතිහාරි...."
" මම ඔයාට... මම දන්නෙ නෑ අයියේ... ඒත් මම හිතන්නේ... මම ඔයාට ආදරෙයි...."
" මාත් ඔයාට ආදරෙයි ප්‍රාතිහාරි...." කිව්ව ආදි ප්‍රාතිගේ දෙතොල්වලට බර වුනා.
දෙන්නත් එක්ක හිනාවෙවී පඩිපෙළ බැහැලා එන විදිහ දැක්ක රීටම්මාගේ නම් ඉහේ මල් හතක් පිපුණා වගේ.
සුගත් ආදිගේ බෙල්ලේ තිබ්බ සැපුම්පාර දැකලා හිනාවුනේ ප්රාතිටත් හොඳ කතාවක් කියලා.
" ආදිත්‍ය... මොකද බෙල්ලට වුනේ.. දැන් වැම්පයර්ස්ලත් ඉන්නවද..."
ප්‍රාතිව රතුවෙලා ගියා.
දෙන්නම බිම බලාගෙන කෑම කෑවේ ලැජ්ජාව වැඩිකමට.
" ප්‍රාතිහාරි ඔයා වැඩට යන්න කලින් පොඩ්ඩක් මාව හම්බෙලා යන්න..." කියපු සුගත් dining table එකෙන් නැගිටලා ඔෆිස් රූම් එකට ගියා
ඒ වෙලාවේ තමා මේනක කෑම කන්න ආවේ.
මේනක ආදි දිහා බලලා අමුතු විදිහට හිනාවෙලා කිරි වීදුරුව විතරක් බීලා යන්න ගියා.
" අයියේ... ඇයි ඒ මිනිහා අමුතුවට හිනාවුනේ..."
" දන්නෑ... ඒත් ඒ හිනාව නම් මට ඇල්ලුවේ නෑ... "
කාලා ඉවර වෙලා ප්‍රාති සුගත්ව හම්බෙන්න ඔෆිස් රූම් එකට ගියා.
"දොරත් වහගෙනම ඇවිල්ලා ඉදගන්න..." කියලා සුගත් කිව්වෙ බල බල හිටිය නිව්ස් පේපර් එක මේසේ උඩින් තියලා.
ප්‍රාති ඉදගත්තම සුගත් කතා කරන්න පටන් ගත්තා.
" ඉතින්.. දෙන්නා මැරි කරලා සති දෙකකුත් වෙනවා නේද දැන්...කොහොමද දැන් ජීවිතේ.. ඔයා සතුටින්ද..."
ප්‍රාති එකපාර ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියේ නෑ. ප්‍රාතිගේ ඔලුවට එකපාර ගලාගෙන ආවේ පහුගිය සති දෙකේ වුන දේවල්..
" අංකල්... මම හිතන්නේ... මට දැනෙන්නේ... මම සතුටින්.... මම කවදාටත් වඩා සතුටින්..."
" ඒක ලොකු දෙයක්... ප්‍රාති මම හිතන්නේ.. දැන් ඔයාට මට කතා කරන විදිහත් වෙනස් කරන්න පුලුවන් වෙයි..."
ප්‍රාති පුදුමෙන් සුගත් දිහා බැලුව.
" දුව... මට ඔයාව මගේම දුවෙක් වගේ තමා.. ඔයා කැමති නම් මට තාත්තා කියලා කතා කරන්න.. ඒ වගේම මට සමාවෙන්න මම ඔයාට සලකපු විදිහට... මම තාත්තා කෙනෙක් විදිහට එහෙම කරේ නැත්තන් මගේ දරුවන්ගෙ ජීවිත විනාශ වෙන්න ඉඩ තිබ්බා.. ඔයා තේරෙනවානේ නේද..."
" ඔව්.. මට තේරෙනවා... ඒත් ඇයි අයියාට මේනක අච්චර කරදර කරද්දි අංකල් සද්ද නොකර ඉන්නේ..."
" දුව මම සද්ද නොකර ඉන්නවා නෙවෙයි... මම දැනෙන්න සද්ද කරන්නෙ නෑ ඒකයි වෙන්නේ.. මම ආදිත්‍ය වගේම මේනක කරන දේවල් ගැන දන්නවා... මේනකගේ හැමදේම ගැන දන්නෑ.. ඒත් මම ආදිගේ හැම්දේම දන්න්නවා... මොකද ආදි කියන්නේ මගේ පණ..."
" ඒත් අංකල්... ඇයි ඔයා..."
" ඒකට හේතුවක් තියනවා දුව... ඒකට තමා මම අද ඔයාට එන්න කිව්වේ... මේක දන්නේ සීමිත පිරිසක් විතරක්... අඩුම ආදිවත් දන්නෙ නෑ... ඔයා මට පොරොන්දු වෙන්න ඕනේ හරිම වෙලාව එනකන් ආදිත්‍යට මේ ගැන කියන්නෙත් නැ කියලා.."
" ඒත් අංකල් අයියා මගේ හස්බන්ඩ්.. මම කැමති නෑ අපි අතර රහස් තියනවට..."
" ඒත් දුව සමහරවෙලාවට අපිට අපි ආදරේ කරන අය හින්දාම රහස් රකින්න වෙනවා... ඒ හින්දා ආදි වෙනුවෙන් ඔයා මේ රහස රැකගන්න ඕනේ... ඒ රහස මොකක්ද කියන එක මම ඔයාට කියන්නෑ පෙන්නන්නන්... අද දවල්ට ලෑස්ත් වෙන්න මාත් එක්ක ගමනක් යන්න..."
" ඒත් මම ඔෆිස් යනවනේ..."
" ආදිත්‍යට මොකක් හරි කියලා එන්න.. මම ඔයාව ඔෆිස් එකෙන්ම ගන්නම්..."
සුගත් බැරෑරුම් විදිහට කියන මේ දේ මොකක්මහරි විශේෂ දෙයක් නිසා ප්‍රාති එකඟවුනා
ගෙදරින් පිටත් වුන මේනක ආවේ කෙනෙක්ව හම්බෙන්න.
වෙනදා ඔෆිස් යන පාරෙම තිබ්බ අතුරුපාරක වැඩියේ මිනිස්සු ගැවසේන්නේ නැති තැනක නවත්තලා තිබ්බ කලුපාට බෙන්ස් කාර් එකක් ළඟින් තමන්ගේ කර් එක නවත්තපු මේනක ගිහින් ඒ කාර් එකට නැග්ගා.
" මොකද තත්වේ..."
ඒ කර් එකේ ඉඳන් හිටිය කෙනා මේනකගෙන් ඇහුවා.
" අපිට අර ආයුධ නැව ගන්න බැරිවුනා.. ආදිත්‍යකාරයා ඒක අතහරින්නෙම නෑ..."
" මම කලින්ම කිව්වනේ ඒක අතහරින්න කියලා.. මම දෙයක් කියපුහම අහපන් මේනක... තමුසේ ඕක පස්සෙ ගිය හින්දා ගිය සතියේ අපේ බිස්නස් බැහැලා..."
" සොරි සර් ආයෙව් එහෙම වෙන්නෙ නෑ... මම මේ සතියේ බිස්නස් වැඩිකරලා දෙන්නම්..."
" හ්ම්ම්... තමුසේ ඔය කියන විදිහටම කරොත හොදයි... තව එකක්... අලුතෙන් එන උන් ගැන අවදානෙන් ඉඳපන්... එදා නූලේන් බේරුනේ මතකනෙ..."
" ඔව් සර්... ඒක කොහොම අමතක වෙන්නද... ඒත් උන්ගේ ටීම් එකේ හිටිය මහ එකා නම් තව මාස ගාණකට ඇඳේ.. සුගත්කාරයා ඌට ගේම දුන්නනේ... "
" ඒත් උන් ආයේ එන්න පුලුවන්.. ඒ හින්දා පරිස්සමින් වැඩ කරපන්... අනික් එක airline එක උබේ අතට ගන්න බලපන්... එතකොට අපේ වැඩත් ලේසියි..."
" මම ඒකට තමා ඔට්ටු වෙන්නේ. ඒත් ආද්දිත්යකාරයා ලේසිපාසු නා.. මම බයේ ඉන්නේ අපේ බිස්නස් එකත් මූට අහුවෙයිද දන්නෙ නෑ කියලා..."
" අන්න ඒ වැඩේ නම් කරගන්න එපා පුතෝ... එහෙම වුනොත් අපි දෙන්නම ගස්..."
" මම එහෙම වෙන්න දෙන්නෙ නෑ... ආදිත්යකාරයාට මොකක්මහරි කරන්න වෙනවා.. එහෙනම් මම යන්නම්ම්... ඔෆිස් එක් යන්න ඕනා..."
ආදිත් එක්ක ඔෆිස් ගිය ප්‍රාතිට දවල් වෙද්දි සුගත්ගෙන් මැසේජ් එකක් ආවා පහළට එන්න කියලා
" අයියේ... මට ටිකක් ඔලුව රිදෙනවා... ඇඟත් රිදෙනවා.. මම ගෙදර යන්නම්... ප්ලීස්..."
ආදිත් ප්‍රාති අමාරුවෙන් ඉන්න බවක් දැක්ක හින්දා ප්‍රාතිට යන්න කිව්වා.
" මම ඇරලවන්නද ඔයාව..."
" ඕන්නෑ අයියේ මම ටැක්සි එකක යන්නම්... ඔයා පරිස්සමින් ගෙදර එන්න..." කියලා ප්‍රති ඉක්මනට ඔෆිස් එකෙන් එළියට ආවා.
ඒ එද්දි කමල් ප්‍රාතිට කාර් එකේ දොර ඇරියේ ඉක්මනට නඟින්න කියලා.
" හරි යමු එහෙනම්..."
________________________________________
සුගත් කොහෙද මේ ප්‍රාතිව එක්කන් යන්නේ... මරන්නවත එක්කන් යනවද දන්නෙ නෑ නේද..
ළමයි මට මේ දේ කියන්නකෝ...
මම මේ ලියන දේවල් ඔයාලට කියවද්දි මැවිලා පේනවද.. ප්ලීස් මට උත්තර ඕනේ...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤