Dangerously yours...
Pari🖤
To 21st Blood...
https://telegra.ph/Dangerously-yours-05-15
22nd blood...
පහුවදා ආදියි ප්රාතියි දෙන්නම ඔෆිස් ගියත් black & white එකේ ඇතිවුන පොඩි ප්රශ්නයක් හින්දා ප්රාතිට black & white එකට යන්න වුනා.
ප්රාති ගිහින් පැය භාගෙකට විතර පස්සෙ ආදිට කෝල් එකක් ආවේ නාඳුනන අංකෙකින්.
ආදි කෝල් එක ආන්ස්වර් නොකළත් දිගින් දිගටම කෝල් එන්න ගත්ත හින්දා ආදි කෝල් එක ආන්ස්වර් කරා.
" මිස්ටර් ආදිත්ය... තමුන්ට තමුන්ගේ ආදරණීය කෙල්ලව ඕන්නං දැන්මම මම එවන ලොකේෂන් එකට එනවා... හැබැයි තනියම...."
"කවුද තමුසෙ...." කියලා ආදි අහන ටිකකට කෝල් එක කට් වෙලා ඉවරයි.
ආදි කලබලෙන් කෝල් එකක් ගත්තේ ප්රාතිට.
ඒත් ප්රාතිගේ ෆෝන් එක වැඩ කළේ නෑ.
ඊටපස්සෙ ආදි නෙහාන්ට කෝල් එකක් ගත්තා.
" හෙලෝ නෙහාන් ප්රාතිහාරි ආවද..."
"නෑ තාම ආවේ නම් නෑ..."
" ඔහ්... ෂිට්..."
"ඇයි මොකක්ද සර් ප්රශ්නේ..."
"ප්රාතිහාරිව කිඩ්නැප් කරලා..."
ආදි කලබෙලෙන් කාර් පාර්ක් එකට දිව්වෙ ඔෆිස් එකේ අය පුදුමෙන් බලන් ඉද්දි.
ඒක දැකපු මේනක නම් හිත යටින් හිනාවෙමින් හිටියේ.
ආදි එවලා තිබ්බ ලොකේෂන් එකට යන ගමනුත් ප්රාතිට කෝල් ගත්තා.
ඒත් ප්රාතිගේ ෆෝන් එක ඕෆ්.
" මට ඔයාව තනියම යවන්නෙ නැතුව ඉන්න තිබ්බේ..." කියමින් ආදි සුක්කානමට තදින් පාරක් ගැහුවා.
ආදි ඒ එවලා තිබ්බ ලොකේෂන් එකට ගියා.
අතහැරලා දාපු භාඑඅ හදපු බිල්ඩිමකට තමා ආදිට එන්න කියලා තිබ්බේ.
ආදි යනකොටත් කට්ටිය ආදි එනකන් බලන් ඉන්නවා.
ආදි ඇතුළට යන්න කලින් උන් ආදිව චෙක් කරපු හින්දා ආදි හංඟන් හිටිය ගන් එකයි කිනිස්සයි උන් ගත්තා.
ආදි තරහෙන් ඒ හිටිය එකෙක්ගේ පස්සෙන්ම ඇතුළට ගියා.
" කෝ යකෝ අනික් එකී... උබලට වැඩක් කිව්වම හරියට කරන්න බෑද...."
ආදිට ඇතුළට යනකොට ඒක තමා ඇහුනේ.
ආදි යනකොට කෙනෙක්ව පුටුවක තියලා ගැටගහලා තිබ්බා.
ඒත් එතන හිටියේ ප්රාති නෙවෙයි ත්රීශා.
" ත්රීශා..." ආදි පුදුමෙන් කිව්වෙ ආදි ත්රීශාව මෙතනදී බලාපොරොත්තු නොවුන නිසා.
" ආදි... යන්න මෙතනින්.... ඔයා මොකටද ආවේ..." කියමින් ත්රීශා කැගැහුවා.
" හෙයි... ස්වීට්... කෑගහන්න එපා හොඳේ... ඉතින් බොසා කොහොමද..."
" ත්රීශාව අතහරිනවා..."
" අතහරින්න ඕන්නන් අල්ලගන්නේ නෑනේ බොසා.. තමුන් අපිට ඕන දේ දුන්නොත් අනිවාර්යයෙන්ම කෙල්ලව නිදහස් කරනවා..."
" මොනාද ඕනේ තමුසෙට..."
ඒත් අර කෙනාට උත්තර දෙන්න හම්බුනේ නැත්තේ ගුටිකාපු සෙට් එකක් උන් ඉන්න තැනට ආව හින්දා.
" බොස්... අරකිව වෙන සෙට් එකක් ඇවිල්ලා අපෙන් අරන් ගියා..."
" මොකක්... කවුද උන්..."
" දන්නෑ බොස්.. උන් කෝට්සූට් ඇදලා හිටියේ..."
" කා ගැනද තමුසේ ඔය කියන්නේ... ප්රාතිහාරි ගැනද... කෝ ප්රාතිහාරි..."කියමින් ආදි ඒ ගුටි කාලා හිටිපු එකෙක්ගේ බෙල්ලෙන්ම අල්ලගත්තා.
" දැන් බොසාට ඇහුනානේ කිව්ව දේ.. ඒකි අපි ළඟ නෑ.. ඒකිව වෙන එකෙක් පැහැරගත්තා... දැන් බොසාට මේකිව ඕනේද නැද්ද..."
" කියනවා ඉතින් තමුසෙට මොනාද වෙන්න ඕනේ කියලා..." ආදිට ඕනේ වුනෙ මෙතනින් ත්රීශාව ඉක්මනට බේරගෙන ගිහින් ප්රාතිව හොයාගන්න.
" අපිට ඕනේ..." ඒ එක්කම වෙඩි සද්දයක් ඇහුනා පහලින්.
ආදිලා හිටිය තැන කට්ටියක් ඇවිල්ලා වට කරා.
" ආදි... උබ තනියම ආවේ මොකටද මට කෝල් එකක් දෙන්න බැරිද බල්ලෝ..." කියමින් එතනට ආවේ තේමිය.
ආදිගේ සෙට් එක එතන හිටිය උන් එකින් එකාව බිම දැම්මා.
" තේමි... ත්රීශාව ගිහින් දාපන්... ප්රාතිහාරිට වෙච්ච දෙයක් නෑ මම කෙල්ලව හොයන් එන්නම්..." කිව්ව ආදි කාර් එකට දිව්වා.
ආදි යන දිහා ත්රීශා බලන් හිටියේ තරහෙන් ද දුකින්ද ඊර්ෂ්යාවෙන් ද කියන එක හිතාගන්න බැරුව තේමිය ගිහින් ත්රීශාව ලෙහලා දැම්මා
" ඉතින් තේමිය කොහොමද..."
"හොඳයි බන්.... මොනාද මේ වෙලා තියෙන්නේ... මම ලංකාවෙ මාසයයි හිටියේ නැත්තේ..."
" ගොඩාක් දේවල්... ආපහු හැරෙන්න අමාරු දේවල් ගොඩාක් වුනා තේමිය..."
" ඒත් බන් මට හිතාගන්න බැරි ආදියි උබයි වෙන්වුන එක..."
" ආදිට කොහොමත් මං එක්ක හිටියා නම් අනාගතයක් නෑ තේමිය... "
" ඒත් බන්...."
" දැන් අපි දෙන්නා වෙන වෙනම අපේ ගමන යනවා.... අනික ප්රාති කියන්නේ හරිම හොඳ කෙල්ලෙක්... ආදිට ඒ වගේ කෙනෙක් තමා කොහොමත් ගැළපෙන්නේ.... තේමිය පුළුවන් නම් මාව රෙස්ටුරන්ට් එකෙන් දාන්න..."
" ඒක මොකක්ද යමු... "
ආදි ආයෙමත් ප්රාතිට කෝල් ගත්තත් වැඩ කරේ නැති නිසා ආදි ටීම් එකේ කොල්ලෙක්ට කෝල් ගත්තා.
" මං නම්බර් එකක් එවන්නම්... ඒක ට්රැක් කරලා මට අවසානෙට හිටිය තැන එවහන්..."
ඒ කෙනා ආදිට ලොකේෂන් එක එව්වම ආදි එතනට ගියා.
ඒත් එතනින් ආදිට කිසිම දෙයක් හොයාගන්න හම්බුනේ නෑ.
ආදි තේමියට කෝල් එකක් ගත්තා.
" මුළු ලංකාවම පීරලා හරි මට ප්රාතිහාරිව හොයලා දීපන්.... අපේ උන්ට වටේම හොයන්න කියපන්..." කියලා ආදි කෝල් එක කට් කරලා ආයෙමත් හැමතැනම කැරකුනේ ප්රාතිව හොයන ගමන්.
ප්රාතිගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ කියල දැන දැනත් ආදි ආයෙමත් ප්රාතිට කෝල් එකක් ගත්තා.
ඒත් ඒ වෙලාවේ ප්රාතිගේ ෆෝන් එක වැඩ කලේ දෙයියෝ බලලා වගේ.
" හෙලෝ ප්රාතිහාරි..."
" අයියේ..."
" කොහෙද ඉන්නේ ප්රාතිහාරි..."
" ගෙදර අයියේ.. "
" තමුසෙගේ ෆෝන් එක මෙච්චර වෙලා වැඩ කරේ නැත්තේ මොකද මම කොච්චා නම් කෝල් ගත්තාද දන්නවද... මම දැන් පැය කීයක් තිස්සේ තමුසෙව මේ හැමතැනම හොයනවදා..."
" ෆෝන් එකේ චාර්ජ් එක නෑ අයියේ..."
ආදි තරහින් කෝල් එක කට් කරලා ගෙදර ගියේ අතරමඟදි තේමියටත් කෝල් එකක් දීලාමයි.
ආදි කලබලෙන් ගෙදර ඇවිත් ගෙ ඇතුළට යද්දි දැක්කේ ප්රාතියි සුගතුයි දෙන්නම සාලේ ඉන්නවා.
ආදි එනවා දැකලා ප්රාති ඉබේම නැඟිට්ටේ ආදිගෙන් බැනුම් අහන්න වෙයි කියලා හිතලා.
ඒත් ආදි ඉස්සර වෙලා කොයි තරන් තරහින් ආවත් ප්රාතිව දැක්කම ප්රාතිව වැළඳගත්තා.
" තමුසේ මාව බය කරා ප්රාතිහාරි..."
" ආදිත්ය... තමුසේ කොහෙද ගියේ..." සුගත්
" එකෙක් ප්රාතිහාරිව කිඩ්නැප් කරා කිව්ව හින්ද මම ප්රාතිහාරිව බේරගන්න ගියේ..."
" දැන් ඌ කිව්වද ප්රාතිහාරිව කිඩ්නැප් කරේ කියලා..."
ඒ වෙලේ තමා ආදිටත් මීටර් වුනේ උන් කොයිවෙලේවත එතන ප්රාතිහාරි ගැන සඳහන් කරේ නෑ කියලා.. ආදි තමා ඒ ප්රාතිහාරි කියලා හිතුවේ කියලා...
" දැන් තමුසේ ප්රාතිහාරිවද බේරගත්තේ...."
" එහෙමයි කියලා මට ත්රීශාව එතන දාලා එන්නද කියන්නේ.."
" ඔව්... මම එහෙම තමා කියන්නේ... ආදිත්ය මම තමුන්ට එදා සිංහලෙන්ම කිව්වානේ ආයේ තමුසේ ඒකිව හම්බුනොත් ඒකේ විපාක හම්බෙන්නේ කාටද කියලා... ප්රාතිහාරි..."
" එපා... මට දඬුවම් කරන්න... ප්රාතිහාරි මෙතන වුන කිසි දෙයක් දන්නෙත නෑ... මට දඬුවම් කරන්න.."
" අයියේ..."
" ප්රාතිහාරි කට වහගන්නවා...මට දඬුවම් කරන්න... මම හින්දා වෙන කිසි කෙනෙක් දුක් විදින්න ඕනේ නෑ..."
එහෙම කියපු ආදි සුගත් ඉස්සරහා දණ ගැහුවා.
සුගත් ඉණේ තිබ්බ බෙල්ට් එක අරන් ආදිගේ පිටට ගැහුවේ ආදිගේ ෂර්ට් එකේ ලේ පාරවල් ඉතුරු වෙද්දි.
ප්රාතිට මේ දිහා බලන් ඉන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.
" ප්ලීස් ඕක නතර කරන්න... ප්ලීස්..." කියන ගමන් ප්රාති ආදිගේ ඉස්සරහට ආවා.
" අයින්වෙනවා ප්රාතිහාරි..." කිව්ව සුගත් ප්රාතිව ඇදලා පැත්තකට කරා.
ඒත් ප්රාති ගිහින් ආදිව බදාගත්තා.
ඒ හින්දා සුගත් ගහන එක නතර කරා.
" ආදි තමුන් අද ප්රාතිහාරි හින්දා බේරුනා ඒක මතක තියාගන්න... රීටා ප්රාතිහාරිව රූම් එකට එක්කන් යන්න..." සුගත්.
" බෑ මට යන්න බෑ..."
" ප්රාතිහාරි කිව්වම අහලා යන්න... මගේ ඉවසීමේ සීමාව පන්නන්නේ නැතුව..."
" බෑ අයියාට ආයේ ගහයි මට යන්න බෑ..."
" ප්රාතිහාරි නැඟිටින්න... ආදිත්ය තමුනුත් නැඟිටිනවා... ප්රාතිහාරි මම ආදිත්යට ගහන්නේ නෑ දැන් යන්න..."
" ඇත්තටමද..."
" ඔව් යන්න..."
ප්රාති ගියාට පස්සෙ සුගත්,
" දැන් දන්නවද අද මොකක්ද වුනේ කියලා..."
ආදි සද්ද නොකර හිටියෙ ඇත්තටම අද වුන දේ ආදිට හිතාගන්න බැරිවුන නිසා.
" මේ කෙල්ලව මොක්කුන්ද මන්දා ඇවිල්ලා පැහැරගෙන යනකන් තමුසේ මොකද කරේ ආ... මම කෙල්ලගේ ආරක්ෂාවට කට්ටිය දාලා ඉන්න හින්දාම හොඳයි... "
" මම හොයා ගන්නම් මොකක්ද වුනේ කියලා..."
" ඒවගේම තමා මට එක දේ ආයේ ආයේ මතක් කරන්න තියන්න එපා..."
ආදි උඩට ගියේ තෙමියට කෝල් එකක් ගන්න ගමන්.
" තේමිය අද වුනේ මොන මඟුලක්ද කියලා හොයලා කියපන්... අනික පුලුවන් තරන් අම්මා ගැන හොයලා බලපන්... මට මේ ගහන ගහන පදේට නටන එක එපා වෙලා තියෙන්නේ..."
" හරි බන්... මම හොයලා කියන්නම්... කෝ දැන් ප්රාතිහාරි..."
" තාත්තා බේරන් තියෙන්නේ... ගෙදරට එක්කන් ඇවිල්ලා තිබ්බා..."
" හා එහෙනම් කමක් නෑ.. මට දැන් මේක කියපන්... උබ ත්රීශාව අමතක කරාද..."
" අමතක කරන්න පුලුවන් මතක නෙවෙයි බන් අපිට තිබ්බේ... ඒත් මම දැන් ත්රීශාව අමතක කරලා දානවා... දැන් මම වෙනුවෙන් බලාගෙන තව කෙනෙක් ඉන්නවා...." ආදි කිව්වේ එයා එනකන් පඩිපෙළට වෙලා කලබලෙන් බලන් ඉන්න ප්රාති දිහා බලාගෙන.
" හරි බන්... උබලා සතුටින් නම් මාත් සතුටින්..."
" අයියේ... අන්කල් ආයේ ගැහුවද..."
" නැ ප්රාතිහාරි... මම වොෂ් දාගෙන එන්නම්..." කියලා ආදි කෙලින්ම බාතෲම් එකට ගියා.
ආදි වොෂ් දාගෙන එද්දි ප්රාති ෆස්ට් ඒඩ් බොක්ස් එකත් තියාගෙන ඇඳට වෙලා කෝල් එකක.
" නෙහාන් අයියේ... ඔයා මෙහෙම කරන්නකෝ දැනට මට වැඩිපුරම අවුල් තියන ටික එවන්නකෝ... මම ඒ ටික clear කරන්නම්.. හෙට මම උදේම එන්නම්.. එතකොට මොකක්ද වෙන්නේ කියලා බලමුකෝ... "
ආදි ඇඳුමක් දාගන්න ගියත් ප්රාති කතා කළා,
" අයියේ මෙහෙ එන්න..." කියලා ප්රාති කෝල් එකේ ඉන්න ගමන්ම ආදිට කතා කරේ ෆස්ට් ඒඩ් බොක්ස් එකෙන් බෙහෙත් ටියුබ් එකක් ගන්න ගමන්.
" හරි එතකොට දැන් අර අලුතින් ආව internsලා මොකද..." කියලා නෙහාන්ගෙන් අහන ගමන් ප්රාතිගේ ආදිගේ පිටේ තුවාලවලට බෙහෙත් ගාන්න පටන් ගත්තා.
" උන් ගැන කතා කරලා වැඩක් නෑ නංගී... මේ පාර ඔයා හිටියේ නෑනේ ඔක්කොම අවුල් වුනා.. "
" හරි අයියේ බලමුකෝ මම හෙට..."
" ආව්..."ආදි එකපාර කෑගැහුවා.
" ඔහ්... ඇයි අයියේ... රිදුනද..."
"අහ්.. නෑ නෑ අවුලක් නෑ..."
" නෙහාන් අයියේ හෙට මම එනවා.. ඔයා මට අර ටික එවන්නකෝ... මම තියන්නම් එහෙනම්..." කියලා ප්රාති කෝල් එක කට් කරලා ආදිට විතරක් අවදානේ දුන්නා.
ප්රාති මේ බෙහෙත් ගාන දිහා ආදි ඩ්රෙසින් ටේබල් එකේ මිරර් එකෙන් බලාගෙන හිටියේ.
ප්රාති හිමීට තුවාලවල පිඹින ගහන් බෙහෙත් ගෑවා. ආදිගේ පිටේ තවත් ඒ වගේ බෙල්ට් පාරවල්වල වේලුණු සලකුණු තිබ්බේ ආදි ගුටි කාපු එකම දවස අද විතරක් නෙවෙයි කියන එක ප්රාතිට තේරෙද්දි.
ප්රාතිගේ ඇස්වලට කඳුලු පිරෙන දිහා ආදි බලන් හිටියේ පුදුමෙන්.
"ප්රාතිහාරි..."
ප්රාති ඇස්වලින් වැටෙන්න ගිය කඳුලු බිංඳු ඉක්මනට පිහගෙන,
" ඇයි අයියේ..." කියලා ඇහුවා.
ආදි ප්රාතිගේ දිහාට හැරිලා ප්රාතිගේ කම්මුලකින් අල්ලගෙන,
" ඇයි ඇඬන්නේ..."
" මට සමාවෙන්න අයියේ.. මම නිසානේ ඔයා ගුටි කෑවේ..."
" පිස්සුද ප්රාතිහාරි... මම ගුටි කෑවේ මගෙම වැරැද්ද නිසා... "
" අයියේ... අද මොකක්ද ඒ වුනේ.. මාව කට්ටියක් කිඩ්නැප් කරා... ඒත් මඟක් යනකොට ඒ වාහනේ නතර කරලා කට්ටියක් මාව ඒ අයගෙන් අරගෙන ගෙදර එක්කන් ආවා.."
"මම දන්නෙත නෑ මොකටද කියලා.. මම හිතුවේ ඔයාව කිඩ්නැප් කරලා කියලා ඒකයි මම එතනට ගියේ.. ඒත් එතන හිටියේ ත්රීශා.. බලනකොට ඔය දෙන්නවම කිඩ්නැප් කරන්න ඉඳලා තියෙන්නේ..."
" කවුද මොකටද අයියේ අපිව කිඩ්නැප් කර්න්නේ..."
" ප්රාතිහාරි... බිස්නස් ෆීල්ඩ් එක ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. එක්කො මම වැඩ භාර ගත්ත එකට අකමැති එකෙක් එහෙම නැත්තන්.. ඕ ෂිට්.. දැනුයි තේරුනේ.." කියලා ආදි කෝල් ගත්තේ තේමියට.
" තේමි.. මේක පිටිපස්සෙ ඉන්නේ මේනක නේද...."
" ඒ වගේ බන්... උන් අපි අර ඩීල් එක ගත්ත එකට කිඩ්නැප් කරලා තියෙන්නේ... මං එතන හිටිය එකෙක්ගෙන් අහන ගමන් හිටියේ...."
" වෙන කවුරුත් නෙවෙයි මේනකම තමා එහෙනම්... උන් එකෙක්වත් ඉතුරු කරන්නෙපා.." කිව්ව ආදි කෝල් එක කට් කරා.
ප්රාති මේ කෝල් එක අහගෙන හිටියේ.
" අයියේ.. ඔයා..."
" ප්රාතිහාරි මට ඔයාට දෙයක් කියන්න තියනවා... ඒත් ඊටකලින් මට කියන්න... ඔයා මාත් එක්ක මේ මැරේජ් එක දිඅටම අරන් යන්න කැමතිද... මාත් එක්ක ඔයාගේ මුළු ජීවිත කාලෙම ගත කරන්න කැමතිද...."
" ඔව් අයියේ... මම ඒක තීරණය කරලා ඉවරයි.. මම ඔයා එක්ක දිගටම ඉන්නවා.."
" හරි... ඔයා දැනගන්න ඕන දෙයක් තියනවා.. ප්රාතිහාරි මගේ ලෝකේ සුන්දර ලෝකයක් නෙවෙයි... මගේ තාත්තා කියන්නේ හොඳ කෙනෙක් නෙවෙයි... මම හොඳ කෙනෙක් නෙවෙයි කොටින්ම කිව්වොත් මම තමා underworld එකේ ආදි... මම underworld එක run කරන් ඉන්න කෙනෙක්... ඔයා මගේ ජීවිතේට ආවා කියන්නේ ඔයාට අද වුනා වගේ සිද්ධි ගොඩාක් වෙන්න ඉඩ තියනවා.. තේරුනාද.. ඔයා ඒ risk එක ගන්න කැමතිද..."
ප්රාතිට ඒ වෙලාවේ දෙන්න උත්තරයක් ආවේ නෑ.. මොකද ප්රාති ශොක් වෙලා හිටියේ. ප්රාති හැමදාම ආස කළේ නෝමල් ලයිෆ් එකක්. ඒත් ආදි මේ කියන විදිහට එයාට ඒ නෝමල් ලයිෆ් එක ගත කරන්න අමාරු බව තේරෙනවා.
" ප්රාතිහාරි...."
" අයියේ... කවදාහරි... කවදාමහරි ඔයා underworld එකද.... මමද කියන එක තෝරගන්න වුනොත් ඔයා මොකක්ද තෝරගන්නේ..."
ඇත්තටම කිව්වොත් එතනදි ආදිට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. මොකද ආදි මේ underworld එකේ වැඩ කරන්නේ අවුරුදු 16 ඉඳන්...
දැන් අවුරුදු 10කටත වඩා ඒ ආපු ගමන ප්රාති හින්දා නවත්තන්න... ඒක ආදිට හිතන්නත් අමාරුයි.
" අයියේ..."
" ප්රාතිහාරි.... මම දන්නෑ... එහෙම දෙයක් වුනොත්... මට තේරෙන්නෙ නෑ මම මොකක් තෝරගන්නද කියලා..."
" හරි ඒක කමක් නෑ අයියේ... හැබැයි මට එක දෙයක් පොරොන්දු වෙන්න.. කවදාහරි මම ඔයාව අතහරින්න ඕන කිව්වොත් ඒකට මට ඉඩදෙන්න... "
" ඒත් ප්රාතිහාරි.. මම... මම කොහොමද..."
" ප්ලීස් අයියේ..."
" හරි... ඒත් මම ප්රාර්ථනා කරනවා එහෙම දවසක් එන්න එපා කියලා.. මොකද මට තවත් කෙනෙක් අතහැරලා දාලා ඉන්න තරන් හිත හයිය නෑ ප්රාතිහාරි..."
ආදි එ.අන්තිමට කිව්ව දෙයින් ප්රාතිහාරිට පුදුම හිතුනා
" අයියේ ඔයා මට ආදරේද..."
" මම දන්නෑ ප්රාතිහාරි... ඒත් මම එක දෙයක් දන්නවා... මම දැන් ඔයා ගැන... ඒක මට කියන්න තේරෙන්නේ නෑ... ඒක ආදරේද කියලා මං දන්නෑ... ඒත්..."
ප්රාති ආදිගේ දෙතොල් මත ඇඟිල්ල තිබ්බා.
" ඇති අයියේ... ඒක කවදාහරි ඔයාට දැනගන්න පුලුවන් වෙයි එදාට මා ඒ ගැන කියන්න... "
ඊළඟ දවස් කීපයම ගත වුනේ ප්රාති ආදිටත් වඩා බීසී වෙද්දි.
මොකද ප්රාතිට black & white එකේ වැඩ බලන්නත් වුනා skyline එකේ ආදිගේ secretary වැඩේ කරන්නත් වුනේ.
ආදිට ප්රාති උදව් කරන්න හම්බුනේ නැත්තේ එයත් තාම skyline එකට හුරුවෙන ගමන් හිටිය හින්දා.
හැබැයි මේ මොන වැඩ තිබ්බත් ප්රාති ආදි ගැන හොයලා බලන්න අමතක කරේ නෑ. ආදි කෑවද බෙහෙත් බිව්වද කියලා හැමතිස්සෙම හොයලා බැලුවා. ආදිට රෑ තිස්සෙ ඇහැරන් ඉන්න ඉඩ දුන්නෙත් නැ.
කොහොමහරි සති අන්තයත් ආවා.
එදත් ප්රාති black & white එකේ හිටියේ. ආදි දන්නවා ප්රාති අකමැතිම වැඩේ තමා සති අන්තේ වැඩ කරන එක කියලා. ඒ හින්දා ආදි මොන වැඩේ තිබ්බත් කමක් නෑ හෙට නම් නිවාඩු කියලා හිතාගෙන තමා ප්රාතිව ගන්නත් එක්කම black & white එකට ගියේ.
ආදි යනකොටත් ප්රාති මීටින් එකක. අලුතෙන් භාර ගත්ත projects වගයක් ටීම්වලට භාර දිදී හිටියේ. ආදි එනවා දැකලා ප්රාති කතාව නතර කරත් ආදි ඇවිල්ල වාඩිවුනෙ ප්රාතිට කරගෙන යන්න කියන ගමන්.
ප්රාති ලස්සනට ඔක්කොම ටික handle කරේ ආදි ප්රාති වැඩ කරන දිහා හරිම ආසාවෙන් බලන් ඉද්දි.
ආදිට තේරුනා කට්ටිය ඇයි මේ තරන් ප්රාති perfect girl කෙනෙක් කියන්නෙ කියලා. මොකද ප්රාති මේ වෙනකොට කම්පැනියට වෙන්න ගිය මිලියන ගාණක ලොස් එකක් නවත්තලා තිබ්බා.
ආදි දන්නවා ඒක එයාටවත් නවත්තන්න අමාරු දෙයක් කියලා.
මීටින් එක ඉවර කරපු ප්රාති ආදි ළඟ තිබ්බ පුටුවකම වාඩි වුනේ මහන්සි හින්දා.
" මහන්සිද..." ආදි ප්රාතිගේ අතින් අල්ලන් ඇහුවා.
"අයියේ කට්ටිය ඉන්නවා තාම..."
මීටින් එකේ හිටිය සෙට් එක කන්න වගේ හිටියේ ආදී ඒ දිහා බලද්දි කට්ටිය බිම බලාගත්තා.
" කෝ කවුරුත් බලන්නෑ... යන්ද ගෙදර.. "
" දැන්ම... ඉන්න අයියේ තව වැඩ ටිකක් තියනවා ඒ ටික ඉවර කරා නම් මෙහෙ වැඩ ටික හරි..."
" හරි එහෙනම් මාත් උදව් කරන්නම්... ඒක නෙවෙයි කෝ නෙහාන්..."
" නෙහාන් අයියා ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න ගියා... ඉන්න මම මීටින් එක ඉවර කරල ඉන්නම්... අයියා මොනා හරි කියනවද කට්ටියට..."
" නෑ ඕන්නෑ... ඔයා ඉවර කරන්න.. මම ඔෆිස් රූම් එකට යන්නම්... බොන්න මොනාහරි ඕඩර් කරන්නද..."
" චොක්ලට් මිල්ක්ෂේක්...."
ප්රාති දැන් කලින්ටත් වඩා ආදි එක්ක නිදහසේ කතාබහ කරේ දෙන්නා තව තවත් ළං වෙලා හිටිය නිසා.
දෙන්නා කම්පැනි එකෙන් පිටත් වුනත් ප්රාති මඟක් යනකොට,
" අයියේ... තාම හය හමාරයිනේ... ළමා නිවාසේ ළඟින් මාව දාගෙන යන්න බැරිද... "
" ඇයි මං එන්න එපාද..."
" ඇත්තටම එනවද.. එහෙනම් යන්... අයියේ සුපර්මාර්කට් එක ළඟින් නතා කරන්න ඊට කලින් පොඩි අයට මොනාහරි අරන් යන්න ඕනේ..."
එදා ආදි ප්රාති දෙන්නාම ළමා නිවාසේ ළමයි එක්ක කාලේ ගත කලේ පහුගිය දවස් ටිකේම තිබ්බ මහන්සිය අමතක වෙලා යද්දි.
දෙන්නත් හිනාවෙවී ගෙදර එන දිහා සුගත් වගේම රීටාම්මාත් බලාගෙන හිටියේ හරිම සතුටින්.
හැබැයි මේනක නම් හිටියේ මාර ම තරහින්. මොකද මේනකගේ හැම ප්ලෑන් එකක්ම අසාර්ථක වුන හින්දා.
" හම්මෝ... මහන්සියි... අද නම් නින්ද යයි මැරුවා වගේ.. අයියේ හෙට කම්පැනියට යනවාද.. " ප්රාති ඇඳට වැටෙමින් ඇහුවා.
" නෑ හෙට නිවාඩු... හෙට ගෙදර..."
" ඇති යන්තන්.... එහෙනම් අපි අද ෆිල්ම් එකක් බලමු..."
" හා... ඉස්සල්ලම නාගෙන කරගෙන ඉන්නකෝ... මම මොනාහරි ඕඩර් කරන්නම්..."
දෙන්නා නාගෙන කරගෙන ඇඳේ හරි බරි ගැහුනේ ෆිල්ම් එකක් බලන්න.
" මොකක්ද බලන්නෙ..." ආදි.
" Dear comrade..." ප්රාතිහාරි දෙපාරක් හිතන්නෙ නැතුව කිව්වා.
ප්රාති ඒ ෆිල්ම් එක දහපාරක් විතර බලලා ඇති ඒත් එයාට කවදාවත ඒක බලන එක එපා වෙන්නෙ නෑ..
පහුවදා දෙන්නා නැගිට්ටේ දහයත් පහුවෙලා. ආදි ප්රාතිටත් කලින් ඇහැරුනා. කවදාවත නැතුව අද ප්රාති ආදිගේ තුරුලේ හිටියේ.
ආදි ප්රාතිව ඇහැරවන්නෙ නැතුව ප්රාතිගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කැරැල්ලක් හදලා දාලා නළල සිප ගත්තා.
" මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් ප්රාතිහාරි..."
ආදි හිමීට ප්රාතිගේ ෆොටෝ ටිකකුත් ගත්තා.
පැය බාගයක් විතර බලන් හිටියත් ප්රාති ඇහැරෙන්නේ නැති හින්දා ආදි බැරිම තැන ප්රාතිව ඇහැරෙව්වා.
" ප්රාතිහාරි... නැගිටින්නේ නැද්ද..."
" අනේ.. තව චුට්ටයි..."
" දැන් දහය හමාරයි..."
වෙලාව ඇහුන ගමන් ප්රාති ඇස් ඇරියා. ප්රාති ඒ වෙලාවේ තමා දැක්කේ ආදිගේ තුරුලේ ඉන්නෙ කියලා.
ප්රාති ඉක්මනට අයින් වෙන්න හැදුවත ආදි ආයෙමත් ප්රාතිව ඇදලා අරන් තුරුලු කරගත්තා.
" අයියේ..."
"ඔහොම ඉන්නවා චුට්ටක් දැන් ඉතින් මෙච්චර වෙලා හිටියේ..."කියමින් ආදි ප්රාතිව තව ටිකක් තුරුලු කරගත්තා.
" ප්රාතිහාරි..."
" ම්ම්ම්...."
" මම ඔයාට ආදරේ කරන්න පටන් අරන් වගෙ..."
ප්රාති ආදිගේ මූණ දිහා බැලුවා.
" ඇත්තටමද කිව්වෙ අයියේ..."
" බොරු කියලා මොනාද මට හම්බෙන්නේ..."
ප්රාති හිනාවෙලා ආදිගේ පපුව අස්සෙ මූණ හංඟගත්තා.
" ප්රාතිහාරි... දැන් නම් බඩගිනියි...."
" ඉන්න මම කන්න මොනාහරි අරන් එන්නම්..." කියලා ප්රාති ඇඳෙන් නැඟිට්ටා.
ඒත් ඉතින් ආදි ආයෙමත් ප්රාතිව ඇදලා ගත්ත පාර ප්රාති ගිහින් ආදිගේ ඇඟ උඩ.
ප්රාතිගේ ඇස් ආදිගේ ඇස් එක්ක මොහොතකට ගැටුනේ ඒ ඇස්වලින් හැඟීම් ගොඩාක් කියවෙද්දි.
ආදි ප්රාතිගේ දෙතොල්වලට බර වුනේ දෙන්නාගේ සම්බන්ධයට අලුත් පියවරක් තියමින්.
විනාඩියක් දෙකක් ප්රාතිව සිපගත්ත ආදි ප්රාතිගේ නළල සිපගෙන,
" යන් දෙන්නම පහළට..."
එදා දවසම දෙන්නා කාලේ ගත කලේ හරිම සතුටින්. පහුගිය දවස් ටිකේ බිස්නස් වැඩ අස්සෙ හිර වෙලා හිටිය දෙන්නට අද දවස කියන්නේ කියාගන්න බැරි හැඟීමක් වුනා.
කවදාවත් කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නැති ආදි එදා කුස්සියේ හිටියේ ප්රාති හින්දා.
මොකද අද මේ ගෙදරට ආවටම පළවෙනි වතාවට ප්රාති ඉව්වා.
ආදිට උයන්න තියා ලූනු ගෙඩියක්වත් හරියට කපාගන්න බෑ. හැබැයි ආදි ප්රාතිට පුලුවන් විදිහට උදව් කරා.
රීටාම්මාත් ඒ දෙන්නට කාලේ ගත කරන්න දීලා පැත්තකට වුනා.
එදා හවස ආදි තේමිය එක්ක කතා කර කර හිටියේ එයාලාට ලැබුනු ආයුධ නැව ගැන බලාගන්නේ කොහොමද කියන එක. මොකද ඒක හිතනවට වඩා ලොකු වැඩක්.
මේනකගේ අතට යන්නෙ නැතිවෙන්න මේ ගැන ආයුධයක්ම බෙදාහරින්න ඕන කියන එක තමා ආදිගේ මතේ වුනේ. තේමියත් ඒකට එකඟ වුනේ මේනකගේ අතට යන්නෙ නැත්තන් ඕනේ මඟුලක් කියලා.
තේමියත් එක්ක කතා කරලා ඉවර වෙලා ආදි ප්රාතිව හොයාගෙන ගියේ ගාඩ්න් එකට.
ගාඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකකට වෙලා ප්රාති කොළ වගේකුත් තියාගෙන මොනාද අඳිනවා ආදි දැක්කා.
" මොකෝ චිත්ර අඳිනවද...."
" නෑ... මම මේ නිකන්..."
ආදි ළඟට ආවම තමා දැක්කේ ප්රාති ඇඳුම් වගයක් ඩිසයින් කරලා තියෙන්නෙ කියලා.
" වාව්... ඒවා ලස්සනයි.. ඔයා කැමති නැද්ද ඩිසයින් ෆීල්ඩ් එකට යන්න ප්රාතිහාරි..."
" ම්ම්... මම මේක නිකන් හොබි එකක් වගේ කරන්නෙ අයියේ..."
" නිකමට ට්රයි කරලා බලන්න..."
" ඒකත් හොඳ අයිඩියා එකක් තමා..."
" ආ මට කියන්න අමතක වුනානේ.. ඔයාගෙන මම එදා ගත්ත skech ටික මම board එකේ අයට පෙන්නුවා... ඒ අයත් කැමතියි යුනිෆෝම් අලුත් කරන වැඩේට..."
"ඒත් අයියේ ඒවා මම නිකන් ඇඳපුවානේ..."
" don't understimate yourself... Okay... ඔයා ඔයාගේ වැඩේ කරන් යන්න දැන්.. මම මෙතනට වෙලා ඉන්නම්..." කියලා ආදි ප්රාති ළඟින් ඉඳගෙන ප්රාතිගේ ළඟට ළං කරගට්ත්තා.
මේ දෙන්නා දිහා උඩ තට්ටුවට වෙලා මේනක බලන් හිටියේ පුපුර පුපුර.
" උබලට තාම බැරිවුනාද මුගේ මහඑකීව හොයාගන්න..." මේනක එයාගේ අතවැසියෙක්ට කෝල් එකක් අරන් බැන්නා.
" බොස්... ඒකි ඉන්න තැන හොයාගෙන ඉන්නේ.. ඒත් එතනට ළං වෙන්න බැරි තරන් ගාඩ් එක වැඩියිනේ..."
" මට ඒකෙන් වැඩක් නෑ මොන මඟුලක් කරලා හරි ඒකිව උස්සපන්..." කියලා මේනක කෝල් එක කට් කරා.
"ආදිත්ය... මම තමුසෙව විනාශ කරනවා..."
රෑ වෙලා ඩිනර් එකෙන් පස්සෙ සුගත් ආදිට ඔෆිස් රූම් එකට කතා කරා.
" ආදිත්ය හෙට පාර්ටියක් තියනවා.. ප්රාති එක්ක ගිහින් එන්න..." කියලා ආදිට ඉන්විටේෂන් එක දුන්න.
පහුවදා ආදි ප්රාති එක්ක කලින්ම ගෙදර ආවේ ඒකට යන්න. දෙන්නම මැචින් outfit ඇදලා පාර්ටියට යන්න රෙඩි වුනා.
ප්රාති සිම්පල් මේකප් එකකුත් දාලා රෙඩි වුනේ ආදි කටත් ඇරන් ප්රාති දිහා බලන් ඉද්දි.
" චූටි මහත්තයෝ ඔය කටට මැස්සො රිංගයි.." රීටම්මේ හිනාවෙවී කිව්වා.
ඒක ඇහුන ආදිට වස නෝණ්ඩිය.
ප්රාතිත් හිනාවුනා.
" ඉක්මනට යන්... " කියලා ආදි එළියට ගියේ ලැජ්ජාව වහගන්න.
පාර්ටිය තිබ්බ තැනට යද්දි මේ දෙන්නට නිකන්ම අවදානේ ලැබුනේ ඒ තරන් මැචින් කපල් එකක් හින්දා.
ඒත් කොයි තරන් ඒ දෙන්නට අවදානේ ලැබුනත් ප්රාතිගේ අවදානේ නම් තිබ්බෙ වෙන තැනක.
ප්රාති එයා දැක්ක දෙයින් පුදුම වෙලා බලන් හිටියේ ආදිත් ප්රාති මෙ තරන් පුදුමෙන් බලන් ඉන්නෙ කොහෙද කියලා බලද්දි.
_______________________________________
මොකක් වෙන්න ඇද්ද.. any guesses
reaction දාන්න... comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤