Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


To 20th blood...

https://telegra.ph/Dangerously-yours-05-14


21st blood...


එදා හවස දෙන්නා ගෙදර ආවේ මහන්සියෙන් වුනත් සතුටින්.. ආදී නම් ගොඩක් සතුටින් හිටියේ මොකද එයාට මුළු ආයුධ නැවම හම්බෙලා තිබ්බා.

හැබැයි මේනක නම් හිටියේ පුපුර පුපුර. මේනක එකපැත්තකින් සතුටු වුනා හැබැයි.මොකද එයා උදේ ගහපු ප්ලෑන ඒ විදිහටම වැඩ කරපු හින්දා.

එදා රෑ ප්‍රාති ඇඳේ නිදාගෙන ඉද්දි එකපාර ඇහැරුනේ කවුරුහරි කෑගහන සද්දෙ ඇහුන නිසා.

ප්‍රාති නැඟිටලා බලද්දි දැක්කේ ආදි සෝෆා එකේ දඟලමින් කෑගහනවා.


ආදි මෙච්චර දවස් නිදියගත්තේ සෝෆා එකේ.


ප්‍රාති ඉක්මනට නැඟිටලා ආදි ළඟට ගියා.

" ත්‍රීශා... එපා... යන්නෙපා... මාව දාලා යන්නෙපා... " කියමින් ආදි කෑගැහුවා.

" අයියේ... අයියේ නැඟිටින්න... අයියේ..." ප්‍රාති ආදිට තට්ටු කරමින් නැඟිට්ටවන්න හැදුවත් ආදි නැඟිට්ටෙ නෑ.

" අයියෙ... නැඟිටින්න... අයියේ... ප්ලීස් නැඟිටින්න..."

ආදි ප්‍රාතිවත් තල්ලු කරමින් කෑගහන්න ගත්තා තවත.

ප්‍රාති කරන්න දෙයක් නැතිම තැන වතුර ටිකක් ආදිගේ මූණට ඉස්සා. ආදි ඇස් ඇරියත් ඒ ඇස්වල කිසිම ජීවයක් තිබ්බෙ නෑ.

ආදි ප්‍රාතිව බදාගෙන,

" අම්මේ මට සමාවෙන්න... මට ඔයාව බේරගන්න බැරිවුනා... මට සමාවෙන්න..."කියමින් අඬන්න ගත්තා.

" අයියේ... අයියේ..." ප්‍රාතිට ආදි ඉන්නෙ හරි සිහියෙන් නෙවෙයි කියලා තේරුන හින්දා කතා කරත් ආදි පියවි සිහියට ආවේ නෑ.

ප්‍රාතිට බයත් හිතුනා. ඒත් මෙතන ඉඳන් කතා කළාට කිසිම කෙනෙක්ට ඇහෙන්නෙ නැති හින්දා ප්‍රාතිට කරන්න දෙයක් තිබ්බෙත් නෑ.

ආදි දිගින් දිගටම අම්මා ගැනයි ත්‍රීශා ගැනයි කියවමින් අඬලා අන්තිමට සද්දයක් බද්දයක් නැතිවුනා.

ඒත් විනාඩියක්වත් යන්න කලින් ආදිව ගැහෙන්න ගත්තේ ප්‍රාතිව හොඳටම බය කරමින්.

ආදිව දාලා යන්නත බැරි නිසා ප්‍රාති රීටාම්මාට කෝල් එකක් අරන් ඉක්මනට එන්න කිව්වා.

රීටාම්මා ඉක්මනට දුවගෙන ආවේ ප්‍රාති ආදිව සන්සුන් කරන්න එයාට පුලුවන් හැමදේම කරද්දි.

" දෙයියනේ පුංචි මහත්තයා ආයෙමත්..." කියමින් රීටා දිව්වේ ඇඳ ලඟ තිබ්බ කබඩ් එකට ඒකෙන් බොක්ස් එකක් අරගෙන ඒකේ තිබ්බ ටැබ්ලට් දෙකක් ආදිට පෙව්වා. ඒත් ආදිට කිසිම අඩුවක් තිබ්බෙ නෑ.

" අනේ පුංචි මහත්තයෝ... චූටි නෝනේ මං ලොකු මහත්තයාටත කියලා දොස්තර මහත්තයාව එක්කන් එන්නම් එතකන් පුංචි මහත්තයාආ බලාගන්න..."කියලා රීටාම්මා ගියා

විනාඩි පහක් යන්න සුගත දුවගෙන ආවේ හතිදාගෙන...

" ආදි... පුතේ... ආදි...."සුගත් ආදිගේ කම්මුල්වලට තට්ටු කරමින් කතා කරා මේ වෙනකොට ආදි වෙව්ලන එක නතර වෙලා තිබ්බත් ආදිට සිහිය තිබ්බෙ නෑ.

ආදිව සෝෆා එකෙන් උස්සලා අරන් සුගත් ඇඳෙන් තිබ්බා.

ප්‍රාති පුදුමෙන් බලන් හිටියේ සුගත්ට ඒ තරන් හයියක් තියනවද කියලා.

" දුව මොකක්ද වුනේ..."

" දන්නෑ. ... අයියා නිදාගෙන හිටියේ එකපාර කෑගහන ගමන් දගලන්න ගත්තා.. මම අයියාව නැගිටවන්න හැදුවත් එයාට හරිහමන් සිහියක් තිබ්බෙ නෑ... ඊට පස්සේ වෙව්ලන්න ගත්තා. රීටාම්මා බෙහෙත් වගයක් දුන්නට පස්සෙ තමා වෙව්ලන එක නැතිවුනේ..."

" ෂිට්... අවුරුදු ගාණකින් මෙහෙම දෙයක් වුනේ නෑ කොල්ලට..."කියමින් සුගත් බර කල්පනාවක හිටියේ ඩොක්ටර් එනකන්.

පැය කාලකට විතර පස්සෙ අවුරුදු පනහක විතර ඩොක්ටර් කෙනෙක් ආවා.

" මොකක්ද යකෝ මෙච්චර වෙලා කළේ... " සුගත්

" මාත් දැන් වයසයි බන්..." ඩොක්ටර්

ඩොක්ටර් ආදිව විනාඩි දහයක් විතර හොඳට චෙක් කරලා injection එකක් දුන්නා.

" මොකක්ද වෙලා තියෙන්නේ..." සුගත්

" පරණ අවුලම තමා... කොල්ලා පහුගිය ටිකේ ස්ට්‍රෙස් එකෙන්ද හිටියේ... මට පේන විදිහට හරිහමන් නින්දක් නෑ ස්ට්‍රෙස් එක ඒ වගේම එකපාර මොකක් හරි මානසිකව බලපාන දෙයක් වෙලා තියනවා... ඉන්නකෝ දැන් කොල්ලා නැගිටියි මම අහන්න... මේ ඉන්නේ ලේලිද..."

" ඔව්... ප්‍රාතිහාරි.. දන්නවා ඇතිනේ..."

" ඔව් ඔව්... මොකද නැත්තේ... මම දුවව දැකලා තියනවා.. "

" මාව..." ප්‍රාති පුදුමෙන් ඇහුවා.

" ඔව්... දුවව මං පුතාගේ කම්පැනි එකේ මීටින්වලට යනවා එනවා දැකලා තියනවා.."

" ආ.... අම්මා..." කියමින් කෙඳිරිගාමින් ආදි හිමීට ඇස් ඇරියා.

" ආදිත්‍ය... කොල්ලෝ... දැන් මොකද..."

ආදි ඔලුවත් අල්ලගෙන ඇඳේ ඉඳගත්තා.

" ආ... අවුලක් නෑ... මම... මට මොකද වුනේ..." ආදි වටපිට බලමින් ඇහුවා.

" මුකුත් වුනේ නෑ.. මොකෝ ඔලුව කැක්කුමක්වත් ඇල්ලුවද... මේ දවස්වල බිසීද..."

" ටිකක් බිසී අංකල්.. ඔලුව කැක්කුමක් නම් තිබ්බා දැන් ටික දවසක ඉඳන්..."

" බෙහෙත් බිව්වෙ නෑනේ ඒත්..."

" නෑ අංකල්... මට බෙහෙත් බීලා එපා වෙලා තියෙන්න්නේ..."

" එහෙම හරියන්නෑනේ කොල්ලො... හරියට නිදාගන්නෙත නෑනේද..."

"නින්දයන්නෙ නෑ අංකල්.."

" හරි දැන් අද නින්ද යයි.. stress වෙන්නෙපා කොල්ලො... දැන් වයිෆුත් ඉන්න එකේ දෙන්නා කතාබහ කරලා ඉන්න.. අනික තමන්ගේ health එක ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ... තේරුනානෙ.. අපිට අර පරණ ආදිත්‍යව ඕනේ නෑ... එහෙනම් දැන් නිදාගන්න..." කියලා ආදිව ප්‍රාති එක්ක තනි කරලා අනික් අය යන්න ගියා.

" අයියේ තාම ඔලුව රිදෙනවද..." ප්‍රාති ආදි ළඟට ඇවිත් ඇහුවා.

" ටිකක් විතර... " එහෙම කිව්වට ආදිගේ ඔලුව ගොඩාක් රිදුනා.

" මම ඔලුව ටිකක් අතගාන්නද.."

" ඕන්නෑ ප්‍රාතිහාරි... දැන් පාන්දර නේද ඔයා නිදාගන්න..." කියලා ආදි ඇඳෙන් බැහැලා යන්න හැදුවා.

" අයියේ... ඔයාම නේද මට කිව්වෙ ඔයා මගේ හස්බන්ඩ් කියලා..."

" ඒ කිව්වේ..."

" අයියේ... මම තීරණයක් ගත්තා.. ඉතින් දැන් මට පුලුවන්ද ඔයාගේ ඔලුව අතගාන්න.. මම ඔයාගේ වයිෆ්නේ...නේද..."

" ඔයා නම් හරිම කපටියි ප්‍රාතිහාරි..." හිනාවෙලා ආදි කිව්වා.

ප්‍රාති ඇඳේ ඉඳගෙන ආදිට ඉඟි කළේ ඔලුව තියන්න කියලා.

" කමක් නැද්ද..."

" අයියේ මම දැන් ඔලුව අතගාන්න එපාද..."

ආදි ප්‍රාතිගේ උකුලෙන් ඔලුව තියාගත්තා. ප්‍රාති ආදිගේ ඔලුව අතගෑවේ බෙහෙත් හින්දා වගේම සනීපෙට ආදිට නින්ද යද්දි.

ආදි ප්‍රාතිට තුරුල් වුනේ ප්‍රාතිට මොකක්ද අමුතුම හැඟීමක් දැනෙද්දි. ඒත් ඒ එක්කම ප්‍රාතිට කෛලාශ්ව මතක් වුනා.

" කෛලාශ්... මොකක්ද මට මේ දැනෙන අමුතු හැඟීම.. මම ඔයාට ආදරේ කරා... මම දැනටත් ආදරේ කරනවා.. ඒත්... ඒත් මට ආදි අයියා ගැන දැනෙන අමුතු හැඟීම මොකක්ද... මම එයාටත් ආදරේ කරන්න පටන් අරන්ද... "

ප්‍රාතිට එයාගේ දුහුල් රෑ ගවුම හරහා ආදිගේ උණුසුම් සුසුම් දැනුනේ ආදි ප්‍රාතිගේ කුසට මූණ හේත්තු කාන් හිටිය හින්දා.

" කෛලාශ්... ඔයාට කවදාවත් මාව මතක් වෙන්න එපා.. ඒක මගේ ප්‍රාර්ථනාවක්..."

ප්‍රාතිටත් එහෙම්මම නින්ද ගියා.

ඩොක්ටර් එක්ක පහළට ගිය සුගත් ඩොක්ටර්ව පිටත් කරලා යවලා office room එකට ආවා.

සුගත්ගෙ වැඩකට ගිය කමල් ඒ වෙලාවේ තමා ගෙදර ආවේ.

" සර් තාම නැඟිටලා..."

" ආදිට ආයෙමත් පැනික් ඇටෑක් එකක් ආවා..."

"මොකක්... චූටි සර් හොඳින්ද සර්..."

" දැන් නම් අවුලක් නෑ... මම කොල්ලට තද වුනා වැඩිද කමල්...."

" සර්... කවදාහරි චූටි සර්ම සර්ව තේරුම් ගනී..."

" මම එ දවස එනකන් බලන් ඉන්නවා කමල්... ආ කමල්... හෙට පොඩි වැඩක් කරන්න ඕනේ..."



මේ අතරේ නිදි නොයන රැයක් ගත කළ තව පිරිස් හිටියා.

ඒ අතරින් එක් ගොල්ලක් තමා මේනකයි එයාගේ ටීම් එකයි.

" උබලට මං නැත්තන් වැඩක්වත් හරියට කරගන්න බැරිද..."

" සර් උන් ඉල්ලුවේ ගැන්ග් ලීඩර්ව... ඉතින් සර් ඒ වෙලේ අපි මොනා කරලා උන්ව ශේප් කරගන්න බැලුවත් අපිට බැරිවුනා.."

"එතකොට අරුන් කොහොමද ඩීල් එක ගත්තේ... ඌ හිටියෙත් මීටින් එකේනේ.."

" සර් තේමියකාරයා ලංකාවට ඇවිල්ලා.. ඌ ආවේ... ඒ හින්දා උන්ට ඩීල් එක හම්බුනා..."

" ෂිට්... මේ බල්ලො හින්දා මගේ ප්ලෑන් ඔක්කොම කඩාකප්පල් වෙනවා... ඒත් මොන මඟුලක් කරලා හරි මෙ නැව අපේ යටතට ගන්න ඕනේ... "

" ඒත් සර් ආදිත්‍යකාරයා එක්ක හැප්පෙන්නෙ කොහොමද..."

" ඒකට තමා උගේ දුර්වලතාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ..."

" ඒත් සර් ඌ ත්‍රීශා ගෑනිගෙන් breakup වෙලානේ.. ඌ බැදලා ඉන්න එකී එක්කත් එච්චර සම්බන්ධයක් නෑනේ..."

" එහෙම කියලා නිකන් ඉන්නද කියන්නේ.. උස්සපන් දෙන්නවම හරි කමක් නෑ..."

" Okay boss.."


" ආදිත්‍ය උබේ හොඳ දවස් ඉවරයි.. ලෑස්තිවෙයන්... මම උබව නොමරා මරනවා.. skyline එකත මගේ underworld එකත් මගේ උබේ ගෑනිත් මගේ..." කිව්ව මේනක හයියෙන් හිනා වුනා...



මේ අතරේ නිදිනැතුව හිටිය අනික් අය තමා කෛලාශ්ගේ ටීම් එක.

කට්ටියම ලංකාවෙන් යන්න හිටියත් මේ ආයුධනැව ගැන දැනගත්ත නිසා කෙවින් අනික් අයව යවලා නතර වුනා.

" කෛලාශ්... එතන ටීම් දෙකක් හිටියා... එක ටීම් එකක උන් ඩීල් එක ගත්තා.. උන්ගේ ටීම් එකේ හිටියා ඩයල් එකක් මං උගේ ඩීටේල්ස් හෙව්වා.. ඒත් උන් ගැන කිසිම දෙයක් හම්බුනෙ නෑ උගේ නම විතරයි දැනගත්තේ... තේමිය...."

" තේමිය... හරි... එතකොට ඔය ටීම් දෙකම අර වැඩේට සම්බන්ධද... "

"දන්නෑ... මම හිතන්නෑ දෙගොල්ලොම සම්බන්ධයි කියලා... "

" ෂිට්... අඩෙහ් මේ මිෂන් එක නම් අපිව හතර අතේ පටලවනවා.. මේකේ මහ මොලකාරයා නම් මොලකාරයෙක්ම තමා.."

" ඒක නම් කියලා වැඩක් නෑ.... උබ නැඟිටලා ඉඳපන්කෝ.... අපි ඊටපස්සේ මුන්ට හොඳ ගේමක් දෙමු... එතකන් අපි මේ ගැන හොයන්නම්..."



පහුවදා උදේ ප්‍රාති නැඟිටිද්දි ආදි ප්‍රාතිව තවත් තදින් බදාගෙන නිදි.

ප්‍රාති හිමීට ආදිගේ අත් අයින් කරලා ශේප් එකේ නැඟිටින්න හැදුවත් ආදි නැගිට්ටා.

" ඔහ්... මම ඔයාව ඇහැරුවාද අයියේ... සොරි..."

" අහ්.. නෑ.. ප්‍රාතිහාරි... ඔයා එළිවෙනකන්ම මෙහෙමද හිටියේ... අනේ සොරි මට නින්ද ගියානේ..."

" අයියෝ අයියේ... ඒක කමක් නෑ.. ඔයා තව ටිකක් නිදාගන්නවද... "

" වෙලාව කීයද... "

" ම්ම්... හයයි දහයයි...."

" නැ... කලින් ඔෆිස් එකට යන්න ඕනේ... මට හිතෙනවා අද එයාපොර්ට් එක පැත්තෙත් ගිහින් අපේ අයගේ වැඩ බලලා එන්න.. "

" අයියේ... අපිඅ මාස තුනක් තියනවා... ඔයා ස්ට්‍රෙස් වෙන්නෙ නැතුව වැඩ කරමු... මොකද ඉක්මන් කොටයිනේ..."

" ඒත් ප්‍රාති මම කම්පැනිය ඇන ගොඩාක් දේවල් දන්නෙ නෑ.. අනික කම්පැනිය ඇතුළේ අපිට හතුරොත් වැඩියි ඒ හින්දා අපිට ඉක්මනින් පරිස්සමින් වැඩ කරන්න වෙනවා... තෙරුනාද.. මම වොෂ් එකක් දාගෙන එන්නම්..." කියලා ආදි බාතෲම් එකට ගියා.

ආදි ගියාට පස්සෙ ප්‍රාති ඇඳ හදලා කාමරේ ටිකක් අස්පස් කරලා ආදිටයි එයාටයි ඇඳුම් අරන් ඇඳ උඩින් තියලා දෙන්නටම කෝපි හැදුවා.

ආදිලාගේ රූම් එකේ පොඩියට තේ හදන්න ඒවට මේවට කොටසක් තිබ්බා.

ප්‍රාති එයාගේ කෝපි එක බොන ගමන් ෆෝන් එක බැලුවේ අලුත් නිව්ස් මොනාද බලන්න.

ඒ අතරේ තමා දැක්කෙ ආදි skyline එකේ වැඩ භාරගත්ත එක ගැන පෝස්ට් ගොඩාක් තියනවා. එක එක මත එක්ක ලියලා තියන ඒ ආර්ටිකල් ප්‍රාති කියෙව්වෙ මිනිස්සු පුවත් මවන අරුමේ දැකලා.

ආදි බාතෲම් එකේ ඉඳන් ඒ අතරේ ආවේ ටවල් එක විතරක් ඇඳගෙන.

ප්‍රාති එකපාර ආදිව දැකලා වික්ශිප්ත වුනා. ප්‍රාතිගේ ඇස් ආදිගේ නිරුවත් උඩුකය පුරාම ගියේ ප්‍රාතිට ගත්ත හුස්මත් පහළට දාන්න අමතක වෙද්දි.

" මැඩම්... මොකද view එක හොඳයිද..."

" මරු... ආ... මොකක්ද..." ප්‍රාති ආදිගේ සිහියෙන් හිටිය හින්දා ආදි ඇහුව දේ තේරුනේ ටිකක් පරක්කු වෙලා.

කෙල්ලව රතු වුනා. ප්‍රාති ෆෝන් එකයි කෝපි එකයි තියලා ඉක්මනට බාතෲම් එකට දිව්වා.

ආදි හිනාවුනේ ප්‍රාතිගේ වැඩවලට.

ප්‍රාතිට වොෂ් දාගෙන ඇඟ පිහගද්දි තමා මතක් වුනේ ගොනා වගේ දුවන් ආවට ඇඳුම් අරන් ආවේ නෑ කියලා.

ටවල් එකත් ඇඳගෙන හිමීට කාමරේට ඔලුව දාලා බැලුවේ ආදි ඉන්නවද කියලා. ආදි පේන්න හිටියෙ නැතිහින්දා ඉක්මනට රෙදි ටිකත් අරන් ආයෙමත් බාතෲම් එකට දිව්වා.

ඒත් ඉතින් ආදි නම් මේ ඔක්කොම දැක්කා.


ආදියි ප්‍රාතියි දෙන්නා ඔෆිස් එකට යන්නෙ නැතුව කෙලින්ම ගියේ එයාපෝට් එකට.

ඒ ගිහින් එහේ එයාලාගේ airline එකේ staff එක හම්බෙලා කතාබහ කරා. එයාලාගේ flights check කරා.

ඊටපස්සේ තමා ඔෆිස් එකට ගියේ.

ප්‍රාති ගෙදරින් එන්න ඉස්සරවෙලා රීටාම්මා එක්ක කතා කරපු දේකින් තමා දැනගත්තේ ආදිට PTSD කියලා. ඒ හින්දා තමා ආදි ඊයේ රෑ අර විදිහට හැසිරුනේ කියලත්.

ඒ හින්දම ප්‍රාති ආදිට ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න නොදී එයාම වැඩ ගොඩක් ඉවර කරන්න වග බලාගත්තා.

එදා හවස දෙන්නා එක්ක ගෙදර ඇවිත් කාමරේට ගියාම තමා දැක්කේ මොකක් හරි අඩුවක් තියනවා කියලා.

" අයියේ.. මොකක් හරි අඩුයි වගේ නැද්ද... "

" ඒක තමා මාත් බැලුවේ..."

" අයියේ කෝ සෝෆා එක..."

" අම්මටසිරි ඒක නේන්නං අඩු..." එහෙම කියලා ආදි පහළට ගියේ රීටාම්මාට ක්තා කරගෙන.

" රීටම්මේ කෝ අපේ රූම් එකේ තිබ්බ සෝෆා එක..."

" ආ.. ඒක කමල් මහත්තයා විසි කරන්න අරන් ගියා පරණ වෙලා කියලා...." ඒක තමා ඊයේ රෑ සුගත් කමල්ට භාර දුන්න පොඩි වැඩේ.

" මොකක්... පරණ වෙලා... ඒක ගෙනැල්ලා තාම අවුරුද්දක්වත් නෑනේද... එහෙනම් කමල්ටම කියන්න තව එකක් ගේන්න කියලා..."

"ඇයි සෝෆා එකේ නිදියන්නද... මටත් ආසයි මුණුබුරෙක් මිණිබිරියක් බලන්න..."සුගත් මේ දෙන්නාගේ කතාවට බාධා කරමින් එනගමන් කිව්වා.

" ඇයි අර මහලොකු අනික් පුතා ඉන්නේ ඌට නම් දැනටමත් ඇති ළමයි හැමතැනම..." කියපු ආදි සුගත්ට රවලා රූම් එකට ගියා.


ඩිනර් එකත් අරගෙන ආදි එයාගේ office room එකට වෙලා තේමිය එක්ක කතා කර කර ඉඳලා රූම් එකට එද්දි දැක්කේ ප්‍රාති බර් වැඩක ඉන්නවා.

කෙල්ල කොයි තරන් ඒ වැඩේට පේ වෙලාද කියනවා නම් ආදි ළඟට එනවාවත් තේරුනේ නෑ.

" ප්‍රාතිහාරි මොකද කරන්නේ..."

ප්‍රාති එකපාර ගැස්සුනේ ආදි ළඟින්ම කතා කරපු හින්දා.

ප්‍රාති හිටියේ අද එයා උදේ දැක්ක එයාලාගේ airport එකේ crew එකට ඇඳුම් design කරන ගමන්. ඒකත් නිකන් විනෝදෙට වගේ..

" ආ.. මුකුත් නෑ..." කියන ගමන් ප්‍රාති ඉක්මනට ඒ sketch ටික හංඟන්න හැදුවා. ඒත් ආදි ඊට කලින් ඒ ටික ඇදලා ගත්තා.

ආදි ඒ හැම sketch එකක්ම එකින් එක බැලුවේ ටික වෙලාවක් අරගෙන.

ප්‍රාති බයෙන් ආදි දිහා බලන් හිටියේ ආදි බනීද දන්නෑ කියලා.

" ප්‍රාතිහාරි ඔයා designing කරලා තියනවාද.."

" නෑ අයියේ.. මම ඔය විනෝදෙට අඳින ඒවා... දෙන්න ඕක මම ඔය නිකන් ඇන්ඳේ..."

" නෑ ප්‍රාතිහාරි... මට මේ ටික ඕනේ.. ඔයා මේවා මාර professional විදිහට ඇඳලා තියනව.. මටත් අද හිතුනා අපේ crew එකේ uniform වෙනස් වුනොත් හොදයි කියලා... මේ වැඩේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනා... අපේ airline එක අනික් ඒවගෙන් කැපී පේන්න ඕනේ..."

ප්‍රාතිට පොඩි ආඩම්බරයක් වගේම ආදි ගැන ගෞරවයක් දැනුනෙ ආදි එයාගේ දේවල්වලට කොයි තරන් නම් respect කරනවද කියන එක දැනිලා.

ප්‍රාතිට කියන්න වචන තිබ්බෙ නැති හින්දා හිනාවුනා විතරයි.

ආදි ඒ sketch ටික office room එකෙන් තියලා ආය්‍යෙමත් room එකට ආවා.

" ඒ මේ කමලා කාපු වැඩෙන් මට නිදියන්න තැනත් නැතිවුනා..."

" අයියේ ඔයත් ඇඳේ නිදියන්න..."

" ප්‍රාතිහාරි.. ඔයාට අවුලක් නැද්ද ඒක..."

" අයියේ ඔයා ජීවිත කාලෙම සෝෆා එකේ නිදියන්නද හැදුවේ.."

"ඒ කියන්නේ ප්‍රාතිහාරි ඔයා මාත් එක්ක ජීවිත කාලෙම ඉන්නවද..."

" අයියේ... ඔයාට වගේම මටත් ටික කාලයක් ඕනේ ළං වෙන්න... මොකද අපි දෙන්නම දැන් ඉන්නේ එකම situation එකේ... මම කිව්වනේ ඊයෙත් මම තීරණයක් ගත්තා... ඒක තමයි මම මේ මැරේජ් එක accept කරනවා... ඒත් අයියේ මට ටික කාලයක් දෙන්න මම කෛලාශ්ව ආශ්‍රය කළේ ටික කාලේ වුනත මට එයාව හිතින් අත් හරින්න ටික කාලයක් යයි.." කිව්ව් ප්‍රාති ආදිට තවත කිසිම දෙයක් කියන්න නොදි ඇඳේ එක පැත්තකින් නිදාගත්තා.

ආදිටත් ඒ වෙලේ ප්‍රතිට කියන්න හිත ඇතුළේ වචන දහස් ගාණක් තිබ්බත් ඒ කිසිම දෙයක් කියන්නෙ නැතුව ආදිත් ඇඳේ අනික් පැත්තේ ඇල වුනා.


පහුවදා ආදියි ප්‍රාතියි දෙන්නම ඔෆිස් ගියත් black & white එකේ ඇතිවුන පොඩි ප්‍රශ්නයක් හින්දා ප්‍රාතිට black & white එකට යන්න වුනා.

ප්‍රාති ගිහින් පැය භාගෙකට විතර පස්සෙ ආදිට කෝල් එකක් ආවේ නාඳුනන අංකෙකින්.

ආදි කෝල් එක ආන්ස්වර් නොකළත් දිගින් දිගටම කෝල් එන්න ගත්ත හින්දා ආදි කෝල් එක ආන්ස්වර් කරා.

" මිස්ටර් ආදිත්‍ය... තමුන්ට තමුන්ගේ ආදරණීය කෙල්ලව ඕන්නං දැන්මම මම එවන ලොකේෂන් එකට එනවා... හැබැයි තනියම...."


__________________________________________

බාල්දියක් දැම්මොත් තමා reaction තියෙන්නේ.. නැත්තන් නෑ... අනේ මන්දා ඉතින්

reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page