Dangerously yours...
Pari🖤
19th blood...
https://telegra.ph/Dangerously-yours-05-13
20th blood...
" ඒකිව අපේ පැත්තට හරෝගත්තා නම් වැඩේ ඉවරයි නේ..."
" ඒත් ඒකි ලේසිපහසු එකියක් නෙවෙයිනේ අම්මේ..."
" ඉස්සෙල්ලම මහගෙදර යන්න... එතකොට ඔය වැඩ ඔක්කොම ලේසියි... තේරුනානේ..."
" හ්ම්ම්... හොඳටම තේරුනා...."
ආදිට එයාලා ඉන්න floor එකේම වීදුරුවලින් cover කරලා හදපු office room එකක් තිබ්බා.
හෙට skyline එකෙ වැඩ භාර ගන්න හින්දා අද ආදි මාරම බිසී.
මුකුත්ම නොදැනම කම්පැනි එකේ වැඩ භාර ගන්න බැරි නිසා ආදි කමල්ට කියලා මේ දවස්වල යන projects ටිකේ files ගෙදරට ගෙන්නන් බල බල හිටියේ.
ඒ වෙලාවේ නෙහාන්ගෙන් කෝල් එකක් ආවා.
" සර්... අපිට ප්රශ්නයක්..."
" ඇයි මොකද වුනේ..."
" සර්... අප්රිකාවල ඉඳන් ලබන සඳුදා එන්න තිබ්බ ආයුධ නැව හෙට එනවලු ලංකාවට... ඒත් හෙට සර් වැඩ භාර ගන්න ඕනේ නිසා අපිට එතන ඉන්න වෙන්නෙ නෑ... ඒකෙන් ඒ ඩීල් එක මේනකයට යනවා..."
" ම්හ්... ඒ වැඩේ වෙන්න දෙන්න බෑ... ඒත් හෙට මම අනිවාර්යයෙන්ම කම්පැනි එකේ ඉන්නත් ඕනේ... තේමිය කොහෙද..."
" සර් තේමිය සර් තාම ඉන්දියාවල..."
" හරි මම තේමියට කියන්නම් ඒ ඩීල් එක බලාගන්න කියලා... මේනකයාට හෙට එතනට යන්න නොදී තියාගත්තා නම් අපිට අවුලක්ම නෑනේ.. "
" ඒකත් ඇත්ත සර්..."
" හරි ඒ වැඩේ මම බලාගන්නම්කෝ... දැන් මොකද හෙට ඉඳන් වැඩ කරන් යන්න අවුලක් නෑනේ..."
" අවුලක් නැත්තෙ නෑ සර්... මේ සර්... ප්රාතිහාරිව දෙන්න බෑද..."
" ප්රාතිහාරි..." ආදි ටිකක් බර කරලා ඇහුවා.
" ඔහ්... සොරි මැඩම්.... ඒත් මැඩම් කියනවා මැඩම් කියන්න එපා කියලා... සර් මැඩම් නැතුව වැඩ ඔක්කොම බැලන්ස් කරන්න අමාරුයි මම පහුගිය සතියෙ පට්ට කට්ටක් කෑවේ..."
" එහෙනම් ඉතුරු කාලෙත් ඒ කට්ට කන්න.. හරි secretary කෙනෙක් ගන්න වැඩේ ඉවරනේ..."
" ඒත් සර් මැඩම් තරන් perfect කෙනෙක් කොහෙන් හොයන්නද..."
" එහෙම කිව්වා කියලා ප්රාතිහාරිව දෙන්න බෑ..."
ඒ එක්කම දොරට තට්ටු කරේ ප්රාතිහාරි.
" අයියේ මම එන්නද..."
"එන්න ප්රාතිහාරි..."
" නෙහාන් මම කිව්ව දේ තේරුනානේ... secretary කෙනෙක් ගන්න...."
" ඒත් සර් මැඩම් වගේ කෙනෙක්..."
" මොන මඟුලක්ද නෙහාන් දැන් ප්රාතිහාරිවමද ඕනේ...දෙන්න බෑ එච්චරයි..." කිව්ව ආදි කෝල් එක කට් කරා.
ප්රාති පුදුමෙන් බලන් හිටියේ ආදියි නෙහානුයි මොක්ටද මේ රණ්ඩු වෙන්නෙ කියලා.
" ඈ ප්රාතිහාරි... තමුසේ හැමෝටම වශියක්වත් දෙනවද..."
" ඈ... "
" නෙහාන්ට තමුසේ නැතුව වැ කරන්න බෑලු..."
ඒක අහපු ප්රාතිට හිනාත් ගියා.
" අයියෝ නෙහාන් අයියා පව් හැබැයි..."
ප්රාති ආදිට තේ එකකුයි කේක් කෑලි දෙකකුයි ගෙනත් ටේබල් එකෙන් තිබ්බා.
"ඔයා මොකටද මේවා කරන්නේ... සර්වන්ට්ලා ඉන්නේ ඒකට තමා..."
" ආ... මම නිකන් හිටිය හින්දා අරන් ආවේ..."
" නිකන් නම් ඉන්නෙ ඇවිල්ලා මට මේ වැඩවලට උදව් කරානම් ඉවරනේ..."
ඒක කිව්වම නම් ප්රාති මූණ දෙල් කරගත්තා. ප්රාති ආසම නැති වැඩේ තමා weekend එකේ වැඩ කරන එක. අනික ප්රාති ආදිට තේ අරන් ආවේ වෙන වැඩකටත් එක්ක.
ප්රාතිගේ දෙල්වුන මූණ දැක්කම ආදිට හිනාවක් ආවත් බොහොම අමාරුවෙන් ඒක control කරගත්තා.
" මේ අයියේ... මම ඔයාට ඔය වැඩවලට උදව් කරන්නම්... මේ ඒත්... මේ මම හවස්වෙලා උදව් කරන්නද..."
" ඇයි දැන්..."
" මේ අයියේ... මම හැම සෙනසුරාදම ළමා නිවාසෙට යනවා.. මට ගිය සතියේ යන්නත බැරිවුනා... ඊයෙත බැරිවුනා... ඉතින් ඒ හින්දා මම අද ගිහින් එන්නද... ප්ලීස්...."
" ප්රාතිහාරි... මම කවුද...."
" ඈ... ඒ කිව්වේ..."
" මම අහන්නෙ මම කවුද ඔයගේ..."
"මගේ..."
"ඔව්... මම ඔයාගේ කවුද..."
" අයියේ... මේ ඔයා මගේ... හස්බන්ඩ්..."
"හ්ම්ම්ම්... ආන් ඒක මතක තියාගන්න.. මම ඔයාගෙ තාත්තා නෙවෙයි... "
" ඉතින් ඒකටයි මම අහපු එකටයි තියන සම්බන්ධය මොකක්ද..."
" ප්රාතිහාරි ඔයා මගෙන් තැනකට යන්න දෙයක් කරන්න permission ගන්න ඕනේ නෑ... හැබැයි මට කියන්න ඔයා යන්නෙ කොහෙද කියලා මොකද නැත්තන් මම ඔයා කොහෙද කියලා දන්නෙ නෑනේ..."
" ඒත් අයියේ... මම..."
" ප්රාතිහාරි මම එදා කිව්ව දේ මතකනේ.. ඔයාට කැමති තීරණයක් ගන්න පුලුවන්... ඒවගේම මම දැනටමත් අමාරුවෙන් වුනත් තීරණයක් අරන් ඉවරයි...Do you understand..."
" yeah... can I go now..."
" ප්රාතිහාරි ටොක්කක් කන්න ආසද... මේ කියපු දේ මේ අමතකයි..."
"හරි එහෙනම් මම ගිහින් එන්නම් අයියේ... Thank you..." කිව්ව ප්රාති එළියට දිව්වෙ හරිම සතුටින්.
ප්රාති යන දිහා බලන් හිටිය ආදි ෆෝන් එක අතට අරන් lock screen එක දිහා බලන් හිටියා.
ඒකේ තිබ්බේ එයාගෙයි ත්රීශාගෙයි photo එකක්.
" ත්රීශා... ඔයා කිව්ව දේ හරි... ඔයා ඔයාගේ තීරණේ ගත්තා... මම මගේ තීරණේ ගන්නවා... මම ප්රාතිහාරිව මගේ වයිෆ් විදිහට පිළිගන්නවා... ඒත් මට ඔයාව අමතක කරන්න අමාරු වෙයි ත්රීශා... " කියලා ඒ දිහා බලන් කිව්ව ආදි ඒ වෙලාවෙම phone එකේ lock screen එකේ photo එක normal landscape එකකට මාරු කරා.
ප්රාති දවස් ගාණකට පස්සෙ සෑහෙන නිදහසක් එක්ක එළියට බැස්සා. ඒත් ප්රාති නොදන්න දේ තමා සුගත් වගේම ආදිත් ප්රාතිගේ ආරක්ෂාවට කට්ටියව පස්සෙන් එව්වා කියන එක.
ප්රාති supermarket එකට ගිහින් බබාලට ඕනේ දේවලුත අරගෙන ළමා නිවාසෙට ආවා.
ප්රාතිව දැක්ක පොඩි අය ප්රාති ළඟා දුවගෙන ඇවිල්ලා ප්රාතිව වට කරගත්තා.
" අක්කි ඇයි ඔයා ආවේ නැත්තෙ අපි ඔයා එනකන් ගොඩක් දවස් බලන් හිටියා..."
" අනේ සොරි පැටියෝ... අක්කි වැඩ ගොඩක හිරවෙලා හිටියේ... මෙන්න අක්කි ඔයාලාට සෙල්ලම් බඩුයි කෑමයි ගෙනාවා කට්ටියම බෙදාගන්න...."
ඒ වෙලාවේ නිවාසේ මැඩම් එතනට ආවා.
" ප්රාතිහාරි මට ටිකක් කතා කරන්න ඕනේ එන්නකෝ..."
ප්රාති මැඩම් පස්සෙන් ගියේ මැඩම් අහන්න යන දේ හොඳටම දන්න නිසා.
" ප්රාතිහාරි මොනාද මේ වෙන්නේ... ඔයා මීට සති දෙකකට කලින් ඇවිල්ලා ගොඩක් සතුටින් මාත් එක්ක කතා කරලා ගියා මතකද..."
" ඔව් නැන්දේ... එදා ඉඳලා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වුනා... මම මැරි කරා නැන්දේ..."
" මම දන්නවා ප්රාතිහාරි.... හැම තැනම නිව්ස්වල ඔයාව පෙන්නනවා... කෝ දැන් අර පුතා.. "
" නැන්දේ.. එදා මම ඇවිල්ලා ගියාට පස්සෙ ගොඩාක් දේවල් වුනා... මීඩියාවලින් එළියට දුන්නේ ඒවගෙන් ටිකක් විතරයි..."
" මොකක්ද වුනේ දුවේ..."
" මම කෛලාශ් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. ඒ අතරේ තාත්තා මාව බ්ලැක්මෙල් කරලා එයාගේ බිස්නස් පාට්නර් කෙනෙක්ගේ පුතෙක් එක්ක මාව එන්ගේජ් කරන්න හැදුවා. ඒත් ඒ එන්ගේජ්මන්ට් එක දවසේ අම්මා මට ඩ්රග්ස් දීලා එයාගේ බිස්නස්වලට උදව් ගන්න කෙනෙක්ගේ ඇඳට යැව්වා..."
" මොකක්..."
"ඒත් මම එයාගෙන් බේරිලා ගියා... ඒ වෙලාවේ තමා මම ආදිත්ය ජයකොඩි එක්ක නිදාගත්තේ. එයාවත් එයාගේ තාත්තා ඩ්රග්ස් දීලා මත් කරලා තිබ්බේ. කොහොමහරි මිස්ටර් ජයකොඩි ආදි අයියව මට බලෙන් බන්ඳන්න හැදුවා. කෛලාශ් මාව මැරි කරන්න හැදුවත මම කැමතිවුනේ නෑ මම ආදි අයියාගේ උදව්වෙන් රටින් පනින්න ගියේ. ඒත් එදාම මිස්ටර් සුගත් කෛලාශ්ව ඇක්සිඩන්ට් කරා. ඒකෙන් කෛලාශ්ට මාව අමතක වුනා. මට ආදි අයියව මැරි කරන්න වුනා..."
"අනේ දුවේ ඔයාගේ ජීව්තේ මෙච්චර දේවල් වෙලා... ඔයා ගොඩාක් දුක් විඳිනවා දුවේ... ඔයා දැන්වත් සතුටින්ද..."
" සතුටින්... මම දන්නෙ නෑ නැන්දේ... මට හිතාගන්න බෑ මම සතුටින්ද කියන එක... මම ආදරේ කරපු කෙනා මට නැතිවුනා.. මගේම අම්මා තාත්තා මාව විකුණන තැනටම මම වැටුනා..."
" එතකොට ඔයාගේ හස්බන්ඩ්... එයා කොහොම කෙනෙක්ද..."
" එයා හරි හොඳයි නැන්දේ... එදා වෙච්ච සිද්ධිය හින්දා එයාටත් එයාගේ ආදරේ කරන කෙනා අතහරින්න වුනා... ඒත් එයා මට හොඳින් සලකනවා නැන්දේ... ඒ විතරක් නෙවෙයි එහෙ රීටා කියලා කෙනෙක් ඉන්නවා එයා මට එයාගේ දුවකට වගේ සලකන්නේ... මිස්ටර් ජයකොඩිත් එළියට හෙණ දරුණු කෙනෙක් වගේ පෙනුනට එයාත් හොඳයි කියලා මට හිතෙනවා..."
"කොහොමහරි කමක් නෑ දුවේ ඔයා හොඳින් ඉන්නවා නම් මට ඒ ඇති... "
" නැන්දේ කෝ අර බබා..."
" අර ගොලු බබාද..."
"ඔව්..."
" එයාව කපල් එකක් හදාගන්න ගන්න යන්නේ දුවේ... ඒ දෙන්නා තව මාස දෙකකින් මැරි කරනවලු... එතකන් බබා මෙහෙ ඉඳියි..."
" පුදුමයිනේ නැන්දේ... සාමාන්යයෙන් කෙනෙක් ඒ වගේ බබෙක්ව හදාගන්න ගන්නෙ නෑනේ..."
" ඒ කපල් එකේ ගෑනු කෙනාට බබාලා හදන්න බැරිලු... ඒ හින්දා තමා.... මටත් පුදුම හිතුනා එයාලා මුලින්ම හදාගන්නවා කිව්වම... ඒත් දැන් මේ දවස් ටිකේම අදත් දැන් ටිකකට කලින් බලලා ගියේ බබාව..."
" හොඳයි නැන්දේ... මම හැමදාම ප්රාර්ථනා කරන්නෙ මේ බබාලා ඔක්කොටම හොඳ අම්මලා තාත්තලා හම්බෙන්න කියලා.
හවස් වෙනකන්ම නිවාසේට වෙලා හිටිය ප්රාති කරුවල වැටීගෙන එද්දි ගෙදර ආවා.
ප්රාති පඩිපෙළ නැගගෙන යන්න හදනකොට second floor එකෙන් ඉඳන් එක්කෙනෙක් ආවා.
" ඉතින් නෑනා කොහොමද..."
ප්රාතිට යන්න දෙන්නෙ නැතුව පාර හරස් කරපු මේනක ඇහුවා.
" අවුලක් නෑ... මට යන්න ඉඩ දෙනවද..."
" එහෙම කොහොමද නෑනේ.. එන්නකෝ ඉතින් අපි පොඩ්ඩක් ආශ්රය කරමු..." කියලා මේනක ප්රාතිගේ මූණට අත තියන්න ගියේ ප්රාති බයටම ඇස් දෙක පියාගද්දි.
" මේනක... තමුසේ ඔය අත කපාගන්න කැමතිද..."
එකපාරටම උඩින් ආදිගේ ගාම්භීර කටහඬ ඇහුනේ මේනක ඉක්මනට අත පස්සට ගනිද්දි.
" ප්රාතිහාරි මෙහෙ එනවා..." කියලා ආදි ප්රාතිට උඩට කතා කළා.
ප්රාති ඒ ඇසිල්ලෙන් දිව්වෙ තව මොහොතක්වත රැදෙන්නෙ නැතුව.
මේනක තරහෙන් බිත්තියට ගැහුවේ එයාගේ ප්ලෑන් එක කඩකප්පල් වුන හින්දා.
" ඌ තමුසෙව ඇල්ලුවද..." උඩට දුවන් ඇවිල්ලා බයටම පපුවත් අල්ලන් හතිදාන ප්රාතිගෙන් ආදි ඇහුවා.
"නෑ අල්ලන්න ගියේ... බුදු අම්මෝ... හොඳ වෙලාවට ඔයා හිටියේ අයියේ... අනික ඌ මොකද මෙහෙ කරන්නේ..."
" ඌ අද ඉඳලා මෙහෙලු ඉන්නේ..."
" මොකක්..."
" පරිස්සම් වෙනවා ප්රාතිහාරි ඌ හොඳ එකෙක් නෙවෙයි.... ඌ ගෙදර ඉන්නවා නම් එක්කො කාමරේට වෙලා දොර ලොක් කරගන්න නැත්තන් රීටාම්මා එක්ක ඉන්න..."
" Okay..."
පහුවදා ප්රාතියි ආදියි breakfast ගන්න යද්දි මේනකයි සුගතුයි දෙන්නාත් හිටියා.
" ආදිත්ය අද ඔයා vice president විදිහටත් ප්රාති ඔයාගේ secretary විදිහටත තමා වැඩ භාරගන්නේ.. secretary කිව්වට ප්රාති ඔයාට හැම බලයක්ම තියනවා vice presidentට තියන. මම හිතනවා දෙන්නා හොඳින් වැඩ කරයි කියලා. එතකොට මේනක දැනට marketing manager විදිහට අන්වැනේ කරන්නේ... මේනක ඔයා ආදිත්යට උදව් කරන්න ඕනේ..."
" අනිවාර්යයෙන්ම...." මේනක තරහින් ගෑරුප්පුව දෙකට නැමුවේ ඒක දැක්ක ප්රාති බයෙන් ආදි දිහා බලද්දි.
ඒත් ඉතින් ආදිව දැක්කම ප්රාතිට ඊටත් වඩා බය හිතුනා.
කම්පැනි එකට ගියාට පස්සෙ සුගත් බෝඩ් මීටින් එකක් තියලා ආදිවයි ප්රතිවයි අඳුන්වලා දුන්නා.
ඊට පස්සෙ තමා ප්රශ්න පටන් ගත්තේ.
" මිස්ටර් ජයකොඩි... අපිට ආදිත්ය වගේ කෙනේක්ව vice president විදිහා භාර ගන්න බෑ.. කිසිම experience එකක් නැතුව මේ වගෙ ලොකු කම්පැනි එකක් භාර ගන්නෙ කොහොමද..." බෝඩ් එකේ එක්කෙනෙක් කිව්වා.
මේනක ආදි දිහා බලලා කටකොණින් හිනාවුනේ ඒක මේනක ප්ලෑන් කරලා කරපු දෙයක් හින්දා.
ආදි විතරක් නෙවෙයි ප්රාතිත් ඒක දැක්කා. ආදි තරහින් අත මිට මොලවගත්තේ ප්රාති මේසේ යටින් ආදිගේ අතට තට්ටු කරලා සන්සුන් කරද්දි.
ආදි කතා කරන්න ගියත් සුගත් ඉස්සර වුනා.
" එහෙම කොහොමද කියන්නේ... අමතක කරන්නෙපා ආදිත්ය කියන්නෙ black & white එකේ owner කියන එක..."
" හහ්... black & white.. ඒක වගේද skyline එක... මේක ඇතුළේ කොච්චර වැඩ තියනවාද... රටවල් 100කටත් වැඩියේ අපේ branches තියනවා.. මිස්ටර් ජයකොඩි මේනකට වගේ vice president විදිහට පත් කරා නම් ප්රශ්නයක් නෑ.. මොකද එයා මෙතන අවුරුදු ගාණක් වැඩකරලා පලපුරුද්දක් තියන කෙනෙක්...."
මේ පාර නම් ආදි කට ඇරියා...
" මුලින්ම මම දෙයක් black & white කියන්නෙත් පොඩි කම්පැනියක් නෙවෙයි... මෙ වෙනකොට රටවල් 50ක විතර branches තියනවා ඊට අමතරව අලුතින් open කරන්න යන branchs 20කට වඩා තියනවා... so understimate me.. මට මාස තුනක් දෙන්න මම profit එක වැඩි කරලා පෙන්නන්නන්... හැබැයි එක දෙයක් මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්නෙපා.. ඒම වුනොත් මම ඒ කෙනාව අයින් කරලා දාන්න දෙපාරක් හිතන්නෑ.. " ආදි මේනක දිහා බලාගෙන තර්ජනාත්මක විදිහට කිව්වා.
" එතකොට බැරි වෙලාවත් profit එක වැඩි කරන්න බැරිවුනොත්..."
" මම post එකෙන් අයින් වෙනවා ආයේ කම්පැනිය පැත්ත පලාතෙ එන්නෙත නෑ..."
ඒ කතාව ඇහුවම සුගත් කලබල වුනා.
" අහ්... එහෙම කරා කියලා වැඩක් නෑ.. එටකොට මාස තුනේ පාඩුව..." board එකේ කෙනෙක්.
" මට මොනාද කරන්න කියන්නේ එතකොට... " ආදි එන්නේ හොඳකට නෙවෙයි කියලා තේරුන හින්දා
" කම්පැනි එකට වුන පාඩුව වගේ දහ ගුණයක් ගෙවන්න ඕනේ... මොකද කියන්නේ..."
මේ අයගේ කටවල්වලින් එළියට වචන හැම එකක්ම් මේනකගේ කියලා ආදි දන්නවා ඒත් මේ වෙලේ ආදි ඒ හැමදේටම එකඟ වුනා.
ආදිගේ room එකට ආවට පස්සෙ ප්රාති,
" ඇයි අයියේ එයාලා කියන ඒවට එකඟ වුනේ.. "
" ප්රාතිහාරි.. ඒවා මේනකගේ වැඩ.... මම තත්තාට කම්පැනියට එන්න කියද්දි හා කිව්වෙත් mistressගේ පුතාට මට හිමිවෙන්න ඕනේ ඒවා දෙන්න ඕනේ නැති හින්දා.."
" ඒත් අයියේ හැමෝම මේනකගේ පැත්තෙනේ..."
" ප්රාතිහාරි .. ඔයා මාත් එක්ක ඉන්නවනේ..." ආදි ප්රාතිගේ ඇස් දෙක දිහා බලන් ඇහුවේ ප්රාතිට ඒ ඇස් දැක්කම මොකක්ද වෙද්දි. ප්රාතිට ඒ එක්කම කෛලාශ්ගේ ඇස් දෙක මතක් වුනා.
" ප්රතිහාරි..."
" මම washroom එකට ගිහින් එන්නම් අයියේ..." කියලා ප්රාති ආදිගේ room එකේම තිබ්බ washroom එකට ගියා.
" කෛලාශ්... මට ඔයාව අමතක කරන්න මෙච්චර අමාරු ඇයි...." ප්රාතිගේ ඇස්වලට කඳුලු ඉනුවේ නිරායාසයෙන්මයි.
ප්රාති washroom එකෙ ඉන්න වෙලේ ආදිට කෝල් එකක් ගත්තේ තේමිය.
"හෙලෝ ආදි... මගෙන් මේ පැත්ත හරි... උබ ඔය පැත්ත කවර් කරනවනේ... අරූට එන්න දෙන්න එපා.. තව පැයක් යද්දි නැව එනවා.. මම දැනටමත පොට් එකට ඇවිල්ලා ඉන්නේ..."
" හරි මම ඌට එන්න දෙන්නෙ නැතුව බලාගන්නම්... උබ කොහොමහරි නැවම අපේ අතට ගනින්....."
ඒ එක්කම ප්රාති එළියට ආවා. ප්රාතිගේ මූණ දැක්කම ආදිට තේරුනා ප්රාති අඬලා කියලා.
" මම පස්සෙ ගන්නම්.. උබ ඔහේ හොඳ බලාගනින්..." කියලා කෝල් එක කට් කරපු ආදි ප්රාති ළඟට ආවා.
" ප්රාතිහාරි ඇඬුවද..."
නහය ඉහළට ඇඳලා ප්රාති,
" නෑ අයියේ... මට මේ.. මේ.. හෙම්බිරිස්සාව වගේ ඒකයි ..."
" ප්රාතිහාරි... ඔයා බොරු කිව්වා ඔයාගේ ඇස් බොරු කියන්නේ නෑ... ඇයි ඇඬුවේ..."
" අයියේ...."
"මම කිව්වනෙ ප්රාතිහාරි.... මට කිසිම දෙයක් හංඟන්න එපා.. ඔයා මාව ඔයාගේ යාලුවා කියලා හිතන්න... හැම්දේම හිතේ හිරකරන් ඉන්නෙපා... "
"අයියේ.... මට.. මට කෛලාශ්ව මතක් වුනා..." කියලා ප්රාති ආයෙමත් අඬන්න පටන් ගත්තා.
ආදි ප්රාතිව වැලඳගෙන පිට අතගාමින් සැනසුවා.
" ප්රාතිහාරි... අමාරුයි තමා... මට තේරෙනවා ඔයා ඉන්න situation එක... ඔයා කෛලාශ් එක්ක සම්බන්ධය අරන් ගියේ සති එකහමාඅක් විතර ඒත් මගෙයි ත්රීශාගෙයි සම්බන්ධයට අවුරුදු එකහමාරක්... මම දැන් කොහොමහරි ත්රීශාව අමතක කරන්න හදනවා... එයා එයාගේ පාරෙ යනවා මම මගේ පාරේ යනවා... ඒ වගේ ඔයත් හිත හදාගන්න ප්රාතිහාරි... ඒත් අමතක කරන්නෙපා මම ඉන්නවා ඕනම දේකට තේරුනාන්නේ.."
එහෙම කිව්ව ආදි ප්රාතිගේ හිස සිප ගත්තා. ඇත්තටම ඒ වෙලාවේ ආදිටත් හිතාගන්න බැරිවුනා එයා මොකක්ද ඒ කළේ කියලා.
" සර් මේ... oh.... sorry sorry " කම්පැනි එකේ වැඩ කරන කෙනෙක් එකපාර room එකට ආවා. ආදියි ප්රතියි ඉන්න විදිහ දැකලා ඒ කෙනා යන්න හැදුවේ. ප්රාතිත් ඉක්මනට ආදිගෙන් අයින් වෙන්න හැදුවත ආදිගෙන් ඒකට ඉඩක් ලැබුනේ නෑ.
" ඔහොම ඉන්න... මේ දැන්ම marketing department එකේ meeting එකක් තියනවා... හැමෝම ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම... ලොක්කො පොඩ්ඩො කියලා නෑ හැමෝම..."
" හරි සර්..."
ඒ කෙනා ගියාට පස්සෙ ආදි ප්රාතිගේ මූණෙන් අල්ලගෙන කඳුලු පිහලා.
" දැන් අඬන්නෙපා හරිද.. ප්රාතිහාරි ඔයා මම ළඟදි අඬලා ඔයාගේ දුක පිට කළාට කමක් නෑ... ඒත් වෙන කිසි කෙනෙක් ඉස්සරහා අඬන්නෙපා.. මොකද මම කැමති නෑ ඔයාගේ කඳුලු වෙන කෙනෙක් දකිනවාට.. . තේරුනාද... හ්ම්ම්ම්... දැන් ගිහින් ආයෙම මූණ හෝදන් එන්නකෝ අපිට meeting එකක් තියනවා..." කිව්ව ආදි ප්රාතිව washroom එක ඇතුළට තල්ලු කළා.
මෙච්චර කල් ප්රාති ආදි දැඩි කෙනෙක් කියලා හිතන් හිටියට ආදිගේ මෙව් side එක දැකලා ප්රාතිට පුදුම හිතුනා.
" ත්රීශා අක්කි ඔයා නම් මාර් ලකී.. ආදි අයියා හරිම පුදුම කෙනෙක්... ඒත්... ටිකක් ඉන්න.. ආදි අයියා ත්රීශා අක්කව අමතක කරන්නද යන්නේ එතකොට... ඒ කියන්නේ එයා මගේද... ඒත්... දැන් ඕවා ගැන හිතන්නෙපා ප්රාති අපි වැඩ කරන්න ඕනේ.."
එදා හවස දෙන්නා ගෙදර ආවේ මහන්සියෙන් වුනත් සතුටින්.. ආදී නම් ගොඩක් සතුටින් හිටියේ මොකද එයාට මුළු ආයුධ නැවම හම්බෙලා තිබ්බා.
හැබැයි මේනක නම් හිටියේ පුපුර පුපුර. මේනක එකපැත්තකින් සතුටු වුනා හැබැයි.මොකද එයා උදේ ගහපු ප්ලෑන ඒ විදිහටම වැඩ කරපු හින්දා.
එදා රෑ ප්රාති ඇඳේ නිදාගෙන ඉද්දි එකපාර ඇහැරුනේ කවුරුහරි කෑගහන සද්දෙ ඇහුන නිසා.
ප්රාති නැඟිටලා බලද්දි දැක්කේ ආදි සෝෆා එකේ දඟලමින් කෑගහනවා.
__________________________________________
බාල්දියක්ද.... නෑ නෑ බයවෙන්නෙපා... බාල්දියක් නෙවෙයි... මරන්නෙ නෑ ආයේ කාවවත් ( එහෙම කියලා මාව විශ්වාස කරන්නෙපා හොඳේ..."
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤