Dangerously yours...

Dangerously yours...

Pari🖤
Bullets, blood & her name...


18th blood....


https://telegra.ph/Dangerously-yours-05-07



19th blood...

පහුවදා ආදි නැගිටිද්දිත් ප්‍රාති නැගිටලා හිටියේ නෑ. ආදි සද්ද බද්ද නොකර ඇඳ පැළඳ ගත්තේ ඔෆිස් එකට යන්න.

ආදි රීටම්මාව හොයාගෙන පහළට ගියේ ප්‍රාතිට කන්න මොනාහරි දෙන්න කියන්න හිතාගෙන.

" ආදිත්‍ය...."

සුගත් dining table එකේ breakfast ගන්න ගමන් හිටියේ..

" කොහොමද දුවට දැන්..."

" තාම මැරුනේ නෑ... ඔය වද දෙන්න මොකටද මාව ඒ කෙල්ලට බැන්ඳුවේ... ඒ කෙල්ල පාඩුවේ පැත්තකට වෙලා හිටියේ..."

" මම වද දෙන්න ඒ කෙල්ලව බැන්ඳුවේ නෑ කොහොමත්...තමුසේ හින්දා තමා ඒ කෙල්ල දණ ගහන් හිටියේ අන්න ඒක මතක තියාගන්නවා... අදින් පස්සෙ තමුසේ කරන එක වැරැද්දක් ගාණේ දුක් විඳින්නෙ තමුන් නෙවෙයි තමුසේ වටේ ඉන්න අය..."

ආදි කිසිම දෙයක් කිව්වෙ නෑ.

" රීටම්මේ ප්‍රාතිහාරිට කන්න මොනාහරි කැමති දෙයක් හදලා දෙන්න.. මම ඔෆිස් ගිය කියන්න එයා නැගිට්ටම්..." කියලා ආදි යන්න ගියා.


ඊට පැයකට විතර පස්සෙ ප්‍රාති ඇහැරුනා. ඇඟට තෙහෙට්ටු ගතියක් දැනුනත් ප්‍රාති වොෂ් එකක් දාගෙන ඔෆිස් යන්න ලෑස්තිවුනා.

ප්‍රාතිගේ දණහිස් දෙක තාම දෙදුරුම් දෙනවා වගේ තිබ්බත් ප්‍රාති ඒ කිසිම දෙයක් ගණන් ගන්නෙ නැතුව ලෑස්තිවෙලා පහළට ගියා.

" චූටි නෝනා නැඟිට්ටද... කොහෙද මේ යන්න යන්නේ..." රීටම්මා

" ඔෆිස් යන්න ඕනේ රීටම්මේ... ඔෆිස් එකේ වැඩ ගොඩ් ගැහිලානේ දැන් සතියක් විතර හරියට වැඩ කරේ නෑනේ..."

" අනේ ඒත් චූටි නෝනේ බලන්න ඔය මූණේ වුනත තියන මහන්සිය... අනික චූටි මහත්තයා ඔෆිස් ගියානේ චූටි මහත්තයා බලාගනීනේ වැඩ..."

" ආ අයියා ඔෆිස් ගියාද... ඒ වුනාට මම යන්න ඕනේ රීටම්මේ.. රීටාම්මේ පුලුවන් නම් මට කන්න මොනාහරි දෙන්න ඇඟට පණක් එයිනේ එතකොට... "

" චූටි මහත්තයා මට කියලා ගියේ චූටි නෝනාට් කන්න දෙන්න කියලා... මොනාද හදලා ඕනේ චූටි නෝනේ..."

" තියන මොනාහරි දෙන්න රීටම්මේ..."

" චූටි නෝනේ මම අද උදේට නම් හැදුවේ කිරිබත්... ඉන්නකෝ මම කොළකැඳත හැදුවා චූටි නෝනා ඒකෙනුත බොන්නකෝ එතකොට ඇඟටත හොඳයිනේ..."

රීටම්ම ප්‍රාතිට කන්න දීලා ළඟින්ම හිටියා.

" චූටි නෝනේ මම ඩ්‍රයිවර් කොල්ලට කිව්වා නෝනාව ඇරලවන්න කියලා මම කොල්ලා අතේම දවල් කෑමත් එවන්නම්..."

"අනේ කරදර වෙන්න ඕනේ නෑ රීටම්මේ..."

" මොන කරදරයක්ද චූටි නෝනේ..."


ප්‍රාති ඔෆිස් එකට එනකොට reception එකේ girl වෙනදටත් වඩා කට පුරෝලා හිනාවුනා.

ප්‍රාති ඒ girl එක්කත හිනාවෙලා ඉස්සරහට හම්බවෙන හැමෝම එක්ක හිනාවෙවී ගියා.

ප්‍රාතිට ඉස්සෙල්ලම හම්බුනේ නෙහාන්ව.

" මැඩම්... සර් කිව්වනේ අද එන්නෙ නෑ කියලා අසනීපයි කියලා..."

" මැඩම්...." ප්‍රාති පුදුමෙන් නෙහාන් දිහා බලමින් ඇහුවා.

" නැත්තන් ඉතින්..."

"අනේ මේ නෙහාන් අයියේ කලින් විදිහටම කතා කරන්න නැත්තන් නංගි කියන්න... මම කටපුරෝලා අයියේ කියලා කතා කරනවා..."

පහුගිය දවස් ටිකේ වුන දේවල් නිසා නෙහාන් ප්‍රාති දෙන්නා අයියයි නංගියි වගේ බැඳීමක් ඇතිවෙලා තිබ්බේ.

" හරි හරි එහෙනම් නංගි කියන්නම්කෝ... ඒක නෙවෙයි සර් දන්නවද දැන් මේ ආපු එක..."

" නෑ... දන්නෙ නෑ... ඇයි...."

" නෑ මුකුත් නෑ යන්කෝ..."

ප්‍රාති එයාගේ ඔෆිස් රූම් එකට ගිහින් පුරුදු විදිහටම එයාට ඕනේ විදිහටම මේසේ හදාගෙන ලැප් එක ඔන් කරලා ගත්තා විතරයි ආදි ආවා.

"ප්‍රාතිහාරි මොකටද ඔෆිස් ආවේ..." ආදි සැරෙන් ඇහුවේ ප්‍රාති බයවෙද්දි.

" මේ... මේ... මම... අද... කොහොමත...එන්න.. හිටියේ..."

" තමුසෙට තාම අසනීපයි නේද.. ගෙදරට වෙලා රෙස්ට් කරන්න්නැතුව මොකටද ආවේ..."

" ඒත් වැඩ ගොඩ ගැහිලා තියනවනේ..."

" ඒවා බලාගන්න දැන් මමත් ඉන්නවනේ...දැන් කාලාද ආවේ..."

" ඔව්... මම කෑවා..."

" බෙහෙත් බිව්වද..."

හොඳ වෙලාවට රීටම්මා ප්‍රාතිට එන්න කලින් බෙහෙත් ටික දුන්නා..

" ඔව් රීටම්මා දුන්නා..."

" හ්ම්ම්... මගේ room එකට එන්න.. වැඩ කරන්න ඕන්නෑ රෙස්ට් කරන්න..."

" ඒත්..."

" ප්‍රාතිහාරි...."

ප්‍රාති ලැප් එකත් අරගෙන සද්ද නොකර ආදිගේ පස්සෙන්ම ආදිගේ office room එකට ගියා.

ප්‍රාති ගිහින් ආදිගේ table එකේ වාඩිවුනත් ආදි රවලා බලපු හින්දා ඉක්මනට නැගිට්ටා.

"ප්‍රාතිහාරි ඔය ලැප් එක මෙතනින් තියලා සෝෆා එකට ගිහින් ටිකක් රෙස්ට් කරනවා... ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ආවා මෙතන..."

" ඒත් දවස් ගාණක වැඩ හිර වෙලා තියෙන්නෙ දැන්.."

" ඒවා බලාගන්න මම ඉන්නවානේ..."

" අනේ ඒත් අයියේ.. ප්ලීස්... මම එහෙනම් මේ document ටික බලන්නම් අරන් ගිහින්..." කියලා ආදි ළග තිබ්බ file වගයක් අරන් ප්‍රාති සෝෆා එකට ගියා.

ආදි මේසේ තිබ්බ බට්න් එකක් ප්‍රෙස් කරලා තත්පර ගාණක් යද්දි නෙහාන් ආවා.

" නෙහාන් coffee එකයි hot chocolate එකයි ගේන්න.."

" ok sir.."

විනාඩි දහයකට විත්‍ර පස්සෙ නෙහාන් ආදිට කෝෆි එක දිලා ප්‍රාතිට චොක්ලට් එක දුන්න.

" අයියෝ නෙහාන් අයියේ මම හදාගන්නවනේ... ඇයි ඔයා කරදර වුනේ.."

" අනේ ඕකත් කරදරයක්ද බන්..."කියලා නෙහාන් ගිය.

ප්‍රාති චොක්ලට් එකත් බොන ගමන් ෆයිල් චෙක් කරා. ඒත් ඉතින් ඇඟේ මහන්සිය හින්දා ප්‍රාතිට එහෙම්මම නින්ද ගියා.

ඒක දැක්ක ආදි න්‍රහාන්ට කියලා බ්ලැන්කට් එකක් ගෙන්නගෙන ප්‍රාතිව සෝෆා එකේ හරියට තියලා බ්ලැන්කට් එක පෙරෙව්වා.


" සර්.. මිස්ටර් වයිට් ඇවිල්ලා ඉන්නවා.. සර්ව හම්බවෙන්න..."

" එන්න කියන්න..." ආදි ගිහින් එයාගේ පුටුවෙන් ආයෙම ඉඳගත්තා.

එඩ්වඩ් office roomඑක ඇතුළට ආවේ room එක පුරාම බලන ගමන්. ඒ හින්දා සෝෆා එකේ නිදාගෙන හිටිය ප්‍රාතිවත් එඩ්වඩ් දැක්කා.

ප්‍රාති දිහා එඩ්වඩ් බලන් ඉන්නවා කියලා දැක්ක ආදි,

" ඉතින් මිස්ටර් වයිට් කොහොමද..."

" තාම හොඳින් ඉන්නවා... මිස්ටර් ජයකොඩි..."

" මිස්ටර් වයිට්... මුලින්ම අපි අතින් වුන හැමදේටම සමාවෙන්න.. අපි හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා..."

" ඒවා ගැන කතා කරලා වැඩක් නෑ මිස්ටර් ජයකොඩි... මම අද ආවේ අපේ contract එක close කරන්න... මොකද හෙට අපි ලංකාවෙන් යනවා... මට අපේ project එකේ document ටික ලැබුනොත් හොඳයි..."

" okay මිස්ටර් වයිට්..."

නෙහාන්ට එන්න කියලා document ටික ගෙන්න ගත්ත ආදි එඩ්වඩ්ල එක්ක තිබ්බ contract එක officialy close කරා.

" එහෙනම් මිස්ටර් වයිට්... ඇත්තටම මෙ project එක අපිට දිගටම කරගෙන යන්න නොලැබීම ගැන කණගාටුයි... "

" ඒක ලැබීම වෙන්නැති මිස්ටර් ජයකොඩි... අර ඉන්නේ ප්‍රාතිහාරි නේද..." ප්‍රාතිව පෙන්වමින් එඩ්වඩ් ඇහුවා.

" ඔව් මිස්ටර් වයිට්..."

" දෙන්නා ඊයේ නේද මැරි කරේ...congratulations..."

" මිස්ටර් වයිට් එතන වුනේ මොකක්ද කියන ර්ක ඔයා හොඳටම දන්නවනේ.. මම කියන්න ඕනේ නෑනේ නේද..."

" ඔව්... මම දන්නවා.... මගේ කොල්ලා අද හොස්පිටල් එකේ ඇඳක් උඩ ඉන්නෙ ඒ හින්දානේ... මිස්ටර් ජයකොඩි... ප්‍රාතිහාරි කියන්නේ ඇත්තටම මැණිකක්... නෑ එයා ඊටත් වඩා වටිනවා... මම එයාව දැනන් ටික කාලයයි වුනාට මම මගේ ජීවිතේටම දැක්ක perfect girl කෙනෙක් තමා ප්‍රාතිහාරි කියන්නේ... මගේ කොල්ලට වාසනාව නැතිවුනා ප්‍රාතිහාරිව wife කරගන්න... මගේ කොල්ලට අඩුම එයා ප්‍රාතිහාරිට ආදරේ කරා කියන එකවත මතක නෑ.. මිස්ටර් ජයකොඩි... ප්‍රාතිහාරිව හොඳින් බලාගන්න.. මමත් එයාගේ හිත රිදෙන දේවල් කිව්වා අන්තිමට... ඒත් එයාගේ අතේ වැරැද්දක් නෑනේ... හැම්දේම වෙන්නේ හොඳට කියනවනේ.. ප්‍රාතිහාරි එක්ක හොඳින් ජීවත වෙන්න.. එහෙනම් මම ගිහින් එන්නම්..." කියලා ආදිගේ උරහිසටත් තට්ටුවක් දාලා ඇස්වලට ආව කඳුලු පිහඳගෙන එඩ්වඩ් යන්න ගියේ ප්‍රාති දිහා ආයෙම පාරක් බලලා.

" ප්‍රාතිහාරි... හැමෝම ඔයාව මෙච්චර වර්ණනා කරන්න තරන් ඔයාගේ විශේෂත්වේ මොකක්ද... ත්‍රීශා විතරක් නෙවෙයි තාත්තාටත් ඔයාව අල්ලල ගිහින් තියෙන්නේ... ඔයා ඇත්තම කවුද ප්‍රාතිහාරි..." ආදි ප්‍රාති දිහා බලාගෙන කල්පනා කරා.


ටික වෙලාවකට පස්සෙ ප්‍රාතිව ඇහැරුනේ කෝල් එකක් ආව නිසා.

නිදිමරගාතේ හිටිය ප්‍රාති ෆෝන් එක එහෙම්ම කනෙ තියාගත්තා.

" හෙලෝ..."

" හෙලෝ ප්‍රාති..."

කටහඬ අඳුරගත්ත ප්‍රාති නැගිට්ටේ ඒ කටහඬ ඇහෙද්දි එන තරහව වැඩි නිසා. ඒ ප්‍රාතිගේ අම්මා..

" ඔව් කියන්න..."

" ප්‍රාති අද රෑට පුතා එක්ක ගෙදර එන්න ඩිනර් එකට..."

" කා එක්ක..."

" පුතා.. ඔයාගේ හස්බන්ඩ්..."

" හහ්... ඔයා මොන හයියක් අරන්ද ඔහොම කතා කරන්නේ ආ..."

ප්‍රාති ටිකක් සද්දෙන් කතා කරපු හින්දා ආදිගේ අවදානේ ප්‍රාතිගේ දිහාට යොමුවුනා.

" ප්‍රාති මම ඔයාගේ අම්මා..."

" අම්මා... තමුන් මගෙ අම්මා කියලා දැන්ද මතක් වුනේ... එදා මගේ වයින් එකට ඩ්‍රග් ඇඩ් කරද්දි ඒක මතක් වුනේ නැද්ද... මාව අර නොදන්න මිනිහෙක්ගේ ඇඳට යවද්දි ඒක හිතුනේ නැද්ද... එදා මම ඒ මිනිහාගෙන් බේරෙන්න කොච්චර දැඟලුවද දන්නවද..." ප්‍රාතිට තරහා වැඩිකමට ඇඩුනා.

ආදි ප්‍රාති ළඟට එන්න හැදුවත් ආදිට එයා ඒ දේ කරන එක හරිද නැද්ද කියන එක තාම හිතාගන්න බෑ.

" ප්‍රාති මම..."

" මට මම ආදරේ කරපු කෙනා නැතුවුනා.. මෙච්චර කාලෙකට මට ආදරේ කරේ එයා විතරයි අම්මගෙන් තාත්තගෙන් නොලැබුනු ආදරේ මට දුන්නේ එයා... අන්තිමට මට එයාවත් නැතිවුනා... ආයේ මට කතා කරන්නෙපා... අදින් පස්සෙ මට අම්මෙක් තාත්තෙක් නෑ... මම අනාතයෙක්.... ඒ හින්දා ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." කිව්ව ප්‍රාති කෝල් එක කට් කරලා අඬන්න ගත්තා.

ඒ පාර නම් ආදි තවත් හිතහිත හිටියේ නෑ ප්‍රාති ළඟට ගිහින් ප්‍රාතිව වැළඳගත්තේ ප්‍රාති ආදිගේ පපුව අස්සෙ මූණ හංඟන් අඬද්දි.

මේ අතරේ රීටම්මා එවලා තිබ්බ ලන්ච් එක ආදිලාට දෙන්න නෙහාන් ආවත් දෙන්නා ඉන්න විදිහ දැකලා ඉක්මනට ආපහු හැරිලා ගියා.

ප්‍රාති කොච්චර වෙලාවක් ඇඬුවද කියන එක ප්‍රාතිට මතක නෑ. ආදි ප්‍රාතිගේ පිට අතගෑවේ ප්‍රාතිව සනසන්න.

අඬලා අඬලා අන්තිමට සිහියට ආව ප්‍රාති ඉක්මනට ආදිගෙන් ඈත්වුනා.

" අනේ අයියේ සොරි.. මම හිතලා කරේ නෑ..."

ප්‍රාතිගේ කඳුලින් තෙත්වුන ආදිගෙ ෂර්ට් එක බලමින් ප්‍රාති කිව්වා.

" ඒකට කමක් නෑ ප්‍රාතිහාරි... මොකක්ද ප්‍රශ්නේ..."

"ඒක ඉවරයි අයියේ... "

" ප්‍රාතිහාරි මේක මතක තියාගන්න... ඔයාට කවුරු නැති වුනත මම ඉන්නවා..."

" අයියේ... මට බලාපොරොත්තු දෙන්න එපා... මම කැමති නෑ මගේ නොවන දේකට මගේ හිතේ පුංචි හරි ඉඩක් එනවට..."

" ප්‍රාතිහාරි... මම ඔයාගේ හස්බන්ඩ්..."

" මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වුනාම අපි ඩිවෝස් වෙනවා අයියේ... ඔයා ආයෙමත් ත්‍රීශා අක්කා එක්ක එතකොට..."

" ප්‍රාතිහාරි ත්‍රීශා මැරි කරන්න යන්නේ..."

" මොකක්..."

" ඔව්... ඊයේ රෑ තමා මම දැනගත්තේ..."

" ඒත් අයියේ..."

" ප්‍රාතිහාරි දැන් වුන දේවල් වුනා... අපි යථාර්ථයට මූණ දෙන්න ඕනේ... ඔයාට කෛලාශ්ව අමතක කරන්න අමාරුයි වගේම තමා මටත් ත්‍රීශාව අමතක කරන්න අමාරුයි... ඒත් දැන් වෙන්නා ඕනේ හැමදේම වෙලා ඉවරයි... අපි අපේ ගමන යන්න ඕනේ.. ඔයාට ඔයා ගැන තීරණය ගන්න අයිතිය තියන්නවා... ඔයා තීරණයක් ගත්ත දවසක මට කියන්න... මම ඔයාගේ තීරණේට ගරු කරනවා..." කිව්ව ආදි ප්‍රාතිව ආයෙම පාරක් වැළඳ ගත්තා.



ඊළඟ දවස් දෙක තුනත් දෙන්නම ඔෆිස් ගිහින් තිබ්බ වැඩ ටික ඉවර කරලා ඔෆිස් එක නෙහාන්ට බාර දුන්නා. බර දුන්නා කිව්වාට දෙන්න විඩෙන් විඩේ ඇවිල්ලා බලලා යනවා.



" අම්මා.. මේ වැඩේ හරියන්නෙ නෑ... මොනා හරි කරන්න වෙනවා... තාත්තා අරූට කම්පැනි එක භාර දෙන්න යන්නේ හෙට... ඒ මදිවට අරකිවත ඒක අස්සටම දාන්න යන්නේ.. " මේනක තරහෙන් විස්කි ග්ලාස් එකක් අතේ මිරිකන ගමන් කිව්වා.

" සුගත් මොන මඟුලක් කරන්න යනවද කියන එක මට තේරෙන්නෙත් නෑ පුතා... ඒත් ආදිත්‍යකාරයා එක්ක වැඩ කරන්නේ පරිස්සමින්.. මට ආරංච විදිහට ඌ මේ දවස්වල බැහැලාම වැඩ... එක්කෝ ඌව මරලාම දාන්න නැත්තන් ආයේ ජීවිත කාලෙටම නැඟිටින්න බැරිවෙන්න වැඩේ කරන්න..." සුසීලා.

" මටත ඒ දේ තමා කරන්න ඕනේ... ඒත් මූ මේ දවස් ටිකෙ silent වෙලා ඉන්න එක මට අල්ලන්නෙ නෑ.. ආ අම්මේ මම අරකි ඉන්න තැන හොයා ගත්තා.. ඒකිව අපේ අතට ගත්තා කියන්නේ ඌව අතේ නටවන්න පුලුවන්... අර ප්‍රාතිහාරිටත් මොනාහරි කරන්න ඕනේ... ඒත් ඒකිව මරලා දාන්න ලෝභයි...."

" ඒකිව අපේ පැත්තට හරෝගත්තා නම් වැඩේ ඉවරයි නේ..."

" ඒත් ඒකි ලේසිපහසු එකියක් නෙවෙයිනේ අම්මේ..."

" ඉස්සෙල්ලම මහගෙදර යන්න... එතකොට ඔය වැඩ ඔක්කොම ලේසියි... තේරුනානේ..."

" හ්ම්ම්... හොඳටම තේරුනා...."


__________________________________________

දුෂ්ටයා කවුද දැන්....( මම නේද😁)

reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page