Dangerously yours...
Pari🖤
To 17th blood...
https://telegra.ph/Dangerously-yours-05-03
18th Blood...
ආදි පුපුර පුපුර රූම් එකට ආවා.
" අයියේ අපි දැන් මොකද කරන්නේ..."
" ප්රාතිහාරි අපිට සඳුදටනේ එන්න කිව්වෙ... අපි හෙට අපේ කම්පැනි එකට යන්... එතන පුලුවන් තරන් ඔයා නැතිව වැඩ ගෙනියන්න පුලුවන් විදිහට හදමු... මොකද skyline එක අපේ එකට වඩා දහගුණයක් විතර ලොකු කම්පැනි එකක්... ඒ හින්දා අපි ඒකට full ready වෙන්න ඕනේ.. මොකද ඒක උගුලක් වෙන්නත් පුලුවන්... අපි උගුලට අහුවෙන්නෙ නැතුව ඉන්න වග බලාගන්න ඕනේ... මම නෙහන්ට කතා කරලා කියන්නම්කො එතකොට අපි තුන්දෙනාටම මොකක් හරි දෙකක් කරගන්න පුලුවන් වෙයි..."
ආදි එහෙම කියලා ඉවර වෙනවත එක්කම කෝල් එකක් ආවේ නෙහාන්ගෙන්.
" මතක් කරන කොටම ගන්නේ... හෙලෝ නෙහාන්..."
" සර්.... ත්රීශා....."
" ඇයි ත්රීශාට මොකක් හරි කරදරයක්ද...."
" නෑ සර්... ඒත්..."
" කියපන් මිනිහෝ... ත්රීශාට මොකද වුනේ..." ආදි කලබලෙන් කෑගහන පාර ප්රාතිත් ඉක්මනට ළඟට ආවේ ත්රීශාට මොකක් හරි කරදරයක් කියලා හිතලා.
" සර්... ත්රීශා... එයාගේ රෙස්ටුරන්ට් එකේ... මේ... මේ... කොල්ලෙක්ගේ අතින් අල්ලන් ඉන්නවා... ඒ කොල්ලා එක්ක ළමයෙකුත් ඉන්නවා..."
"මොකක්..." ආදිගේ ඔලුවට හෙණ ගැහුවා වගේ හැඟීමක් දැනුනා..
" මම දැන්ම එනවා..."
" සර්.. මේ.."
ආදි නෙහාන් කියන්න ගිය කිසිම දෙයක් අහන්නෙ නැතුව කෝල් එක කට් කරලා dressing table එක තිබ්බ කාර් එකේ key එකත අරගෙන දිව්වා.
ආදි පුලුවන් තරම් වේගෙන් ගියේ ත්රීශගේ restaurant එකට.
ආදි දැක්ක දෙයින් යකා ඇවිස්සුනා විතරක් නෙවෙයි හිතට ලොකු දුකක් වැනුනේ ත්රීශා වෙනස් වෙලා හින්දා.
වෙනදා ආදි එක්ක ආදර බස් කතා කරන ඒ දෙන්නා කාලේ ගත කරන්න කැමති table එකේ අද ත්රීශා වෙන කෙනෙක් එක්ක.
ඒ මදිවට ත්රීශා ඒ කොල්ලාගේ අතේ හිටිය ළමයව හුරතල් කරනවා දකිද්දි ආදිට තවත් මල පැන්න.
"ත්රීශා..." ආදි හයියෙන් කෑගහුවේ restaurant එකෙ හිටිය අනික් අයගේ අවදානෙත් ආදිගේ පැත්තට එද්දි. ත්රීශා ඉක්මනට පුටුවෙන් නැගිට්ටා.
" ආදි..."
" මොකක්ද මෙතන වෙන්නේ ත්රීශා..." ආදි තරහෙන් ඇහුවේ අර ඇවිත් හිටිය කෙනාට රවමින්.
" ත්රීශා... මොකක් හරි ප්රශ්නයක්ද..."
" නෑ.. නෑ... දෙව්නක...මේ මගේ යාලුවෙක්..."
" යාලුවෙක්... ත්රීශා.. මම ඔයාගේ යාලුවෙක්ද..." ආදි ත්රීශාගේ උරහිසින් අල්ලලා හොලවමින් ඇහුවා.
ළමයව පුටුව උඩින් තියලා දෙව්නක ඇවිත් ත්රීශාව ඇදලා ගත්තා.
" ත්රීශා ඔයා හොඳින්ද..." දෙව්නක ත්රීශාගේ උරහිසින් අල්ලගෙන ඇහුවා.
" මම හොඳින් දෙව්නක..."
ආදි දෙව්නකගේ කොලර් එකෙන් ඇදලා ගත්තේ තරහෙන් පුපුරමින්.
" තමුන් කවුද මගේ කෙල්ලව අල්ලන්න..." කියලා ආදි දෙව්නකගේ මූණට මිටමොලවලා ගැහුවේ දෙව්නකගේ නහයෙන් කටින් ලේ එන්න.
" ආදි.. ඕක නතර කරන්න... ඕක නතර කරන්න ආදි..." ත්රීශා කෑගහමින් ආදිව ඈත් කරන්න හැදුවත් ආදිගේ තරහත් ඒකෙන් තවත වැඩිවුන එක වුනේ..
"අප්පත්තී... අප්පත්තී..."කියලා පුටුවේ හිටිය පොඩි කෙනා අඬන්න ගත්ත නිසා තමා ආදි නතා කරේ.
ත්රීශා ගිහින් ඉක්මනට පොඩි එක්කෙනාව වඩා ගත්තා. ඊටපස්සේ දෙව්නකවත නැගිට්ටවගත්තා.
" ආදි... මම ඔයාට පැහැදිලිව කිව්වා අදින් පස්සෙ අපි දෙන්නාගේ කිසිම සම්බන්ධයක් නෑ... ප්ලීස් දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න... ප්ලීස්..."
" මේකේ තේරුම මොකක්ද ත්රීශා... මම ඔයාට කොච්චර ආදරේ කරනවද කියලා ඔයාම දන්නවා... ඔයා කොහොමද වෙන කෙනෙක්..."
" ආදිත්ය.. මම ඔයාව අමතක කරලා ඉවරයි... මම දැන් මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න යන්නේ... මේ ඉන්නේ මගේ හස්බන්ඩ්... ඒ වගේම මේ ඉන්නේ මගේ පුතා.. මගේ දරුවා..."
" ත්රීශා.. ඔයා... ඔයා... කොහොමද... මට එහෙම කරන්නේ...." කියලා ආදි ත්රීශා ළඟ දණින් වැටුනා.
" ආදිත්ය දැන්වත් සැබෑ ජීවිතේට එන්න.. ඔයාගේ වයිෆ් ගෙදර ඉන්නවා... මින් පස්ස් මාව හම්බවෙන්න එන්න එපා..." කිව්ව ත්රීශා දෙව්නකගෙ අතින් අල්ලගෙන restaurant එකෙ ඇතුළට ගියා.
ආදි තවත් විනාඩි දහයක් විතර එතන දණ ගහගෙන හිටියා. ඊටපස්සෙ ආදි කාර් එක අරන් කෙලින්ම ගියේ බාර් එකට.
ත්රීශා දෙව්නකව එක්කන් ආවේ restaurant එකේ එයාගේ room එකට.
" I'm sorry dewnaka... He is my ex boyfriend..." ත්රීශා එයාම කියපු ඒ වචන ටික ඇතුළේ තිබ්බ ex කියන වචනේ එයගේ ඔලුව ඇතුළේ ගිගුරුම් දුන්නේ ආදි එක්ක ජීවිතේ plan කරද්දි කවදාවත ඒ වචනේ පාවිච්චි කරන්න වෙයි කියලා හිතුවේ නැති හින්දා.
" ඒකට කමක් නෑ ත්රීශා... ඒ අර අද වෙඩින් ර්ක තිබ්බ ආදිත්ය නේද..."
" ඔව් දෙව්නක..."
" ත්රීශා... මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ... ඔයා මට මේ දේ කියන්න... ඔයා මගේ වයිෆ්... මගේ දරුවාගේ අම්මා.. වෙන්න කැමතිද..."
ත්රීශාව මොහොතකට නිරුත්ත වෙලා ගියා. ඒත් ආදිව අමතක කරලා දාලා අලුත් ජීවිතයක් පටන් ගන්න හොඳම දේ මේක තමා කියලා හිතුන ත්රීශා ඔලුව වනලා කැමැත්ත ප්රකාශ කරා.
ආදි ගිහින් විනාඩි දහයකට විතර පස්සෙ රීටාම්මා ආවේ ප්රාතිට සුගත් පහළට කතා කරා කියලා කියන්න.
මොනාට කතා කරාද කියලා දන්නෙ නැති හින්දා ප්රාති කුතුහලෙන් පහළට ගියා.
ඒ යද්දි සුගත් ප්රාති එනකන් සෝෆා එකට වෙලා බලන් ඉන්නවා.
" ප්රාතිහාරි... ආදිත්ය කොහෙද ගියේ..."
සුගත් අහපු විදිහෙන් ප්රාතිට තේරුනා සුගත් හැමදේම දැනගෙන අහන්නෙ කියලා.. බොරු කියලා වැඩක් නැති හින්දා ප්රාති ඇත්තම කිව්වා...
" අයියා... අයියා ගියේ ත්රීශා අක්කාව හම්බෙන්න..."
ප්රාති ළඟට ආව සුගත් ප්රාතිගේ කම්මුලට ගැහුවේ ප්රාතිව ඒ පාරෙ සැරට බිම වැටෙද්දි.
" තමුන්ගෙ මිනිහා වෙන ගෑනු බලන්න යද්දි නවත්තගන්න බෑද... ඒකත් වෙඩින් එක උදේ වුනා විතරයි..."
ප්රාතිට මේ වෙලේ කියන්න දේවල් දාහක් ඔලුවට ආවත් ඒ හැමදේම කදුලු අස්සෙ හිරවුනා.
" තමුසෙගේ මිනිහා ගේ ඉස්සරහා දණ ගහනවා... කමල්... මේකිව ගේ ඉස්සරහ දණ ගස්සනවා... " කියලා සුගත් යන්න ගියා.
කමල් ඇවිල්ලා ප්රාතිව ඇදගෙන යන්න හැදුව්ත් ප්රාති කැමැත්තෙන්ම ගිහින් දණ ගැහුවා.
රීටම්මා ප්රාති ළඟට එන්න හැදුවත කමල් නැවැත්තුවා.
බාර් එකට ගිය ආදි මත්පැන් වීදුරු පහ හයක්ම බිව්වෙ රීටාම්මාගෙන් දිගින් දිගටම එන කෝල් නොසලකා හරිමින්...
ප්රාතිගේ අවාසනාවට වැස්සකුත් මේ වෙලාවෙම පටන් ගත්තේ දණගාන් හිටිය ප්රාතිව තෙතබරිත කරමින්.
දිගින් දිගටම එන කෝල් හින්දා ආදි අන්තිමට ෆෝන් එක ආන්ස්වර් කරා.
" අනේ චූටි මහත්තයෝ ඉක්මනට ගෙදර එන්න.. චූටි නෝනාට තවත් නම් ඉන්න බෑ..."
" මොන මගුලක්ද රීටම්මේ..."
" චූටි මහත්තයෝ චූටි නෝනාව ලොකු මහත්තයා එළියේ දණ ගැස්සුවා.. අනේ පව් චූටි මහත්තයෝ... චූටි නෝනා තෙමෙනවා..."
" මොකක්... මං එන්නම්..." කියලා ආදි ආවටත් වැඩියේ වේගෙන් ගෙදර ගියා.
ඒ යනකොට ප්රාති ගේ ඉස්සරහා දණ ගහන් ඉන්නවා.
ආදි කාර් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා.
ඉක්මනට ප්රාති ළඟට ආව ආදි,
" ප්රාතිහාරි මොකද කරන්නේ නැගිටින්න..."
ආදිව දැක්කම මෙච්චර වෙලා වැස්සට දියවෙලා යන්න හිමින් අනික් අයට නොපෙන්න අඩපු ප්රාති හයියෙන් අඬන්න ගත්තා.
" නැගිටින්න ප්රාතිහාරි..."
ප්රාති හිමින් නැගිට්ටත් පැය දෙකකටත් වඩා දණ ගහන් හිටිය හින්දා දණිස්වලට පණ නැතිවෙලා එකපාර වැටුනා.
ප්රාතිහාරිව අත් දෙකට ගත්ත ආදි ඉක්මනට ගේ ඇතුළට දිව්වෙ රීටාම්මාත් ආදිගේ පස්සෙන්ම කාමරේට දුවද්දි.
මේ වුන හැමදේම දිහා සුගත් උඩුමහලේ ඉඳගෙන බලන් හිටියේ කට කොණේ හිනාවක් රඳවගෙන.
ප්රාතිව ගෙනැල්ලා ඇඳ උඩින් තිබ්බ ආදි ප්රාතිට කතා කරත් ප්රාතිට ඒ වෙනකොට සිහිය නැතිවෙලා.
" ප්රාති... ප්රාති... නැගිටින්න... රීටම්මේ ඩොක්ටර්ට කතා කරන්න ඉක්මනට..."
ආදි ඒ වෙලාවේ තමා දැක්කෙ ප්රාතිව තෙමිලා තියන විදිහ. නයිට් ඩ්රෙස් එකක් ඇදලා හිටිය ප්රාතිගේ ඇඳුම ඇඟටම ඇලිලා. ආදි ඉක්මනට බෙඩ්ශීට් එක අරන් ප්රාතිට පෙරෙව්ව.
ඊටපස්සේ තම ආදි දැක්කෙ ප්රාතිගේ මූණේ තිබ්බ ඇඟිලි සලකුණු.
" රීටම්මේ.. මේ මොකද.."
" චූටි මහත්තයෝ... මහත්තයා ත්රීශා නෝනා බලන්න ගියා කියලා දැනගෙන ලොකු මහත්තයා චූටි නෝනාට ගැහුවා..."
" මම අද..." කියලා ආදි යන්න හදද්දී,
" අයියේ..." කියලා ප්රාති අමාරුවෙන් කතා කරා
" ප්රාතිහාරි ඔයා නැගිට්ටද..."
එත් ප්රාතිට ආයෙමත් එහෙම්මම සිහිය නැතිවුනා.
" චූටි මහත්තයා මම චූටි නෝනාට උණු වතුර ටිකක් අරන් එන්නම්... එතකන් චූටි නෝනාගේ ඇඳුම් මාරු කරන්න.."
" මේ මම..."
රීටම්මා ඉක්මනට ගියෙ ආදි මොනා කියන්න යනවද කියන එක අහන්නෙ නැතුව.
ආදිට වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ ප්රාතිව සීතලේ තියන්නත් බෑ.. ඩොක්ටර් එනකොට මෙහෙම කොහොමත් තියන්න බෑ.
ප්රාතිට පොරවලා තිබ්බ බෙඩ්ශීට් එක ආදි අයින් කරත ආයෙමත් පෙරෙව්වෙ ප්රාතිගේ ඇඳුම් මාරු කරන්න ආදිට හිත දුන්නෙ නැති හින්දා.
ඒත් ප්රාතිව මේ වෙනකොට වෙව්ලන්න අරන් තිබ්බ හින්දා ආදි වෙන කරන්න දෙයක් නැති හින්දා ප්රාතිගේ වෙන නයිට් ඩ්රෙස් එකක් අරන් ආවා ගිහිල්ලා.
ප්රාති ඇඳන් හිටිය ඇඳුමේ ඕවර් කෝට් එක ගලවලා දාලා. යටින් තිබ්බ ඇඳුමෙත පටි හිමින් පහළට කරන්න ගත්තා.
ප්රාතිගේ බෙල්ලෙ රැඳිලා තියන වතුර බිංදු දැක්කම ආදිගේ හිතටත මොනාද වුනා.
" ආදිත්ය මොනාද හිතන්නේ... " කියලා තමන්ටම කියාගෙන ආදි ප්රාතිගේ නයිට් ඩ්රෙස් එක මාරු කරලා ඉක්මනට බාතෲම් එකට දිව්වා.
රීටාම්මා ටිකකින් ඇවිල්ලා දොර තට්ටු කරද්දි තමා ආදි එළියට ආවේ.
" චූටි මහත්තයෝ... මොකද ඔය හොඳටම තෙමිලා ඉන්නේ ආයෙ එළියට ගියාද.."
" අහ්.. නෑ නෑ.. මම ඇඳුම් මාරු කරන් එන්නම්.." කියපු ආදි හිමීට මාරු වුනා.
ආදි ඇඳුම් මාරු කරන් එද්දි ඩොක්ටර් ඇවිත් ප්රාතිව චෙක් කරනවා.
" ඩොකටර් ප්රාතිහාරිට කොහොමද..."
" පොඩි උණ ගතියක් තියනවා.. ඒ වගේම මෙයාගේ ඇඟට බරපතල විදිහට දැනුනු මහන්සිය නිසා සිහිය නැතිවෙලා තියෙන්නෙ දැනට මේ බෙහෙත් ටික දෙන්න... ඒ වගේම කැඳවර්ග සුප් වර්ග වගේ දැනට දෙන්න බර කෑම මුකුත් දෙන්න එපා..."
" හරි ඩොක්ටර් thank you..."
" චූටි මහත්තයා මම ඩ්රයිවර් කොල්ලට කියන්නම් මේ බෙහෙත් ටික ගේන්න කියලා..." කියලා රීටාම්මා පහළට ගියා.
ආදි ප්රාති ළඟට ඇවිල්ලා ඒ මූණ දිහා බලන් හිටියේ අද එයා කරපු වැරැද්ද නිසා ප්රාති දුක් විඳින්නේ කියන වරදකාරී හැඟීමෙන්.
" මට සමාවෙන්න ප්රාතිහාරි... මම ඔයාව මෙතනින් ඉක්මනටම නිදහස් කරනවා...."
ප්රාතිගෙ කොණ්ඩේ තෙතයි කියලා දැක්ක ආදි ප්රාතිගේ කොණ්ඩේ වේලන්න ගත්තේ ප්රාතිව තමන්ගේ ඇඟට හේත්තු කරගෙන.
" කෛලාශ්...." කියමින් ප්රාති එකපාර ආදිගේ පපුවට තුරුල් වුනේ ආදිගේ හිතටත් මොකක්ද වෙනසක් කරමින්.
ආදි ප්රාතිට ඒ විදිහටම ඉන්න දුන්න.
රීටාම්මා බෙහෙත් ටික ගෙනත දුන්නාට පස්සෙ ආදි ඒ ටිකත ප්රාතිට පොවලා සෝෆා එකට ගිහින් නිදාගත්තා.
පහුවදා ආදි නැගිටිද්දිත් ප්රාති නැගිටලා හිටියේ නෑ. ආදි සද්ද බද්ද නොකර ඇඳ පැළඳ ගත්තේ ඔෆිස් එකට යන්න.
ආදි රීටම්මාව හොයාගෙන පහළට ගියේ ප්රාතිට කන්න මොනාහරි දෙන්න කියන්න හිතාගෙන.
" ආදිත්ය...."
________________________________________
කතාව දවස් තුනක් විතර දෙන්න බැරිවුනා නේ ඕතරීට ඩේටා අහේනියක් ආවා ඒ හින්දා තව සතියක් හමාරක් කට්ට කන්න වෙනවා..
සොරි හොඳේ...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤