Dangerously yours...
Pari🖤
To 16th Blood....
https://telegra.ph/Dangerously-yours-05-01
To 17th Blood....
ප්රාති අන්තිම වතාවට කෛලාශ්ගේ කටහඬ නිකමටවත අහන්න ඕනේ කියලා හිතිලා කෛලාශ්ගෙ ෆෝන් එක කෝල් එකක් ගත්තා.
" හෙලෝ...."
දවස් ගාණකට පස්සෙ ඇහුන ඒ කටහඬ හින්දා ප්රාතිගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා
ප්රාතිට කතා කරගන්න බැරිවුනා. උගුරේ මොකක් හරි හිර වුනා වගේ දැනුනේ. හිත ඇතුළේ කියාගෙන යන්න දේවල් ගොඩාක් තිබ්බත් ඒවා ප්රාතිගේ හිත අස්සෙම තිබ්බා.
" කවුද මේ කතා කරන්නේ.. " කෛලාශ් එහා පැත්තෙන් ඇහුවා.
එතකොට මගෙ නම්බර් එකත් දැන් නැද්ද කෛලාශ්...
ප්රාතිට් ඇඩුනේ එහා පැත්තේ ඉන්න කෛලාශ්ටත් ඒක ඇහෙද්දි.
" Hey... excuse me... who is this..."
ප්රාතිට තව තවත් හයියෙන් ඇඩුනා.
" මිස්... ඔයා මොකද ඔය කරන්නේ.. අඬලා මේකප් එක ඩැමේජ් වෙයි... අනික දැන් අපි යන්න ඕනේ... වෙඩින් එකට වෙලාව හරි...." ප්රාතිගේ makeup artist ප්රාති ළඟට ඇවිල්ලා කිව්වා.
ඒක කෛලාශ්ටත් ඇහුනා.
" කවුද මේ කතා කරන්නේ කියන්නේ පුලුවන්ද... ඇයි මට කෝල් ගත්තේ... මම ඔයාව දන්නවද..."
" නෑ.... sorry... වැරදිලා කෝල් එක ගත්තේ..." කියලා ප්රාති කෝල් එක කට් කරලා පපුව අල්ලග්ත්තේ සෑහෙන වේදනාවක් දැනෙද්දි.
මේ අතරේ ආදි එයාගේ හොටෙල් රූම් එකට වෙලා කෝල් එකක් ගත්තේ ත්රීශාට.
" හෙලෝ ත්රී.... ඇති යන්තන්... ඇති යන්තන්... ඔයා කෝල් එක ආන්ස්වර් කරා..."
" කෛලාශ්.. අද ඔයාගේ වෙඩින් එක..."
" ත්රීශා... ප්ලීස්... මට breakup වෙන්න බෑ..."
" ආදි.... ඔයා අදින් පස්සෙ අයිති ප්රාතිට..."
" නෑ ත්රීශා... නෑ.. මම අයිති ඔයාට... ප්ලීස් ත්රීශා..."
" ආදි... තෙරුම් ගන්න.. "
" ත්රීශා... මම ඔයාට ආදරේ... ඔයාට විතරමයි..."
" මම දන්නවා ආදි... මම දන්නවා... මමත් ඔයාට ආදරෙයි... ඒත් අපිට මෙතනින් එහාට දෙයක් නෑ...එ හින්දා.. අපි කතා කරන අවසාන පාර අද වෙයි...අදින් පස්සෙ මට කතා කරන්නෙපා ආදි... ඔයා ඔයාගේ ගමන යන්න... මම මගේ ගමන යනවා... ප්රාතිව හොඳින් බලාගන්න ආදි.. ඒ කෙල්ල හරිම අහිංසක කෙල්ලක්..."
"ත්රීශා.. එපා.... ප්ලීස්... ත්රීශා... "
ත්රීශා කෝල් එක කට් කරේ ආදිත් හැමදේම නැතිවුන හැඟීමකින් බිම ඉඳගද්දි.
ටික වෙලාවකින් දෙන්නම වෙඩින් හෝල් එකට ආවා. මීඩීයාවලින් වගේම රටේ ලොකු ලොක්කො පවා මේ වෙඩින් එකට ඇවිල්ලා හිටියේ සුගත් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියන එක පැහැදිලි කරමින්.
වෙඩින් එකේ වෙන්න ඕනේ ඒවා ඉවර වෙලා ප්රාතියි ආදියි දෙන්නා ඇවිල්ලා ඉන්න අය එක්ක කතා කර කර ඉන්නකොට එකපාරට ප්රාතිලා ළඟට ආවේ සමාන්යයෙන් වයස 45ත 50ත අතර ගෑණු කෙනෙකුයි අවුරුදු 30ක විතර පෙනුම තියන කොල්ලෙකුයි.
" ආ නෑනේ කොහොමද ඉතින්..." ප්රාති දිහා කෑදර බැල්මක් හෙලමින් ඒ පිරිමි කෙනා කිව්වා.
ප්රාති ඒ කෙනාව දන්නෙ නැති නිසා ආදිගේ මූණ බැලුවා. එතකොට තමා ප්රාති දැක්කේ ආදි එ ගෑනු කෙනා දිහා රවන් බලන් ඉන්න විදිහ.
ඒ බැල්ම දැක්ක එකම කෙනා ප්රාති විතරක් නෙවෙයි ප්රාතිට තේරුනේ සුගත් එතනට ආවම.
" ආදිත්ය...." සුගත් ටිකක් තද ස්වරයකින් කියනකොට ආදි අහක බලාගත්තා.
" දුව මේ ඉන්නේ මේනක... ආදිගේ මල්ලි... එතකොට මේ මේනකගේ අම්මා සුසීලා..." සුගත් ප්රාතිට අඳුන්වලා දුන්නා.
එතකොට තමා ප්රාතිට මතක් වුනේ ආදි මීට කලින් මේ මේනක ගැන කිව්වා කියලා.
" ආ... එහෙමද..." ප්රාති වැඩියේ ගණන් ගන්නෙ නැතුව කිව්වා.
ප්රාති දිහා තව ටිකක් වෙලා බලන් හිටිය මේනකයි සුසීලයි එතනින් ගියේ ප්රාති ගණන් ගන්නෑ කියලා තේරුන හින්දා.
" ආදිත්ය මූණ හදාගන්නවා... මට හෙට නිවුස්වලට මේ වෙඩින් එක ගැන බෑඩ් නිවුස් යනවා බලන්න ඕනේ නෑ..."
" එහෙනම් මේ වෙඩින් එක නොගෙන ඉන්න තිබ්බානෙ..."
" ආදිත්ය... තමුසේ හැමතිස්සෙම අමතක කරනවා නේද..."
සුගත් එහෙම කිව්වම ආදි අකමැත්තෙන් හරි අයෙමත් මූණ හදාගත්තා.
ප්රාතිට තේරුනා ආදිට මොකක් හරි දෙයක් හින්දා සුගත්ට විරුද්ධ වෙන්න බෑ කියලා.
පැත්තකට ගියපු මේනක සුසීලා දෙන්නා ප්රාති දිහා තමා බලන් හිටියේ.
" අම්මේ මූට කොහෙන් හරි සුපිරි එකියක්නේ සෙට් වෙන්නේ... තත්තා මේකට සෙට් කරන්න ගියෙත් හොඳ කෙල්ලක්නේ..."
" ඒක ඇත්ත තමා... සුගත් මටත් නොකියා මොකක් හරි ප්ලෑනක් ගහනවා.. පුතා... උබ කොහොමහරි මුන් දෙන්නාගේ මඟුල කඩන්න ඕනේ... මේකි එසේ මෙසේ එකියක් නෙවෙයි..."
" ඒක හරි අම්මේ... මේකිලු මුගේ කම්පැනිය බලාගන්නේ.. ආරංචි විදිහට තාත්තා මුන් දෙන්නාට කම්පැනිය භාර දෙන්න යන්නේ... ඒ වැඩේට නම් මම ඉඩ දෙන්නෙ නෑ... බලමුකෝ... වැඩිපුර නටාගෙන ආවොත තාත්තාව වුනත් ඉවරයක් කරන්න මම දෙපාරක් හිතන්නෑ..."
" මුං දෙන්නම වෙඩින් එකට කැමති වුනේ නෑලු නේද..."
" ඔව්.... මේකිව කොල්ලව ඇක්සිඩන්ට් කරලා මරනවා කිව්වම තමා මේකි කැමැත්තෙන්ම ඇවිල්ලා තියෙන්නේ... අරූට නම් ඉතින් තුරුම්පුව තියන කල් ඌ තාත්තා ගහන පදේට නටනවානේ..."
" අන්න ඒ තුරුම්පුව අපේ අතට ගත්තා නම් හැබැයි වැඩේ හරි... ආදිත්යගේ underworld එකේ පාලනෙත් අපේ අතේ එතකොට..."
" මූ දැන් වැඩියේ underworld එක පැත්තේ නෑ අම්මේ... අර එදා මම මූ එක්ක ගහගත්තේ... එදයින් පස්සෙ කිසිම බිස්නස් එකක්වත් කරලා නෑ..."
"එහෙමයි කියලා සද්ද නොකර ඉන්නෙපා... කුණාටුවකට කලින් පරිසරය සාමකාමියිනේ... පුලුවන් නම් අරකිව දැලේ දාගන්න... ඒකිව ගත්තා නම් උගේ කම්පැනියටත් වැඩේ දෙන්න පුලුවන්..."
මේනක ප්රාති දිහා බලලා තලු මැරුවේ ප්රාතිව ඇස් දෙකෙන් නිරුවත් කරමින්.
මේ අතරේ හොස්පිටල් එකේ හිටිය කෛලාශ්ව බලන්න කෙවින් ආවා.
" අඩෙහ් කෙවින් මට මොකක්ද වුනේ බන්... අපි ලංකාවටත ඇවිල්ලානෙ... අපේ මිෂන් එක මොකද වුනේ... success නේ..."
" නෑ බන්... අපි fail වුනා.... අපිට jay නැතිවුනා... "
" මොකක්...."
" ඔව් බන්.... අපි අවුරුදු ගාණක් ට්රයි කරලා උන්ව අල්ලගන්න ගිය එක අපිට කරගන්න බැරිවුනා..."
" ෂිට්... ඒත් ඒක එහෙම නතර කරන්න බෑ.. අපේ අවුරුදු ගාණක මහන්සිය..."
කෛලාශ් එහෙම කියනකොට කෙවින්ට කියන්න හිතුනා මිෂන් එක fail වෙන්න ප්රාදානම හේතුව කෛලාශ්ම තමා කියලා කෛලාශ්ට කියන්න. ඒත් කෙවින් අද ආවේ කෛලාශ්ට වෙච්ච දේ දැනගෙන චීෆ් වගේම ටීම් එකේ අය එක්කත කතා කරලා ආයෙමත් කෛලාශ්ව ටීම් එකට ගන්න.
" කෛලාශ් ඉක්මනට සනීප වෙයන්.. අපිට වැඩ ගොඩක් තියනවා..."
" හරි බන්... ඒක නෙවෙයි මට අමතක වුන දවස් ගැන උබ මොනාහරි දන්නවද... "
කෙවින් කෛලාශ්ට ප්රාති ගැන එකම දෙයක්වත් කියන්නෙ නෑ කියලා හිතාගෙනම තමා ආවෙව් එදා කෛලාශ් ප්රාතිව හොයාගෙන නොගියා නම් කියන එක කෙවින්ගේ හිතේ රැඳිලා තිබ්බා.
" නෑ බන්... ඒහෙම විශේෂ මුකුත් වුනේ නම් නෑ... උබ වැඩි හරියක් හොටෙල් එකේ නැත්තන් බංකරේනේ හිටියෙව්.."
" එහෙම ද... ඒත් මගේ හිත කියනවා මම වැදගත්ම දෙයක් අමතක කරලා කියලා බන්..."
" ඔව් ඉතින් උබ මිෂන් එකේ ඒවා අම්තක කරලානේ... ඒ හින්දා සනීප වෙලා වරෙන් ආයේ මතක් කරන්න... මම ගිහින් එන්නම්..."
කෙවින් ගියත් කෛලාශ්ගේ හිත නම් තාම කියන්නේ මොකක්ම හරි ලොකූ දෙයක් එයාට අමතක වෙලා කියලා.
කෛලාශ් ෆෝන් එක අරන් බැලුවත එයාට කිසිම දෙයක් එහෙම දකින්න ලැබුනේ නෑ. මොකද එඩ්වඩ් කෛලාඅහ්ගෙයි ප්රාතිගෙයි හැම මතකයක්ම අයින් කරලා තිබ්බේ.
ඒත් අර උදේ ආව කෝල් එකෙන් කෛලාශ්ගෙ හිතට ටිකක් අමුත්තක් දැනුනා. ඒ කෝල් එකේ එහා පැත්තේ හිටිය කෙනා අඬන කොට කෛලාශ්ගේ පපුව රිදෙනවා වගේ තේරුනා.
කෛලාශ් ඒ ගැන හිතමින්ම නින්දට වැටුනා.
වෙඩින් එක ඉවර වෙලා ගෙදර ආව ප්රාති රීටාම්මාගේ උදව්වෙන් ඇඳුමත් ගලවලා දාලා වොෂ් එකක් එහෙම දාගෙන රූම් එකට එද්දි ආදිත් රූම් එකට ඇවිල්ලා හිටියා.
" ප්රාතිහාරි... ඔයා ආයේ වැඩට යනවද... මොකද කරන්නේ..."
" අයියේ මම වැඩට යනවා... අයියාට ඒක අවුලක් නෑනේ... "
" නෑ ප්රාතිහාරි මමත් කොහොමත ඔෆිස් එකට එනවා... ප්රාතිහාරි මම ඔයාව මැරි කළා තමා ඒත් මගේ හිතේ ඉන්නේ ත්රීශා.. ඉතින්..."
"මට තේරෙනවා අයියේ... කෛලාශ්ට මාව මතක නැතිවුනත මටත කෛලාශ්ව අමතක කරන්න අමාරුයි... අයියාට අවුලක් නැත්තන් මට වෙන රූම් එකකට වුනත යන්න පුලුවන්..."
"නෑ එහෙම ඕන්නෑ... කොහොමත් මේ ගෙදර ඒ වැඩේ කරන්නත් බෑ... ඒ හින්දා අපි මේ විදිහටම ඉමු... බය වෙන්නෙපා මම ඔයාට අතක් තියන්නෙ නෑ... මම මේ ප්රශ්න විසඳුවාම ඔයාට ඩිවෝස් එක දෙන්නම්..."
" හරි අයියේ.. ඔයාට මොකක්...."
දොරට තට්ටු කරන සද්දෙන් දෙන්නාගේ කතාවට සුපුරුදු විදිහටම බාධා වුනා.
" චූටි නෝනේ... චූටි මහත්තයො..."
" කියන්න රීටාම්මේ..."
" ලොකු මහත්තයා ඔය දෙන්නටම ඔෆිස් කාමරේට එන්න කිව්වා..."
" හරි අපි එන්නම්..."
" ඒ මොකටද අයියේ..."
" මං දන්නෙත නෑ..."
ආදි ඔෆිස් රූම් එකට යද්දී ප්රාතිත ආදිගේ පස්සෙන්ම ගියා.
ඒ යද්දි සුගත් ඉදගෙන හිටියේ සිගරට් එකක් බිබී document එකක් බල බල..
සිගරට් ගඳ එද්දිම ප්රාතිට කැස්ස ආවේ ප්රාති සිගරට් දුමට ඇලජික් හින්දා.
ප්රාති දිගටම කහින්න ගත්තේ ආදි වගේම් සුගතුත් කලබල වෙද්දි.
" ප්රාතිහාරි මොකද වුනේ..."
" දුවෙ මොකද..."
"දුම.... මම.. සිගරට්... දුමට.... ඇලජික්..."
සුගත් ඉක්මනට සිගරට් එක නිවලා දාලා ජනේලේ ඇරියා.
විනාඩි පහක් විතර යද්දි ප්රාතිගෙ කැස්ස අඩුවෙලා ගියා.
" වතුර ටිකක් බොන්න..." කියලා ආදි වතුර වීදුරුවක් දුන්නා.
" හරි එහෙනම් දෙන්නා ඉඳගත්තා නම්..." සුගත් එයාට් ඉස්සරහා තිබ්බ පුටු දෙක පෙන්වමින් කිව්වා.
දෙන්නා ඉඳගත්තාම සුගත් කතාව පටන්ගත්තා.
" මම දෙන්නට එන්න කිව්වෙ සඳුදා ඉඳලා skyline එකේ වැඩ භාරගන්න කියන්න..."
" මොකක්.... අපි දෙන්නා... මට නම් බෑ.." ආදි.
" ආදිත්ය මම කලිනුත කිව්වනේ... මම දැනුම් දීමක් කරේ කැමැත්ත ඇහුවේ නෑ.. සඳුදා ඉඳන් දෙන්නම වැඩ පටන් ගන්න ඕනා..."
" එතකොට black & white එක...."
" ඒක නෙහාන්ට භාර දෙන්න... දෙන්නා ඒකේ වැඩ බලන්න යන්න....කොහොමත් මෙච්චර කාලෙකට ඒකනේ වුනේ..."
" ඒ වුනාට ප්රාතිහාරි වැඩ කරපු හින්දානේ එහෙම ගෙනිච්චේ..."
" මට ඒවා වැඩක් නෑ... සඳුදාට board meeting එකේදි මම ඔය දෙන්නව අඳුන්වලා දෙනවා. එච්චරයි දැන් යන්න පුලුවන්...."
ඒ දෙන්නා ඔෆිස් රූම් එකෙන් එළියට එද්දි සුසීලා ආදිටත් ගස්සගෙන ඔෆිස් රූම් එක ඇතුළට ගියා.
ආදි පුපුර පුපුර රූම් එකට ආවා.
" අයියේ අපි දැන් මොකද කරන්නේ..."
" ප්රාතිහාරි අපිට සඳුදටනේ එන්න කිව්වෙ... අපි හෙට අපේ කම්පැනි එකට යන්... එතන පුලුවන් තරන් ඔයා නැතිව වැඩ ගෙනියන්න පුලුවන් විදිහට හදමු... මොකද skyline එක අපේ එකට වඩා දහගුණයක් විතර ලොකු කම්පැනි එකක්... ඒ හින්දා අපි ඒකට full ready වෙන්න ඕනේ.. මොකද ඒක උගුලක් වෙන්නත් පුලුවන්... අපි උගුලට අහුවෙන්නෙ නැතුව ඉන්න වග බලාගන්න ඕනේ... මම නෙහන්ට කතා කරලා කියන්නම්කො එතකොට අපි තුන්දෙනාටම මොකක් හරි දෙඅක් කරගන්න පුලුවන් වෙයි..."
ආදි එහෙම කියලා ඉවර වෙනවත එක්කම කෝල් එකක් ආවේ නෙහාන්ගෙන්.
" මතක් කරන කොටම ගන්නේ... හෙලෝ නෙහාන්..."
" සර්.... ත්රීශා....."
__________________________________________
Just cool don't panic darling.....
reaction දාන්න comment කරන්න
ආදරෙයි හැමෝටම 🖤