Dangerously yours...
Pari🖤
To 15th blood...
https://telegra.ph/Dangerously-yours-04-30
16th blood...
ප්රාතිට තේරුනා කෛලාශ්ට එයාව මතක වෙලා කියලා. ප්රාති වේගෙන් හොස්පිටල් එකෙන් එළියට දිව්වෙ කෛලාශ්ගෙන් සමුගන්න සදහටම.
පාරේ වේගෙන් යන වාහන දිහාට ප්රාති දුවගෙන ගියේ ප්රාතිගේ වෙලාවටම වේගේ පාලනය කරගන්න බැරි වාහනයක් ප්රාතිගේ පැත්තට එද්දි....
ඒත් ප්රාතිව ඒ වාහනේ වැදෙන්න ඉස්සර වෙලා කමල් ප්රාතිව පාරෙන් පිටට ඇදලා ගත්තා.
" චූටි මැඩම්... මැරෙන්න නම් හිතන්නවත් එපා.... එහෙම වුනොත් ඔයාගේ වටේ ඉන්න අය ගොඩාක් විඳවයි..."
අන්තිමට ප්රාතිට මැරෙන්නවත් නිදහසක් නැතිවුනා.
" එහෙනම් චූටි මැඩම් අපි යමු..." කියලා කමල් ප්රාතිව තල්ලු කරේ වාහනේ පැත්තට.
නෙහාන් ඉක්මනට ප්රාති ළඟට දුවගෙන ආවා.
" නෙහාන් මහත්තයා... ඔයා මේ ප්රශ්නෙන් ඈත්වෙලා හිටියොත් හොඳයි... චූටි මහත්තය මොනා කරාත දැන් වැඩක් නෑ අනිද්දට වෙඩින් එක වෙනවා...."
" හරි මට ප්රාතිහාරි එක්ක විනාඩියකට කතා කරන්න දෙන්න..."
කමල් ඉඩ දුන්නම නෙහාන් ඉක්මනට ප්රාති ළඟා ආවා.
" ප්රාතිහාරි මොකක්ද අර කරන්න ගිය පිස්සු වැඩේ .. ඔයා ජීවිතේ නැති කළ ගත්තම මේ දේවල් හරියනවද .. දැන් කොහොමත මේ වෙඩින් එකෙන් බේරෙන්න වෙන්නෙ නෑ... ප්රාති ඔයා ආදි සර්ව මැරි කරන්න.. ඒකෙන් ඔයාට හිතනවට වඩා දේවල් ලැබෙයි... අනික ආදි සර් ඔයා හිතන් ඉන්නවා වගේ ලේසිපාසු කෙනෙකුත් නෙවෙයි... ඔයාට මතක ඇතිනේ සර්ව මුලින්ම හම්බුන දවස..."
ඒ දවස ප්රාතිට කවදාවත්ම අමතක වෙන්නෙ නෑ..
" එයා එහෙම එච්චර ලොකු කෙනෙක් නම් ඇයි මේ වෙඩින් එක නවත්තන්න බැරි..."
" ප්රාතිහාරි සමහරවෙලාවට ගන්න තියන හොඳම තීරණේ අමාරු වුනත් ගන්න වෙනවානේ.. ආදි සර්ටත මේකට බෑ කියන්න බැරි හේතුවක් තියනවා.. සර් දවසක මේ හැමදේම බේරුම් කරයි එදාට ඔයාට නිදහස ලැබෙයි...."
" ඒ දවස එනකන් මම මඟ බලන් ඉන්නවා අයියේ..." කිව්ව ප්රාති ගිහින් වාහනේට නැග්ගා.
ප්රාතිව එක්කන් කමල් ආවේ සුගත්ගේ ගෙදර හරියටම කිව්වොත් ආදිගේ මහගෙදර.
" මාව ඇයි මෙහාට එක්කන් ආවේ..."
" චූටි මැඩම් ඔයා කොහොමත අනිද්දා ඉඳන් මෙහෙ තමා ඉන්නේ.. ඉතින් අදම ආවා කියලා කිසිම වෙනසක් නෑ... "
ප්රාති හිමීට හිමීට ඇවිදගෙන ගේ ඇතුළට ගියා. ගෙදර වැඩට ඉන්න සර්වන්ට්ලා ප්රාති දිහා බලලා ඔලුව නවලා ප්රාතිට් ආචාර කරා.
ප්රාති යනකොට ගෙදර සාලේ කියලා හිතන්න පුලුවන් තැනක සුගත් කාත් එක්කද මන්දා කතා කරන ගමන් හිටියේ.
" ආ එන්න දුවේ... ඔන්න රණේ මේ තමා මගේ ලේලි පොඩ්ඩ..." කියලා සුගත් ඒ කෙනාට ප්රාතිව අඳුන්වලා දුන්නා.
" ආ.. මං මෙයාව නිවුස්වල දැක්කනේ... මං හිතුවේ නෑ ඒ වුනාට කොල්ලා මේ වගේ කෙල්ලක් එක්ක සෙට් වෙයි කියලා..."
ඒක ඇහුනම ප්රාතිට දැනුනේඑ එයාව නිකන් පාතට දාලා කතා කළා වගේ. ඒත් ඒ ගැන අහන්න තරන් ප්රාතිගේ හිතට කිසිම ශක්තියක් තිබ්බෙ නෑ.
ඒත් සුගත් කට්ටපියාගෙන හිටියෙ නෑ.
" ඇයි රණේ මගේ ලේලිගේ වැරැද්ද මොකක්ද... මේ කෙල්ල මෙහෙම හිටියට කොච්චර ලොකු වැඩක් කරන කෙනෙක්ද කියලා දන්නවද.. ආදිගේ කම්පැනි එක ලස්සනට කරගෙන් ගියේ කෙල්ලනේ... මාර talented.. මං ඒ තාක් දැක්ක හිත හයිය දක්ෂ නිර්භීතම කෙල්ල තමා ප්රාතිහාරි... " කියලා සුගත් කිව්වා.
ප්රාති සුගත් දිහා පුදුමෙන් බැලුවේ මේ වෙනකන් කවුරුත් ප්රාතිව මේ වගේ ප්රශංසා කරලා නැති හින්දා.. අඩුම අම්මා තාත්තාවත්....
" ආ එහෙමද... එහෙනම් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි... ඒක නෙවෙයි කෝ ආදි...."
" ආ.. ආදි එයි තව ටිකකින්..."
" එතකොට දෙන්නා මැරි කරලා ආදිගෙ ගෙදරද යන්නේ... "
" නෑ නෑ. ... ඒවා කොහෙද මාත් එක්ක... දෙන්නා මෙහෙ තමා ඉන්න ඕනා.... රණේ ටිකක් ඉන්න... දුව මහන්සිත් ඇතිනේ නේද... වැඩ ගොඩාක් කරලානෙ ආවේ.. දැන් ගිහින් රෙස්ට් කරන්නකෝ... දුවට දැනට අඳින්න ඇඳුම් ගේනැල්ලා තියෙන්නේ... රීටා.... චූටි මැඩම්ට රූම් එක පෙන්නන්න...."
එතකොටම ටිකක් වයසක කෙනෙක් දුවගෙන ප්රාති ළඟට ආවා.
" චූටි මැඩම් එන්න යන්න..."
ප්රාති හැමදේම සද්ද නොකර පිළිපැද්දේ දැන් කිසිම දෙයක් කරන්න බෑ කියලා දන්න නිසා.
රීටා එක්ක තට්ටු දෙකක්ම නැගලා උඩට ගිය ප්රාති අන්තිමට ඒ තට්ටුවට ඇතුළු වුන වෙලෙ ඉඳන් දැක්කේ ආදිගේ දේවල්.
ආදි තාඟවලින් දිනපු කුසලාන, සහතික ඒ වගේම පොත් රාක්ක හතරක් ලස්සනට හදපු පොත් කියවන තැන. ගිටාර් එකක්..
ප්රාති පුදුමෙන් වටේම බැලුවා.
ඒ තට්ටුවේ එකම එක රූම් එකයි තිබ්බේ රීටා ප්රාතිව එක්කන් ගියේ ඒකට.
" මෙන්න චූටි නෝනා මේක තමා චූටි මහත්තයාගේ කාමරේ...."
" මාත් මේකෙද ඉන්න ඕනා..."
"ඔව් චූටි නෝනේ... ඇඳ උඩ චූටි නෝනාට ගෙනාව ඇඳුම් ටික තියනවා.. චූටි නෝනාට උවමනාවක් වුනොත් මට කතා කරන්න මම පට ගාලා එන්නම්... චූටි නෝනා නාගෙන එනකන් මම කන්න දෙයක් හදාගෙන එන්නන්කෝ... " කියලා රීටා ආපහු පහළට ගියා.
ප්රාති රූම් එක ඇතුළට ඇවිදගෙන ආවේ හරිම පුදුමෙන්. හරිම පිළිවෙලට තිබ්බ රූම් එකක්. ඇඳේ රැල්ලක්වත් නෑ.
ඇද උඩින් ආදිගේ ලොකු ෆොටෝ එකක් තිබ්බා.
ලොකු බැල්කනි එකක් තිබ්බෙ ඇඳ ළඟින්මයි ප්රාති රූම් එක වටේම බැලුවා.
ඇඳ උඩ තිබ්බ ඇඳුමකුත අරන් ප්රාති වොෂ් එකක් දාගන්න ගියා.
ෂවර් එක යට ගිය ප්රාති එයාගේ දුක හේදිලා යනකන් ඇඩුවේ මේ මොහොතින් පස්සෙ අලුත් ජීවීතේට හැඩ ගැහෙන්න. මොකද ප්රාතිට තේරිලා තිබ්බෙ එයාට මේකෙන් පැනලා යන්න හිතන්නවත බෑ කියලා.
ප්රාතිට වෙලාවක් යනවා කියන එකවත දැනුනේ නැත්තෙ හිතේ පිරිලා තිබ්බ දුක වේදනාව වැඩි නිසා. අන්තිමට රීටා දොරට තට්ටු කරද්දි තමා ප්රාති පියවි සිහියට ආවේ.
" චූටි නෝනා... රෑ වෙලා ඔච්චර නාන්න එපා ලෙඩ වෙයි...."
" මම එනවා..." කියලා ප්රාති ඉක්මනට ඇඳුම දාගෙන එළියට ආවා.
" අනේ චූටි නෝනේ ඇස් දෙකත හොඳටම රතුවෙලා.. උණක් හෙම්බිරිස්සාවක්වත් හැදුනොත් ඉවරයි.... ඉන්නකෝ මම කොත්තමල්ලි ටිකකුත තම්බලා දෙන්නම් කෝකටත්..."
" ඕනේ නෑ රීටා අම්මේ.. " ප්රාති
" අනේ චූටි නෝනේ... මේ පුටුවෙන් ඉඳගන්නකෝ මම ඔය කොණ්ඩේ වේලන්න.. බලන්න වතුර පෙරෙනවානේ තාම..."
මේ අතරේ ආදි හිටියේ ත්රීශාට කෝල් ගන්න ට්රයි කර කර. කෝල් සීයක් විතර ගත්තත් ත්රීශා නම් ආන්ස්වර් කරේ නෑ.
" ත්රීශා ප්ලීස් ආන්ස්වර් කරන්න..." කියලා මැසේජ් සීයකටත් වඩා යැව්වා ඒත් ත්රීශාගෙන් කිසිම ප්රතිචාරයක් තිබ්බේ නෑ.
අනික් පැත්තෙන් ත්රීශා මේ හැමදේම දැක්කත් ආදිට කතා කරලා ආයෙමත් බලාපොරොත්තු දෙන්න ත්රීශාට උවමනා වුනේ නෑ.
" චූටි මහත්තයා.... ලොකු මහත්තයා කිව්වා ගෙදර එන්න කියලා..." කමල් ආදිගේ තැනට ඇවිල්ලා කිව්වා.
" ගෙදර මේ තමා මගේ ගෙදර..."
" චූටි මහත්තයා මහගෙදර එන්න කිව්වේ..."
" ගෙදර ඒක හිර ගෙදර.. මට බෑ..."
" චූටි මහත්තයා ඔයා කැමතිද අපි මෙන්ටල් හොස්පිටල් එක පැත්තේ ගිහි එනවට..."
" හරි මම එන්නම්..." කිව්ව ආදි කමල් එක්ක ගෙදර එන්න පිටත වුනා.
ආදි ගෙදර එද්දි සුගත් සාලේ හිටියත් සුගත්ව ගණන් ගන්නෙ නැතුව ආදි එයාගේ රූම් එකට ආවා.
ඒ එද්දි තමා දැක්කේ ප්රාතියි රීටායි රූම් එකේ ඉන්නවා.
" ප්රාතිහාරි මොකද මෙහෙ කරන්නෙ..."
" මාව මෙහාට එක්කන් ආවේ අයියේ... මම දන්නෙත නෑ ඇයි කියලා..."
" චූටි මහත්තයෝ චූටි නෝනා කොහොමත මෙහෙ නොවැ ඉන්න ඕනා.. මහත්තයාගේ නෝනානේ..."
" තාම එහෙම නෑනේ රීටාම්මේ..."
" තව දවස් දෙකයිනේ මහත්තයා..."
" රීටාම්මේ මට තේ එක්ක ගෙනත දෙන්න..." කියලා ආදි රීටාව එළියට යැව්වා.
රීටා ගිහාම ආදි ඉක්මනට රූම් එකෙ දොර වැහුවා.
" ප්රාතිහාරි මොකක්ද වුනේ... මට නෙහානයා කෝල් කරලා කිව්වා.."
" අයියේ මෙයාලා කෛලාශ්ව ඇක්සිඩන්ට් කරලා... දැන් කෛලාශ්ගෙ මතකේ නැතිවෙලා තියෙන්නේ... එයාට මාව මතක නෑ දැන්..." ප්රාතිගේ කඳුලු ආයෙමත් අලුත් වුනා.
" මට සමාවෙන්න අයියේ.. මට දැන් ඔයාව මැටි කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ... මට මැරෙන්නවත් නිදහසක් නෑ..."
" පිස්සුද ප්රාතිහාරි තමුසෙට... කමක් නෑ මේක වුනදෙන්කෝ... මාත් අසරණයි... මුන් මගේ දුර්වලකමෙන් ප්රයෝජන ගන්නවා.. මේවා මම ඉක්මනටම ඉවර කරන්නන්කෝ එතකොට ඔයා නිදහස්.. "
" මම දැන් ත්රීශා අක්කට මූණ දෙන්නේ කොහොමද අයියේ.. අක්කා මට එයාගෙම නංගි කෙනෙක්ට වගේ සැලකුවේ..."
"ත්රීශා මාත් එක්ක break up වුනා. "
" මොකද.... ඒත්... මං හින්දද අයියේ... මට සමාවෙන්න... "
" දැන් ඒක ගැන හිතන්නෙපා ප්රාතිහාරි අපි එනවිදිහක් බලමු.... එක දෙයක්.. මේනකගෙන් පරිස්සම් වෙලා ඉන්න..."
" මේනක..."
" ඔව්... .මගේ තාත්තා කියන කෙනාගේ දෙවෙනි පුතා... ඌ වැඩිහරියක් ගෙදර නෑ.. ඒත් පරිස්සමින්..."
" හරි අයියේ... දැන් අපි..."
ප්රාතිගෙ කතාවට බාධා වුනේ දොරට තට්ටු කරන සද්දෙ හින්දා.
" චූටි මහත්තයා තේ ගෙනාවා.. "
ආදි ගිහින් දොර ඇරියම රීටා ඇතුළට ආවා.
ප්රාතිගේ ඇස්වල වගේම මූණේ තිබ්බ කඳුලු දැකලා කලබල වුන රීටා,
" අනේ චූටි නෝනේ... මොකදාඬන්නේ.. චූටි මහත්තයා ඔයා බැන්නද..."
" පිස්සුද රීටම්මේ... මම මොකටද බනින්නේ.. "
" නෑ රීටම්මේ අයියා බැන්නේ නෑ... මේ මගේ ඔලුව රිදෙනවා එකයි..."
"නාපු හින්දා වෙන්නැති චූටි නෝනේ... ආයේ රෑට නාන්න එපා... ආ චූටි මහත්තයෝ ලොකු මහත්තයා කිව්වා චූටි නෝනාත් එක්ක පහළට එන්න කියලා..."
" ඒ මොකටද..."
" මං දන්නෙ කොහොමද චූටි මහත්තයෝ..."
" හරි රීටාම්මා යන්නකෝ අපි එන්නම්.."
රීටා ගියාට පස්සේ ආදි,
" තාත්තා මොනා කිව්වත් හැමදේටම එකඟ වෙන්න... මොකද තාත්තා පිටට හොඳ මූණ පෙන්නන් හිටියට හොඳ කෙනෙක් නෙවෙයි..."
"අයියේ රීටාම්මා..."
" ආ රීටාම්මා අවුලක් නෑ... එයා හරි හොඳයි.. ඒත් ප්රාතිහාරි එක දෙයක් මතක තියාගන්න... මේ ගෙදර කිසිම කෙනෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්නෙපා..."
ආදියි ප්රාතියි පහළට යද්දි සුගත් දෙන්නා එනකන් බලන් හිටියේ dining table එකේ..
" හරි දෙන්නා ඉඳගන්නකෝ... හරියට කාලා බීලාත් නැතුව ඇතිනේ මේ දවස්වල..."
" මට නම් කන්න ඕනේ නෑ මොනාද කියන්න තියෙන්නේ. "ආදි.
ප්රාතිටත් කන්න කිසිම පිරියක් තිබ්බෙ නෑ.
" ඉස්සෙල්ලම කාලා ඉමු... ඊටපස්සේ මම කියන්න තියන දේ කියන්නම්..."
" ඒත්..."
" ආදිත්ය . "
ආදි පාඩුවේ කන්න ගත්තේ ප්රාතිත ආදිව අනුගමනය කරද්දි.
ආදියි ප්රාතියි දෙන්නම ඒත් කළේ කනවා කියලා පෙන්නුව එක දිතරයි.
සුගත් කාලා ඉවර වෙලා ගිහින් සෝෆා එකේ ඉඳගත්තේ ආදියි ප්රාතියි දෙන්නත් ඒ පස්සෙන් යද්දි.
" හරි එහෙනම්... ඉස්සෙල්ලම දුව... ඔයා සද්ද බද්ද නොකර හිටියොත් අපි ඔයාගේ ආදරවන්තයාව සද්ද නොකර රටින් පිටමං කරනවා.. හරිද. " ප්රාති ඔලුව හෙල්ලුවේ සැනසිමක් හිතට දැනෙද්දි.
" අනික් දේ තමා ජීව්තේ නැති කරගන්න නම් හිතන්නවත් එපා... මොකද ඒකෙන් ඔයාට අපි දෙන නිදහස නැත්තටම නැතුව යයි... ආදිත්ය.... තමුන් අරකි එක්ක තියන සම්බන්ධය නතර කළොත හොඳයි... මොකද තමුන් ඒකිව ආයේ හම්බෙන්න ගියොත් ඒකේ විපාක විදින්න වෙන්නේ මේ කෙල්ලට..." ප්රාතිව පෙන්වමින් සුගත් කිව්වා.
" ඒත්..."
" මමයි කතා කරන්නේ... අනිද්දට වෙඩින් එක තියනවා... ආදිත්ය කිසිම කලබලයක් කරන්න බෑ... එහෙම වුනොත් වෙන දේ මම කියන්න ඕනේ නෑනේ... හෙට preshoot එකක් තියනවා.. කොහෙවත යන්නෙ නෑ මේ වත්තේමයි කරන්නේ දෙන්නා ඒකට support කරන්න ඕනේ.... ඒ වගේම වෙඩින් එකෙන් පස්සෙ දෙන්නාම skyline එකේ වැඩ භාරගන්න ඕනේ... "
" මොකක්... මං මොකටද ඒකට ඇයි අරූ ඉන්නේ..."
" ආදිත්ය මෙතන තීරණ ගන්නේ මම... තේරුනානේ මම කියපු දේවල් හොඳට.. එහෙනම් දැන් දෙන්නට යන්න පුලුවන්..."
ආදියි ප්රාතියි දෙන්නා රූම් එකට ආවේ නිහඬවමයි.
" ප්රාති ඔයා ඇඳේ නිදාගන්න මම සෝෆා එකේ ඉන්නම්..."
" මම සෝෆා එකේ නිදාගන්නම් අයියේ..."
"පණ්ඩිතකම් ඕන්නෑ නිදාගනින්..."
පහුවදා දෙන්නා අකමැත්තෙන් වුනත preshoot එකට සපෝට් කළා.
අන්තිමට වෙඩින් එක දවසත් ආවා.
උදේම රීටා ඇවිල්ලා ප්රාතිව වෙඩින් එක තියන න්හොටෙල් එකට එක්කන් ගියේ ප්රාතිව අන්ඳ්න්න පටන් ගන්න..
සුදුපාට ගවුමක් ඇඳලා වේල් එක දාපු ප්රාතිව පෙනුනේ සුරංගනා කතාවල ඉන්න කුමාරිකාවක් වගේ..
" අනේ චූටි නෝනේ ලස්සන... මගේ ඇස්වහාම වදීද මන්දා.."
රීටාම්මා රූම් එකෙන් ගියාට පස්සේ ප්රාති ෆෝන් එක අරන් බලන් හිටියේ lock screen එක දිහා.
ඒකේ තිබ්බේ කෛලාශ් එක්ක ගත්ත ෆොටෝ එකක්.
ප්රාතිගෙ ඇස්වලට කඳුලු ආවත බොහොම අමාරුවෙන් ප්රාති ඒ කඳුලු වැටෙන්න නොදී තිබ්බා.
ප්රාති අන්තිම වතාවට කෛලාශ්ගේ කටහඬ නිකමටවත අහන්න ඕනේ කියලා හිතිලා කෛලාශ්ගෙ ෆෝන් එක කෝල් එකක් ගත්තා.
" හෙලෝ...."
දවස් ගාණකට පස්සෙ ඇහුන ඒ කටහඬ හින්දා ප්රාතිගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා
________________________________________
ඔන්න ඉතින් මැරුවෙ නෑ හොඳේ...
reaction දාන්න... comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤